匚卄卂卩ㄒ乇尺 12🐾
සති කිහිපයක් ගෙවිලා ගියේ යුංගිගේ ලොකුම වදකාරයා.....උප්ස් වැරදුනා වදකාරිය සෝයූන් බවට පත් කරලා යුනි එකේදී කෙල්ල යුංගිගේ පස්සෙන් ගිහින් වද දුන්නා ඒකට හේතුව වුනේ කෙල්ලට ලමයි ගොඩක් ඉස්සරහ මානසික ලෙඩෙක් ගානට දාලා යුංගි බැනපු හින්දා එදා ඉදන් සෝයූන්ගේ විවිධ ආකාරයේ දඩුවම් භුක්ති විදින්න යුංගිට සිද්ධ වුනා කෙල්ලගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තියන්න හිතුනු අවස්ථාත් යුංගිට ආවා වුනත් ඒ හැම අවස්ථාවකදීම නම්ජූන් මැදිහත් වෙලා සෝයූන් බේරගන්නවා
ඒ වගේම NIS එකෙන් සුගාට ගොඩක් ප්‍රශ්න ඇති වුනා කොල්ලා අහුවෙන්න ගිහින් 99.99999999999 බේරුනු අවස්ථා තිබුනා ඒ නිසා ජින් කිව්වේ ටික කාලෙකට සද්දයක් නැතුව පැත්තකට වෙලා ඉන්න කියලා ජින්ගේ කීම අහලා සුගා මාෆියා වැඩ වලින් ටික දවසකට ඈත් වුනා
සෝයූන් යුනි එකේ රූෆ්ටොප් එකට ආවේ ටිකක් තනියම ඉන්න ඕන කියලා හිතුනු හින්දා රූෆ්ටොප් එකට වැඩිය කවුරුවත් එන්නේ නැති හින්දා එතැන හරි නිස්කලංක තැනක් වුනා ඒ හින්දා යුනි එකේ සෝයූන් ආසම තැන වුනේ එතැන කෙල්ල වෙනදා වගේ රූෆ්ටොප් එකට ආවේ කවුරුවත් නැ කියලා හිතාගෙන වුනත් එතැන කෙනෙක් ඉන්නවා දැක්කාම එයාගේ මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වුනා එතැන දුම් වලාවකින් වැහිලා තිබුණු හින්දා ඒ කෙනා cigarette බොනවා කියලා තේරුනා
කෙල්ල නහයත් හකුලවගෙන ඒ හිටපු කෙනා ලගට කිට්ටු වුනේ හොද දෙකක් කියනවා හිතාගෙන ඒත් හිටපු කෙනා දැක්කාම සෝයූන්ගේ කට දනහිස ලගට ඇරුනා කෙල්ලගේ ඇස් දෙක එලියට පනින්න තරම් ලොකු වෙලා හිටියේ
ඔමෝ....? මොකද්ද යකෝ මා මේ දකින්නේ..? Mr.Kitty...cigarette බොනවා.. හත්තිකේ මහ ලොකු Clod professor අපිට කොහොමද කියන්නේ..ආචාර ධර්ම කියලා දෙන්න ආවා ඒ වුනාට මේකා ඉන්නේ කොහෙද කියලත් ගානක් නැතුව cigarette බොන ලස්සන... මම නෙවෙයි වෙන එකෙක් වගේ දැක්කා නම් හොදට හිටි...
සෝයූන් කට ඇදගෙන යුංගි දිහා බලාගෙන ඉදලා cigarette එක පහලට විසි කලා ඒ වෙලාවේ තමයි යුංගි කෙල්ල දිහා බැලුවේ
" තමුසේ මොකද්ද ඒ කලේ.."
යුංගි අහද්දී කෙල්ල අත් දෙක බැදගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා
" cigarette ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලා නිකමටවත් අහලා නැද්ද Mr.Kitty.."
සෝයූන් ඇස් හීනි කරගෙන අහද්දී කොල්ලා කට කොනින් හිනා වුනා
" අහලා නැත්නම්...?"
" දැන් හරි ඔය පූස් මොලේට දාගන්න.."
කෙල්ල යුංගිගේ ඔලුවට ඇගිල්ලෙන් අනින ගමන් කිව්වාම කොල්ලා සෝයූන්ගේ අත අල්ලගත්තා
" මම තමුසෙගේ professor කියලා අමතක කරන්න එපා "
" අමතක වෙනවා නම් මොකද කරන්නේ "
සෝයූන් දගකාර හිනාවක් එක්ක කියලා කොල්ලාට ලං වුනා
" cigarette බොන එක නවත්තන්න නැත්නම් ඔය පූස් තොල් අදුරු වෙයි.."
යුංගිගේ කනට මුමුනපු සෝයූන් කොල්ලගෙන් අතත් බේරගෙන රූෆ්ටොප් එකෙන් යන්න ඇවිදගෙන ගිහින් ආපහු හැරිලා යුංගි දිහා බැලුවා කොල්ලා තාමත් ගල් පිලිමක් වගේ බලාගෙන ඉන්නවා යුංගි සෝයූන් දිහා බලද්දී කෙල්ල හිනා වෙලා යන්න ගියා
යුංගිට වුනේ මොකද්ද කියලා තාම හිතාගන්න බැරුව හිටියේ කොල්ලා අතින් කොන්ඩෙත් අවුල් කරගත්තා මෙච්චර කාලෙකට යුංගිට කෙල්ලෙක් ලං වෙලා පනපිටින් ගියපු පලවෙනි අවස්ථාව තමයි මේ
_________________________
" කෝ සේයොන්..."
Prime Minister එහෙම නැත්නම් මිස්ටර් මින් ඇහුවේ dinning table එකේ වාඩිවෙන ගමන්
" එයා තාම නිදි හනී.."
සිනාවක් එක්ක මිසිස් මින් පිලිතුරු දුන්නා
" මෙහෙම නිදාගෙන හරි යනවා ද එතකොට Min Group බලාගන්නේ කවුද මේ මිනිහාට මම කියන කිසිදෙයක් තේරෙන්නේ නැද්ද ඊයෙත් ක්ලබ් ගිහින් කෙල්ලෝ එක්ක නටලා ඇවිත් මෙතන නිදි මුගේ ලමයි කියාගෙන කෙල්ලෝ කීයක් ආවද...? කවද්ද මේ මිනිහා හැදෙන්නේ "
මිස්ටර් මින් කේන්තියෙන් කිව්වේ සේයොන් හින්දා නඩු කීයක් යට ගහන්න වුනා ද කියලා මතක් වෙද්දී
" අයියූ..හනී... ඔච්චර කේන්ති ගන්න එපා ඔය වයසේ කොල්ලොන්ගේ හැටි ඔහොම ද..? මතක ද ඔයා මැරි කරලා දරුවෙක් ඉදිද්දී මගේ පස්සෙන් ආපු විදිය "
මිසිස් මින් මිස්ටර් මින්ගේ උරහිස පිරිමදින ගමන් කිව්වාම මිස්ටර් මින්ගේ මුහුන අදුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" දැන් ඒවා කියලා වැඩක් නැ නේ "
මිස්ටර් මින් එහෙම කියලා කන්න පටන් ගත්තා
" ඒවා වැඩක් තියෙනවා හනි...මට බයයි ඒ කොල්ලා ඇවිත් තමන්ගේ අයිතිය ඉල්ලයි කියලා එතකොට මගේ පුතාට මොකද වෙන්නේ "
මිසිස් මින් ඇස් වල කදුලු පුරවගෙන කියද්දී මිස්ටර් මින් මිසිස් මින්ගේ අතක් අල්ලාගෙන පිරිමැද්දා
" එහෙම වෙන්න මම ඉඩ තියන්නේ නැ මේ හැමදේම අයිති සේයොන්ට විතරයි දාලා ගියපු අය ගැන කතා කරන්න ඕන නැ "
මිස්ටර් මින් එහෙම කියද්දී මිසිස් මින් කට කොනින් හිනා වුනා
" මම දන්නවා හනී ඔයා අපිට වරදක් කරන්නේ නැ කියලා "
මිසිස් මින් එහෙම කියලා හිනා වුනා
" ආපහු ඔය දේවල් ගැන හිතන්න එපා මට දැන් මීටින් එකක් තියෙනවා යන්න ඕන "
මිස්ටර් මින් එහෙම කියලා dinning table එකෙන් නැගිටලා තමන්ගේ ලග ඉන්න මිසිස් මින්ගේ නලලට කිස් එකක් දීලා ගියා මිසිස් මින් කට කොනින් හිනාවක් එක්ක බලාගෙන හිටියා
ඒත් එක්කම මිසිස් මින් පිටිපස්ස හැරුණේ අඩි සද්දයක් ඇහුනු නිසා එතකොට පඩිපෙළ බැහැගෙන එන ගමන් අතේ වොච් එක බදින සේයොන් දිහා මිසිස් මින් බැලුවේ ආදරනීය හිනාවක් එක්ක
" මේ එන්නේ මගේ පුතා..මම හිතුවේ තාම නිදි කියලා "
මිසිස් මින් සේයොන්ගේ කම්බුල් ආදරෙන් පිරිමදින ගමන් කිව්වා
" ඇහැරුනා ඔම්මා අද Important meeting එකක් තියෙනවා "
සේයොන් තමන්ගේ කම්බුලේ රැදිලා තියෙන මිසිස් මින්ගේ අතක් උඩින් තියන ගමන් කිව්වා
" මොනාහරි කාලා යන්න breakfast ready කරලා තියෙන්නේ "
" එපා ඔම්මා ගිහින් මොනාහරි කන්නම්.."
එහෙම කියපු සේයොන් මිසිස් මින්ගේ කම්බුලට කිස් එකක් දීලා ගියා
" පරිස්සමින් පුතා.."
මිසිස් මින් අතක් වනන ගමන් තමන්ගේ පුතා යන දිහා බලාගෙන කිව්වා
________________________
ලෙක්චර්ස් ඉවර වුනු ගමන් සෝයූන් පාරට ආවේ ගෙදර ගිහින් හොදට ඇද බදාගෙන නිදාගන්න හිතාගෙන අද යුන්වි යුනි ආවේ නැති හින්දා කෙල්ල හිටියේ නයා මැරිච්ච අහිකුන්ඨකයා වගේ වැස්ස හින්දා පාර අයිනේ වතුර පිරිලා තිබුනා සෝයූන් වැනි වැනි යනකොට එකපාරට ආපු වාහනයක් වතුර උඩින් ගියේ කෙල්ලව සම්පූර්ණයෙන් නාවගෙන
" යාහ්හ්හ්....තවුසේ හැල්මොනීගේ පාර කියලා හිතාගෙන ද යන්නේ..අයිෂ් "
සෝයූන්ට ඉන්නේ මහ පාරේ කියලත් අමතක වෙලා හයියෙන් කෑගැහුවාම පාර යන මිනිස්සු කෙල්ල දිහා බැලුවා සෝයූන්ව මඩ වතුරෙන් නාවපු වාහනේ නවත්තලා ඒ කෙනා ඔලුව එලියට දැම්මාම කෙල්ලට තවත් කේන්ති ගියා
" මින් යුංගි.."
කෙල්ල දෙතොලතර කොල්ලාගේ නම මුමුනද්දී යුංගි සමච්චලේට වගේ කට කොනින් හිනා වුනා සෝයූන් කේන්තියෙන් කොල්ලා දිහා බලාගෙන මැදගිල්ල දික් කලාම යුංගි ඇස් හීනි කරලා කෙල්ල දිහා බැලුවා දැනටමත් තෙමිච්ච දෙමලිච්චියක් වගේ ඉන්න කෙල්ල දිහා බලාගෙන ඉදපු යුංගි යන්න ගියේ සෝයූන් පොඩි ලමයෙක් වගේ කකුල් පොලොවේ ගහද්දී පාරේ යන මිනිස්සු සෝයූන් දිහා පිස්සෙක් දිහා බලනවා වගේ බල බලා යනවා
" මිස්ටර් කිටී... තාම මේ සෝයූන් කවුද කියලා දන්නේ නැ බලාගමුකෝ හෙට තමුන් ඉවරයි "
සෝයූන් නපුරු මායාකාරියක් වගේ යුංගි යන දිහා බලාගෙන මිමිනුවා තෙමුනු ඇදුම් දිහා බලපු කෙල්ල හුස්මක් පහත හෙලලා බස් හෝල්ට් එකට ගියේ මෙහෙම කොහොමද බස් එකේ යන්නේ කියලා කල්පනා කරන ගමන් කෙල්ල බස් හෝල්ට් එකට යනකොට එකපාරට ඇවිත් නවත්තපු කා එක නිසා සෝයූන්ගේ මූනට ලස්සන හිනාවක් මැවුනා
" අප්පා..."
කෙල්ල හිනාවක් එක්ක කියද්දී සෝයූන්ගේ අප්පා මිස්ටර් පාර්ක් කෙල්ල දිහා බැලුවේ ඇස් හීනි කරගෙන
" මොකද මේ තෙමිච්ච පාත්තයෙක් වගේ "
ශටර් එක පහත් කරපු මිස්ටර් පාර්ක් ඇහුවා
" කොහෙද යන මොලේ අමාරුවක් තියෙන පූස් නාම්බෙක් හින්දා තමයි මේ ඔක්කොම මට ඕකාව අහුවුනොත් මස් කරලා සේ සේ ට කන්න දෙනවා.."
සෝයූන් කේන්තියෙන් පිබ පිබ කියද්දී මිස්ටර් පාර්ක්ට හිනාවක් ගියා
" හරි හරි පස්සේ ඔය මනුස්සයාට බනින්න දැන් නගින්න "
මිස්ටර් පාර්ක් කිව්වාම සෝයූන් ඇවිත් කා එකට නැග්ගා
" කොන්ඩෙත් තෙමිලා..."
මිස්ටර් පාර්ක් කෙල්ලගේ කොන්ඩේ අතින් අවුස්සන ගමන් කිව්වා
" අර සෝමාලියන් අලිඔලු පූස් තඩියා හින්දා තමයි ඔක්කොම අප්පා නාවා නම් මම කොහොමද බස් එකේ යන්නේ..? භාගෙට තෙමිච්ච පූසියෙක් වගේ මං මට අහුවෙයන්කෝ පකින් පූසා ඕකාගේ ලැම්බොගිනිය ලබු ගෙඩියක් කරනවා..ආව්...."
සෝයූන් කියවගෙන ගිහින් එකපාරට කෑගැහුවේ මිස්ටර් පාර්ක් කෙල්ලගේ කනෙන් අල්ලලා මිරිකපු නිසා
" මොකද්ද කිව්වේ...? අප්පා ඉස්සරහ කතා කරන ලස්සන....ආපහු මට ඔය වගේ වචන කියනවා ඇහුනොත් කන ගලවලා අතට දෙනවා.."
" හරි හරි ආපහු කියන්නේ නැ...කන අතහරින්නකෝ...ඔච්චරයි කනකට කියලා තියෙන්නේ....ආව්..අප්පා..."
කෙල්ල කෑගහනකොට මිස්ටර් පාර්ක් සෝයූන්ගේ කන අතහැරියා
" කවදාහරි හස්බන්වත් මේ කටට බ්රේක් හයි කරලා හදලා ගනියි නේ "
මිස්ටර් පාර්ක් සෝයූන්ගේ ඔලුවට එකක් ඇනලා කිව්වා
" හ්ම්...මගේ කට හදයි කියලා තමයි බය..මොනාහරි කියාගෙන ආවොත් හස්බන්ඩා කියලා බලන්නේ මූන කට සමතලා වෙන්න දෙකක් ඇනලා අප්පා ලගට එනවා.."
සෝයූන් අත් දෙකත් බැදගෙන ශිට් එකට හේත්තු වෙලා කිව්වා
" මේ කෙල්ල බන්දලා දීලවත් මට නිදහසේ ඉන්න නැති වෙයි වගේ "
" ඒ කියන්නේ මාව භාර ගන්න බැරි ද ආ.."
සෝයූන් මූනත් පුම්බගෙන ඇහුවාම මිස්ටර් පාර්ක් කෙල්ල දිහා බලාගෙන හිනා වුනා
ඔම්මාගේ ෆොටෝකොපියක් වගේ
මිස්ටර් පාර්ක් කෙල්ලගේ කම්බුල් මිරිකන ගමන් හිතුවා
" එපා අලේ..."
සෝයූන් මිස්ටර් පාර්ක්ගේ අත් අයින් කරලා එයාගේ අත් වලින් කම්බුල් වහගෙන කිව්වා මිස්ටර් පාර්ක් එයාගේ පිස්සු දුව දිහා බලාගෙන ඉදලා drive කරන්න පටන් ගත්තා
To be continue.................♡︎
Happy Valentines Day....
Bạn đang đọc truyện trên: AzTruyen.Top