匚卄卂卩ㄒ乇尺 02🐾

Author Pov

Incheon airport එකේ කලබලයෙන් එහෙ මෙහෙ දුවන මිනිස්සු අතරේ කලු මාක්ස් එකත් කලු කැප් එකත් sunglass දාගෙන airport එකෙන් කෙනෙක් එලියට  ආවා ඔහු තමන්ගේ අත රැදි වොච් එකෙන් වෙලාව බලන ගමන් වටපිට බැලුවා ඔහුගේ මුහුනේ එතරම් පැහැදීමක් තිබුණේ නැ කෙටියෙන්ම පැවසුවොත් ඔහු සිටියේ කේන්තියෙන් airport එකෙන් පිටත ඝෝෂාකාරී පරිසරය ඔහුගේ කේන්තිය තවත් අවුස්සන්න සමත් වුනා

විනාඩි කිහිපයක් ගත වන විට ඔහු ඉදිරියේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් නැවැත්තුවා එම මෝටර් රථය පිටුපසින් තවත් කලු පැහැති මෝටර් රථයක් නැවැත්තුවා එහි සිටි ගාඩ්ස්ලා වාහන වලින් බැහැලා ඇවිත් තමන් ඉදිරියේ සිටින පුද්ගලයාට ආචාර කලා

" තමුසෙලා එකෙක්වත් දන්නේ නැද්ද වෙලාවට වැඩ කරන්න...මම මෙතන විනාඩි තුනයි තත්පර 18 ක් හිටියා...අයිෂ්..ඉක්මනට යමන්.."

" මියානේ බොස්.."

ඔහු කිසිවක් ගනන් නොගෙන කා එකට නැගලා ඩෝ එක සද්දෙන් වැහුවේ ගාඩ්ස්ලා ගැස්සිලා යද්දී තමන්ගේ බොස්ට තවත් කේන්ති යන්න කලින් ඉක්මන් කරපු ගාඩ්ස්ලා කා එකට නැගලා drive කරන්න පටන් ගත්තා පිටිස්ස ශීට් එකට බර වෙලා ඇස් පියාගත්ත ඔහු තමන් ගැන කල්පනා කරන්න පටන් ගත්තා

ඔහු නමින් මින් යුංගි... අවුරුදු විස්සකට පෙර අතුරුදහන් වූ ඔම්මා සොයන කොල්ලෙක් වැඩිය සද්ද වලට අකමැති නිහඩ නපුරු චරිතයක් අවුරුදු කිහිපයකට කලින් මුලු underworld එකම හොල්ලපු සුගා කියන්නෙත් මොහුටම තමයි  ටික කාලෙකට underworld එකෙන් අයින් වෙලා සැගවිලා හිටපු සුගා ආපහු ආවේ කවුරුවත් නොහිතපු වෙලාවක් ගොඩක් අය හිතාගෙන හිටියේ සුගා මැරුනා කියලා

එක පාරට බ්‍රේක් ගහපු හින්දා තව පොඩ්ඩෙන් යුංගිගේ මූන ඉස්සරහ ශිට් එකේ වදිනවා

" මොන හු$%# ද යකෝ කරන්නේ....?"

" මියානේ බොස් කෙල්ලෙක් පාරට පැන්නා.."

Driver එහෙම කිව්වාම ගෑනු ලමයෙක්ගේ කටහඩක්

" මියානේ අජුශ්ශි මගේ පූස් පැටියා පාරට පැන්නා "

යුංගි driver එක්ක කතා කරන කෙල්ල දිහා වුවමනාවෙන් බැලුවා එක අතක පූස් පැටියා තියාගෙන අහිංසක හිනාවක් එක්ක කියවන කෙල්ල දිහා බලාගෙන ඉන්නකොට කෙල්ලත් යුංගි දිහා බැලුවේ තත්පර ගානකට ඒ ඇස් හමුවෙද්දී කවදාවත් නැතුව යුංගි කෙල්ලෙක් දිහා වුවමනාවෙන් බැලුවා කෙල්ල පූසාව බෑග් එකට දාලා පොත් ටික අතට ගන්න දිහා බලාගෙන හිටපු යුංගි driver ට යමු කියලා කිව්වා

යුංගි mansion එකට ඇතුල් වෙනකොට දුවගෙන ආපු මිසිස් කිම් කොල්ලාව ආදරෙන් වැලදගත්තා

" අනේ මගේ කොල්ලා...අවුරුදු කීයකින් ද දකින්නේ මූනත් ඇදිලා ගිහිල්ලා කන්නේ නැද්ද ලමයෝ "

මිසිස් කිම් යුංගිගේ කම්බුල් අල්ලාගෙන කියනකොට යුංගි එයාගේ කම්බුල් වල රැදුනු මිසිස් කිම්ගේ අත් උඩින් තිබ්බා

" මම හොදින් කිම් ඔම්මා..."

කොල්ලා එහෙම කිව්වාම මිසිස් කිම් යුංගිගේ නලලට හාදුවක් තැවරුවා

" ඔම්මාව මතක් වුනේ වත් නැද්ද ආ..එහේ ගිහින් කෙල්ලෙක්වත් හොයාගත්තා ද..?"

මිසිස් කිම් ඇස් හීනි කරගෙන අහනකොට යුංගි ඔලුවේ අත ගහගත්තා

" අයිෂ්....කිම් ඔම්මා මම කෙල්ලෝ ගැන කතා කරන්න කැමති නැ කියලා දන්නවා නේ "

" ඔම්මා හදන්නේ ඕකාව දවසෙම ඔතන තියාගෙන NIS එකෙන් වගේ ප්‍රශ්න කරන්න ද.."

එහෙම අහගෙන මිසිස් කිම්ගේ ලොකු පුත්‍ර රත්නය වන වර්තමානයේ Kim Industries හි CEO ලෙස කටයුතු කරන දුටුවන්ගේ ඇස් වසීකෘත වන රූපයක් හිමින් තමන්ව WWH ලෙස හදුන්වා දෙන කිම් සොක්ජින් වේදිකාවට පැමිනියා

" කොහොමද කොල්ලෝ ඉතින්.."

ජින් යුංගිගේ කරට අතක් දාගෙන ඇහුවා

" හොදයි හියුන්ග්...."

" යුංගි පුතා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න මම කන්න මොනාහරි ලෑස්ති කරන්නම් එතකොට ජින් company එකට යන්නේ නැද්ද ආ "

" යකෝ එයාට යුංගි පුතා මට ජින් මෙව්වා අසාධාරණ නින්දිත ක්‍රියා ඔම්මා ඌට එක හැන්දකින් මට තව හැන්දකින්..."

" දැන් කවුද හැන්දක් ගෙනාවේ මගෙන් ගුටි නොකා  ගිහින් රෙඩි වෙනවා ලොකු.."

" මට ගහන්නමයි බලාගෙන ඉන්නේ..."

ජින් එහෙම කියාගෙන ගියාම මිසිස් කිම් හිනා වුනා

" පුතාත් යන්න.."

මිසිස් කිම් කිව්වාම යුංගි ඔලුව වනලා එයාගේ රූම් එකට ගියා යුංගි මිසිස් කිම්ගේ දරුවෙක් නොවුනත් එයාගේ දරුවෙක්ට වගේම ආදරේ කලා හොයලා බැලුවා මිස්ටර් කිම් කියලා යුංගිට වෙනසක් කලේ නැ

________________________

සෝයූන් පූසාත් වඩාගෙන බස් එකෙන් බැහැලා ගෙදර ගියා සෝයූන් ගෙදරට ඇතුල් වෙනකොටම ඉස්සරහට ආවේ වැඩට ඉන්න අජුම්මා

" ලොකු බේබි යසයි...අදත් පූස් තඩියෙක් උස්සගෙන ඇවිත් යුනි ගිහින් වැඩි වෙලාවක් ගියෙත් නැ ආපහු ඇවිත් හොද වෙලාවට මැඩම් ගෙදර නැත්තේ..."

අජුම්මා එහෙම කියද්දී සෝයූන් අහිංසක විදියට හිනා වුනා

" අජුම්මා ඔම්මා ගෙදර කොහේ ගිහින් ද...?"

" මැඩම් පුංචි බේබිගේ ස්කූල් එකට ගියා.."

" අහ්.....ඉමෝ කොහෙද..?"

" දැන් ද ලොකු නෝනාහාමුට මාව මතක් වුනේ..? උදේ කියලත් ගියේ නැ අනික මොකද මෙච්චර ඉක්මනට... අදත් ලෙක්චර් හෝල් එකෙන් එලියට දැම්මා කියලා කියන්න හදන්න එපා..."

Wheelchair එකත් තල්ලු කරගෙන ආපු ඉමෝ එහෙම කියනකොට පූසාත් බිමින් තියලා බෑග් එකයි පොත් ටිකයි අජුම්මාගේ අතට දීලා සෝයූන් ඉමෝ ලගට ගියා

" අනේ මගේ සත්තලන් ඉමෝ ඔච්චර තරහ ගන්න එපා ඉක්මනට වයසට යයි "

" මම ඔයාගේ ඉමෝ නෙවෙයි ඉමෝ කමින් ඉල්ලා අස් වුනා "

ඉමෝ අත් දෙකත් බැදගෙන කිව්වා සෝයූන් ඉමෝගේ බෙල්ල වටේ අත් යවලා උරහිසෙන් නිකට තියාගෙන හිටියා

" යාහ්හ් එහෙම කොහොමද කරන්නේ....එව්වා අසාධාරණයි මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව මම නඩුවක් ෆයිල් කරනවා.."

සෝයූන් එහෙම කිව්වාම ඉමෝ කෙල්ලට අත මිට මොලවා හොද පොල් ටොක්කක් ඇන්නා

" ආව් ඉමෝ... යේක සිදුනා අෆ්ෆා.."

කෙල්ල ඔලුවත් අල්ලාගෙන ඉමෝගෙන් ඈත් වෙලා කිව්වා

" අදත් බලල් තඩියෙක් උස්සගෙන ආවාද...? ඔම්මා ආවාම කනක් ඇහිලා ඉන්න නැති වෙයි.."

" ඒක තමයි ලොකු මැඩම් කිව්වෙත්..."

" ඔය දෙන්නා මාව බේරගන්න..."

" හැමදාම ඕක නේ අපි කරන්නේ..."

" හලි ඉතින් මම උයාලට ආදරෙයි නේ...."

සෝයූන් හුරතල් විදියට කිව්වා

" ගිහින් වොෂ් එකක් දාගෙන එනවා මගෙන් ගුටි නොකා "

ඉමෝ එහෙම කිව්වාම අජුම්මාගේ අතේ තිබුණු බෑග් එකත් අරගෙන ඉමෝගේ කම්බුලට කිස් එකක් දීලා දුවලා එයාගේ රූම් එකට ගියා

" කිචන් එකට යමු ජෙසී.."

ඉමෝ එහෙම කිව්වාම අජුම්මා wheelchair එක තල්ලු කරගෙන කිචන් එකට ගියා සෝයූන් වොෂ් එකක් දාගෙන ආවේ එයාගේ පූස් පැටව් ටික බලන්න යන්න කියලා ඒත් කෙල්ලගේ ෆෝන් රාජයා කෑගහන්න පටන් ගත්ත නිසා ඒ අදහස අතහැරලා කෝල් එක ආන්සර් කලා

" මගේ සංකුට්ටෝ තෝ නිවසට ගියාද නැත්නම් පාරේ යන අහිංසක කොල්ලෙක් මනසින් රේප් කරන ගමන් ද"

" තෝ හිතුවාද මාත් තෝ වගේ කියලා සුනඛයෝ.."

" වේ වේ තෝ හින්දා තමයි අහිංසක බෝ පැලයක් වගේ හිටපු මම වල් පැලයක් වුනේ "

" පල පල යන්න තෝ හින්දා තමයි මම නරක් වුනේ දැන් කියපන් කෝල් කලේ ඇයි කියලා ලෙක්චර් ඉවර ද"

" අනියා බන් ඔප්පා ලෙක්චර් හෝල් එකෙන් එලියට පැන්නුවා "

" උබ මොකද්ද කරපු කුප්ප වැඩේ.."

" මම කොල්ලෙක් දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්නකොට ඔප්පා මගේ නම කියලා කෑගැහුවා මනෝ ලෝකේ හදපු මාලිගාව බිමට කඩාගෙන වැටිලා සමතලා වෙලා ගියා යකෝ හරි වේදනයි හොද හරියෙන් තමයි ඌටත් මගේ නම කියලා කෑගහන්න ඕන වෙන්නේ "

" ඊට පස්සේ...."

" මම නැගිට්ටා ඔප්පා මගෙන් ඇහුවා අන්තරාල කියන්නේ මොකද්ද කියලා මම කිව්වා මම අන්තරාල දන්නේ නැ ගමරාලව නම් දන්නවා කියලා ඊට පස්සේ ඔප්පාගේ කන් දෙකෙන් දුම් දාන්න ප්ටන් ගත්තා තමුසේ යනවා එලියට කිව්වා මම ආවා "

" සැක් තෝ වගේ සුනඛ සෝරස් කෙනෙක් ගෙදර ගියාම උබට ගමරාලව පෙන්නයි හෙට දිනයේ උබව පනපිටින් දකින්න ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලන්නම්..."

" තොට ඇවිත් මාව බේරගන්න බැරි ද සත්තලන් "

" උබ වගේ සුනඛයෙක් වෙනුවෙන් දිවි පුදලා ඉතිහාසය ගත වෙන්න ද යකෝ "

" ලොකු එනවා මෙහාට..."

සෝයූන්ගේ ඔම්මා කතා කරනවා ඇහෙද්දී කෙල්ලගේ මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" ඔම්මා කතා කරනවා මම උබට පස්සේ කතා කරන්නම්.."

" හ්ම් හ්ම් පරිස්සමින් "

" උබත්.."

සෝයූන් ෆෝන් එකත් study table එක උඩින් තියලා පහලට ගියේ ඔම්මා කෑගහන නිසා අදත් ඉවරයි කියලා හිතන ගමන්

" ආ ඔය ආවේ... හැමදාම බලල්ලු උස්සගෙන එන්නේ මේක මොකක් කියලා හිතාගෙන ද ආ හැමදාම කරේ බලල්ලු පස්සේ දුවපු එක හරියට ඉගෙනගත්තා කියලා ද යුනි ගියා කියලා වැඩියෙන්ම කරන්නේ ලෙක්චර්ස් කට් කරන එක නේ තමුන් කවද්ද හරියට හැදෙන්නේ ජීවූ දිහා බලලාවත් හැදෙනවා ෆෝන් එක තියාගෙන කොහෙන් හරි වාඩි වෙනවා ගෙදර කිසිදෙයක් කරන්නේ නැ "

සෝයූන්ගේ ඔම්මා කෙල්ලට බැනගෙන යනකොට සෝයූන් මුකුත් නොකියා හිටියා කෙල්ලට දැන් ඔම්මා කොච්චර බැන්නත් ගානක් නැ හැමදාම පොඩි දේත් ලොකු කරගෙන කෙල්ලට බනිනවා මිසිස් පාර්ක් එහෙම නැත්නම් සෝයූන්ගේ ඔම්මා සෝයූන්ටයි සෝයූන්ගේ නංගි වුනු ජීවූටයි සැලකුවේ දෙවිදිහකට සෝයූන්ට කොයිවෙලේත් බැන්නත් ජීවූට ආදරෙන් සැලකුවා

" ඔය ඇති සේහි තව කොච්චර ඔය දරුවාට බනිනවා ද ලොකු වැරැද්දක් කලේ නැ නේ ජීවූයි සෝයූනුයි සහෝදරියෝ වුනාට ඒ දෙන්නා වෙනස් "

" ඔය හුරතලේ හින්දා තමයි මෙච්චර මුරන්ඩු වෙලා තියෙන්නේ "

සෝයූන්ගේ ඔම්මා එහෙම කියලා කෙල්ල දිහාත් බලලා එතැනින් ගියා

" මගේ පැටියා ඔම්මා කියන දේවල් ගැන හිතන්න එපා.."

සෝයූන් ලගට ආපු ඉමෝ කෙල්ලගේ අතකින් අල්ලාගෙන කිව්වාම සෝයූන් හිනා වෙලා

" මම සංකුට්ටෝ ටික බලලා එන්නම්.."

කෙල්ල එහෙම කියලා එයාගේ පූස් පැටව් ටික හොයාගෙන ආවේ කිචන් එකේ අජුම්මාට වද දෙන පූසෝ තුන් දෙනාට එයාලගේ කිරි බොන භාජනයට කිරි දාලා අනිත් තුන් දෙනා හොයාගෙන ගියා කෙල්ල ගිහින් අප්පාගේ රූම් එකට එබිලා බලනකොට ඇද උඩ සුදු පාට පුලුන් බෝලයක් තියෙනවා දැකලා ඔලුවේ අතගහගත්තා

" ස්නිකිටී අප්පා ආවා නම් ඔයාට ගුවන් ගත වෙන්න දෙයි..."

පුලුන් බෝලයක් වගේ ඉන්න පූසාව වඩාගෙන ගිහින් කිරි භාජනය ලගින් තියලා අනිත් පූසෝ දෙන්නා හොයාගෙන ගියා

" යාහ්හ් තමුසෙගේ පූස් තඩියෙක් මගේ පොත් උඩ නිදාගෙන ඉන්නවා ඇවිත් මූව අරගෙන යනවා.."

ජීවූ කෑගහනවා ඇහෙනකොට සෝයූන් ඒ පැත්තට ගියේ

" තමුසෙගේ කටේ සද්දේ පොඩ්ඩක් ඉන්නවා "

සෝයූන් ජීවූට රවාගෙන පූසා උස්සගෙන ගියා අනිත් පූසාත් එක්කගෙන ගිහින් පූසෝ හය දෙනාටම කිරි භාජනය වලට දාලා බොන්න දුන්නා කෙල්ල එතැන බිම වාඩිවෙලා පූසෝ දිහා බලාගෙන හිටියා

" ලොකු...."

ඒ කටහඬ ඇහෙනකොට කෙල්ලගේ මූන සතුටින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" අප්පා...."

සෝයූන් නැගිටලා පොඩි දරුවෙක් වගේ මිස්ටර් පාර්ක් ලගට දුවගෙන ගියා

" අද ලෙක්චර්ස් නැද්ද ලොකු..."

මිස්ටර් පාර්ක් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් ඇහුවාම සෝයූන් අහිංසක හිනාවක් දැම්මා

" හිනාවේ හැටියෙන් කියන්න පුලුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔහොම ලෙක්චර්ස් කට් කරලා කොහොමද ලමයෝ ඉගෙනගන්නේ.. ඔම්මා දන්නවා ද ගෙදර කියලා "

සෝයූන් ඔව් කියන්න ඔලුව වැනුවා

" බැන්නාද..?"

",හ්ම්..."

" ඔයාගේ වැරැද්ද නේ ලොකු ආපහු ඔය වගේ වැඩ කරන්න එපා හරි ද..?"

" හරි අප්පා "

" ඒක නෙවෙයි තව පූසෙක් උස්සගෙන ආවා ද..?"

මිස්ටර් පාර්ක් එහෙම අහන ගමන් සෝයූන් දිහා බැලුවා

" හී...අප්පා..."

" මෙහෙම ගියොත් ගෙදර මිනිස්සුන්ට වඩා බලල්ලු වැඩි වෙයි ආපහු නම් පූසෝ උස්සගෙන එන්න එපා එහෙම වුනොත් ඔම්මා මාවයි ඔයාවයි දෙන්නාම එලවයි.."

මිස්ටර් පාර්ක් එහෙම කිව්වාම කෙල්ල හිනා වුනා මිස්ටර් පාර්ක් සෝයූන්ගේ ඔලුවත් අතගාලා ගියා


𝙼𝚒𝚗 𝚈𝚘𝚘𝚗𝚐𝚒

To be continue...........♡︎

වෝට් කමෙන්ට් කරන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top