匚卄卂卩ㄒ乇尺 20🐾

සුවදායි නින්දක හිටපු යුංගි ඇහැරුනේ නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුණු ෆෝන් එක රින් වෙනවා ඇහිලා කොල්ලා ඇස් පියාගෙන නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුණු ෆෝන් එක අරගෙන කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තේ කෝල් කරන්නේ කවුද කියලවත් නොබලා

" Good Morning Boss.."

" Morning Liyon මොකද උබ උදේම කතා කරන්නේ "

" බොස් සේයොන් ගැන ඔක්කොම විස්තර හොයාගත්තා "

යුංගි කට කොනින් හිනා වුනා

" ඒවා හරි වෙලාවට එලියට දාමු ලියොන්.."

" බොස් තව ප්‍රශ්නයක් "

" මොකද්ද..?"

" මිසිස් මින් සෝයූන් මිස්ගේ ගෙදර ගිහින් "

ලියොන් එහෙම කියද්දී යුංගි තදින් ෆෝන් එක අල්ලගත්තා

" ඒ මොකටද කියලා උබ හොයාගත්තා ද..?"

" යේ බොස්... සෝයූන් මිස්ට සේයොන්ව ප්‍රපෝස් කරලා "

ලියොන් කිව්වාම යුංගි එකසැරේට බැලුවේ මේ වෙන කිසිදෙයක් නොදැන තමන්ව තුරුල් වෙලා නිදාගෙන ඉන්න සෝයූන් දිහා

" බොස්..."

යුංගි නිශ්ශබද නිසා ලියොන් ආපහු කතා කලා

" මිස්ටර් පාර්ක් මොකද කියලා තියෙන්නේ "

" මිසිස් පාර්ක් කැමති වෙලා තියෙනවා බොස් ඒත් මිස්ටර් පාර්ක් කැමති වෙලා නැ "

" ඌ වගේ නරුමයෙක්ට මිස්ටර් පාර්ක් කොහොමත් සෝයූන්ව දෙන්න නැ උබ හැමදෙයක්ම ගැනම ඇහැ ගහගෙන ඉදපන් "

" හරි බොස් ඊයේ අල්ලගත්ත එකාත් සේයොන්ගේ ගෝලයෙක් සෝයූන් මිස් ගැන හොයන්න ඌව දාලා තියෙන්නේ "

" මේ දවස්වල රගනවා වැඩියි ඉක්මනට ඕකාගේ කතාව ඉවරයක් කරන්න ඕන "

" බොස් අපි උස්සගෙන ආපු එකාට මොකද කරන්නේ "

" අපිට ඕන දේවල් දැනගත්තාට පස්සේ මොකද්ද කරන්න ඕන කියලා අමුතුවෙන් කියන්න ඕන ද ලියොන් "

යුංගි කටකොනින් හිනාවක් එක්ක කිව්වාම ලියොන් වෙන්න ඕන මොකද්ද කියලා තේරුම් ගත්තා

" හරි බොස් "

ලියොන් කිව්වාම කෝල් එක කට් කරපු යුංගි හුස්මක් පහත හෙලුවා කොල්ලා සේයොන්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනා ඒත් මෙච්චර ඉක්මන් වෙයි කියලා කොල්ලා හිතුවේ නැ

යුංගි නයිට් ස්ටෑන්ඩ් එක මතින් ෆෝන් එක තියලා එයාගේ තුරුලේ ඉන්න සෝයූන් දිහා බැලුවා කෙල්ලගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කැරැල්ලක් ඇගිලි තුඩු වලින් අයින් කරපු යුංගි කෙල්ලගේ හිස් මුදුනට හාදුවක් තැවරුවා

" සේයොන් මගේ හැමදේම උදුරගත්තා හැබැයි ඌට තමුසෙව නම් මගෙන් උදුරගන්නේ දෙන්නේ නැ "

කොල්ලා සෝයූන්ගේ ඔලුව අතගාන ගමන් මිමිනුවා කෙල්ල යුංගිගේ ඇගට කකුලකුත් දාගෙන තව ටිකක් හරිබරි ගැහිලා නිදාගත්තා නින්දෙන් පොඩි බබෙක් වගේ සෝයූන් තලු ගහන්න ගත්තාම කොල්ලාට හිනාවක් ගියේ කෙල්ලගේ හුරතල් වැඩ වලට ඉතින් මේ හුරතල් වැඩ දැක දැක වෙන කෙනෙක්ට සෝයූන්ව දෙන්න හිත හදාගන්නේ කොහොමද..?

" දැන් නිදාගත්තා ඇති නේද...?"

කෙල්ලගේ butts වලට පාරක් ගහලා කිව්වාම සෝයූන් තරහෙන් කෙදිරිල්ලක් පිට කරලා කොල්ලාගේ පපුව මතින් ඔලුව තියාගත්තා

" තමුසෙට වෙනම රූම් එකක් දුන්නු එක අපරාදේ ආපු දවසේ ඉදලා මේකේ නේ ඉන්නේ "

" කමක් නැ මගේ ඇදුම් ටික තියාගන්න තියෙන්නේ "

" මෙහේ ඉන්නකම් තමුසේ මාත් එක්ක ද නිදාගන්නේ...?"

" ඇයි එපා ද..?"

මෙච්චර වෙලා ඇස් පියාගෙන හිටපු සෝයූන් ඇස් ඇරලා කොල්ලාගේ දිහා බලාගෙන ඇහුවා

" එපා කිව්වා කියලා තමුසේ අහන කෙනෙකුත් නෙවෙයි "

" ඒක දන්නවා නම් කියවන්නේ නැතුව ඉන්නවා "

යුංගිගේ නහයට තට්ටුවක් දාලා කෙල්ල කිව්වා යුංගි පොඩි හිනාවක් එක්ක සෝයූන්ගේ කම්බුලක් මිරිකුවා

" යුංගි තමුසේ තාම නිදි ද...? නැගිටිනවා පූසෝ...මූ අද දොරත් ලොක් කරගෙන ඇරපිය මේක හොද හිතින් නැත්නම් උබේ පූස් පස්ස රොටියක් වෙන්න සෝස්පන් පාරක් දෙන්නද..? දොර ඇරපිය යකෝ..."

ජින් දොරට ගහන ගමන් කෑගහද්දී යුංගිගේ මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වුනා සෝයූන් කොල්ලා දිහා බලාගෙන හොදට හිනා වෙනවා

" තමුසේ මොකද ඔච්චර හිනා වෙන්නේ..?"

කොල්ලා රවාගෙන අහද්දී සෝයූන් හිනාව නවත්තගත්තේ බොහොම අමාරුවෙන් කෙල්ල යටි තොලත් හපාගෙන අහක බලාගත්තේ යුංගිගේ මූන දැක්කොත් ආපහු හිනා යන නිසා

" යුංගි තොට දෙන අවසාන නිවේදනය හොද හිතින් දොර ඇරපන් "

" අයිෂ් මම ඇහැරිලා හියුන්ග් ඉන්නේ "

බැරිම තැන යුංගි කෑගහලා කිව්වේ සෝයූන් කොල්ලාගේ ඇග උඩින් අයින් වෙලා ඇද උඩ වාඩිවුනා

" එහෙනම් ඇරපන් දොර "

යුංගි හොද හුස්මක් පහත දාලා ඇදෙන් බැහැලා යන්න හදනකොට කෙල්ල යුංගිගේ අතින් අල්ලගත්තා

" මට හැංගෙන්න තැනක් කියනවා "

" මොන මගුලකට ද හැංගෙන්නේ..?"

කොල්ලා ඇහිබමක් උස්සගෙන ඇහුවා

" ජින් ඔප්පා දැක්කොත්....."

" ඉතින් මොකෝ.."

",යාහ්හ් පූසෝ..."

" මොන විකාරයක් ද මේ..තමුසේ අද හැංගුනා කියලා හැමදාම මෙහෙම හැංගෙන්න ද..? කවදාහරි දැනගන්නවා නේ ඒක දැන් දැනගත්තත් හෙට දැනගත්තත් එකයි "

යුංගි එහෙම කියලා දොර අරින්න යද්දී සෝයූන් වටපිට බලලා ගිහින් කර්ටන් අස්සේ හැංගුනා යුංගි කෙල්ලගේ වැඩ දිහා බලාගෙන කට කොනින් හිනා වෙලා දොර ඇරියා

" තෝ මොනාද මෙච්චර වෙලා කරේ...? දොරයි තොගේ ඇදයි අතර සැතපුම් ගානක දුරක් තියෙනවා ද..?"

කොල්ලා දොර අරිනකොට ජින් සෝස්පන් එක යුංගිගේ පැත්තට දික් කරගෙන ඇහුවා

" අයිෂ් හියුන්ග් "

" පොඩ්ඩක් හිටාම්.."

ජින් ඇස් හීනි කරගෙන කොල්ලා දිහා බලාගෙන ඉදිද්දී යුංගි බෙල්ල පිටිපස්සට කරගත්තා ජින් කොල්ලාගේ ටී ශර්ට් එකේ තිබුණු දිග කොන්ඩ ගස ඇගිලි දෙකකින් අරගෙන යුංගි දිහා බැලුවේ ඇහිබමක් උස්සගෙන

' උබ කියන්න හදන්නේ මේක උබේ කොන්ඩ ගහක් කියලා නම් මම ඒක පිලිගන්න ලෑස්ති නැ "

ජින් එහෙම කිව්වාම යුංගි ඔලුව පිටිපස්ස කසන්න ගත්තා

" හැංගිලා ඉන්න කෙනාට එලියට එන්න කිව්වොත් නරක ද..?"

ජින් එහෙම කියද්දී සෝයූන් එකසිය ගානට රත් වුනා ඊයේ ලොකු දේශනයක් දීලා යුංගිගෙන් ඈත් වෙන්න කිව්වාට පස්සේ අද කොල්ලාගේ කාමරේ ඉදලා අහුවුනාම කන පලලා කැරට් වගාවක් දායි කියලා හිතුනේ

" සෝයූන්....මෙහේ එනවා.."

යුංගි සොෆ්ට් වොයිස් එකකින් කතා කරද්දී කෙල්ල කර්ටන් තදින් අල්ලගත්තා මිසක් එලියට ගියේ නැ

" තමුසේ හැංගිලා හිටියාට වැඩක් නැ මෙහේ එනවා ඕයි.."

කොල්ලා එහෙම කිව්වාම ජින් යුංගිට රැව්වා සෝයූන් බිම බලාගෙන කර්ටන් අතරින් එලියට ඇවිත් යුංගි ලගින් හිටගත්තා ජින් රවාගෙන කෙල්ල දිහා බලාගෙන හිටියා

" මම මොකද්ද ඊයේ කිව්වේ සෝයූන් ආ මෙච්චර ඉක්මනට ඒ දේවල් අමතක කරයි කියලා මම හිතුවේ නැ මොකද්ද මේ දේවල් වල තේරුම.."

" මියානේ...'

සෝයූන් බිදුනු හඩකින් කියද්දී කොල්ලෝ දෙන්නාටම තේරුනා සෝයූන්ට අඩන්න තමයි හදන්නේ කියලා

" ඔය ඇති හියුන්ග් "

කෙල්ලව පපුවට තුරුල් කරගත්ත යුංගි කිව්වා සෝයූන් කොල්ලාගේ පපුවට තුරුල් වුනේ ඉකි ගසමින්

" හියුන්ග්ගේ විහිලු හින්දා ඊයෙත් ඇඩුවා අදත් අඩවන්න ද හදන්නේ "

යුංගි ඇස් හීනි කරගෙන අහද්දී ජින් බැලුවේ කොල්ලාගේ තුරුලේ හිටපු සෝයූන් දිහා කෙල්ලගේ උරහිස් ගැස්සෙන විදියෙන් එයා අඩනවා කියලා ජින්ට තේරුනා

" ඒ මෝඩි අඩන එක නවත්තනවා ඒක හියුන්ග්ගේ විහිලුවක් "

" යාහ්හ් සෝයූ බබා අඩනවා ද මම විහිලුවක් කලේ කෙල්ලේ.."

ජින් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කිව්වා එකපාරට යුංගිගෙන් ඈත් වුනු කෙල්ල තමන්ගේ ඔලුවේ රැදිලා තිබුණු ජින්ගේ අත පැත්තකට විසි කලා

" ආපහු මාත් එක්ක කතා නොකලාට කමක් නැ "

ජින් දිහා බලාගෙන කියපු කෙල්ල හැරුණේ යුංගිගේ පැත්තට

" තමුසෙටත් එක්ක කිව්වේ..."

" කියලවත් කරගන්න බැරි වැඩක් "

කොල්ලා එහෙම කිව්වාම සෝයූන්ට යුංගිගේ බෙල්ල මිරිකන්න හිතුනා කෙල්ල අත් මිට මොලවාගෙන දොර ලග හිටපු ජින්වත් තල්ලු කරගෙන යන්න ගියේ කොල්ලෝ දෙන්නා හිනා වෙවී බලාගෙන ඉදිද්දී

" ඔහොම ගියාට එයාට වැඩි වෙලාවක් කාත් එක්කවත් තරහ වෙලා ඉන්න බැ "

ජින් කෙල්ල ගියපු දිහා බලාගෙන කිය්ද්දී යුංගි මුකුත් කිව්වේ නැ

" යුංගි මිස්ටර් පාර්ක් තමුසේ ගැන දැනගත්තොත් මොකද කරන්නේ කියලා හිතුවා ද "

" මිස්ටර් පාර්ක් මං ගැන දැනගත්ත දවසට ඒ ගැන හිතමු ඒ ගැන හිතලා සෝයූන්ව මගෙන් ඈත් කරන්න හදන්න එපා "

" යුංගි "

" මුකුත් කියන්න එපා හියුන්ග් ඊයේ එයා හිටපු විදිය දැක්කා නේ හියුන්ග් සෝයූන්ව ගොඩක් කල් ඉදන් දන්නවා නේ "

" මම දන්නවා යුංගි ඒත් පරිස්සමින් "

ජින් කිව්වාම යුංගි කට කොනින් හිනා වුනා ජින් එතැනින් ගියාට පස්සේ කොල්ලා දොරත් වහගෙන වොෂ් එකක් දාගන්න ගියා

________________________

" මම එකසැරයක් හොදින් කිව්වා සේහා සෝයූන්ව ඔය වගේ මිනිහෙක්ට දෙන්නේ නැ '

මිස්ටර් පාර්ක් අතේ තිබුණු ෆෝන් එකයි කා කී එකයි කේන්තියෙන් ඇද උඩට විසි කරලා කිව්වා

" මොකද්ද ඒ දරුවාගේ තියෙන වැරැද්ද prime minister ගේ පුතා කවදාවත් එහෙම තැනකින් සෝයූන්ට යෝජනාවක් එයි කියලා හිතුවා ද සෝයූන්ට කිසි අඩුපාඩුවත් නැතුව ජීවත් වෙනවා පුලුවන් ජනාධිපතිගේ පුතා ඇවිත් දුවව ඉල්ලනකම් ද බලාගෙන ඉන්නේ ආ"

" ජනාධිපතිගේ නෙවෙයි සක්‍රයාගේ පුතා ආවත් ඌ මගේ දුවට ගැලපෙන්නේ නැත්නම් මම සෝයූන්ව දෙන්නේ නැ එච්චරයි "

මිස්ටර් පාර්ක් මිසිස් පාර්ක් සේහාගේ පැත්තට දබරගිල්ල දික් කරලා කිව්වා එදා මිසිස් මින් ඇවිත් සෝයූන්ට සේයොන් ප්‍රපෝස් කරලා ගියාට පස්සේ සේයොන් සැරින් සැරේ සෝයූන්ගේ ගෙදර එන්න යන්න පටන් ගත්තා ඒ ගැන මිස්ටර් පාර්ක්ගේ හිතේ නම් වැඩි කැමැත්තක් තිබුණේ නැ ඒත් සේහා නම් සේයොන් මහ ඉහලින් පිලි අරගෙන සැලකුවා අනිත් අයත් සේයොන්ට වැඩි කැමැත්තක් දැක්වූවේ නැ

" සෝයූන් හදිස්සියේවත් සේයොන්ට කැමතියි නම් "

" මම දන්නවා සෝයූන් ඔය වගේ එකෙක්ට කවදාවත් කැමති වෙන්නේ නැ "

" ඔච්චරටම සෝයුන්ව විශ්වාසයි ද"

සේහා ඒක ඇහුවේ සමච්චල් සහගත හිනාවක් එක්ක

" යේ....මගේ දුවව මටත් වඩා විශ්වාසයි "

මිස්ටර් පාර්ක් කිව්වේ ස්ථිර හඩකින්

" තමුන් ආපහු සෝයූන් සම්බන්ධ දේවල් වලට අත දාන්නේ නැත්නම් මම කැමතියි මගේ දුව ගැන හොයන්න මගේ නූනා ඉන්නවා තමුන් ජීවු ගැන හෙව්වොත් නරක ද "

මිස්ටර් පාර්ක් එහෙම එතැනින් යන්න හැදුවත් සේහා කියපු දෙයක් නිසා නැවතුනා

" මගේ ජීවූට මොකද පිට කෙනෙක්ට වගේ සලකන්නේ "

" මෙච්චර කාලෙකට සෝයූන්ට වගේම ජීවූටත් එක වගේ සැලකුවා මගේ දරුවෙක් නොවුනත් ජීවූට අප්පගෙන් වෙන්න ඕන හැම යුතුකමක් ම වගේ ඉෂ්ට කලා ඒත් සේහා තමුන්ගේ වැඩ,එක්ක මට හිතන්න වෙනවා තව දුරටත් ජීවූගේ අප්පා විදියට ඉන්නවා ද කියලා මම එදත් කිව්වා සේහා මට වයිෆ් කෙනෙක් නෙවෙයි ඕන මගේ දුවට හොද ඔම්මා කෙනෙක් කියලා මම එදා කියපු දේවල් මතක නම් මෙහෙම දේවල් කරන්නේ නැ "

මිස්ටර් පාර්ක් එතැනින් ගියේ කලකිරිමක් එක්ක මිස්ටර් පාර්ක් ගෙදර මෙතෙක් කාලයක් වසා තිබුණු කාමරේක දොර විවර කලා වසර ගනනාවකින් පිරිසිදු නොකරපු නිසා කාමරේ දූවිලි පිරිලා මකුලු දැල් බැදී තිබුනා රූම් එකේ ජනෙල කර්ටන් වලින් ආවරණය කර තිබූ නිසා රූම් එක තුලට හිරු එලිය ආවේ නැති තරම්

මිස්ටර් පාර්ක් අතීතයේ මතකයන් අවදි කරමින් රූම් එකේ ලයිට්ස් ඔන් කලා ඒත් එක්කම ඔහුගේ නෙත ගැටුනේ බිත්තියේ එල්ලා තිබූ මංගල ජායාරූපයක් දෙසට සෙමින් අඩි තැබූ ඔහු බිත්තියේ එල්ලා තිබූ ෆොටෝ එක අතට අරගෙන එහි වීදුරු මත තිබූ දූවිලි අතින් පිසදැම්මා

සුදෝ සුදූ පැහැති මංගල සේද ගවුමකින් සැරසී මල් පොකුරක් අතේ තියාගෙන අහිංසක හිනාවකින් මුව සරසාගෙන සිටින කාන්තාවගේ පිංතූරය මතින් මිස්ටර් පාර්ක් ඔහුගේ ඇගිලි තුඩු රැගෙන ගියේ දෑස කදුලු බිදු වලින් තෙත් වෙද්දී

" I Miss you soo much JIYA..."

මිස්ටර් පාර්ක් ෆොටෝ එක පපුවට තුරුල් කරගමින් සිහින් හඩකින් මිමිනුවා කම්බුල් දිගේ කදුලු බිදු එක දෙක කඩාගෙන හැලුනේ ඔහුගේ සිතේ ඇති වේදනාව කෙතරම් ද කියලා පවසන්නට වගේ

" වේ...ජියා...එහෙම කරේ...රෝස මලක් වගේ පුංචි පැටියෙක් එක්ක මාව තනි කරලා යන්න හිත හදාගත්තේ කොහොමද...? අපේ පැටියාට එයාගේ ඔම්මා ඕන වෙයි කියලා හිතුන් නැද්ද ජියා...."

පරන මතක හිත පාරවද්දී මිස්ටර් පාර්ක් පොඩි දරුවෙක් වගේ ෆොටෝ එක බදාගෙන අඩන්න ගත්තා හිටන් ඉන්න තවත් පනක් ඉතුරු නොවෙද්දී මිස්ටර් පාර්ක් එහෙම්ම බිම ඉන්දුනා

" අපේ සෝයූන්ව ආරක්ෂා කරන්න ජියා....මට බයයි.... හදිස්සියේවත් මට මොනාහරි වුනොත් මගේ මැනිකට කරදරයක් වෙයි කියලා ඔයා අපේ පැටියාව ආරක්ෂා කරනවාද නේද ජියා ඔයා කොහොමද එහෙම නොකරන්නේ ඒ අපේ පන නේ "

මිස්ටර් පාර්ක් සිහින් සිනාවක් එක්ක මිමිනුවා තව සුලු මොහොතක් ඒ රූම් එකේ රැදිලා හිටපු මිස්ටර් පාර්ක් කදුලු පිහිදගෙන රූම් එකේ දොර ලොක් කරගෙන ගියා

______________________

ජේජු වල හැමතැනම ඇවිදලා විනෝද වුනු කස්ටිය හවස් වෙද්දී ආපහු mansion එකට ආවා හැමෝම හිටියේ ලැබුනු නිවාඩුව උපරිමයෙන්ම භුක්ති විදිමින් මොකද ආපහු සෝල් ගියාම එයාලාට මෙහෙම එකතු වෙලා නිදහසේ කතා කරන්න විනෝද වෙන්න අවස්ථාවක් නොලැබෙන තරම්

රෑට කාලා බීලා ඉවර කරපු කට්ටිය තම තමන්ගේ රූම්ස්වලට විසිරිලා ගියා සෝයූන් රූම් එකට ගිහින් දොර වහගෙන දොරට හේත්තු වුනේ දවල් එයාට ආපු කෝල් එක ගැන හිතමින් කෙල්ලගේ හිතේ තිබුණු සතුට සැනසීම එක විනාඩියකින් නැති කරලා දාන්න ඒ කෝල් එකට පුලුවන් වුනා

කෙල්ලගේ ඇස් කදුලු වලින් තෙත් වෙද්දී එහෙම්ම බිම ඉදගත්තා දවල් සේයොන් කෝල් කරලා කෙල්ලගේ ගෙදර ගිහිල්ලා මිසිස් පාර්ක් එක්ක කතා කරපු දේවල් මිසිස් පාර්ක් ප්‍රපෝසල් එකට කැමති වුනා කිව්වාම කෙල්ලට ඇඩුනා ඒත් සෝයූන් එක දෙයක් තදින්ම විශ්වාස කලා ඒ එයාගේ අප්පා කවදාවත් මේ දේට කැමති වෙන්නේ නැ කියලා

සෝයූන් ඒ දේවල් ගැන හිත හිත ඉදලා ගිහින් වොෂ් එකක් දාගෙන එයාගේ පිජාමා කිට් එකත් ඇදගෙන දොර ඇරලා ඔලුව දාලා බැලුවේ කවුරුහරි ඉන්නවා ද කියලා ඒ වෙනකොට මුලු mansion එකම අදුරේ ගිලිලා තිබුණේ සෝයූන් රූම් එකෙන් එලියට ඇවිත් හිමින් දොර වැහුවේ සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න කෙල්ල හිමින් අඩි තියමින් යුංගිගේ රූම් එක ලගට ගියා දැන් ඒක සෝයූන්ට පුරුද්දක් වෙලා තිබුණේ දවසෙම යුංගි එක්ක කතා නොකර හිටියේ ජින් කරපු විහිලුවට යුංගි හවුල් හින්දා ඒත් සෝයූන් දැනගෙන හිටියේ නැ ජින් ඒ කලේ විහිලුවක් නෙවෙයි කියලා යුංගි ජින් එක්ක කතා කරලා ඒ දේවල් කිව්වේ විහිලුවට කියලා සෝයූන්ට කියන්න කියපු හින්දා

කෙල්ල යුංගිගේ රූම් එකේ දොරට තට්ටු කරන්න හදනකොට දැක්කේ දොර භාගෙට ඇරිලා තියෙනවා ඒ හින්දා සෝයූන් දොර ඇරගෙන ඇතුලට ගියාම කෙල්ලට දැනුනේ නහය කඩාගෙන යන තරම් සිගරට් ගදක්..!

මුලු රූම් එකම අදුරේ ගිලිලා තිබුණේ සෝයූන් නහයත් අකුලගෙන බිත්තිය අතගාගෙන ගිහින් ස්විච් එක ඔන් කලා ඒත් එක්කම සෝයූන්ට දැකගන්න ලැබුනේ බිම වැටිලා තිබුණු බීලා ඉවර කරපු සිගරට් කිහිපයක් ඒවා දැක්කාම සෝයූන් කේන්ති ගියේ නැ කිව්වොත් ඒක බොරුවක්

ඇද ලග බිම වාඩිවෙලා බැල්කනියේ ඇරලා තිබුනු දොරෙන් එලිය බලාගෙන සිගරට් බොන යුංගිව දකින්න වැඩි වෙලාවක් ගියේ නැ සෝයූන් ආවා කියලා දැනගෙන වුනත් කොල්ලා සන්සුන්ව සිගරට් බිව්වා කේන්තියෙන් යුංගිගේ ලගට සෝයූන් කොල්ලාගේ අතේ තිබුණු සිගරට් එක ඇදලා විසි කලාම යුංගි කෙල්ල දිහා බැලුවා

" මොකද්ද තමුසේ ඒ කලේ...?"

යුංගි ගැඹුරු සන්සුන් හඩකින් අහද්දී සෝයූන්ට දැනුනේ එයාගේ මුලු ඇගම සීතල වෙලා යනවා වගේ

" Cigarette හොද නැති නිසා විසි කලේ මම එකසැරයකුත් කියලා තියෙනවා සිගරට් බොන එක හෙල්ත් එකට හොද නැ කියලා තමුසේ අසනීප වෙයි "

" ඉතින් තමුසෙට මොකද මට මොනා වුනත්.."

කොල්ලා නැගිටලා සෝයූන් ඇස් දිහා බලාගෙන ඇහුවා

" මට වැඩක් තියෙන නිසා නේ මම හොයන්නේ "

කෙල්ල කිව්වාම යුංගි සමච්චලේට වගේ කට කොනින් හිනා වුනා

" තමුසේ මං ගැන හොයන්න ඕන නැ තමුසේ ගිහින් තමුසෙගේ future husband ගැන හොයාගන්නවා "

යුංගි කිව්වාම කෙල්ලගේ ඇස් පුදුමෙන් ලොකු වුනා

මොනාද මේ කියන්නේ.....? හදිස්සියේවත් සේයොන් ගැන දැනගනවත් ද..?

සෝයූන් කොල්ලා දිහා බලාගෙන ඉදිද්දී යුංගි පිස්සෙක් වගේ හිනා වෙන්න ගත්තා

" මොකද තමුසේ පුදුම වෙලා මම දන්නේ නැ කියලා හිතුවා ද..? මම හැමදෙයක්ම දන්නවා තමුසේ දැන් ආවේ සේයොන් කිව්වද මං මැරිලා ද කියලා බලන්න කියලා "

",යුංගි...."

" ඇත්ත කියනකොට දරාගන්න බැ වගේ නෙහ්.. රෑට මගේ ලග ඉදලා දවල්ට ඌත් එක්ක හුරතල් වෙනවා සේයොන් ද කිව්වේ මට ආදරෙයි වගේ රගපාලා මාව රවට්ටගන්න කියලා "

කෙල්ල හීනෙකින්වත් බලාපොරොත්තු නොවුනු දේවල් යුංගිගේ කටින් පිට වෙද්දී සෝයූන්ගේ ඇස් වලට කදුලු පිරුනා

" මොනාද මේ කියන්නේ "

සෝයූන් වෙව්ලන හඩකින් ඇහුවා

" මම කිව්වේ ඇත්ත ඒක නේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී තමුසේ එක වචනයක් මට මේ ගැන කිව්වා ද...? තමුසෙගේ කරපු හැමදෙයක්ම රගපෑමක් විතරයි "

යුංගි ඇදට පයින් ගහලා කිව්වා කෙල්ල තාමත් යුංගිගේ කේන්තියෙන් පිරුනු ඇස් දිහා බලාගෙන හිටියා ඒ ඇස් වල කේන්තියකට වඩා ඉරිසියාවක් බයක් තිබුනා සෝයූන් එකපාරට කොල්ලාව තදින් බදාගත්තා

" තමුසේ මොකද්ද කරන්නේ එහාට වෙනවා"

කොල්ලා කොච්චර සෝයූන් ඈත් කරන්න හැදුවත් කෙල්ල යුංගිගේ ඉන වටේ අත් යවලා තදින් අල්ලාගෙන හිටියේ

" මම ඔයාව රැවැට්ටුවා කියන්නේ එක විනාඩියකටවත් මගේ ආදරේ දැනුන් නැද්ද.. හැමදාම මේ උනුසුමේ නිදාගන්න මාව පොඩ්ඩක්වත් දැනුනේ නැද්ද..සේයොන් අපේ ගෙදර ගිහින් කියපුවා ඔයා දන්නේ කොහොමද කියලා මම දන්නේ නැ ඒත් මම ඒ ගැන දැනගත්තේ සේයොන් මට දවල් කෝල් කලාම ඒත් කවදාවත් මම සේයොන් මැරි කරන්නේ නැ "

සෝයූන් කොල්ලාගේ පපුවට තුරුල් වෙලා සිහින් හඩකින් කියද්දී යුංගි කෙල්ලව පපුවට තුරුල් කරගත්තා

" ඇයි මාව මෙච්චර රිද්දන්නේ...?"

කෙල්ල ඉකියක් එක්ක මිමිනුවාම යුංගි සෝයූන්ගේ ඔලුව අතගෑවා සෝයූන්ගේ කදුලු දකිද්දී වේදනාවෙන් ඉකිගසමින් කියන දේවල් අහද්දී කොල්ලාගේ කේන්තිය කොහෙන් ගියා ද දන්නේ නැ

" මියානේ..."

යුංගි ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක්ගෙන් සමාව ඉල්ලුවා එයාගේ අතින් වරදක් වුනත් එයා ඒ ගැන වැඩි තැකීමක් කලේ නැ

"මට කේන්ති ගියා තමුසෙට මට සේයොන් කතා කලා කියලා කියන්න තිබුනා නේ තමුසේ මට එක වචනයක්වත් කිව්වේ නැ මම එදා තමුසෙට හොදින් කිව්වා නේ ඌ එක්ක කිසිම ගනුදෙනුවක් තියාගන්න එපා කියලා "

යුංගි කියද්දී කෙල්ල ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවේ මෙච්චර පොඩි දෙයක් නේද ලොකු කරගෙන පිස්සු නැටුවේ කියලා හිතෙද්දී සෝයූන්ගේ පැත්තෙන් ඒක පොඩි දෙයක් වුනත් කොල්ලාගේ පැත්තෙන් බැලුවත් ඒක පොඩි දෙයක් නෙවෙයි

" මොන පොඩි දේ වුනත් තමුසේ මට කියන්න ඕන විශේෂයෙන් සේයොන් සම්බන්ධයි නම් "

කොල්ලා අන්තිම ටික තදින් කිව්වේ සෝයූන් ඔලුව වැනුවා

" කටින් උත්තර දෙනවා.."

" හරි හරි තේරුනා පුදුම නපුරෙක් නේ "

සෝයූන්ගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදලා කෙල්ලගේ තොල් මතින් පුංචි පෙක් එකක් තිබ්බා

" ආපහු සිගරට් බොන්න එපා චේබල් "

කෙල්ල තොල් පිට පෙරලගෙන හුරතල් විදියට කිව්වා

" ම්ම්ම්..'

",promise වෙන්න "

සෝයූන් එයාගේ අතේ සුලගිල්ල කොල්ලාගේ පැත්තට දික් කරලා කිව්වා

" Promise "

යුංගි කෙල්ලගේ සුලගිල්ලේ එයාගේ සුලගිල්ල පටලවාගෙන කිව්වා

" දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න සිගරට් ගදයි අෆ්ෆා.."

සෝයූන් කොල්ලව තල්ලු කරලා නහය අකුලගෙන කිව්වා එකපාරට සෝයූන් තල්ලු කලාම කොල්ලා අඩියක් පිටිපස්සට ගියා

" තනිකරම බොරුව නේ මෙච්චර වෙලා බදාගෙන තුරුල් වෙලා ඉදලා දැන් ද තමුසෙට ගද දැනුනේ..."

" යේ දැන් තමයි දැනුනේ යනවා දැන් "

" තමුසේ මට අන දීගෙන එන්න එපා ගහනවා කන පැලෙන්න "

කොල්ලා අතකුත් උස්සලා කිව්වාම සෝයූන් ඇහිබමත් අකුලගෙන අහක බලාගත්තා යුංගි කෙල්ලගේ කොන්ඩේ අවුස්සලා වොෂ් එකක් දාගන්න ගියා

විනාඩි කිහිපයකින් යුංගි වොෂ් එකක් දාගෙන එනකොට කෙල්ල ඇදේ headboard එකට හේත්තු වෙලා නිදි කිරන ගමන් හිටියේ ඒ වෙනකොට මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබුණු නිසා කොල්ලා ඉක්මනට ඇදට ආවා තව කවුරුහරි ඇදෙන් වාඩිවුනා කියලා දැනුනාම සෝයූන් නිදිමතේ ඇස් ඇරියා

" කෝ නිදාගන්න දැන් "

යුංගි කිව්වාම කෙල්ල ඇදේ හාන්සි වෙලා කොල්ලා දිහා බලාගෙන හිටියා සෝයූන්ගේ නලලට කිස් එකක් දුන්නාම කෙල්ල ඇස් පියාගත්තා කොල්ලා සෝයූන් ලගින් හාන්සි වෙලා කෙල්ලව තුරුල් කරගත්තා සෝයූන් කොල්ලාගේ පපුව මතින් හාදුවක් තිබ්බාම යුංගි හිනා වුනා

" ගුඩ් නයිට් බේබි...."

" ගුඩ් නයිට් කිටී..."

සෝයූන් sleepy voice එකකින් කිව්වා

To be continue.................♡︎

හායිම්

බායිම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top