02.𝘍𝘪𝘳𝘴𝘵 𝘕𝘪𝘨𝘩𝘵 🙂

අන්තිමේ දී උදා වුනේ මම මෙච්චර වෙලා උදා වෙන්න එපා කියලා හිතමින් හිටපු වෙලාව ඔව් මම දැන් නම්ජූන් එක්ක එයාගේ mansion එකට පිටත් වෙන්න ඕන මම අඩිය තියන්නේ අලුත් ජීවිතයකට අප්පා මාව ආදරෙන් වැලදගෙන පරිස්සමින් ඉන්න කිව්වා එතකොට මගේ මෝචි බෝලේ බිම බලාගෙන ඉදියා මම දන්නවා දැන් කොල්ලා අඩන්න හදන්නේ කියලා ඒක නිසා මම එයාගේ ඔලුව අතගෑවා

" නූනා ගිහින් ඉක්මනට එනවා ම්ම් "

මම කියනකොට එයා පැනලා මාව තදින් බදාගත්තා මම හිනා වෙවී ජිමින්ගේ ඔලුව අතගෑවා

" නූනා පරිස්සමින් ඉන්න "

ජිමින් එහෙම කිව්වා අන්තිමේ දී අපි ඇවිත් හිටපු අයට සමුදීලා නම්ජූන්ගේ mansion එකට යන්න පිටත් වුනා යන අතරමගදී එයාවත් මමවත් එක වචනයක්වත් කතා කලේ නැ කා එකේ යනකොට පහුවෙන ගස් බිල්ඩින් වාහන දිහා බලාගෙන ඉදියා

ටික වෙලාවකින් විශාල ගේට්ටුවකින් කා එක ඇතුලට දැම්මා මම කා එකෙන් බැහැලා ගවුමත් අල්ලාගෙන බලාගෙන ඉදියේ මගේ ඇස් ඉදිරියේ තියෙන විශාල මන්දිරය දිහා ඒත් එක්කම නම්ජූන් කා එකෙන් බැහැලා ඇවිත් මගේ ලග හිටගත්තා

" ඇතුලට යමු "

නම්ජූන් එහෙම කියලා ඉස්සර වෙලා යද්දී මම ගවුමත් උස්සගෙන නම්ජූන්ගේ පස්සෙන් ඇතුලට ගියා මම දොර ලග ඉදගෙන mansion එක වටේම ඇස් යැව්වා ඇත්තටම ගොඩක් පිලිවෙලයි ලස්සනයි

" ඔතනට වෙලා ඉන්නේ නැතුව ඇතුලට එන්න "

නම්ජූන් කතා කරනවා ඇහුනු නිසා මම ඇවිදගෙන ගියා

" උඩ තට්ටුවේ දෙවැනි රූම් එක ඔයාගේ මම හිතන්නේ ඒක ඔයාටත් පහසුවක් අපි දෙන්නා අපි ගැන හරියට දන්නෙත් නැ ඒක නිසා අපි රූම්ස් දෙකක ඉමු "

නම්ජූන් එහෙම කිව්වාම මම ඔලුව වැනුවා මම හිතුවාට වඩා නම්ජූන් හොද කෙනෙක් වගේ

" ඔයාගේ රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන නිදාගන්න ගුඩ් නයිට් "

එහෙම කියලා හිනා වෙලා ගියා අව්ස් එයාගේ ඩිම්පල් දෙක වහිනකොට වතුර පිරෙනවා ද දන්නේ නැ වතුර පිරුනාම ඩෙංගු මදුරුවෝ බෝ වෙයි යාහ්හ් ජීයූන් විකාර හිතන්නේ නැතුව ගිහින් නිදාගන්න

මම ඔලුවට එකක් ගහගෙන රූම් එකට ගියා රූම් එක වටේ පොඩ්ඩක් ඇවිදලා බැලුවා මට ඕන හැමදේම වගේ තිබුනා ඔක්කොටම වඩා බැල්කනිය තිබුණු නිසා මට සතුටු ක්ලෝසෙට් ඇදුම් පුරවලා තිබුනා මම ඇදුමක් අරගෙන බාත් රූම් එකට ගියේ වොෂ් එකක් දාගෙන ඇවිත් නිදාගන්න බලාගෙන

විනාඩි කිහිපයකට පස්සේ මම වොෂ් එකක් දාගෙන රූම් එකට ආවා අර ගවුම ගැලෙව්වාට පස්සේ මට දැනුනේ හරියට නිවන් ගියා වගේ ෆීලින් එකක් මම ඇදට ගිහින් ෆෝන් එක බලද්දී තමයි දැක්කේ ජිමින්ගෙන් තිබුණු මැසේජ් ගොඩ ජිමින්ගේ මැසේජ් දැක්කාම මට හිනා ගියේ ඉබේටම මගේ පිස්සු මෝචියා

ජිමින්ගේ මැසේජ් වලට රිප්ලයි කරලා ෆෝන් එක පැත්තකින් තියලා නින්දට ගියා

.
Next Day Morning

උදේ පාන්දර ගෙදර බෙල් එක වදිනවා ඇහුනු නිසා මම ඇහැරුනේ අයිෂ් කවුද උදේ පාන්දර කඩාගෙන වැදුනු ජීවියා මොන වදයක් ද මම අනිත් පැත්තට ඔලුවේ ඉදලා බ්ලැන්කට් එක පොරවගෙන නිදාගත්තේ අප්පා හරි අජුම්මා හරි දොර අරියි කියලා හිතාගෙන

ඒත් ටිකකින් ආපහු නැගිටලා ඇදෙන් වාඩිවුනේ අප්පාවත් අජුම්මාවත් නැ කියලා මතක් වුනාම දැන් මම ඉන්නේ  නම්ජූන්ගේ mansion එකේ ඔයා මැරි කලා ඉන්නේ

මම ඇදෙන් බැහැලා කොන්ඩේ අතින් හදන ගමන් දොර පැත්තට ගියේ තාමත් ගෙදර බෙල් එක වදින නිසා මම දොර ඇරියාම හිටියේ ලස්සන ගෑනු ලමයෙක්

කොටම කොට කලු පැහැති ටයිට් ස්කර්ට් එක ඇදලා සුදූ පැහැ බ්ලවුස් එක ස්කර්ට් එකට යට කරලා උස හීල්ස් දෙකකුත් දාලා හිටපු කෙල්ල දිහා මම ඉදියේ කවුද කියලා එයාට තිබුණේ බ්ලැක් කලර් දිග වේවි හෙයා එකක් ඇත්තටම එයා ගොඩක් ලස්සනයි

" ගුඩ් මෝනින් මෑම්...මම නම්ජූන් සර්ගේ secretary මට සමාවෙන්න උදේම කරදර කලාට නම්ජූන් සර්ගේ sign එක ඕන මේක urgent file එකක් මෑම් "

ඔහ් එතකොට මේ නම්ජූන්ගේ secretary එයා ගොඩක් ඩීසන් විදියට කතා කලා

" ගුඩ් මෝනින් ඔයා ඇතුලට එන්න මම නම්ජූන්ට කතා කරන්නම් අනික සමාව ඉල්ලන්න ඕන නැ "

මම එහෙම කියලා එයාට ඇතුලට එන්න දීලා නම්ජූන්ගේ රූම් එක පැත්තට ගියා මගේ හාට්ටුව එකසිය ගානට ගැහෙනවා යාහ්හ් මොකටද මම මෙච්චර බය වෙන්නේ ඒ මගේ හස්බන් නේ

" නම්ජූන්..."

මම කතා කරන ගමන් දොරට තට්ටු කලා

" නම්ජූන් ඔයාගේ secretary ඇවිත් ඉන්නවා "

මම එහෙම කියනකොට නම්ජූන් දොර ඇරියා

" එයා කොහෙද ජීයූන් "

",එයා පහල ඉන්නවා "

" ඕ හරි ඔයා යන්න "

නම්ජූන් එහෙම කියලා පහලට යද්දී මම රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න මම වොෂ් එකක් දාගෙන පහලට එනකොට නම්ජූන් විතරයි හිටියේ

" එයා ගියා ද නම්ජූන් "

" අහ් යේ.."

මම කතා කරනකොට නම්ජූන් ගැස්සිලා ගියේ හරියට හොර වැඩක් කරලා වගේ මට උත්තර දීපු නම්ජූන් ආපහු රූම් එකට ගියේ මාත් එක්ක හිනා වෙන ගමන් මමත් වැඩිය ඒ ගැන හිතන්නේ නැතුව කිචන් එකට ගියේ breakfast රෙඩි කරන්න

Breakfast රෙඩි කරලා dinning table එකට තියනකොට නම්ජූන් කොහේහරි යන්න රෙඩි වෙලා පහලට ආවා

" නම්ජූන් ඔයා කොහේහරි යන්න ද "

" යේ ජීයූන් ඔෆිස් යන්න "

",මම breakfast රෙඩි කලා කාලා යන්න "

" ඔහ් හරි ජීයූන් "

එයා ඇවිත් dinning table එකේ වාඩිවෙලා කන්න පටන් ගත්තා කන අතරතුරේ දී අපි අතර කතාවක් තිබ්බේ නැ එයා ෆෝන් එක දිහා බලාගෙන කාලා යන්න ගියේ එනකොට රෑ වෙයි කියලා කියාගෙන මම කිචන් එකත් අස් කරලා living room එකට ආවා එතකොට ජිමින්ගෙන් කෝල් එකක් ආවා මම ඉක්මනට ආන්සර් කලා

"  නූනා ඔයා හොදින් නේද  හියුන්ග් ඔයාට හොදට සලකනවා නේද නූනා උදේට කෑවා ද මට නූනා නැතුව පාලුයි අප්පා මට බැන්නා අද යුනි ගියේ නැ කියලා නූනා මාව බලන්න එනවද නූනාට මාව මතක් වුනේ නැද්ද නැති නිසා තමයි මම කෝල් එකක් ගන්නකම් හිටියේ "

මම කෝල් එක ආන්සර් කලා විතරයි ජිමින් එක දිගට බ්‍රේක් නැතුව කියවගෙන ගියේ මට එක වචනයක් කතා කරන්න නොදී

" ජිමින් වතුර වීදුරුවක් ඕන ද "

" යාහ්හ් නූනා ඔයාට ජෝක් ද මම ඔයා කෝල් එකක් දෙනකම් බලාගෙන ඉදලා අන්තිමේ දී මම ගත්තේ "

" මියානේ තාර පැටියෝ නූනා පොඩ්ඩක් බිසි වුනා "

" නූනාට මොනාද ඔච්චර වැඩ හියුන්ග්ලාගේ ගෙදර වැඩට කවුරුවත් නැද්ද "

" ඉන්නවා චිමි ඒ අජුම්මා එන්නේ අද ටිකක් දවල් වෙලා කිව්වා "

" නූනාට ඔක්කොම කේලම් කියලා ඉවරයි ද "

මට ඒ වෙලාවේ අප්පාගේ කටහඬ ඇහුනා

" අනියා තව තියෙනවා නූනා අප්පා මට බැන්නා නූනාට කෝල් කරලා වද දෙනවා කියලා "

" මට මොන කරදරයක් ද චිමියෝ ඔයා ඕන වෙලාවක කතා කරන්න හරි ද ඒක නෙවෙයි අද යුනි ගියේ නැත්තේ ඇයි "

" නැගිටිනකොට පරක්කු වුනා වෙනදා නූනා නේ මාව ඇහැරන්නේ අද කවුරුවත් නැ "

ජිමින් එහෙම කියනකොට මට දුක හිතුනා වෙනදා හැමදාම මම තමයි එයාව ඇහැරවන්නේ යුනි එකට ගිහින් දාන්නේ එයාගේ ඔක්කොම වැඩ කලේ අප්පා ඒ නිසා චිමී ගැන වැඩිය හෙව්වේ නැ

" අහන්නකෝ චිමි ඔයා දැන් ඔයාගේ වැඩ ගැන තනියෙන් බලාගන්න ඕන අප්පාට වෙලාවකුත් නැ නේ පැටියෝ ඔයා ගැන බලන්න අජුම්මාට කරදර කරන්න එපා "

" හරි නූනා මිස් යූ "

" මිස් යූ සෝ මච් පැටියෝ අප්පාට ෆෝන් එක දෙන්න් "

" හරි නූනා "

" අප්පා "

" ජීයූ ඔයා හොදින් නේද මැනික "

" යේ අප්පා මම හොදින් ඉන්නවා අප්පා චිමි ගැන පොඩ්ඩක් බලන්න එයාව උදේ ඇහැරන්න එලාම් තිබ්බාට එයා නැගිට්ටින්නේ නැ කියලා දන්නවා නේ "

" හරි ජීයූ මම එයා ගැන බලාගන්නම් ඔයා පරිස්සමින් ඉන්න "

" හරි අප්පා ඔයත් පරිස්සමින් ඉන්න "

මම එහෙම කියලා ෆෝන් එක තිබ්බා ජිමින් එයාගේ වැඩ කොහොම කරගනියි ද කියලා මට බයයි එයාගේ හැමදේම ගැන හොයලා බලන්න ඕන නැත්නම් ඉවරයි ඉතින් එයා ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක් පොඩ්ඩ ඇති ලොකු කරගෙන අඩන්න

ස්කූල් කාලේ මාසෙකට සැරයක් අනිවාර්යයෙන් ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට යන වැඩක් කරනවා සමහර අවස්ථාවල ප්‍රින්සිපල් අප්පාට කෝල් කරලා හිට තියෙනවා ගෙදර ඇවිත් අප්පා ජිමින්ට ගහන්න හදනකොට මම තමයි මැද්දට පැනලා බේරගත්තේ සමහර වැඩ හින්දා මම ජිමින් එක්ක තරහ වෙලා හිටපු අවස්ථාත් තිබුනා එයාගේ පිස්සු වැඩ මතක් වෙන වාරයක් ගානේ මගේ මූනට හිනාවක් ආවේ ඉබේටම

ජිමින්ට ලස්සනට සිංදු කියන්න පුලුවන් එයාගේ කටහඬ මැජික් එකක් වගේ ඕන කෙනෙක්ගේ හිතක් නිවන්න පුලුවන් මම දුකින් ඉන්න වෙලාවට එයා මගේ ලගට වෙලා සිංදු කියනවා මම එයාට කිව්වා idol කෙනෙක් වෙන්න කියලා එතකොට ජිමින් හිනා වෙනවා මගේ ඒන්ජල්

To be continue........🥀

Bạn đang đọc truyện trên: AzTruyen.Top