匚卄卂卩ㄒ乇尺 03🐾

Next Day Morning
Soyun Pov

කන ලගින් මොනාහරි උගුරේ හිර වුනු කුකුලෙක් කෑගහනවා ඇහුනු නිසා ඇහැරුනේ ආපහු නිදාගන්න හැදුවත් නින්ද යන්නේ නැති නිසා වොෂ් එකක් දාගෙන රෙඩි වුනේ මගේ දයාබර පාප මිතුරිය යුන්විය බලන්න යන්න අද උදේ ලෙක්චර්ස් නැති නිසා වොෂ් එකක් දාගෙන ඇදුමකුත් ඇදගෙන සිංදුවක් මුමුනන ගමන් පොඩි ඩාන්ස් පාරක් දාගෙන පඩිපෙළ බැහැගෙන එනකොට අන්තිම අඩියේ දී කකුල පටලැවිලා පොලොව මහී කාන්තාවට කිස් එකක් දෙන්න වුනා

" මොකද තමුසේ උදේම පොලොව බදාගෙන බිංකුන්ඩෝ ගනන් කරනවා ද..?"

සැක් දකින්න ඕන් නැතිම කෙනා තමයි දැක්කේ ඒ මගේ දයාබර නොවන යක්ෂනියක් වන් ඇවිදින ඇටසැකිල්ලක් වගේ ඉන්න මගේ නැගිනිය මම සුටුස් ගාලා නැගිටලා ඇදුමත් හදාගත්තා

" අනියා බිංකුන්ඩෝ නෙවෙයි ක්ෂුද්‍ර ජීවින් ගනන් කලේ...."

" තමුසේ විද්‍යාව පීරියඩ් එකේ නිදාගත්තා ද ඕයි.. ක්ෂුද්‍ර ජීවින් පියවි ඇසට පේන්නේ නැ "

" සිරාවට ඕයි නිදාගත්තා තමයි හැබැයි එක පාඩමක් නම් නිදාගන්නේ නැතුව හරි ආසාවෙන් අහගෙන හිටියා.."

" මොකද්ද...?"

" මානව ප්‍රජනනය... තමුසෙටත් උගන්නන්න ද ප්‍රැක්ටිකල් එක්ක ද කියලා දෙන්න ඕන එහෙනම් කොල්ලෙක් ගෙනත් දීපන් මම අමතක නොවෙන්නම කියලා දෙන්නම්..."

මම ඇහැක් ගහලා කිව්වාම මේකි හොල්මනක් දැකලා වගේ බලාගෙන ඉන්නවා මම වැරදි දෙයක් කිව්වේ නැ නේ

" සිකේ....තමුසේ නම් මහ වල් ඕයි "

මටත් රවලා ගස්සගෙන ගියා ආවා මෙතන උදේම ඒකිගේ විද්‍යාව පාඩම දිග අරින්න මම කිචන් එක පැත්තට යනකොට අජුම්මායි ඉමෝයි බරටම වැඩ

" සුභ උදෑසනක් උත්තමාවියෝ ඩබලටම..."

" ඔන්න ආවා පිස්සු කෙල්ල..."

ඉමෝ කිව්වාම අජුම්මාත් හිනා වෙවී ඔලුව වැනුවේ ඉමෝ කිව්ව දේට එකගයි කියන්න වගේ

" අයියූ ගුඩ් මෝනින් කිව්වාම ගුඩ් මෝනින් කියන්න කියලා කවුරුවත් උගන්නනලා නැද්ද..?"

" ගුඩ් මෝනින් කියලා නෙවෙයි නේ කිව්වේ...?"

" එහෙනම්..."

" සුභ උදෑසනක් කියලා නේ "

ඉමෝ අජුම්මායි දෙන්නා හිනා වෙවී කිව්වාම මම ඔලුවේ අත ගහගත්තා මේ ඩබල මගෙන් ආතල් ගන්නවා කියලා මට හිතෙද්දී

" දෙන්නා මට හිනා වෙලා ඉවර නම් මම යන්නද...?"

මම ඇස් දෙකත් හීනි කරගෙන කටත් ඇද කරගෙන ඇහුවා

" කොහෙද යන්නේ...? යන තැනක කාලා යන්න "

" ඉමෝ මම යුන්වියාගේ ගෙදර යන්නේ එහෙන් කන්නම් "

අජුම්මාව හග් කරලා ඉමෝගේ කම්බුලට කිස් එකක් දීලා දුවලා යන්න ගිහින් ආපහු හැරුනේ දෙයක් මතක් වුනු හින්දා

" අප්පාට කියන්න මම ගියා කියලා මගේ සංකුට්ටෝ ටිකත් බලාගන්න ආ මතක ඇතුව ඉමෝ බෙහෙත් බොන්න එහෙනම් කෙම්ලනේ මම ගියා..."

" පරිස්සමින් යන්න පැටියෝ..."

ඉමෝ කිව්වාම මම අතත් වනාගෙන ගෙදරින් එලියට ආවා වෙනදා වගේ ඕපදූපයක් හොයන ගමන් බස් හෝල්ඩ් එකට ආවා දැන් මෙතනට වෙලා හිටපන්කෝ බස් එකක් එනකම්

මම එතැන ඉදගෙන වටපිට බලනකොට තමයි දැක්කේ ලස්සන සුර දූතයෙක් වගේ කොල්ලෙක් මගේ පැත්තට එනවා හත්තිකේ සුලගට ලෙලදෙන සුන්දර කොන්ඩේ පුංචි ඇස් පිම්බිලා තියෙන සෝස පාට තොල් මෙච්චර සස්සන කොල්ලො මේ ලෝකේ ඉන්නවා ද කියලා හිතෙනවා ඒ කොල්ලා මගේ දිහා බලලා හිනා වුනා හත්තිකේ මගේ හදවත සසල වෙලා මිලින වුනා වගේ මට දැන් පියාබන්න ඕන වගේ

" මේ ඔන්නි...."

කවුද යකෝ කතා කරන්නේ...? ගඩොලින් ගඩොල ගහලා සිමෙන්ති ගනන් නිසා මැටි ගහලා හදාගෙන ආපු මගේ සිහින මාලිගාව කඩා දාන්න තරම් කුරිරු වූ කුහකයා කවුරුන්ද

" වේ වේ...?"

මගේ ඉස්සරහට වෙලා මූනත් පුම්බගෙන අත් දෙක ඉනට තියාගෙන දොඩම් ගෙඩි දෙකක් විතර උස කෙල්ලගෙන් ඇහුවා

" මගේ Cudu Maththaya ට ලයින් දාන්න එපා ඔන්නි එයා මගේ ආපහු කියන්න ඉඩ තියන්න එපා.."

ඒ කෙල්ල එහෙම කියලා මගේ කනටත් ගහන්න අත උස්සලා ආපහු නිකන් හිටියේ ඒකිට වඩා මම උස නිසා මට රවලා ගස්සගෙන යන්න ගියා මම හිතන්නේ ඒ කෙල්ලට ඕන නම් අවුරුදු 12 ක් විතර වෙන්න ඇති හත්තිකේ ජෙයියනේ මුන්ගේ වයසේ හැටියට වැඩ අපි ඔය වයසේ දී x වල අගය හොයනවා මුන්ට Cudu Maththaya ලාත් ඉන්නවා අවුරුදු 21 වෙලත් කොල්ලෙක් කියා බල්ලෙක්වත් නැති අහිංසක මට නේද මේ ඔක්කොම වේදනාවල් අපිට කොහේහරි වැරදුනා බන්ග් වේදනයි සෝචනීයයි 

විනාඩි කිහිපයකින් බස් එක ආපු නිසා මම නැග්ගා

_________________________________

Author Pov

මේ අතරේ යුන්විලාගේ ගෙදර තුන්වැනි ලෝක යුද්ධය ආරම්භ වෙලා තියෙන්නේ යුන්විගේ ඔම්මා මිසිස් කිම් නම් මේ වෙලාවේ පුලුවන් උපරිමයෙන් ඉවසගෙන ඉන්නේ නැත්නම් හතර දෙනාගෙන් එකෙක් අනිවාර්යයෙන් අම්බානෙකට කනවා

" මේ ඕයි තමුසේ කොරියාවටම මහ ලොකු actor කෙනෙක් වුනාට මට නම් තමුසෙව සත පහකට වටින්නේ නැ "

" ඉතින් මට රාමෙන් ද ඕයි තමුසේ වගේ හැකර කටත් තියෙන සොම්බි පෙනුමක් තියෙන නංගි කෙනෙක් ඉන්නවා කියලා මගේ fans ලා දැනගත්තොත් වස විලිලැජ්ජාවයි "

" තමුසේ මටද සොම්බියා කිව්වේ ආ....?තමුසෙගේ  පිටසක්වල මුහුනට පිස්සු වැටුනු කෙල්ලොත් ඉන්නවා නේ..."

" යාහ්හ් කිම් නම්ජූන් තමුසේ ඒකත් කුඩු කලාද මගේ කෙල්ලට ගෙනිහින් දෙන්නේ දැන් තමුසෙගේ අහවල් එකද ආ...."

" හියුන්ග් ඒක නම් දෙන්න බැ කොහොමත් ඒක නැති වුනොත් කොහොමද මම වගේ බුද්ධිමත් ලමයි පරම්පරාවක් හදන්නේ..."

" නවත්තපියව් තොපේ කෑගැහිල්ල මේක නිකන් මාකට් එක වගේ වුනා නේ හැම පොඩි දේටම කෑගහනවා ජින් අර දරුවා අද නේද එනවා කිව්වේ තමුසේ මෙතනට වෙලා දෙවැනි එක්ක රන්ඩු වෙවී ඉන්නකොට airport එකට යන්නේ තමුසෙගේ හොල්මන ද...? දෙවැනි උදේම ලෙක්චර්ස් තියෙනවා කිව්වා නේද ගිහින් රෙඩි වෙනවා එතකොට යුන්වියා ආපු ගමන් ඔප්පා එක්ක රන්ඩු වෙන්න පටන් ගත්තා පොඩි පුතාටත් නංගි එක්ක රන්ඩු වෙන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැ මගෙන් ගුටි නොකා යනවලා ඔක්කොම "

මෙච්චර වෙලා ඔක්කොම බලාගෙන හිටපු මිසිස් කිම් බැන්නේ හතර දෙනාම කටවල් වහගෙන ගියා

" යුංගි පුතා කොහෙද යන්නේ....?"

මිසිස් කිම් ඇහුවේ හෙඩ්සෙට් එකත් දාගෙන ඇවිදගෙන යන යුංගිගෙන්

" මුන්ගේ කන් කරච්චලේ අහගෙන ඉන්න බැ ඔම්මා මම එලියට ගිහින් ඇවිදලා එන්නම්..."

යුංගි එහෙම කියලා එතැනින් යන්න ගියා යුංගි වැඩි සද්ද වලට කැමති කෙනෙක් නෙවෙයි කියලා දන්න මිසිස් කිම් ආපහු කිචන් එකට ගියා

" හේයි මිසිස් කිම් "

විනාඩි කිහිපයකට පස්සේ ඇහුනු කටහඬ හින්දා මිසිස් කිම් ඒ පැත්ත බැලුවේ හිනාවක් එක්ක මිසිස් කිම් උයමින් හිටපු කෑම මේඩ් කෙනෙක්ට බලන්න කියලා කිචන් එකේ දොර ලගට වෙලා හිනා වෙවී ඉන්න සෝයූන් ලගට

" අනේ මගේ පැටියා අද උදේම මොකද මෙහේ.."

මිසිස් කිම් සෝයූන්ගේ කම්බුල් මිරිකන ගමන් ඇහුවා

" දැන් මං ආපු එක ඔබතුමියට ප්‍රශ්නයක් ද...?"

" මම දැන් එහෙම දෙයක් කිව්ව ද ආ... ඔයත් එල්ලෙන්මයි එන්නේ....?"

මිසිස් කිම් රවාගෙන ඇහුවා

" හරි හරි අනේ රවන්න එපා උයාගේ ලස්සන මුහුන කැත වෙයි "

සෝයූන් තොල් උල් කරගෙන මිසිස් කිම්ගේ කම්බුල් අල්ලාගෙන කිව්වා

" චින්චා...?"

" යේ යේ..."

සෝයූන් හිනා වෙවී කිව්වාම මිසිස් කිම් හිනා වුනා

" ඔම්මා කෝ යුන්වියා...."

සෝයූන් මිසිස් කිම්ට කතා කලෙත් ඔම්මා කියලා මිසිස් කිම් සෝයූන්ට යුන්විට වගේම ආදරේ කලා

" ටේටේ අද ආවා නේ දෙන්නා එක්ක රන්ඩු වෙලා දැන් රූම් එකට ගියේ..."

" ටේ ඔප්පා ආවා ද...?"

සෝයූන් දිලිසෙන ඇස් වලින් ඇහුවේ

" යේ ආවා..."

" ඔම්මා මම යුන්වියා බලන්න යනවා.."

" හරි පැටියෝ..."

මිසිස් කිම් එහෙම කිව්වාම සෝයූන් යුන්විගේ රූම් එක පැත්තට ගියා යුන්විගේ රූම් එක ඇතුලට ඔලුව දාපු සෝයූන් යුන්වි පේන්න හිටියේ නැති නිසා තමන්ගේ රූම් එක වගේ ගිහින් ඇදේ හතර හන්දි හතර පැත්තට දාලා හාන්සි වුනා බෙස්ටිගේ රූම් එක කියන්නේ තමන්ගේ රූම් එක වගේ තමයි ඉතින්

ටිකකින් බාත් රූම් එකේ ඉදලා සිංදුවකුත් කියාගෙන ටවල් එක ඇදගෙන ආපු යුන්වි එක පාරට කෑගැහුවා

" යාහ්හ්හ්......"

යුන්වියාගේ සද්දෙට ඇදේ හාන්සි වෙලා හිටපු සෝයූන් ගැස්සිලා ගිහින් නැගිට්ටා සෝයූන් වටපිට බලනවා එකපාරට මොකද්ද වුනේ කියලා හිතාගන්න බැරුව

" තෝ මොනාද බේසමෝ හොල්මනක් වගේ මගේ රූම් එකේ කරන්නේ තව පොඩ්ඩෙන් මම ටවල් එක ගලවලා විසි කරනවා...."

යුන්වි ටවල් එකත් අල්ලාගෙන කිව්වාම සෝයූන් කට කොනින් අමුතු හිනාවක් දැම්මා

" ම්ම්ම් නයිස්..."

" තෝ මගෙන් කුනුහරප දෙකක් නාහ පලයන් මෙතනින් "

" babygirl.....mommy ට යන්න කියන්නේ ඇයි..?අපි හොද ෆන් එකක් ගමු.."

සෝයූන් යටි තොලත් හපාගෙන කියනකොට යුවි අතට අහුවුනු පෑනකින් කෙල්ලට ගැහුවා

" තෝ මෙතන බාල අපරාධ කරන්නේ නැතුව පලයන් ස්ත්‍රී දූසකී..."

" යන්න හිතෙන්නේ නැ නේ බේබිගර්ල් ඔයා ඔහොම දකිද්දී...."

සෝයූන් දොරට හේත්තු වෙලා කිව්වා

" යාහ්හ්හ් ඔම්මා please give me a වහ කුප්පියක්..."

යුන්වි උඩ බලාගෙන කියද්දී සෝයූන් හිනා වුනා

" ඇදුමක් දාගෙන වරෙන් "

සෝයූන් එහෙම කියලා යුන්විගේ රූම් එකේ දොරත් වහගෙන එලියට ගියා සෝයූන් living room එකට යනකොට හිටපු කෙනා දැකලා කෙල්ල අහිංසක හිනාවක් දැම්මා

" මොකද ඔහොම හිනා වෙන්නේ ආ..."

Living room එකේ couch වාඩිවෙලා හිටපු නම්ජූන් ඇහුවා

" මම කැමතිම professor මෙහෙම ඉන්න දකින්න ලැබුනාම හිනා ගියා"

" පලයන් බන් යන්න.."

නම්ජූන් රවාගෙන කිව්වා

" සැක්.."

" ආ සෝයූන්..."

" ටේ ඔප්පා....තවත් හැන්සම් වෙලා "

සෝයූන් එහෙම කිව්වාම ටේහ්‍යුන් ගැම්මෙන් අතින් කොන්ඩේ පිටිපස්සට කලා

" හැබැයි තාමත් ඉස්සර තිබුණු පිටසක්වල ගතිය එහෙම්මයි "

කෙල්ල එහෙම කිව්වාම මෙච්චර වෙලා ආඩම්බරයෙන් පිරිලා තිබුණු ටේහ්‍යුන්ගේ මූන බියර් ටින් එකක් වගේ තැලිලා පොඩි වෙලා ඇද වෙලා ගියා ඒත් එක්කම ඇහුනේ කන් කලු වෙන වීදුරු පිහිදන හිනාවක් ජින් couch වාඩිවෙලා ඉන්න නම්ජූන්ගේ පිටට ගහන ගමන් හිනා වෙනවා

" හියුන්ග් හිනාව නවත්තලා නූනා එක්කගෙන එන්න ගියොත් නරක ද..?"

ජින්ගේ හිනාව නවතින්නේ නැති නිසා ටේහ්‍යුන් කිව්වේ

" මිනායා ඔන්නි අද එනෝ ද..?"

" යේ යේ ඔප්පා කෙල්ලොන්ට ඇස් ගහලා හමාරයි "

යුන්වි සෝයූන්ගේ කරට අතක් දාගෙන කිව්වා

" මම තවුසේ වගේ දකින දකින එකාට කෙල පෙරන්නේ නැ පොඩි එකෝ..."

ජින් එහෙම කියලා යුන්විගේ ඔලුවට ටොක්කක් ඇනලා ගියා

" ආව්..දිගංචියෝ රිදුනා..."

" කෝ ලමයි එන්න කන්න..."

මිසිස් කිම් කතා කරනකොට හතරදෙනා dinning room එකට ගියා

To be continue............♡︎

Bạn đang đọc truyện trên: AzTruyen.Top