匚卄卂卩ㄒ乇尺 07🐾

එදා දවසෙම ලෙක්චර්ස් තිබුණු නිසා සෝයූන් යුන්වි දෙන්නා හවස් වෙලා යුනි එකෙන් එලියට ආවේ කෙල්ලෝ දෙන්නා කයියක් ගහන ගමන් ඇවිදගෙන බස් හෝල්ට් එකට ගියා

" යුංගි ඔප්පා එක්ක කොහොමද යකෝ අපි ඉස්සරහට ඉන්නේ ආපු මුල්ම දවසෙම කන් පිරෙන්න බැනුම් ඇහුවා "

යුන්වි කිව්වේ ගෙදර ගිහින් යුංගි මිසිස් කිම්ට එයාලගේ වැඩ ගැන කියයි කියලා මස්තිෂක රාජයා සිග්නල් එකක් එව්ව නිසා

" ඕක ගැන හිතන්න එපා බන් අපි ඔහොම ද බැනුම් අහලා තියෙන්නේ...අනික දැන් අපි ඕක ගැන හිතුවා කියලා අපිට ලැබෙන දෙයක් නැ නේ "

සෝයූන් කිසිගානක් නැතුව එහෙම කිව්වා

" උබ කියන දේත් ඇත්ත "

" ඇත්ත නම් ඔය ගැන තවත් කියවන්න එපා බන් ඒ පූස් තඩියාට හචින් ගිහින් නහය ගැලවිලා ද දන්නේ නැ "

සෝයූන් බස් එකක් එනවද කියලා බලන ගමන් කිව්වා ඒත් එක්කම බ්ලැක් කලර් ලැම්බොගිනියක් නැවැත්තුවා යුන්වි නම් දැක්ක ගමන් අදුරගත්තා කවුද වාහනේ අයිතිකාරයා කියලා සෝයූන් නම් කල්පනා කරනවා මෙච්චර දවසක් නාපු ලැම්බොගිනියක් අද කොහොමද එකපාරට පහත් වුනේ කියලා

" නගිනවා..."

ඒත් එක්කම ශටර් එක පහත් කරලා කතා කරපු කෙනා දැක්කාම සෝයූන් කට දනහිස ලගට විතර ඇරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" ඕයි....බ්‍රේක් නැති මැස්සෙක් ආවොත් තොගේ ආමාශයේ නවතින්නේ පව් වැඩ නොකර කට වහගනින් "

යුන්වි එහෙම කිව්වාම කට වහගත්ත සෝයූන් යුන්විට රැව්වා

" ඕයි යුන්වි තමුසේ එනව ද නැද්ද.."

යුංගි සෝයූන් කියලා ජීවියෙක් එතැන නැති ගානට යුන්විට කතා කලා

" එන්නම්...යුංගි ඔප්පා සෝයූන් යන්.."

" අනියා...මම බස් එකේ එන්නම්.."

සෝයූන් දත් තිස් දෙකම නියවලා හිනා වෙලා එහෙම කිව්වත් හිත යටින් යුංගිට දෙහි කපන ගමන් හිටියේ

" ඒත්...."

",තමුසේ එනවා යුන්වි තමුසෙගේ යාලුවා අත දරුවෙක් නෙවෙයි නේ "

යුංගි එහෙම කිව්වාම සෝයූන්ට කොල්ලාගේ දත් තිස් දෙකම ආමාශගත වෙන්න දෙකක් නෙලන්න හිතුනත් කෙල්ල පාලනය කරගෙන හිටියේ මොනා වුනත් එයාලගේ professor හින්දා

" එහෙනම් සෝයූන් පරිස්සමින් යන්න ගෙදර ගියපු ගමන් මැසේජ් එකක් දාන්න "

" හරි බායි.."

සෝයූන් එහෙම කිව්වාම යුන්වි කෙල්ලව හග් කරලා ඉක්මනට ගිහින් කා එකට නැග්ගා යුංගි කෙල්ල දිහාට කට කොනින් හිනාවක් දාලා එතැනින් යන්න ගියා

" හහ්...? මුගේ තියෙන ලොකුකම බලාපිය්කෝ කොරියාවේ ජනාධිපති කියලා ද දන්නේ නැ හිතාගෙන ඉන්නේ... මනුස්සකමට මාවත් දාගෙන ගියාම මූට හෙන ගහනවා ද..? ඕකාගේ car එකේ රෝද හතරේම හුලං යන්න ඕන..ඒවාහ් පුහ්...! අන්තිමට මගේ දිහාට දාපු නෝන්ඩි හිනාව...මූ professor නොවුනා නම් මගෙන් සුද්ද කොරියන් වලින් අහගෙන මෝඩ කොට පූස් තඩියා...ඔහොම යන්කෝ මිස්ටර් කිටී අපිටත් වාරයක් එයි නේ "

කෙල්ල යුංගිගේ කා එක යන දිහා බලාගෙන මිමිනුවා විනාඩි කිහිපයකින් ආපු බස් එකේ නැගලා කෙල්ල ගෙදර යන්න පිටත් වුනා සෝයූන් වෙනදා බහින තැනින් බැහැලා අතුරු පාරක් දිගේ ඇවිදගෙන ගියා එතකොට කෙල්ල දැක්කේ එයාලගේ අල්ලපු ගෙදර ඉන්න සෝයූන්ට වඩා අවුරුදු පහක් බාල කොල්ලා කෙල්ලෙක්ව කිස් කරනවා ඒකත් උගේ ගේ ඉස්සරහ ඉදගෙන

" අනේ හත්තිකේ...මූටත් කෙල්ලෙක් ඉන්නවා අවුරුදු විස්සත් පැනපු මට තාම කොල්ලෙක් කියලා සුනඛයෙක්වත් නැ කමක් නැ ජුකක් ඤැ.."

සෝයූන් ඒ කිස් කරන කපල් එක දිහා බලාගෙන ඉදලා යන්න ගියේ සසර කලකිරුනු ස්වභාවයකින් කෙල්ල ගෙදර දොර ටිකක් හයියෙන් වැහුවාම කිචන් එකේ හිටපු සෝයූන්ගේ ඔම්මා තෙල් හැන්දත් උස්සගෙන ආවේ දොර කඩන්න හදන එකා මොකා ද කියලා බලන්න

" කාපන් කාපන්...තෝ ඔක්කොම කාපිය අතට දෙයක් අහුවුනොත් ඉවරයි ඔච්චර හයියෙන් දොර වහන්නේ පොඩ්ඩක් හිමින් වැහුවාම මොකද්ද වෙන්නේ ඔක්කොම එකයි බලාගෙන යනකොට ගොලුවොයි බීරොයි අන්ධයොයි මැද්දේ මම විතරයි වැඩ කරන්නේ මොකද තවත් ඔතනට වෙලා ගල් පිලිමේ වගේ බලාගෙන ඉන්නේ ගිහින් වොෂ් එකක් දාගෙන එන්න...කවද්ද අන්තිමට නෑවේ..."

සෝයූන්ගේ ඔම්මා තෙල් හැන්ද දික් කරන ගමන් කියවගෙන ගියා

" කවද්ද අන්තිමට නෑවේ නේද...? පොඩ්ඩක් ඉන්න ඔම්මා මතක් කරන්න.....
හරි මතක් වුනා.. අන්තිමට නෑවේ මීට මාසයි සති එකයි දවස් එකයි පැය එකයි විනාඩි එකයි තත්පර එකයි අනියා තත්පර දෙකකට කලින්..."

" මම මේ කෙල්ලට.."

සෝයූන්ගේ එහෙම කියලා කෙල්ලට ගහන්න තෙල් හැන්ද උස්සනකොට එතැන තිබුණු සෝෆා එක උඩින් පැනලා පඩිපෙළ දිගේ එයාගේ රූම් එකට දුවගෙන ගියේ ඔම්මාගේ බැනුම් මැද්දේ කෙල්ල රූම් එකට ඇවිත් යුන්විට මැසේජ් එකක් දාලා වොෂ් එකක් දාගන්න යන්න හදනකොට එයාගේ රූම් එකට කඩාගෙන පහත් වුනේ ආදනීය යක්ස නැගනිය වන ජීවූ.. සෝයූන් ටවල් එකත් අතේ තියාගෙන ජීවූ පැත්තට හැරුණේ කලබලේ දුවගෙන ආවේ හොදකට නම් නෙවෙයි කියලා හිතුනු නිසා

" මොකද තමුසෙගේ පස්සෙන් බ්ලැක් ප්‍රින්සස් ආවා ද..?"

" පිස්සු ද ඕයි මගේ පස්සෙන් ආපු කලු කුමාරයෙක් නැ...මට මගේ සූකිරි බෝලයක් වගේ ඉන්න ලස්සන ඔන්නිගෙන් සූති උදව්වක් ඕන "

ජීවූ ඇබරි ඇබරි කිව්වා සෝයූන් බලාගෙන හිටියේ මේ මොන මල කෝලමක් ද වගේ ලුක් එකකින්

" ඇබරෙන්නේ නැතුව කියනවා මොකද්ද වෙන්න ඕන කියලා "

සෝයූන් ඉනට අත් දෙක තියාගෙන ඇහුවා

" හෙට මගේ යාලුවෙක්ගේ birthday party තියෙනවා "

" තෝ කියන්නේ අප්පාගෙන් අවසර අරන් දෙන්න කියලා ද්..."

" අන්න මගේ සුදු ඔන්නි මැනිකට ගොනාට වගේ තේරුනා.."

ජීවූ හිනාවක් එක්ක කිව්වාම සෝයූන් ටවල් එකෙන් ගැහුවා

" තොට මාව ගොනෙක් වගේ ද පේන්නේ පොඩි ඇටයෝ එහෙනම් ඕන දෙයක් කරගනින්.."

සෝයූන් එහෙම කිව්වාම ජීවූ කෙල්ලගේ අතක එල්ලුනා

" එහෙම කරන්න එපා සුදෝ.....ආදරේ හින්දා නේ එහෙම කිව්වේ මේ උදව්ව කරනවකෝ.."

" ඔය පාටිය කොල්ලෙක්ගේද කෙල්ලෙක්ගේද කියාම් ඉස්සෙල්ලාම "

සෝයූන් එයාගේ ඇගේ පිබුරියක් වගේ වෙලිලා ඉන්න නැගනිය පැත්තකට තල්ලු කරන ගමන් ඇහුවා

" කොල්ලෙක්ගේ.."

ජීවූ හඩ බාල කරලා හොරහින් සෝයූන් දිහා බලන ගමන් කිව්වා

" ඒ කොල්ලා තමුසෙගේ ලව් එක කියලා නම් කියන්න හදන්න එපා..."

සෝයූන් ඇහිබමක් උස්සගෙන කිව්වාම ජීවූ අහිංසක හිනාවක් දැම්මා

" මගේ කස් එක හැබැයි "

" මට හිතුනා මම අප්පා එක්ක කතා කරලා බලන්නම් හැබැයි මට මොනාහරි පාටියෙන් අරගෙන වර.."

සෝයූන් ජීවූගේ අතේ තිබුණු ටවල් එක අරගෙන කිව්වා

" තව සුට්ටන් උදව්වක් ඕන "

" තවුසෙගේ red colour frock එකයි ear rings දෙකයි heels දෙකයි ඕන "

" ක්ලෝසෙට් එකෙන් හොයලා අරගෙන පල.."

" අනෙව්.....මගේ සූකිලි ඔන්නි බබා...ඔයා තමයි ලෝකේ ඉන්න හොදම ඔන්නි..."

ජීවූ එහෙම කියලා සෝයූන්ගේ බෙල්ල බදාගෙන කම්බුලට කිස් එකකුත් දුන්නා

" යාහ්හ්...එහාට පලයන් සුනඛ කෙල ගෑවෙනවා.."

සෝයූන් ජීවූව තල්ලු කරලා කම්බුල පිහිදන ගමන් කිව්වා කෙල්ල ජීවූට රවලා වොෂ් රූම් එකට ගියා 

______________________

Kim mansion එකේ කට්ටිය ඔක්කොම dinning table එකේ වාඩිවෙලා කන්න ලෑස්තිය ටේහ්‍යුන්ගේ drama එකේ වැඩ ඔක්කොම අවසන් වුනු හින්දා කොල්ලට දිග නිවාඩුවක් හම්බුනා මිස්ටර් කිම් ඔෆිස් එකේ දෙයක් ගැන ජින් එක්ක සාකච්ඡාවක යුංගි නම්ජූන් දෙන්නා යුනි එකේ වැඩ ගැන සාකච්ඡාවක මිසිස් කිම් කෑම ගෙනැල්ලා dinning table එකෙන් තිබ්බා යුන්වි කිමිචි බෙදාගෙන වතුර වීදුරුව පුරවගෙන බලනකොට කිමිචි ටික අන්තරස්දාන වෙලා

" ඔම්මාආආආඅ.....මගේ කිමිචි එක හොරකම් කරලා.."

යුන්වි උච්ච ස්වරයෙන් කෑගහනකොට තම තමන්ගේ කතා වලට හිටපු අනිත් අය යුන්වි දිහා බැලුවා

" මොකද බන් කෑගහන්නේ "

මිසිස් කිම් එහෙම අහගෙන ආවා

" ඔම්මා මේ පිටසක්වලයා මගේ කිමිචි එක කාලා.."

යුන්වි ටේහ්‍යුන්ට ඇගිල්ලෙන් අනිනන ගමන් කිව්වා

" ඔය තව තියෙන්නේ කනවා යුන්වි හැමදේටම ඒ කොල්ලාව අල්ලාගෙන රන්ඩු වෙන්න හදන්නේ "

මිසිස් කිම් එහෙම කිව්වාම ටේහ්‍යුන් අහිංසක හිනාවක් දැම්මා යුන්වි මූන දෙල් කරගෙන හිටියා

" අප්පා ඔයාවත් මොනාහරි කියන්නකෝ.."

යුන්වි මිස්ටර් කිම්ගේ අතින් අල්ලාගෙන කිව්වා

" මගේ කියුටි...මේක කන්නකෝ..."

මිස්ටර් කිම් එයාගේ ප්ලේට් එක යුන්විට දුන්නාම කෙල්ල හිනා වුනා මිස්ටර් කිම් යුන්විගේ කම්බුල මිරිකලා කෙල්ලව හුරතල් කරන්න ගත්තා

" අප්පා තමයි ඔය කෙල්ලව නරක් කරන්නේ..."

මිසිස් කිම් එහෙම කියලා ආපහු කිචන් එක පැත්තට ගියාම යුන්වි ටේහ්‍යුන්ට ගැහුවා

" යාහ්හ්හ්....ඔම්මාආආආ...මේ යක්සනි මට ගැහුවා "

" ඒ ගමන උබත් පටන් ගත්තා ද..උබලා පස් දෙනා හදාගත්තාට වඩා හොදයි කැරට් පාත්තියක් දාගත්තා නම් ඕන වෙලාවට කන්නවත් තිබුනා..."

" ඒක නම් ඇත්ත ඔම්මා..ඔය දිගංචි පුතා හදාගත්තාට වඩා හොදයි පොල් ගහක් හැදුවා නම් "

ඒ කටහඬ ඇහෙනකොට ඔක්කොම ඒ පැත්ත බැලුවා

" ඔහ්....මිනා.."

" යේ....මං තමයි...මෝඩ දිගංචියා...තමුසේ මාව ගන්න court එක ලගට එනවා කිව්වා තමුසේ දන්නවා ද මම එතැනට වෙලා පැයක් හිටගෙන හිටියා තමුසේ මෙතනට වෙලා හොදට කනවා..මාව මතක නැද්ද..? තමුසෙට දැන් මගෙන් වැඩක් නැ නේ අර ඔෆිස් එකේ ඉන්න තොරොම්බල් කරත්තේ ඉන්නවා නේ "

මිනායා ජින්ට බැනගෙන යද්දී අනිත් අය හිනාව කාගෙන හිටියේ හිනා වෙන්න ගියොත් මිනායාගෙන් ගුටි කන්න වෙයි කියලා

'අයියූ බබා...මියානේ...මට ඒක අමතක වුනා "

ජින් මිනායා ලගට ගිහින් හග් කරන ගමන් කිව්වාම කෙල්ල ජින්ව තල්ලු කලා

" තමුසේ මාත් එක්ක කතා කරන්න එපා "

මිනායා ඇගිල්ල දික් කරලා ජින්ට කියලා එතැනින් යන්න ගියාම අනිත් අය හිනා වෙන්න පටන් ගත්තා

" ජින් හියුන්ග් දැන් ගිහින් නූනා යාලු කරගන්න "

ටේහ්‍යුන් කිව්වා

" යේ ඔප්පා....නැත්නම් නිදාගන්න වෙන්නේ living room එකේ තමයි "

යුන්වි හිනා වෙවි කිව්වා

" ලොකු පුතා ඔයාගේ වැරදි නේ කරන්න දෙයක් නැ "

මිසිස් කිම් එහෙම කියද්දී ඔක්කොටම රවපු ජින් ඉක්මනට එතැනින් ගියා

" ජින්ට නම් ගැලපෙනම කෙනා හම්බුනා දැන් දෙවැනිට තමයි කවුරුහරි හොයන්න ඕන "

මිසිස් කිම් නම්ජූන් දිහා බලලා කියනකොට කොල්ලාට මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වුනා

" ඔම්මා....මට කලින් යුංගි හියුන්ග්ට කවුරුහරි හොයලා දෙන්න "

නම්ජූන් එහෙම කිව්වාම යුංගි නම්ජූන්ට රැව්වා

" මගේ පූස් පුතාටත් පූසියෙක් හොයලා දෙන්න ඕන "

" යුංගි ඔප්පාට සෝයූන් සෙට් කරමු.."

යුන්වි කිව්වාම ටේහ්‍යුන් ඔලුවේ අත ගහගත්තා නම්ජූන් හිනා වෙනවා යුංගි don't care මූඩ් එකේම ඉන්නවා

" ඕයි යුන්වි තවුසේ හදන්නේ හියුන්ග්ට ජීවිතේ එපා කරන්න ද..."

ටේහ්‍යුන් එහෙම ඇහුවාම යුන්වි කොල්ලාට ගැහුවා

" සෝයූන් නරකම නැ නේද අපේ මහත්තයා..."

" සෝයූන් හොදයි හනි...ඒත් සෝයූන් කියන්නේ කාගෙ දුව ද කියලා අමතක කරන්න එපා "

මිස්ටර් කිම් එහෙම කිව්වාම ඔක්කොම නිහඩ වුනා යුංගි එතැනින් නැගිටලා ගියා

" අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු හනි සමහරවිට යුංගි එයාට ගැලපෙන කෙනා හොයාගනියි..යුංගි වෙනුවෙන්ම මවපු කෙනෙක් මේ ලෝකේ කොහේහරි ඇති.."

මිස්ටර් කිම් එහෙම කියලා කන්න පටන් ගත්තා

To be continue.................♡︎

Good Morning සංකුට්ටනි

ඕතර් දැන් තමයි ඉස්කෝලේ යන්න නැගිට්ටේ සීතලයි අෆ්ෆා🥶

Bạn đang đọc truyện trên: AzTruyen.Top