匚卄卂卩ㄒ乇尺 19🐾

උදෑසන හිරු කිරන සුදු පැහැති කර්ටන් අතරින් කාමරේට ගලාගෙන ආවේ උදෑසන වූ බව අගවන්න වගේ හිරු කිරන මූනට වැටෙන නිසා යුංගි කම්මැලිකමේ ඇස් මතින් අතක් තියාගෙන තව ටිකක් නිදාගන්න හැදුවේ ඒත් කොල්ලා ඇස් ඇරියේ එයාගේ පපුව උඩ මොනාහරි තියෙනවා වගේ දැනුනු හින්දා ඒ වගේම එයාගේ බෙල්ලෙත් මූනෙත් සිනිදු දෙයක් ගෑවෙනකොට යුංගිට තවත් ඇස් පියාගෙන ඉන්න පුලුවන් වුනේ නැ

කොල්ලා ඇස් ඇරලා බැලුවාම දැක්කේ තමන්ගේ පපුව මත සැපට නිදාගෙන ඉන්න සෝයූන් කට කොනින් ඇදුනු හිනාවක් එක්ක කෙල්ලගේ අවුල් වුනු කොන්ඩේ අතින් හැදුවා ඊට පස්සේ යුංගි කෙල්ලව ඇහැරෙන්නේ නැති වෙන්න ඇදෙන් හාන්සි කලා

යුංගි සෝයූන්ගේ පැත්තට හැරිලා බලාගෙන හිටියේ සනීපෙට නිදාගෙන ඉන්න කෙල්ල දිහා නින්දෙනුත් හිනා වෙන කෙල්ලව දැක්කාම යුංගිගේ මුහුනේ කලාතුරකින් ඇදෙන ලස්සන හිනාවක් ඇදුනා

" නින්දෙනුත් හිනාව...."

කොල්ලා සිහින් හඩකින් මිමිනුවා සෝයූන් යුංගිගේ උනුසුමට කෙදිගාගෙන තුරුල් වුනාම කොල්ලාගේ හිනාව තවත් වැඩි වුනා යුංගි කෙල්ලගේ කොන්ඩේ අතරේ අතැගිලි යවලා හිමින් අතගෑවේ හුස්මක් පහත හෙලන ගමන්

" අකුනකට පවා බය තමුසේ මගේ ලෝකෙට අහිංසක වැඩියි සෝයූන්..."

යුංගි මිමිනුවේ තද නින්දක ඉන්න සෝයූන් දිහා බලාගෙන කොල්ලා සෝයූන් ඇහැරෙනකම් එහෙම්ම හිටියා

" ම්ම්ම්.."

ටිකකින් සිහින් කෙදිරිල්ලක් එක්ක සෝයූන් කම්මැලිකමේ ඇස් ඇරියා ලොකු ඈනුමක් යවපු කෙල්ල ආපහු අනිත් පැත්ත හැරිලා කොට්ටයක් බදාගෙන නිදාගන්න ලෑස්ති වුනේ ඒ අතරේ නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුණු ෆෝන් එක අරගෙන වෙලාව බලපු යුංගි සෝයූන් දිහාට හැරුනේ උදේ නවයත් පහුවෙලා තිබුණු හින්දා

" සෝයූන් නැගිටිනවා හොද හිතින්.."

යුංගි ඇදෙන් බැහැලා කිව්වත් කෙල්ලගේ වෙනසක් වුනේ නැ ඒ නිසා සෝයූන්ගේ පොරවගෙන හිටපු බ්ලැන්කට් එක පැත්තකට විසි කලා

" නිදාගන්න දෙනවකෝ.."

සෝයූන් ඇස් අරින්නේම නැතුව කකුල් ගසන ගමන් කිව්වා

" උදේ නවයත් පහුවෙලා මට කියලා කන පලාගන්නේ නැතුව නැගිටිනවා "

යුංගි කෙල්ල තුරුල් කරගෙන හිටපු කොට්ටෙත් ඇදලා අරගෙන කිව්වා සෝයූන් යුංගිට ගහන්න කකුල ඉස්සුවත් ඊට වඩා ඉක්මන් වුනු යුංගි කෙල්ලගේ කකුල අල්ලගත්තා

" යාහ්හ්හ්...කැට්සිලා අතහැරපිය මගේ පාදය "

සෝයූන් කකුල අදින ගමන් කෑගහනකොට යුංගි කට කොනින් හිනා වුනා

" තමුසේ ඉස්සෙල්ලාම ඇදෙන් බහිනවා "

" තවුසෙට කකුල දීලා ද යකෝ මම ඇදෙන් බහින්නේ "

කෙල්ල ලග තිබුණු කොට්ටෙකින් යුංගිට ගැහුවා කොල්ලා ඒ කොට්ට පහර සාර්ථක ලෙස මගහැරියා එකපාරට සෝයූන් කකුල ඇද්දාම ඇද ලග හිටපු යුංගි බැලන්ස් නැතුව කෙල්ලගේ ඇග උඩට වැටුනා සෝයූන් ඇස් ලොකු කරගෙන කොල්ලා දිහා බලාගෙන ඉදිද්දී යුංගි මල් පෙත්තක් වගේ සිනිදු කම්බුලක් මතින් අතක් තිබ්බා කොල්ලා සෝයූන්ගේ ඇස් දිහා බලාගෙන කෙල්ලගේ කම්බුල පිරිමදිද්දී කෙල්ල පියාගෙන යුංගිගේ අතට මුහුන බර කලේ දැනුනු සනීපයට හරියට පූස් පැටියෙක් වගේ

ඒ දෙන්නාට වැඩි වෙලාවක් එහෙම ඉන්න බැරි වුනේ එකපාරට ඇහුනු කටහඬක් නිසා

" යුංගි සෝයූන්..."

සුලු මොහොතකට පසු සෝයූන් යුංගි දෙන්නාම හිටියේ ජින් ඉදිරියේ වාඩිවෙලා සෝයූන් එයාගේ අතේ ඇගිලි අතරේ ඇගිලි යවමින් බිම බලාගෙන හිටියා යුංගි මුකුත් නොවුනු ගානට don't care මූඩ් එකෙන් හිටියා එතකොට ජින් උසාවියේ නඩුකාරයා වගේ දෙන්නා දිහා සැරින් සැරේ බැලුවේ හැගීම් විරහිත මුහුනකින්

" මට තමුන්ලා දෙන්නා කියනවා මම මොකද්ද දැක්කේ කියලා "

අවසානයේ ජින් තමන්ගේ කටහඬ අවධි කරලා ප්‍රශ්නය ඇහුවා

" හියුන්ග් දැකපු දේ තමයි "

සෝයූන් බිම බලාගෙන ඉදිද්දී යුංගි උත්තර දුන්නා

" ඒක තමයි මින් යුංගි අහන්නේ තමුසෙලා දෙන්නා මොනාද එක රූම් එකට වෙලා කරේ.."

කෙල්ල හොරහින් යුංගි දිහා බැලුවා කොල්ලා කකුල් දෙකත් ටේබල් එක උඩ තියාගෙන ඇස් පියාගෙන හරි සැහැල්ලුවෙන් ඉන්නවා

" නිදාගත්තා "

යුංගි ඇස් අරින්නේ නැතුව උත්තර දුන්නා

" නිදාගන්න සෝයූන් තමුන්ට යුංගි ලගටම යන්න ඕන වුනා ද..?"

සෝයූන් යටි තොලත් හපාගෙන හිටියා

" එයා අකුණු වලට බය නිසා ආවේ.."

" යුංගි මම තමුන්ගෙන් නෙවෙයි ඇහුවේ සෝයූන්ගෙන් "

" සෝයූන් නොකියන හින්දා මම කිව්වේ."

යුංගි ඇස් පියාගෙන කිව්වාම සෝයූන් කොල්ලා දිහා බැලුවා

" අයිෂ්.....තමුසෙලා දෙන්නා අතරේ අපි නොදන්නා මොකක් හරි සම්බන්ධයක් තියෙනවා ද...?"

" තියෙනවා නම් කඩන්න ද හියුන්ග් "

කොල්ලා ඇස් ඇරලා ජින් දිහා බලාගෙන ඇහුවාම සෝයූන් ඇස් ලොකු කරගෙන යුංගි දිහා ජින් දිහා මාරුවෙන් මාරුවට බැලුවා

" යුංගි...."

කට කොනින් හිනා වුනු යුංගි එතැනින් නැගිටලා යද්දී සෝයූන් ජින් එක්ක එතැන තනිවුනා

" සෝයූන්...."

ජින් කතා කලාම කෙල්ල ජින් දිහා බැලුවා

" ඔයත් මට යුන්වි වගේම තමයි වෙනසක් නැ "

" මම දන්නවා ඔප්පා "

" මම මේ දේ කියන්නේ අපි හැමෝගෙම හොදට මෙහෙම කිව්වාට පස්සේ සෝයූන් මං ගැන කොහොම හිතයි ද කියලා දන්නේ නැ "

ජින් සීරියස් විදියට කියද්දී කෙල්ල බලාගෙන හිටියේ ජින් මොකද්ද මේ වටින් ගොඩින් කියන්න ලෑස්ති වෙන්නේ කියලා

" කියන්න ඔප්පා "

" යුංගි ගැන මොනාහරි අදහසක් හිතේ කොනක හරි තියෙනවා නම් ඒක අතහැර ගන්න යුංගි කියන්නේ ටික කාලෙකට හරි professor කෙනෙක් විදියට ඔයාට උගන්නන්න ආපු කෙනා ඔයා නොදන්නා දේවල් ගොඩකුත් තියෙනවා ඒ නිසා වගේම ඔයා වගේ කෙල්ලෙක් කවදාවත් යුංගිට ගැලපෙන්නේ නැ සෝයූන් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙනකම් තියාගන්න හොද නැ "

ජින් එහෙම කිව්වාම සෝයූන් ඔලුව වැනුවා ඇරෙන්න මුකුත් කියන්න ගියේ නැ ජින් කෙල්ලගේ කොන්ඩේ අවුලක් කරගෙන ගියා ජින්ගේ වචන නිසා සෝයූන්ගේ ඇස් වලට දැනටත් කදුලු පිරිලා තිබුනා සෝයූන් එතැන නැගිටලා වොෂ් රූම් එකට ගියා සින්ක් එකට අත් දෙක තියලා බර වුනු කෙල්ල mirror එකෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියා

සෝයූන්ටත් නොදැනීම ඒ කම්බුල් තෙත් කරමින් කදුලු බිදු කිහිපයක් කඩාගෙන හැලුනා කෙල්ල එයාගේ අතක් කම්බුලට අරගෙන ගිහින් වැටෙන කදුලු බිදුවක් ඇගිල්ලකට අරගෙන ඒ දිහා බලාගෙන හිටියා

" මම මොකටද අඩන්නේ...?"

කෙල්ල මුමුනවත් එක්කම ඉකියක් පිට වුනා සෝයූන් ඉකි ගසමින් අඩන්න පටන් ගත්තේ නොතේරෙන මොකද්දෝ හේතුවකට එයාගේ හදවත රිදෙන නිසා කෙල්ලට යුංගි හම්බුනු මුල් දවස යුංගි එක්ක රන්ඩු වුනු විදිය එයාගේ ෆස්ට් කිස් එක යුංගි හොරකම් කරපු විදිය සේයොන්ගෙන් එයාව ආරක්ෂා කරපු විදිය යුංගිගේ උනුසුමට තුරුල් වෙලා නිදාගත්ත විදිය එකින් එක පරන කාලේ ෆිල්ම් එකක් වගේ එයාගේ මතකයට ගලාගෙන ආවා

යුංගි ගැන එයාගේ හිතේ තියෙන්නේ මොන වගේ හැගීමක් ද කියන්න කෙල්ලට තේරුමක් තිබුණේ නැ ඒත් ජින් යුංගි ගැන අදහසක් තියෙනවා නම් අතහැරගන්න කිව්වාම කෙල්ලගේ හිත රිදුනා

" යාහ්හ්හ්.....ලමයි තාම මොනාද කරන්නේ අද ඇවිදින්න යන්න ඕන ඉක්මන් කරන්න "

මිනායා කෑගහනවා ඇහෙනකොට සෝයූන් ඉක්මනට ටැප් එක ඇරලා මූන සෝදගෙන වොෂ් රූම් එකෙන් එලියට ආවා

ඒ අතරේ ඔක්කොම රෙඩි වෙලා living room එකට ආවා

" ටේ මෙන්න කලින්ම කිව්වා තමුසේ දවසෙම නොකා හිටියත් කමක් නැ මාස්ක් එක නම් ගලවන්න එපා "

නම්ජූන් කිව්වේ එක සැරයක් kim family එකේ කට්ටිය vacation එකකට ගියපු අවස්ථාවක ටේහ්‍යුන් මාස්ක් එක නැතුව බීච් එකේ ඉදලා එයාගේ fan girls ඇවිත් වට කරගත්ත හැටි මතක් වෙලා ටේහ්‍යුන් එතැනින් බේරගන්න ගිහින් කෙල්ලෙක්ගෙන් ගුටි කන්න වුනා ඒ වගේ ආපහු ගුටි කන්න ඕන නැති නිසා නම්ජූන් කිව්වා

" මම පව් නැද්ද හියුන්ග් "

" උබට කෙල හලන ගෑනුයි පිරිමියි වට වුනාම අපි පව්.."

නම්ජූන් රවාගෙන කිව්වා මේ අතරේ දෙන්නෙක් ඇස් වලින් ඉගිබිගි පාමින් කතා කරනවා ජිමින් හෝසොක් එක්ක කතාවක හිටියේ නම්ජූන් ටේහ්‍යුන් එක්ක වලියක් ජින් මිනායා දෙන්නා ඇවිදින්න යන්න රෙඩි වෙනවා යුංගි සෝෆා එකේ සැපට වාඩිවෙලා ෆෝන් එක ඔබනවා

" ඔක්කොම හරි ද...?"

ජින් living room එකේ තැන් තැන් වල ඉන්න කට්ටිය දිහා බලන ගමන් ඇහුවා

" ඔප්පා සෝයූන් තාම නැ නේ "

යුන්වි කිව්වේ තාම සෝයූන්ගේ හෙවනැල්ලවත් ඇහැ ගැටුනේ නැති නිසා

" මම එනෝ..."

සෝයූන් හිනාවක් එක්ක එහෙම කියාගෙන පඩිපෙළ බැහැගෙන ආවා

" දැන් හරි නේ යන් "

කට්ටිය ඔක්කොම කෑගහගෙන ගියේ කාලෙකින් ලැබුනු vacation එක උපරිමයෙන් භුක්ති විදින්න හිතාගෙන

හවස් වෙනකම්ම කට්ටිය ජේජු වල ඇවිද්දා රන්ඩු වුනා හිනා වුනා හැමෝම සතුටු වුනා ඒත් හැමතිස්සේම හිනා වෙලා තොරතෝංචියක් නැතුව කියවන සෝයූන් අද ටිකක් නිශ්ශබද වෙලා පැත්තකට වෙලා ඉන්න එක යුංගිටයි ජිමින්ටයි විතරයි මීටර් වුනේ අනිත් අයට ඒක එච්චර ගානක් වුනේ නැ යුන්විට සෝයූන් ගැන එච්චර ගානක් නොවුනේ ජන්කූක් වෙනදාට වඩා කෙල්ලගේ ලගින් ඉද්පු නිසා

හවස් වෙනකොට හැමෝම මුහුද වෙරලට ගියත් සෝයූන් වෙරලට ගියේ නැ කෙල්ල මුහුදු වෙරලට බහින්න කන්ද උඩ ඉදලා තිබුනු පඩිපෙලේ නැවතිලා නිමක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන හිටියා

මුහුදු සුලගට එහෙ මෙහෙ යන කොන්ඩේ ඔක්කොම එකතු කරලා අල්ලගත්ත කෙල්ල කොන්ඩේ උඩට කරලා බන් එකක් ගහගත්තා සෝයූන් හිස් බැල්ලමකින් මුහුද දිහා බලාගෙන ඉන්නකොට මතක් වුනේ උදේ ජින් කියපු දේවල් ජින් කවදාවත් එච්චර සීරියස් විදියට කෙල්ල එක්ක කතා කරලා තිබුණේ නැ

" ඇයි ජින් ඔප්පා කිව්වේ මම නොදන්න දේවල් ගොඩක් තියෙනවා කියලා "

කෙල්ල මිමිනුවා සෝයූන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වුනා යුංගි professor වුනු එක නෙවෙයි ඊට වඩා ලොකු දෙයක් මෙතන ඇති කියලා කෙල්ලට හිතුනා

" මොනාද තමුසේ නොදන්නේ.."

සෝයූන් එකපාරට ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුනු ගැඹුරු කටහඬ නිසා ගැස්සිලා ගියා කෙල්ල පිටිපස්ස හැරුනාම දැක්කේ සාක්කුවට අත් දෙකත් දාගෙන තමන් දිහා බලාගෙන ඉන්න යුංගිව

" මොකද තමුසේ මෙතනට වෙලා කරන්නේ "

යුංගි අත්වැටට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන සෝයූන් දිහා බලාගෙන ඇහුවා

" නිකන්.....කිටී මොනාද කරන්නේ බීච් එකට යන්නේ නැද්ද..?"

කෙල්ල ඇහුවාම යුංගි කට කොනින් හිනා වුනා

" තමුසෙට අද මොකද්ද වෙලා තියෙන්නේ "

" මට මුකුත් වෙලා නැ මම හොදින් ඉන්නේ'

සෝයූන් කොල්ලාගේ ඇස් මග ඇරලා කිව්වා

" ජින් හියුන්ග් මොනාහරි තමුසෙට කිව්වා ද..?"

යුංගි කෙල්ලගේ ඇස් දිහා බලාගෙන අහනකොට සෝයූන් එකපාරට ඇස් ලොකු කරගෙන කොල්ලා දිහා බැලුවා

" මම කිව්වා හරි නේද "

" මො...මොකද්ද..?"

සෝයූන් යුංගි දිහා බලාගෙන හිටියේ මූට පේන කියන්න පුලුවන් ද කියලා කල්පනා කරන ගමන්

" හරියටම කොහොමද එහෙම කියන්නේ "

කෙල්ල එහෙම ඇහුවාම යුංගි මුහුදු වෙරලේ සෙල්ලම් කරන කට්ටිය දිහා බලලා ආපහු සෝයූන් දිහා බැලුවා

" තමුසේ එනවා මාත් එක්ක.."

සෝයූන් එක අතක තමන්ගේ අත පටලවාගත්ත යුංගි කිව්වා

" කොහෙද...."

" ගිහින් බලනවා මම තමුසෙව මරන්න අරගෙන යන්නේ නැ "

යුංගි කටත් ඉරක් වගේ කරගෙන කිව්වා

" කියන්න බැ නේ "

කෙල්ල ඇස් කොනින් යුංගි දිහා බලන ගමන් කිව්වා

" තමුසේ මට කියලා කන පලාගන්නේ නැතුව එනවා යන්න "

යුංගි එහෙම කියලා සෝයූන්ගේ අතින් ඇදගෙන ගියේ කෙල්ල පොඩි හිනාවක් දෙතොලතර රදවගෙන ඉදිද්දී

සෝයූන් ආපහු සුපුරුදු පරිදි කියවන්න පටන් ගත්තාම යුංගි මුකුත් නොකියා කෙල්ල කියන දේවල් අහගෙන හිටියා කෙල්ලට කොහෙද යන්නේ කියලවත් ගානක් තිබුණේ නැ මොකද සෝයූන් මෙලෝ සිහියක් නැතුව එයාගේ high school කාලේ සිද්ධ වෙන දේවල් දකින දේවල් ගැන කිව්වා ටික වෙලාවකින් නැවතුනාම සෝයූන් කොල්ලා දිහා බැලුවා යුංගි ඇස් වලින් ඉස්සරහ බලන්න කිව්වාම කෙල්ල ඇහිබම අකුලලා කොල්ලා දිහා බලලා ඉස්සරහ බැලුවාම සෝයූන්ගේ පුදුමෙන් ලොකු වුනා

" Woow...."

කෙල්ල වටපිට බලන ගමන් ගිහින් ලී අත් වැට මතින් අත් දෙක තිබ්බා වටේම තිබුණේ අහස උසට වැටුනු රූස්ස ගස් හවස බැසගෙන යන හිරු කිරන වැටී අමුතු සුන්දරත්වයක් පරිසරයට එක කලා රූස්ස ගස් වල හැප්පෙමින් හමාගෙන ආ මද සුලග විදමින් සෝයූන් ඇස් පියාගෙන හිටියා


යුංගි සෝයූන් ලගින් හිටගෙන බලාගෙන හිටියේ ඇස් කරකවමින් පොඩි දරුවෙක් වගේ වටේම බලන කෙල්ල දිහා

" මම මෙතන නවතිනවා..."

සෝයූන් දිලිසෙන ඇස් වලින් වටපිට බලන ගමන් කිව්වා යුංගි කට කොනින් හිනා වුනා

" මේ කිටී කොහොමද මෙතන දැනගත්තේ "

" ඒක තමුසෙට වැඩක් නැ "

යුංගි ගත් කටටම එහෙම කියද්දී කෙල්ල මොනාද හිමින් මුමුනලා අහක බලාගෙන ඉන්න කොල්ලාට ගහන්න අත ඉස්සුවා

" මට පේනවා.."

කොල්ලා කියද්දී සෝයූන් අත පහත දැම්මේ යුංගිට පිටිපස්සට ඇස් තියෙනවා ද කියලා හිතන ගමන්

" දැන් යන්..."

ටික ටික අදුර වැටීගෙන එනකොට යුංගි කිව්වත් සෝයූන්ට නම් එතැනින් යන්න අදහසක් තිබ්බේ නැ

" තව ටිකක් ඉදලා යමුකෝ.."

" තමුසේ ඉන්නවා මම යන්නම්..."

යුංගි එහෙම කියලා එතැනින් යනකොට සෝයූන් ඉනටත් අත් දෙක තියාගෙන බලාගෙන හිටියා

" නපුරු පූසා.."

කෙල්ල මුමුනලා යුංගිගේ පස්සෙන් දුවගෙන ගියා

" කිටියෝ...."

" මොකද "

" බඩගිනියි "

" ඉතින් "

" මට මොනාහරි කන්න අරන් දෙනවා.."

සෝයූන් කොල්ලාගේ අතක එල්ලිගෙන කිව්වා

" තමුසේ නම් මහ වදයක් ඕයි "

" කන්න අරන් දෙන්නේ නැද්ද.."

",නැ තමුසෙට ඕන නම් ගිහින් කනවා මම වියදම් කරන්නේ නැ "

යුංගි කෙල්ලව ඈත් කරලා කිව්වා

" අවසාන වතාවට අහන්නේ කන්න අරන් දෙනවද නැද්ද.."

" නැ තමයි ඇයි තමුසේ මොනා කරන්න ද්..?"

වැඩි වෙලාවක් නොගිහින් කොල්ලාට තේරුනා තමන් කට වරද්ද ගත්තා තමයි කියලා

" අහ්හ්හ්....තමුසේ කොහොමද මාව අනාත කරලා වෙන කෙනෙක් එක්ක යන්නේ හුවෑව් ඔම්මාහ්හ්හ් මගේ බඩේ ඉන්න දරුවා තමුසෙගේ තමයි කරනකොට මේවා හිතුන් නැද්ද දැන් මම ප්‍රග්නට් කියලා දැනගත්තාම මාව දාලා යන්න හදන්නේ මොන හිතකින් ද..? ඉහිම් ඉහිම් තමුසෙට කෝටියක් හිටියාට මට කෝටියක් හිටියේ නැ රත්තරනේ හිටියේ නුබ විතරයි මගේ ජීවිතේ "

සෝයූන් අතමිට මොලවලා කොල්ලාගේ පපුවට ගහන ගමන් අඩ අඩ කියද්දී පාරේ යන මිනිස්සු බල බල ගියා යුංගිට තත්පර ගානක් යනකම් වුනේ මොකද්ද කියලා තේරුම් ගියේ නැ

" යාහ්හ් තමුසෙට පිස්සු හැදිලා ද නවත්තනවා මේ විකාරේ මිනිස්සු බල බල යනවා."

" කලින් කන්න ඉල්ලපු වෙලේ අරන් දුන්නානම් මෙහෙම වෙන්නේ නැ ඉහිම් ඉහිම් "
කෙල්ල යුංගිගේ කනට ලං වෙලා හිමින් මිමිනුවා

" මට මෙහෙම කරන්න එපා පනේ මේ අපි දෙන්නාගේ දරුවා නේ ඔයාට limit එකක් තිබ්බා නම්...."

" මම තමුසෙට කන්න අරන් දෙන්නම් දැන් ඕක නවත්තපන්.."

සෝයූන් ආපහු අඩ අඩ කියාගෙන යද්දී යුංගි පරාජය බාරගෙන කෙල්ලට කන්න අරන් දෙන්න තීරණය කලා නැත්නම් කොල්ලාගේ නම්බුව ලෙෆ්ට් වෙලාම යයි කියලා හිතුනු හින්දා ඒත් දැනටමත් සෝයූන්ගේ වැඩ හින්දා යුංගිගේ නම්බුව ලෙෆ්ට් වෙලා ගිහින් කියලා මේ පූස් තඩියා දන්නේ නැ පව් අහිංසක පූසා

" අනෙව්.....මගේ කියුට් කැට්සිලා...මම ආදරෙයි කුඩ්ඩෝ.."

කෙල්ල යුංගිගේ කම්බුල් මිරිකන ගමන් කියද්දී කොල්ලා සෝයූන් අත් අල්ලගත්තා

" තව එක වචනයක් හරි කිව්වොත්...."

" මරලා අඩ අඩා හොයනවා ද....අයියූ කිටී ඒක පරන දෙබසක් නේ "

සෝයූන් එහෙම කියද්දී ජීවිතේ පලවෙනි වතාවට තමන් ගැනම හෙන අසරණකමක් දැනුනා

" තමුසෙගේ සාගතේ නිවන්න යමන්.."

යුංගි එහෙම කියාගෙන ඉස්සරහට යද්දී සෝයූන් හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා කොල්ලා ඇස් හීනි කරගෙන හැරිලා කෙල්ල දිහා බලද්දී සෝයූන් හිනාව නවත්තලා කොල්ලාගේ පස්සෙන් ගියා ඊට පස්සේ restaurant එකකින් සෝයූන්ට කන්න බොන්න අරන් දීලා ආපහු පයින්ම mansion එකට යන්න ගත්තේ සෝයූන්ට ඇවිදින්න ඕන කියපු නිසා

විවිධ වර්නයෙන් යුත් විදුලි බුබුලු වලින් ආලෝකමත් වුනු ජේජු නගරය රාත්‍රි කාලයේ තවත් සුන්දරව දිස් වුනා වේගෙන් එහෙ මෙහෙ ඇදෙන වාහන මෙන්ම කඩිමුඩියේ එහෙ මෙහෙ යන මිනිසුන්ගෙන් ජේජු නගරය පිරි තිබුනා

ඒ අතරේ යුංගි සෝයූන්ගේ අතින් අල්ලාගෙන ඇවිදගෙන ගියේ මිනිස්සු අතරේ කෙල්ල අතරමං වෙයි කියලා හිතලා

" කිටී..."

" මොකද "

" අයිස්ක්‍රීම් ඕන "

කෙල්ල කිව්වාම යුංගි එහෙම්ම නැවතුනා

" තමුසෙට කාපුවා මදි ද...."

යුංගි ඇහුවේ අවුරුදු ගානකින් ආහාරයක් නොදුටු ජීවියෙක් වගේ කාගෙන ගිහින් දැන් අයිස්ක්‍රීම් ඉල්ලද්දී කොල්ලා කල්පනා කලේ මේකිගේ බඩේ ඉඩ තියෙනවා ද කියලා

" පොඩ්ඩක් බඩේ ඉඩ තියාගත්තා ඩෙසට් එකට.."

සෝයූන් දත් තිස් දෙකම නියවලා කිව්වාම යුංගිට එතැන තිබුණු ලයිට් කනුවක ඔලුව ගහගන්න හිතුනා ආපහු මුකුත් නොකියා ගිහින් සෝයූන්ට අයිස්ක්‍රීම් එකකුත් අරන් දුන්නේ කලින් වගේ පිස්සුවක් නටයි කියලා හිතුනු හින්දා

" කිටී...."

" ම්ම්ම්..."

" උයාට යොංජාචිංගු කෙනෙක් හිටියා ද..?"

කෙල්ල ඇස් බෝල කරගෙන ඇහුවාම යුංගි නැවතිලා සෝයූන් දිහා බලාගෙන හිටියේ ඒ ගමන මේකි එන්න හදන්නේ මොකටද කියලා කල්පනා කරන ගමන්

" තමුසේ මොකද එකපාරට එහෙම ඇහුවේ "

යුංගි ඇහිබමක් උස්සගෙන ඇහුවාම සෝයූන් අත් දෙකේ දබරගිලි එකට හප්පමින් ඉන්නකොට කොල්ලා බැලුවේ මොන මල කෝලක් ද කියලා

" මොකද තමුසේ ඇබරෙන්නේ දගපනු උදරාබාධයද...."

" කිටියෝ කාටුන් බලනවා ද..?"

" මම බලන රෙද්දක් නැ ඕයි යුන්වි ඕක කියනවා ඇහිලා තියෙනවා "

" සිකේ...දැන් මම අහපු දේට උත්තරයක් දෙනවකෝ.."

" තමුසේ අහන ප්‍රශ්නකටම උත්තර දෙන්න ඕන කියලා මම බැදිලා නැ "

යුංගි එහෙම කියලා සාක්කුවට අතකුත් දාගෙන යන්න ගියා

" පුදුම ආඩම්බරකමක් නේ "

සෝයූන් කට ඇද කරගෙන ගිහින් යුංගි අතේ එල්ලුනා

" තමුසේ මාත් එක්ක මෙහෙම ඉන්නවා ජින් හියුන්ග් දැක්කොත් තමුසෙට ගහලා පන්නයි.."

යුංගි එහෙම කිව්වාම සෝයූන් කොල්ලාගේ අත අතහැරියා කෙල්ල අත අතහැරපු නිසා කොල්ලා සෝයූන් දිහා බැලුවා මේ ටික වෙලාවට කෙල්ලට ජින්ගේ වචන අමතක වෙලා තිබුණේ ඒත් යුංගි ආපහු ඒ ගැන කියද්දී සෝයූන්ට දුක හිතුනු හින්දා කෙල්ල බිම බලාගත්තා

" හේයි...මේ බලන්න සෝයූන් "

කෙල්ලගේ මූඩ් අවුල් ගියා කියලා තේරුනු යුංගි සෝයූන්ගේ බිමට හැරවිලා තියෙන මූන ඉස්සුවා ඒ ටිකට කෙල්ලගේ ඇස් වල කදුලු පිරිලා යුංගි සෝයූන්ගේ මූන දෝතට කෙල්ලගේ කම්බුල් පිරිමැද්දා

" මොකද මේ..."

කවදාවත් නැතුව යුංගි සොෆ්ට් විදියට කතා කරද්දී කෙල්ල මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" උදේ ජින් හියුන්ග් කියපු දේවල් ඔක්කොම මම අහගෙන හිටියේ ඊට පස්සේ තමුසේ හොරාට ඇඩුවා කියලත් මම දන්නවා "

සෝයූන් ඇස් ලොකු කරගෙන යුංගි දිහා බලාගෙන හිටියා කොල්ලා පුදුමෙන් තමන් දිහා බලාගෙන ඉන්න සෝයූන් දැකලා යාන්තම් හිනා වුනා

" තමුසේ මට ආදරෙයි ද...?"

යුංගි සන්සුන් කටහඩකින් කෙල්ලගේ ඇස් දිහා බලාගෙන ඇහුවා සෝයූන්ගේ ඇස් වල රැදිලා තිබුණු කදුලු බිදුවක් කම්බුල් දිගේ ගලාගෙන යද්දී කෙල්ල යුංගිගේ ඇස් දිහා බලාගෙන හිටියා

කෙල්ල මුකුත් නොකියා ඉන්නකොට යුංගි සෝයූන්ගේ කම්බුල් අතහැරලා ඈත් වුනා ඒත් එක්කම කොල්ලාට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර සෝයූන් කොල්ලව තදින් වැලදගත්තා යුංගි හිනාවක් එක්ක කෙල්ලගේ වටා අත් යවලා තුරුල් කරගත්තා

" ඔව්..."

සිහින් ඉකියක් එක්ක කියද්දී යුංගිගේ හිනාව වැඩි වුනා

" මොකද්ද..."

" ආදරෙයි.."

" කාටද..?"

" කාටහරි තමුසෙට මොකද "

යුංගි තල්ලු කරලා කදුලු පිහිද පිහිද කොල්ලාට ර්වන ගමන් සෝයූන් කිව්වා

" මට වැඩක් තියෙන නිසා අහන්නේ "

සෝයූන්ගේ ඉන වටේ අත් යවලා ලගට ඇදලා ගන්න ගමන් යුංගි කිව්වා

" තමුසෙට මගෙන් එහෙම අහන්න අයිතියක් නැ "

" මගේ දේවල් ගැන අහන්න අයිතියක් නැද්ද..?"

" කවුද කියන්නේ මම තමුසෙගේ කියලා "

" මම..."

" මම අපේ අප්පාගේ තමුසෙගේ නෙවෙයි "

" ඉස්සර මිස්ටර් පාර්ක්ගේ දැන් මගේ "

යුංගි කෙල්ලව තව ටිකක් ඇගට තද කරගන්න ගමන් කිව්වා සෝයූන් තාමත් රවාගෙන ඉන්නේ

" මගේ අයිතිය පෙන්නන්න ද බබා.."

සෝයූන්ගේ මූනට එබුනු කොල්ලා ඇහුවා

" විකාර නැතුව ඉන්න කිටියෝ මේක මහපාර ",

කෙල්ල ඇස් හීනි කරගෙන කියද්දී යුංගි සෝයූන්ගේ තොල් අල්ලගත්තේ කෙල්ල කම්ෆියුස් කරලා සෝයූන් කොල්ලාගේ හාදුවට අවනත වෙලා kiss back කලා දෙන්නාටම ඉන්නේ මහ පාරේ කියලා අමතක වුනා

විනාඩි කිහිපයකින් සෝයූන්ගේ තොල් වලින් ඈත් වුනු කොල්ලා දැක්කේ මුලු මූනම රතු කරගෙන ඉන්න සෝයූන්ව

" දැන් යමු තව රෑ වුනොත් ජින් හියුන්ග් තමුසෙවයි මාවයි ඇතුලට ගන්න එකක් නැ "

යුංගි කෙල්ලගේ අත අල්ලාගෙන කියද්දී සෝයූන් හිනා වෙලා ඔලුව වැනුවා මෙතෙක් වෙලා ඒ දෙන්නා දිහා බලාගෙන ෆොටෝස් ගත්ත පුද්ගලයෙක් ඒ ෆොටෝස් දිහා බලලා එතැනින් යන්න හැදුවත් පිටිපස්සෙන් ආපු කෙනෙක් ඒ පුද්ගලයාගේ නහයට රෙදි කැබැල්ලක් තියලා තද කලා එවිට පුද්ගලයා සිහිය නැතුව බිම ඇදගෙන වැටුනා

To be continue.................♡︎

ඔයාලාට කතාව ගැන හිතෙන දේවල් කොටාගෙන යන්න ලමයි ඕතර් ආසයි ඔයලාගේ කමෙන්ට් කියවන්න🥺❤️
(මුකුත්ම කියන්න නැත්නම් මට ආදරෙයි කියලා හරි කියාගෙන යම්න😒😑)

Bạn đang đọc truyện trên: AzTruyen.Top