10.𝘌𝘯𝘥 🥀
අමාවකට සද නැති බව අමතකද
සද නැති දාට තනි මැකුවේ මම නොවෙද
නුබේ පුර හදට ඈතින් හරි
පොඩි කොනක නුබට හොරෙන්
පෙම් බදිනා තනි තරුව මම
නුබෙ සද තරම්
මා හැඩ නැති බව දනිමි
සෙනේ කදක් නුබ වෙනුවෙන්
මම රකිමි...
කම් නෑ කිසි දිනෙක
නුබෙ පෙම නොලැබුනට
මම කිසිදාක නුබෙ
අඹරෙන් බැස නොයමි....🥀
#Copied..
_________________________________________
ජීයූන්ට නම්ජූන්ගෙන් ඩිවෝස් වෙන්න ඕන වුනත් එයාලා මැරි කරලා මාස දෙකක් වගේ වෙන නිසා ඒ දෙන්නා ඩිවෝස් එක වෙනුවෙන් තව මාසයක් ඉවසන්න වුනා ඒ නිසා ජීයූන් නම්ජූන් අතර සුලු දේවල් වලට පවා රන්ඩු ඇති වුනා ඒ රන්ඩු බේරෙන්න මැදිහත් වෙන්නේ මීරා
ඒ දෙන්නා කොයිතරම් රන්ඩු කලත් නම්ජූන් කොච්චර නරක විදියට බැන්නත් ජීයූන්ගේ හිතේ නම්ජූන් ගැන තියෙන ආදරේ වෙනසක් වුනේ නැ ඒ ආදරේ හැමදාම ජීයූන් හිතේ සගවගෙන හිටියා එයා ඒ හැමදේම කදුලු විදියට පිට කලේ ජින් ඉස්සරහ විතරයි
මේ අතරේ නම්ජූන්ගේ අප්පා මිස්ටර් කිම් කොයිවෙලෙත් ජීයූන් ගැන කියමින් නම්ජූන්ට බැන්නා කවදාවත් නම්ජූන්ට අතක් උස්සලා නැති මිස්ටර් කිම් ජීයූන් නිසා කොල්ලාට අතක් ඉස්සුවා ඒ නිසා නම්ජූන්ගේ හිතේ ජීයූන් ගැන තරහක් ඇති වුනා
සුපුරුදු පරිදි ජින් නම්ජූන්ගේ mansion එකට ආවේ ජීයූන් බලන්න ජින් තමන්ගේ ගෙදර වගේ නම්ජූන්ගේ ගේ ඇතුලේ ඇවිදගෙන ගියා
" තමුන් මොනාද මෙහේ කරන්නේ...?"
ජීයූන්ගේ රූම් එක පැත්තට ඇවිදගෙන යන ගමන් හිටපු ජින් හැරුණේ ඒ කටහඩේ අයිතිකාරයා කවුද කියලා දැනගෙනමයි
" ඔහ් මිස්ටර් කිම් නම්ජූන් බෑඩ් මෝනින්..."
ජින් අමුතු හිනාවක් එක්ක කිව්වා
" මම තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා "
" මොකද්ද ඇහුවේ "
" අයිෂ්....තමුසේ මොනාද මෙහේ කරන්නේ කාගෙන් අවසර අරගෙන ඇතුලට ආවේ...?"
" මම ආවේ මගේ යොංජාචිංගු බලන්න ඔයාට ප්‍රශ්නයක් ද කිම් නම්ජූන් ප්‍රශ්නයක් වුනත් මට අදාළ නැ..."
" තමුසෙගේ යොංජාචිංගු කෙනෙක් මෙහේ නැ මිනිහෝ..."
" ඉන්නවා පාර්ක් ජීයූන්.."
ජින් ඇහිබමක් උස්සගෙන කිව්වා
" ඒ මගේ වයිෆ්.."
" අන්න කිම් නම්ජූන් වරද්ද ගත්ත තැන එයා තව සතියකින් තමුසෙගේ එක්ස් වයිෆ් ඊලග සතියේ එයා මගේ වයිෆ් "
ජින් එහෙම කිව්වාම නම්ජූන් ජින් දිහා කේන්තියෙන් බලාගෙන හිටියා
" යාහ්හ් මොකාද උදේම කෑගහන්නේ...?"
නම්ජින් දෙන්නාගේ සද්දෙට ඇහැරුනු ජීයූන් පිජාමා කිට් එක පිටින් ආවා කොන්ඩෙත් අවුල් කරගෙන එයාගේ පැත්තට එන ජීයූන් දිහා ජින් බලාගෙන හිටියේ හිනා වෙන ගමන්
" බබා...නම්ජූන්ට උදේම නයි මිරිස් කැවිලා ඒක නිසා කෑගහන්නේ.."
ජින් කෙල්ලගේ කරට අත දාගෙන කිව්වා කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන ජින් දිහා බලාගෙන ඉන්නවා
" ජීයූන් මූ මොනාද අදත් මෙහේ කරන්නේ තමුසේ ඕන මගුලක් මූ එක්ක නටාගන්නවා හැබැයි මේ ගෙදරින් එලියේ.."
" මොකද තමුසේ ජීයූන්ට සද්දේ දාන්නේ ආ මට ඕන නම් මෙහේ එනවා ඇයි ප්‍රශ්නයක් ද"
" යේ මට ලොකු ප්‍රශ්නයක් "
" ඉතින් ඒක තමුසෙගේ ප්‍රශ්නයක් මිසක් මගේ නෙවෙයි නේ "
නම්ජූන් යකා අවේස වී ඇති බව එයාගේ මූන දැකපු ගමන් ජීයූන්ට තේරුනා
" ජිනී යන් අපි.."
ජීයූන් ජින්ගේ අතින් අදින ගමන් කිව්වා නම්ජූන් දිහාට කට කොනින් හිනාවක් දැම්ම ජින් කෙල්ල එක්ක ගියා ජීයූන්ගේ රූම් එකට ඇවිත් දොර වැහුනා ජින් රූම් එක පුරා ඇස් යවන ගමන් කෙල්ලගේ ඇද උඩින් වාඩිවුනා ජීයූන් ඉනට අත් දෙකත් තියාගෙන ජින් ඉස්සරහින් හිට ගත්තා
" මොකද කොයිවෙලෙත් රන්ඩුවට යන්නේ ආ.."
" ඌ තමයි පටන් ගන්නේ ඌ හිතාගෙන ඉන්නේ උගේ බිග්බොඩියට මම බය වෙයි කියලා "
ජින් කට හද හද කියනකොට කෙල්ලට හිනා ගියා
" හිනා වෙන්න එපා මට තාම ඌට දෙකක් ඇනගන්න බැරි වුනා නේ "
" අනේ මේන් කිව්වා පනුස් ගහගන්න නම් යන්න එපා ඕවා බේරන්න වෙන්නේ මට නේ "
ජීයූන් කොල්ලාගේ නලලට ඇගිල්ලෙන් අනින ගමන් කිව්වා
" ඒ මොන වෙඩිමකට බේරන්න හදන්නේ හස්බන් මගේ අතින් අවසන් ගමන් යයි කියලා බයයි ද..?"
ජින් එහෙම කිව්වාම ජීයූන් වේදනාවෙන් හුස්මක් පහත හෙලලා කොල්ලාගේ එහා පැත්තෙන් වාඩිවුනා
" එයා මගේ හස්බන් වුනේ නමට විතරයි ජිනී... එයා මගේ හැගීම් එක්ක ලොකු සෙල්ලම් කලා ඔයා දන්නවා ද ජිනී මීරා pregnant.."
" මොහ්...?"
ජින් ඇස් ලොකු කරගෙන ජීයූන් දිහා බැලුවා
" ම්ම්ම්... දැන් සති දෙකක් වෙනවා ලු ඊයේ මීරා සතුටින් මාත් එක්ක කිව්වා මම තවත් නම්ජූන්ගේ වයිෆ් විදියට හිටියොත් ඒ පුංචි පැටියාට අප්පා නැති වෙයි නේද ජිනී මීරා පුංචි පැටියෙක් එක්ක තනි වෙයි එයාට ගොඩක් දුක් විදින්න වෙයි..."
ජීයූන් ඇස් වල කදුලු පුරවගෙන ඉස්සරහ බලාගෙන කිව්වා
" ඔයා හැමෝම ගැන හිතුවාට ජීයූන් ඔයා ගැන කවදාවත් හිතුවේ නැ එදත් එහෙමයි අද කියලත් වෙනසක් වෙලා නැ "
ජින් එහෙම කිව්වාම ජීයූන් යාන්තම් හිනා වුනා
" නොදැනුවත්ව හරි නම්ජූන් පයින් ගැහුවේ මැනිකට කියලා තේරුනු දවසක එයා ගොඩක් පරක්කු වැඩි වෙයි..."
" මේක වෙන්න ඇති ජිනී අපේ දෛවය මම ආදරේ කරන කෙනා මට නෙවෙයි ආදරේ කරන්නේ වෙන කෙනෙක්ට දැන් එයාට බබෙක් හම්බවෙන්න ඉන්නවා මේ දේවල් දකින්න තරම් මම මෙච්චර අවාසනාවන්ත වුනේ ඇයි ජිනී...?"
" ඔයා අවාසනාවන්ත නැ බේබි නම්ජූන් අවාසනාවන්ත ඔයාගේ ආදරේ තේරුම් ගන්න බැරි "
ජීයූන්ගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" අද කොහේහරි යමුද "
" බැ ජිනී අද මීරා තනියෙන් මේ වගේ තත්ත්වයක එයාව තනියෙන් තියන්න බැ "
" ඔය හරි වෙනස් කෙල්ලෙක් බේබි.."
කෙල්ල ඒකට හිනා වුනා විතරයි
" මට ඔයාගේ car එකේ key එක ඕන මගේ car එක එන ගමන් මගදී කැඩුනා "
" dressing table එක උඩ ඇති ජිනී අරගෙන යන්න "
ජීයූන් කිව්වාම dressing table එක උඩ තිබුණු key එක ගත්තා
" මගේ car එක ගෙනිච්චා වගේම අරගෙන එනවා හරි ද..?"
ජීයූන් ඇස් හීනි කරගෙන තර්ජනාත්මක ස්වරයකින් කිව්වා
" හරි බේබි....පරිස්සමින් ඉන්න "
ජින් කෙල්ලගේ හිස් මුදුනට හාදුවක් තවරලා කම්බුලත් පිරිමැදලා යන්න ගියා ජීයූන් ජින් යන දිහා බලාගෙන හිටියේ මුලු හිතම අමුතු බයකින් වෙලා ගනිද්දී
ජින් ගිහින් ටික වෙලාවකට ජීයූන් නම්ජූන් car එක start කරන සද්දේ ඇහෙනකොට බැල්කනියට ගියා නම්ජූන් ගේට් එකෙන් එලියට යනකම් බලාගෙන ඉදලා වොෂ් එකක් දාගෙන රූම් එකෙන් එලියට ගියේ මීරා ගැන බලන්න මීරා මේ වෙලාවේ හිටියේ කිචන් එකේ
" යාහ්හ් මීරා මොකද ඔය කරන්නේ...? කෝ එහාට වෙන්න "
ජීයූන් මීරා ලගට දුවගෙන ගිහින් එයාව ලග තිබුණු පුටුවකින් වාඩි කලා
" මොනාද කරන්නේ ආ...පොඩ්ඩක් මම එනකම් ඉන්න බැරි ද...? දැන් මොනාද හදන්න හැදුවේ..."
" පැස්ටා එකක් හදන්න හැදුවේ "
මීරා ඔම්මාට වැරැද්දක් කරලා ඇහුවුනු පොඩි දරුවෙක් වගේ කිව්වේ
" ඔයා ඒවා කන්න ආසයි ද..?"
මීරා ඔව් කියන්න ඔලුව වැනුවා
" විනාඩි පහක් දෙන්න මම සුටුස් ගාලා හදලා දෙන්නම්..."
ජීයූන් හිනා වෙලා එහෙම කියලා කිචන් එක පැත්තට හැරුනා මීරා පුදුමෙන් ජීයූන් දිහා බලාගෙන හිටියේ ජීයූන් කියන්නේ මේ වගේ කෙනෙක් කියලා මීරා කොහොමටවත් හිතුවේ නැ
" ඔයාට මාත් එක්ක තරහක් නැද්ද ජීයූන්..."
" මම ඇයි ඔයත් එක්ක තරහ වෙන්නේ මීරා..."
ජීයූන් ඇස් දෙකත් බෝල කරගෙන ඇහුවා
" මම හින්දා නේ ඔයා මෙච්චර දුක් විදින්නේ.."
ජීයූන් කපමින් හිටපු එලවලු ටික පැත්තකින් තියලා කිචන් එකේ කවුන්ටරේට හේත්තු වුනා
" එහෙම හිතන්න එපා මීරා "
" එහෙනම් කොහොමද හිතන්න ඕන "
" ඔය දෙන්නා අවුරුදු ගානක් ආදරේ කරපු දෙන්නෙක් ඔය දෙන්නා අතරට නොදැනුවත්ව හරි ආවේ මම එහෙම බැලුවොත් ඔයා නේද මීරා මාත් එක්ක තරහ වෙන්න ඕන "
" ඒත් ඔයා නම්ජූන්ට ආදරෙයි.....?"
මීරා එහෙම කිව්වාම ජීයූන් යාන්තම් හිනා වුනා
" මම නම්ජූන්ව ඔයාගෙන් උදුරගනියි කියලා හිතුවා ද..? මම එහෙම කරන්නේ නැ මේ පුංචි පැටියාගේ අප්පා මම උදුරගන්නේ නැ මම නම්ජූන්ට ආදරෙයි මීරා ඔව් ඒක ඇත්ත මේ ගෙවෙන තත්පරෙත් මම එයාට ආදරෙයි ඒත් එයා මට ආදරෙයි ද..? අනියා මීරා එයා ආදරේ ඔයාට මට නෙවෙයි නම්ජූන් හිතින් බැදිලා ඉන්නේ ඔයා එක්ක මම මොනා කරන්න ද මීරා ආදරය මට කලේ ලොකු විහිලුවක් "
ජීයූන් කදුලු අතරින් සමච්චලේට වගේ හිනා වුනා මීරා ඇවිත් ජීයූන් තුරුල් කරගත්තා ජීයූන් මීරාගේ අත පිරිමැද්දා
" මියානේ..."
" සමාව ඉල්ලන්න ඕන නැ මීරා ඒක ඔයාගේ වරදක් නෙවෙයි අපි හැමෝගෙම ජීවිත එක්ක දෛවය ලොකු සෙල්ලමක් කලා "
ජීයූන් අහිංසක හිනාවක් එක්ක කිව්වා
" ඔයා ගිහින් වාඩිවෙන්න මීරා.."
ජීයූන් කිව්වාම මීරා ගිහින් වාඩිවුනා කෙල්ල ආපහු එලවලු කපන්න පටන් ගත්තා ඒත් එක්කම ජීයූන්ගේ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තා
" මීරා කවුද කියලා බලන්න.."
" ජින්ගෙන්.."
ජීයූන් ඔක්කොම පැත්තක තියලා ඇවිත් ෆෝන් එක අතට ගත්තේ ජින් මේ වෙලාවේ මොකද කියලා කල්පනා කරන ගමන්
" යාහ්හ් ජිනී මොකද මේ වෙලාවේ...?"
" අහ්ම්.... මිස් මේ ෆෝන් එකේ අයිතිකාරයා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා මිස්ගේ නම්බර් එක උඩින්ම තිබුණු නිසා අපි කෝල් කලේ..."
ජීයූන් එතැන තිබුණු පුටුවක ඉබේම ඉන්දුනේ ඇස් වල කදුලු පුරවගෙන මීරා කෙල්ලගේ අතින් අල්ලගත්තේ ඇයි කියලා ඇස් වලින් අහන ගමන්
" එයා ඇඩ්මිට් කලේ මොන හොස්පිටල් එකට ද"
" Seoul City hospital එකේ.."
"
කුමාවෝ "
ජීයූන් එහෙම කියලා ෆෝන් එක ටේබල් එක උඩින් තියලා අත් දෙකෙන්ම මුහුන වහගත්තා
" ජීයූන්..."
" මීරා.....අනෙහ්..."
" මොකද වෙලා තියෙන්නේ "
" ජින් ඇක්සිඩන්ට් වෙලා "
කෙල්ල අඩන ගමන් කිව්වා
" මොහ්...?"
මීරා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා
" මම හොස්පිටල් එකට යන්න ඕන එයාට කොහොමද දන්නේ නැ "
ජීයූන් කදුලු පිහිදගෙන නැගිටින ගමන් කිව්වා
" මාත් එන්නම්.."
" ඒත්..."
" මේ වගේ වෙලාවක ඔයාව තනියෙන් යවන්න බැ ජීයූන් "
මීරා එහෙම කිව්වාම ජීයූන් ඔලුව වැනුවා දෙන්නාම ලෑස්ති වෙලා හොස්පිටල් එකට ගියා රිසෙප්ෂන් එකෙන් ජින් ගැන අහගෙන ඇතුලට ගියා කෙල්ල ICU එක දිහා බලාගෙන එතැන වාඩිවුනා මීරා ජීයූන් ලගින් වාඩිවුනා
" එයා පව් මීරා.....අනේ මට බයයි.."
ජීයූන් අඩන ගමන් කියනකොට මීරා කෙල්ලව වැලදගත්තා මීරා නිහඩවම ජීයූන්ගේ ඔලුව අතගෑවා
ටිකකින් ඩොක්ටර් ICU එකෙන් එලියට ආවාම ජීයූන් ඩොක්ටර් ලගට දුවගෙන ගියා
" ඩොක්ටර් ජින්ට කොහොමද..? එයාට ලොකු තුවාලයක් නැ නේ ද"
ජීයූන් කලබලයෙන් අහනකොට ඩොක්ටර් කනගාටුවෙන් හුස්මක් පහත හෙලුවා
" ඩොක්ටර් චේබල් කතා කරන්න "
කෙල්ල එහෙම කියනකොට මීරා ජීයූන්ව තුරුල් කරගත්තා
" මේ මිස් පේශන්ගේ කවුද "
" මම එයාගේ යාලුවා චේබල් ඩොක්ටර් කියන්න "
" ම්ම්ම් මම කෙලින්ම කියන්නම් පේශන්ට වැඩි වෙලාවක් නැ පේශන්ගේ අභ්‍යන්තර රුධිර වහන නිසා වගේම මොලයේ සමහර කොටස් වලට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා I'm Really Sorry....."
ජීයූන් අඩියක් පිටිපස්සට තිබ්බා ඩොක්ටර් කියපු
දේවල් කෙල්ලට ඇහුනේ හීනෙන් කතා කරනවා වගේ ඩොක්ටර් කතා කරලා එතැනින් ගියාම කෙල්ල ICU එක පැත්තට හෙමින් අඩිය තියමින් ඇවිදගෙන ගියා කෙල්ලට මේ දේවල් නපුරු හීනයක් වගේ ජීයූන් දොර ඇරගෙන ඇතුලට ගියා කෙල්ලට ජින් ඉන්න විදිය දැකලා ඉකි ගැහුනා ජීයූන් අතින් කට වහගෙන ජින් ලගට ඇවිදගෙන ගියා මැශින් ගොඩක් මැදට වෙලා අමාරුවෙන් හුස්ම යදින ජින් දකිනකොට කෙල්ලට මැවි මැවි පෙනුනේ ජින්ගේ අහිංසක හිනාව
ජින් ලගට ගියපු ජීයූන් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වාම ජින් අමාරුවෙන් ඇස් ඇරියා
" ජිනී..."
හීන් ඉකියක් එක්ක ජින්ගේ නම මුමුනන කොට කොල්ලා ඔක්සිජන් මාක්ස් එක ගැලෙව්වා ජින් කෙල්ල පැත්තට අත දික් කලාම ජීයූන් කොල්ලාගේ වෙව්ලන අත අල්ලගත්තා
" ජිනී...අනේහ්..."
" අඩන්න එපාහ්... බේබි....ඔ..ය ඇ..ස් ව්..ලට ක...දුලු ගැලපෙන්නේ නැ...."
ජින් හිනාවක් එක්ක කිව්වත් ඒ හිනාව ඇතුලේ තියෙන වේදනාව තේරුම් ගන්න ජීයූන්ට පුලුවන් වුනා
" ම්ම්...ඔයාට ආදරෙයි..බේබි... ගො..ඩාක්.. ඒත්.. ඔ..යාගේ ආදරේ...අයිති.. වුනේ නම්..ජූන්ට...ම..ට.. දු..කයි.. ඔයාව දා.ලා යන්න වෙන්නවාට.."
" ඔයා කොහේ යන්න ද ජිනී.."
" ම..මට..යන්න වෙනවා බේ..බි.. ඊට ක..ලින්.. මට ඔ..යාගෙන්.. ඉල්ලන්න දෙ...යක් ති..යෙ..නවා.. ලබන ආත්මේ ම්..ට... විතරක් ආ..දරේ ක්..රන්න.. නම්..ජූන්ගේ නොවී.. මගේ වෙන්න....."
" ම..මම්..පොරොන්දු වෙනවා ජිනී..."
" ප්..රිස්සමින්. ස..තුටින්...ඉන්..න..
සරන්හේ වයිට් රෝස්....."
ජීයූන් අඩන ගමන් ජින්ගේ අතක් තද කරලා අල්ලාගන්න ගමන් කිව්වා ජින් කෙල්ල දිහා බලලා ලස්සනට හිනා වුනා ටිකෙන් ටික ජින්ගේ අත ලිහිල් වෙද්දී මැශින් වල ටීක් ටීක් සද්දේ නැවතෙද්දී කෙල්ල කලබල වුනා
" ජිනී..."
නොනවත්වා කඩාගෙන හැලෙන කදුලු බිදු අතරින් වෙව්ලන සිහින් කටහඩකින් මලානිකව කඩාගෙන වැටුනු ජින්ගේ අත අල්ලාගෙන මිමිනුවා ඒත් ජින්ගේ වෙනසක් වුනේ නැ කෙල්ල ජින්ගේ කම්බුලකට අත තියලා තට්ටු කලා
" ජිනී.... ඔයා නිදි නේද...?"
කෙල්ල හිමින් මිමිනුවා ජීයූන් ජින්ව හෙලෙව්වාත් කොල්ලාගේ වෙනසක් වුනේ නැ කෙල්ල ජින්ගේ නිසල සිරුර බදාගෙන අඩන්න පටන් ගත්තා
දුකට සැපට හැමදේටම ලගින් හිටපු එයාගේ යාලුවා නොයෙන්නම දුර ගමනක් ගිහින් ඉතින් කෙල්ලට ඒක දරාගන්න අමාරුයි
ඩොක්ටර් කෙනෙක් ඇවිත් ජීයූන් ජින් ලගින් අයින් කරලා කොල්ලාව චෙක් කලා අවසානයේ ජින්ගේ නිසල සිරුර නර්ස් කෙනෙක් සුදු පැහැති රෙදි කඩකින් වහන විදිය කෙල්ල බලාගෙන හිටියා ජීයූන් ජින්ගේ රූම් එකෙන් එලියට ගියේ කිසිම හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක් ගානට
මිස්ටර් පාර්ක්, ජිමින් වගේම නම්ජූන් ඇවිත් හිටියා ජීයූන් එතැන තිබුණු බිත්තියට හේත්තු වුනා
" නූනා... ජින් හියුන්ග්ට කොහොමද...?"
ජිමින් කෙල්ල ලගට ගිහින් ඇහුවා ජීයූන් මුකුත් නොකියා අඩන්න පටන් ගත්තා හැමෝම බය වෙලා කෙල්ල දිහා බලාගෙන හිටියා
" නූනා...."
" එ..යා ගියා... චිමී..... එයා අපිව දාලා ගියා.."
ජීයූන් ඉකි ගසමින් අඩන ගමන් කියද්දී ජිමින් කෙල්ලව වැලදගත්තා ජින් එක්ක ගෙවපු දවස් එකින් එක මතක් වෙද්දී ජීයූන් තවත් හයියෙන් කෑගහලා අඩන්න පටන් ගත්තා
.
After Five Years
Jiyun Pov
එදා ජින්ගේ funeral එකෙන් දවස් දෙකකට පස්සේ නම්ජූන්ට ඩිවෝස් එක දිලා කොරියාවට සමුදුන්නා මට හැමෝගෙන්ම ඈත් වෙලා තනිවෙන්න ඕන නිසා එහෙම තීරණයක් ගත්තේ මගේ කියලා කවුරුවත් නැති රටක මම තනිවෙලා ඉන්නවා
ජිනී මගේ හැමදේකටම ලගින් හිටපු තනි මැකුව එයා අද මම තනි වෙලා ඉන්නකොට තනි මකන්න එයා මගේ ලග නැ මට පාලුයි ජිනී මම අඩන හැම මොහොතකම මාව සැනසුවා මම එයාව දකින්නෙ යාලුවෙක් විදියට විතරක් කියලා දැනගෙනත් එයා තනියෙන් ආදරේ කලා ජිනීට කොච්චර දුක හිතෙන්න ඇති මම එයාගේ ඉස්සරහ කොච්චර ඇඩුවත් ජිනී කවදාවත් මගේ ඉස්සරහ ඇඩුවේ නැ එයාගේ දුක වේදනාව හැමදේම හිතේ තද කරගෙන මගේ කදුලු පිහිදුවා මාව සැනසුවා දුකින් ඉන්න හැම තත්පරේකම මාව හිනස්සන්න මොනාහරි විකාර වැඩක් කරනවා ඔයා කොහොමද ජිනී මෙච්චර හොද වුනේ...?
මට දුක හිතෙන ඕනම වෙලාවක එයාට කෝල් එකක් දෙන්න කිව්වා ඊලග තත්පරේ මගේ ලග එයා ඉන්නම් කිව්වා මම දැන් කාට ද ජිනී කතා කරන්නේ..? මගේ කදුලු පිහිදලා හිනස්සන්න කවුරුවත් නැ ජිනී ඔයාව මට ගොඩක් මතක් වෙනවා මොනදේ කලත් ඔයාත් එක්ක හිටපු කාලේ මට මතක් වෙනවා ජිනී
ඔයා මට ආදරේ කලාට මම ආදරේ කරේ නම්ජූන්ට ඒත් නම්ජූන් ආදරේ කලේ මට නෙවෙයි මීරාට මේක මහ විහිලුවක් නේද ජිනී ම්ම්ම් දෛවයේ සරදමක් ජිනී...ඒ හැමදේම අවසානයේ හැමදාම මගේ හොදම යාලුවා විදියට ලගින් ඉන්නම් කියපු ඔයා මාව තනි කරලා යන්න ගියා නේද ජිනී....
කොෆි මග් එකත් අතේ තියාගෙන රෑ අහසේ දිලිසෙන තරු කැට දිහා බලාගෙන කල්පනා ලෝකෙක ගිලිලා ඉදපු මම මේ ලෝකෙට ආවේ ෆෝන් එක රින් වෙන සද්දයට බැල්කනියේ ඉදපු මම රූම් එකට ගිහින් මග් එක nightstand එක උඩින් තියලා ෆෝන් එක ගත්තා
" යේ චිමී මම හෙට එනවා.."
මම එහෙම කියලා ෆෝන් එක ඇද උඩින් තිබ්බා කොෆි මග් එක අතට ගත්තාත් කොෆි එක නිවිලා හින්දා මම මග් එක nightstand එක උඩින් තිබ්බා රූම් එකේ කොනක ඇදුම් පැක් කරලා තියෙන බෑග් එක දිහා බලලා මම හුස්මක් පහත හෙලුවා
අවුරුදු පහකට පස්සේ හෙට මම ආපහු කොරියාවට යනවා අනිද්දා මගේ චිමිගේ වෙඩින් එක මගේ පුංචි තාර පැටියා දැන් ලොකු වෙලා මට සතුටුයි චිමීට එයා ආදරේ කරන ගර්ල්ව මැරි කරන්න ලැබුනු එක ඒ ගර්ල් චිමීට ගොඩක් ආදරෙයි එයත් එක්ක කතා කරලා තියෙන්නේ දෙපාරක් වගේ වුනත් මට ඒක තේරුනා චිමි එයාගේ ආදරේ එක්ක සතුටින් ජීවත් වෙයි මට ඒ හොදටම ඇති
හෙට ගියාම ආපහු මට සමහර විට නම්ජූන් හම්බවෙයි හ්ම්ම්.. එයාට කොහොමද දන්නේ නැ මොනවා කරනව ද දන්නේ නැ එයාගෙයි මීරාගෙයි බබා මොන වගේ ද එයා ගෑනු ලමයෙක් ද පිරිමි ලමයෙක් ද දන්නේ නැ
කොහොම වුනත් එයාලා සතුටින් ඇති කියලා මම හිතනවා නම්ජූන්ගේ අප්පා පුංචි දරුවා හින්දාවත් එයාලට එකතු වෙන්න දුන්නු එක නම් ලොකු දෙයක් මම කොරියාවෙන් ඇවිත් මාසෙකට විතර පස්සේ නම්ජූන් මීරා දෙන්නා මැරි කලා අන්තිමට නම්ජූන්ට එයාගේ ආදරේ හම්බුනා එතකොට මම.....? තාමත් එයාට තනියෙන් ආදරේ කරන නිහඩ ආදරවන්තිය විතරයි ඒක හෙටත් වෙනස් වෙන එකක් නැ මමත් හරියට ජිනී වගේ දුරින් ඉදගෙන එයා දිහා බලාගෙන ආදරේ කරන්න වෙන්නේ ඔයත් මං වගේ විදවන්න ඇති නේද ජිනී මට සමාවෙන්න ජිනී...
" මෑම්...flight එකට පරක්කු වෙනවා.."
මම ඔලුව වැනුවා ඒ මගේ secretary සේහා park Industries Australia Branch එක බලාගන්නේ මම තමයි මම කොෆි මග් එක apartment එකේ වැඩට ඉන්න අජුම්මාට දීලා මගේ හෑන්ඩ් බෑග් එකත් අරගෙන කා එකට නැග්ගා
තව පැය කිහිපයකින් මම කොරියාවට යනවා හිතේ පොඩි චකිතයක් බයක් නැතුවාම නෙවෙයි නම්ජූන් හම්බුනොත් එයත් එක්ක කතා කරන්නේ කොහොමද එයා මාව කොහොම පිලිගනියි ද කියලා හිතාගන්න බැරුව හිටියේ
.
අවුරුදු පහකට පස්සේ මම කොරියාවට අඩිය තිබ්බා මම ඉස්සර වෙලා යනකොට සේහා මගේ බෑග් එක අරගෙන පස්සෙන් ආවා
" මෑම්...."
" ටිකක් ඉමු සේහා "
කවුරුවත් ඇවිත් හිටියේ නැති නිසා මම එහෙම කිව්වේ විනාඩි කිහිපයක් ගෙවිලා ගියත් මාව එක්කගෙන යන්න කවුරුවත් ආවේ නැ වෙඩින් එකේ වැඩ එක්ක බිසි ඇති
" අපි ටැක්සි එකක යමු සේහා.."
මම එහෙම කියලා සේහා එක්ක airport එකෙන් එලියට බැස්සා ඒත් එක්කම ඇහුනු කටහඩක් නිසා මම එතැනම නැවතුනා
" නූනා..."
චිමී කෑගහගෙන ඇවිත් පොඩි ලමයෙක් ඔම්මාගේ ඇගේ එල්ලෙනවා වගේ මගේ ඇගේ එල්ලුනා මිනිස්සු හිනා වෙවී බල බලා ය්නවා මේ පොඩි යකා නම් හදන්න බැ
' අයි මිස් යූ නූනා මිස් යූ සෝ මච්.."
චිමී මාව බදාගෙන කියනකොට මම හිනාවක් එක්ක චිමීගේ පැත්තට හැරුනා
" මිස් යූ ටූ මයි චිමී බේබි.."
මම එයාගේ කම්බුල් ආදරෙන් මිරිකන ගමන් කිව්වා පුංචි කාලේ වගේමයි තාමත් හුරතලේ ඉස්සරහට මෙයාගේ අහිංසක වයිෆ්ට තමයි මෙයාව හුරතල් කරන්න
" නූනාව දකින්නේ මම අවුරුදු කීයකින් ද නූනා ලස්සන වෙලා "
" ඔයත් ගොඩක් හැන්සම් වෙලා රෝස්ට මෙයාව පරිස්සම් කරගන්න වෙයි නේද සේහා.."
මම එහෙම කිව්වාම සේහා හිනා වෙවී ඔව් කියන්න ඔලුව වැනුවා
" අනේ නූනා මේ..."
' ඕමෝ ලැජ්ජ හිතුනා ද.."
" යාහ්හ්හ් නූනා අපි යමු.."
" අරස්සෝ අරස්සෝ යමු.."
මම හිනා වෙවී සේහා එක්ක ගිහින් කා එකට නැග්ගා
" චිමී...."
" වේ නූනා...'
" මාව cemetery එක ලගින් දාගෙන යන්න.."
මම ශටර් එකෙන් එලිය බලාගෙන කිව්වාම චිමී මගේ දිහා බලනවා ඇස් කොනින් දැක්කා
" නූනා..."
" මට ජිනීව බලන්න ඕන "
චිමී මුකුත් නොකියා ඔලුව වැනුවා ටික වෙලාවකින් cemetery එක ලගින් කා එක නැවැත්තුවා
" ඔයා යන්න චිමී මම ටැක්සි එකක එන්නම්.."
" නූනා තනියෙන් යවන්න බැ "
" අයියූ චිමී බබා මම සේහා එක්ක යන්නම්.."
මම එහෙම කියලා චිමිගේ කම්බුලක් මිරිකලා කා එකෙන් බැස්සා cemetery එක මැදින් මම ඇවිදගෙන ගියා සේහා මගේ පස්සෙන් ආවා කාලය කොහොමද මෙච්චර ඉක්මනට ගෙවුනේ කියලා හිතාගන්න බැ මම ජින්ගේ සොහොන් කොත ලග නැවතුනා
" අවුරුදු පහකට පස්සේ මම ඔයාව බලන්න ආවා ජිනී.."
මම ජින්ගේ සොහොන් කොත ලග දන ගහන ගමන් කිව්වා සොහොන් කොත මත තිබුණු වේලුනු කොල අයින් කලා
" මට ඔයාව මතක් වෙනවා ජිනී...හෙට ඔයාගේ කොට තාරාවා මැරි කරනවා එයා දැන් ලොකු වෙලා මෙච්චර ඉක්මනට කාලය ගත වුනා ද කියලා හිතාගන්න බැ මට නම් තාමත් ඉස්සර මගේ තුරුලේ නිදාගත්ත පුංචි චිමී වගේමයි පේන්නේ..අද ඔයත් හිටියා නම්..."
මගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන යද්දී අන්තිම ටික මිමිනුවා
" කාලය ගොඩක් දේවල් වෙනස් කරලා ජිනී නම්ජූන් මීරා දෙන්නා මැරි කරලා දැන් එයාලගේ බබා ලොකු ඇති නේද මට එයාව දකින්න ආසයි ඒත් බැ වගේ ජිනී දැන් ඒවා වැඩක් නැ ඔයාව බලන්න එනකොට මල් ටිකක්වත් ගේන්න බැරි වුනා කොහෙද අපේ චිමි එක්ක මුකුත් කරන්න බැ නේ "
මම එයත් එක්ක ඉස්සර දේවල් මතක් කරන ගමන් හිනා වුනා ජින්ගේ හිනාව මතක් වෙනකොට මට ඇඩුනා ටික වෙලාවක් එතැන ඉදලා නැගිට්ටේ යන්න වුනත් පොඩි බබෙක්ගේ අතින් අල්ලාගෙන ඉන්න නම්ජූන්ව
එයා මොනාද මෙහේ කරන්නේ...?
මගේ හිතට ඉස්සෙල්ලාම ආපු ප්රශ්නය ඒක සුදු පැහැති ලිලී මල් පොකුරක් අතේ තියාගෙන හිටියේ මගේ හාට්ටුව බ්රේක් ඩාන්ස් එකක් දානවා අවුරුදු පහකට පස්සේ එයා මගේ ඉස්සරහ එයත් පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා සමහරවිට මාව මෙහෙම දකින්න ලැබෙයි කියලා හිතන්නේ නැතුව ඇති
" අහ්ම්....ජීයූන්..."
නම්ජූන් හිනාවක් එක්ක කිව්වත් ඒ හිනාව ඇතුලේ ලොකු වේදනාවක් තිබුනා
ඒත් කෝ මීරා...?
" කොහොමද නම්ජූන්..."
මම අමාරුවෙන් හිනා වෙන ගමන් ඇහුවා
" හොදයි ජීයූන් කාලෙකින් දැක්කේ..."
" ම්ම්ම් මම මෙහේ හිටියේ නැ නේ නම්ජූන් චිමිගේ වෙඩින් එක ඉවර වුනු ගමන් ආපහු යනවා.."
" අප්පා...මමා බලන්න යමුකූ..."
පුංචි කෙල්ල නම්ජූන්ගේ අත හොල්ලන ගමන් කිව්වා එයාගේ ඇස් මීරාගේ වගේ
" අපි යමු මැනික..."
නම්ජූන් එහෙම කියලා මාව පහු කරගෙන ඉස්සරහට ගියා මාත් හැරිලා බැලුවේ කොහෙද යන්නේ කියලා ඒ දෙන්නා ගිහින් සොහොන් කොත ඉස්සරහ නැවතුනා නම්ජූන් ගෙනාපු මල් පොකුර සොහොන මතින් තිබ්බා
" කොහොමද මීරා....මේ දවස් වල කම්පැනි එකේ වැඩ එක්ක බිසි වුනු නිසා ඔයාව බලන්න එන්න බැරි වුනා "
මොකද්ද ඒ මට ඇහුනේ....? එතැනින් මීරා මැරිලා ද...? ඒත් කොහොමද...? කවුරුවත් ඇයි මේ ගැන මුකුත් නොකිව්වේ...?
මගේ හිතේ ප්‍රශ්න කෝටියක් විතර ඇති වෙන්න පටන් ගත්තා නම්ජූන් බබායි දෙන්නා ටික වෙලාවක් එතැන ඉදලා කදුලු පිහිදගෙන මගේ පැත්තට ආවා
' මීරා....?"
" ම්ම්ම්....එයා ගියා.."
මම කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්න නොදී නම්ජූන් කිව්වා
" මට මැනිකක් දීලා එයා යන්න ගියා.."
නම්ජූන් කිව්වා ඒ කටහඩේ තියෙන වේදනාව මට නොතේරුනාම නෙවෙයි
" මොකද්ද වුනේ "
" බබාව හම්බවෙන්න ගිහින් එයා නැති වුනා "
නම්ජූන් බිම බලාගෙන කිව්වා
" මම ඒ කිසිදෙයක් දන්නේ නැ නම්ජූන්...එතකොට දැන් බබාව බලාගන්නේ කොහොමද "
" ඔම්මායි අප්පායි බලාගන්නවා.."
නම්ජූන් කිව්වාම මම බැලුවේ නම්ජූන්ගේ ඇගිල්ලක් අල්ලාගෙන ඉන්න පුංචි බබා දිහා මම එයා දිහා බලලා හිනා වුනාම එයත් මාත් එක්ක හිනා වුනා නම්ජූන්ගේ ඩිම්පල් හිනාව එහෙම්ම පිහිටලා තියෙනවා කිසි වෙනසක් නැ
" මෑම්....අපි යන්න ඕන "
සේහා කියනකොට මම ඔලුව වැනුවා
" මම යන්නම් නම්ජූන් පරිස්සමින් ඉන්න මේ පැටියාව ඇස් දෙක වගේ බලාගන්න "
මම හිනා වෙලා එහෙම කියලා පුංචි බබාගේ කම්බුලට කිස් එකක් දුන්නා
" උයා ලත්තනයි ආන්ති.."
" ඔයත් ගොඩක් ලස්සනයි ප්‍රින්සස් කෙනෙක් වගේ "
මම ඒ සිනිදු කම්බුලක් පිරිමදින ගමන් කිව්වා
" ජීයූන්..... මගේ අතින් වුනු හැමදේටම සමාවෙන්න "
' හැමදේම වෙලා ඉවරයි නම්ජූන් සමාව ඉල්ලුවා කියලා කිසිදෙයක් වෙනස් වෙන්නේ නැ අනික මම ඒ දේවල් අමතක කරලා ඉන්නේ මම දැන් යන්න ඕන නම්ජූන් චිමි මම එනකම් බලාගෙන ඇති.. බායි.."
' බායි "
නම්ජූන් හඩ බාල කරලා කිව්වා එයාට පිටුපාලා මම ඇවිදගෙන ගියා මම කොහොමටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ මම හිතුවේ නම්ජූන් මීරා එයාලගේ බබා එක්ක සතුටින් ඇති කියලා ඒත් මම හිතුවාට වඩා වෙනස් වාතාවරණයක් මෙතන තියෙන්නේ ඒ කොහොම වුනත් මම ආපහු ඔයාගේ ජීවිතේට එන්නේ නැ නම්ජූන් ඔයාගේ මුලු හිතේම අදටත් ඉන්නේ මීරා විතරයි අදත් ඔය හදවත ගැහෙන්නේ මීරා වෙනුවෙන් මිසක් මම වෙනුවෙන් නෙවෙයි පුංචි පැටියා එක්ක පරිස්සමින් ඉන්න නම්ජූන්
" අප්පා...ඒ ආන්ති කවුද..?"
මට ටික දුරක් ඇවිදගෙන යනකොට පුංචි කෙල්ල නම්ජූන්ගෙන් මම කවුද කියලා අහනවා ඇහුනා මම ඔයාගේ මමාවයි අප්පාවයි වෙන් කරන්න ආපු කෙනෙක් පැටියෝ
' අප්පාට ආදරේ කරන සුදු රෝස මලක්...."
ඒ වචන ටික මාව එකතැන නතර කලා ආදරේ කරන කෙනෙක්...... ඔව් අදටත් වෙනසක් නැතුව ආදරේ කරන කෙනෙක් අයිතියක් නැ කියලා දැනගෙනත් ආදරේ කරන කෙනෙක් ඒත් මට ආපහු හැරෙන්න ඕන ඔයා ඔයාගේ දුව එක්ක ඔයාගේ පාරේ යන්න නම්ජූන් මම මගේ පාරේ යන්නම් අපි දෙන්නාට එක පාරක යන්න බැ
අපි අතර තිබුණේ කොල කෑල්ලකට සීමා වුනු බැදීමක් විතරයි මගේ ලග හිටියත් ඔයාගේ හිත හැමදාම තිබුණේ මීරා ලග ජීවිතේ ඉස්සරහටත් අපි හම්බවෙයි නම්ජූන් ඒත් කවදාවත් අපිට එක්වීමක් නැ පුංචි පැටියා එක්ක සතුටින් ඉන්න ඒක තමයි මීරාටත් ඕන වුනේ මම යන්නම්
කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන යද්දී කදුලු පිහිදන්නවත් මට ඕන වුනේ නැ මම cemetery එකෙන් එලියට ගියා මේක ද අපේ දෛවය....?
𝚃𝚑𝚎 𝙴𝚗𝚍
ฅ^•ﻌ•^ฅ
ඉතින් එයත් එසේ නිමා විය
මේකද ඔයාලා බලාපොරොත්තු වුනු අවසානය ද කියන්න මම නොදනී
ආදරේ කරන හැමෝම එකතු වෙන්නේ නැ සමහර අය හැමෝටම හොරා ආදරේ කරලා ඒ ආදරේ හිත අස්සේ තියාගෙන අවසන් හුස්ම හෙලන අයත් ඉන්නවා අයිතියක් නැති ආදරයක් නිසා විදවන අයත් ඉන්නවා අයිතියක් තිබුනාත් ආදරේ හිමි නැති අයත් ඉන්නවා නම්ජූන් ජීයූන් ජින් වටා ගෙතුනු කතාවේ අවසානය මේක තමයි
අවසානය තෙක් රැදී සිටි ඔබ සැමට ගොඩක් ගොඩක් ස්තූතියි වෝට් කමෙන්ට් කරපු අයටත් ගොඩක් ගොඩක් ස්තූතියි
පරිස්සමින් ඉන්න
සරන්හේ
Bạn đang đọc truyện trên: AzTruyen.Top