06.𝘛𝘳𝘶𝘵𝘩 🍂

මම ඇතුලට යනකොට නම්ජූන් එක්ක මිස් මින් ඉන්නවා මම දෙන්නා දිහාම බලාගෙන ඉදියේ වෙන්නේ මොකද්ද කියලා මට හරියට තේරුනේ නැති නිසා දොර ලග ඉන්න මාව දැක්ක ගමන් නම්ජූන් මගේ ලගට ආවා මම වෙනසක් නොපෙන්වා නම්ජූන් එක්ක හිනා වුනා

" ජීයූන් මිස් මින්ට පොඩි ප්‍රශ්නයක් වෙලා ඒක නිසා ටික දවසක් මෙහේ හිටියාට ප්‍රශ්නයක් නැද්ද "

නම්ජූන් මගේ දිහා බලාගෙන ඇහුවා මම මිස් මින් දිහා බැලුවාම අහිංසක විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා කපටි ගෑනි මගේ ඉස්සරහ අහිංසක විදියට රගපාන ලස්සන

" හරි කමක් නැ නම්ජූන් එයාට ඉන්න කියන්න "

මට මිස් මින්ගේ කනට දෙකක් ගහලා එලවන්න නොහිතුනාම නෙවෙයි ඒත් මම ඉවසගෙන ඉදියා ඒ දෙන්නා ඉස්සරහ බොරුවට හිනා වෙලා එතැනින් ඉක්මනට ආවා

.
Jin Pov

මම හිටියේ ඉස්සර මායි ජීයූන් නිතරම එන පාක් එකට වෙලා අපි දෙන්නා හැමතිස්සේම හිටියේ එකට අපි අතරේ පොඩි හරි රහසක් තිබ්බේ නැ හැමදේම අපි බෙදාගත්තා හදිස්සියේ මට ඔම්මා එක්ක කොරියාවෙන් යන්න වෙනවා එදා ජීයූන් ගොඩක් ඇඩුවා මට ඒක අද වගේ මතකයි

අවුරුදු ගානකට පස්සේ මගේ හිතේ තියෙන දේවල් එයාට කියනවා කියලා හිතාගෙන ආවත් එයා වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයි දැන් එයා නම්ජූන්ගේ වෙලා ඉවරයි මම පරක්කු වැඩියි එයා මට යාලුවෙක් විදියට සැලකුවත් මම හැමදාම එයාව යාලුවෙක් විදියට දැක්කේ නැ මම ජීයූන්ට ආදරේ කලා අනියා මම අදත් ආදරේ කරනවා හෙටත් ආදරේ කරනවා

එයා දැන් මගේ නොවෙන්න පුලුවන් ඒත් ආදරේ කරන්න තහනමක් නැ නේ එයා මට පේනමානේ ඉන්නවා නම් ඇති එදා නම්ජූන් එක්ක එයා ආපු වෙලාවේ මගේ හිත කිව්වේ එතැන නම්ජූන් වෙනුවට මම ඉන්න ඕන කියලා ඒ දෙන්නා එකට ඉන්නවා දකිද්දී මම හිතින් සිය දහස් වාරයක් කඩාගෙන වැටුනා මට කෑගහලා අඩන්න ඕන ඒත් මම හිනා වෙලා ඉන්නවා මම හිතින් අනන්තවත් අඩනවා

වේ.. එයා මගේ නොවුනේ..?

මගේ වෙන්න බැරි නම් ඇයි මට මෙහෙම හැගීමක් ඇති වුනේ..?

මම එනකම් ඔයාට ඉන්න බැරි වුනා ද...?

මගේ සුදු රෝස මල හැමදාම ඔයාට ආදරෙයි ඔය හිනාවට දගකාර වැඩ වලට මම ගොඩක් ආසයි මගේ ලග තියාගෙන ඔයාගේ දගකාර වැඩ බලන්න ආසයි ඔයාව තුරුල් කරගෙන ඉන්න ආසයි ඔය දිලිසෙන ඇස් දිහා බලාගෙන ඉන්න ආසයි ඔය රෝස දෙතොල් එක පාරක් හරි සිපගන්න ආසයි ඔය පුංචි අතක පටලිලා දුරක් ඇවිදගෙන යන්න ආසයි

ඒත් ඒ කිසිදෙයක් කරන්න මට අයිතියක් නැ ඔයා වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයි ඔයා දැන් මගේ නෙවෙයි කියලා හිත පිලිගන්න අකමැති නම් මම මොකද්ද කරන්න ඕන රෝසමල

එයා හැමදාම සතුටින් ඉන්න ඕන මම එච්චරයි ප්‍රාර්ථනා කරන්නේ ඒත් අද එයා ඇඩුවා කවදාවත් නැතුව මගෙන් කදුලු හැංගුවා දැන් එයා මැරි කරපු නිසා මාව ඈත් කරනවා ඇති තවත් මගෙන් දුරස් වෙන්න එපා මට දරාගන්න බැරී වෙයි

ආදරේ කියන්නේ මෙච්චර වේදනාවක් ද...?

.
Next Day Morning
Author Pov

ජීයූන් උදේ නැගිට්ටේ රූම් එකට තිර රෙදි අතරින් වැටුනු හිරු කිරණ නිසා කෙල්ල කම්මැලිකමේ ඇස් ඇරලා headboard එකට  හේත්තු වෙලා කල්පනා කලේ ඊයේ වුනු දේවල් ගැන එයා එක පැත්තකින් නම්ජූන් විශ්වාස කරනවා ඒත් එයා දැක්ක දේවල් පිලිනොගෙන ඉන්නත් බැ ජීයූන් හිටියේ පටලැවිලා

නම්ජූන් එයාව රවට්ටනවා ද..?

කියන දේ කෙල්ලගේ හිතට ගොඩක් වද දුන්නා අවසානයේ දී ජීයූන් තීරණය කරනවා මේ ගැන අද නම්ජූන් එක්ක කතා කරලා දෙකෙන් එකක් බේරගන්නවා කියලා හිතාගෙන වොෂ් එකක් දාගන්න ගියා

විනාඩි කිහිපයකට පස්සේ ජීයූන් වොෂ් එකක් දාගෙන කිචන් එකට ආවා ඒත් කෙල්ල කිචන් එකේ දොර ලග එහෙම්ම නැවතුනේ දැක්ක දෙයක් හින්දා කිචන් එකේ කවුන්ටරේ උඩ යූරා වාඩිවෙලා ඉන්නවා නම්ජූන් යූරාව කිස් කරනවා ජීයූන්ට නොදැනීම කදුලු බිදු ඇගේ කම්බුල් දිගේ රූටලා ගියා ජීයූන්ට තවත් සාක්ෂි ඕන වුනේ නැ තමන්ගේ හස්බන් තමන් ඉදිරියේ වෙන කෙල්ලෙක්ව කිස් කරන දිහා ජීයූන් බලාගෙන හිටියේ හදවතට පිහියෙන් අනිනවා වගේ වේදනාවක් කෙල්ලට දැනෙද්දී ජීයූන් එහෙම්ම පිටිපස්සට අඩියක් තියද්දී එතැන තිබුණු මේසේ හැප්පුනා ඒ සද්දේ ඇහිලා නම්ජූන් යූරා දෙන්නා ඈත් වුනා නම්ජූන් වගේම යූරාත් බය වුනේ එයාලා දිහා කදුලු පිරුණු ඇස් වලින් බලාගෙන ඉන්න ජීයූන් දැකලා

" ජීයූන්....."

විනාඩි කිහිපයක් පුරා පැතිරිලා තිබුණේ විශාල නිශ්ශබ්බදතාවයක් ඉදි කට්ටක් බිම වැටුනත් බෝම්බයක් ගැහුවා වගේ සද්දයක් එන තරමට නිශ්ශබදයි නම්ජූන් යූරා දෙන්නා ජීයූන්ගේ ඉදිරියේ තිබුණු සෝෆා එකේ වාඩිවෙලා හිටියේ ජීයූන් අත මිටමොලවගෙන කදුලු පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන් නම්ජූන් යූරාගේ සහ එයාගේ සම්බන්ධය ගැන ඔක්කොම ජීයූන්ට කිව්වා නම්ජූන්ගේ දෙමාපියෝ යූරාට අකමැති කෙල්ල අනාථ නිසා

" මියානේ ජීයූන් මට ඔයාව රවට්ටන්න ඕන නැ ඒත් මට මෙහෙම කරන්න වුනා යූරාට මම ගොඩක් ආදරෙයි මට එයාව ඕන "

සමාව ඉල්ලුවාම ඔක්කොම හරි ද ඒ අහිංසක හිතට දැනෙන වේදනාව අඩු වෙනද නම්ජූන්ගේ හැම වචනයක්ම ජීයූන්ගේ හිත තවත් පෑරුවා කෙල්ලට කෑගහලා කියන්න ඕන මම ඔයාට ආදරෙයි නම්ජූන් කියලා ඒත් නම්ජූන්ගේ හිතේ සම්පූර්ණයෙන්ම ඉන්නේ යූරා විතරයි ජියූන්ට ඒ හිතේ පුංචිම හරි ඉඩක් නැද්ද

කෙල්ල කදුලු පිහිදගෙන නම්ජූන් යූරා දිහා මාරුවෙන් මාරුවට බැලුවා

"  එදා නම්ජූන් බීලා ආපු දවසේ වුනු දේවල් ඔක්කොම දැක්කා ඒත් මම විශ්වාස කලේ නැ නම්ජූන් බීලා හිටපු නිසා එහෙම වෙන්න ඇති කියලා මම ඔයාව සාධාරනීකරනය කලා මම ඔයාව විශ්වාස කලා නම්ජූන් ඔයා ඒ විශ්වාසයට දීපු උත්තරය තමයි මේ ඔය දෙන්නාට මට මේ ගැන කලින් කියන්න තිබුනා ඒත් ඔයාලා කිව්වේ නැ "

" මියානේ මෑම් සර් මේ ගැන ඔයාට කියන්න හැදුවේ මම තමයි එපා කිව්වේ "

යූරා බිම බලාගෙන කිව්වා

" සමාව ඉල්ලුවා කියලා කිසිදෙයක් වෙනස් වෙන්නේ නැ ඔය දෙන්නාගේ කතාවේ මම තුන්වැනියෙක් වෙලා ඉවරයි යූරා ඔය දෙන්නා සතුටින් ඉන්න මම ඔයාලා අතරට එන්නේ නැ "

ජීයූන් එහෙම කියලා හිනා වෙලා එතැනින් යන්න ගියා හැබැයි ඒ හිනාවේ තිබුණු වේදනාව නම්ජූන්ට  තේරුනා නම් සමහරවිට ඉදිරියට වෙන්න තියෙන ගොඩක් දේවල් නවත්තගන්න තිබුනා

" ජීයූන්...."

නම්ජූන් ජීයූන් පස්සෙන් යන්න හැදුවත් යූරා කොල්ලාගේ අතින් අල්ලලා නැවැත්තුවා

" එයාට ටිකක් තනියම ඉන්න දෙන්න ජූන් "

" ඒත්..."

" එයාට හිත හදාගන්න කාලය ඕන ඒක නිසා තනියම ඉන්න දෙන්න අපි ගිහින් එයාට එක්ක මොනාහරි හදමු "

යූරා හිනා වෙලා කිව්වාම නම්ජූන් හා කියන්න ඔලුව වැනුවා දෙන්නාම ගිහින් කෑම හදන්න පටන් ගත්තා කොහොම හරි ඒ ටික වෙලාවට නම්ජූන්ට සම්පූර්ණයෙන්ම ජීයූන්ව අමතක වුනා

To be continue.....🥀

හරි හරි මම දන්නවා චැප්ටර් එක කොටයි කියලා

Bạn đang đọc truyện trên: AzTruyen.Top