03.𝘓𝘢𝘶𝘨𝘩𝘪𝘯𝘨 𝘍𝘭𝘰𝘸𝘦𝘳 💐
දින සති ගෙවිලා ගිහින් මාසයක් ගෙවිලා ගියේ හිතාගන්න බැරී වේගෙන් ගෙවුනු මාසේ පුරාවට නම්ජූන් මගෙයි අතරේ කියන්න තරම් විශේෂිත දෙයක් වුනේ නැ එයා උදේම ඔෆිස් යනවා එන්නේ රෑ වෙලා සමහර දවසට එයා රෑට එන්නෙත් නැ පහුවෙනිදා උදේ එන්නේ
මම ගොඩක් වෙලාවට හිටියේ තනියෙන් ගෙදර වැඩට ඉන්න අජුම්මා උදේට ඇවිත් හවසට යනවා සමහර දවස් වලට අජුම්මාට එන්න වෙන්නේත් නැ මම නම්ජූන් එක්ක කතා කරන්න හැදුවත් එයා සමහර වෙලාවට මාව මගහරිනවා එයා එහෙම කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බැ ඔම්මලා අප්පලා ඉස්සරහ මාත් එක්ක කොයිවෙලෙත් ඉන්නවා වගේ රගපානවා එයා මේවා කරලා මොනවා ද බලාපොරොත්තු වෙන්නේ
කවදාවත් මම හිතුවේ නැ මගේ මැරේජ් ලයිෆ් එක මේ වගේ වෙයි කියලා අප පතන දේවල්ම සිද්ධ වෙන්නේ නැ නේ
මම හිටියේ පාක් එකට වෙලා පුංචි ලමයි සෙල්ලම් කරන දිහා බලාගෙන පුංචි පැටව්න්ගේ සිනා හඩ මුලු පාර්ක් එකේම පැතිරුනා ඉස්සර මායි ජිමිනුයි සෙල්ලම් කරපු හැටි මතක් වෙලා මගේ මූනට ඉබේම හිනාවක් ආවා
" හේයි වයිට් රෝස් "
පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා මම ගැස්සිලා ගියා ඒත් කවුද මෙහේ මට එහෙම කතා කරන්න ඉන්නේ
හදිස්සියේවත්...... එයා ඇවිත් ද..?
මම ලොකු බලාපොරොත්තුවත් එක්ක පිටිපස්ස හැරුණේ ඔව් මේ එයා තමයි එයා ඇවිල්ලා ගොඩක් වෙනස් වෙලා හැන්සම් වෙලා සුලගට එයාගේ කොන්ඩේ සෙලවෙනවා
" ජිනී.."
මම දුවගෙන ගිහින් එයාගේ කරේ එල්ලුනේ පොඩි කාලේ පුරුද්දට පොල් ගහ වගේ උසයි නේ ඉතින් මම හිටියේ කියාගන්න බැරී සතුටකින් අවුරුදු ගානකට පස්සේ මගේ මෝඩ පිස්සු පනුවා දැක්කේ
" ඉස්සර වගේමයි "
ජින් එහෙම කියන ගමන් මාව බදාගත්තා අවුරුදු දෙකකින් එන්නම් කියලා ගියපු කෙනා අවුරුදු හතකට පස්සේ ආවේ අනික ගියාට පස්සේ ෆෝන් නම්බර් ඔක්කොම වෙනස් කරලා මට ආපු කේන්තියට මම ජින්ව තල්ලු කරලා අතේ තිබුණු හෑන්ඩ් බෑග් එකෙන් ගහගෙන ගියා
" තමුසේ ගිහින් නිකන්වත් එක කෝල් එකක් දුන්නා ද මම කියලා එකෙක් ඉන්නවා කියලා අමතක වුනා ද '
' යාහ්හ්හ් බේබි ගහන්න එපා හලෝ රිදෙනවා "
ජින් මගේ පාරවල් වලින් බේරෙන්න ට්රයි කරන ගමන් කිව්වේ ඒත් මම නැවැත්තුවේ නැ
" තමුසෙට ගහලා මදි මරන්න වටින්නේ මෝඩ දිග පනුවා "
" මට පනුවා කියන්න එපා බේබි "
විනාඩි කිහිපයකට පස්සේ අපි දෙන්නා හිටියේ කොෆි ශොප් එකේ මගේ ඉස්සරහ වාඩිවෙලා මම ගහපුවා අතගාන ගමන් ඉන්න ජින් දිහා මම අනුකම්පා විරහිතව බලාගෙන ඉදියා අවුරුදු කීයක් මම මේ පනුවා නැතුව කොච්චර පාලුවෙන් හිටියා මගේ වේදනාව මේකාට දැනෙන්න දෙන්න ඕන නැත්නම් වැඩක් නැ නේ
" ගහනවා කියලා ඔහොමත් ගහනවා ද බේබි කොරියාවට ආපු ගමන් මගේ වයිට් රෝස්ව හොයාගෙන ආවේ ඒකට සලකපු හැටි තමයි මේ "
මෙයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැ ඉස්සර වගේමයි මාරම දුකින් වගේ කිව්වේ මම නොදන්නවා ද මේකාගේ ඇක්ටින් ගැන
" මෝඩ පනුස් "
" යාහ්හ් බේබි පනුස් කියන්න එපා මම ඔයාට වයිට් රෝස් කියද්දී ඔයා පනුස් කියන එක හරි ද බේබි "
ජින් බෙල්ලත් පොඩ්ඩක් ඇද කරලා ඒක අහපු විදියට මට හිනා ගියා
" හරි "
මම උත්තර දුන්නාම ජින්ගේ මූන ඇද වෙලා කුද වෙලා තැලිච්ච බියර් ටින් එකක් වගේ වුනා කොල්ලාගේ මූන දැකලා මට හිනා යන්න ආවත් මම හිනාව කාගෙන ඉදියා
" ඒක නෙවෙයි පනුස් තමුසේ හැන්සම් වෙලා "
මම එහෙම කිව්වාම ජින් මූන වෙනදා වගේම ආඩම්බරයෙන් හිනා වුනා
" I Know baby because i'm world wide handsome "
ජින් ගැම්මෙන් කියද්දී මට වෙනදා වගේම හිනා වුනා එයා එයාගේ මූනට පුදුම විදියට ආදරේ කරන්නේ කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැ
" ඔයා මැරි කලා කියලා පාර්ක් අන්කල් කිව්වා "
ජින් එහෙම අහනකොට මම හිනා වුනා මගේ පොඩි වෙනසක් වුනත් ජින්ට තේරෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැ ඒක නිසා මම වෙනසක් නොපෙන්වා හිනා වුනේ
" යේ පනුස් මැරි කරන්න වුනා "
" ඔයාගේ හස්බන් ඔයාට හොදින් සලකනවා නේද බේබි "
" එයා මම හිතුවාට වඩා හොදයි "
මම හිනා වෙලා ජින්ට උත්තර දුන්නා එතකොට එයත් මට හිනාවකින් සංග්රහ කලා
" ඔයාට කෙල්ලෙක් නැද්ද පනුස් "
මම එහෙම ඇහුවේ කතාව වෙනස් කරන්න වගේ
" තාම මගේ හිත කෙල්ලෙක්ට ගියේ නැ නේ "
" ඕමෝ.....ඒක වෙන්න බැ "
ජින් යාන්තම් හිනා වුනා ඊට පස්සේ අපි ආ ගිය තොරතුරු පුංචි කාලේ අපේ පිස්සු වැඩ ගැන කතා කර කර ඉදියා එයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැ ඉස්සර ඉදපු පිස්සාම තමයි එයා හිනා වෙනකොට මිනිස්සු අපි දිහා බල බලා යනවා හරියට පිස්සෝ දෙන්නෙක් දිහා බලන්න වගේ ඒ හිනාවේ සද්දේට මිනිස්සු නොබැලුවොත් තමයි පුදුමේ
ජින් එක්ක කතා කර කර ඉදලා mansion එකට යනකොට නම්ජූන්ගේ කා එක garden එකේ තිබුනා නම්ජූන් ඇවිත් ද...?
මම එහෙම හිතන ගමන් ඇතුලට ගියා එතකොට නම්ජූන් උඩ තට්ටුවේ ඉදලා පහලට ආවා
" කොහෙද ගියේ "
නම්ජූන් මගේ ලගට ඇවිත් ඇහුවා මම පුදුමෙන් එයා දිහා බලාගෙන ඉදියේ කවදාවත් මගෙන් කොහෙද ගියේ කියලා අහලා නැති නිසා
" මම පාක් එකට ගියා නම්ජූන් ගෙදරට වෙලාම ඉන්න බැ නේ "
" ම්ම්ම් මට ඔයා එක්ක කතා කරන්න ඕන ජීයූන් "
එයා කිව්වේ ලග තියෙන සෝෆා එක ඇස් වලින් පෙන්නන ගමන් මම වාඩිවුනාම නම්ජූන් මගේ ලගින් වාඩිවුනේ මගේ දිහා බලාගෙන
" ජීයූන් ගිය මාසේ මට ඔයා එක්ක හරියට කතා කරන්න එකට ඉන්න බැරි වුනා අපිට අපි දෙන්නා අදුරගන්න බැරී වුනා අලුත බැදපු කපල් එකක් වෙලත් මට ඔයා එක්ක කාලය ගත කරන්න බැරී වුනා කම්පැනියේ ප්රශ්න ගොඩක් වුනා මම නේ ඔක්කොම බලන්න ඕන අප්පා දැන් වැඩිය කම්පැනි එක හොයන්නේ නැ ඔක්කොම මට භාර දීලා අප්පා නිදහසේ ඉන්නවා මියානේ ජීයූන් "
නම්ජූන් මගේ අතකිනුත් අල්ලාගෙන දුකින් වගේ කිව්වා ඉතින් මට ඇයි කිසිදෙයක් නොකිව්වේ මට එහෙම අහන්න හිතුනත් මම හිනා වුනා
" ඒකට කමක් නැ නම්ජූන් දැන් ඒ ප්රශ්න ඔක්කොම විසදුනා ද "
" යේ....දැන් ඔක්කොම හරි ඒක නිසා අපි දෙන්නා ඩිනර් එකට එලියට යන් "
" මෝ...චින්චා..?"
මම පුදුමෙන් ඇස් ලොකු කරගෙන නම්ජූන් දිහා බලාගෙන ඉදියේ එයා කියපු දේ විශ්වාස කරන්න බැරුව
" යේ..ඉක්මනට ගිහින් රෙඩි වෙලා එන්න "
නම්ජූන් එහෙම කියනකොට මම එයාට ඔලුව වනලා ඉක්මනට රූම් එකට දුවලා ගියා මම ඉක්මනට රෙඩි වෙලා පහලට ආවා නම්ජූන් හිනා වෙවී මගේ දිහා බලාගෙන ඉදියා අනෙව් එයාගේ ඩිම්පල් දෙක කන්න හිතයි අප්පා
" අපි යමු "
නම්ජූන් එහෙම කියලා මගේ අතින් අල්ලගත්තා ඒ පාර නම් ඇග දිගේ 3000 V විදුලියක් ගමන් කරා වගේ නම්ජූන් මාව එක්කගෙන ගිහින් කා එකෙන් වාඩි කරලා එයත් කා එකට නැගලා drive කරන්න පටන් ගත්තා මම ශටර් එකෙන් එලිය බලාගෙන ඉදියා එයත් මාත් එක්ක කතා කලේ නැ
ටිකකින් restaurant එක ඉස්සරහ නැවැත්තුවා කා එකෙන් බැහැලා නම්ජූන් එක්ක restaurant එක ඇතුලට ඇවිදගෙන ගියා එයා මගේ ඉස්සරහින් වාඩිවුනා මම restaurant එක වටපිට බලමින් හිටියේ restaurant එකේ වැඩිය කට්ටිය හිටියේ නැ
" ජීයූන් මොනාද කන්නේ "
" අහ්..විශේෂයක් නැ ඕන දෙයක් කනවා "
මම එහෙම කිව්වාම නම්ජූන් හිනා වුනා වස ලැජ්ජාවයි බඩජාරිකම තමයි ඔක්කොටම මුල කන්න එපැයි ජීවත් වෙන්න නම්ජූන් ඕඩර් එක දීලා මගේ දිහා බලාගෙන ඉන්නවා මම ඒ ඇස් මගහැරලා වටපිට බල බල ඉදියේ ඒ බැල්ම දරාගන්න බැරී නිසා
" යෙප්පුදා.."
නම්ජූන් ගැඹුරු හඩකින් කියද්දී මම ගැස්සිලා ගියා
" මොහ්.."
" ඔයා ලස්සනයි කියලා කිව්වේ "
යකෝ එකපාරට කියනවා කියලත් ඔහොමත් කියනවද මං අහන්නේ හාර්ට් පේශන් කෙනෙක් නම් ඉතින් මම ලෙෆ්ට් නේ
" කුමාවෝ "
වේටර් ඇවිත් කෑම මේස උඩින් තියලා කියලා මමයි නම්ජූන් කන්න පටන් ගත්තා
" මම පොඩි දෙයක් අහන්න ද "
ඒ ගමන මොකාටද එන්න හදන්නේ
" මොකද්ද "
" ඔයාට නම්චිංගු කෙනෙක් ඉදලා නැද්ද "
ඒක ඇහුනා විතරයි මට කකා හිටපු එකත් හිර වුනා නම්ජූන් මගේ පිට අතගාලා වතුර පෙව්වා මගේ ඇස් වලින් කදුලුත් පැනලා
" අනියා.."
" ඔහ්.."
මට නම්ජූන්ගෙන් අහන්න හිතුනා එයාට යොංජාචිංගු කෙනෙක් හිටියා හෝ ඉන්නවා ද කියලා ඒත් මම කට අරින්න හදනකොට එතැනට ආවේ එදා mansion එකට ආපු නම්ජූන්ගේ secretary
" සර්.."
" ඔහ්...මිස් මින් "
" මම ඔයාලාට disturb කලා ද මන්දා සර් දැකපු හින්දා ආවේ "
එයා එහෙම කිව්වාම මම එයා එක්ක හිනා වුනා
" මිස් මින් මොනාද මෙහේ කරන්නේ "
" මම නිතරම මෙහෙට එනවා සර් අනික restaurant එකට එන්නේ කන්න නේ ඉතින් මම යන්නම් සර් ඔයාලා එන්ජෝයි කරන්න "
එයා එහෙම කියලා එතැනින් යන්න ගියා නම්ජූන් ටික වෙලාවක් එයා යන දිහා බලාගෙන ඉදලා මගේ දිහා බලලා හිනා වුනා අපි කාලා ඉවර වුනා
" ජීයූන් ඔයා කා එකට යන්න මම වොෂ් රූම් එකට ගිහින් එන්නම් "
නම්ජූන් එහෙම කියනකොට මම එයාට හා කියන්න ඔලුව වනලා restaurant එකෙන් එලියට ආවා නම්ජූන් ගැන හිතන ගමන් මම ගිහින් කා එකෙන් වාඩිවුනා ටිකකින් නම්ජූන් ඇදුම හදන ගමන් තොල් පිහිදාන ගමන් කලබලයෙන් වගේ ඇවිත් කා එකෙන් වාඩිවුනා මම එයා දිහා බලාගෙන ඉදියේ මොකද වුනේ කියලා කල්පනා කරන ගමන්
" මොකක් හරි ප්රශ්නයක් ද "
මම ඇහුවේ කලින් හොදට හිටපු කෙනාට එකපාරට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව
" අනියා... මුකුත් නැ "
එයා එහෙම කියලා මාත් එක්ක හිනා වෙලා drive කරන්න පටන් ගත්තා මමත් ආපහු එයාත් එක්ක ඒ ගැන කතා කරන්න ගියේ නැ mansion එකට ඇවිත් අපි දෙන්නා නිදාගන්න ගියා මම ඇදේ හාන්සි වෙලා කල්පනා කලේ අද දවස ගැන අවුරුදු ගානකට පස්සේ මගේ පනුස් මට හම්බුනා නම්ජූන් මාත් එක්ක හොදින් කතා කලා මට අද ගොඩක් සතුටුයි අප්පා කිව්වා හරි නම්ජූන් නරක කෙනෙක් නෙවෙයි මම එහෙම හිතන ගමන් නින්දට ගියා
Park Jiyun
Kim Namjoon
Kim Seokjin
Min Yura
To be continue........🥀
නොසිතන දේවල් සිදුවිය හැක
Bạn đang đọc truyện trên: AzTruyen.Top