01.𝘞𝘦𝘥𝘥𝘪𝘯𝘨 💞

හැමෝම කැමතියි තමන් ආදරේ කරන කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න තමන් කැමති විදියකට ඉන්න මමත් කැමතියි මම ආදරේ කෙනා එක්ක ජීවත් වෙන්න ඒත් මට ඒකට වාසනාවක් නැ

ලෝකයා ඉස්සරහ කොච්චර හිනා වෙලා හිටියත් ඒ හිනාව පිටිපස්ස තියෙන වේදනාව දන්නේ මම විතරයි අද මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට පෙරලෙන්න යන්නේ

අද තමයි මගේ වෙඩින් එක ඒත් මගේ හිතේ කිසිම සතුටක් නැ හැම කෙල්ලෙක් වගේම මමත් මගේ වෙඩින් එක ගැන හීන දැක්කා ඒත් අද ඒ හැමදේම විනාස වෙලා ගිහින්

කවදාවත් නොදැකපු කෙනෙක් ඔයාට මැරි කරන්න වුනොත් මොකද හිතෙන්නේ ඒ හැගීම මට දැන් හොදටම දැනෙනවා

මම පාක් ජීයූන් මට ඉන්නේ මගේ අප්පා විතරයි ඔම්මා මාව දාලා සදහටම යන්න ගිහින් ඔම්මා නැති වුනේ මල්ලී හම්බවෙන්න ගිහින් මල්ලී මට වඩා අවුරුදු තුනක් බාලයි අප්පා කතා කරන්න කැමතිම ඔම්මා ගැන අප්පායි ඔම්මායි ආදරේ කරලා මැරි කරලා තියෙන්නේ අප්පාට ඔම්මා හම්බුනු හැටි අප්පා ඔම්මාට ප්‍රපෝස් කරපු හැටි ඔක්කොම අපි දෙන්නාව ලග තියාගෙන කියනවා ඒ වෙලාවට අප්පාගේ ඇස් වල කදුලු පිරිලා තියෙනවා මම ඕන තරම් දැකලා තියෙනවා අපිට හොරා එයා අඩනවා අප්පා දන්නේ නැ එයා ඔම්මා ගැන මතක් කරලා අඩන විත්තිය අපි දන්නවා කියලා

" ජීයූ...."

ඒ කතා කලේ මගේ අප්පා මෙච්චර වෙලා mirror එකෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන ඉදපු මම අප්පාගේ පැත්තට හැරුණේ මුහුනේ සිනාවක් රදවගෙන

" අප්පා..."

අප්පා කදුලු පිරුණු ඇස් වලින් මගේ දිහා බලාගෙන හිනා වුනා අප්පා මගේ ලගට ඇවිත් මගේ අත් දෙක අල්ලගත්තා

" ජීයූ.... අද ඉදන් පටන් ගන්නේ අලුත් ජීවිතයක් ඔයා හෙට ඉදන් ඉන්නේ අප්පා එක්කවත් චිමී එක්කවත් නෙවෙයි ඔයාගේ හස්බන් එක්ක පරිස්සමින් වැඩ කරන්න මගේ රත්තරං එයා හොදට ඔයාව බලාගනියි මම දන්නවා මගේ දෝනි කැමති ආදරේ කරලා මැරි කරන්න කියලා ඒත් මිස්ටර් කිම්ගේ යෝජනාව මට අහක දාන්න බැරී වුනා ඒ දරුවා නරක කෙනෙක් නෙවෙයි මගේ දෝනිට එයා අනිවාර්යයෙන් ආදරේ කරයි ඒ වගේම අප්පාට සමාවෙන්න මගේ මැනික "

අප්පා මගේ අත් දෙක තද කරලා අල්ලාගෙන කිව්වා මේ දේවල් වලට අප්පා වැරැදි නැ මේක මගේ දෛවය මම අප්පාගේ කම්පැනියට දවසක් ගියපු වෙලේ මිස්ටර් කිම් මාව දැකලා තමයි මාව එයාගේ පුතාට යෝජනා කරලා තියෙන්නේ අප්පා කල්පනා කරලා කැමතියි කියලා මිස්ටර් කිම්ට කොරියාවේ ලොකු බලයක් තියෙන කෙනෙක් මට අප්පාට පිටින් යන්න බැ ඒක නිසා මම මැරේජ් එකට කැමති වුනා

" අප්පා...ඔයා සමාව ඉල්ලන්න ඕන නැ ඔයාගේ වරදක් නැ මම අප්පා එක්ක තරහ නැ මගේ අප්පා කවදාවත් මට වරදක් කරන්නේ නැ කියලා දන්නවා ඔයා පරිස්සමින් ඉන්න ඕන හරි ද "

මම හිනා වෙලා කිව්වා

" මගේ ජීයූ හොද වයිෆ් කෙනෙක් වෙයි කියලා මට විශ්වාසයි හරියට ඔයාගේ ඔම්මා වගේ අද ඔයා ගොඩක් ලස්සනයි ජීයූ ඔම්මා වගේමයි අද එයා හිටියා නම් ගොඩක් සතුටු වෙයි ඔයා ගැන ඔයාට මගේ ලගට එන්න ඕනේ කියලා හිතෙන ඕන වෙලාවක මගේ ලගට එන්න "

අප්පා කදුලු අතරින් කිව්වා අප්පා කවදාවත් මටවත් චිමීටවත් ඔම්මාගේ අඩුව දැනෙන්න දුන්නේ නැ එයා හැමතිස්සේම අපේ පස්සෙන් හිටියා මොන වැඩේ තිබ්බත් අප්පා අපේ Parent meeting හැම එකකට වගේ ආවා අප්පා කවදාවත් අපිට කිසිදේකින් අඩුවක් කලේ නැ

අප්පා මාව වැලදගෙන ඔලුව අතගාලා නලලට ආදරේ පිරුණු හාදුවක් තැවරුවා

" නූනා.."

ඔය දුවගෙන මගේ චූටි පැටියා මගේ මල්ලී ජිමින් එයාට චිමී කියලා කතා කරන්නේ කියුට් කොල්ලා අහිංසකයි ඒත් ඒ අහිංසකකම රදා පවතින්නේ තරහ යනකම් විතරයි කේන්ති ගියාම යක්කු පරාදයි යුනි එකේ 4th year student කෙනෙක් යුනි එකේදී අලි ඔලුවෙන් හිටියත් මගේ ලගදී එයා පොඩි දරුවෙක් වගේ මගේ දගයා

" චිමී..."

දුවගෙන ඇවිත් මාව බදාගත්තේ මම එයාව දාලා සදහටම යයි වගේ අනේ මගේ පිස්සු කොල්ලා

" යාහ්හ් තාරාවෝ මම මැරෙන්න නෙවෙයි යන්නේ එහාට වෙන්න "

මම කෑගහනකොට මගෙන් ඈත් වුනා මගේ දිහා රවලා බලාගෙන ඉන්නවා මම මොකද්ද දෙවියනේ රවන්න තරම් කරපු වරද

" නම්ජූන් හියුන්ග් ඔයාව ඇඩෙව්වොත් මම ඌව මරනවා නූනා "

අම්බෝ ඉතින් කියුට් කොල්ලා නපුරු කොටියෙක් වෙලා ඒ ගමන

" ඕමෝ...මෙයා මැරයෙක් වෙලා බයත් හිතෙනවා "

මම කියනකොට අප්පා හිනා වුනා කොට තාර පැටියා නම් තාම රවාගෙන ඉන්නවා

" නූනා ජෝක් නෙවෙයි ඔයා දන්නවා නේ මට ඔයා අඩනවා බලාගෙන ඉන්න බැ කියලා "

" අයියූ.... මගේ තාර පැටියෝ මම දන්නවා "

මම ජිමින්ගේ කම්බුල් මිරිකලා කිව්වේ ජිමින් මගේ අත්වලින් කම්බුල් බේරගන්න ලොකු උත්සාහයක

" දැන් ඔය හුරතල් වුනා ඇති වෙලාව හරි "

අප්පා එහෙම කියනකොට මම ආපහු mirror එක පැත්තට හැරිලා හුස්මක් පහත දැම්මා ජිමින් මගේ අතට flower bouquet එක ගෙනත් දුන්නා මම හිනා වෙලා ඒකත් අරගෙන අප්පා එක්ක ගියා Church එකේ දොර ඉස්සරහ අප්පාගේ අතේ එල්ලිලා හිටගත්තා මම හදවත වේගෙන් ගැහෙනවා ඇත්තම කිව්වොත් මම හොදටම බය වෙලා ඉන්නේ මාව ගැහෙනවා වගේ යාන්තම් දාඩිය දාලා මම අප්පාගේ අත තද කරලා අල්ලගත්තා

" බය වෙන්න එපා ජියූ අප්පා ඔයාගේ ලගින් ඉන්නවා "

අප්පා මගේ අත පිරිමදින ගමන් කිව්වා අප්පාගේ වචන හැමදාම මාව ශක්තිමත් කලා church එකේ දොර ඇරෙද්දී අප්පාගේ අතේ එල්ලිලා හිමින් අඩිය තියමින් ඉස්සරහට ගියා මම බිම බලාගෙන ඉදියේ අප්පා එක්ක ගිහින් අන්තිමේ දී නැවතුනු හින්දා මම ඔලුව උස්සලා බැලුවා

ඕමෝ....එයා මම හිතුවාට වඩා හැන්සම් ඒ වගේම නපුරු පාටයි එයා මගේ පැත්තට අත දික් කරගෙන ඉන්නකොට අප්පා මගේ අත එයාගේ අත උඩින් තිබ්බා

" නම්ජූන් මම ඔයාට භාර දෙන්නේ මගේ වටිනම වස්තුව එයාව හොදට බලාගන්න "

අප්පා එහෙම කිව්වාම එයා යාන්තම් හිනා වෙලා ඔලුව වැනුවා ඒ ඇස් වල සතුටක් කියලා දෙයක් ගෑවිලාවත් තිබුණේ නැ එතකොට එයා මේකට අකමැති ද ඔව් ඉතින් කවුද කවදාවත් වචනයක්වත් කතා නොකරපු කෙල්ලෙක් කැමැත්තෙන් මැරි කරන්නේ වෙන දේකට මුහුන දෙමු ජීයූන්

ෆාදර් චාරිත්‍ර පටන් ගත්තේ මම නම් බිම බලාගෙන හිටියා මිසක් එක විනාඩියකට ඔලුව ඉස්සුවේ නැ මගේ ඔලුවට එක එක විකාර අදහස් ගොඩක් ගලාගෙන එනවා ඇත්තම කිව්වොත් මම හිටියේ මේ ලෝකේ නෙවෙයි ඒත් එකපාරට ගැස්සිලා මම මේ ලෝකෙට ආවේ ෆාදර් කියපු දේ නිසා

" You may kiss the bride "

මට ඔච්චරයි ඇහුනේ මගේ ඔලුවට නිකන් පොල්ලෙන් ගහලා ගලක් බෙල්ලේ බැදලා ගගට විසි කලා වගේ ෆීලින් එකක් දැනෙන්නේ මට දැන් මෙතනින් වාෂ්ප වෙන්න ඕන වුනේ ඒත් එක්කම නම්ජූන් මගේ පැත්තට හැරුණේ කට කොනේ හිනාවක් රදවගෙන ඒ බැල්මට මම බය නොවුනා කිව්වොත් ඒක බොරුවක්

එයා මගේ ඉනෙන් ඇදලා එයාගේ ලගට ගත්තා මම ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදිද්දී එයා මගේ තොල් වලට බර වෙලා පුංචි කිස් එකක් දීලා ඈත් වුනා මගේ ෆස්ට් කිස් එක ඒ හැමෝම අත්පොලසන් දීලා විසිල් ගහද්දී පුංචි හිනාවක් රදවගෙන ඒ පැත්තට හැරුනා අප්පා මගේ දිහා බලාගෙන හිනා වුනා ජිමින් දිහා බලද්දී එයා බිම බලාගෙන ඉන්නවා

එයා අඩනවා ද...?

මගේ ඔලුවට ආපු එකම ප්‍රශ්නේ ඒක ඊට පස්සේ හොටෙල් එකට ගියේ පාටියට හැමෝම ඇවිත් සුභ පතලා යද්දී මගේ ඇස් නම් තිබුණේ පැත්තකට වෙලා මගේ දිහා බලාගෙන ඉන්න ජිමින් ලග කට්ටිය ටිකක් අඩු වෙද්දී මම ජිමින් ලගට ගිහින් එයාගේ අත් දෙකත් අල්ලාගෙන වාඩිවුනා කොල්ලා එකපාරට මගේ දිහා බලලා එකපාරට මාව බදාගත්තා

" යාහ්හ් මොකද මේ.."

" නූනා..මම කොහොමද ඔයා නැතුව ඉන්නේ මට ඔයා නැතුව ඉන්න බැ කියලා දන්නවා නේ ඔයා නැතුව මට නින්ද යන්නේ නැ කියලා ඔයා දන්නවා නේ නූනා මාව දාලා යන්න එපා නූනා මට ගොඩක් පාලුයි "

ජිමින් හීන් ඉකියක් එක්ක කියද්දී මම කොල්ලාව තුරුල් කරගත්තා ජිමින් තාම නිදාගන්නේ මගේ ලග කවුරු මොන දේ කිව්වොත් පොඩි බබෙක් වගේ මගේ තුරුලට වෙලා නිදාගන්නේ එයාගේ ලග මම නැති වුනොත් එයාට නින්ද යන්නේ නැ කවදාහරි මෙහෙම වෙයි කියලා අප්පා කොච්චර කිව්වත් චිමී ඇහුවේ නැ මගේ හිතුවක්කාර තාර පැටියා

" ශ්ශ්ශ්...අඩන්න එපා ඔයාගේ නූනා ඔයාව දාලා කොහෙවත් යන්නේ නැ මම කොහොමද මගේ කොට තාර පැටියා නැතුව ඉන්නේ ම්ම් නූනා හැමදාම ඔයා ලග ඉන්නවා ඔයාට මාව ඕන හැම වෙලාවකම ඔයාගේ නූනා ඔයා ලග ඉන්නවා "

මම ජිමින්ගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදලා කිව්වා

" නූනා ඇත්ත නේද කියන්නේ "

" යේ නූනා මෙච්චර කාලෙකට බොරු කියලා තියෙනවා ද "

ජිමින් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා අනේ මගේ කියුට් තාර පැටියා

" ඒක නේ "

මම ජිමින්ගේ පුංචි අත් අල්ලාගෙන කිව්වා එයාගේ අත් හරි පුංචියි කියුට් ඒත් එයාගේ වැඩ නම් පොඩ්ඩක්වත් පුංචි නැ

" නූනා..'

" ,ම්ම්ම් "

" සරන්හේ "

ජිමින් එයාගේ කියුට් හිනාව දාගෙන කිව්වා

" නාදු සරන්හේ "

මම ජිමින්ගේ නලලට පුංචි හාදුවක් තවරලා කිව්වා මම ඇස් කොනින් දැක්කා අප්පා අපේ දිහා බලාගෙන ඉන්නවා මම අප්පා දිහා අසරණ විදියට බැලුවේ මම නැතුව ජිමින් මොනවා කරයි ද කියලා හිතට දැනුනු බය නිසා

To be continue............🥀

හෙලෝ බබ්බුලා
කොහොමද ඉතින් ඔයාලාට
පරිස්සමින් හොදින් ඉන්නවා කියලා හිතනවා

සෑඩ් පිට දුවන ස්ටෝරියක් කලින්ම කිව්වා
උපරිම චැප්ටර් දහයක් වගේ තියෙයි ඊට වඩා වැඩි වෙන්නේ නැ අඩු වුනොත් මිසක්

කැමති අය කියවලා කමෙන්ට් වෝට් කරන්න

සරන්හේ 💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top