05.𝘋𝘦𝘤𝘦𝘱𝘵𝘪𝘰𝘯 💔

පසුදින උදෑසන මම නම්ජූන් එක්ක ගෙදර ආවා ඒත් එයා හිටියේ හිත හොදකින් නෙවෙයි මාත් එක්ක කතා කලෙත් ඕනවට එපාවට වගේ ඒත් ඇයි කියලා මට තේරෙන්නේ නැ නම්ජූන් මාව ගෙදර ඉස්සරහින් දාලා යන්න ගියා එයා යන දිහා බලාගෙන ඉදලා මම ඇතුලට ආවා මම රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ඇදට පැනලා නිදාගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා

.
මම ඇහැරුනේ ෆෝන් එක vibrate වෙන සද්දයට මම කම්මැලිකමේ ඇස් ඇරලා ෆෝන් එක අතට ගත්තා unknown number එකකින් ෆොටෝස් වගයක් එවලා තිබුණේ මම ඒක ඕපන් කරලා බැලුවාම මගේ මුලු ඇගම පන නැති වෙලා වගේ යනවා දැනුනේ

ඒක කොහොමද වෙන්නේ...?

එයා එහෙම කෙනෙක් නෙවෙයි...

ඒත් මගේ ඇස් ඉදිරියේ තියෙන දේවල් විශ්වාස නොකර ඉන්න බැ ඒ ෆොටෝ වල තිබුණේ නම්ජූන් මිස් මින්ව කිස් කරනවා මගේ මුලු ලෝකෙම කඩාගෙන වැටුනා වගේ දැනුනේ මම මොනාද කරන්න ඕන කියලා හිතාගන්න බැරී වුනා මගේ ඇස් වලින් කදුලු බිදු රූටලා ගිහින් ෆෝන් එක උඩට වැටුනා

එයා මාව රැවැට්ටුවා ද..?

මට කෑගහලා අඩන්න ඕන වුනා ඒත් හිතේ කොනක තිබුනා මේ දකින හැමදේම බොරුවක් කියලා නම්ජූන් එහෙම කෙනෙක් නෙවෙයි කියලා මම එයාට ආදරෙයි ගෙවුණු ටික කාලෙට වුනත් ඒ නපුරුකම් අස්සේ එයාගේ ආදරේ හෙව්වා මටත් නොදැනීම එයාට ආදරේ කලා

ඒත් මම කවදාවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ එතකොට එයා මාත් එක්ක එකට නොහිටින්න හේතුව මේකද මට මුකුත් හිතාගන්න බැරුව හිටියේ මේ දේවල් විශ්වාස කරනවාද නැද්ද කියලා

නම්ජූන්ගේ කා එකේ සද්දේ ඇහෙනකොට මම කදුලු පිහිදගෙන පහලට ගියේ මේ දේවල් ගැන නම්ජූන්ගෙන් අහනවා කියලා හිතාගෙන ඒත් මම දැක්කේ කොහොමටවත් බලාපොරොත්තු නොවුනු දෙයක් නම්ජූන් මිස් මින්ගේ කරට අත දාගෙන ආවේ මිස් මින් නම්ජූන්ව සෝෆා එකේ වාඩිකරවලා ඈත් වෙන්න හදනකොට නම්ජූන් මිස් මින්ගේ අතින් ඇදලා එයාගේ උකුලට වට්ටගෙන මිස් මින්ව කිස් කරන්න ගත්තා මිස් මින්ගෙන් ඒකට කිසි විරුද්ධත්වයක් තිබුණේ නැ

මගේ කකුල් පන නැති වෙලා යනවා වගේ දැනෙද්දී පඩිපෙලේ අත් වැට අල්ලගත්තා කදුලු අලුත් කරමින් කම්බුල් දිගේ ගලාගෙන ගියා

නම්ජූන්....

මම එයාගෙන් මෙහෙම දෙයක් කොහොමටවත් බලාපොරොත්තු වුනේ නැ මගේ පපුව පිච්චෙනවා වගේ මට දැනුනේ වේ නම්ජූන් මට මෙහෙම කලේ වේ මාව රැවැට්ටුවේ මම මොකද්ද කරපු වරද මට කෑගහලා අහන්න ඕන වුනා

මිස් මින් නම්ජූන්ගෙන් ඈත් වෙද්දී මම කදුලු පිහිදගෙන මුකුත් නොදැක්ක ගානට එතැනට ගියා මිස් මින් මාව දැක්ක ගමන් ටිකක් ගැස්සුනා මම ඒක හොදටම දැක්කා බොරු කරනකොට එහෙම තමයි

" අද ඔෆිස් එකේ පොඩි පාටියක් තිබුනා මෑම් සර් පොඩ්ඩක් drinks අරගෙන drive කරන්න බැරි නිසා මම එක්කගෙන ආවේ "

" ඔහ් හරි මිස් මින් කුමාවෝ "

මම කිව්වාම මිස් මින් අහිංසක විදියට හිනා වෙලා මට ආචාර කරලා යන්න ගියා කපටි ගෑනි මුකුත් නොවුනු ගානට රගපාන ලස්සන මිස් මින් විතරක් නෙවෙයි නම්ජූන් එහෙමයි නේ දෙන්නා එකතු වෙලා ලස්සන ඩ්‍රාමා එකක් කරගෙන යනවා

මම නම්ජූන් එක්කගෙන එයාගේ රූම් එකට ආවා බුදාම්මේ මේකාගේ බර අලි ගිලලා ද මන්දා මෙච්චර බර මට කොන්දක් ඕස්ට්‍රේලියාවෙන් අපනයනය කරන්න වෙයි වගේ මම නම්ජූන්ව ඇදෙන් තියලා රූම් එක වටේ බැලුවා ම්ම්ම් අද තමයි මම නම්ජූන්ගේ රූම් එකට ආපු පලවෙනි වතාව එයා කැමති නැ කවුරුවත් එයාගේ රූම් එකට එනවාට

මම නිදාගෙන ඉන්න නම්ජූන් දිහා බැලුවේ එයා ගොඩක් කියුට් නිදාගෙන ඉදිද්දී පොඩි බබෙක් වගේ මේ කියුට් කොල්ලාම නේද මාව රැවැට්ටුවේ කියලා මතක් වෙද්දී මට ලොකු වේදනාවක් දැනුනේ ඒත් එයා drinks අරගෙන ඉදපු නිසා එහෙම දෙයක් වුනා නම්

මේක නිකන් පැටලුනු නූල් බෝලයක් වගේ මේ නූල් බෝලේ ලිහා ගන්න නම් මට අනිවාර්යයෙන් නම්ජූන් එක්ක කතා කරන්න ඕන නිදාගෙන ඉන්න නම්ජූන්ගේ නලලට වැටිලා තිබුණු කොන්ඩේ අතින් පිටිපස්සට කරලා නලලට කිස් එකක් දුන්නා  මම එතැනින් යන්න හදද්දී එයා නින්දෙන් මුමුනපු දේ නිසා මගේ කදුලු ආපහු අලුත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" Yura I Love You Baby Mmm.."

එයා නින්දෙන් එහෙම මුමුනලා ආපහු අනිත් පැත්ත හැරිලා කොට්ටයක් තුරුල් කරගෙන නිදාගත්තා තවත් කාගෙන්වත් මට අහන්න දෙයක් ඉතුරු වුනේ නැ මිනිස්සු බිව්වාම තමයි තමන්ගේ හිතේ තියෙන දේවල් එලියට එන්නේ කියලා කියනවා නේ ඒත් මගේ හිත තාම මම දැකපු අහපු දේවල් විශ්වාස කරන්න කැමති නැ මම නම්ජූන් දිහා බලාගෙන ඉදලා ඉක්මනට මගේ රූම් එකට ඇවිත් දොර වහගත්තා දොර දිගේ රූටලා ගිහින් බිම ඉන්දුනේ පාලයනක් නැතිව කදුලු බිදු කඩාගෙන හැලෙද්දී

මට මතක් වුනේ එදා මිස් මින් ඉස්සෙල්ලාම mansion එකට ආපු දවස එදා නම්ජූන් මාව දැකලා ගොඩක් කලබල වුනා ඊට පස්සේ ඩිනර් එකට ගියපු දවසේ මිස් මින් ආපු එක ඒක අහම්බයක් වෙන්න බැ නම්ජූන් එදා තොල් පිහිදන ගමන් ඇදුමත් හදන ගමන් ආවේ ඒ කියන්නේ ඒක ඇත්ත ද..?

ඒ දේවල් එකින් එක ෆිල්ම් එකක් වගේ මගේ ඉදිරියේ මැවිලා පෙනෙද්දී මම ඔලුව අල්ලාගෙන කෑගහලා අඩන්න පටන් ගත්තේ මට දරාගන්න බැරී වුනු තැන එයා ඇයි මට කලින් මුකුත් නොකිව්වේ වේ හැමදේම මගෙන් හැංගුවේ මට අයිති නැත්නම් ඇයි මට ලං වුනේ මගේ හිතේ ආදරයක් ඇති කලේ ඇයි කිම් නම්ජූන් මම මොකද්ද දෙවියනේ කරපු වරද මෙච්චර වේදනා විදින්න තරම්

නම්ජූන් අවසිහියෙන් මිස් මින්ට ආදරෙයි කියද්දී මට දැනුනේ මගේ හදවතට පිහියෙන් අනිනවා වගේ හැගීමක් මම මෙහෙම දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු වුනේ නැ නම්ජූන්

මම හිතේ තියෙන වේදනාව හේදිලා යන්න ඇඩුවා ඒත් මට නිතරම මතක් වුනේ පැය කිහිපයකට කලින් මිස් මින් නම්ජූන් දෙන්නා හැසිරුණු විදිය අඩ අඩා හිටපු මට එතැනම බිම නින්ද ගියා

.
පසුදින උදෑසන මම ඇහැරුනේ දැනුනු සීතලට එක්ක මම බිම නිදාගෙන තියෙන්නේ ඇස් වලට ලොකු බර ගතියක් දැනෙද්දී මට ඊයේ සිදු වුනු දේවල් එකින් එක මතක් වෙන්න ගත්තා ඉක්මනට බාත් රූම් එකට ගියපු මම වොෂ් එකක් දාගෙන පහලට ගියේ නම්ජූන් එක්ක මේ ගැන කතා කරන්න ඒත් මම යනකොට නම්ජූන් ඔෆිස් ගිහින් කියලා අජුම්මා කිව්වා

ඔයා මොකද්ද නම්ජූන් මේ කරන්නේ...?

ඊයේ සිද්ධ වුනු දේවල් එක්ක මට තවත් ඒ mansion එකේ ඉන්න පුලුවන් ද කියන එක ප්‍රශ්නයක් වුනා මම ටිකක් හිත නිදහස් කරගන්න කියලා පාක් එකට ආවා මේපල් ගස යට තිබුණු බංකුවේ වාඩිවෙලා මම ඈත අහස දිහා බලාගෙන හිටියා

ඔම්මා... මොකද්ද මගේ ජීවිතේට මේ වෙන්න යන්නේ මට ගොඩක් රිදෙනවා ඔම්මා මම එයාට ආදරේ කලාට එයා මට නෙවෙයි ආදරේ කරන්නේ මට ලොකු අසරණ කමක් දැනෙනවා ඔම්මා අප්පාට මේ දේවල් කිව්වොත් එයා ගොඩක් දුක් වෙයි මම මොකද්ද කරන්න ඕන ඔම්මා

මගේ කම්බුල් දිගේ ආපහු කදුලු ගලාගෙන ගියේ හිතේ තියෙන වේදනාව කොයිතරම් ද කියන්න වගේ ඒත් එක්කම මගේ ලගින් කවුරුහරි වාඩි වෙනවා දැනුනු නිසා ඒ පැත්ත බැලුවේ එතැන හිටියේ ඈත අහස දිහා බලාගෙන ඉන්න මගේ හිනා මල මම ඉක්මනට කදුලු පිහිදාගත්තා

" ඔය කදුලු මම දැකලා ඉවරයි රෝස්.."

එයා මගේ දිහා බලලා කිව්වා මම බිම බලාගත්තා

" පනුස්..."

" ම්ම්ම්....මොකද වුනේ "

මම මුකුත් නොකියා බිම බලාගෙන හිටියා එයාට කියනවද නැද්ද කියලා මම කල්පනා කලේ ජින්ගෙයි මගෙයි අතරේ පොඩිම හරි රහසක් තිබුණේ නැ

ඒත් මේක මම එයාට කියන්න ඕනද..?

ඊට පස්සේ ජින් ගිහින් නම්ජූන් එක්ක රන්ඩු වුනොත්..?

මගේ හිතට ඒ දේවල් වද දුන්නා මම හින්දා ජින් ප්‍රශ්න වලට පැටලෙනවා දකින්න ඕන වුනේ නැ ජින් මගේ අතකින් අල්ලනකොට තමයි මම මේ ලෝකෙට ආවේ

" මට කියන්න බැරි දෙයක් ද ම්ම්.. "

" ජිනී.."

",It's Ok baby ඔයා දැන් මැරි කරපු කෙනෙක් නේ ඉස්සර වගේ හැමදේම මාත් එක්ක බෙදාගන්න බැ මට තේරෙනවා "

ජින් කිව්වේ දුකින් කියලා එයාගේ වචන වලින් තේරුනා

" එහෙම දෙයක් නෙවෙයි ජින් "

" ඔයාට මට කියන්න ඕන කියලා හිතුනු වෙලාවට කියන්න මම බල කරන්නේ නැ "

ජින් අහිංසක විදියට හිනා වෙලා කිව්වා ඔහොම මගේ දිහා බලන්න එපා ජින් මගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදැම්මා

" රතු වෙලා චෙරි ගෙඩියක් වගේ "

මගේ නහයට තට්ටුවක් දාපු ජින් කිව්වා මම හිනා වුනා මම ජින් එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉදියා එයා එක්ක කතා කරද්දී මට ලොකු සැහැල්ලුවක් දැනුනා ජින් එක්ක මම පාර දිගේ ඇවිදගෙන යන ගමන් හිටියේ ඒත් එකපාරට ජින් අන්තරස්දාන වෙලා නැ මේකා ඒලියන් කෙනෙක් ද මාත් එක්ක ආවා නේ මම වටපිට බලන ගමන් ජින්ව හෙව්වත් එයා පේන්නවත් හිටියේ නැ මගේ හිතට බයක් නොදැනුනාම නෙවෙයි ජින්ගේ මේක තවත් විහිලුවක් වුනොත් මම ඕකාගේ ඔලුව පලලා වම්බටු හිටවනවා

" ටන්ට ටාආඅ "

එකපාරට පිටිපස්ස හැරිලා බලනකොට සුදු පාට රෝස මල් පොකුරක් තියාගෙන මගේ ඉස්සරහ දන ගහගෙන ඉන්න ජින්ව මට එයාව දැක්කාම හිනා ගියා ඉස්සරත් ඔය වගේ වැඩක් කරලා මාව හිනස්සනවා

" යාහ්හ් දවසෙම මාව දන ගස්සලා තියන්න ද හදන්නේ "

ජින් අහනකොට මම ඔව් කියන්න ඔලුව වැනුවා

" මම පව් නැද්ද පනේ "

ඔන්න ඉතින් ඩ්‍රාමා එක පටන් ගත්තා

" අනියා.."

" අහෝ එය මාගේ හදවත කෑලි කෑලි වලට කැඩිමට කරුනකි "

" සෙලෝටේප් එකක් ඕනිත..?"

" මූඩ් එක කන්න එපා සොදුරිය පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්න "

රොමෑන්ටික් නේද...? හිටුකෝ රොමෑන්ටික් වෙන්න

" හරි බබා.."

" සොදුරිය ඉක්මනින් මෙය ගනු මැනවි නැතහොත් මා දනහිස පැලි මිය යාවි "

කොහොමද යකෝ මේකා එක්ක රොමෑන්ටික් වෙන්නේ

" ඔහ්.. එසේ නම් ඔබ මිය යන්න සොදුර "

මම හිනාව කාගෙන එහෙම කිව්වාම ජින් මූනත් දෙක කරගෙන නැගිටලා මල් පොකුර දික් කරලා

" මේක කාලවත් පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්න ඉගෙනගනින් "

ජින් එහෙම කිව්වාම මම හයියෙන් හිනා වුනා ජින් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා දැනෙද්දී මම එයාගේ අතේ තිබුණු මල් පොකුර අරගෙන ඉස්සර වෙලා යද්දී ජින් මගේ පස්සෙන් ආවා කුමාවෝ පනුස් මට ඕන හැමවෙලේම මගේ ලගින් ඉදියාට මම දුකින් ඉන්නකොට හිනැස්සුවාට ඔයා හැමදාම සතුටින් ඉන්න ඕන ජින්

මම එහෙම හිතන ගමන් ජින් එක්ක mansion එක ලගට ආවා මම ජින් දිහාට හැරුනා

" මම යන්නම් පනුස් "

" ම්ම්ම් පරිස්සමින් රෝස්.."

" ඕකේ පනුස්.."

මම එහෙම කියලා ජින්ට අත වනලා ඇතුලට ගියා ඒත් මම ඇතුලට යනකොට දැක්කේ කවදාවත් බලාපොරොත්තු නොවුනු දෙයක්

To be continue.........🥀

Bạn đang đọc truyện trên: AzTruyen.Top