匚卄卂卩ㄒ乇尺 16🐾

සෝයූන්ගේ අමුතු හැසිරීම් ගොඩක් එක්ක ඊයේ දිනය ගෙවිලා ගියා යුන්වි කෙල්ලගේ හැසිරීමට හේතුව මොකද්ද කියලා ඇහුවත් සෝයූන් සේප් එකේ ආදා වගේ ලිස්සලා යනවා

අද උදේ සෝයූන් හොර පූසියක් වගේ යුනි එකට ඇතුල් වුනේ යුංගි ඉන්නවා ද කියලා බලන ගමන් ඊයේ වුනු දේවල් එක්ක සෝයූන්ට කොල්ලාට මුහුන දෙන්න ලැජ්ජ හිතුනා ඔක්කොටම වඩා ඒක නම්ජූන් දැකපු හින්දා සෝයූන් හිටියේ වලක් කපාගෙන වැලලෙන්න පුලුවන් සයිස් එකක ඒත් එක්කම සෝයූන්ගේ පිටට කවුරුහරි තට්ටු කලාම කෙල්ල ගැස්සිලා ගියා

" බේසික පැටියා.....මොකද තෝ හොරෙක් වගේ යන්නේ "

පිටිපස්සෙන් ඇහුනු ටකරමට ගල් ගහනවා වගේ වොයිස් එක හින්දා සෝයූන් තේරුම් ගත්තා ඒ හින්දා සෝයූන් යුන්විගේ පැත්තට හැරුනා

" Cudu nona I miss you "

සෝයූන් එහෙම කියාගෙන යුන්විගේ ඇගට පැන්නේ මේකිට මොනා වෙලා ද කියලා හිතාගන්න බැරුව

" උබට මොකද්ද යකෝ වෙලා තියෙන්නේ තොට අසනීපයක් ද..."

තමන්ගේ ඇගේ පොලගෙක් වගේ වෙලිලා ඉන්න සෝයූන් පැත්තකට තල්ලු කරපු යුන්වි ඇහුවා

" මම හොදින් බබා.."

සෝයූන් දත් තිස් දෙකම එලියට දාලා හිනාවක් එක්ක කිව්වාම යුන්වි ඇස් හීනි කරලා අමුතු බැල්මක් දාලා ගියා සෝයූන් යුන්විගේ පස්සෙන් දුවගෙන ගියා

" අර මොකද බන්...."

කට්ටියක් වට වෙලා ඉන්නවා දැක්ක සෝයූන් ඇහුවා

" වරෙන් ගිහින් බලමු වලියක් වගේ "

වලි කොතන යුන්වි එතැන යන නියමය 199 වැනි වතාවටත් ඔප්පු කරමින් යුන්වි එතැනට දුවගෙන ගියා සෝයූන් යුන්වි එක්ක ගියා ලමයි අතරින් ගිහින් මොකද වෙන්නේ කියලා බැලුවාම සෝයූන් ඔලුවේ අතගහගත්තා

"අයිෂ්....මට මේ මෝඩයා අද එනවා කියලා අමතක වුනා නේ "

සෝයූන් මිමිනුවේ බිම දාගෙන කොල්ලෙක්ට ගහන හැන්සම් කියුට් කොල්ලෙක් දිහා බලාගෙන

" උප්ස්....පොර ආපු ගමන් වැඩ පටන් අරගෙන වගේ "

යුන්වි හිනා වෙන ගමන් කිව්වා

" යාහ්හ්හ් පාර්ක් ජිමින්.."

ලග ඉන්න ලමයි ඔක්කොම ගැස්සිලා යන්න සෝයූන් උච්ච ස්වරයෙන් කෑගැහුවාම මෙච්චර වෙලා බිම දාගෙන කොල්ලෙක්ට ගැහුව කොල්ලා ඒ කොල්ලාට ගහන එක නවත්තලා අහිංසක හිනාවක් එක්ක සෝයූන් දිහා බැලුවා

" හේයි බබා..."

බිම හිටපු කොල්ලාට පයින් පාරකුත් ගහලා ඇදුම් හදාගන්න ගමන් ඒ කොල්ලා සෝයූන්ට ඇහැක් ගහලා කිව්වා සෝයූන් නම් හිටියේ ගිනි පිබින මකරෙක් වගේ

" තවුසේ හදන්න පුලුවන් ජීවියෙක් නෙවෙයි මාසයක් ගෙදර හිටියා මදි වෙලාද ආපු ගමන් ගහගන්න පටන් ගත්තේ "

" ආපු ගමන් නෙවෙයි බබා ඇවිල්ලා විනාඩි 03 තත්පර 59 පස්සේ.."

සෝයූන් ජිමින්ගේ බෙල්ල මිරිකන්න නොහිතුනාම නෙවෙයි කෙල්ල නහයෙන් කටින් ලේ එන බිම ඉන්න කොල්ලා දිහා බලලා ජිමින්ගේ අතින් ඇදගෙන යන්න ගියේ යුන්වි කියලා ජීවීයෙක් එයත් එක්ක හිටියේ නැ වගේ

" ජිමින් ඔප්පා ආපු ගමන් මේකිට මාව මතක ඤැ "

යුන්වි අත් දෙක බැදගෙන කිව්වා

" මට නම් ඔයාව අමතක නැ බබා..."

එතැන හිටපු කොල්ලෙක් යුන්විට ඇහැක් ගහලා කිව්වා

" මට කියලා තොගේ අහවල් ඉන්ද්‍රිය කපාගන්නේ නැතුව පල යන්න හිපාටුවා "

යුන්වි එහෙම ගියා සෝයූන් ජිමින්ව ඇදගෙන ගිහින් මේපල් ගසක් යට තිබුණු බෙන්ච් එකට තල්ලු කලා

" හිපාටු තාරාවා යුනි එකට ආවොත් වලියක් දාගෙන ඩීන් ලගට ගිහින් මාසයක පන්ති තනහම් කරලා මාසයක් පුරාවට ගෙදරට වෙලා ඉදලා ආපහු යුනි ආවාම ආපහු වලියක් තවුසේ මොන වගේ තාරාවෙක් ද..තෝ කොහෙද යකෝ බලාගෙන ඉන්නේ මම මෙහේ ඉන්නේ.."

සෝයූන් කියන දේවල් ජිමින් අහගෙන නෙවෙයි ඉන්නේ කියලා තේරුනාම කෙල්ල ජිමින්ගේ මූන ඉස්සරහින් අතක් එහෙ මෙහෙ කරන ගමන් ඇහුවා ජිමින් කටත් ඇරගෙන කොහෙදෝ බලාගෙන ඉන්නවා සෝයූන් ජිමින්ගේ ඇස් දිගේ තමන්ගේ ඇස් අරගෙන ගියේ මේකා කටත් ඇරගෙන කොහෙද බලාගෙන ඉන්නේ කියලා බලන්න

එතකොට සෝයූන් දැක්කේ එතැනින් යන කෙල්ලගේ පශ්චාත් භාගේ දිහා තමයි ජිමින් බලාගෙන ඉන්නේ කියලා ඒ කෙල්ල ඇවිදින විදියට පශ්චාත් භාගේ කොහෙවත් ඒකි කොහෙවත්

සෝයූන් එයාගේ බෑග් එකෙන් එකපාරට ජිමින්ගේ ඔලුවට දීලා ඇද්දා වෙනම ලෝකෙක හිටපු ජිමින් ඒ බෑග් පාරත් සමග මේ ලෝකෙට ආවේ

" මොකද යකෝ ගහන්නේ...."

ජිමින් එයාගේ අවුල් වුනු කොන්ඩේ අතින් හදන ගමන් ඇහුවා

" කොහෙද කොටෝ බලාගෙන ඉන්නේ "

" බලනවකෝ ඕයි අරකිගේ පශ්චාත් භාගේ වට්ටක්කේ වගේ ඒකට බලනවා තමුසෙගේ ඇද ලෑල්ලක් වගේ "

සෝයූන්ගේ පස්සට පාරක් ගහපු ජිමින් කිව්වා

" ගහප් තොට පයින්...මට ඔච්චර හොල්ලන්න ආසාවක් නැ "

සෝයූන් රවාගෙන කිව්වාම ජිමින් හිනා වුනා

" මට ඒකිව සෙට් කරලා දීපන්කෝ බබා.."

කෙල්ලගේ කරට අත දාගෙන ජිමින් කිව්වා

" ජිමින් ඔප්පා කන්න හදන්නේ "

යුන්වි කිව්වේ ගිය පාර ජිමින්ට කෙල්ලෙක් සෙට් කරන්න ගිහින් සෝයූන්ට වගේම තමන්ටත් කන්න ලැබුනු කට්ට අමතක නැති හින්දා

" යුන්වියා...ජිමින්ශිට තව අගල් තුන හතරක් කොට වෙන්න ආසද කියලා අහපන්.."

සෝයූන් රවාගෙන අහනකොට ජිමින් කෙල්ලගේ කම්බුලක් මිරිකුවා

" සූති පැටියාට කේන්ති ගියා ද...?"

කෙල්ල එයාගේ වැලමිටෙන් ජිමින්ගේ බඩට ඇනලා ඈත් වුනා

" මේ අහනවා කොට තාරාවා තවුසෙට මම කෙල්ලෝ කීයක් සෙට් කරලා දීලා තියෙනවා ඔක්කොම සතියකට වඩා පැවතුනේ නැ මේ පාර තවුසෙට කොල්ලෙක් සෙට් කරන්නම්.."

සෝයූන් කුප්ප හිනාවක් දාගෙන කිව්වාම ජිමින්ගේ මූන අහක බලාගෙන අහපු උද්ධමනයට අහුවුනු කොත්තුවක් වගේ වුනා යුන්වි ලග තිබුණු මේපල් ගහ බදාගෙන හිනා වෙනවා

" යකොව්....මම පොල් ඉරට්ටක් වගේ ස්ට්‍රේට් කොල්ලෙක් තොට ඕන නම් යුන්විව සෙට් කරගනින්.."

ඒක ඇහුනු ගමන් මෙච්චර වෙලා හිනා වෙවී හිටපු යුන්විගේ හිනාව නැවතුනා

" යා යා... මට පරම පිවිතුරු නිකලැල් කුලුදුල් ප්‍රේම පුරානයක් තියෙනවා මම එයාට ලෝයල් තවුසේ වගේ නෙවෙයි "

යුන්වි කිව්වා

" අපි යනවා තාරාවෝ තවුසෙට ලෙක්චර්ස් නැද්ද කෙල්ලෝ ගැන හොය හොයා ඉන්නේ "

" හරි බන් මේ යනවා.."

එහෙම කියපු ජිමින් එතැනින් යන්න ගියා සෝයූන් යුන්වි දෙන්නාත් ලෙක්චර් හෝල් එකට ගියා අද උදේම ලෙක්චර් එක professor Min ගේ නිසා කෙල්ලෝ දෙන්නා ඉක්මනට ගියා උගතුන් බිහිවූයේ පිටුපස පේලියෙන් යන උදාවැකිය මුල් කරගෙන කෙල්ලෝ දෙන්නා පිටිපස්සේ පේලියේ වාඩිවුනා

විනාඩි කිහිපයක් යනකොට සුපුරුදු පරිදි මූනේ හිනාවක් නැතුව ආඩම්බරකාර Professor Min ලෙක්චර් හෝල් එකට ආවා

" Good Morning..."

" Good Morning Professor "

" ඔයාලාට දැනුම්දීමක් තියෙනවා ලගදීම දවසක exam එකක් තියෙනවා හැමෝම ඒකට රෙඩි වෙන්න "

ලෙක්චර් හෝල් එකේ හිටපු ලමයි අතරේ කසුකුසුවක් ඇති වුනේ එක්සෑම් කියන් වචන තරම් අහිතකර වචනයක් තවත් නැති නිසා කෙටියෙන් කිව්වොත් එක්සෑම් අරහං

" එක්සෑම් කියන්නේ හෙලවෙන මනසට දරුව.."

සෝයූන් එහෙම කිව්වා

" Professor Min උබට හෙලවෙන මනස පෙන්නයි.."

යුන්වි එහෙම කිව්වාම සෝයූන් කෙල්ලට රැව්වා ඊට පස්සේ යුංගි පාඩම පටන් ගත්ත නිසා ඔක්කොම නිශ්ශබද වුනා මොකද යුංගිගේ ලෙක්චර් එකක් අතරේ පාඩමට අවදානය නොදී වෙන වැඩක් කරනවා කියන්නේ රාජ්‍ය උදහසට ලක් වූවා හා සමානයි

ලෙක්චර් එක අවසානයේ ලමයි ඔක්කොම ලෙක්චර් හෝල් එකෙන් එලියට ගියා

" උබ පල මම එන්නම්..."

සෝයූන් කිව්වේ ස්ටේජ් එක උඩට වෙලා ෆෝන් එක දිහා බලාගෙන ඉන්න යුංගි දිහා බලාගෙන

" උබ මොකාටද එන්න හදන්නේ "

යුන්වි ඇහුවත් සෝයූන් ඒකට පිලිතුරු වශයෙන් ඇහැක් ගහපු එක තමයි කරේ යුන්වි එයාගේ බෑග් එකත් කරට දාගෙන සෝයූන්ගේ ඔලුවට තට්ටුවක් දාලා ලෙක්චර් හෝල් එකෙන් එලියට ගියා

යුන්වි ගියාට පස්සේ සෝයූන් නැගිටලා ස්ටේජ් එක උඩට ගිහින් යුංගි ලගින් හිටගත්තා

" මොකද.."

තාම ෆෝන් එක දිහා බලාගෙන යුංගි ඇහුවේ සෝයූන් දිහා එක පාරක්වත් නොබලා කෙල්ල මුකුත් නොකියා නිශ්ශබදව ඉදිද්දී යුංගි කෙල්ල දිහා බැලුවා

" මොකද්ද දැන් තමුසෙට වෙන්න ඕන "

යුංගි ඇහුවාම සෝයූන් එයාගේ අත් දෙක කොල්ලාගේ බෙල්ල වටේ ඔතාගෙන යුංගිට ලං වුනා කොල්ලාගේ පූස් ඇස් දෙක ගැලවිලා බිමට වැටෙන්න ඔන්න මෙන්න

" තමුසෙට පිස්සු ද...එහාට වෙනවා.."

තමන්ගේ කර වටේ එතිලා තියෙන සෝයූන්ගේ අත් අයින් කරන්න ට්‍රයි එක ගමන් යුංගි කිව්වා

" එහෙම ඈත් වෙන්න බැ නේ මිස්ටර් කිටී.."

සෝයූන් දගකාර හිනාවක් එක්ක කිව්වාම කොල්ලා ඇස් හීනි කරගෙන බලාගෙන හිටියා

" තමුසෙට මොනාද ඕන "

" උප්ස්.....ඕක කලින්ම ඇහුවා නම් ඉවරයි නේ කිටි.."

යුංගිගේ කම්බුලක් දිගේ ඇගිල්ලක් අරගෙන යන ගමන් කෙල්ල කිව්වා

" මම තමුසෙගේ  Professor "

තමන්ගේ කම්බුලක් දිගේ ඇගිල්ලක් අරගෙන යන සෝයූන්ගේ අත අල්ලාගෙන යුංගි කිව්වා

" professor හින්දා ද මාව ඊයේ කිස් කලේ.."

කෙල්ල යුංගිගේ ඇස් දිහා බලාගෙනම එහෙම ඇහුවාම කොල්ලාට දෙන්න උත්තරයක් නැති වුනා යුංගි අනිත් පැත්තට කෙල්ලව හරවලා බිත්තියට තද කරගනිද්දී සෝයූන් ටිකක් බය වුනා

" එහාට වෙනවා කිටියෝ "

සෝයූන් ලෙක්චර් හෝල් එකේ දොර දිහා බලන ගමන් කිව්වේ ඊයේ වගේ කවුරු කඩාගෙන පහත් වෙයිද කියලා හිතන ගමන්

" තමුසේ නේද ඉස්සෙල්ලාම මට ලං වුනේ "

කෙල්ලගේ ඇස් වලට එබිලා කට කොනින් හිනාවක් එක්ක යුංගි ඇහුවා

",ඒ ඉතින් පේපර් එක ඉල්ලගන්න නේ "

සෝයූන් අතේ ඇගිලි පටලවාගෙන කිව්වා

" තමුසේ හිතුවා ද ඔය මායම් වලට මම අහුවෙයි කියලා "

කෙල්ල යුංගිගේ ඇස් බලාගෙන හිටියේ පොඩි දරුවෙක් වගේ සෝයූන්ගේ හිටපු ගමන් වෙන වෙනස් වීම්වලට යුංගි හිත යටින් හිනා වෙන ගමන් හිටියේ ඒත් කොල්ලා ඒක මූනින් පෙන්නුවේ නැ යුංගිව ඈත් කරපු කෙල්ල ලෙක්චර් හෝල් එකේ දොර ලගට දුවගෙන ගිහින් ආපහු යුංගි දිහා හැරිලා බැලුවා කෙල්ල තොල් උල් කරලා යුංගිට flying kiss එකක් දීලා දුවගෙන ගියේ කොල්ලාට  ඉක්කෙකුත් පිටවෙද්දී

To be continue.................♡︎

Happy Yoongi Day Army😺❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top