匚卄卂卩ㄒ乇尺 04🐾

Soyun Pov

ලෙක්චර්ස් ඉවර වෙලා යුන්වියාගේ එක්ක ඇවිදින්න ගියා ඒකි එක්ක ඇවිදින්න ගියාට වඩා හොදයි නිකන් හිටියා නම් කියලා නොහිතුනාම නෙවෙයි මේකිගේ ටින් බෙලෙක්ක වොයිස් එක හින්දා පාරේ යන මිනිස්සු හැරි හැරි බල බලා යනවා වස විලිලැජ්ජාවයි

ඇවිද ඇවිද හිටපු අපි දෙන්නාට නොදැනීම රෑ වුනා යුන්වියා බොහොම අමාරුවෙන් ටැක්සියක දාලා යැව්වා ඒත් එක්කම මම ෆෝන් එක අරගෙන බැලුවා හුටා.....අද නම් උබව බේරගන්න සක්‍රයාට නෙවෙයි සක්‍රයාගේ පුත්‍ර රත්නය ආවත් බැරි වෙන හැඩයි

ඉමෝගෙන් මිස් කෝල්ස් 10
නැගනියගෙන් මිස් කෝල්ස් 03
ඔම්මාගෙන් මිස් කෝල්ස් 01

අද නම් ගෙදර ගිය ගමන් කන පලලා මඤ්ඤක්කා හිටවයි වගේ කෝල් කරපු කාටවත් කෝල් නොකර අප්පාට කෝල් කලා අප්පාව දැන්ම දැනුවත් කරලා තිබ්බොත් බේරීමට ඇති අවස්ථාව වැඩියි රින්ග්ස් ගියාට අප්පා ආන්සර් කලේ නැ මොනාහරි වැඩක වෙන්න ඇති මිස් කෝල් එක දැක්ක වෙලාවක කතා කරයි කියලා හිතාගෙන මිනිස්සු අතරින් මම ඇවිදගෙන ගියා

මම බස් හෝල්ට් එක ලගට එනකොට ඒ හරියේ මනුස්සයෙක් තියා සුනඛයෙක්වත් නැ රෑ හින්දා මේ හරියේ සෙනග ගැවසෙනවා අඩුයි බස් එකක් එනකම් මම එතැන තිබුණු බෙන්ච් එක උඩින් වාඩිවුනා හෙන හොල්මන් ෆීලින් එකක් සිත ගත වෙලාගෙන යනවා හදිස්සියේවත් මගේ කරුමෙකට වගේ මෙතනට මෝහිනි ඔන්නි ඇවිත් සාර්‍රිය හදාගන්න බබා වඩාගන්න කියයිද දන්නේ නැ හත්තිකේ එහෙම වුනොත් මම ඔන්නිගේ සාරිය හදලා දෙනවා

මෝහිනි ඔන්නි ගැන මනෝපාරක් ගහගෙන ඉන්නකොට මම ගැස්සිලා ගියේ ලග පහතකින් ඇහුනු වෙඩි සද්දේ නිසා පේන තෙක් මානෙක කවුරුවත් ඇත්තෙත් නැ මගේ මුලු ඇගම සීතල වෙලා ගිහින් ඕන දෙයක් වෙන්න කියලා හිතාගෙන මම වෙඩි සද්දේ ඇහුනු පැත්තට හිමින් ඇවිදගෙන ගියා මම එතැන තිබුණු ඩස්බින් එකක මුවා වෙලා වෙන්නේ මොකද්ද කියලා බලාගෙන හිටියා කලු පාට ඇදුම් ඇදගත්ත මිනිස්සු කට්ටියක් එක මනුස්සයෙක් වට කරගෙන හිටියා ඒ මනුස්සයා බිම වැටිලා හිටියේ බිම වැටිලා හිටපු මනුස්සයාට වෙඩි තිබ්බේ මුලු පලාතේම වෙඩි හඩ පැතිරිලා ගියා මම අතින් කට වහගෙන හිටියේ ඉකි ගහන සද්දේ ඇහෙයි

මගේ වෙලාව කොයි තරම් හොද ද කියනවා නම් මම එතැනින් නැගිටලා සේප් එකේ යන්න හදනකොට ඩස්බින් එක පෙරලුනා ඩස්බින් එක පෙරලුනු සද්දේ ඇරෙන්න වෙන මුකුත් සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න තරම්ම පරිසරය නිශ්ශබදයි අද නම් උබට හොදටම අපලයි වගේ සෝයූන් උදේම පඩිපෙළ බැහැගෙන එනකොට කකුල පටලැවිලා වැටුනා නේ එතකොට නොහිතුනේ ඇයි මොකක් හරි මරාලයක් කඩාගෙන වැටෙයි කියලා

" තොපි මොකද්ද යකෝ බලාගෙන ඉන්නේ ගිහින් අරකිව අල්ලාගෙන වරෙන් "

ගැඹුරු හඩකින් එහෙම කියනවා ඇහෙද්දී මම කකුල් දෙකට වැදලා දුවන්න පටන් ගත්තේ මුන්ට අහුවුනොත් මගේ ඇගේ කෑල්ලක්වත් හොයාගන්න හම්බවෙන එකක් නැ කියලා මොලය කියද්දී පිටිපස්සෙන් සුනඛයෝ රැලක් පන්නගෙන එනවා වගේ මම දිව්වා මේ විදියට ස්කූල් එකේ sportmeet එකේ දිව්වා නම් මෙලහකට මම ඔලිම්පික් ගිහින් උසෙන් බෝල්ඩ්ගේ වාර්තාවත් කඩලා ඒත් ඉතින් ස්කූල් එකේ පස්සෙන් පන්නගෙන එන්න සුනඛයෝ හිටියේ නැ නේ වැඩි දුර දුවන්න හම්බුනේ නැ කකුල මොකද්දෝ සෙද්දක පටලැවිලා උසෙන් බෝල්ඩ්ගේ හැල්මොනී වගේ පොලොව බදාගත්තා මේක නම් පුදුම කරුමයක් නේ යකෝ

අර මිනිස්සු මගේ ලගට එනකොට මම පස්සෙන් පස්සට ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා ලග පහත අතට අහුවෙන දේකුත් නැ අයියෝ කඩවලේ මාව බේරගන්න ඔබතුමා අද මාව බේරගත්තොත් යුන්විව සෙට් කරලා දෙනවා විකාර කියවන්න එපා යකෝ යුන්වි සෙට් කරලා දෙනවා කිව්වොත් දෙවියෝ මාව මෙතන අවසන් ගමන් යවයි

ඒත් එක්කම බයික් එකක ආපු ජීවියෙක් එතැන බයික් එක නැවැත්තුවා හත්තිකේ මගේ ගැලවුම්කාරයා එනවා පොඩි අවුලකට තියෙන්නේ ගැලවුම්කාරයාගේ පේන්නේ ඇස් දෙක විතරයි මූන පේන්නේ නැ mask එකක් දාලා හිටියේ මූන පෙන්න බැරි පිම්පල් හින්දා ද දන්නේ නැ

" චේබල්...මාව බේරගන්න...මේ මිනිස්සු මගේ පස්සෙන් එලවනවා මම මුකුත් දන්නේ ඤැ අයියූ.."

මම කලු කුමාරයෙක් වගේ ඉන්න මගේ ගැලවුම්කාරයා ලගට ගිහින් අඩන්න ඔන්න මෙන්න වගේ කිව්වා කොහොමත් මට භාගෙට ඇඩිලා තිබුණේ ඒ මනුස්සයා දිහා බැලුවා ඒ ඇස් හෙන නපුරු පාටයි

" බොස්..."

මගේ පස්සෙන් පන්නගෙන ආපු එක මනුස්සයෙක් කලු කුමාරයා වගේ ඉන්න මගේ ගැලවුම්කාරයාට බොස් කිව්වාම අඩියක් දෙකක් පස්සට ගියේ ඉබේටම මූ මගේ ගැලවුම්කාරයා නෙවෙයි මාරයා ජෙයියනේ ඔබ මැවූ ලොව පුදුමයි මාව බේරගන්න එකෙක් එවන්න කිව්වාම මාව මරන්න එන උන්ගේ බොසාව මොන කෙසෙල් ඇවරියක් කරන්න ද එව්වේ..? මාව ඉක්මනට ඔබතුමා ලගට ගෙන්න ගන්න ද ඕන ජෙයියනේ එහෙම ආසාවක් තියේ නම් මේ දැන්ම අස් කරගත්තොත් ජෙයියන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකරයි මම ආවොත් අමෘතයට විරේක පෙති හයක් හතක් දාලා බොන්න දෙන්නේ මාව බේරපිය ජෙයියනේ

" මේකිට මොකද්ද කරන්නේ..?"

යකඩයෝ වගේ මනුස්සයෝ දෙන්නෙක් මාව දෙපැත්තෙන් අල්ලගත්තා
අවසාන මොහොතේ මාගේ
මරනය දෑස මානේ
පෙනේවි ඔබගේ රූපේ
මැවි මැවි මාගේ කොට්ටේ
මූ මාව මරන්න කියයිද මරන්න කියන්නේ නැතුව හුරතල් කරන්න කියයි ද යකෝ මට දැන්ම මැරෙන්න බැ යකෝ අර මනුස්සයාගේ නපුරු ඇස් මගේ පැත්තට යොමු වෙද්දී බයටම ඇස් වලට කදුලු පිරුනා

" මගෙන් අහන්නේ ඉවරයක් කරපන්.."

ජෙයියෝ දැන් මාව බේරගන්න පාටක් නැ මටම තමයි මොනාහරි කරන්න වෙන්නේ යක්ෂයා ආරූඪ මොල රාජයාට කුනාටුවක් වගේ අයිඩියා එකක් පහල වුනේ ජෙයියෝ බැලුවා වගේ ජෙයියොත් නරකම නැ ඉතින් තෑම්ස් ජෙයියෝ

" මැර ඔප්පේ...චේබල් මාව මරන්න එපා මම අහිංසක දරුවො හත් දෙනෙක්ගේ ඔම්මා කෙනෙක් මම මලොත් මගේ දරුවෝ හත් දෙනා අනාථ වෙනවා මැර ඔප්පේ චේබල් ට්‍රයි ටූ අන්ටස්ටෑන්ඩ් මී...ඉහිම් ඉහිම්.."

මැර ඔප්පා මගේ දිහා බලාගෙන ඉදියේ සසර කලකිරිලා වගේ

" තමුසෙට ලමයි හතක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ කොහොමද "

අම්බෝ ඒ ගැඹුරු කටහඩ...ඇගම හිරි වැටිලා යනවා

" මාව දැක්කාම එහෙම හිතෙන්නේ නැ තමයි මැර ඔප්පේ... කතාවක් තියෙන්නේ පෙනුමෙන් මිනිස්සුන්ගේ වයස කියන්න බැ කියලා මගේ මිනිහා දරුවෝ හත් දෙනෙක් එක්ක මාව තනි කරලා එහා ගෙදර පූසා එක්ක සදපානේ පැනලා ගියා හෙන වේදනයි මැර ඔප්පේ එතකොට තමයි දන්නේ ඌ gay කියලා මම පව් ජෙයියනේ ඔප්පාට මේ නැගනියගේ ජුක වේදනාව තේරෙන්නේ නැද්ද අෆ්ෆා...ඉහිම් ඉහිම් "

මම අත් දෙක එකතු කරලා වැදගෙන බොරුවටත් එක්ක අඩන ගමන් කිව්වත් ඒ මනුස්සයාගේ බැල්ම පොඩ්ඩක්වත් වෙනස් වුනේ රංගනය තාත්විකවම දෙන්න ඕන එහෙම හිතලා ඒ මනුස්සයාගේ කකුල් ලග දන ගහලා කලිසමෙන් ඇද්දේ ඩයල් එක ගැස්සිලා යද්දී

" මට ජීවිත දානය දෙන්න මැර ඔප්පේ මගේ දරුවෝ හත් දෙනා පව් හයියූ මගේ දරුවෝ ගැන සිතාවත් මට යන්න දෙන්න "

" එහාට වෙනවා ඕයි මගේ කලිසම ගලවන්නේ නැතුව තමුසෙලා මොනාද බලාගෙන ඉන්නේ මේකිව එහාට කරනවා.."

මැර ඔප්පා කකුල ගසන ගමන් කියනකොට මිනිස්සු දෙන්නෙක් මාව අල්ලගත්තා

" තමුසෙට යන්න දෙන්නම් හැබැයි දැකපු දේවල් ගැන එක වචනයක් හරි කාටහරි කියලා තිබුනොත් තමුසේ ඉවරයක් කරනවා "

මැර ඔප්පා කේන්තියෙන් වගේ කිව්වාම මම දත් තිස් දෙකම නියවලා හිනාවක් දැම්මා

" එසේය උතුමානනි මම කාටවත් කියන්නේ නැ දැන්වත් මේ ගල් පිලිම දෙකට මාව අතහරින්න කියන්න "

මම එහෙම කිව්වාම මැර ඔප්පා එයාගේ ගෝලයොන්ට අතින් සන් කලාම ඒ මිනිස්සු මාව අතහැරියා මගේ ඇදුම් හදාගෙන අංශක අනූවට නැවිලා මැර ඔප්පාට ආචාර කලා

" යන්නම් ඔප්පේ...."

එහෙම කියලා මම එතැනින් හිමින් සැරේ මාරු වුනා යාන්තම් ඇති බේරුනා මම ඉක්මනට එතැනින් ගියේ ආපහු ඔය මිනිහා කතා කරයි දෝ කියලා සැකේට ටික දුරක් යනකොට අප්පා කෝල් කලා එයා දැන් වෙන්න ඇති මම කෝල් කරලා කියලා දකින්න ඇත්තේ අප්පා මාව එක්කගෙන යන්න එන්නම් කියලා ඉන්න තැන ඉන්න කිව්වා මෙතනට වෙලා හිටියොත් අර යක්කු ටික ඇවිත් ආපහු කුදලගෙන යයි මම හිමින් ඉස්සරහට ඇවිදගෙන යනකොට අප්පා ඇවිත් කා එක නැවැත්තුවා මම අහිංසක හිනාවක් දාගෙන ගිහින් කා එකට නැග්ගා

" මොනාද ඔච්චර රෑ වෙනකම් කරේ..? ඔම්මාත් කෝල් කලා ලොකු ෆෝන් ආන්සර් කරන්නේ නැ කියලා "

අප්පා drive කරන ගමන් කිව්වා

" ෆෝන් එක silent දාලා තිබ්බේ අප්පා ඇහුනේ නැ "

" ඔම්මා කැඩිච්ච රේඩියෝ එක වගේ කියවන්න පටන් ගත්තාම මට නම් කියන්න එපා බේරගන්න කියලා "

අප්පා එහෙම කිව්වාම මම හිනා වුනා ඔම්මා දවසට එකපාරක් හරි කාටහරි බනිනවා නැත්නම් ඔම්මාට වේලක් කාලා නැ වගේ

" අද මොනාද කලේ..?"

" උදේ යුන්වියා බලන්න ගියා ඔහ් අප්පා දන්නවා ද ටේ ඔප්පා ඇවිත්...එයා තවත් හැන්සම් වෙලා හනේ මා හාට්ටු "

මම පපුවට අත තියාගෙන කියද්දී අප්පා මගේ ඔලුවට ඇගිල්ලෙන් ඇන්නා

" අප්පා ඉස්සරහ කොල්ලෝ ගැන කියවන ලස්සන "

" ඔයාට ඉරිසියායි ද මිස්ටර් පාර්ක්...?"

මම අප්පා දිහා බලාගෙන ඇහුවා

" එහෙම දෙයක් නැ මම කල්පනා කලේ මගේ සයිකෝ කෙල්ලව බාර ගන්න කොල්ලා පව් නේද කියලා "

" යාහ්හ්හ් අප්පා..."

මම කෑගහනකොට අප්පා හිනා වෙවී එක අතකින් මගේ කොන්ඩේ අවුල් කලා මගේ අප්පා එක්ක මට ඕන දෙයක් කියන්න පුලුවන් අප්පාට කිසිදෙයක් කියන්න මම බය නැ මොකද හැමදාම එයා මාව තේරුම් ගත්තා කොච්චර බිසි වුනත් මාත් එක්ක වචනයක් හරි කතා කරනවා නැත්නම් මට දුක හිතෙනවා කියලා එයා දන්නවා

ගෙදර ගියාම මට විතරක් නෙවෙයි අප්පාටත් ඔම්මා බැන්නා අද ඔම්මා බනිනකොට ඉමෝ මාව බේරගන්නේ නැතුව ඇවිලෙන ගින්නට පෙට්‍රල් කෑන් පිටින් හලනවා එතකොට අපේ පොඩි ඇටයා ඒකි පැත්තකට වෙලා හිනා වෙවී බලාගෙන ඉන්නවා ඔම්මපා ඕකිගේ මූන කට සමතලා වෙන්න සෙරෙප්පු පාරක් දෙන්න හිතයි ඔම්මා බනින අතරේ සේප් රූම් එකට රිංග ගත්තා

.
Author Pov

සෝයූන් යනකම් ඉදපු කෙනා කැප් එක ගලවලා අතින් කොන්ඩේ අවුල් කරගත්තා කොල්ලා බලාගෙන හිටියේ සෝයූන් යන දිහා

" කෙල්ලගේ පිටිපස්සෙන් අපේ කොල්ලෙක් යවපන්.."

" හරි බොස්.."

" ඕකි මැරි කරන කොල්ලාට වැඩි කාලයක් යන්න කලින් කන් දෙකක් බද්ධ කරන්න වෙන්නේ.."

ඒ කෙනා ඇගිල්ලෙන් කන හොල්ලන්න ගමන් කිව්වා

" බොස් ඒ කෙල්ල මැරි කරලා කිව්වේ..."

" පිස්සු ද බන් ඒකි කියපුවා ඔක්කොම බොරු.."

" කෙල්ලව මැරුවේ නැත්තේ..."

ඒ ප්‍රශ්නෙට උත්තරයක් නොදී කට කොනින් හිනා වුනා

" මට ඒ කෙල්ල ගැන හොයලා දිපන්  "

" ඕකේ බොස්.."

එහෙම කියපු කෙනා බයික් එකට නැගලා හෙල්මට් එකත් දාගෙන යන්න ගියා ඒ වෙන කවුරුවත් නෙවෙයි මින් යුංගි

To be continue.................♡︎

Merry Christmas....❄️☃️

Bạn đang đọc truyện trên: AzTruyen.Top