匚卄卂卩ㄒ乇尺 18🐾
එක්සෑම් ඉවර වුනු හින්දා ඔක්කොම ලෑස්ති වුනේ වෙනසකට එක්ක ට්‍රිප් එකක් යන්න ඉතින් කට්ටිය ට්‍රිප් එකක් යන්න තැනක් ගැන කතා කලා හැබැයි කතාව ඉවර වුනේ යුන්විගෙයි ටේහ්යුන්ගෙයි වලියකින් අවසානයේ දී වැඩි කැමැත්තට ඉඩ දීලා ජේජු යන්න තීරණය කලා
සෝයූන්ගේ ඉල්ලීමකට අනුව ජිමින්ව ට්‍රිප් එකට එකතු කරගත්තා අපායට ගියත් තම හොදම මිතුරා රැගෙන යා යුතුයි කියන තියරියට අනුව ජිමින් ජන්කූක්ට කතා කලා ඒක ඇහුවාම යුන්විට ජීවිතේ ප්‍රථම වතාවට ජිමින්ට නියගලා මලක් තියලා වදින්න හිතුනා
කට්ටිය ට්‍රිප් එක යන්න රෙඩි වෙන අතරතුරේ kim mansion එකට ආවේ යුංගිගේ දයාබර මිත්‍ර රත්නය හෝසොක් කොයිවෙලෙත් හිනා වෙලා සතුටින් ඉන්න හෝසොක් උදේට දැක්කා කියන්නේ දවසම සුභයි සෙට් එකේ ඉන්න ඉර මමා තමයි ඉතින් අවසානෙදී හෝසොක් ට්‍රිප් එකට එකතු වුනා කිම් කපල් එකට ට්‍රිප් එකට එකතු වෙන්න කියලා කිව්වත් ඒ දෙන්නා ආවේ නැ මිස්ටර් කිම් නම් කිව්වේ කාලෙකින් උබලා නැතුව නිදහසේ ඉන්න ලැබෙන අවස්ථාව නැති කරගන්න බැ කියලා ඒක වෙන විදියකට තේරුම් ගත්ත dirty minded කිම් දරුවෝ ටික මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම් කනක් ඇහිලා ඉන්න දුන්නේ නැ
අන්තිමේ දී ට්‍රිප් එක යන දවස උදා වුනා කිම් mansion එක පිස්සන් කොටුවක් වගේ වෙලා
" ඔම්මා....මගේ එක මේස් එකක් ඤැ "
" ඔම්මා...කෝ මගේ බ්‍රෂ් එක "
" යාහ්හ්හ් ජින් මම තමුසෙට කීපාරක් කිව්වාද තෙත ටවල් එක ඇද උඩ දාන්න එපා කියලා "
" කිම් නම්ජූන්....තමුන් ඒකත් කෑවද ෆ්‍රිජ් එකේ දොර වෙනුවට මම දැන් තමුන්වද තියන්නේ...මම නොදන්නා බලයක් තියෙනවා ද.."
" මියානේ ඔම්මා හිතලා නෙවෙයි කරේ..."
" මින් යුංගි ඇරපිය මිනිහෝ දොර උබ තාම නිදි ද.....කතා කරපන් "
ඔක්කොම කෑගසමින් එහෙ මෙහෙ දුව්න ගමන් රෙඩි වුනා පැයක් පමන කාලයක් ඇතුලත ලොකු යුද්ධයක් කරලා ඔක්කොම රෙඩි වුනා
" සෝයූන් බලාගෙනත් ඇති දැන් යන්න.."
" ඔම්මාට පුදුම හදිස්සියක් නේ තියෙන්නේ අපිව එලවගන්න.."
ටේහ්‍යුන් කිව්වේ එයාගේ බෑග් කරට දාගන්න ගමන්
" ඔම්මාට අප්පා එක්ක ඩිස්ටි ඩිඩින් කරන්න තියෙලු..."
යුන්වි කුප්ප හිනාවක් දාගෙන කිව්වා මිස්ටර් කිම් යුන්වි දිහා බලාගෙන හිටියේ හිනාවක් එක්ක
" මම මෙ කෙල්ලට...."
මිසිස් කිම් එහෙම කියාගෙන යුන්විගේ ලගට යන්න හදනකොට යුන්විගේ එයාගේ ආත්මාරක්ෂාව සදහා යුංගිගේ පිටිපස්සේ හැංගුනා
" අපි ගිහින් එන්නම් ඔම්මා "
මිසිස් කිම්ව ආදරෙන් වැලදගත්ත නම්ජූන් කිව්වා
" මගේ පැටව් ටික ඔක්කොම පරිස්සමින් හරි ද...ගිහින් අමතක නොකර කෝල් කරන්න ඕන "
මිසිස් කිම් කිව්වා
" හරි හරි ඔම්මා මම ඔම්මාගේ පැටව් ටික බලාගන්නම්.."
ජින් කිව්වා
" උබ තමයි කොහොමත් හැමෝම බලාගන්න ඕන මෙතන ඉන්න ලොකු එකා උබ නේ අනික ගිහින් එනකොට අපිට සුභ ආරංචියක් අහන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.."
මිස්ටර් කිම් එහෙම කිව්වාම මිනායාගේ කම්බුල් රතු වෙලා ගියා
" යාහ්හ්හ් අප්පා අපි හනිමූන් ට්‍රිප් එකක් නෙවෙයි යන්නේ "
ජින් කෑගැහුවේ එයාගේ යක්ස සහෝදර සහෝදරියෝ ටික අද දවසේ බයිට් එක විදියට එයාව ගන්නවා කියලා මස්තිෂක රාජයා කිව්ව හින්දා
" මොකද උබ කෑගහන්නේ....? හනිමූන් එකට පැරිස් යැව්වා කියලා වැඩ තියෙද උබ ෆස්ට් නයිට් එකේ සිවිලිමේ තරු ගැන්නාද්...?"
මිස්ටර් කිම් අහනකොට ජින් මතක් වුනේ එයාගේ ෆස්ට් නයිට් එකේ සිදු වුනු සිදුවීම් වෙඩින් එකට ඇවිත් හිටපු කෙල්ලෙක් එක්ක හිනා වෙලා කතා කරලා බදාගත්තා කියලා මිනායා ඇදෙන් පයින් ගහලා බිමට දාපු විදිය කොල්ලාගේ ඉදිරියේ මැවිලා පෙනුනේ පරන හින්දි ෆිල්ම් එකක් වගේ
" අපි මැරි කරලා මාසයක් යනකොට උබව ඔම්මාට ලැබෙන්න හිටියේ උබ මැරි කරලා අවුරුද්දක් ගිහිල්ලාත් මුකුත් ඤැ "
" ඔය ඇති.."
මිස්ටර් කිම් කියාගෙන යනකොට මිසිස් කිම් රවාගෙන ඇති කිව්වාම පූසෙක්ට අහුවුනු මීයෙක් වගේ මිස්ටර් කිම් කටවහගත්තා
" අපි ගිහින් එන්නම් ඔම්මා අප්පා "
" උබලා යනවා කිව්ව කීවෙනි වතාව ද තාම මෙතන නේ "
මිස්ටර් කිම් කිව්වාම යුන්වි ඇවිත් මිස්ටර් කිම් වැලදගත්තා
" මට නංගි කෙනෙක්වත් මල්ලි කෙනෙක්වත් ඕන නැ අප්පා ඒ නිසා protection use කරන්න "
",යාහ්හ්හ් මේ බටු කෙල්ල "
යුන්වි එලියට දුවගෙන ගියේ අනිත් අයත් එලියට යද්දී මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම් එයාලගේ දරුවොන්ගේ සතුට දිහා බලාගෙන හිටියේ සතුටු කදුලු පිරි දෙනෙතින් මේ සතුට හැමදාම එයාලගේ ජීවිත වල රජ කරන්න කියලා ඒ දෙන්නා හදවතින්ම ප්‍රාර්ථනා කලා
ටික වෙලාවකින් එයලා ඇවිත් සෝයූන්ගේ ගෙදර ඉදියේ බස් එක නැවැත්තුවා
" ඕකි තාම නිදි ද දන්නේ නැ "
යුන්වි එහෙම කියාගෙන බස් එකෙන් බැස්සා
" එහෙනම් නිදි පැදුරෙන්ම උස්සගෙන එමු.."
ටේහ්‍යුන් කිව්වා
" ආස ඇති නෙහ්.."
ජින් ඉස්සෙල්ලාම ගිහින් door බෙල් එක ගැහුවා එතකොට මිස්ටර් පාර්ක් ඇවිත් දොර අරිනවත් එක්කම සපත්තුවක් උඩින් පාවෙලා ඇවිත් හෝසොක්ට වැදුනා
" මෙහේ පිලිගැනීම නම් අතිවිශිෂ්ඨයි "
හෝසොක් කිව්වේ එයාගේ ඇගේ වැදිලා බිම වැටුනු සපත්තුව දිහා බලාගෙන
" සමාවෙන්න පුතා එන්න ඇතුලට "
මිස්ටර් පාර්ක් අපහසුවෙන් හිනා වෙලා කිව්වා
" තමුසෙගේ ඇට දෙක ගලවලා අතට දෙනවා දැනගනින්.."
Living room එකට ආපු හැමෝම කම්ෆියුස් වෙලා බලාගෙන හිටියේ සෝෆා එක පිටිපස්සට වෙලා ඉන්න ජිමින් වගේම මල් වාස් එකක් එක අතක අනිත් අතේ සෝස්පන් එකක් තියාගෙන කාලි මෑනියෝ ආරූඪ වෙලා වගේ ඉන්න සෝයූන් දිහා මාරුවෙන් මාරුවට බැලුවා
" යාහ්හ් සෝ බබා දැන් ඇති නේ ජිමින්ට සමාවදෙන්න "
පැත්තක හිටපු ජන්කූක් සෝයූන්ගේ අතේ තිබුණු සෝස්පන් එක අදින ගමන් කිව්වා යුන්වි ඇස් ලොකු කරගෙන ජන්කූක් දිහා බලාගෙන හිටියා ඒත් එක්කම ඉරිසියාව පිරුනු ඇස් දෙකක් සෝයූන්ගේ පැත්තට යොමු වෙලා තිබුනා
" ලොකූ...."
මිස්ටර් පාර්ක්ගේ කටහඬ ඇහෙනකොට සෝයූන් ඒ පැත්ත බැලුවා අතේ තිබුණු සෝස්පන් එක මල් වාස් එක අතහැරපු සෝයූන් සෝෆා එකෙන් බැස්සා ජන්කූක් යාන්තම් මල් වාස් එක බිදෙන්න නොදි බේරගත්තා සෝයූන් කියුට් හිනාවකින් හැමෝටම සංග්‍රහ කලා
" සෝයූන් රෙඩි වෙලා එන්න.."
මිස්ටර් පාර්ක් කිව්වාම සෝයූන් ඉක්මනට එතැනින් දුවලා එයාගේ රූම් එකට ගියේ එයා කියපු දේවල් යුංගිට ඇහුනා ද කියලා හිතන ගමන්
" එන්න ලමයි වාඩි වෙන්න "
මිස්ටර් පාර්ක් කිව්වාම ඔක්කොම ඇවිත් වාඩිවුනා
" මොකද සෝයූන්ට උදේම කේන්ති ගිහින් "
මිනායා ඇහුවා
" ජිමින්ගේ වැඩ හින්දා නූනා "
ජන්කූක් උත්තර දුන්නා
" ආපහු කෙල්ලගේ ප්‍රශ්නයක් ද..?"
නම්ජූන් ඇහුවා
" යේ හියුන්ග් මම දන්නවා ලගදීම ජිමින්ගේ කෙල්ලෙක් සෝයූන්ගේ අතින් ස්වර්ගස්ථ වෙනවා.."
ජන්කූක් කිව්වාම අනිත් අයත් හිනා වෙවී ඔලුව වැනුවා අනිත් අය කතා කර කර ඉන්න අතරේ සෝයූන් රෙඩි වෙලා පහලට ආවා සෝයූන් දැක්ක ගමන් නම්ජූන් බැලුවේ යුංගි දිහා දෙන්නාම ඇදගෙන හිටියේ තනි කලු හින්දා
සෝයූන් ගෙදර අයගෙන් සමු අරගෙන ඇවිත් බස් එකට නැග්ගා කෙල්ල ගිහින් පිටිපස්සෙම ශිට් එකේ වාඩිවෙලා එලිය බලාගෙන හිටියා එතකොට කවුරුහරි ලගින් වාඩිවෙනවා දැනුනු නිසා කෙල්ල හැරිලා බැලුවා එතැන හිටියේ කොහොමටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක් ඒ හිටියේ යුංගි සෝයූන් හිතුවේ එයා ලග යුන්වි වාඩිවුනා කියලා කෙල්ල ඉස්සරහ බලනකොට දැක්කේ යුන්වි ජන්කූක් දෙන්නා එක ශිට් එකක වාඩිවෙලා ඉන්නවා ඒක දැකපු සෝයූන්ට ඉබේටම හිනාවක් ගියා
ඉස්සරහම ශිට් එකේ ජින් මිනායා දෙන්නා වාඩිවෙලා හිටියා ඊට පිටිපස්සේ නම්ජූන් වාඩිවෙලා හිටියා ඊට පස්සේ ටේහ්‍යුන් ජිමින් දෙන්නා හිටියා හෝසොක් ඒ ලගම ශිට් එකක වාඩිවෙලා හිටියා යුංගි සෝයූන් දෙන්නා හිටපු පිටිපස්සෙම ශිට් එක ලග පහත කවුරුවත් හිටියේ නැ ඔක්කොම හිටියේ ඉස්සරහ ශිට් වල
ගමන පටන් ගත්තාම සෝයූන් ජනේලෙන් පහුවෙන ගොඩනැගිලි වාහන ගස් දිහා බලාගෙන හිටියා කෙල්ල වචනයක්වත් කතා කලේ නැ
" අරූ ආපහු කතා කලා ද...?"
නිහඩතාවය බිද දමමින් යුංගි ඇහුවා සෝයූන් කොල්ලා දිහා බැලුවා
" ම්ම්ම්ම්...ඊයේ කෝල් කලා මම ආන්සර් කලේ නැ "
" ඒක හොදයි "
යුංගි එහෙම කිව්වාම සෝයූන් ඇස් කොනින් කොල්ලා දිහා බැලුවා
" මොකද තමුසේ හොරාට මගේ දිහා බලන්නේ "
මෙතෙක් වෙලා ඉස්සරහ බලාගෙන හිටපු යුංගි කෙල්ල දිහාට ඇස් හරවන ගමන් ඇහුවා
" මම දෙයක් අහන්න ද....?"
" මොකද්ද "
" නැ ඕන නැ මම වෙන වෙලාවක අහන්නම්.."
" අහන දෙයක් දැන් අහනවා තමුසේ ඕක කොයිවෙලාවක හරි අහනවා නේ "
යුංගි කිව්වාම හොර පූසි වගේ සෝයූන් කොල්ලා දිහා බැලුවා
" තරහ ගන්න එපා හරි ද...?"
",ඒක මම බලාගන්නම්..."
කොල්ලා එහෙම කිව්වාම සෝයූන්ට දෙකක් යුංගිට අනින්න නොහිතුනාම නෙවෙයි
" සේයොන් ඇයි ඔයාට සහෝදරයා කිව්වේ "
සෝයූන් එහෙම ඇහුවාම කොල්ලා ඇහිබමක් උස්සගෙන කෙල්ල දිහා බැලුවා
" ඒක දිග කතාවක් ඒ කතාව තමුසේ දැනගන්න ඕන කියලා හිතුනොත් මම කියන්නම්.."
යුංගි එහෙම කිව්වාම සෝයූන් ඊට වඩා මුකුත් අහන්න ගියේ නැ කෙල්ල ආපහු එලිය බලාගත්තා ටික වෙලාවක් යනකොට යුංගිගේ උරහිසට බරක් දැනුනා ඒ නිසා කොල්ලා බෙල්ල හරවලා බලනකොට දැක්කේ සෝයූන් එයාගේ උරහිසට ඔලුව තියාගෙන නිදි කියලා කොල්ලාට පොඩි හිනාවක් ගියේ නිදාගෙන ඉන්න කෙල්ල දැකලා යුංගි කෙල්ලගේ ඉනවටේ අතක් යවලා සෝයූන්ව තුරුල් කරගෙන ඇස් පියාගත්තා
ඕක දැකපු හෝසොක් ඉස්සරහ හිටපු යුන්විගේ ඔලුවට පාරක් ගැහුවාම යුන්වි සුද්ද කොරියන් වලින් අමතන්න යද්දී ඇස ගැටුනු දර්ශනය නිසා කෙල්ලගේ කට අක්කරයක් ඇරුනා යුන්වි අට වැනි ලෝක පුදුමය දැක්කා වගේ බලාගෙන ඉන්නේ මොනාද කියලා බලන්න ජන්කූක් හැරිලා බැලුවා
තනියම ගොඩ යන එක හරි නැති හින්දා එහා පැත්තේ ශිට් එකේ හිටපු ජිමින්ට වතුර බෝතලයෙන් ගැහුවා ජිමින් හොද දෙකක් කියන්න කට අරින්න හදනකොට ජන්කූක් අතින් පිටිපස්ස බලන්න කියලා පෙන්නුවා ජිමින් පිටිපස්ස බැලුවාම ටේහ්‍යුන් ඒත් එක්කම බැලුවා කට කොනින් හිනාවක් එක්ක ජිමින් එයාගේ ෆෝන් එක අරගෙන නිදාගෙන ඉන්න කපල් එකගේ ෆොටෝ එකක් ගහගත්තේ අනාගතේට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා
යක්ස පැටව් ටික මොකද මෙච්චර නිහඩ කියලා බලන්න පිටිපස්ස හැරුනු ජින් කට අරින්න හදනකොට මිනායා ජින්ගේ කට වහලා පිටිපස්සේ ශිට් එකේ කොනක තුරුල් වෙලා ඉන්න දෙන්නා පෙන්නුවාම ජින්ගේ ඇස් බෝල දෙක තව පොඩ්ඩෙන් බිම වැටෙනවා හැබැයි නම්ජූන් නම් අනිත් අය වගේ පුදුම වුනේ නැ
" පූසෝ පස්සේ දුවලා අන්තිමේ දී තඩි පූසෙක් දැලේ දා ගත්තා "
ජින් නිදාගෙන ඉන්න යුංගි සෝයූන් දෙන්නා දිහා බලාගෙන මිමිනුවා සෝයූන් තව ටිකක් යුංගිගේ උනුසුමට තුරුල් වෙලා කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා
ටික ටික හවස් වෙනකොට එයාලා ජේජු වලට ලං වුනා සෝයූන් ඔය වෙලාවේ තමයි ඈනුමක් යවන ගමන් කම්මැලිකමේ ඇස් ඇරියේ එතකොට කෙල්ල තේරුනේ කාගෙදෝ ශක්තිමත් අත් අතරට හිර වෙලා ඉන්නේ කියලා කෙල්ල ඔලුව උස්සලා බලනකොට දැක්කේ සාමකාමීව නිදාගෙන ඉන්න එයාගේ මිස්ටර් කිටීව
කෙල්ල කලබලේට යුංගිගෙන් ඈත් වෙන්න හැදුවත් සෝයූන්ගේ ඉන වටේ එතිලා තිබුණු යුංගිගේ අත් තද වුනා
" දගලන්නේ නැතුව ඔහොම ඉන්නවා "
යුංගි ගැඹුරු හඩකින් කියද්දී කෙල්ල තොලත් පිට පෙරලගෙන කොල්ලාගේ පපුව මතින් ඔලුව තියාගත්තා සෝයූන්ට කොල්ලගේ උනුසුමෙන් ඈත් වෙන්න ඕන වුනේ නැ යුංගිගේ අත් අතරේ එයාට ලොකු ආරක්ෂාවක් දැනුනා ඉතින් කෙල්ල යුංගිගේ නිදහස් අතේ ඇගිලි එක්ක සෙල්ලම් කලා කොල්ලා මුකුත් නොකියා හිටියේ ඕන දෙයක් කරගන්න කියන්න වගේ
" ඔක්කොම නැගිටපල්ලා....අපි තැනට ආවා ඔය පිටිපස්සට වෙලා තුරුල් වෙලා ඉන්න දෙන්නාටත් එක්ක කිව්වේ..."
ජින් උච්ච ස්වරයෙන් කියද්දී මෙච්චර වෙලා නිදාගන්න හිටපු ජිමින් ශිට් එකෙන් බිම වැටුනා සෝයූන් කම්බුල් දෙකත් රතු කරගෙන යුංගිගෙන් ඈත් වුනා කෙල්ලගේ රතු වුනු කම්බුල් දැකපු යුංගි කට කොනින් හිනාවක් එක්ක සෝයූන්ගේ අතකින් අල්ලගත්තා ඔක්කොම බස් එකෙන් බැහැලා යද්දී අන්තිමට යුංගි සෝයූන්ගේ අතින් අල්ලාගෙන බස් එකෙන් බැස්සා ඒ වෙලාවේ සෝයූන්ගේ දිහාට හැරුනු ජිමින් කුප්ප හිනාවකින් සංග්‍රහ කලා
" woow මෙහේ හරි ලස්සනයි නේ "
සෝයූන් වටපිට බලන ගමන් කියද්දී ජින් හිනා වුනා ඊට පස්සේ කට්ටිය ජින්ගේ පස්සෙන් mansion එක ඇතුලට ගියේ අදුර වැටීගෙන ඇවිත් තිබුණු නිසා
" ජින් පුතා.....මම හිතුවේ තව පරක්කු වෙයි කියලා "
Mansion එකට ඇතුල් වෙනකොට ආපු වයසක කාන්තාවක් එහෙම කිව්වා
" මීට කලින් එන්න තිබුනා අජුම්මා කොහෙද ඉතින් මුන් එක්ක ඔක්කොම ඕන කරන දේවල් හොයන්නේ අන්තිම තත්පරේ නේ "
ජින් රවාගෙන කියද්දී අජුම්මා හිනා වුනා
" හරි පුතා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න මම කෑම ලෑස්ති කරන්නම් "
" හරි අජුම්මා "
ඊට පස්සේ හැමෝම වොෂ් එකක් දාගෙන fresh වෙලා ආවා ඔක්කොම dinning table එකෙන් වාඩිවුනා සෝයූන්ගේ ඉස්සරහ යුංගි වාඩිවුනාම ඔක්කොගේම ඇස් ඒ පැත්තට යොමු වුනා කට්ටිය මුකුත් අහන්නේ නැතුව කන්න පටන් ගත්තේ තිබුණු බඩගින්න නිසා
" ඒ බබා කවනවකෝ ඕයි..."
ජිමින් chopsticks දෙකත් පැත්තකින් තියලා සෝයූන් දිහාට කියුට් බැල්මක් දාගෙන කිව්වා සෝයූන් ඇස් හීනි කරගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා ජිමින් ඇස් කොනින් යුංගි දිහා බැලුවේ නිකමට වගේ එතකොට යුංගි දවා අලු කරන සයිස් බැල්මක් දාගෙන ඉන්නවා ජිමින් දැක්කත් ඒක නොදැක්ක ගානට හිටියා
" තවුසෙට අත් දෙකක් තියෙන්නේ "
" මොකද්ද ඕයි ඉස්සරත් තවුසේ මට කවනවා නේ "
" වරෙන් කවන්න කොට තාරාවා "
සෝයූන් කට ඉරක් වගේ කරගෙන කිව්වාම ජිමින් කෙල්ල ලගට ආවා කෙල්ල ජිමින්ට කවන්න පටන් ගත්තා යුංගි chopsticks දෙකත් තද කරගෙන හිටියා හැමෝම කාලා ඉවර වෙලා රූම් වලට ගියා සෝයූන් යුන්විගේ රූම් එකේ ඇද උඩට වෙලා කොට්ටෙකුත් තුරුල් කරගෙන හිටියා
" මේ සෝයූනා..."
යුන්වි පිජාමා කිට් එකත් ඇදගෙන ඇදට ඇවිත් සෝයූන් ලගින් වාඩිවුනා
" වේ....?"
" යුංගි ඔප්පායි උබයි අතරේ තියෙන හුටපටේ මොකද්ද කියපන් "
සෝයූන් ඇස් දෙක බෝල කරගෙන යුන්වි දිහා බලාගෙන හිටියා
" මොකද ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නේ අහපු දේට උත්තර දියම් එනකොට දෙන්නා තුරුල් වෙලා ආවේ "
කෙල්ල කම්බුල් දෙක අත් දෙකත් තියාගෙන හොරහින් යුන්වි දිහා බැලුවා
" මම උබ මෙහෙම ලැජ්ජ වෙනවා දැක්කමයි.."
යුන්වි කෙල්ල දිහා බලාගෙන කිව්වා
" හරි අහපන්කෝ "
" අහන්න උබ කියන්න එපැයි "
",ඒවාට නම් කට තියෙනවා "
යුන්වි රවාගෙන කියද්දී සෝයූන් හිනා වුනා
" යුංගි ඔප්පා තද ගතිගුණ තියෙන කෙනෙක් ඒත් එයාගේ හිත හරි හොදයි යුංගි ඔප්පා හිතේ තියෙන දෙයක් ලේසියෙන් කියන්නේ නැ අපි තේරුම් ගත්තොත් මිසක් අපේ ඇවිදින පුස්තකාලේ දවසක් මට කිව්වේ high school කාලේ යුංගි ඔප්පාගේ අතකින් කෙල්ලෙක් ඇල්ලුවා කියලා ඒ කෙල්ලට සෝජු බෝතලේකින් ඔලුවට ගහලා "
" මොකක්..."
සෝයූන් විශ්වාස කරන්න බැරුව ඇස් ලොකු කරගෙන යුන්වි දිහා බලාගෙන හිටියා
" ඉතින් එහෙම එකේ උබව තුරුල් කරගෙන ඉන්නකොට අපිට සැක නොහිතෙන එක පුදුමයක් නෙවෙයි නේ "
" ඒත් අපි අතරේ එහෙම මුකුත් නැ යුන්වියා.."
" ඔහොම ඉන්නකොට ඇති වෙයි...අන්තිමේ දී අපේ පූස් ඔප්පාව කෙල්ල දැලේ දා ගත්තා නේ "
යුන්වි එහෙම කියද්දී සෝයූන් ඇස් හීනි කරගත්තා
" එහෙම මුකුත් නැ කියලා කිව්වා නේ "
" දැන් නැති වුනාට හෙට ඇති වුනොත් "
" උබේ විකාර මම යනවා නිදාගන්න "
" Congratulations Thiricano...පලවෙනි බබාට මගේ නම දාන්න.."
යුන්වි කෑගහලා කියනකොට සෝයූන් සද්දෙන් දොර වහගෙන එයාගේ රූම් එකට ගිහින් දොර වැහුවා
",තාම සෙට් වුනෙත් නැ ඒ වුනාට මුන් බන්දලා ලමයිනුත් හදලා ඉවරයි අයිෂ්..... මට එන කේන්තියක් දැක්ක තැන රවාගෙන ඉදලා අන්තිමේ දී මාව තුරුල් කරගෙන නිදාගෙන මට සමාජෙට මුහුන දෙන්න බැරි කලා මේ පූස් තඩියා හින්දා තමයි ඔක්කොම "
සෝයූන් යුංගිට බැන බැන ඇවිත් ඇදට නැගලා බ්ලැන්කට් එකත් පොරවගෙන නිදාගන්න ලෑස්ති වුනේ කෙල්ල ඇස් දෙක පියාගත්තාම මැවිලා පෙනුනේ බස් එකේ යුංගිගේ තුරුලේ හිටපු මොහොත ඒ උනුසුමෙන් තවත් තුරුල් වුනු විදිය යුංගිගේ අතක ඇගිලි එක්ක සෙල්ලම් කරපු විදිය අප්පාගෙන් දැනුනු ආරක්ෂාව ජීවිතේ පලවෙනි වතාවට වෙන කෙනෙක්ගේ අත් අතරේ කෙල්ලට දැනුනා
කෙල්ලට නොදැනීම සිහින් සිනාවක් දෙතොලතර ඇදුනා සෝයූන් බ්ලැන්කට් එකෙන් මූනත් වහගෙන තනියෙන් හිනා වුනේ ඒ නුපුරුදු හැගීම මුලු හිතම වෙලා ගනිද්දී කෙල්ල කොට්ටෙකුත් තුරුල් ඇදේ ඒ කොනට මේ කොනකට පෙරලි පෙරලි හිටියේ යුංගි කියන පූස් තඩියා කෙල්ලගේ නින්ද හොරකම් කරපු නිසා
ටික වෙලාවක් යනකොට අකුනක් ගැහුවේ සෝයූන් අත පය,ඔක්කොම ගුලි කරගෙන බ්ලැන්කට් එක අස්සට ගුලි වුනා කෙල්ල අකුනු වලට බයයි මේ වෙලාවේ ගෙදර හිටියා නම් ඉමෝ ලගට හරි අප්පා ලගට හරි යනවා ඒත් දැන් කෙල්ල කා ලගට යන්න ද..?
බ්ලැන්කට් එක අයින් කරපු සෝයූන් මී පැටියෙක් වගේ රූම් එකෙන් එලියට ගියේ යුන්වි ලගට යනවා කියලා හිතාගෙන යුන්විගේ රූම් එකේ දොර අරින්න හැදුවත් දොර ඇතුලින් ලොක් කරලා තිබුණේ
" යුන්වි....ඇරපියකෝ දොර "
කෙල්ල යුන්විගේ රූම් එකේ දොරට කොච්චර තට්ටු කලත් වැඩක් වුනේ නැ සෝයූන් හුස්මක් පහත දාලා යුන්විගේ රූම් එකට එහා පැත්තේ රූම් එක දිහා බැලුවා කෙල්ල හිමින් ඇවිදගෙන ගිහින් රූම් එක ඉස්සරහ හිටගත්තා සෝයූන් අත මිට මොලවලා දොරට තට්ටු කරන්න උස්සලා ආපහු නිකන් හිටියා එලියේ හයියෙන් අකුනක් ගැහුවාම සෝයූන් ඉක්මනට දොරට තට්ටු කලා
එතකොට නිදිමතේ සුද්ද කොරියන් වලින් බැනගෙන දොර ඇරපු යුංගිගේ නින්ද ලෙෆ්ට් වුනේ එයා දිහා puppy eyes වලින් බලාගෙන ඉන්න සෝයූන් දැක්කාම
" තමුසේ මොනාද මේ රෑ ඇහැරගෙන කරන්නේ "
යුංගි සුපුරුදු නපුරු හඩින්ම ඇහුවා කෙල්ල තුරුල් කරගෙන හිටපු කොට්ටේ අත් දෙකෙන්ම ගුලි කරගත්තා
" මට ඔයා එක්ක දොයියගන්න පුලුවන් ද "
පුංචි බබෙක් වගේ යටි තොලත් පිට පෙරලගෙන ඇහුවා කොල්ලාගේ ඇස් ලොකු වුනේ සෝයූන්ගේ හුරතලේට
" WTF..!! තමුසෙට පිස්සු ද..?"
" චේබල් "
Puppy eyes වලින් යුංගි දිහා බලාගෙන තොල් පිට පෙරලගෙන කොට්ටෙකුත් තුරුල් කරගෙන ඉන්න කෙල්ල දැක්කාම යුංගිගේ හිත ඇතුලින් හිනාවක් ගියත් ඒක පෙන්නුවේ නැ කොල්ලාට සෝයූන් තුරුල් කරගෙන හපලා හපලා දාන්න හිතුනා ඒත් එක්කම අකුනක් ගහද්දී කෙල්ල ඇස් තද කරලා පියාගෙන කොට්ටේ තදින් අල්ලගන්නවා දැක්ක යුංගිට තේරුම් ගියේ සෝයූන් අකුනු වලට බයයි කියලා
" එන්න..."
යුංගි දොර ලගින් ඈත් වෙලා කිව්වාම සෝයූන්ගේ ඇස් දිලිසෙනවා අඩ අදුරේ වුනත් කොල්ලා දැක්කා කෙල්ල රූම් එක ඇතුලට ගිහින් කෙලින්ම ඇදට පැනලා බ්ලැන්කට් පොරවගත්තා යුංගි දොර වහලා රූම් එක දිහාට හැරෙනකොට දැක්කේ එයාගේ ඇද උඩ හාන්සි වෙලා තමන් දිහා බලාගෙන ඉන්න සෝයූන්
කොල්ලා ඇදට ගිහින් නැගලා හාන්සි වුනා සෝයූන් කොට්ටෙත් තුරුල් කරගෙන යුංගි දිහා බලාගෙන හිටියා
" තමුසේ මගේ ලගට එන්නේ නැතුව ජිමින් ලගට යන්න තිබුනා නේ "
" මගේ කසින් අතින් රේප් වෙන්න ආසාවක් නැ "
කෙල්ල ඇස් පියාගෙන උත්තර දුන්නා අඩ අදුරේ තිබුණු රූම් එකේ යුංගි හිටියේ සෝයූන්ගේ පියවුනු ඇස් දිහා බලාගෙන අකුණු ගහද්දී කොට්ටේ තද කරලා අල්ලගන්න විදිය කකුල් ගුලි කරගන්න විදිය බලාගෙන හිටපු යුංගි කෙල්ල තුරුල් කරගෙන හිටපු කොට්ටේ අයින් කලා සෝයූන් ඇස් ඇරලා කොල්ලා දිහා බැලුවාම කෙල්ල තුරුල් කරගෙන හිටපු කොට්ටේ සෝයූන්ගේ පිටිපස්සෙන් තිබ්බා යුංගි කෙල්ලගේ ඉන වටේ අතක් යවලා පපුවට තුරුල් කරගත්තා
" ඔහොම නිදාගන්න "
සෝයූන්ගේ පිට හිමින් පිරිමදින ගමන් කිව්වා කෙල්ල යුංගිගේ ටී ශර්ට් එකේ කොනක් අල්ලගත්තා යුංගිගේ එක අතක් සෝයූන්ගේ කොන්ඩේ අතරේ රැදුනා කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගත්ත සෝයූන් කොල්ලාගේ heart beat එක අහගෙන ඇස් පියාගත්තා
To be continue.................♡︎
Dark_Lily_57
Happy Birthday Strawberry Thiricano😌❤️😽
තොගේ bd එක හින්දා අප්ඩේට් දුන්නේ
Bạn đang đọc truyện trên: AzTruyen.Top