07.𝘒𝘪𝘴𝘴 💋
ජීයූන් රූම් එකට දොර වහලා බිම ඉදගෙන අඩන්න ගත්තේ මෙච්චර වෙලා පාලනය කරගෙන ඉදපු කදුලු බිදු වලට ඔහේ කඩාගෙන වැටෙන්න ඉඩ දීලා නම්ජූන් කියපු වචනයක් ගානේ ජීයූන්ට දැනුනේ එයාගේ හදවතට කවුරුහරි පිහියෙන් අනිනවා වගේ වේදනාවක් ජීයූන්ට රිදෙනවා වචනෙන් කියන්න බැරි තරම් රිදෙනවා කායිකව සිදුවන රිදීම් වලට වලට මානසිකව සිදුවන රිදීම් වේදනාවෙන් වැඩියි
" වේ නම්ජූන් මට මෙහෙම කලේ මම මොකද්ද ඔයාට කරපු වරද මම කොහොමද ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලාගෙන ඉන්නේ මමත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් මටත් තියෙන්නේ හදවතක් මටත් රිදෙනවා මගේ වෙන්න බැරි නම් මට ලං වුනේ ඇයි මගේ හිතේ ආදරයක් ඇති කලේ මට රිදෙනවා නම්ජූන් ගොඩක් රිදෙනවා ඔයාට හිතාගන්න බැ "
ජීයූන් එහෙම මුමුනලා කෑගහලා අඩන්න ගත්තේ හිතේ තියෙන වේදනාව දිය කරලා හරිමින් විනාඩි කිහිපයක් අනියා පැය ගානක් අඩලත් එයාගේ හිතට සැනසීමක් නැ අඩලාම ඇස් රතු වෙලා කම්බුල් දිගේ තාමත් කදුලු බිදු තාමත් ගලාගෙන යනවා බිම වාඩිවෙලා හිටපු කෙල්ල නැගිටලා mirror එක ඉදිරියට ගිහින් mirror එකෙන් පේන එයාගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියේ කිසිදු හැගීමක් නැතුව ඒත් එක්කම නම්ජූන් යූරාව කිස් කරපු හැටි මැවිලා පෙනෙද්දී කෙල්ල ලග තිබුණු මල් වාස් එකෙන් mirror එකට ගැහුවේ mirror එක කුඩු වෙලා වීදුරු කෑලි රූම් එක පුරාම වැටුනා ජීයූන් අඩන ගමන් කොන්ඩේ අතරේ අතැගිලි යවමින් බිම එහෙම්ම ඉන්දුනා කෙල්ලට මේක දරාගන්න බැරි වුනා
මම යූරාට ගොඩක් ආදරෙයි
නම්ජූන්ගේ කටින් පිටවුනු ඒ වචන කිහිපය කෙල්ලගේ ඔලුවේ කොයිවෙලෙත් වැඩ කලේ mirror එක කුඩු වෙන සද්දේ ඇහුනු නිසා පහල හිටපු නම්ජූන් යූරා දෙන්නා ජීයූන්ගේ රූම් එක ලගට ආවා
" ජීයූන් ඔයා හොදින් නේද මොකද්ද ඇහුනු සද්දේ ජීයූන් දොර අරින්න "
නම්ජූන් දොරට ගහන ගමන් කතා කලා
" ම..මම හොදින් නම්ජූන් මට ටිකක් තනියම ඉන්න දෙන්න "
ජීයූන් ඉකියක් පාලයන කරගෙන වෙනසක් නොදැනෙන්න කිව්වා
" මෑම්.. ඔයා හොදින් නේද මොකද්ද බිදුනේ "
" ආ මේ යූරා මගේ අතින් මල් වාස් එක වැටුනා ඒකයි "
ජීයූන් උත්තර දුන්නා
" හරි මෑම් අපි යන්නම් "
එහෙම කියලා යූරා නම්ජූන් එක්ක යද්දී ජීයූන් ආපහු අඩන්න ගත්තා
.
Jiyun Pov
මම ඇඩුවා මට අයිති නැති ආදරයක් වෙනුවෙන් මම ඇඩුවා ඒත් තව කොච්චර කියලා අඩන්න ද..? ඇයි මම ඒ ආදරේ බලෙන් ලබා ගන්නේ නැත්තේ..? නම්ජූන්ගේ අප්පාට මේ ගැන කියලා ඒ දෙන්නා ඈත් කරන්න පුලුවන් ඒත් මොකටද.. ආදරේ කියන්නේ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි ඔයාට දැන් තියෙන්නේ හිත ශක්තිමත් කරගෙන ජීවත් වෙන්න
අඩලාම ඇස් රතු වෙලා මූනත් ඉදිමිලා වගේ මම මූනත් හෝදගෙන ඇවිත් මම විනාස කරපු රූම් එක අස් කලා රූම් අස් කරලා ඉවර වෙලා එලියට යන්න කියලා හිතාගෙන මම රූම් එකෙන් එලියට එනකොට ඇහුනේ නම්ජූන්ගේ හිනා හඩ මම පහලට ගියා
නම්ජූන් යූරා එක්ක සතුටින් ඒ හිනාව අව්‍යාජ හිනාවක් එයා ඇත්තටම සතුටින් ඒක නේද මටත් ඕන වුනේ හැමදාම නම්ජූන් සතුටින් ඉන්නවා දකින්න ඉතින් ඇයි මං තවත් අඩන්නේ..
මම ඒ දෙන්නාට බාධාවක් නොවී ගෙදරින් එලියට ආවා හදිස්සියේවත් මාව හොයයි කියලා බය වුනු නිසා නම්ජූන්ට මැසේජ් එකක් දාලා පාරක් දිගේ ඇවිදගෙන ගියා යන්නේ කොහෙද කියලා හිතාගන්න බැරුව මම පාර දිගේ ඇවිදගෙන ගියා
අන්තිමේ දී මගේ මැරේජ් එක කොලයකට සීමා වුනු බැදීමක් වෙලා.. මට අයිති නැති හිතකට ඇයි මගේ හිතේ ආදරයක් ඇති කලේ ඇයි දෙවියෝ මට මෙච්චර වේදනා දෙන්නේ මම මොකද්ද කරපු වරද
මම කල්පනා කරන ගමන් ඇවිත් තිබුණේ මුහුදු වෙරලට එතකොට මගේ ඇස් නැවතුනේ හුරුපුරුදු රුවක් ලග එතැන හිටියේ ජින් ඈත අහස දිහා බලාගෙන කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉන්න ජින්ව ඒත් එයා මේ වෙලාවේ මොකද මෙතන කරන්නේ මම ගිහින් ජින්ගේ ලගින් වාඩිවුනා
" වයිට් රෝස්..."
ජින් පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා අද එයාගේ මොනාහරි වෙනසක් තියෙනවා
" ම්ම්.. මම තමයි.. වේ කවුරුහරි එනකම් ද බලාගෙන ඉන්නේ "
මම වෙනසක් නොපෙන්වා කිව්වා මම අහපු දේට කට කොනින් හිනා වුනු ජින් අහස දිහා බැලුවා ඔය කට කොනින් දාන හිනාව තමයි මට පේන්න බැරි
" එනකම් බලාගෙන ඉන්න කෙනෙක් මට නැ "
ජින් හිනාවක් එක්ක කිව්වා ඒත් ඇයි මට හිතෙන්නේ එයා හිනා වුනේ ඇත්ත නෙවෙයි කියලා මගේ ඉස්සරහ සතුටින් වගේ රගපානවා කියලා මට දැනෙන්නේ
" ඔයා ප්‍රශ්නෙක නේද ජිනී ඉන්නේ.."
මම එයා දිහා බලාගෙන අහනකොට ජින් මගේ දිහා බැලුවා ඒ ඇස් වල කියාගන්න බැරි මොකද්දෝ ලොකු වේදනාවක් හැංගිලා තියෙනවා
" නම්ජූන් එක්ක ඔයා සතුටින් ද රෝස්..."
මම ඇහුව දේට උත්තරයක් නොදී එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම මොනාද කියන්න ඕන මම සතුටින් ඉන්නේ කියන්න ද මම ජින්ගේ ඇස් මගහැරලා බැහැගෙන යන හිරු දිහා බැලුවා
" මම සතුටින් ජිනී එයා මාව බලාගන්නවා..."
" දන්නවද හිරුයි මේ මහ මුහුදයි වගේ ඈති ඉදන් බලනකොට එකට ඉන්නවා වගේ පේනවා ඒත් ලගට ගිහින් බලනකොට ඒ අතරේ ලොකු දුරක් තියෙනවා හරියට ඔයයි නම්ජූනුයි වගේ "
" ජිනී..."
ජින් මොනාද මේ කියන්න උත්සාහ කරන්නේ එයා හැමදේම දැනගෙන ද ඒත් කොහොමද නැ එහෙම වෙන්න බැ
" ඔයා හිතාගෙන ඉන්නේ මම මුකුත් දන්නේ නැ කියලා ද රෝස්.. මම දන්නවා නම්ජූන්ට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා "
ජින් එහෙම කිව්වාම එකපාරට මම එයා දිහා බැලුවා එයා තාමත් බලාගෙන හිටියේ තැඹිලි පැහැයෙන් දිලිසෙන සැන්දෑ අහස දිහා බලාගෙන මට දැනුනා මගේ කම්බුල් දිගේ කදුලු බිදු කඩාගෙන වැටෙනවා කියලා මට කදුලු පිහිදන්නවත් ඕන වුනේ නැ
" ජිනී...."
මගේ කටහඬ වෙව්ලනවා ජින් මගේ දිහා බැලුවේ වේදනාව පිරුණු ඇස් දෙකකින්
" ඒ වගේම මම දන්නවා ඔයා නම්ජූන්ට කොයි තරම් ආදරේ ද කියලා "
ජින් කියනකොට මට තවත් දරාගන්න පුලුවන් කමක් තිබුණේ නැ මට මහ පුදුම අසරණ කමක් දැනුනේ අඩුගානේ නම්ජූන් දන්නේවත් නැතුව ඇති මම එයාට ආදරේ කරනවා කියලා මාව පිච්චෙනවා වගේ සිහින් ඉකියක් පිට වෙද්දී ජින් මාව තද කරලා වැලදගත්තා
" ජිනී....වේ මට මෙහෙම වෙන්නේ..මාව පිච්චෙනවා වගේ... මම කොහොමද ජිනී මෙච්චර දුකක් දරාගෙන ඉන්නේ.. මට.. මට.. ගොඩක් රිදෙනවා.. ජිනී.. "
මම ජින්ව බදාගෙන ඇඩුවා ජින් මගේ කොන්ඩේ අතගාන ගමන් මාව සනසන්න උත්සාහ කලා මාව හැමදාම එයා තේරුම් ගත්තා එයාට මගේ පුංචි වෙනසක් වුනත් හොදට තේරෙනවා
" ඇති වෙනකම් අඩන්න රෝස්..."
ජින් එහෙම කිව්වාම මම කෑගහලා ඇඩුවා ටිකකින් මම අඩන එක නවත්තලා ජින්ගෙන් ඈත් වුනා ජින්ගේ ශර්ට් එක කදුලු වලින් තෙත් වෙලා එයා මගේ දිහා බලාගෙන ඉන්නවා
" ඔයා මගේ ඉස්සරහ ඕන තරම් අඩන්න රෝස් ඒත් අනිත් අය ඉස්සරහ අඩන්න එපා එහෙම වුනොත් අනිත් අය හිතයි ඔයා දුර්වලයෙක් කියලා මම කැමති නැ මගේ රෝස් ගැන එහෙම කවුරුවත් හිතනවාට.."
ජින් මගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" මට ගොඩක් රිදෙනවා ජිනී ගොඩක් රිදෙනවා දවසක් රෑ නම්ජූන් හොදටම බීලා ආවා තනියෙන් නෙවෙයි යූරා එක්ක නම්ජූන් යූරාව කිස් කලා ජිනී මගේ ඇස් දෙකෙන්ම දැක්කා මම ඒත් එයාව සාධාරනීකරනය කලා මගේ හිතට මම කිව්වේ එයා බීපු නිසා එහෙම වෙන්න ඇති කියලා ඒත් එදා රෑ නම්ජූන් හීනෙන් මිමිනුවේ I Love You Yura baby.. කියලා මට ඒ වෙලාවේ දැනුනේ මගේ හදවතට කවුරුහරි පිහියෙන් ඇනගෙන ඇනගෙන යනවා වගේ නම්ජූන් යූරා එක්ක ඉන්නවා දකිද්දී මාව පිච්චෙනවා වගේ එයා මගේ ඉස්සරහම යූරාට ආදරේ කියද්දී මගේ හදවත වේදනාවෙන් ඇදුම් කනවා ජිනී ඇයි ජිනී නම්ජූන්ට මට ආදරේ කරන්න බැරි වුනේ මොකද්ද මගේ තියෙන අඩුපාඩුව මම බොලදයි ද ජිනී මගේ ආදරේ දුප්පත් ද..? මම ලස්සන නැද්ද..මම කොහොමද ජිනී මම පන වගේ ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ගේ තුරුලේ සැනසෙනවා බලාගෙන ඉන්නේ මට අමාරුයි ජිනී පිටතින් මම හොදින් කියලා පෙන්නුවාට ඇතුලතින් මම පිච්චෙනවා ජිනී.. මට මැරෙන්න...."
ජින් මට ඉතුරු ටික කියන්න නොදී මගේ තොල් වලට බර වුනා මම ඇස් ලොකු කරගෙන ජින් දිහා බලාගෙන හිටියේ එයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුනු නිසා ජින්ගේ පියවුනු ඇස් වලින් කදුලු වැටෙනවා ජින් අඩනවා හැමෝගෙම හිනා මල මම හින්දා අඩනවා ඇයි දෙවියනේ මෙහෙම..
ජින් ටිකකින් මගේ තොල් වලින් ඈත් වෙලා බිම බලාගත්තා ලොකු වරදක් කලා වගේ
" මියානේ.. රෝස් ආපහු මැරෙන්න ඕන කියලා කියන්න එපා මට ඉන්නේ ඔයා විතරයි කියලා දන්නවා නේ එහෙම වෙලත් මැරෙන කතා කියන්න එපා ඔයාට දුක හිතෙන ඕන වෙලාවක ඔයාගේ පනුස්ට කෝල් එකක් දෙන්න ඊලග තත්පරේ මම ඔයා ලග ඉදියි ම්ම්ම්.. මම ඉක්මනට ඔයාව මේ උගුලෙන් නිදහස් කරගන්නම් "
" මම කතා කරපු ගමන් එන්න ඔයා සුපර් මෑන් ද..?"
" අනියා ස්පයිඩර් මෑන්.."
ජින් හිනා වෙලා කිව්වා මෙච්චර වෙලා අඩමින් හිටපු මටත් හිනා ගියේ ජින්ගේ හිනාවට ජින්ගේ හිතේ මොනාහරි ලොකු දෙයක් තියෙනවා ඒක මගෙන් හංගන්න එයා හදනවා කියලා මට හිතෙනවා ඔයා මොනාද ජින් මගෙන් හංගන්නේ මට කියන්න බැරි ද..?
මම ජින්ගේ දිහා බලාගෙන හිතුවා
To be continue.......🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top