匚卄卂卩ㄒ乇尺 13🐾
සෝයූන් තියුනු ඇස් වලින් බලාගෙන ඉන්නේ professor Min කොයිවෙලේද වාඩිවෙන්නේ කියලා කෙල්ලගේ සම්පූර්ණ අවදානය ඒකට තිබුණු නිසා උගන්නන කිසිදෙයක් ඔලුවට ගියේ නැ professor Min ස්ටේජ් එක උඩ ඒ කොනට මේ කොනට ඇවිදින ගමන් පාඩම පැහැදිලි කරනවා මිසක් වාඩිවෙන්න නම් තුන් හිතකවත් අදහසක් නැති හැඩයි සෝයූන් නම් දැන් නලියනවා වගේ කෙල්ලට නැගිටලා ගිහින් යුංගිව පුටුවේ ඉන්දන්න පවා හිතිලා තිබුණේ
අද professor Min පුටුවේ වාඩිවුනොත් මම සක්‍රයාට අලුතින් මරු කදක් සෙට් කරලා දෙනවා මේක සෝයූන්ගේ පොරොන්දුවක්
සෝයූන් උඩ බලාගෙන අත් එහෙ මෙහෙ කරන ගමන් හිතුනා අවාසනාවකට වගේ මේ දර්ශනය යුංගිගේ ඇස ගැටුනා කොල්ලා උගන්නන එක පැත්තකින් තියලා අත් දෙක බැදගෙන සෝයූන් දිහා බලාගෙන ඉන්නවා හැබැයි කෙල්ල නම් දන්නේ නැ යුංගිගේ පූස් ඇස් තමන්ගේ දෙසට හැරිලා තියෙන බව යුංගිගේ කොහෙද බලාගෙන ඉන්නේ කියලා බලන්න යුන්වි යුංගිගේ ඇස් දිහා අරගෙන ගියාම නැවතුනේ තමන්ගේ එහා පැත්තේ වාඩිවෙලා වැදිරියෙක් වගේ හැසිරෙන සෝයූන් ලග යුන්වි තමන්ගේ අතිජාත සුනඛ තිරිසන් පාප බිත්තරයාගේ මුල් ලමා විය සංවර්ධනය නොවුනු වැඩ පිලිබද හදවතින්ම කම්පාවට පත් වුනා
" පාර්ක් සෝයූන්....තමුසේ වහලේ ඉන්න මකුලුවෝ ගනන් කරනවාද "
යුංගි සද්දෙන් එහෙම ඇහුවාම කෙල්ල ගැස්සිලා ගියේ තමන්ගේ නම මෙච්චර හයියෙන් කෑගහලා කියන්න තරම් හයියක් තියෙන්නේ කාටද කියලා බලන ගමන් එතකොට තමයි සෝයූන් තමන්ගේ තමන් දිහා රවාගෙන බලාගෙන ඉන්න යුංගිව
" අනියා....මකුලුවෝ කොහොමද ප්‍රජනන ක්‍රියාව කරන්නේ කියලා බැලුවා "
සෝයූන් කිව්වාම ඔක්කොම ලමයි හිනා වෙන්න පටන් ගත්තාම යුංගිට කේන්ති ගියා
" අදත් හරි වගේ "
යුන්වි හිමින් මිමිනුවේ මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා හින්දා
" තමුසේ පිස්සෙක් ද..? පොඩ්ඩක්වත් මොලයක් කියලා දෙයක් ගෑවිලාවත් නැද්ද..? ඉන්නේ කොහෙද කාට ද කතා කරන්නේ කියලා කිසිගානක් නැතුව කතා කරන තමුසෙලා වගේ එවුන් ද management ඉගෙනගන්න ඇවිත් තියෙන්නේ ඉස්සෙල්ලාම තමුසෙලාගේ විනය හදාගන්නවා මේ කියන්නේ සෝයූන්ට විතරක් නෙවෙයි තමුසෙලා ඔක්කොටම කවුරුහරි ගොන් ජෝක් එකක් කරාම තමුසෙලා ඔක්කොම හිනා වෙනවා තමුසෙලා ඉන්නේ කොහෙද එතැනට සුදුසු විදියට හැසිරෙනවා අනික තමුසේ සෝයූන් ආපහු තමුසේ මොනාහරි ගොන් කතාවක් කිව්වොත් බලාගමු..දැන් ආපහු පාඩමට.."
ඔක්කොටම යකා ගහලා වගේ බැනගෙන ගියපු යුංගි අවසානයට සෝයූන් දිහා බලලා පාඩම පටන් ගත්තා කෙල්ල යුංගිට රවලා ආපහු පොත දිහා බලාගත්තා
පැය කිහිපයක් පුරාවට ඇදුනු ලෙක්චර් එකේ හැම ලමයෙක්ම හොද අවදානයෙන් අහගෙන හිටියා හැම ලමයෙක්ම කියන්න බැ මොකද සෝයූන් හිටියේ යුංගිට විරුද්ධව කුප්ප ගේමක් අලුතින් ප්ලෑන් කරන ගමන්
කෙල්ල යුංගි වාඩි වෙන පුටුවට ගම් හලලා තිබ්බත් කොල්ලා වාඩිවෙන්න තියා පුටුව දිහා හැරිලාවත් නොබලා පාඩම දිගට කරගෙන ගියා ඒ නිසා වගේම කෙල්ලට බැන්න හින්දා සෝයූන් හිටියේ යුංගිගේ මරන සහතිකය හිතින් ලියන ගමන්
ලෙක්චර් එක අවසානයේ යුංගි ලෙක්චර් හෝල් එකෙන් බැහැලා එලියට ගියාම සෝයූන් අතමිට මොලවලා පාරක් ඩෙස්ක් එකට ගැහුවේ හැමෝගෙම අවදානය කෙල්ලට ලැබෙද්දී
" මින් ෆකින් යුංගි...."
.
එදා දවසට නියමිත ලෙක්චර්ස් ඉවර වුනු හින්දා සෝයූන් යුන්වි දෙන්නා යුනි එකේ ගේට් එක පැත්තට ඇවිදගෙන ගියා ඒත් එක්කම සෝයූන්ගේ ඇහැ ගැටුනේ ඈතින් කා පාක් එකේ නතර කරලා තියෙන කලු පැහැයෙන් දිලිසෙන යුංගිගේ කා එක ලග කෙල්ලගේ මස්තිෂක රාජයාට කුනාටුවක් වගේ අයිඩියා එකක් පහල වුනා
" මොකාටද උබ එන්න හදන්නේ "
සෝයූන් බැල්ම සත විසිපහක් තියා වොන් එකක්වත් ඇල්ලුවේ නැති යුන්වි ඇහුවා
" මින් යුංගි අද තමයි දැනගන්නේ මේ සෝයූන් කවුද කියලා බුහ්හාහාහා.."
කෙල්ල කියලා පරන ෆිල්ම් වල දුෂ්ඨයා හිනා වෙනවා වගේ යක්ෂ හිනාවක් දැම්මා සෝයූන් මොකද්ද කරන්න හදන්නේ කියලවත් නොදන්න යුන්වි කෙල්ලගේ පස්සෙන් ගියා කා පාර්ක් එකට ආපු සෝයූන් යුංගිගේ කා එක ඉස්සරහ අත් දෙකත් ඉනට ගහගෙන හිටගන්න හතර වටේ රබර් ඇහැ දාලා බැලුවේ CCTV තියෙ ද කියලා ඒත් එක්කම සෝයූන් ඇහැට අහුවුනේ ගහක් අස්සෙන් පේන්න තියෙන CCTV camera ඒ දිහා බලලා කට කොනින් හිනා වුනු සෝයූන් යුන්වි දිහාට හැරුනා
" මේක අල්ලගනින් "
සෝයූන් එයාගේ බෑග් එක යුන්විට විසි කරලා ගියේ යුන්වි බෑග් එකත් අල්ලාගෙන කට ඇරගෙන බලාගෙන ඉදිද්දී
" තෝ මොකද්ද තිරිසනෝ කරන්න හදන්නේ "
ගහට නගින්න හදන සෝයූන්ගේ දිහා බලාගෙන යුන්වි ඇහුවා
" wait and watch baby "
සෝයූන් එහෙම කියලා ගහට නගින්න පටන් ගත්තා
" අනේ සත්තලනේ අත්ත බිදෙයි පය බුරුලෙන් තබා නැගපන් උබ ගහෙන් වැටිලා මොනාහරි වුනොත් මම එපැයි තොගේ අප්පාට උත්තර දෙන්න මම ගැන හිතලත් පරිස්සමින් නැගපන් මයේ තිරිසනෝ"
" නෙදකින් තිරිසනා "
සෝයූන් ගහට නැගලා හිමින් සැරේ සාක්කුවේ තිබුණු ලේන්සුව අරගෙන CCTV camera වහලා ගහෙන් බිමට බැස්සා ආපහු යුංගිගේ කා එක ඉස්සරහට ගියපු සෝයූන් වටපිට බැලුවා
" උල් දෙයක් දීපන් "
" මට හිතෙන තෝ කරන්න හදන්නේ "
යුන්වි ඇහුවාම කෙල්ල කුප්ප හිනාවක් දාලා යුන්විගේ කොන්ඩේ ගහලා තිබුණු කොන්ඩ කටුවක් ගලවලා අරගෙන යුංගිගේ කා එකේ ඉස්සරහ රෝදෙට අනින්න පටන් ගත්තා යුන්වි වටපිට බැලුවේ කවුරුහරි එනවද කියලා බලන්න
" මොන වුත්තක් ද යකොව්...කොන්ඩ කටුවක් උනත් ටිකක් හයියට හදපන්කෝ සෙද්ද "
" මගේ කොන්ඩ කටුව යකොව් "
යුන්වි කෑගැහුවේ මැගී නූඩ්ලස් වගේ වෙලා තියෙන කොන්ඩ කටුව දැකලා සෝයූන් කොන්ඩ කටුව විසි කරලා එයාගේ බෑග් එක අවුස්සලා කතුරක් ගත්තා
" මේ තියෙන්නේ බඩු.."
" තෝ මෙච්චර වෙලා කතුරක් තියාගෙන ද තිරිසනෝ මගේ කොන්ඩ කටුවෙන් ඇන්නේ.."
යුන්වි රවාගෙන ඇහුවාම සෝයූන් හිනා වෙලා හුස්මක් අරගෙන අතේ පයේ හිරි ඇරලා රෝදෙට ඇන්නා එක රෝදෙක හුලං යවපු සෝයූන් ජයග්‍රාහී හිනාවක් එක්ක අනිත් රෝදෙට කතුරෙන් අනින්න පටන් ගත්තා එක රෝදෙක හුලං යැව්වාම මදි ද කියලා අහලා යුන්වි කෑගහනවා
" සෝයූන්...යමන්..."
" බ්ලැ යකෝ තව පොඩ්ඩයි.."
" ඕක දාලා යමන් "
යුන්වි කොච්චර කෑගැහුවත් සෝයූන් නෙවෙයි වැඩේ අතහැරලා ආවේ කෙල්ල දාඩිය දාගෙන රෝදෙට අනිනවා
" මැඩම් ලොකු වැඩක් වගේ "
" අහ්...යේ යේ..මොකා.."
එකපාරට පිටිපස්සෙන් ඇහුනු ගැඹුරු කටහඩ එච්චර ගානක් නොවුනත් තත්පර කිහිපයක් ගත වෙනකොට ඒ කටහඬ කාගෙද කියලා සිහියට ආවාම කෙල්ල ගැස්සිලා ගියා
වේ..වේ..ජෙයියනේ අහිංසක මට මෙහෙම කරන්නේ....
සෝයූන් අහිංසක හිනාවක් එක්ක යුංගිගේ පැත්තට හැරිලා බලනකොට පේන තෙක් මානෙක යුන්වි හිටියේ නැ සෝයූන් බෑග් එකත් යුංගිගේ අතේ තියෙනවා සෝයූන් හැදුවේ යුංගිගේ අතේ තියෙන බෑග් එකත් ඇදගෙන දුවන්න වුනත් ඒක ලේසි වුනේ නැ කෙල්ලගේ බෑග් එකෙන් ඇදලා ගත්ත යුංගි කා එකට හේත්තු කරගෙන සෝයූන්ගේ දෙපැත්තෙන් අත් දෙක තියාගත්තේ කොහෙවත් යන්න බැරි වෙන්න
කෙල්ල ඇස් ජිල් බෝල කරගෙන යුංගි දිහා බලාගෙන ඉන්නවා යුංගි රවාගෙන සෝයූන් දිහා බලාගෙන ඉන්නවා කෙල්ල දැන් මනුස්සයෙක් වශයෙන් වාෂ්ප වෙන්න පුලුවන් ක්‍රම කල්පනා කරනවා
" තමුසේ මොකද්ද කරන්නේ...?"
යුංගි වචන එකින් එක කඩන ගමන් සෝයූන්ගේ මූනට එබෙන ගමන් ඇහුවා සෝයූන් දත් තිස් දෙක නියවලා කොල්ලාට හිනාවක් දැම්මේ මුකුත් නොදන්න මාස ගානක පොඩි දරුවෙක් වගේ
" මම මුකුත් කරේ නැ "
සෝයූන් කිව්වාම කොල්ලාගේ අත් වලින් බේරෙන්න ට්‍රයි කලේ ඒත් කෙල්ලට යුංගිගේ හැඩි දැඩි අත් වලින් ගැලවෙන්න පුලුවන් වුනේ නැ
" මුකුත් කරේ නැත්නම් තමුසේ කතුරක් තියාගෙන මෙතන දහ අට වන්නම නැටුවා ද..?"
යුංගි කෙල්ලගේ කට දෙපැත්තෙන් අල්ලලා කිව්වා සෝයූන් කොල්ලාගේ අත පැත්තකට කලා
" අනියා....කතුරු වන්නම නැටුවේ...දැන් එහාට යනවා මගේ බෑග් එකත් බිම දාලා මෙතන පුස් ඌරෙක් වගේ බලාගෙන ඉන්න හැටි මම අප්පාට කියලා තමුසේ දවස් දහයකට හිරේ දානවා.."
සෝයූන් කියද්දී කොල්ලා සමච්චලේට වගේ හිනා වුනා
" අප්පාට කියලා කොරයි මේන් කියලා "
" එහාට යනවා පූස් නාම්බා.."
කෙල්ල එහෙම කියලා යන්න හැදුවේ ඒත් යුංගි එහෙම ලේසියෙන් යන්න ඉඩ දෙයි ද නැත මිතුර මෙවර සෝයූන්ගේ කොන්ඩෙත් අල්ලගත්තා
" යාහ්හ්හ්....මගේ කේශ කල්‍යානිය බිලාලයෝ අතහැරපිය "
සෝයූන් කොන්ඩේ අල්ලාගෙන කෑගැහුවා
" තමුසේ මගේ වාහනේ රෝද වල හුලං යැව්වා නම් මාව ගෙදර එක්කගෙන යනවා.."
යුංගි කෙල්ලගේ කනට කරලා කිව්වා සෝයූන් කෙලින්ම යුංගිගේ පැත්තට හැරුනා
" තවුසේ හිතුවා ද මට පෞද්ගලික වාහන තියෙනවා කියලා මම තාම යන්නේ පොදු ප්‍රවාහනයේ.."
" ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි තමුසේ මාව කොහොමහරි ගෙදර එක්කගෙන යනවා.."
යුංගි අත් දෙක බැදගෙන කිව්වා
" හරි වරෙන් යන්න "
" වරෙන්....?"
යුංගි ඇහිබමක් උස්සගෙන ගැඹුරු හඩකින් අහද්දී සෝයූන් දත්මිටි කාගෙන අමාරුවෙන් හිනාවක් මවාගෙන කොල්ලා දිහා බැලුවා
" යුංගි උතුමානනි...වඩින්න බස් හෝල්ට් එකට "
සෝයූන් කිව්වාම කොල්ලා ඉස්සරහ වෙලා යන්න ගියේ කෙල්ලව වොන් එකකටවත් ගනන් නොගෙන සෝයූන් ඒ දිහා බලාගෙන ඉදලා අතක් ඉස්සුවේ යුංගි එකපාරට පිටිපස්ස හැරුනු හින්දා කෙල්ල ඔලුව කසනවා වගේ පෙන්නුවා
" තමුසේ ඔතනට වෙලා පොල් හිටවනවා ද..?"
" අනියා...පොල් ගහනවා.."
කෙල්ල එහෙම කියලා යුංගි එක්ක ඇවිදගෙන බස් හෝල්ට් එකට ආවා සෝයූන්ගේ වැඩේ යුංගිට පන දමාගෙන රවන එක කොල්ලා නම් නොදැක්ක ගානට ඉස්සරහ බලාගෙන යනවා බස් හෝල්ට් එකට ආවාම කෙල්ල අත් දෙකත් බැදගෙන මූනත් වාහනෙකට අහුවුනු බියර් ටින් එකක් වගේ කරගෙන හිතුවේ කොහේහරි තියෙන පිනකට මිස්ටර් පාර්ක් එන්න ඕන කියලා ඒත් එක්කම ෆෝන් එකට ආපු මැසේජ් එකක් හින්දා කෙල්ල ෆෝන් එක අරගෙන බැලුවා
" උබ පනපිටින් ද බේසික..."
" ඔම්මපා මේ වගේ තිරිසනෙක්...කරදරේ වැටුනු වෙලේ දාලා ගිහින් දැන් පනපිටින් ද කියලා අහනවා හෙට අහුවෙයන්කෝ මේකිගේ ඉහේ ඉදලා හම ගහනවා.."
සෝයූන් ෆෝන් එකේ screen එක දිහා බලාගෙන මිමිනුවා
" යුන්විට මුකුත් කියන්න එපා මමයි යන්න කිව්වේ.."
ෆෝන් එකේ screen එක දිහා බලාගෙන මායාකාරියක් වගේ මුමුනන සෝයූන් විනාඩි කිහිපයක් බලාගෙන හිටපු යුංගි කිව්වාම කෙල්ල එහෙම්ම යුංගි දිහා බැලුවා
" තමුසේ කිව්වා කියලා තමන්ගේ ප්‍රාන සම මිතුරිය දමා යන එක හරි ද..?"
" තමුසේ වගේ නසරානි කෙල්ලෙක් දාලා ගියපු එකේ වරදක් නැ අනික මම තමුසෙගේ professor කියලා අමතක ද..?"
" පල පල යන්න නාකි පූසෝ..."
" මොකද්ද කිව්වේ...?"
" බස් එක එනවා.."
සෝයූන් අත දික් කරලා ඈතින් එන බස් එක පෙන්නලා කිව්වා බස් එක ඇවිත් නැවැත්තුවාම සෝයූන් ඉස්සරහ වෙලා නගින්න ගියත් යුංගි කෙල්ලව පිටිපස්සට තල්ලු කරලා ඉස්සරහ වෙලා නැග්ගා
" මට එක්ක ගෙවනවා.."
කෙල්ල දිහාට හැරුනු යුංගි එහෙම කිව්වාම අතේ තිබුණු ෆෝන් එකෙන් කොල්ලාට ගහන්න හැදුවත් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක පවතින නිසා යුංගිට ෆෝන් එකෙන් ගහලා ෆෝන් එකට මොනාහරි වුනොත් ආපහු අලුතින් ෆෝන් එකක් ගන්න බැරි වන බව මතකයට නැගුනා ෆෝන් එක ආපහු සාක්කුවට දාගෙන යුංගිට එක්ක ගෙව්වා බස් එකේ සෙනග වැඩි හින්දා සෝයූන් මූන නරක් කරගෙන යුංගිගේ ලගින් හිටගත්තා
ටික දුරක් යනකොට වාඩිවෙලා හිටපු කෙනෙක් නැගිටපු හින්දා සෝයූන් මල් මල් හිනාවක් එක්ක ශිට් එකේ වාඩිවෙන්න අඩියක් ඉස්සරහට තියනකොට ඊට වඩා ඉක්මන් වුනු යුංගි එතැනින් වාඩිවුනා කෙල්ලට යුංගිව පනපිටින් අඩි හයක් යටට යවන්න හිතුනත් සෝයූන් තරහ පාලනය කරගෙන අහක බලාගත්තා
" මූ නම් මම පෙර කරපු අකුසලයක් පල දෙන්න ආපු එකෙක් ද කොහෙද "
සෝයූන් මිමිනුවා කොල්ලා කට කොනින් හිනා වෙන ගමන් කෙල්ල දිහා බලාගෙන හිටියා බහින තැන කිට්ටු වෙනකොට යුංගි නැගිටලා සෝයූන් ලගට ගියා
" හෙට හම්බවෙමු බේබිගර්ල් "
වෙන ලෝකෙක තනිවෙලා හිටපු සෝයූන් යුංගි කනට ලං වෙලා ගොරෝසු හඩකින් කියද්දී කෙල්ල ගැස්සිලා ගියා එකපාරට කරන්ට් එක වැදුනා වගේ ෆීලින් එකක් සෝයූන්ට දැනුනේ කෙල්ල බෙල්ල හරවලා යුංගි දිහා බැලුවාම කොල්ලා ඇහැක් ගහලා ඉස්සරහට ගියා සෝයූන්ගේ මුලු ඇගම සීතල වෙලා ගියේ ඒ බැල්ම තමන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බව තේරෙද්දී
ටිකකින් සෝයූන් බැහැලා ගෙදරට ඇවිදගෙන ගියේ යුංගි කියන ග්‍රහ අපලය හේතුවෙන් හෙට දිනයේ කුමන වර්ගයේ කරදරයක් කඩාගෙන වැටෙයි ද කියලා හිතන ගමන් ඒත් එක්කම වැස්සක් කඩාගෙන හැලුනා සෝයූන් අහස දිහා බැලුවා
" වැහි දෙවියොන්ට මාත් එක්ක මොකක් හරි තරහක් තියෙද..?"
මිනිස්සු වැස්සෙන් බේරෙන්න ඒ මේ අත දුවන අතරේ සෝයූන් හරි සන්සුන්ව අහස දිහා බලාගෙන මිමිනුවේ කෙල්ලගේ තනි ඇහැට කදුලක් එක් කරමින් සෝයූන් මහ වැස්සේ ඇවිදගෙන ගෙදරට ගියා කෙල්ල තෙමිච්ච පූසෙක් වගේ ගෙදර බෙල් එක ගහලා කවුරුහරි දොර අරිනකම් බලාගෙන හිටියා
" දෙවියනේ...ලොකු බේබි..මොකද මේ.."
දොර ඇරිය අජුම්මා ඇස් දෙක ලොකු කරගෙන වතුර බේරි බේරි ඉන්න සෝයූන්ගෙන් ඇහුවා
" අජුම්මා....කකුල් දෙකේ පූසෙක් හින්දා අජුම්මාගේ ලොකු බේබිගේ නම්බුව වැස්ස එක්ක හේදිලා ගියා..හුවෑව් "
කෙල්ල කියද්දී අජුම්මා සෝයූන් දිහා බලාගෙන හිටියේ කියපු දේ තේරුනේ නැති හිම්දා
" අහ්...කමක් නැ දැන් ලොකු නෝනාගේ රූම් එකට ගිහින් වොෂ් එකක් දාගන්න මම ඇදුම් ගෙනත් දෙන්නම් ඉක්මන් කරන්න පොඩි නෝනා දැක්කොත් කනක් ඇහිලා ඉන්න නැති වෙයි කෝ ඉක්මන් කරන්න "
අජුම්මාගේ අතට එයාගේ බෑග් එක දීපු සෝයූන් එයාගේ ඉමෝගේ රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න අජුම්මා සෝයූන්ගේ බෑග් එක කාමරෙන් තියලා කෙල්ලගේ ඇදුම් ටවල් අරගෙන රූම් එකෙන් එලියට යන්න හදනකොට සෝයූන්ගේ ෆෝන් එක රින් වුනා අජුම්මා study table එක උඩ තියලා තිබුණු කෙල්ලගේ ෆෝන් එක අරගත්තා
Yunvi(Besika)🌍❤️
Calling...
ඒ නම දැක්කාම අජුම්මාට හිනාවක් ගියා අජුම්මා කෝල් එක ආන්සර් කලා
" ඕයි තිරිසනෝ තෝ මාත් එක්ක තරහ වෙලා ද සමාවෙම්න සත්තලනේ ඒ අවස්ථාවේ හැටියට මට වෙන කිරීමට දෙයක් නොතිබුනු ඔබ දන්නවා නේ බේසික professor ට උබ අතවරයක් එහෙම කලේ නැ නේ කතා කරපන්කෝ Cudu nona "
" යුන්වි බේබි මම ලොකු බේබි නෙවෙයි "
" හිකිස් අජුම්මා මාගේ මුඛයෙන් අසභ්‍ය වචනයක් පිට වුනා නම් සමාවෙම්න කෝ එතකොට අජුම්මාගේ ලොකු බේබි "
" වොෂ් එකක් දාගන්න යැව්වා බේබි තෙමිච්ච පූසෙක් වගේ ගෙදර ආවේ "
" Ewww දැන් පූස් ගද ඇති හොදටම "
" එහෙම කියන්න එපා යුන්වි බේබි "
" හරි හරි අජුම්මා අර තිරිසනාට කියන්න මම කෝල් කලා කියලා "
" හරි බේබි පරිස්සමින් ඉන්න "
" අජුම්මාත් පරිස්සමින් ඉන්න ඉක්මනට එන්නම් අජුම්මාව බලන්න "
" හරි හරි බේබි "
අජුම්මා හිනාවක් එක්ක කෝල් එක කට් කරලා study table එක උඩින් තියලා කෙල්ලගේ ඇදුම් ටික අරගෙන ගියා
" ලොකු බේබි...ඇද උඩින් ඇදුම් ටික තිබ්බා.."
අජුම්මා ඇද උඩින් ඇදුම් ටික තියලා කිව්වා
" හරි අජුම්මා "
සෝයූන් බාත් රූම් එක ඇතුලේ ඉදගෙන කෑගැහුවා
" වැඩි වෙලා වතුරේ ඉන්න එපා අසනීප වෙයි "
" හරියෝ....අජුම්මා ටවල් එක "
බාත් රූම් එකෙන් එලියට අතක් දාගෙන කිව්වා අජුම්මා කෙල්ලගේ අතට ටවල් එක දුන්නා
" බේබි ඇදුම් ඇදගෙන එන්න මම බේබිට කොෆි එකක් හදන්න යනවා.."
" ඔම්කේ අජුම්මා "
අජුම්මා හිනා වෙවී කිචන් එකට ගියා කෙල්ල ඇදුම් ඇදගෙන ඔලුවට ටවල් එක දාගෙන එලියට ආවා
" කෝ මෙහේ එන්න කොන්ඩේ පිහිදන්න "
සෝයූන්ගේ ඉමෝ කතා කරනකොට කෙල්ල ගිහින් ඉමෝගේ ඉස්සරහින් වාඩිවුනා අජුම්මා කොෆි මග් එක කෙල්ලගේ අතට දුන්නාම සෝයූන් හිනා වුනා
" යුන්වි බේබි කතා කලා.."
" හරි අජුම්මා "
කෙල්ල කොෆි මග් එක දිහා බලාගෙන උත්තර දුන්නාම අජුම්මා ආපහු කිචන් එකට ගියා
To be continue.................♡︎
1976 words
හොදටම වැඩියි
Happy Hobi Day Army💜❤️
Bạn đang đọc truyện trên: AzTruyen.Top