匚卄卂卩ㄒ乇尺 08🐾
සෝයූන් සුපුරුදු පරිදි උදේ නැගිටලා රෙඩි වුනේ පූස් professor ගේ ලෙක්චර් එක උදේම තියෙන හින්දා උදේම කිව්වාට ඉතින් උදේම නෙවෙයි සෝයූන්ගේ භාෂාවෙන් උදේ 7.30 කියන්නේ මහ පාන්දර වගේ තමයි කෙල්ල බෑග් එකත් අරගෙන පූස් තඩියෝ ටිකගේ ඉදලා ගෙදර ඉන්න ජීවි අජීවි ඔක්කොටම යනවා කියාගෙන පාරට බැස්සා කෙල්ල වෙනදා වගේ පාරේ වටපිට බල බලා යනකොට එකපාරට දැක්ක දෙයක් හින්දා නැවතුනා සෝයූන් වේගෙන් ඇස් පිය ගැහුවේ වැරදියට පේනවා කියලා හිතාගෙන ඊට පස්සේ කෙල්ල අතක් කොනිත්තගෙන බැලුවේ එයාට තාම නිදි මරගාතේ විකාර පේනවා කියලා හිතාගෙන
" මොහ්...? මේක හීනයක් නෙවෙයි "
කෙල්ල මිමිනුවේ එයාට ටිකක් දුරින් ඉන්න කපල් එකක් දිහා බලාගෙන එතැන හිටියේ සෝයූන්ගේ යක්ෂ නැගනිය ජීවූ තනියෙන් නෙවෙයි එයාගෙම වයසේ වගේ කියන්න පුලුවන් කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන හුරතල් වෙන ගමන්
" දෙන්නම් පුතේ වැඩක්...මට නැති කොල්ලෝ උබට මොකටද "
සෝයූන් එහෙම කියලා ෆෝන් එක අරගෙන ජීවූගේ මූන හොදට පේන විදියට ෆොටෝ එකක් අරගත්තා
" වැඩේ හරි....අද ඉදන් මගේ පදේ නටන්න ලෑස්ති වෙනවා ජීවූයා...බුහ්හාහා..."
සෝයූන් ෆොටෝ එක දිහා බලාගෙන කුරිරු හිනාවක් එක්ක කිව්වා ෆෝන් එක බෑග් එකට දාගෙන කෙල්ල බස් හෝල්ට් එකට ආවා විනාඩි කිහිපයකින් බස් එකක් ආපු හින්දා සෝයූන් ඒකේ නැගලා යුනි එකට ගියා
කෙල්ල යුනි එකට යනකොට 8.07 වෙලාව ලෙක්චර් එක පටන් ගන්නේ 8.00
" වොහ්....සෝයූනා....ඔයා අද කලින් ඇවිත්.."
වොච් එක දිහා බලපු සෝයූන් එහෙම කියලා යුනි එක ඇතුලට ඇවිදගෙන ගියා ලෙක්චර් හෝල් එක ලගින් නැවතුනු සෝයූන් ඔලුව දාලා බැලුවා යුංගි ලෙක්චර් එක පටන් අරගෙන යුන්වි ඇස් කොනින් දැක්කා සෝයූන් එබෙනවා යුන්වි තොල කට කාගෙන හිටියේ සෝයූන් අද මොනා කර ගනියි ද කියලා හිතන ගමන් මොකද නම්ජූන් වගේ නෙවෙයි යුංගි කියන්නේ නම්ජූන් සෝයූන්ට සමාව දුන්නත් යුංගිගෙන් ලේසියෙන් සමාවක් ලැබෙන්නේ නැ කියලා යුන්වි දන්නවා අනික සෝයූන් කටට බ්රේක් නැ නේ
" Excuse me professor..."
සෝයූන් අහිංසක හිනාවක් දාගෙන කියද්දී යුංගි නෑහුනු ගානට පාඩම කරගෙන යනවා කෙල්ල තොලුත් පිට පෙරලගෙන යුන්වි දිහා බැලුවාම යුන්වි ඇගිල්ලක් බෙල්ල ලගින් ගෙනිච්චේ උබ ඉවරයි බුදු පුතේ කියන්න වගේ
" Excuse me professor "
සෝයූන් ආපහු කතා කලත් යුංගිගෙන් ප්රතිචාරයක් තිබුණේ නැ ඔක්කොම ලමයි බලාගෙන ඉන්නේ ඊලගට මොකද වෙන්නේ කියලා
මේකාගේ කන් ඇහීමේ දෝෂයක් ද කොහෙද ඇයි යකෝ මගේ සුන්දර සුකුමාල වොයිස් එක ඇහෙන්නේ නැ වගේ ඉන්නේ පුදුම ලොකුකමක් නේ තියෙන්නේ මුගේ අප්පාගේ යුනිවසිටි එක කියලා ද දන්නේ නැ හිතාගෙන ඉන්නේ professor නොවුනා නම් මේකාට හොද පාඩමක් උගන්නලා..
කෙල්ල යුංගි දිහා බලාගෙන හිතලා ලෙක්චර් හෝල් එක ඇතුලට ගියා
" මේ තමුසේ කොහේ යනවා කියලා හිතාගෙන ද යන්නේ "
යුංගි අහනකොට සෝයූන් කොල්ලා පැත්තට හැරුනා
" පොලේ යනවා...ඇයි අහන්නේ..?"
සෝයූන් කැත්තට පොල්ල වගේ උත්තරයක් දුන්නාම යුංගි අතේ තිබුණු පොත සද්දෙන් මේසේ උඩට දැම්මා
" මේක පොලක් නෙවෙයි කියලා තමුසෙට පේන්නේ නැද්ද "
" පොලක් නෙවෙයි කියලා පේනවා නම් මොකටද කොහෙද යන්නේ කියලා අහන්නේ "
ලෙක්චර් හෝල් එකේ ඉන්න ලමයි සෝයූන් දිහා බලනවා යුංගි දිහා බලනවා දකින ඕන කෙනෙක්ට තේරෙනවා යුංගිට කේන්ති ගිහින් ඉන්නේ කියලා
" තමුසේ පරක්කු වෙලා ඇවිත් තව එකට එක කියාගෙනත් එනවා ද වෙලාවට වැඩක් කරන්න දන්නේ නැති තමුසේ කොහොමද management කරන්නේ මට කියනවා තමුසේ කොහොමද මෙච්චර දුරක් ආවේ කියලා "
" කකුල් දෙකෙන්..."
සෝයූන් කිව්වාම යුන්වි ඔලුව අත ගහගත්තා අනිත් ලමයි ඔක්කොම වගේ හිනා වෙනවා
" Just shut up..."
යුංගි ලෙක්චර් හෝල් එක පුරාවටම මාරාන්තික බැල්ලමක් දාලා හයියෙන් කිව්වාම ඔක්කොම මීයාට පිම්බා වගේ නිශ්ශබද වුනා ඊලගට යුංගි හැරුණේ ලෙක්චර් හෝල් එක මැද්දේ හිටගෙන ඉන්න සෝයූන්ගේ පැත්තට
" තමුන් ලෙක්චර් හෝල් එකෙන් එලියට යනවා මම කැමති නැ වෙලාවට වැඩ කරන්නේ නැති අයට chancellor ලගට එක්කගෙන යන්න කලින් එලියට බැස්සොත් තමුසෙට හොදයි "
" I'm really sorry professor please ලෙක්චර් හෝල් එකෙන් එලියට යන්න කියන්න එපා ආපහු එහෙම කරන්නේ නැ "
සෝයූන් කවදාවත් නැතුව එහෙම කියද්දී යුන්වි බලාගෙන හිටියේ මේකි මොකාටද එන්න හදන්නේ කියලා
" තමුසෙට සමාවක් නැ library ගිහින් තමුසේ අද නෝට් එක දහපාරක් ලියලා අද හවස් වෙද්දී මට ගෙනත් දෙන්න ඕන එච්චරයි දැන් යනවා "
",ඒත්..."
" කිව්වාම යනවා අනිත් එක ඔක්කොම අහගත්තොත් හොදයි අනිත් professor එක්ක නටපු නාඩගම් මාත් එක්ක නටාගෙන එන්න එපා තමුන්ලා වෙලාවට ලෙක්චර් එකට නාවොත් එලවලා දානවා ආපහු යුනි එක පැත්ත පලාතේ එන්න බැරි වෙන්න තමුසෙලාට වෙලාවට ලෙක්චර් එකට බැරි නම් කොහොමද ජොබ් එකක් හම්බුනු දවසට වැඩ කරන්නේ "
යුංගි කියාගෙන යද්දී සෝයූන් මූනත් අකුලගෙන ලෙක්චර් හෝල් එකෙන් එලියට බැස්සා කෙල්ල යුංගිට බැන බැන library එකට ගිහින් වාඩිවුනා
" සෝයූන්ට පාර වැරදිලා ද library ආවේ.."
ඉස්සරහින් වාඩිවුනු පුද්ගලයා එහෙම ඇහුවා
" ඒ ගමන ඔයත් පටන් ගත්තා ද නම්ජූන් ඔප්පේ..."
" මොකද කවදාවත් නැතුව library යුංගි ගහලා පැන්නුවා ද..."
නම්ජූන් හිනා වෙවී අහනකොට කෙල්ල රැව්වා
" බැනලා පැන්නුවා...මම උපරිම පරක්කු වෙන්න ඇත්තේ විනාඩි 10 යි ඒ ටිකට මට කියපුවා....අයිෂ් කවුරුවත් මට එහෙම කතා කරලා නැ "
" ඒ යුංගිගේ හැටි සෝයූන් එයා හරියටම විනාඩියට වැඩ කරන කෙනෙක් යුංගි විනාඩියක්වත් නාස්ති කරන්න කැමති නැ "
" ඒ එයා නේ මේ මම...මම වැඩ කරන්නේ මගේ වෙලාවට "
සෝයූන් අත් දෙකත් බැදගෙන මුරන්ඩු විදියට කිව්වාම නම්ජූන් හිනා වුනා
" යුංගි ඔයාව හදලා ගනියි..."
" එයා මාව හදයි මම එයාව හදලා ගනියි ද කියලා බලමුකෝ "
" ම්ම්ම්...අපිත් මෙහේ ඉන්නේ.."
නම්ජූන් එහෙම කියලා පොත් ටිකත් අරගෙන නැගිටලා ගියා සෝයූන් ෆෝන් එක අරගෙන යුන්විට මැසේජ් එකක් දැම්මා ඒත් රිප්ලයි නොතිබුනු හින්දා කෙල්ල library ඇවිදගෙන ගිහින් පොතක් අරගෙන ඇවිත් කියවන්න පටන් ගත්තා ටික වෙලාවක් යනකොට කෙල්ල පොත උඩ ඔලුව තියාගෙන සැපට නිදි
පැය ගානක ලෙක්චර් එක ඉවර වෙලා යුන්වි එනකොට සෝයූන් පොතක් බදාගෙන නිදි යුන්වි තනියෙන් නෙවෙයි ආවේ යුංගි එක්ක යුංගි කෙල පෙර පෙර නිදාගෙන ඉන්න කෙල්ලව දැකලා සසර කලකිරුනා කොල්ලා යුන්වි දිහා බැලුවාම කෙල්ල දත් තිස්දෙකම නියවලා හිනා වෙලා සෝයූන් නැගිට්ටවන්න ට්රයි කලේ
" ඕයි....නැගිටපන් සෝයූන්....බේසිකයෝ නැගිටපන් ගෑනීයේ මහ දවාලේ library නිදාගන්නේ තොගේ ගෙදර නෙවෙයි මේ.."
යුන්වි කෙල්ලව හොල්ලන ගමන් කතා කලා
" ම්ම්ම්ම්....ඩෝල්....මමීට මහන්සියි දැන් නිදාගන්න ආපහු හෙට කරමු..."
සෝයූන් නිදි මරගාතේ යුන්විගේ අතක් අල්ලාගෙන කියද්දී යුංගි බලාගෙන හිටියේ මොන මලවිකාරයක් ද වගේ ලුක් එකකින් යුන්විට නම් හිතුනේ පොලොව පලාගෙන ගිහින් අපාගත වෙන්න
" අනේ....බේසික තිරිසනෝ....මම තවුසෙගේ ඩෝල් නෙවෙයි යකෝ නැගිටහම්කෝ "
යුන්වි සෝයූන් හොල්ලන ගමන් කිව්වාම කෙල්ල නැගිටලා අත් දිග හැරලා හිරි ඇරියා කට වටේ තිබුණු කෙලත් අතින් පිහිදගෙන තඩි ඈනුමක් ඇරියා කෙල්ල තාම දන්නේ නැ එයාගේ දිහා සසර කලකිරිලා වගේ යුංගි බලාගෙන ඉන්නවා කියලා කෙල්ල හිතාගෙන ඉන්නේ යුන්වි විතරයි ඉන්නේ කියලා
" නිදාගන්න දියම්කෝ බන් "
සෝයූන් එහෙම කියලා ඇස් අරිනකොට තමයි දැක්කේ අත් දෙක බැදගෙන එයාගේ දිහා බලාගෙන ඉන්න යුංගිව කෙල්ලට යුංගිව දැක්කාම උතුර දකුන මාරු වුනා දඩබඩ ගාලා නැගිටින්න ගිහින් තව පොඩ්ඩෙන් පුටුවෙනුත් වැටෙනවා
" professor...."
" professor තමයි තමුසෙට පේන්නේ මොකෙක් වගේ ද.."
" පූසෙක් වගේ "
කෙල්ල හිමින් මිමිනුවාම යුංගි ඇහිබමක් උස්සලා සෝයූන් දිහා බැලුවා
" යුන්වි මේකිට නෝට් ටික දීලා එනවා.."
යුංගි කිව්වාම යුන්වි ඔලුව වැනුවා
" අරකි මේකි කියාගෙන එන්න එපා මට නමක් තියෙනවා "
" ඉතින් මට මොකද මම ඇහුවා ද.."
යුංගි එහෙම කට කොනින් හිනා වෙලා යන්න ගියේ සෝයූන් කේන්තියෙන් අඩිය පොලොවේ ගහද්දී
" අයිෂ්.....මම මේකාගේ මයිල් ඔක්කොම ගලවනවා.."
සෝයූන් කිව්වාම යුන්වි කෙල්ලට පොතක් දික් කලා
" දැන් ඉතින් අතට වැදලා ලියන්න පටන් ගනින් බේසික තිරිසනෝ..."
යුන්වි එහෙම කිව්වාම සෝයූන් පොත අරගත්තා
" යුන්වි....මෙහේ එනවා.."
යුංගි කතා කරද්දී යුන්වි කෙල්ලව දාලා යන්න ගියා සෝයූන් එයාගේ අතේ තිබුණු පොත දිහා බලලා හුස්මක් පහත දැම්මා
" වේ....ජෙයියනේ මටම මෙහෙම වෙන්නේ "
සෝයූන් උඩ බලාගෙන මිමිනුවා ඊට පස්සේ කෙල්ල වාඩිවෙලා ලියන්න පටන් ගත්තා
.
ටික ටික හවස් වෙද්දී සෝයූන්ගේ අත වගේම බෙල්ලත් රිදෙන්න ගත්තා කෙල්ල ඒ නිසා පොත උඩින් ඔලුව තියාගත්තා එතකොට සෝයූන්ට නොදැනීම නින්ද ගියා
යුංගි ඔක්කොම වැඩ අවසන් කරලා mansion එකට යන්න කලින් library එකට ආවේ කෙල්ල මොකද කරන්නේ කියලා බලන්න යුංගි දැක්කේ පොත උඩින් ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න සෝයූන්ව කෙල්ලගේ අතේ තාමත් පෑනක් රැදිලා තිබුනා යුංගි ටික වෙලාවක් සෝයූන් දිහා බලාගෙන හිටියා කෙල්ලගේ මුහුනේ තිබුණේ දැඩි මහන්සි ස්වභාවයක්
කට කොනින් හිනා වුනු යුංගි මේසේ උඩ තිබුණු වතුර බෝතලේ අරගෙන නිදාගෙන හිටපු කෙල්ලට වතුර ගැහුවා සෝයූන් ගැස්සිලා ගිහින් නැගිට්ටේ වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව යුංගිගේ අතේ තියෙන වතුර බෝතලේ දැක්කාම නම් සෝයූන්ට වුනේ මොකද්ද කියලා තේරුම් ගන්න වෙලා ගියේ නැ කෙල්ල නෝට් ලියපු පොත වතුරට තෙමිලා
" තමුසේ මොකද්ද ඒ කරපු අහිකුන්ඨික වැඩේ තේරුම....අයිෂ් මුලු පොතම තෙමිලා "
කෙල්ල තෙමිලා තියෙන පොත දිහා බලාගෙන කිව්වා
" මම තමුසෙට කිව්වේ නෝට් ලියන්න මිසක් නිදාගන්න නෙවෙයි "
යුංගි මේසේ උඩින් වතුර බෝතලේ තියලා කිව්වා
" මට පොඩ්ඩක් නින්ද ගියා කියලා මෙහෙම කරනවාද"
කෙල්ල තෙමිලා තිබුණු කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන් කිව්වා
" තමුසේ ඔය නෝට් එක 20 වතාවක් ලියාගෙන හෙට එනවා.."
" WTF..!! තමුසෙගේ ඔලුව කොහේහරි වැදිලා ද මම කොහොමද එච්චර ලියන්නේ අනික හෙට වෙනකොට.."
" මට තමුසේ ලියන විදිය වැඩක් නැ මුලු රෑම ඇහැරගෙන ඉදලා හරි ඕක ලියාගෙන එනවා..දැන් ගෙදර යනවා.. මට කෙල්ලෝ පරිස්සම් කරන්න බැ "
කොල්ලා එහෙම කිව්වාම සෝයූන්ට තවත් කේන්ති ගියා
" තමුසෙට මම කිව්වා ද මාව පරිස්සම් කරන්න කියලා "
යුංගි කට කොනින් හිනා වෙලා නෑහුනු ගානට එතැනින් යන්න ගියේ කෙල්ල එතැන තනි කරලා
" මේ මනුස්සයාට මොකද්ද මාත් එක්ක තියෙන තරහ "
සෝයූන් එහෙම කියන ගමන් පොත් ඔක්කොම බෑග් එකට දාගෙන library එලියට ආවේ ගෙදර යන්න බලාගෙන
To be continue.................♡︎
මා දයාබර රීඩස් ජනතාව වෙත මට දෙයක් කීමට තිබේ...
.
අනෙව් යකුනේ වෝට් නොකරත් කමක් නැ කමෙන්ට් එකක් දාගෙන පලකෝ මට කම්මැලියි මේක ලියන්න
Bạn đang đọc truyện trên: AzTruyen.Top