08.𝘑𝘦𝘢𝘭𝘰𝘶𝘴𝘺 🤭
Author Pov
රාත්රි දහයට ලං වුනත් තාම ජීයූන් ගෙදර ඇවිත් හිටියේ නැ ඒ නිසා නම්ජූන්ගේ හිත ටිකක් කලබලයි නම්ජූන් ජීයූන්ට මැසේජ් දැම්මත් රිප්ලයි නැ කෝල් කරත් ආන්සර් කලෙත් නැ නම්ජූන් බිත්තියේ තියෙන ඔරලෝසුව දිහා සැරින් සැරේ බලන්න ගත්තා සෝෆා එකේ ලැප් එකත් උකුලේ තියාගෙන අතකින් යූරා පපුවට තුරුල් කරගෙන නම්ජූන් හිටියේ යූරාට නම්ජූන්ගේ තුරුලේ හොදටම නින්ද ගිහින් නම්ජූන් ලැප් එක වහලා ටේබල් එක උඩින් තියලා තමන්ගේ තුරුලේ නිදාගෙන ඉන්න යූරාව ඈත් කරන්න හැදුවේ ඒත් එක්කම නිදාගෙන හිටපු යූරා ඇහැරුනා
" ජූන්...."
යූරා නිදිමතේ නම්ජූන්ට තුරුල් වෙන ගමන් මිමිනුවා
" ම්ම්ම්..."
" කොහෙද යන්න හදන්නේ.."
" අහ්ම්...යූරා ජීයූන් තාම ආවේ නැති නිසා බලන්න යන්න හැදුවේ.."
නම්ජූන් එහෙම කිව්වාම යූරා නම්ජූන්ගෙන් ඈත් වුනා යූරාගේ මූනේ එච්චර හොද පෙනුමක් තිබුණේ නැ
" එයා එයි ජූන්...ඔයා ඉන්න අනේ.."
යූරා ආපහු නම්ජූන්ට තුරුල් වෙන ගමන් කිව්වා
" එහෙම බැ යූරා දවල් ගියපු කෙල්ල තාම ආවේ නැ මම එයා ගැන හොයන්න ඕන.."
නම්ජූන් එහෙම කියලා යූරාව ඈත් කලා
" වේ...ජූන්... ඔයාට මාව වටින්නේ නැද්ද.. කොච්චර දවසකට පස්සේ ද මම ඔයාගේ ලග මෙහෙම ඉන්නේ.. ඔයා දැන් ඔයාගේ වයිෆ්ට ආදරේ කරනවාද ජූන්..මාව වැඩක් නැද්ද..?"
යූරා කදුලු පුරවගෙන කියවගෙන ගියා
" ශ්ශ්ශ්....බබා ඔයා මොනාද මේ කියන්නේ එයා මගේ වගකීමක් මම එයා ගැන හොයන්න එයාට මොනාහරි වුනොත් මට ප්රශ්නයක් වෙනවා බබා.. පොඩ්ඩක් තේරුම් ගන්නකෝ..."
නම්ජූන් ආදරෙන් යූරාගේ කම්බුල් අල්ලාගෙන කිව්වා
" එහෙනම් කමක් නැ..."
යූරා තොල් උල් කරගෙන කිව්වා නම්ජූන් ඒ උල් වුනු තොල් දිහා බලාගෙන ඉදලා විනාඩියක්වත් නාස්ති නොකර යූරාගේ තොල් වලට බර වුනේ මේ ඉන්නේ සාලේ කියලා අමතක කරලා සියුම්ව පටන් ගත්ත සිපගැනීම දෙන්නාටම නොදැනීම දුර දිග ගියා යූරාගේ බ්ලවුස් එකේ බටන් ගලවන ගමන් නම්ජූන් කෙල්ලගේ බෙල්ලට පහත් වුනා යූරාගේ කටින් සිහින් කෙදිරිල්ලක් පිට වෙනවත් එක්කම යූරාගේ බ්ලවුස් එකේ බටන් ඔක්කොම ගලවලා අයින් කලා ඒත් එක්කම ඇතුලට ආපු ජීයූන් මේ සිද්ධිය දකිනවා ජීයූන් විතරක් නෙවෙයි එයත් එක්ක ඇතුලට ආපු ජිනුත් මේක දකිනවා
ජින්ට නම්ජූන් ගැන ඇති වුනේ තරහක් පිලිකුලක් කදුලු පුරවගෙන මේ දිහා බලාගෙන ඉන්න ජීයූන් ඇදලා අරගෙන ජින් එයාව තුරුල් කරගත්තා කෙල්ලට මේ දේවල් දරාගන්න බැ කියලා ජින්ට තේරෙනවා ජින්ගේ ඇස් කේන්තියෙන් රතු වෙලා ජින්ගේ ශර්ට් එක තෙත් වෙනවා දැනෙනකොට කොල්ලාට තේරුනා ජීයූන් අඩනවා තමන්ගේ හස්බන් තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක මෙහෙම හැසිරෙනකොට කොහොමද දරාගන්නේ...?
තවත් මේ දිහා බලාගෙන ඉන්න බැරි වුනු ජින් හඩ අවධි කලා ජින්ගේ ගැඹුරු හඩ නිසා ජීයූන් කොල්ලාගෙන් ඈත් වුනා
" මිස්ටර් කිම් නම්ජූන්...."
ජින්ගේ කටහඩින් නම්ජූන් යූරා ගැස්සිලා ගියා යූරා තමන්ගේ ඇදුම් ඉක්මනට හදාගත්තා නම්ජූන් නැගිටලා ජින්ගේ පැත්තට හැරුනා ඒත් නම්ජූන්ගේ ඇස් නැවතුනේ ජින්ට තුරුල් වෙලා ඉන්න ජීයූන් ලග ජීයූන් තමන්ගේ කදුලු පිහිදගෙන ජින්ගෙන් ඈත් වුනා ඒත් ජින් කෙල්ලගේ ඉන වටේ අතක් යවලා එයාට ලං කර ගත්තා නම්ජූන් මේ දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්
" තමුන් ලොකු වැඩක වගේ හිටියේ..."
ජින් ඉන්නේ තරහින් කියලා තේරුනු ජීයූන් කොල්ලාගේ ශර්ට් එකෙන් අල්ලගත්තා ඒක දැකපු නම්ජූන් තේරුම් ගත්තේ වැරදියට
" ඒක තමුන්ට වැඩක් නැ මිස්ටර් කිම් සොක්ජින්.."
නම්ජූන් කේන්තියෙන් ජින් දිහා බලාගෙන කිව්වා
" ඒක මට අදාල නොවෙන්න පුලුවන් ඒත් තමුන්ට ලැජ්ජාවක් නැද්ද වයිෆ් ඉදිද්දී වෙන ගෑනු ගේ අස්සේ දමාගෙන fuck කරන්න..."
" ජිනී..."
ජීයූන් කොල්ලාට කතා කලේ ජින්ට මෙච්චර කේන්ති ගිහින් ඉන්නවා දැක්කාමයි කෙල්ලට ඒ නිසා බය නොහිතුනාම නෙවෙයි
" කිම් සොක්ජින් තමුන් තමුන්ගේ සීමාව දැනගන්නවා මේක අපේ ප්රශ්නයක් තමුන්ට මොන අයිතියකට ද අපේ ප්රශ්න වලට මැදිහත් වෙන්නේ "
" හහ්....තමුන්ට මට තියෙන අයිතිය ගැන ඉක්මනට දැනගන්න ලැබෙයි "
ජින් කට කොනින් හිනා වෙලා කිව්වා නම්ජූන් අත් මිට මොලවාගෙන තරහින් පුපුරන ගමන් හිටියේ
" තමුන් දැන්මම මගේ ගෙදරින් එලියට බහිනවා "
නම්ජූන් කෑගහලා කිව්වා
" මම කොහොමත් නවතින්න ආවේ නැ කිම් නම්ජූන්.."
ජින් එහෙම කියලා එයාගේ තුරුලේ ඉන්න ජීයූන් දිහා බැලුවේ ජින් කෙල්ලගේ කම්බුල් වලට අත් තියලා කදුලු පිසදැම්මා
" පරිස්සමින් ඉන්න හරි ද මම හෙට ඔයාව බලන්න එන්නම් බේබි.. "
ජින් එහෙම කියලා ජීයූන්ගේ නලලට කිස් එකක් දුන්නේ ගගේ මාලු ඇගේ නටද්දී නම්ජූන් බලාගෙන හිටියා ජින් ජීයූන්ගේ කම්බුලට තට්ටුවක් දාලා නම්ජූන් දිහාට මාරාන්තික බැල්ලමක් දාලා නම්ජූන්ගේ ගෙදරින් ගියා ජින් ගියාට පස්සේ ජීයූන් ඉක්මනට රූම් එකට යන්න හැදුවේ
" ජීයූන්..."
නම්ජූන් ගැඹුරු හඩකින් කතා කලාම ජීයූන් එතැනම නතර වුනා
" තමුසේ මෙච්චර වෙලා හිටියේ අරූ එක්ක ද"
නම්ජූන් අහනකොට කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා
" හහ්....තමුසේ ඌ එක්ක නටලා නටලා එන වෙලාවද මේ.. මට එදා අරූ බේබි බේබි ගගා කතා කරනකොට තමුසෙත් උගේ ඇගේ ඇලිලා ඉන්නකොට මට හිතුනා තමුසෙලා දෙන්නා අතරේ සම්බන්ධයක් ඇති කියලා තමුසෙට ලැජ්ජාවක් නැද්ද තමුසේ මැරි කරපු ගෑනියෙක් කියලා අමතක වෙලා ද පාර්ක් ජීයූන්..."
නම්ජූන් කිසි ඉවක් බවක් නැතුව කියවගෙන යනකොට ජීයූන් කොල්ලා දිහා බලාගෙන හිටියා ඇස් වලින් වැටෙන්න පොරකන කදුලු පාලනය කරගෙන හිටියේ
" කිම් නම්ජූන් මට කියන්න කලින් තමුන් මැරි කරපු මිනිහෙක් කියලා අමතක වගේ තමුන්ට යූරාව ගෙනැල්ලා ගේ අස්සේ දාගන්න පුලුවන් නම් මම ජින් එක්ක හිටියාම මොකද වෙන්නේ ආ තමුසේ කියන හැමදේටම මම ඔලුව නවාගෙන හිටියා තවත් මම එහෙම ඉදියි කියලා බලාපොරොත්තු වෙන්න එපා තමුසෙගේ අතේ වැරදි තියාගෙන අනිත් අයට වැරදි කියන්න එපා තමුසේ මොකද්ද කලින් මට කිව්වේ... ලැජ්ජාවක් නැ කිව්වා නේද එතකොට තමුසෙට ඔය කියපු ලැජ්ජාව තියෙනවා ද කිම් නම්ජූන්..තමුන් හැමදාම හිතුවේ තමුන් ගැන විතරයි තමුන් එක විනාඩියකට හරි එකම එක විනාඩියකට හරි මං ගැන හිතුවා ද..? හරි ඕන නැ මං ගැන හිතන්න ඕන නැ ඒත් තමුසෙට මගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න කලින් එක පාරක් හිතන්න තිබුනා මමත් මනුස්සයෙක් නේද කියලා මටත් හැගීම් දැනීම් තියෙනවා නේද කියලා තමුන් එහෙම හිතුවාද කිම් නම්ජූන් නැ නේද තමුසෙට මගෙන් ඕන ඩිවෝස් එක නේද හරි මම මේ දැන් වුනත් තමුසෙට ඩිවෝස් එක දෙන්න ලෑස්ති මට තමුසේ වගේ මිනිහෙක් එක්ක ජීවත් වෙන්න ඕන නැ මෙච්චර කල් හැමදේම ඉවසගෙන හිටියේ තමුසෙට මම ආදරේ කරපු නිසා.."
ජීයූන් එහෙම කියලා නම්ජූන් තව මුකුත් කියන්න කලින් යූරා දිහාත් බලලා එතැනින් යන්න ගියා නම්ජූන් කේන්තියෙන් එතැන තිබුණු මල් වාස් එක පොලොවේ ගැහුවා යූරා ඇවිත් නම්ජූන්ගේ අතක එල්ලුනේ
" ජූන් ඔයා එයා කියපුවා ගැන හිතන්න එපා සල්ලි තියෙන කෙල්ලෝ කොහොමත් ඔහොම තමයි "
යූරා කිව්වා
" යූරා.. ඔයා යන්න.."
" වේ ජූන්.... ඔයා ඒ කෙල්ල ගැන හිතන්න ඕන නැ එයාගෙන් පුලුවන් ඉක්මනට ඩිවෝස් වෙන්න ජූන්.."
" හරි ඒක මම බලාගන්නම් යූරා ඔයා ගිහින් නිදාගන්න "
නම්ජූන් කිව්වාම යූරා නම්ජූන්ගේ තොල් වලට පෙක් එකක් දීලා එතැනින් ගියා නම්ජූන් තරහට සෝෆා එකට ගැහුවේ තරහ පිට කරන්න වගේ නම්ජූන්ට මෙච්චර තරහ යන්නේ ඇයි කියලා කොල්ලාට හිතාගන්න බැරී වුනා එයාගේ හිතේ තරහක්ද ඉරිසියාවක් ද තියෙන්නේ කියලා කොල්ලාට තේරුම් ගන්න බැරි වුනා
ජීයූන් රූම් එකට ඇවිත් දොර වහලා එතැන බිම ඉදගත්තා නම්ජූන් කෙල්ල ගැන ඒ විදියට කතා කරපු එක ගැන ජීයූන්ට දුක හිතුනා ජීයූන් එකපාරට ගැස්සිලා ගියේ ෆෝන් එක vibrate වුනු හින්දා කෙල්ල ෆෝන් එක අතට අරගෙන බලනකොට ජින්ගෙන් මැසේජ් එකක් තිබුණේ
අරූ මොනාහරි කිව්වාද..?
ජීයූන් ඒකට රිප්ලයි නොකර බාත් රූම් එකට ගියේ මේ වේදනාකාරී බැදීම් වලින් ඉක්මනට නිදහස් වෙන්න ඕන කියලා හිතාගෙන
To be continue.........🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top