匚卄卂卩ㄒ乇尺 14🐾

" මේ ගෙදර ඉන්න ඔක්කොම එකයි එකක් හරි මගේ අත් දෙක තියලා කරන්න බැරි වුනොත් ඔක්කොම ඉවරයි අවුරුදු 21 ක කෙල්ලෙක් හිටියා කියලා වැඩක් තියෙද කනවා බොනවා නිදාගන්නවා නැත්නම් ගඩොල් භාගයක් තියාගෙන ඔබනවා ඔබනවා ඉවරයක් නැ මහ ලොකු පුත්තු හතරක් හිටියා කියලා වැඩක් තියෙද එකෙක් ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ අනිත් එකා කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැ පොත් අස්සෙම ඉන්නවා මූ කවදාහරි පොතක් මැරි කරයි ද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා අනිත් එකා කොයි වෙලාවේ NIS එකෙන් පැනලා කුදලගෙන යයි ද දන්නේ නැ ලොකු එකා බන්දලා දුන්නා ඒත් ඌත් නිකන් හැසිරෙන්නේ තාම නර්සරි වයසේ පොඩි ලමයෙක් වගේ එතකොට මගේ හස්බන් කියන මිනිහා දරුවොන්ට වඩා හපන් පනහත් පැනලා කාටූන් බලනවා ගොලුවොයි බීරොයි අන්ධයොයි මැද්දේ මම විතරයි වැඩ කරන්නේ.."

මිසිස් කිම් උදේම mansion එකේ වාසය කරන කුහුඹුවාගේ සිට ඔක්කොටම බැනගෙන යද්දී mansion එකේ වාසය කරන ජීවීන් ඔක්කොම කම්ෆියුස් වෙලා බලාගෙන හිටියා

" ඔම්මා බොමුද සීතල වතුර වීදුරුවක්..."

මැදින් ඇඩ් එකක් දැම්ම යුන්වි දිහාට මිසිස් කිම් මාරාන්තික බැල්ලමක් හෙලුවාම මිස්ටර් කිම් කට වහගන්න කියලා ඉගි කලා

" උබ මට කියලා අහගන්න එපා යුන්වි.."

මිසිස් කිම් ඇගිල්ල දික් කරලා කිව්වාම කෙල්ල තොල් දෙක තද කරගෙන හිනාව කාගෙන හිටියා

" මොකද ඔම්මා උදේම කේන්ති ගිහින් "

එහෙම අහගෙන ආපු කෙල්ල දිහා මිසිස් කිම් හිනාවක් එක්ක බැලුවා

" මේ කෙල්ල විතරයි හොදයි කියන්න පුලුවන් දවසෙම මහන්සි වෙලා ඇවිත් එපා කියද්දී කිචන් එකට ඇවිත් උදව් කරනවා.."

මිසිස් කිම් මිනායා නොහොත් කිම් සොක්ජින්ගේ දයාබර ප්‍රිය බිරිදගේ ගුන ගයන්න පටන් ගත්තා

" මේ ගෙදරට සර්වන්ට්ලා ගත්තේ ප්‍රදර්ශනයට තියන්න ද කියලා කාටහරි කියන්න පුලුවන් ද..?"

ජින් හිමින් මිමිනුවේ එයා පිට එකා වෙලා මිනායා ගෙදර එකා වෙලා කියලා හිතුනු හින්දා

" ඔම්මා......ඔන්නි හුරතල් කරන එක නවත්තලා අපි වගේ සූති ලමයි හුරතල් කරන්න "

යුන්වි තොල පිට පෙරලගෙන පපී කෙනෙක් වගේ මිසිස් කිම් දිහා බලාගෙන කිව්වා

" පොඩි එකී කන්න යන්නේ "

නම්ජූන් සිවිලිමේ දවල් තරු ගනන් කරන ගමන් කිව්වා

" ඕ....යුන්වි බබා...එන්න හුරතල් කරන්න ඔම්මා ලගට කෝ එන්න සූති පැටියෝ කියයි කියලා ද නාකි හුරතල් කරන්න අප්පාට වෙලාවක් තිබුනාට මට වෙලාවක් නැ "

මිසිස් කිම් කිව්වාම යුන්විගේ මූන අහක බලාගෙන ගහපු බිත්තර රොටියක් වගේ වුනා එයාගේ දයාබර සහෝදර ප්‍රානීන් හොදට හිනා වෙනවා

" පුහ්....ඔහොම හිනා වෙනවකෝ මගේ උදව් ඕන වෙලාවල් එයි නේ එතකොට තොපි දිහා එක ඇහැක් නෙවෙයි ඇස් දෙකම ඇරලා බලන්නේ නැ හූම් මම යනවා මට කන්න ඕනෙත් මාව කාටවත් ඕන නැ නේ මාව වටින කෙනෙක් හොයාගෙන යනවා ආ.... ඔම්මාගේ ආදරනීය සෝයූ බබා අසනීප වෙලා "

යුන්වි අහක බලාගෙන අත් දෙකත් බැදගෙන කිව්වා මෙච්චර වෙලා වුනු කිසිදෙයක් ගැන ගානක් නැතුව හිටපු යුංගි සෝයූන්ගේ නම ඇහුනු ගමන් යුන්වි දිහා බැලුවා

" සෝයූන්ට මොකද වෙලා තියෙන්නේ....? එදත් හොදට හිටියා නේ "

මිසිස් කිම් කිව්වේ දුකින්

" ඊයේ වුනු දේවල් වල හැටියට උණ නොහැදී තිබුනොත් තමයි පුදුම..."

යුන්වි ඇස් කොනින් යුංගි දිහා බලන ගමන් කිව්වා

" මොකද්ද කිව්වේ..."

" ඔම්මා ඊයේ වැස්සට අහුවෙලා ඒ හින්දා අසනීප වෙන්න ඇති කියලා කිව්වේ "

යුන්වි හිනාවක් එක්ක කිව්වා

" අපි සෝයූන් බලන්න යමු මොනා වුනත් හිරෝෂිමාවට දාපු බෝම්බේ වගේ කොයිවෙලෙත් මෙහෙට කඩාගෙන පහත් වෙන එකා..."

ටේහ්‍යුන් කිව්වාම මිසිස් කිම් කොල්ලාට රැව්වා

" හරි හරි ඔක්කොම හවසට යන් සෝයූන් බලන්න...."

මිස්ටර් කිම් එහෙම කිව්වේ නැත්නම් මුන් මෙතන මරාගනියි කියලා අත්දැකීමෙන් දන්න හින්දා මිස්ටර් කිම්ගේ කීමට එකග වෙලා ඔක්කොම තමන්ගේ වැඩ වලට ගියේ හවසට සෝයූන් බලන්න යන්න කලින් ගෙදර එනවා කියලා හිතාගෙන

_______________________

මිස්ටර් පාර්ක් කොයිතරම් වැඩ තිබුනත් නිවාඩුවක් දාලා නැවතුනේ සෝයූන්ට අසනීප නිසා උදේ වෙනකොට කෙල්ලට හොදටම උණ අරගෙන තිබුනා සෝයූන්ට ඇස් දෙකවත් ඇරගෙන පුලුවන් වුනේ නැ family doctor ඇවිත් සෝයූන් චෙක් කරලා බෙහෙත් දීලා යන්න ගියා

සෝයූන්ගේ ඇග ගිනි උදුනක් වගේ රස්නෙයි කෙල්ල ඔලුව පැලෙන්න තරම් රිදෙනවා ඇගෙන් දැනෙන රස්නේ හින්දා කෙල්ල යාන්තම් ඇස් ඇරලා පියාගන්නවා ඩුවට් එක අස්සේ පුංචි පූස් පැටියෙක් වගේ ගුලි වෙලා හිටියේ

" නිදාගන්න මැනික...."

මිස්ටර් පාර්ක් සෝයූන්ට සහනයක් වෙයි කියලා හිතලා ඔලුව අතගාන ගමන් කිව්වා ටික වෙලාවක් යනකොට කෙල්ලට බෙහෙත් වලට නින්ද ගියා මිස්ටර් පාර්ක් නිදාගෙන ඉන්න සෝයූන්ගේ නලලට සොෆ්ට් කිස් එකක් දීලා ඩුවට් එකත් හරියට පෙරෙව්වා මිස්ටර් පාර්ක් සෝයූන්ගේ රූම් එකෙන් එලියට යන්න ගිහින් ආපහු හැරිලා කෙල්ල දිහා බලලා ගියා

Garden එකේ බෙන්ච් එකෙන් වාඩිවුනු මිස්ටර් පාර්ක් කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා මිස්ටර් පාර්ක් garden එකේ ඉන්නවා දැක්ක සෝයූන්ගේ ඉමෝ එහෙම නැත්නම් මිස්ටර් පාර්ක්ගේ නූනා wheelchair එක තල්ලු කරගෙන මිස්ටර් පාර්ක් ලගට ගියා

" ලොකූ ඉක්මනට හොද වෙයි මල්ලී..."

මිස්ටර් පාර්ක්ගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" ම්ම්ම්...නූනා මට එයා වගේ ලොකූවත් නැති කරගන්න ඕන නැ "

මිස්ටර් පාර්ක් එයාගේ නූනා දිහා බලන ගමන් කිව්වා ඒ ඇස් වල ලියවිලා තියෙන දුක යුමී නොහොත් මිස්ටර් පාර්ක්ගේ නූනාට තේරුම් ගන්න බැරි වුනේ නැ

" අපි ලොකූව පරිස්සම් කරගමු..."

යුමී සොෆ්ට් වොයිස් එකකින් කිව්වා

" එයා වගේමයි ලොකූත්.....ලොකූව දකිද්දී මට එයාව මතක් වෙනවා නූනා.."

" ම්ම්ම්.....ලොකූ එයාගේ ෆොටෝකොපියක් වගේ නේද "

යුමී පොඩි හිනාවක් එක්ක එහෙම කියද්දී මිස්ටර් පාර්ක්ට හිනා ගියා

" හැබැයි එයාට වඩා ලොකූ දගයි..."

මිස්ටර් පාර්ක් එහෙම කියලා හිනා වුනේ සෝයූන්ගේ දග වැඩ මතක් වෙලා

" ඒක නෙවෙයි නූනා ලොකූට තාම කවුරුවත්..."

" මම හිතන්නේ තාම කොල්ලෙක් නැ ඉන්නවා නම් මට හරි මල්ලිට හරි අනිවාර්යයෙන් කියනවා එයා එහෙම දේවල් හංගන්නේ නැ නේ එයා හොයන්නේ එයාගේ අප්පා වගේ කෙනෙක් කියලා දන්නවා නේ හම්බුනේ නැතොත් ජීවිත කාලෙම වුනත් තනියෙන් ඉදියි.."

යුමි පොඩි හිනාවක් එක්ක කිව්වා මිස්ටර් පාර්ක් හිනා වුනේ එයාගේ දග මල්ල ගැන හොදටම දන්න හින්දා

" ලොකූ නැගිට්ටාම බොන්න දෙන්න සුප් එකක් හදන්න ඕන මම යනවා..."

යුමි එහෙම කියලා wheelchair එක තල්ලු කරගෙන කිචන් එක පැත්තට ගියා

" මට ඔයාව ගොඩක් මතක් වෙනවා....."

මිස්ටර් පාර්ක් අහස දිහා බලාගෙන මිමිනුවා

.
හවස් වෙද්දී කිම් ෆැමිලි එකේ ඔක්කොම සෝයූන්ගේ ගෙදරට කඩාගෙන පහත් වුනේ අසනීප වෙලා ඉන්න දග මල්ලගේ සුවදුක් විමසන්න සෝයූන්ට අවුරුදු 21 ක් වුනත් කෙල්ලගේ සමහර වැඩ දැක්කාම හිතෙන්නේ අවුරුදු 2 ක පොඩි බබෙක් කියලා ඒ හුරතල් වැඩ හින්දාම ගොඩක් අය සෝයූන්ට ආදරේ කලා

ගෙදර door බෙල් එක වදිනකොට සෝයූන්ගේ  ඔම්මා ගිහින් දොර ඇරලා kim family එක ආදරයෙන් පිලිගත්තා

" කෝ සේහි...සෝයූන්..."

මිසිස් කිම් සෝයූන්ගේ ඔම්මාගෙන් ඇහුවා

" එයා රූම් එකේ "

" අපි ගිහින් එයාව බලලා එන්නම්..."

මිසිස් කිම් හිනා වෙලා කිව්වාම සේහි හා කියන්න ඔලුව වැනුවා යුන්වි ඉස්සර වෙලා ගියේ එයාගේ සෝයූන්ගේ රූම් එක දන්න හින්දා කට්ටිය ගිහින් සෝයූන්ගේ රූම් එකට ඔලුව දාලා බලද්දී දැක්කේ කෙල්ල හොදටම නිදි කියලා මිස්ටර් පාර්ක් සෝයූන් ලගින් වාඩිවෙලා කෙල්ලගේ ඔලුව අතගානවා

මිස්ටර් කිම් උගුර පෑදුවාම තමයි මිස්ටර් පාර්ක් ඒ පැත්ත බැලුවේ එයා හිටියේ සෝයූන් ගැන සිහියෙන් නිසා කවුරුවත් එනවා දැක්කේ නැ

" ඔහ්.....දල්ජූන්...මොකද මෙහේ..."

මිස්ටර් පාර්ක් එයාගේ උකුලේ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න සෝයූන්ගේ ඔලුව පරිස්සමින් කොට්ටේ මතින් තියලා ඇහුවා කෙල්ල පුංචි කෙදිරිල්ලක් එක්ක අනිත් පැත්ත හැරිලා එයාගේ ටෙඩිවත් තුරුල් කරගෙන නිදාගත්තා

" අපි ආවේ අසනීප වෙලා ඉන්නවා කිව්ව දග මල්ල බලන්න ඒ වුනාට අපි එනකොට නිදි නේ "

මිසිස් කිම් නිදාගෙන ඉන්න සෝයූන් දිහා බලාගෙන පුංචි හිනාවක් එක්ක කිව්වා

" සුප් එක පොවලා බෙහෙත් දුන්නාම දැන් නිදාගත්තේ "

මිස්ටර් පාර්ක් සයිඩ් ටේබල් එක උබ තිබුණු සුප් බෝල් එක අතට අරගත්තා

" අපි පහලට ගියොත් හොදයි සෝයූන්ට නිදාගන්න දෙමු..."

මිසිස් කිම් එහෙම කිව්වාම අනිත් අයත් ඔලුව වනලා එය අනුමත කලා මිස්ටර් පාර්ක් මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම් සෝයූන්ගේ රූම් එකෙන් ගියත් අනිත් අය හිටියා යුන්වි සෝයූන්ගේ ලගින් වාඩිවෙලා කෙල්ලගේ ඔලුව අතගෑවා

" කෙල්ලට මැන්ටල් වුනාට කාමරේ පිලිවෙලයි හැබැයි "

නම්ජූන් කාමරේ පුරා ඇස් යවන ගමන් කිව්වා

" ඔව් ඔව් අජුම්මාට පින් සිද්ද වෙන්න "

ටේහ්‍යුන් සෝයූන්ගේ study table එක උඩින් වාඩිවෙන ගමන් කිව්වා

" පොඩ්ඩක් හිමින් කතා කලොත් තොපේ කටවල් ගෙවෙනවද...?"

ජින් රවාගෙන ඇහුවා

" ඔක්කොටම වඩා ඔය ටින් බෙලෙක්කේ වහගන්නවා..."

මිනායා කිව්වාම අනිත් අය හිනා වෙන්න පටන් ගත්තේ ජින්ගේ මූන වාහනෙකට අහුවුනු වුනු තක්කාලි ගෙඩියක් වගේ වෙද්දී

" පලයව් යකුනේ යන්න ලෙඩෙක්ට නිදහසේ නිදාගන්නවත් නැ "

සෝයූන් ලග තිබුණු කොට්ටෙකුත් විසි කරලා බ්ලැන්කට් එක ඔලුවේ ඉදලා පොරවගෙන කෑගහලා කිව්වා

" මේ ජින් හියුන්ග් තමයි වග කියන්න ඕන "

ටේහ්‍යුන් ජින්ගේ පැත්තට ඇගිල්ල දික් කරගෙන කිව්වා එතකොට සෝයූන් ඔලුවේ ඉදලා පොරවගෙන හිටපු බ්ලැන්කට් එක පහතට දාලා හැමෝම දිහා බැලුවා

" මොකද ඔක්කොම මගේ කාමරේ අස්සේ කරන්නේ "

යුන්විගේ උදව්වෙන් ඇදේ headboard එකට හේත්තු වුනු සෝයූන් ඇහුවා

" අපි සෝයූන් කියලා ජීවියෙක් බලන්න ආවේ.."

යුන්වි කිව්වා

" මට මොනාද ගෙනාවේ..."

සෝයූන් අත් දෙකත් බැදගෙන ඇහුවා

" යකෝ මේකිගේ කට ලෙඩ ඇදේ හිටියත් අඩු වෙන්නේ නැ "

නම්ජූන් කිව්වේ ටේහ්‍යුන්ගේ කරට අතක් දාගන්න ගමන්

" මම කිව්වේ ඇත්ත නේ කිම් ඔම්මා කියලා දීලා නැද්ද ලෙඩෙක් බලන්න එනකොට අත් දෙක වන වන එන්න හොද නැ කියලා "

" අදමයි ඇහුවේ එහෙම දෙයක් "

නම්ජූන්ගේ කතාවට එකතු වුනු ටේහ්‍යුන් එහෙම කිව්වා

" තොපි දෙන්නා කටවල් වහගෙන හිටපන් "

ජින් එහෙම කියලා හැරුණේ සෝයූන්ගේ පැත්තට

" දැන් කොහොමද පැටියෝ..."

ජින් සෝයූන් ලග හිටපු යුන්වි පැත්තකට කරලා කෙල්ල ලගින් වාඩිවෙලා ඇහුවා

" ටිකක් හොදයි ඔප්පා "

ජින් කෙල්ලගේ ඔලුව අතගෑවා යුංගි දොර ලගට වෙලා don't care මූඩ් එකෙන් බලාගෙන ඉන්නවා

" දග නොකර හොද බබා වගේ බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න ඕන "

ජින් ආදරෙන් කිව්වාම සෝයූන් ඔලුව වැනුවා

" යකූ....ඒ ආදරේ අපිට ඔහොම ආදරෙන් කතා කරපු දවසක් මතකත් නැ "

යුන්වි කිව්වේ ජින් දිහා බලාගෙන

" ඔව්වා ඔහොම තමයි යුන්වියා...
.ඉස්සෙල්ලා ආපු අගට වඩා පස්සේ කන ලොකු වෙලා "

ටේහ්‍යුන් නහය උඩට අදින ගමන් දුකින් කිව්වා

" ඔය කිව්වේ පුත්තලම් ඒලියන් ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ අග ලොකු වෙලා "

නම්ජූන් ටේහ්‍යුන්ගේ ඔලුවට එකක් ගහලා කිව්වාම සෝයූන් හිනා වුනා

" දෙකම එකයි..."

ටේහ්‍යුන් ඔලුව අතගාන ගමන් කිව්වා ඒත් එක්කම සෝයූන්ගේ ඇස් නැවතුනේ අත් දෙකත් බැදගෙන දොරට හේත්තු වෙලා තමන් දිහා බලාගෙන ඉන්න යුංගි ලග කෙල්ල එයා දිහා බැලුවාම කියලා තේරුනාම කොල්ලා අහක බලාගත්තේ සෝයූන් කියන කෙනෙක් දිහා බලාගෙන හිටියේ නැති ගානට

To be continue.................♡︎

දවස් ගානකට කලින් ටයිප් කරලා තිබුන නිසා දුන්නා

Bạn đang đọc truyện trên: AzTruyen.Top