匚卄卂卩ㄒ乇尺 01🐾

අයිෂ්....අදත් හොදටම පරක්කු වෙලා 8.00 ලෙක්චර් පටන් ගන්නේ දැන් වෙලාව 8.30 යි ඒත් මම කිසි කලබලයක් නැතුව සංවරව යුනි එකට ඇතුල් වුනා දැන් තමයි මට professor kim ගේ මාරාන්තික බැල්ලමක් මැවි මැවි පේන්න ගන්නවා අදත් සුපුරුදු පරිදි professor kim ගෙන් කන් දෙක පිරෙන්න බැනුම් අහගන්න පුලුවන් එහෙම කියලා අපි සැලෙනවා ද නැත මිතුර මේ අවුරුදු තුන අනියා තාම අවුරුදු තුනක් වුනේ නැ තාම අවුරුදු දෙකයි මාස හතයි සති තුනයි දවස් දෙක ඇතුලත professor kim ගෙන් වැඩිපුර බැනුම් ඇසිමේ වාර්තාව පිහිටුවීමට මම සමත් වුනා ගැම්මක් තමයි ඉතින් මගේ රෙකෝඩ් එක කඩන්න තාම එකෙක්ටවත් පුලුවන් වුනේ නැ

Professor kim මගේ කස් ලිස්ට් එකේ ඉහලින්ම ඉන්න කෙනෙක් එයා තමයි යුනි එකේ ඉන්න ලාබාලම හා හැන්සම් ම professor ඉතින් professor kim කිව්වොත් කෙල්ලෝ වහ වුනත් කයි කෙල්ලෝ විතරක් නෙවෙයි සමහර කොල්ලෝත් එහෙමයි ඉතින් මිතුර මාගේ ඒ කස් එකත් ජනසතුයි වෙයි කියලා මාරාන්තික බියක් මාගේ හද පතුලේ බුර බුරා නැගෙන්නට විය

කොහොමහරි ලෙක්චර් හෝල් එක ලගට ආවා ස්ත්‍රී ශක්තිය පෙරදැරි කරගෙන ලෙක්චර් හෝල් එක ඇතුලට ඔලුව දැම්මා ම professor kim එයාගේ කන්නාඩි කූට්ටම ගලවලා මගේ දිහාට හැරුනා

" දහසක් මල් විකසිත වන මේ හිමිදිරි උදෑසන පතන්නම් ඔබට Good Morning කියා professor kim "

මම දත් කැකුලු තිස් දෙකම ප්‍රදර්ශනය කරමින් අහිංසක කීකරු දියනියක් වන්ව කිව්වාම professor kim එයාගේ අතේ තිබුණු වොච් එක දිහා බැලුවා

" උදේ 8.36 වෙලාව 8.00 ට තියෙන ලෙක්චර් එකට දැන් එන වෙලාවද මේ අද මොකද්ද නිදහසට කියන්න තියෙන්නේ පූසා බාත් රූම් එකේ හිරවුනා ද පූසා අසනීප වෙලා බෙහෙත් ගේන්න ගියාද නැත්නම් පූසාට කිරි දෙන්න ගිහින් පරක්කු වුනාද..?"

Professor kim අත් දෙකත් බැදගෙන මගේ දිහා බලාගෙන ඇහුවා හැබැයි අන්තිම ටික කියනකොට පිටිපස්සේ හිටපු කොල්ලෝ ටික හිනා වුනා මට 200% ෂුවර් මුන් හෙන වල් විදියට හිතලා තියෙන්නේ

" Shut up..."

Professor kim හිනා වුනු කොල්ලෝ ටික දිහා රවලා ටිකක් උස් හඩින් කියනකොට ඒ කොල්ලෝ කට වහගත්තා ඊට පස්සේ professor kim මගේ පැත්තට හැරුනා

" මේකයි professor kim වුනේ මම එනකොට ලස්සන කියුට් සුදු බෝලයක් වගේ පූසෙක් ගහක් උඩ නැගලා බැහැගන්න බැරුව හිටියා ඉතින් professor kim මගේ අයිස් කැටයක් ව්න් මාගේ හදවත් පොජ්ජ දිය වුනා ඒක නිසා ගහට නැගලා පූසා අතට ගත්තාම තමයි මතක් වුනේ ගස් නැග්ගාට බහින්න දන්නේ නැ කියලා ඊට පස්සේ ගිනි නිවන හමුදාවෙන් ඇවිත් බිමට බැස්සුවේ ගාර්ෆීල්ඩ් කාටූන් එකේ වගේ "

මම එහෙම කියලා ලමයි දිහා බැලුවේ උන් නිකන් ගංජා ගස් පිටින් ගිලලා වගේ කැකිරි පලනවා මම ඔච්චර හිනා වෙන්න දෙයක් කිව්වා ද professor kim මට රවාගෙන ඉන්නවා ඇයි සුදෝ මට රවන්නේ කියලා අහන්න හිතුනත් මම professor kim දිහා බලාගෙන හිටියා

" තමුන්ව නම් කවදාවත් හදන්න පුලුවන් ලමයෙක් නෙවෙයි හැමදාම මොකක් හරි අලුත් හේතුවක් හදාගෙන එනවා ඊලග දවසේ ලෙක්චර් එක මැදින් කඩාගෙන පහත් වුනොත් මම තමුන්ගේ අප්පාට මේ ගැන කම්ප්ලේන් කරනවා "

ඕක නේ කරන්න බැරි හැම පොඩි දේටම අප්පාව ඇදලා ගන්නවා නේ ඕක අප්පාට කිව්වාට නම් මහ ලොකු දෙයක් වෙන්නේ නැ හැබැයි අප්පා ඔම්මාට කිව්වාම තමයි ඝාන්ටාර ගහන්න පටන් ගන්නේ එක දහස් නවසිය බර ගනන් වල ඒවා හිට මතක් කරලා මට බනින්න පටන් ගනියි ඒක අහගෙන ඉන්න එක තමයි මේ ලෝකේ මම ආසම නැති දේ

" professor kim ඔයා අද වෙනදාට වඩා හැන්සම්..."

මම එහෙම කිව්වාම professor kim ගේ කන් රතු වෙනවා මම හොදටම දැක්කා මට ඒක දැකලා හිනාවක් ගියා

" යනවා ගිහින් ඉදගන්නවා..."

Professor kim කේන්තියෙන් කිව්වාම මම professor kim ට ඇහැක් ගහලා ඇවිත් මම හැමදාම ඉදගන්න තැන ඉදගත්තා

" උබේ ඔය කට හින්දා මට ගෙදර ගිහින් කනක් ඇහිලා ඉන්න නැති වෙයි.."

මගේ අතිජාත අපාය සහයිකා පාප බිත්‍තරයා කිව්වා professor kim ගේ ආදරනීය දයාබර නැගනිය තමයි මගේ පාප බිත්‍තරයා වුනු කිම් යුන්වි අපේ යුන්වියාට ඔප්පලා තුන් දෙනෙක් ඉන්නවා ඉතින් ඔප්පලා තුන් දෙනාම මගේ කස් ලිස්ට් ඉන්නවා යුන්විගේ සොකු ඔප්පා කිම් සොක්ජින් හම්මියෝ දැක්කත් ඇති හිත පිරෙන්න දිව්‍යලෝකයෙන් බැහැපු සුරදූතයෙක් වගේ Kim Industries CEO විදියට වැඩ කරනවා

යුන්විගේ දෙවැනි ඔප්පා තමයි professor kim namjoon එයාට ලස්සන ඩිම්පල් හිනාවක් තියෙනවා සිත වසිකෘත වෙනවා Seoul National University එකේ lecturer කෙනෙක්

යුන්විගේ පොඩි ඔප්පා Kim Taehyung එයා කොරියාවේ ඉන්න famous actor කෙනෙක් කොරියාවේ කෙල්ලොන්ගේ බොහොමයක් මොහුව අයිති කරගැනීමට සිහින දකිනවා මාත් ඇතුලුව

ඔක්කොම ගැන කිව්වාට අහිංසක මම ගැන කිව්වේ නැ මම නමින් පාර්ක් සෝයූන් නැව ගිලුනත් බෑන් චූන් කියලා ෆුල් ආතල් එකේ ඉන්න තනිකඩ ජීවියෙක් මම Seoul National University එකේ Business Management faculty තුන් වැනි වසරේ ශිෂ්‍යාවක් කියවන්න ගියාම කටට බ්‍රේක් නොමැති වීම හේතුවෙන් මරාල කඩාගෙන වැටුනු අවස්ථා අනන්තයි මගේ අප්පා NIS හෙඩ් ඔම්මා කලින් නර්ස් කෙනෙක් විදියට වැඩ කලා යොදොසන් ඉපදුනාට පස්සේ ඔම්මා ජොබ් එකෙන් අස් වුනා ඔම්මාට වඩා මගේ ලගින් හිටියේ ඉමෝ ඔම්මා යොදොසන්ගේ ගැන හොයද්දී ඉමෝ තමයි මගේ හැමදේකටම හිටියේ ඒත් ඉමෝට ඇවිදින්න බැ එයාගේ කකුල් පන නැ

" Meow...."

පූසෙක් කෑගහනවා ඇහෙනකොට යුන්වි හැරිලා මගේ දිහා මම නිකන් පූසා වගේ නේ යකෝ මේකි මගේ දිහා බලාගෙන ඉන්නේ

" හුටා....."

දැන් නේ මතක් වුනේ උදේ ගහ උඩ ඉදලා බේරගත්ත සුදු පුලුං බෝලයක් වගේ පූසා බෑග් එක ඇතුලේ නේද කියලා සේප් එකේ බෑග් එකේ zipper එක ඇරියේ පූසා හුස්ම ගන්න බැරුව ලෙෆ්ට් වෙයි කියලා හිතෙද්දී මේ පූස් තඩියාත් ගෙදර අරගෙන ගියාම ඔක්කොම පූසො හයක් ඉන්නවා ලගදීම දවසක ඔම්මා මගේ පූස් සංකුට්ටෝ ටික එක්ක ගෙදරින් එලවනවා කියලා නම් ෂුවර්

" උබ මේ පූස් තඩියා යුනි එකට කුදලගෙන ආවා ද ගෑනියේ...? අර ඉස්සරහ උගන්නන ගමන් ඉන්න මගේ දයාබර නොවන අලි ඔලු ඔප්පාට මේකාගේ සද්දේ ඇහුනොත් උබත් ඉවරයි මමත් ඉවරයි පුතී.."

යුන්වියා එහෙන් කියවනවා ප්‍රෙෆාට හදිස්සියේවත් පූසා කෑගහනවා ඇහුනොත් යුන්වියා කෙසේවෙතත් මගේ නම් අවසාන නියතයි

" Meow...Meow.."

හත්තිකේ...මේ පූසා කෑගහනවා යුන්වියා එහෙන් මට රවනවා ඉස්සරහ පේලියේ ලමයි හැරිලා බලනවා මුන් නිකන් හැසිරෙන්නේ ජීවිතේ පලවෙනි වතාවට පූසෙක් කෑගහනවා ඇහුනා වගේ

" මගේ සංකුට්ටෝ....කෑගහන්න එපා ජෙයියෝ..අර ඉස්සරහ ඉන්න යකාට ඇහුනොත් උබත් ඉවරයි මමත් ඉවරයි මගේ පාපි බිත්තරයාත් ඉවරයි මගේ අම්මන කැටේ කෑගහන්න එපා.."

ඒ වුනාට පූස් තඩියා මම කියන දේවල් ඇහෙන්නේ නැ වගේ කලින්ට වඩා හයියෙන් කෑගැහුවා professor kim කන්නාඩි කූට්ටමත් ඇගිලි දෙකකින් උස්සන ගමන් කෙලින්ම බැලුවේ අහිංසකයි රටක් වටියි වගේ ඉන්න මගේ දිහා ඇයි ජෙයියනේ ඔබතුමාත් අහිංසක මගෙන්ම නේ මෙහෙම ආතල් ගන්නේ හයියූ අද සෝයූන්ගේ ජීවත කතාවේ අවසන් පරිච්ඡේදය ලියන්න වෙන හැඩයි

කෙමෙන් කෙමෙන් professor කිම්යානෝ මා සිටින දෙසට පාද තබා එන්නට විය දැන් මාගේ හදවත් පොජ්ජ ඉස්කි ඩිඩින් කියා නටන්නට වූයේ මගේ තොල කට වේලි ගොසින් සහරා කාන්තාරය බදු වීමට ගියේ තත්පර අරි කාලක් වැනි ඉතා සුලු වේලාවකි කෙමෙන් කෙමෙන් පේලි පසු කරමින් මාත් යුන්වියානෝත් සිටින පේලිය නැවතුනු professor කිම්යානෝ මා ල්ග තිබූ සෙලවෙන බෑග් එක දෙස බැලුවේය

" බෑග් එක අරිනවා..."

Professor කිම්යානෝ මුලු හෝල් එකම දෙදෙරා යන්න කෑගැහුවේ මාගේ කර්න පටහ පටලයේදී සිහින් ඉරි තලායෑමක් සිදු විය කිරීම්ට තවත් කිසිවක් මතක් නොවුනු හෙයින් මම බෑග් එක ඇරියා එවිට බෑග් එක ඇතුලේ හිටපු පූසා එලියට පැනලා දුවන්න හදනකොට මම අල්ලගත්තා

" නැගිටිනවා සෝයූන්...."

Professor kim ට දැන් නම් රතු කට්ට විතරක් නෙවෙයි ඔක්කොම කටු පැනලා කියලා මට තේරුනා මම බිම බලාගෙන පූසාත් ඩෙස්ක් එක උඩින් තියාගෙන නැගිට්ටා

" පරක්කු වෙලා lecture එකට ඇවිත් තවත් මෙතන බලලෙක් තියාගෙන නාඩගම් නටනවා තමුන් මේක නාඩගම් මඩුවක් කියලා ද හිතාගෙන ඉන්නේ කියන කිසිදෙයක් කනට ගන්නේ නැ තමුන්ට ඉගෙනගන්න ඕන නැත්නම් තවත් මගේ lecture වලට නාවට කමක් නැ දැන් ඔය බලල් තඩියා අරගෙන යනවා එලියට "

Professor kim ට හොදටම තරහ ගිහින් හින්දා තමයි ඔහොම බැන්නේ නැත්නම් එයා කාටවත් ඔච්චර නපුරු විදියට කතා කරන්නේ නැ කොහොම වුනත් මගේ නේ වැරැද්ද හැබැයි එයාගේ  lecture වලට නාවට කමක් නැ කියපු එකට නම් පෙම් සිත රිදුනා සත්තලනේ

පොත් ටික බෑග් එකට දාගෙන පූසාවත් අතට අරගෙන professor kim ට ආචාර කරලා ලෙක්චර් හෝල් එකෙන් එලියට ආවා පූසාට නමක් කල්පනා කරන ගමන් මම කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගියා වෙන ඉතින් කරන්න දෙයක් නැ

" මොකද්ද අෆ්ෆා ඔයාට තියන නම.....?"

මගේ අලුත් පූස් බෝලේ ගැන කිව්වොත් එයා සුදු පාටයි හිම බෝලයක් වගේ සෝස පාට නහයකුත් ලස්සන නිල් පාටට හුරු කොල පාට ඇස් දෙකත් එයාට තිබුණේ පූස්ගේ වලිගේ වැඩිය දිග නැ සීත කාලෙට තුරුල් කරගන්න හොදයි

" ස්නෝවි......සැක් ඒක බල්ලෙක්ගේ නමක් වගේ නේ "

අයිෂ්......නම් මතක් වෙන්නෙත් නැ එතකොට ෆෝන් vibrate වුනු හින්දා පූසා එක අතකට අරගෙන අනිත් අතින් ෆෝන් එක අරගත්තා ඔය තියෙන්නේ ඒත් මම බැලුවා ඇයි පරක්කු කියලා මගේ පාපි බිත්තරයා යුන්වි මැසේජ් එක දාලා තිබුණේ  

" ඔප්පාට තරහ ගියපු නිසා එහෙම කෑගහන්න ඇත්තේ උබ ඒ ගැන හිතන්න එපා "

" මම ඒ ගැන හිතන්නේ නැ කියලා දන්නවා නේ මම දැන් ගෙදර යනවා උබ ගිහින් මට කෝල් එකක් දීපන්.."

ආපහු දවසටම ලෙක්චර් තිබුනෙත් නැති නිසා මම ගෙදර යන්න කියලා හිතුවේ අතනට වෙලා ප්‍රදර්ශන භාන්ඩේ වගේ හිටගන්න ඉන්න බැ නේ මම යුනි එකෙන් එලියට ඇවිත් බස් හෝල්ට් එකට ගියා බස් එකක් එනකම් එතැන ඉන්නකොට මගේ අතේ හිටපු පූසා එකපාරට මගේ අතින් පැනලා පාරට දුවලා

" යාහ්හ්හ්....."

මාත් කෑගහගෙන පූසාගේ පස්සෙන් පාරට පැන්නා ඒත් එක්කම මම දැක්කේ අපේ පැත්තට වේගෙන් එන කා එකක් මම පූසාවත් තුරුල් කරගෙන පාර මැද එහෙම්ම හිටියේ අඩියක්වත් හෙලවෙන්න කකුල් දෙක පන නැ වගේ දැනෙනකොට මම තද කරලා ඇස් පියාගත්තා තත්පරයක් දෙකක් යන්න ඇති මම මලා ද..? දැන් එතකොට මම ඉන්නේ අපායෙද...? ඒත් මට මුකුත් දැනුන් නැ නේ

මම ඇස් ඇරලා බැලුවා කොහෙදෝ තිබුණු වාසනාවකට මම හැප්පුනේ නැ කා එක drive කරන අජුශ්ශිට නම් හොදටම තරහ ගිහින් වගේ ඔව් ඉතින් එකපාරට පාර්ට පැන්නාම තරහ යන එක සාධාරණයි නේ

" මොකද්ද තමුන් කරන්නේ ආ...තව පොඩ්ඩෙන් හැප්පෙනවා '

ඒ අජුශ්ශි මට බනිද්දී මම දත් කැකුලු තිස් දෙක ප්‍රදර්ශනය කලා

" මියානේ අජුශ්ශි මගේ පූස් පැටියා පාරට පැන්නා "

මම අංශක අනූවට නැවිලා ඒ අජුශ්ශිගෙන් සමාව ඉල්ලුවා පිටිපස්සේ ශිට් එකේ හිටපු කෙනා මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියේ මම හිතන්නේ එයාට වැඩි වයසක් නැ පොහොසත් පවුලක කොල්ලෙක් වගේ ඒත් ඇයි එයා මගේ දිහා බලාගෙන ඉන්නේ අනික මට දැනෙන්නේ මම මීට කලින් එයාව දැකලා තියෙනවා වගේ

අයිෂ් සෝයූන් විකාර හිතන්න එපා ඔය කොහෙදි හරි දැක්ක මනුස්සයෙක් වෙන්න ඇති බෑග් එකේ තිබුණු පොත් ටික අතට අරගෙන පූසාව බෑග් එකට දාලා zipper එක භාගෙට වැහුවා ඊට පස්සේ ආපු බස් එකේ නැගලා ගෙදර ගියා

𝙿𝚊𝚛𝚔 𝚂𝚘𝚢𝚞𝚗

To be continue..............♡︎

ඔන්න අලුත් කතාවක් අරගෙන ආවා
Unforgettable Night එකේ වෙන් කරපු සෝයූන් යුංගි දෙන්නා දාලා අලුතින් කතාවක් ලියන්න කියලා request ගොඩක් ආවා ඒ නිසා ඔන්න ලිව්වා

කතාව පිලිබද ඔබගේ අදහස් දක්වන්න ඒ වගේම අමතක නොකර ඔය යටින් තියෙන තරුවත් ඔබාගෙන යන්න එතකොට තරුව තැඹිලි පාට වෙයි..🌝

ඊලග චැප්ටර් එකෙන් ඉක්මනට හමුවෙමු

Bạn đang đọc truyện trên: AzTruyen.Top