匚卄卂卩ㄒ乇尺 10🐾

සෝයූන් පිටිපස්ස හැරි හැරි බලන ගමන් දුවගෙන යනකොට ඉස්සරහින් ආපු කෙනෙක්ගේ ඇගේ හැප්පුනේ නොහිතපු විදියට යුන්වි එහෙම්ම නැවතිලා බලාගෙන හිටියේ සෝයූන් දිහා රවාගෙන බලන් ඉන්න කෙනා දිහා

" Professor Min..."

කෙල්ල මිමිනුවේ ‍යුංගි දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන

" තමුසෙගේ ඇස් පේන්නේ නැද්ද ආ කොහෙද දුවගෙන යන්නේ....මොන්ටිසොරි ලමයි නෙවෙයි නේ මුලින්ම හරියට හැසිරෙන්න ඉගෙනගන්නවා "

යුංගි කෙල්ලට රවාගෙන කියලා යුන්වි දිහාට රවලා යන්න ගියා

" professor Min ඇයි බන් ඔච්චර කේන්ති ගන්නේ..."

සෝයූන් යුන්විගේ පැත්තට හැරිලා කිව්වා

" එයාගේ හැටි බන් "

යුන්වි එහෙම කියලා සෝයූන්ගේ කරට අතක් දාගෙන යන්න ගියා එදා දවසත් කෙල්ලෝ දෙන්නාගේ විකාර වැඩ එක්ක ගෙවිලා ගියා සෝයූන් හවස් වෙලා යුනි එකෙන් එලියට ආවේ ගෙදර යන්න බලාගෙන කෙල්ල පාර පනින්න හදනකොට කෙල්ලගේ අතින් කෙනෙක් ඇදලා ගත්තේ සෝයූන් පාර පනින්න ගියා නම් වේගෙන් ආපු බයික් එකකට හැප්පෙන නිසා

කෙල්ලගේ මූන ගිහින් ඒ කෙනාගේ පපුවේ වැදුනා සෝයූන් ඉක්මනට ඒ කෙනාගෙන් ඈත් වුනා

" අහ්ම්...කුමාවෝ "

සෝයූන් ඔලුව නවලා ආචාර කරලා කිව්වා

" ඔයිට වඩා සැලකිල්ලෙන් පාරේ යන්න ඕන මම නොහිටියා නම් ඔයා ඇක්සිඩන්ට් වෙනවා නේ "

කොල්ලා එහෙම කියද්දී සෝයූන් අපහසුවෙන් හිනා වුනා

" මම Min Se Yeon.."

ඒ කොල්ලා සෝයූන්ගේ පැත්තට අත දික් කරලා කියනකොට කෙල්ල එයාගේ පැත්තට දික් කරගෙන ඉන්න කොල්ලාගේ අත දිහාත් මූන දිහාත් බැලුවා

" මම පාර්ක් සෝයූන්.."

සෝයූන් හිනා වෙලා සේයොන්ට අත දුන්නා කොල්ලා හිනා සෝයූන් එක්ක හිනා වුනා

" Nice to meet you "

" Me too se yeon.."

" මම හිතන්නේ ඔයා මට වඩා බාලයි "

කෙල්ලගේ අත අතහැරපු සේයොන් කිව්වා

" ඔහ්..මට අවුරුදු 21 එතකොට ඔයාට "

" මට අවුරුදු 30 වෙනවා ඒ කියන්නේ මම වැඩිමල් "

සෝයූන්ගේ මූනට එබිලා කියද්දී කෙල්ල ඇස් ලොකු කරගෙන සේයොන් දිහා බලාගෙන ඔලුව වැනුවා

" එහෙනම් ඔප්පා මට යන්න වෙනවා "

" පරිස්සමින් යන්න "

" ඔයත්.."

කෙල්ල එහෙම කියලා අනිත් පැත්ත හැරිලා වේගවත් අඩි තියලා යන්න ගියේ තමන්ටම බැනගන්න ගමන්

" අහ්හ්හ්හ්හ්...සෝයූනා...මෝඩ පැටියා..මොන සිහියෙන් ද පාර පනින්න ගියේ ඇක්සිඩන්ට් වුනා නම් ඒකත් කමක් නැ වස නෝන්ඩි නේ මොනා වුනත් ඒ ඔප්පා හෙන හැන්ඩියා හම්මේ ඒ හිනාව සිත වසග වෙනවා ඇයි ජෙයියනේ මේ වගේ කොල්ලෝ මගේ දෑස මානෙට එවලා වෙන එවුන්ට සෙට් කරන්නේ මම කොහොමද මේවා බලාගෙන ජීවත් වෙන්නේ...? අවුරුදු 30 ක් වෙනවා කියන්නේ කෙල්ලෙක් නැති වෙන්න විදියක් නැ කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් හරි ඉන්නවා ඇති නේ...විනාඩි ගානකට හම්බුනු මනුස්සයෙක් ගැන ඔච්චර හිතන්න එපා සෝයූනා.."

කෙල්ල තමන්ට මුමුනන ගමන් ඇවිදගෙන ගියා හැබැයි මේ හමුවීම සෝයූන්ගේ ජීවිතේ කනපිට හරවයි කියලා දන්නවා කෙල්ල කවදාවත් සේයොන් එක්ක කතා කරන එකක් නැ ඒත් කාටවත් දෛවය වෙනස් කරන්න බැ නේ

සෝයූන් ගෙදරට යන්න තියෙන අතුරු පාර දිගේ ඇවිදගෙන යනකොට දැකපු දෙයක් හින්දා කෙල්ල නැවතුනා සෝයූන් දැක්කේ එයාගේ දයාබර නැගනිය කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන හුරතල් වෙවී ඉන්නවා සෝයූන් ජීවූව කොල්ලෙක් එක්ක දැකපු දෙවැනි පාර තමයි මේ කෙල්ල ටිකක් එයාලට ලං වෙලා උගුර පෑදුවාම දෙන්නාම ගැස්සිලා ගියා

ජීවූ ඇස් ලොකු කරගෙන සෝයූන් දිහා බලාගෙන ඉන්නවා එතකොට කොල්ලා නම් මොකද ප්‍රශ්නයක් ද කියලා අහන්න වගේ සෝයූන් දිහා බලාගෙන ඉන්නවා ජීවූ ඉක්මනට කොල්ලාගේ අතින් එයාගේ අත අතහැර ගත්තා

" මොකද ප්‍රශ්නයක් ද....?"

කොල්ලා ඇහිබමක් උස්සගෙන සෝයූන් දිහා බලාගෙන අහද්දී මෙච්චර වෙලා ජීවූ දිහා බලාගෙන හිටපු කෙල්ල කොල්ලා දිහාට හැරුනා

" යේ....මට ප්‍රශ්නයක් නිසා තමයි බලාගෙන ඉන්නේ "

සෝයූන් එහෙම කියද්දී ජීවූ තොලත් හපාගෙන බිම බලාගත්තා

" තමුන්ට මොකද්ද තියෙන ප්‍රශ්නේ මම මගේ නංගිගේ අතින් අල්ලාගෙන කතා කර කර ඉදියා "

කොල්ලා සෝයූන්ට රවාගෙන කියද්දී ජීවූ කොල්ලාට වැලමිටෙන් ඇන්නේ කට වහගෙන ඉන්න කියන්න වගේ

" Ohh...seriously...? මම අද නේ දන්නේ මගේ නංගිට ඔප්පා කෙනෙකුත් ඉන්නවා කියලා "

සෝයූන් එහෙම කියනකම් කොල්ලා කම්ෆියුස් වෙලා ජීවූ දිහා බැලුවේ ඇත්ත කියලා අහන්න වගේ කෙල්ල ඔලුව වැනුවේ ඒක ඇත්ත කියන්න ආන් එතකොට කොල්ලා සෝයූන් දිහා බලලා අහිංසක හිනාවක් දැම්මේ නෑනා සේප් එකේ තියාගත්තේ නැත්නම් ඔක්කොම හබක් කියලා තුන්වැනි හිත මොලයට සංඥාවක් දෙද්දී

" ඔන්නි...මේ..."

" මට තමුන්ලා දෙන්නා එක්කම කතා කරන්න ඕන ඒත් දැන් නෙවෙයි මම ජීවූට කියන්නම් තැනයි වෙලාවයි එතකොට මේ බටු ඇට කොල්ලවත් එක්කගෙන එනවා..ඔම්මාගේ අතට දෙන්නා අහුවුනොත් ආයේ මම කියන්න ඕන නැ නේ දැන් ඔය කොල්ලාට යන්න කියලා ඉක්මනට එනවා මම යනවා..."

සෝයූන් එහෙම කියලා ගියාම ජීවූ කොල්ලාට ඔලුවට ගැහුවා

" මොකද්ද මෝඩයෝ ඒ කලේ..."

" මොනාද ද..?, මම දන්නේ නැ නේ ඒ ඔයාගේ ඔන්නි කියලා අනික ඔන්නි කෙනෙක් ඉන්නවා කිව්වට මම කවදාවත් දැකලා නැ නේ "

ඒ කොල්ලා එහෙම කිව්වාම ජීවූ හුස්මක් පහත හෙලුවා

" නූනා නපුරුයි ද...?"

කොල්ලා අහද්දී ජීවූ හිනා වුනා

" ඔන්නි නපුරු නැ ඒත් එයා මේ වගේ ප්‍රශ්න වලදී serious විදියට කතා කරන්නේ ඒ වුනාම ඔන්නි ෆුල් ජොලියෙන් ඉන්න කෙනෙක් එයාගේ මූනේ හිනාවක් නැති වෙලාවක් නැති තරම් ඒ වගේම සූබින් එකක් මතක තියාගන්න ඔන්නි ඔයාට කැමති වුනා කියන්නේ අප්පා කැමති වුනා වගේ තමයි මොකද ඔන්නි දෙයක් කියන්නේ හොදට හිතලා අනික මේක අපේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක් නේ ඔන්නි එක්ක කටගහගෙන නම් යන්න එපා "

ජීවූ එයාගේ ඔන්නි ගැන තමන්ගේ නම්චිංගු වුනු සූබින්ට කිව්වා කොල්ලා ඔක්කොම අහගෙන හිටියා

" හරි හරි ඔයාගේ ඔන්නිව කොහොමහරි මම කැමති කරගන්නම්..."

කොල්ලා එහෙම කියලා ජීවූගේ කම්බුල් මිරිකුවා

" ම්ම්ම් දැන් යන්න "

කෙල්ල කිව්වාම සූබින් ජීවූගේ නලලට කිස් එකක් දුන්නා

" පරිස්සමින් "

" ඔයත්..."

සුබින් කෙල්ලගෙන් ඈත් වෙලා යන්න ගියා සූබින් යන දිහා බලාගෙන හිටපු ජීවූ ගෙදර ආවා කෙල්ල එනකොට සෝයූන් පේන්න හිටියේ නැ ජීවූ වොෂ් එකක් දාගෙන රෑ වෙලා සෝයූන්ගේ රූම් එකට ගියා කෙල්ලගේ රූම් එකේ දොර ඇරලා ඔලුව විතරක් ඇතුලට දාලා ජීවූ බැලුවා

" හොර පූසි වගේ ඉන්නේ නැතුව ඇතුලට ඇවිත් වාඩිවෙනවා.."

සෝයූන් study table එකේ වාඩිවෙලා පොතක් දිහා බලාගෙන කිව්වාම ජීවූ ඇවිත් වාඩිවුනා

සෝයූන් අතේ තිබුණු පොත ටේබල් එක මතින් තියලා ජීවූගේ පැත්තට හැරුනා

" මම උදෙත් දැක්කා දෙන්නා පිඹුරෝ දෙන්නෙක් වගේ වෙලිලා ඉන්නවා "

" වෙලිලා හිටියේ නැ "

ජීවූ හිමින් කිව්වා

" මට කියන්න ඕන කියලා හිතුනේ නැද්ද.."

සෝයූන් අත් දෙක බැදගෙන ඇහුවා

" මට කියන්න ඕන වුනා ඒත් ඔන්නි සූබින් කිව්වා ඔන්නිට කියන්න එපා ඔන්නි අපේ relationship එකට කැමති වෙන එකක් නැ කියලා "

ජීවූ බිම බලාගෙන ඇගිලි එකට තෙරපන ගමන් කිව්වා

" සූබින් මං ගැන නොදන්නවා වුනාට තවුසේ මං ගැන දන්නවා නේ "

සෝයූන් ඇහිබමක් උස්සගෙන කිව්වා

" මියානේ ඔන්නි.."

ටික වෙලාවක් නිහඩව හිටපු ජීවූ හඩ බාල කරලා කිව්වා

" ඒකට කමක් නැ දැන් කියන්න සූබින් ගැන "

සෝයූන් හිනාවක් එක්ක කිව්වාම ජීවූට පොඩි සහනයක් දැනුනා

" එයාගේ නම චෝයි සූබින්....සූබින්ගේ ඔම්මායි අප්පායි දෙන්නාම පුංචි කාලේ ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා එයා orphanage එකේ හැදුනු ලමයෙක් සූබින් cafe එකේ වැඩ කරලා තමයි එයාගේ වැඩ වලට සල්ලි හොයාගන්නේ එයාට කියලා කවුරුවත් නැ ඔන්නි එයා මහ ලොකු පොහොසතෙක් නෙවෙයි "

" ජීවුයා....මට තේරෙනවා ඔයා මොකද්ද කියන්න හදන්නේ කියලා සල්ලි ජීවත් වෙන්න ඕන ඒත් සල්ලි නෙවෙයි ජීවිතේම කියන්නේ සූබින් ඔයාට හදවතින්ම ආදරෙයි නම් එයාට ඔයාව පරිස්සම් කරන්න පුලුවන් ඊට වඩා දෙයක් ඕන නැ මට එයත් එක්ක කතා කරන්න ඕන ජීවුයා.."

" හරි ඔන්නි ඔයා සූබින් වැඩ කරන cafe එකට ස්කූල් ඉවර වෙන වෙලාවට එන්න.."

ජීවූ අහිංසක හිනාවක් එක්ක කිව්වා

" මම කොහොමද යකෝ දන්නේ තොගේ සත්‍ය ප්‍රේම බෘංග රාජයා වැඩ කරන cafe එක මොකද්ද කියලා "

" හරි අනේ මම location එක එවන්නම් "

" දැන් පලයන් මට වැඩ තියෙනවා "

" යනවා තමයි පදිංචි වෙන්න ආවේ නැ "

ජීවූ එහෙම කියලා සෝයූන්ට ගස්සගෙන රූම් එකෙන් එලියට ආවේ හිනාවක් එක්ක ජීවූ යන දිහා බලාගෙන හිටපු සෝයූන් හිනා වුනා

" මගේ සූතියා හැමදාම සතුටින් ඉන්න ඕන "

සෝයූන් තමන්ගේ නංගිගේ හිනාව දිහා බලාගෙන හිතුවා ආපහු කෙල්ල වැඩ පටන් ගත්තා

________________________

මේ අතරේ සුගා හිටියේ කේන්තියෙන් ඇස් රතු කරගෙන සුගා ගෙන්නපු වෙපන්ස් ඔක්කොම NIS එකෙක් අල්ලලා හැමපාරම NIS එකේ ඇස් වහලා වෙපන්ස් ගෙන්න ගත්තාත් මේ පාර port එකේදීම ඔක්කොම අල්ලගත්තා ඒක වුනේ කොහොමද කියලා කොල්ලාට හිතාගන්න බැරුව හිටියේ කකුලක් පිට කකුලක් දාගෙන couch එකේ වාඩිවෙලා නිහඩව ඉන්න සුගා දිහා ගාඩ්ස්ලා බලාගෙන හිටියේ බයෙන් සුගා නිහඩව ඉන්නවා තරම් භයානක දෙයක් නැති තරම්

" කොහොමද මෙහෙම වුනේ....මෙච්චර දවසක් නොවුනු දෙයක් කොහොමද වුනේ "

සුගා මිමිනුවේ එයාගේ ඉදිරියේ ඔලුව නවාගෙන ඉන්න ගාඩ්ස්ලා දිහා බලන ගමන්

" දන්නේ නැ බොස්...NIS එකෙන් එකපාරට පැන්නේ..අපිට හිතාගන්න බැරී වුනා "

වෙපන්ස් ගේන්න යවපු ගාඩ්ස්ලාගෙන් එකෙක් කිව්වා අනිත් අය ඔක්කොම NIS එකෙන් අල්ලාගෙන ගියා සුගා කෙලින්ම ඒ ගාඩ් දිහාට තියුනු බැල්මක් දාගෙන හිටියා ගාඩ් ඉක්මනට බිම බලාගත්තා ඒත් එක්කම ගන් එක අතට ගත්ත සුගා ඒ ගාඩ්ගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තිබ්බේ කාටවත් හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර ගාඩ් එතැනම බිම වැටුනේ සුදු පැහැති ටයිල් එක රතු පැහැති රුධිරයෙන් තෙත් වෙලා යද්දී

" උබලා වගේ ද්‍රෝහීන්ට මේ ලෝකේ ඉඩක් නැ "

ලේ විලක් මැද වැටිලා ඉන්න ගාඩ් දිහා බලාගෙන සුගා කිව්වා

" මට ද්‍රෝහි වෙන්න උබලා එකෙක් හරි හිතුවොත් ඒ වෙලාවේම ජීවිතයට තියෙන ආසාව අතහැර ගනින්.."

සුගා තදින් කියද්දී ගාඩ්ස්ලා බිම බලාගත්තා

" ලියොන් මෙතන අස් කරපන් "

සුගා එහෙම කියලා එතැනින් නැගිටලා යන්න ගියා ලියොන් ගාඩ්ස්ලාට එතැන අස් කරන්න කියලා සුගාගේ පස්සෙන් ගියා

" බොස්....දැන් ඉන්න NIS හෙඩ් ලේසියෙන් දෙයක් අතහරින එකෙක් නෙවෙයි "

" Mr.Park Sang woo මෙච්චර ඉක්මනට මගේ පාරෙන් අයින් කරන්න වෙයි කියලා හිතුවේ නැ "

සුගා කිව්වේ අදුරු අහස දිහා බලාගෙන කට කොනින් ඇදුනු හිනාවක් එක්ක

To be continue.................♡︎

Good Morning සංකුට්ටෝ ටික

අදත් ඕතර්ට ක්ලාස්..😒💔

Bạn đang đọc truyện trên: AzTruyen.Top