09.𝘔𝘪𝘴𝘶𝘯𝘥𝘦𝘳𝘴𝘵𝘢𝘯𝘥𝘪𝘯𝘨 😣
අඩලා අඩලා නිදාගත්ත ජීයූන් ඇහැරුනේ ෆෝන් එක රින් වෙන සද්දෙට ඔලුව අල්ලාගෙන අමාරුවෙන් ඇස් ඇරගත්ත කෙල්ල සයිඩ් ටේබල් එක උඩ තිබුණු රින් වෙන ෆෝන් එක අරගෙන කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තේ කෝල් කරන්නේ කවුද කියලවත් නොබලා
" ඇති යන්තම් ආන්සර් කලා.. මම කීයේ ඉදන් ද බේබි ඔයාට කෝල් කරන්නේ මොනාද කරන්නේ ආ තාම නිදි ද දැන් වෙලාව කීයද කියලා දන්නවා ද මම පැයක් තිස්සේ බේබි එනකම් බලාගෙන ඉන්නවා මගේ WWH face එකට ඩැමේජ් වෙනවා අව්ව නිසා යාහ්හ් හිනා නොවි ඉක්මනට එනවා.."
ජින් බ්රේක් නැතුව කියවගෙන යද්දී ජීයූන්ගේ මූනට හිනාවක් ආවේ ඉබේටම
" ජිනී...කූල් මම එන්නම් ඔයා දැන් කොහෙද ඉන්නේ කියන්න..."
" බිග්බොඩියාගේ mansion එක ඉස්සරහ උගේ ගාඩ්ස්ලා ඇතුලට එන්න දෙන්නේ නැ "
" මොහ්....?"
කෙල්ල දැන් කල්පනා කරන්නේ මොකාද බිග්බොඩියා කියලා
"නම්ජූන්කාරයා ගැන කිව්වේ... බේබි ඉක්මනට එන්නකෝ.."
" හරි හරි ඉන්න මම ඉක්මනට එන්නම්.."
ජීයූන් එහෙම කියලා ෆෝන් එක සයිඩ් ටේබල් එක උඩින් තියලා හිනාවක් එක්ක බාත් රූම් එකට ගියේ ඉක්මනට ජින්ව හම්බවෙන්න යන්න මොකද පරක්කු වෙන විනාඩියක් ගානේ ජින් කෙල්ලගේ හත්මුතු පරම්පරාවම මතක් කරනවා වගේම ඊලගට කනක් ඇහිලා ඉන්නත් නැ කියලා ජින් ගැන හොදටම දන්න ජීයූන් දන්නවා
කෙල්ල හිනාවක් එක්ක පහලට ගියත් නම්ජූන් එක්ක හුරතල් වෙන මීරා දැක්කාම ජීයූන්ගේ හිනාව අතුරුදහන් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ඊයේ රෑ නම්ජූන් එයාට කතා කරපු විදිය මතක් වෙද්දී කෙල්ල ඒ දෙන්නාව නොදැක්ක ගානට එතැනින් යන්න හැදුවත් නම්ජූන්ගේ කටහඬ ඇහුනු හින්දා කෙල්ල නැවතුනා
" ජීයූන්....තමුසේ කොහෙද යන්නේ...?"
නම්ජූන් එහෙම අහද්දී කෙල්ල හුස්මක් පහත දාලා නම්ජූන්ගේ පැත්තට හැරුනා
" වේ....?'
ජීයූන් නම්ජූන්ව සතපහකට ගනන් නොගෙන කතා කලා
" තමුසේ කොහෙද යන්නේ කියලා අහන්නේ..?"
නම්ජූන් එහෙම ඇහුවාම කෙල්ල කට කොනින් හිනා වුනා
" තමුසෙට මොකටද ඒක කිම් නම්ජූන්....?"
ජීයූන් ඇහිබමක් උස්සගෙන ඇහුවා නම්ජූන් කොහොමවත් කෙල්ලගෙන් මේ වගේ හැසිරීමක් බලාපොරොත්තු වුනේ නැ
" තමුසේ මගේ වයිෆ්..."
" ඕ එහෙම ද මම දැන් නේ දන්නේ..."
" තමුසේ යන්නේ තමුසෙගේ පෙම්වතා හම්බවෙන්න ද...?"
නම්ජූන් සමච්චල් සහගත හිනාවක් එක්ක කියනකොට ජීයූන් නම්ජූන් දිහාට දැම්මේ ප්රශ්නාර්ථගත් බැල්මක්
" කවුරු...?"
" කිම් සොක්ජින් ගැන මම කියන්නේ.."
ජින්ගේ නම කියනකොට ජීයූන්ගේ මුහුනට හිනාවක් ආවා
" ජිනී මගේ හොදම යාලුවා විතරයි තමුසෙගේ මට්ටමින් මං ගැන හිතන්න එපා කිම් නම්ජූන්.."
ජීයූන් එහෙම කියලා එතැනින් යන්න ගියත් ආපහු නම්ජූන් කතා කරපු නිසා කෙල්ල නැවතුනා
" හස්බන් ඉදිද්දී වෙන මිනිස්සු එක්ක රස්තියාදු ගහන්න තමුසෙට ලැජ්ජ නැද්ද...?"
" වයිෆ් ඉදිද්දී වෙන කෙල්ලෙක් ගෙනැල්ලා ගේ අතුලේ දාගෙන හුරතල් කරන්න තමුසෙට ලැජ්ජ නැද්ද..?"
කෙල්ල එහෙම අහද්දී නම්ජූන්ට දෙන්න උත්තරයක් නැති වුනා ජීයූන් මීරා දිහාත් බලලා එතැනින් ගියා නම්ජූන් කේන්තියෙන් සෝෆා එකට පයින් ගැහුවා
" නම්ජූන් කේන්ති ගන්න එපා...එයාට වැඩිකල් ඔහොම ඉන්න ලැබෙන්නේ නැ..."
මීරා නම්ජූන්ගේ අතක එල්ලිලා ජීයූන් යන දිහා බලාගෙන කිව්වේ කට කොනින් ඇදුනු හිනාවක් එක්ක
නම්ජූන් එක්ක රන්ඩු වෙලා එලියට ආපු ජීයූන් ජින්ගේ කා එකට නැගලා ඩෝ එක සද්දෙන් වැහුවේ ජිනුත් ගැස්සිලා යද්දී
" යාහ්හ් ජීයූන් මේක තමුසෙගේ බිග්බොඩි හස්බන්ගේ නෙවෙයි මගේ වාහනේ...ඌත් එක්ක තියෙන තරහ මගේ පැටියාගේ පිටින් යවන්න එපා ඕන නම් ගිහින් බිග්බොඩියාගේ වාහනේ වීදුරුවක් කුඩු කරලා එමු..."
ජින් හිනාවක් එක්ක කෙල්ලගේ මූනට එබිලා කිව්වාම ජීයූන් කොල්ලාගේ ඔලුවට අත මිටමොලවා හොද ටොක්කක් ඇන්නා
" ඔයාට ඔලුවක් නැ කියලා මට ගහන්න එපා..."
" යාහ්හ් කිම් සොක්ජින්..."
" අහ්ම්....අපි යමු.."
ජින් කතාව වෙන පැත්තකට හරවන ගමන් කිව්වේ නැත්නම් ඉතින් එයාගේ අසරණ කොන්ඩේ ලෙෆ්ට් වීමට ඇති ඉඩකඩ වැඩි නිසා
.
.
කෙමෙන් කෙමෙන් මුලු පරිසරයම අදුර වෙලා ගනිද්දී අහසේ තරු කැට එක දෙක දිලිසෙන්න පටන් දිහා ජීයූන් බලාගෙන හිටියා සීතල සුලං රැලි හමාගෙන එනකොට දැනෙන සීතලට කෙල්ල අත් දෙක බැදගත්තා ජීයූන් සීතලේ ඉන්නේ කියලා දැක්ක ජින් එයාගේ ජැකට් එක ගලවලා කෙල්ලට ඇන්දුවා එයාලා හිටියේ මුහුදු වෙරලට වෙලා
දවසෙම ජින් එක්ක ගත කරපු ජීයූන්ට ටිකට හරි හැමදේම අමතක කරලා හිනා වෙලා හිටියා ජින්ගේ පිස්සු වැඩ වලට කෙල්ලට ඉබේම හිනා යනවා ජීයූන් හිතේ සැනසීමෙන් හිනා වෙලා හිටියේ ජින් ලග විතරයි ජීයූන් එක්ක ගෙවෙන හැම තත්පරේකම කොල්ලා හිතුවේ කාලය නැවතුනා නම් කියලා ජින් හොදටම දන්නවා ජීයූන් එයා දිහා බලන්නේ යාලුවෙක් විදියට විතරයි කියලා ඒ වගේම ජීයූන් ආදරේ එයාට නෙවෙයි නම්ජූන්ට කියලත් කොල්ලා දන්නවා ඒත් මේ ගෙවෙන තත්පරේ පවා ජින් හිතින් ජීයූන්ට ආදරේ කරනවා ඒ ආදරේ හෙටත් ඒ විදියටම තියෙයි ඒ හිතේ ජීයූන් වෙනුවෙන් තියෙන ආදරේ වැඩි වුනා මිස කවදාවත් අඩු වුනේ නැ
" ජිනී....."
ජින්ගේ උරහිසෙන් ඔලුව තියාගත්ත ජීයූන් රල නගන මුහුද දිහා බලාගෙන කතා කලා කොල්ලත් ජීයූන්ගේ ඉන වටේ අතක් යවලා එයාට තුරුල් කරගත්තා
" ම්ම්ම්....කියන්න."
" වේ....නම්ජූන්ට බැරි මාව තේරුම් ගන්න..."
කෙල්ල කදුලු පුරවගෙන එහෙම අහනකොට ජින් මුකුත් නොකියා නිශ්ශබදව හිටියා කොල්ලාට හිතාගන්න බැරී වුනා ඒ ප්රශ්නෙට මොන වගේ උත්තරයක් දෙන්න ද කියලා හැබැයි ඊලගට ජීයූන් අහපු දේට ජින් එකපාරට බය වෙලා වගේ කෙල්ල දිහා බැලුවා
" ඔයා මට ආදරෙයි ද ජිනී..."
ජින් හොදටම කලබල වුනා එයා දැන් එයාගේ හිතේ තියෙන දේ කිව්වොත් ආපහු ජීයූන් එයා එක්ක කතා කරන එකක් නැද්ද..? එයාට බැනලා එලවගනියි ද..? කොල්ලාගේ හිතට විවිධාකාරයේ ප්රශ්න ගලාගෙන ආවා
" ජිනී...කියන්න.."
කොල්ලා නිහඩව ඉන්න නිසා ජීයූන් කොල්ලාගෙන් ඈත් වෙලා ජින්ගේ මූන එයාගේ පැත්තට හරවගත්තා ජින් කෙල්ලගේ ඇස් මගහැරලා බිම බලාගත්තා
" ඔයා මට ආදරෙයි නේද ජිනී.."
කෙල්ල ආපහු එහෙම අහද්දී ජින් බිම බලාගෙන ඔලුව වැනුවේ ඔව් කියන්න
" යේ...මම ඔයාට ගොඩක් ආදරෙයි ජීයූන්.. ඔයා දැක්ක දවසේ ඉදන් මම ආදරේ කලා ස්කූල් එකේ මට කිසිම යාලුවෙක් නැතුව කොන් වෙලා ඉන්නකොට ඔයා මගේ යාලුවෙක් වුනා මම බය වුනා ඔයාට මම ආදරෙයි කියලා කිව්වොත් ඔයා මාත් එක්ක තරහ වෙයි කියලා රට ගියා කියලා මට ඔයාව අමතක වුනේ නැ කතා නොකලාට හැමදාම මට ඔයාව මතක් වුනා ආපහු මම කොරියාවට ආවාම දැනගන්න ලැබුනේ මම කොහොමටවත් බලාපොරොත්තු නොවුනු ආරංචියක් මගේ වයිට් රෝස් මැරි කරලා මම හිත හදාගත්තා ඔයාගේ හබි එක්ක සතුටින් ඇති කියලා ඒත් ටිකකින් ටික නම්ජූන් කියන්නේ කවුද කියලා එලි වෙද්දී මම කොහොමද හිත හදාගෙන පැත්තකට වෙලා ඉන්නේ මම ආදරේ කරන කෙල්ල මෙච්චර දුක් විදිද්දී මම දන්නවා ඔයා මගේ දිහා බලන්නේ යාලුවෙක් විදියට විතරයි කියලා ඔයා ආදරේ නම්ජූන්ට කියලත් දන්නවා මම හැමදාම ඔයාගේ යාලුවා විදියට ඉන්නම් ජීයූන් ඔයා ඒ ගැන වද වෙන්න එපා..."
ජින් බිම බලාගෙන මෙච්චර කාලයක් එයාගේ හිත හිරකරගෙන හිටපු හැමදේම කෙල්ලට කිව්වා ජීයූන්ගේ කිසි සද්දයක් නැති නිසා ජින් ඔලුව උස්සලා බැලුවාම දැක්කේ කදුලු පුරවගෙන බලාගෙන ඉන්නවා
" බේබි......"
කෙල්ල ජින්ගේ අතින් තද කරලා අල්ලගත්තා
" චේබල්... ජීයූන් අඩන්න එපා මම කියපුවා අමතක කරන්න මාත් එක්ක තරහ වෙන්න එපා.."
ජින් කිව්වේ ජීයූන්ගේ කම්බුල් මතින් ගලාගෙන යන කදුලු බිදු පිසදන ගමන්
" මියානේ ජිනී..මියානේ.."
ජීයූන් ඉකිගසන ගමන් කිව්වා
" වේ සමාව ඉල්ලන්නේ...ඔයා වරදක් කලේ නැ "
" මට ඔයාට ආදරේ කරන්න බැරි වෙනවාට සමාවෙන්න ජිනී...."
" එහෙම කියන්න එපා ජීයූන්....ආදරේ කියන්නේ හිතන දෙයක් නෙවෙයි හිතෙන්න ඕන දෙයක් ඔයාට මං ගැන එහෙම හිතුන් නැ ඒත් නම්ජූන් ගැන එහෙම හිතුනා අපි කවුරුවත් වැරදි නැ "
ජින් කෙල්ලගේ කම්බුල් අල්ලාගෙන කිව්වා
" ඔයාට කවදාහරි ඔයාට ගොඩක් ආදරේ කරන මටත් වඩා හොද කෙනෙක් ලැබෙන්න ඕන ජිනී.. ඔයාගේ පෙනුම වගේම හිතත් ගොඩක් ලස්සනයි "
" ම්ම්ම්...මම එහෙම හිතන්නේ නැ...."
" වේ...? "
" ඔයාට වඩා හොද කෙනෙක් ඉදියි කියලා මම හිතන්නේ නැ.."
" මට වඩා හොද අය ඉන්නවා ජිනී ඔයාටම විතරක් ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ කොහේහරි ඉන්නවා "
" හ්ම්ම්ම්...ඒත් ඔයා තමයි මගේ හොදම යාලුවා.."
ඒ වගේම මගේ එකම ආදරෙත්
ජින් අන්තිම ටික හිතුවා මිසක් කියන්න ගියේ නැ ජීයූන් ඔලුව වනලා ජින්ට තුරුල් වුනා ජින් එයාගේ තුරුලේ ඉන්න කෙල්ලගේ ඔලුව අතගෑවේ කාලය නැවතුනා නම් කියලා හිතන ගමන්
ටික ටික රාත්රිය උදා වුනු නිසා අකමැත්තෙන් වුනත් ජින්ට කෙල්ලට යන්න දෙන්න වුනා ජීයූන් හොද හුස්මක් අරගෙන mansion එකට ඇතුල් වෙනකොට කෙල්ලට ලැබුනේ අතුල් පහරක් කෙල්ල පුපුරු ගහන කම්බුලත් අල්ලාගෙන තමන්ගේ ඉස්සරහ කේන්තියෙන් ඇස් රතු කරගෙන ඉන්න නම්ජූන් දිහා බැලුවා වැදුනු පහරේ සැරට කෙල්ලගේ ඇස් වල කදුලුත් පිරිලා
" තමුසේ අරූ එක්ක නටලා එන වෙලාවද මේ මම හිතාගෙන හිටියේ තමුසේ අහිංසක කෙල්ලෙක් කියලා ඒත් නැ මට වැරදුනා තමුසේ මහ ජරා කෙල්ලෙක් ඕයි.."
" මොනාද තමුසේ කියන්නේ...?"
කෙල්ල කම්බුලත් අල්ලාගෙන ඇහුවා නම්ජූන් ගිහින් එතැන ස්ටූල් එක උඩ තිබුණු ෆොටෝ ටික ගෙනැල්ලා මූනට ගැහුවා ෆොටෝ ටික විසිරිලා බිම වැටෙද්දී කෙල්ල ඒ දිහා බැලුවා ඒ ෆොටෝ වල තිබුණේ ඊයේ ජින් එයාව කිස් කරපු ෆොටෝ එකක් ජින් මල් පොකුරක් දෙන ෆොටෝ එකක් වගේ තව ජින් එක්ක ඉන්න ගොඩක් ෆොටෝස් එතැන තිබුනා
" මොකද තමුසේ පුදුම වෙලා තමුසේ කරන දේවල් මම දැනගන්න එකක් නැ කියලා හිතුවා ද තමුසේ අහිංසකයි වගේ රගපාන්න හොදට දන්නවා නේද මගෙයි මීරාගෙයි relationship එක දැනගත්තාම තමුසේ මොකද්ද කිව්වේ තමුසෙගෙන් අපිට බාධාවක් නැ කිව්වා එහෙම කියලා හොද මූන පෙන්නගෙන ඉදලා ගිහින් ඔක්කොම කේලම් අප්පාගේ කනේ තිබ්බා ද..?"
" මොහ්..? අප්පා...? තමුසේ මොනා ගැන ද කියන්නේ..."
නම්ජූන් කියපු කිසිදෙයක් තේරුම් ගන්න බැරුව ජීයූන් ඇහුවා අනික එයා මිස්ටර් කිම් හම්බවෙන්න ගියෙත් නැ
" වාහ්....මරු නේ පාර්ක් ජීයූන්... තමුසෙගේ රංගනයට ඔස්කා සම්මානය දෙන්න වටිනවා.."
නම්ජූන් අත්පුඩි ගහන ගමන් සමච්චලේට වගේ හිනා වෙන ගමන් කිව්වා
" මට තමුසේ කියන කිසිදෙයක් තේරෙන්නේ නැ.."
" අප්පා අද මෙහේ ආවා එතකොට එයා මීරා දැකලා මට ගහලා මීරාට බැනලා යන්න ගියේ තමුසේ ගිහින් ඔක්කොම අප්පාගේ කනේ තිබ්බා නේද..."
" මම අප්පාට මුකුත් කිව්වේ නැ තමුසෙට පිස්සු ද අනික කිව්වත් මොකද මගේ හස්බන් වෙන ගෑනියෙක් එක්ක වෙලිලා ඉන්නකොට මම කොහොමද බලාගෙන ඉන්නේ..."
ජීයූන් එහෙම කිව්වාම නම්ජූන් කෙල්ලගේ බෙල්ලෙන් මිරිකලා බිත්තියට තද කලා
" තමුසේ මොකද්ද කිව්වේ... උබට විතර ද වෙන මිනිස්සු එක්ක ඉන්න හොද "
නම්ජූන්ගේ අත් වලින් බේරෙන්න ජීයූන් දගලද්දී එතැනට දුවගෙන ආවේ මීරා
" යාහ්හ් ජූන්...එයාව අතහරින්න.."
මීරා නම්ජූන්ගේ අත් වලින් අල්ලාගෙන කිව්වා ජීයූන් හුස්ම ගන්න බැරුව දගලනවා
" මම මේකිව අද මරනවා...මීරා එහාට වෙනවා.."
නම්ජූන් කෑගැහුවත් මීරා කොල්ලාගේ අත අතහැරියේ නැ
" ජූන් අතහරින්න එයාව.."
මීරා කෑගහද්දී නම්ජූන් අන්තිමේ දී ජීයූන් අතහැරියා ජීයූන් බෙල්ලත් අල්ලාගෙන බිම වැටෙද්දී කෙල්ල දිහා නොබලා නම්ජූන් කේන්තියෙන් එතැනින් යන්න ගියා
" Are you ok..?"
මීරා ඇහුවේ බෙල්ලත් අල්ලාගෙන කහින ජීයූන්ගෙන් කෙල්ල ඒකට ඔව් කියන්න ඔලුව වැනුවා
" මියානේ ජීයූන් ජූන්ගේ හැසිරීමට..."
මගේ හස්බන්ගේ හැසිරීම වෙනුවෙන් වෙන කෙනෙක් මගෙන් සමාව ඉල්ලනවා
මීරා එහෙම කිව්වාම ජීයූන්ට හිතුනේ එහෙමයි කෙල්ල මුකුත් නොකියා ඔලුව වනලා මීරා දිහා බලනකොට දැක්කේ මීරාගේ බෙල්ලේ තිබුණු hickeys ජීයූන්ට හිතුනේ ඒක නොදැක්කා නම් හොදයි කියලා
" මම හොදින් මීරා ඔයා යන්න.."
ජීයූන් එහෙම කියලා එතැනින් නැගිටලා යන්න ගියා
To be continue...............🥀
අවසාන කොටසින් හමුවෙමු
Bạn đang đọc truyện trên: AzTruyen.Top