💙 ᦔ𝓲ꪑρꪶꫀ ᥇ꪮꪗ 01 💙
සීතල සුලං රැලි දසත හමාගෙන යද්දී පාර දෙපස තිබුණු චෙරි ගස් වල මල් පෙති බිමට කඩාගෙන හැලුනා පාර පුරාම මල් පෙති වලින් වැහිලා ගිහින් සෝල් නගරයේ අදුර විදුලි පහන් මැකුවා වේගයෙන් එහෙ මෙහෙ ඇදෙන වාහන දිහා බලමින් මම පාර දිගේ ඇවිදගෙන ගියා
ඒත් එක්කම මගේ ඇස් නැවතුනේ හුරු පුරුදු රුවක් ලග මම ඔහු දිහා බලාගෙන ඉදියා එවිට මට මතක් වුනේ හැමදාම පාක් එකට වෙලා ඈත දිහා බලාගෙන කල්පනා කරන කෙනා නේද කියලා මම ගොඩක් වෙලාවට පාක් එකට යන නිසා එයාව දැකලා තිබුනා
එයාට තිබුණේ ආඩම්බරකාර පෙනුමක් දිලිසෙන ඇස් දෙකක් හිනාවෙනකොට වල ගැහෙන කම්බුල් එයාට එකතු කලේ කියුට් පෙනුමක් ඒත් මම එයා හිනා වෙනවා දැකලා තියෙන්නේ එකපාරක් හෝ දෙපාරක් වගේ තමයි සැක් නමක් ගමක් දන්නේ නැති මනුස්සයෙක් ගැන මම මොකටද මෙච්චර කියවන්නේ අඩුගානේ මං ගැනවත් කිව්වේ නැ නේ
මම කේශානි දිනෙත්මා හැමෝම කතා කරන්නේ දිනූ කියලා තව නම් ගොඩක් තිබුනත් ඒවා කටක් ඇරලා කියන්න පුලුවන් ඒවා නෙවෙයි සිරි ලංකන් යක්ඛ දියනියක් ගැම්මක් තමයි ඉතින් හූම් මම සෝස මලක් වගේ අහිංසක සුකුමාල කෙල්ලෙක් ආයේ ඉතින් ලෝකෙටම එකයි Seoul National University එකේ අවසන් වසරේ ආදර්ශමත් ගෞරවනීය ශිෂ්‍යාවක් අපේ සැට් එකේ අහිංසකම කෙල්ල මම කිව්වොත් හරි අනිත් උන් ඔක්කොම හෙන කුපාඩි වල් පැල ටිකක්
මගේ සුන්දර කතාවට බාධා කරමින් ෆෝන් රාජයා කෑගහන්න පටන් ගත්තා මේ වෙලාවට කෝල් කරන්න ඉන්නේ එක්කෙනයි
" ඔම්මා.."
" ඔම්මා.. තොට ඔම්මා පෙන්නනෝ තෝ කොහෙද යකෝ ඉන්නේ ඉන්න තැනකින් ගෙදර වරෙන් දැන් වෙලාව කීයද උබ මෙච්චර වෙලා දනගානවාද යේශිකයෝ "
කන ලෙෆ්ට් වුනා වගේ ස්වභාවයක් දැනෙනවා
" ඔම්මේ බොමුත සීතල වතුර වීදුරුවක් "
" වරෙන් ගෙදර තොට වතුර පොවන්න "
" විනාඩි පහෙන් මම ඔතන "
" විනාඩි පහෙන් එන්න තොට පියාබන්න පුලුවන් ද "
" හරි හරි ඔම්මේ මම එන්නම් "
"වරෙන් ඉතින් "
ඔම්මා එහෙම කියලා ෆෝන් එක තිබ්බා ඒ තමයි අපි සෙට් එකේ හිටිය වැඩි එකා එයාගේ නම යොමාලි අපි ඔක්කොම ඔම්මා කෙනෙක් වගේ බලාගන්න නිසා තමයි ඔම්මා කියලා කතා කරන්නේ ඔම්මා මට වඩා අවුරුදු තුනක් වැඩිමල් ඔම්මාට බොයිපෙන් කෙනෙක් ඉන්නවා කොල්ලා හෙනම හැන්ඩියා ඔම්මා වැඩ කරන තැන බොස්ගේ පොඩිම මල්ලී කියලා තමයි අපිට කිව්වේ ඔම්මා බොස්ව අල්ලගන්නේ නැතුව බොස්ගේ පොඩිම මල්ලීව අල්ලාගෙන තියෙන්නේ
මම ඔහොම ඇවිදගෙන යනකොට එකපාරට කකුල් පැටලිලා වැටෙන්න ගියා මම ඇස් දෙක පියාගත්තේ වැටුනා තමයි කියලා හිතාගෙන තත්පරයක් විනාඩියක් ගෙවිලා ගියා ඒත් මම වැටුනා කියලා දැනුනේ නැ පෘථිවියේ ගුරුත්වාකර්ෂනය ලෙෆ්ට් වෙලා ද මම හිමින් එක ඇහැක් ඇරලා බලනකොට දැක්කේ මගේ මූනට එබිලා ඉන්න ඩිම්පල් බෝයිව මම ඇස් දෙකම ඇරලා එයා දිහා බලාගෙන ඉදියේ ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක් දැක්කා වගේ එයාගේ දිලිසෙන ඇස් අතරේ මං අතරමං වෙනවා වගේ දැනුනේ ඒත් එයා මාව කෙලින් කරලා මොනාද ඇහුවත් මට ඒක ඇහුන් නැ
" Hey.. Are you ok..?"
එයා මගේ ඉස්සරහින් අත එහෙ මෙහෙ කරන ගමන් ඇහුවාම තමයි මම මේ ලෝකෙට ආවේ සැක් මොන වසවිලි ලැජ්ජාවක් ද මේ වුනේ අර යක්ෂ පැටව් ටික මේක දැනගත්තොත් මට මේ ලෝකේ වසන්න හම්බවෙන්නේ නැ අගහරු වල ජීවත් වෙන්න වෙන්නේ
" Y..yaa I'm fine.. thank you "
මම දත් තිස් දෙකම නියවලා ඔලුව නවලා ආචාර කරන ගමන් කිව්වා එයා එයාගේ ඩිම්පල් හිනාවෙන් මට සංග්‍රහ කලා හම්මෙව් ඒ හිනාව මගේ හාට්ටුව සලිත වෙලා මිලින වුනා වගේ ආකර්ශනීයයි
" I don't think you are from Korea..?"
" yes.. I'm from Sri Lanka.."
" Ohh I'm KIM NAMJOON and you..?"
" I'm KESHANI DINETHMA you can call me DINU.."
" Nice to meet you.."
" me too.."
එයා එහෙම කියලා අත් දික් කලාම මමත් ඩිම්පල් බෝයිට හිනාවකින් සංග්‍රහ කරන ගමන් අත දුන්නා
" මට පරක්කු වෙලා තියෙන්නේ නම්ජූන් මම යන්නම් පස්සේ හම්බවෙමු "
" ඔහ් හරි දිනූ පරිස්සමින් යන්න අනිවාර්යයෙන් ආපහු හම්බවෙමු "
මම එයාට හිනාවකින් සංග්‍රහ කරලා එතැනින් ඉක්මනට ආවා මම මොකටද ආපහු එයාව හම්බවෙමු කිව්වේ මොනා කරන්න ද ඩිම්පල් බෝයි මොනවා හිතන්න ඇති ද අයිෂ් ඇත්තටම මගේ කට හොදයි ඔම්මාගේ සෝස්පන් එකේ උලන්න මම වැලලෙන්න වලක් හොයන ගමන් ගෙදර ගියා ගෙදරට යනකම් වලක් හම්බුනේ නැ මම ගෙදර ගිහින් දොර අරිනකොටම උඩින් පාවෙලා ආවේ ඔම්මාගේ සුන්දර සෝස්පන් රාජයා හොද වෙලාවට පහත් වුනේ නැත්නම් ඔලුවට වදිනවා මම ඇතුලට යනකොට දැක්කේ ඔම්මා රෝලින් පින් එක අතේ තියාගෙන ඉන්නවා මේසේ උඩ ෆියෝ නැගගෙන ඉන්නවා පුටුවක කකුලක් අල්ලාගෙන හූනි ඉන්නවා ඔම්මාගේ අලුත්ම ප්ලේට් සෙට් එකෙන් එකක් අරගෙන පලිහ වගේ තියාගෙන වරා එහෙට මෙහෙට පනිනවා තියූ ඒ අතරේත් මේසේ යටට වෙලා මොනාද කනවා ටෙනූ ඉදගෙන ඔම්මාට චියර් කරනවා තව එකෙක් අඩුයි නේ කෝ මූ එතකොට තමයි දැක්කේ සෝෆා එකේ නිදාගෙන ඉන්න නිපූ අම්මපා මෙතන තුන් වැනි ලෝක යුද්ධය සිද්ධ වුනත් මේකි නිදාගනියි
මම ලග තිබුණු මල් වාස් එකේ මල් ටික අයින් කරලා නිපූ ලගට කිට්ටු වුනා කලින් කරපු සියලු කුප්ප වැඩ මතක් කරගෙන වාස් එකේ තිබුණු වතුර ටික හැලුවා ඒකි සෝෆා එකෙනුත් බිම වැටුනා
" බුදාම්මේ... කවුද යකෝ වහල හිල් කරපු එකා "
එහෙම අහන ගමන් නැගිටින්න ගියාම ආපහු ස්ටූල් එකේ වැදිලා බිම වැටුනා මම හිනා වුනා කොකාට වාරයක් එනවා නම් තිත්තයාට වාර සීයක් එනවා කියන නියමය සනාථ කිරීමට මම සමත් වුනා
" අහ්.. ඔම්මා.. දිනූ මගේ කොන්ද කැඩුවා ඔම්මා.. "
නිපූ කෑගහන්න පටන් ගත්තාම ඔම්මා රෝලින් පින් උස්සගෙන අපි හිටපු තැනට ආවා
" මොකද ඒ ගමන උබ කෑගහන්නේ ආ එකෙක් මගේ බනානා මිල්ක් ශේක් එක උස්සලා ඒක හොරකම් කරපු එකා හෙව්වේ මොකද දැන් තෝ මේ තෙමිච්ච පාත්තයා වගේ ඉදගෙන කෑගහන්නේ ආ තෝ දැන් ද ගෙදරක් කියලා එකක් තියෙනවා කියලා මතක් වුනේ මට නම් ඇත්තටම සැකයි උබ අපිට හොරා පෙම් කෙලිනවාද කියලා ෆියො බැහැපිය ගෑනියේ මේසේ උඩින් මම දැන් ටිකකට කලින් ඕක සුද්ද කලේ හූනි උබ මොකද බිම බිංකුන්ඩෝ ගනන් කරනවාද තෝ මොකද ඔය ප්ලේට් එක තියාගෙන පුලුවන් නම් ඕකත් කාපන් කෝ තියූ ඕකිගේ වැඩේ ලොලිපොප් කන එක තියූ වරෙන් මේසේ යටින් තෝ මොනාද ඔය කන්නේ බලපන් තොපි වගේ ද මේ පොඩි එකා මෙතන ඉන්න බාලම එකා ටෙනූ ඒ වුනාට ඒකි විතරයි හරියට හැසිරෙන්න දන්නේ තොපි හැසිරෙන්නේ අංගොඩින් පැනලා වගේ "
ඔම්මා කියවගෙන යනකොට මම අනිත් උන්ගේ මූනු දිහා බැලුවේ ෆියෝ මේසේ උඩ වාඩිවෙලා හූනි බිම ටයිල් වලට උණ හැදිලා කියලා බලනවා තියූ නම් කියන කිසිදෙයක් නෑහෙන ගානට කනවා නිපූ වහලේ තරු ගනිනවා ටෙනූ සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ හෙනම අහිංසක විදියට ඉන්නවා එතකොට සලාආංංංංං ගාලා සද්දයක් ආපු නිසා ඔක්කොම ඒ පැත්ත බැලුවා වරා අතේ තියාගෙන හිටපු ප්ලේට් එක බිම දාලා ඔව් මේ අවස්ථාවේ දී මා හට පෙනී යනවා ඔම්මාට කාලි මෑනියෝ ආරූඪ වීගෙන එන බව ඔව් ක්‍රීඩාලෝලී හිතවතුනි ආ පොඩ්ඩක් වැරදුනා ඔව් රීඩස්වරුනි මේ අවස්ථාවේ දී රෝලින් පින් එක අතැතිව කිචන් එක වෙත ඇදී යන ආකාරය පෙනී යනවා අපේ සෙට් එකේ එකෙක් අඩු වීමට ඇති සම්භාවිතාව 99.99999999999% වැඩි බව ෆියෝ පවසනවා මේ අවස්ථාවේ දී මේසේ උඩින් පැනගෙන වරා දුවගෙන යනවා ඔම්මා තියූගේ පශ්චාත් භාගයට රෝලින් පින් එකෙන් ප්‍රහාරයක් එල්ල කරන ආකාරය මා හට පෙනී යනවා
මේ අවස්ථාවේ දී ආරම්භ වන්නේ ගේ වටා දිවීමේ මහා තරගාවලියයි ඔව් මේ අවස්ථාවේ දී අපි කවුරුවත් බලාපොරොත්තු නොවුනු පරිදි හූනි නොහොත් සුහාගේ අන්ඩක පැටලිලා වරා බිම වැටෙනවා නිකන් නෙවෙයි මේසේ උඩ වාඩිවෙලා හිටපු ෆියෝගේ පාදයකින් ඇදගෙන වරාගේ ඇග උඩට ෆියෝ වැටුනේ බලාගෙන සිටි අප සැමගේ සිත් විනාඩි කිහිපයකට සසල කරමින්
" දෙයියනේ බබාහ්...ෆියෝ එහාට පලයන් මගේ බබාගේ ඇග උඩින් "
තියූ ෆියෝව තල්ලු කරන ගමන් කෑගහනවා
" ෆියෝ මොකද්ද යකෝ අනුන්ගේ ගෑනු බදාගෙන කරන්නේ "
ඒ සූහා
" තෝ කොහොමද යකෝ මගේ අක්කාට මෙහෙම දෙයක් කරේ තෝ මගේ අක්කාගේ වයිෆ් නේද මම තෝව මරනවා "
ඒ අපේ පොඩි එකී ටෙනූ
", ඕයි නිපූ උබේ හාල්කෑල්ල අපේ බබා රේප් කරන්න හදන්නේ මට මේව බලාගෙන ඉන්න වුනා නේ අයියූ මාව හොස්පිටල් එකට ගෙනිහින් දාන්න "
තියූ කෑගහනකොට නිපූ මගේ දිහා බැලුවා
" උබේ ගෑනි මගේ බබාව රේප් කරන්න හදනවා උබ මෙතනට වෙලා බලාගෙන හිටියාම හරි ද යකෝ "
" මගේ ගෑනි උබේ හාල්මේට් නේ ගිහින් බේරගනින් පලයෝ "
මම කිව්වාම නිපූ දුවගෙන ගියා ෆියෝ නැගිට්ටුවා
" බබාහ් මම කොහොමද බබා සමාජයට මුහුන දෙන්නේ ෆියෝ මාව රේප් කලා අයියූ මගේ පතිවත "
වරා නිපූ බදාගෙන අඩන්න පටන් ගත්තා තියූ අඩන ගමන් වරාගේ ඇදුමේ හොටු පිහිදනවා
" පතිවත කියන්නේ මොකද්ද ඉංග්‍රීසියෙන් කියපන් "
ඔය හදන්නේ පොඩි එකී අහගන්න තමයි
" හු#%&#@ &%## %&@@%*$# $$%%#% "
ෆියෝ අසභ්‍ය වචනෙන් පිලිතුරු දුන්නා
" ෆියෝ මම තවුසෙගෙන් ඩිවෝස් වෙනවා "
මම එහෙම කිව්වේ බොරුවට අඩන ගමන්
" ඔව් ලොකූ ඔයාට මේ වගේ චපල ස්ත්‍රියකින් වැඩක් නැ "
ටෙනූ කිව්වා
" එසේ කියන්න එපා දිනූ මම තොට ආදරෙයි මේකි කියන්නේ බොරු "
ෆියෝ කිව්වේ වරාගේ පැත්තට ඇගිල්ලක් දික් කරන ගමන්
" මම බොරු නෙවෙයි කියන්නේ හුවෑව් ඔම්මාහ් "
වරා කෑගහලා අඩනවා
" මාව ඕවාට ගාවගන්න එපා උබලාම විසදගනින් "
ඔම්මා එහෙම කියලා එතැනින් ගියේ සුවර් එකට එයාගේ බෝයිපෙන් එක්ක මලක් කඩන්න
" ෆියෝ..."
සුහා බෝනික්කෙක් වඩාගෙන වේදිකාවට පැමිනියා
" තෝ මොකද උට්ටියේ "
" මේ අපේ බබා ෆියෝ ඔයා කොහොමද මාව අනාථ කරලා ගිහින් තව කෙනෙක් එක්ක සතුටින් ඉන්නේ "
සූහා අඩන ගමන් කිව්වා
" යාහ්හ් සෝලෝ තවුසේ මෙහෙමයි කියලා හිතුවේ නැ '
" මුගේ බොරු උට්ටියේ තේරුම් ගනින් "
" අයියූ ඔම්මා මම තමුසෙව ගොඩක් විශ්වාස කලා ෆියෝ උබ ඇයි මට මෙහෙම කලේ මම යනවා වනගත වෙන්න "
" වනගත වෙන්න එපා දිනූ කැලේ ඉන්න සත්තු පව්'
ටෙනූ කිව්වාම මම රැව්වා කොහොමහරි ඔම්මා ඇවිත් තමයි වලිය බේරුවේ මේ වගේ සිද්ධියක් දවසට එකපාරක් හරි සිද්ධ වෙනවා හැමදාම එකෙක් ඔම්මාගෙන් සෝස්පන් පාරක් හරි රෝලින් පින් පාරක් හරි කනවා ඒක හරි සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ
මේ තමයි මගේ දෙවැනි පවුල කිව්වොත් හරි ඔම්මා තමයි වැඩිමල් ඊලගට මමයි සුහායි අපි දෙන්නා එක වයසේ සුහා මෙඩිකල් ෆැකල්ටි එකේ අවසන් වසරේ ශිෂ්‍යාවක් ඊලගට ෆියෝ තියූ වරා නිපූ හතර දෙනාත් එක වයසේ ෆියෝ ෆැෂන් ඩිසයිනින් ගැන ඉගෙනගන්නවා තියූ ලෝ කොලේජ් වරා කම්පැනි
.
Next Day Morning
Author Pov
උදේ ඔම්මාගේ කන් කලු වෙන වොයිස් එකට ඇහැරුනු දිනූ ඇස් දෙකත් අතින් පොඩි කරන ගමන් පහලට ගියා ඒත් එක්කම උසෙන් බෝල්ඩ්ගේ හැල්මොනී වැහිලා වගේ දුවගෙන ආපු තියූ දිනූගේ ඇගේ හැප්පිගෙන දුවගෙන ගියා තව පොඩ්ඩෙන් දිනූ ඩවුන් ද පල්ලම් තමයි ඉතින්
" තෝ මොකද දසුන්ගේ හැල්මොනී වැහිලා වගේ දුවන්නේ "
වැටෙන්න ගිහින් අනූ නවයයි තුන් කාලෙන් බේරුනු දිනූ ඇහුවා
" කුලප්පු වෙච්ච මී හරකෙක් නැ වැරදුනා මී එලදෙනක් දුවගෙන එනවා "
තියූ එහෙම කියලා දුවගෙන ගියා
" යාහ්හ් ඔහොම නැවතියන් දීපන් මගේ underwear එක "
ෆියෝ එහෙම කියාගෙන දුවගෙන ගියා ෆියෝ දිනූගේ ඇගේ හැප්පුනු පාර දිනූ කෙලින්ම පොලොව මහී කාන්තාව සිපගත්තා ඒත් එක්කම පිටිපස්සෙන් දුවගෙන ආපු සුහා දිනූගේ අන්ඩක පැටලිලා දිනූගේ ඇගට කඩාගෙන බිදගෙන වැටුනේ දිනූට අම්මා මුත්තා කිරිකිත්තා කිරි කෑ මුත්තාගේ හැල්මොනී මතක් කරන ගමන් සූහා වැටුනු නිසා යාන්තම් බ්‍රේක් ගහත්ත වරා කෙලින් වෙන්න උත්සාහ කරද්දී පිටිපස්සෙන් ආපු නිපු වරාට ඇගිල්ලෙන් තට්ටුවක් දාපු ගමන් සුහාගේ ඇග උඩට කඩාගෙන වැටුනා හැබැයි තනියෙන් නෙවෙයි ලග ඉදපු අහිංසක නිපුවත් ඇදගෙන
" නැගිටපන් යකෝ මගේ කොන්ද කඩන්නේ නැතුව "
ඔක්කොටම යට වෙලා ඉන්න දිනූ කෑගැහුවේ හුස්ම ගන්න බැරුව මෙතනම අවසන් ගමන් යන්න වෙයි කියන බය මුලු ගතම වෙලා ගනිද්දී
" බබාහ් ඔයා අන්තිමට නෑවේ කවද්ද "
ඒ අස්සේ වරා නිපූගෙන් අහනවා
" ඒක නම් සෑහෙන්න බොන ඕන පුරස්නයක් බබාහ් "
" තියූ මේකි අල්ලලා ආපහු නාවන්න ඕන යකෝ "
සුහා කිව්වා
" නාවගන්න එකෙක් පස්සේ නාවගනින් දැන් නැගිටපන් මගෙන් සුද්ද සිංහලෙන් අහගන්නේ නැතුව "
දිනූ කෑගහනකොට එකා එකා නැගිටලා එහාට වුනා
" ඔම්මා මගේ කොන්ද.."
දිනූ කොන්දත් අල්ලාගෙන කිව්වා
" දිනූ ඔයාගේ වයිෆ්ගේ underwear එක නැති වෙලා "
සුහා කිව්වා
" මුන් දෙන්නා මොනාහරි කරන වෙලාවක කොහෙටහරි විසි කරන්න ඇති දැන් හොයාගන්න නැ "
වරා කිව්වා
" කරා මගුලක් "
දිනූ එහෙම කියලා මැදගිල්ල පෙන්නුවා
" දිනූ උබේ ඇගිල්ල දිග වැඩියි ද "
නිපූ ඇහුවා
" ඇයි උබ කොට කරන්න ද "
දිනූ ඇහුවා ඒත් එක්කම ඇහුනු සද්දයක් හින්දා හතර දෙනා පහලට ගියා
" තොපි දෙන්නා මොකද උදේම මේ කෑගහන්නේ ආ ඉස්සෙල්ලාම මට කියපන් අර කුස්සියේ ටැප් එක ලග තියෙන සෝස පාට ටවල් එක කාගෙද කියලා "
ඔම්මා කෑගහනකොට ටෙනූ සේප් එකේ කුස්සිය පැත්තට ගියා
" ටවල් එකේ අයිතිකාරයා ගෝටා වගේ ගියා "
තියූ කිව්වා
" ටවල් එක නෙවෙයි ප#% මගේ සංකුට්ටා දීපන් ඉක්මනට මම දන්නවා ඒක ගත්තේ උබ කියලා දීපන් මාව මිනිමරුවෙක් කරගන්නේ නැතුව "
ෆියෝ මල් වාස් එකකුත් අතේ තියාගෙන කෑගැහුවා
" මම ගත්ත සෙද්දක් නැ යකෝ නිපූ ගැන දිවුරලා කියන්නේ "
" මට දැන්ම මැරෙන්න බැ යකෝ "
ෆියෝ අතේ තිබුණු මල් වාස් එක විසි කරපු පාර ඒක ගිහින් බිත්තියේ වැදිලා කුඩු වෙලා ගියා
" කාපන් කාපන් ගෙදර තියෙන ඔක්කොම බඩු කාපන් ඒක මගේ මිල්ක් හැල්මොනීගේ අක්කා බැදපු සීයාගේ මල්ලිගේ දුවගේ පුතාගේ මස්සිනා බැදපු නෑනාගේ අක්කාගේ හැල්මොනී මට දුන්නේ යකෝ තෝ ඒකත් කෑවා "
ඔම්මා කේන්තියෙන් කෑගැහුවා
" තොපි මෙහෙම ද යකෝ ගෙදරට එන මනුස්සයෙක් පිලිගන්නේ "
ඒත් එක්කම දොර පැත්තෙන් ඇහුනු කටහඩක් හින්දා හැරිලා බැලුවේ ලස්සන සුදු බෝල ගෙඩියක් වගේ කෙල්ලෙක් ඉනටත් අත් දෙක තියාගෙන ඉන්න අය දිහා බලාගෙන ඉන්නවා බැලූ බැල්මට අහිංසකයි කියලා හිතෙන පෙනුමක් ඇයට තිබුණේ
" නිනූ..."
දිනූ හිනා වෙවී කිව්වා
" ඔහ් නිනූ අක්කා "
" Welcome to korean Ninu.."
" රතිඤ්ඤා වෙනුවට මල් වාස්.. ම්ම් නයිස්.."
" නිනූ අක්කා බෝලේ වගේ වෙලා ෆුට්බෝල් ගහන්න හොදයි "
" මම එච්චර මහත නැ යකෝ "
ෆියෝ කියපු දේට නිනූ කිව්වේ
" ගනන් ගන්න එපා නිනු අක්කේ ශේක් උතුමානන්ගේ ප්‍රිය භාර්යාව නේ "
තියූ කිව්වාම ෆියෝ අංශක 100 ට රැව්වා
" තෝ මොකද නොකියාම හොල්මන වගේ කඩාගෙන පහත් වුනේ "
දිනූ ඇහුවා
" කියලා ආවා නම් සර්ප්‍රයිස් එකක් වෙන්නේ නැ නේ හැබැයි මම තමයි සර්ප්‍රයිස් වෙලා ඉන්නේ "
" මේකි ඕවා දන්නේ නැ නිනු අක්කේ "
ටෙනු කිව්වේ ටවල් එකත් කරේ දාගෙන
" තොගේ ද ටවල් එක ඊයේ හොදයි කියලා කිව්වා විතරයි ඔක්කොම ඉවරයි තොපි ඔක්කොම එකයි ආපහු ටවල් එක කිචන් එකේ තිබුනොත් නගර සභාවේ කුනු ට්‍රැක්ටරයට දෙනවා "
ඔම්මා කිව්වා
" මොනාද තොපි බලාගෙන ඉන්නේ ගිහින් ලෑස්ති වෙයල්ලා නිනූ ඔයා ගිහින් රෙස්ට් කරන්න හවසට ඇවිත් නිනූ එක්ක කතා කරන්න දැනටමත් තොපි පරක්කුයි ඉක්මන් කරපල්ලා "
ඔම්මා කෑගහලා කිව්වාම ඔක්කොම විසිරිලා ගියා ලෑස්ති වෙලා දිනූ තනියෙන් බස් හෝල්ට් එකට ගියේ නිපූ තියු ඩබලට උදේ ලෙක්චර්ස් නොතිබුනු හින්දා පරක්කු වෙලා එන්නම් කිව්ව හින්දා දිනූ බස් හෝල්ට් එකට වෙලා එහා පැත්තේ ඔෆිස් කිට් එකෙන් ඉන්න අක්කා කෙනෙක් දිහා බලාගෙන ඉදියා
ම්ම්ම් මරු කද...
දිනු හිතුවේ එහෙමයි ඒත් එක්කම ඇහුනු හෝන් එකක සද්දක් හින්දා දිනූ හැරුනේ හෝන් එක උඩ වාඩිවෙලා ඉන්න එකාට කනේ ඇගිලි ගහගන්න කියනවා කියලා හිතාගෙන වුනත් ඉන්න කෙනා දැක්කාම දිනූගේ කට දනහිස ලගට ඇරුනා full suit ගහලා තමන් දිහා පොඩි හිනාවක් එක්ක බලාගෙන ඉන්න නම්ජූන් දැකලා දිනූ වෙනම ලෝකෙක අතරමං වෙලා
" hey.. ඔයා කොහෙද යන්නේ..?"
" අපායට.."
දිනූ අසිහියෙන් කිව්වා මේ අවස්ථාව වන විට දිනූ අහිංසක නම්ජූන්ව ඇස් වලින් රේප් කරන බව නම්ජූන් දැනගෙන හිටියේ නැ
" මොහ්...?"
කොල්ලා කම්ෆියුස් වෙලා ඇහුවා ඕන් ඔය වෙලා තමයි දිනූ හොද සිහියට ආවේ
" අහ් මේ..මේ..මේ.."
දිනූ ගොතගහනවා කෙල්ලට දැන් යන්නේ ආවේ කොහෙටද කියලාවත් මතක නැ
" යුනි යන්න ආවේ.."
අන්තිමේ දී දිනු හෙන මොංගල් හිනාවක් දාගෙන කිව්වා නම්ජූන් කට කොනින් හිනාවක් දැම්මා දිනූට දැන් මෙතනම වලක් කපාගෙන වැලලෙන්න හිතිලා තිබුණේ
" මම යුනි එක ලගින් drop කරන්නම්..."
" අනියා ඔයා කරදර වෙන්න ඕන නැ මම බස් එකේ යන්නම්.."
" කරදරයක් නෙවෙයි නගින්න මම එක්කගෙන යන්නම්.."
නම්ජූන්ගේ බලකිරීම මත දිනූ නම්ජූන්ගේ කා එකට නැග්ගා දිනූ පැසෙන්ජර් ශීට් එකේ වාඩිවෙලා ගල් ගැහිලා වගේ ඉස්සරහ බලාගෙන ඉන්නවා නම්ජූන් කට කොනින් හිනා වෙලා දිනූගේ මූනට එබුනා නම්ජූන්ගේ උනුසුම් සුසුම් දිනූගේ මූනේ වදිනවා දිනූගේ හාට්ටුව බ්‍රේක් ඩාන්ස් දානවා දිනූ ඇස් ලොකු කරගෙන නම්ජූන්ගේ තොල් දිහා බලාගෙන ඉන්නවා
ඇයි මේකා මගේ මූනට එබීගෙන ඉන්නේ..? කුමක් හෝ දෙයක් සිදු වීමට යන බව මට වැටහෙනවා මූ මාව කිස් කරන්න ද හදන්නේ...මගේ ෆස්ට් කිස් එක අයියූ.. මම මොනාද මගේ වයිෆ්ව කියන්නේ..? ඒකිට මොනා කියන්න ද හැන්සම් කොල්ලෙක් නේ කමක් නැ ඒ තොල්.. හරි සුන්දරයි ආකර්ශනීයයි
දිනූ නම්ජූන් දිහා බලාගෙන හිතුවා නම්ජූන් සීට් බෙල්ට් එක දාලා එහාට වුනා දිනූ වේගෙන් ඇසිපිය ගහනවා වුනේ මොකද්ද කියලා කල්පනා කරනවා නම්ජූන් දිනූ දිහා බලලා ඇහැක් ගහලා drive කරන්න පටන් ගත්තා දිනූ තවත් කම්ෆියුස් වුනා ඒ වැඩෙන් යුනි එක ලගට එනකම් නම්ජූන්වත් දිනූවත් එක වචනයක්වත් කතා කලේ නැ නම්ජූන් සැරින් සැරේ දිනූ දිහා බැලුවත් දිනූ හිටියේ ශටර් එකෙන් එලිය බලාගෙන
යුනි එක ලගට ඇවිත් කා එක නවත්තලා නම්ජූන් දිනූගේ පැත්තට හැරුනා
" කුමාවෝ.."
දිනූ එහෙම කියලා වේගෙන් ගැහෙන හාට්ටුවත් අල්ලාගෙන කා එකෙන් බැහැලා යුනි එක ඇතුලට දුවගෙන ගියා නම්ජූන් හිනාවක් මූනේ රදවගෙන දිනූ යන දිහා බලාගෙන ඉදියා
.
At Night
" හයයි යකෝ හයයි...."
" ඕයේහ්... "
" අඩෝඕ අර අක්කා ලස්සනයි නේද බන් "
" ඔව් බන් මරු කද.."
" දැන් බෝල් කරන එකාගේ පුප බලාම්කෝ "
" පීච් වගේ නේත.."
දැන් මේ මොකද්ද වෙන්නේ කියලා බලනවා ඇති නේ මේන් මේකයි වෙන්නේ සුහා,වරා,ෆියො,දිනු,තියු, නිපු එකතු වෙලා ක්‍රිකට් මැච් එකක් බලනවා මුන් ටික ගෙදර දෙක වෙන්න කෑගහනවා ඔම්මා කටවහගෙන හිටියේ මුන්ට කියලා වැඩක් නැ කියලා අත්දැකීමෙන් දන්න නිසා
" අන්න යකෝ බදාගෙන බිම වැටුනා "
" අරු බෝලේ අතහැරියා නේද "
" ආන් කදවල්.."
" යසයි යසයි.."
" Bl සිත පිබිදුනා "
" අරූ මැරෙයිද බන් "
" හක්ක ලෙෆ්ට් වගේ "
සෙට් එක වරාගේ රූම් එකට වෙලා මැච් එක බලන වෙලේ ගෙදර බෙල් එක වැදුනා මේ රෑ මොකාද කඩාගෙන වැටුනේ කියලා කල්පනා කරන ගමන් දොර ලගට ගියා ඔම්මාගේ පිටිපස්සෙන් සෝස්පන් එකත් අරගෙන ටෙනූ ආවේ ආපු එකා හොරෙක් නම් හිතේ හැටියට අත දිග ඇරලා නෙලන්න බලාගෙන නිනූ පිහියක් අරගෙන ටෙනූගේ පස්සෙන් ආවේ ආත්මාරක්ෂාව සදහා
ඔම්මා දොර ලගට ගිහින් දොරේ ලොක් එක කරකවනකොට ටෙනූ ගහන්න ලෑස්ති වෙනවා නිනූ පිහිය අමෝරාගෙන බලාගෙන ඉන්නවා ඔම්මා දොර ඇරියාම ටෙනූ ගිහින් ආපු එකාගේ මූන සමතලා වෙන්න නෙලනවා ඊට කලින් ඔම්මා ටෙනූව අල්ලගත්තේ නැත්නම් ඔම්මාගේ හැන්සම් බෝයිපෙන්ගේ මූන රොටියක් වගේ සමතලා වෙලා ඇද වෙලා යන නිසා
" ඔයා මොකද මේ වෙලාවේ "
ඔම්මා ඇහුවේ ජන්කූක් දිහා බලාගෙන ජන්කූක්ගේ පිටිපස්සේ තව කිහිපදෙනෙක් හිටියා
" මේකයි බබා වුනේ අපි පොඩි ගමනක් ගිහින් එනකොට වාහනේ කැඩුනා මේ ලගදී ඉතින් මම කිව්වා ඔයාගේ ගෙදර ලග තියෙන්නේ අපි එහේ යමු කියලා ඔයලාට අපි ආපු එක කරදරයක් නෙවෙයි නේ "
ජන්කූක් අහිංසක බනී හිනාව දාලා ඇහුවාම ඔම්මාත් හා කිව්වා ලු ඔම්මා ඔය ජන්කුක්කාගේ හිනාවට රැවටිලා තමයි කැමති වෙලා තියෙන්නේ ඔම්මා හැමෝටම ඇතුලට එන්න කිව්වා
" මොකද බබා මෙච්චර සද්දේ "
ජන්කූක් ඇහුවේ මැච් එක බලන සෙට් එකගේ සද්දේ ඇහෙන නිසා
" කුකී එයාලා මැච් එකක් බලනවා "
" ඔහ් හියුන්ග්ලා මේ ඉන්නේ යොමා මගේ යොංජාචිංගු "
ජන්කූක් ඔම්මාගේ ඉනෙන් අල්ලාගෙන ලගට ගන්න ගමන් කිව්වා ජන්කූක්ගේ හියුන්ග්ලා හය දෙනා හිනා වෙලා ඔම්මා දිහා බැලුවා
" බබා මේ මගේ හියුන්ග්ලා "
ජන්කූක් එහෙම කියලා එයාගේ හියුන්ග්ලා ටික අදුන්වලා දුන්නා
" අපේ එවුන් දිනනවා බන් "
" ඔව් යකෝ අපි දිනනවා තමයි "
" දැන් අරුන් ඉන්නේ මකබෑවිලා පලයන් කියලා විස් කොලාම්.."
" අන්තිමට උඩ පැනපු එකාගේ පුප මරු ඈ.."
" ඉක්මනට ගිහින් බඩට මොනාහරි දාගෙන එමු "
මැච් එක බලමින් හිටපු පස් දෙනා එහෙම කියන ගමන් පහලට ආවා ඒත් එක්කම ගල් ගැහුනේ පහල ඉන්න සෙට් එක දැකලා
" කවුද බන් මේ.."
" කූ අප්පාත් ඉන්නවා "
" කූ අප්පාගේ කවුරුහරි වෙන්න ඇති බන් "
" අපි කියපුවා ඇහුනා ද දන්නේ නැ "
" ප්‍රශ්නයක් නැ යකෝ ඇහුනත් අපි සිංහලෙන් නේ කතා කලේ උන් සිංහල දන්නේ නැ "
දිනූ ඇස් දෙකත් පොල් සයිස් කරගෙන බලාගෙන හිටියේ නම්ජූන් දිහා
නම්ජූන් කියන්නේ කූ අප්පාගේ කවුරුහරි ද..?
" හායි කූ අප්පා.."
වරා අත වනලා හායි කිව්වා
" හායි වරා.."
" ඇයි උබට අප්පා කියන්නේ උබට කොහොමද මෙච්චර ලොකු ලමයි ඉන්නේ "
ටේහ්‍යුන් එහෙම ඇහුවා
" මෙයාලා යොමාට කියන්නේ ඔම්මා කියලා ඒක නිසා මට අප්පා කියනවා කොටියෝ "
ජන්කූක් රවාගෙන උත්තර දුන්නා ඊට පස්සේ කෙල්ලෝ ටික එයාගේ හියුන්ග්ලාට අදුන්වලා දුන්නා ජන්කූක් එයාගේ හියුන්ග්ලා දෙවැනි පාරටත් හදුන්වා දුන්නා
" මැච් එක පටන් ගත්තා වරෙල්ලා.."
සුහා කෑගැහුවාම අනිත් හතරදෙනා දුවගෙන ගියා
" දැන් ඉතින් කනක් ඇහිලා ඉදලා හමාරයි "
ඔම්මා කිව්වා ඒඔක්කොම අතරේ නිනූ ජින් දිහා බලාගෙන මනෝපාරක් ගහනවා මේ අවස්ථාව වන විට නිනූ ජිනයියා මැරි කරලා හනිමූන් යන ගමන් ඉන්නේ
" මොකද්ද යකෝ මුන් කරන්නේ..."
" ලකුණු පූජාවක් වගේ බන් "
" මොන උට්ටක් ද යකෝ බෝල දෙකට ලකුනු දහයයි බෝල් කරන එකාට ඇහැක් ගහපු කද හොයපන් "
" මුගේ හැල්මොනීට හාල් ගරන්න අල්ලපන් බේසමෝ "
" මුන් ආතල් ගන්නවාද බන් "
" ෆ්‍රිජ් එකේ තියෙන අයිස්ක්‍රීම් එකයි හැදි පහකුයි අරගෙන වරෙන් "
" දැන් මම ද ගේන්න ඕන "
දිනූ දිහා බලාගෙන ඉන්න නිසා දිනූ එහෙම ඇහුවා
" ඔව් උබ ගෙනෙන්.."
" මොන උට්ටක් ද "
දිනූ බනින ගමන් අඩිය පොලොවේ ගහන ගමන් කිචන් එක පැත්තට යනකොට දැක්කේ නිකටට අත තියාගෙන ඉන්න නිනූ කොහෙද බලාගෙන ඉන්නේ කියලා බැලුවේ එතකොට තමයි දැක්කේ ඔම්මා එක්ක කතාවක ඉන්න ජින් දිහා තමයි නිනූ බලාගෙන ඉන්නේ කියලා
" කොහෙද බලාගෙන ඉන්නේ "
" ජින් දිහා එයා ලස්සනයි සුරදූතයෙක් වගේ "
" ම්ම්ම් ඔක්කොටම වඩා තොල් ලස්සනයි "
දිනූ එහෙම කිව්වාම තමයි මෙච්චර වෙලා ජින්ගේ ලෝකේ තනිවෙලා ඉදපු නිනූ මේ ලෝකෙට ආවේ
" යාහ්හ් කටවහගෙන පලයන් උබ මොකටද එයාගේ තොල් දිහා බලන්නේ "
නිනූ කෑගහනකොට දිනූ හිනා වෙවී කිචන් එකට ගියා දිනූ ෆ්‍රිජ් එක ඇරලා අයිස්ක්‍රීම් එක අරගෙන අනිත් පැත්ත හැරෙනකොට දිනූගේ නහය තඩි පර්වතයක හැප්පුනා
" කවුද යකෝ පාර මැද කනු හිටෙව්වා හිපාටුවා ඌට ජීවිතේට කෙල්ලෙක් සෙට් වෙන්න එපා සෝමාලියන් හිගන්නා මගේ අහිංසක නාස් පොල්ල කැඩුනා ද මන්දා "
දිනූ නහය අතගාන ගමන් ඔලුව ඉස්සුවාම තමයි තේරුනේ කනුවක නෙවෙයි හැප්පුනේ නම්ජූන්ගේ ඇගේ හැප්පුනේ කියලා
මූ ගල් ගිලලා ද යකෝ මෙච්චර හයිය සිමෙන්ති කාලාද දන්නේ නැ...
" මියානේ ඔයාට රිදුනා ද..?"
නම්ජූන් අහිංසක විදියට අහද්දී දිනූ නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා දිනූ නහය අල්ලාගෙන හිටපු නිසා නම්ජූන් කෙල්ලගේ අතේ තිබුණු අයිස්ක්‍රීම් එක කිචන් එකේ කවුන්ටරේ උඩින් තිබ්බා දිනූ නහය වහගෙන ඉදපු අත අයින් කරපු නම්ජූන් කෙල්ලගේ මූනට එබුනා දිනූ අඩියක් පිටිපස්සට තිබ්බාම කෙල්ල ෆ්‍රිජ් එකේ දොරේ වැදුනා නම්ජූන් දිනූගේ දෙපැත්තෙන් අත් දෙක තියලා එයාගේ මූනට එබුනා නම්ජූන්ගේ එක අතක් දිනූගේ කම්බුලේ රැදුනේ ආයාසයකින් දිනූගේ හාට්ටුව මේ වෙලාවේ අංගොඩ රෝහල වගේ වෙලා තිබුණේ දිනූ ඇස් පියාගනිද්දී නම්ජූන් කෙල්ලගේ නහය මතින් එයාගේ තොල් තියලා පොඩි කිස් එකක් දුන්නා ඒ කරපු වැඩෙන් දිනූට දැනුනේ එයාගේ ඇග ඇතුලේ සමල්ලු පියාබනවා වගේ කශේරුව දිගේ සීතලක් ගලාගෙන යනවා වගේ දිනූගේ කම්බුල් රතු වෙලා තියෙන විදිය දැක්ක නම්ජූන් හිනා වුනා නම්ජූන්ට දැන්ම දිනූගෙන් ඈත් වෙන්න අදහසක් නොතිබුනු හැඩයි දිනූගේ ඇස් දිහා බලාගෙන ඉදපු නම්ජූන් දිනූගේ තොල් වලට බර වෙන්න හදනකොට ඒ ලස්සන මොහොත විනාශයට පත් කරමින් ඇහුනේ ෆියෝගේ කන් කලු වෙන වොයිස් එක
" ඕයි දිනූ උබ අයිස්ක්‍රීම් හදනවාද "
ෆියෝගේ කටහඩට ගැස්සුනු දිනූ නම්ජූන් තල්ලු කරලා අයිස්ක්‍රීම් එක අරගෙන දිව්වා දිනූ දුවන දිහා බෙල්ල කසන ගමන් ඩිම්පල් හිනාවත් දාගෙන නම්ජූන් බලාගෙන හිටියා
" කෝ යකෝ හැදි අපි ඇගිල්ලෙන් ද කන්නේ.."
තියු ඇහුවේ දිනූ අයිස්ක්‍රීම් එක විතරක් උස්සගෙන ගියපු හින්දා
" හිටාම් මම ගිහින් හැදි අරගෙන එන්න "
වරා එහෙම කියලා රූම් එකෙන් එලියට ගියා විනාඩි කිහිපයක් ගත වුනත් වරා ආවේ නැති නිසා තියූ ගියේ වරා ගෙදරට ආපු අහිංසක කොල්ලෙක්ට මොනාහරි කරනවාද දන්නේ නැ කියලා හිතන ගමන් තියූ යනකොට වරා පඩිපෙලේ අත්වැටේ වැදිරියක් වගේ එල්ලීගෙන කාගෙදෝ දිහා බලාගෙන පැනි හලනවා වරාගේ ඇස් තියෙන්නේ කොහෙද කියලා බලාගෙන ගියපු තියූගේ ඇස් නැවතුනේ හැන්සම් කොල්ලෙක් ලග ඒ වෙන කවුරුවත් නෙවෙයි පෙට්ටි හිනාවකට හිමිකම් කියන කොටියෙක් වගේ හුරතල් කියුට් කිම් ටේහ්‍යුන්
ඒ අවස්ථාවේ දී තියූගේ යක්ෂයා ආරූඪ මොල රාජයාට කුනාටුවක් වගේ අයිඩියා එකක් පහල වුනා ටික පිටිපස්සට ගියපු තියූ වරාගේ පස්ස ඒම් කරලා පයින් ප්‍රහාරයක් එල්ල කරන ලදි තව පොඩ්ඩෙන් වරා පඩිපෙළ දිගේ බඩගාගෙන ගිහින් ටේහ්‍යුන්ගේ කකුල් ලග නවතින්නේ ඒත් වාසනාවක මහත කියනවා නම් වරාගේ කකුල කොහෙදෝ වැදිලා වරා කකුල අල්ලාගෙන අඩන්න පටන් ගත්තා ඒ පාර තියූ බය වුනා
" ලව්.. රිදෙනවා ද කොහෙද රිදෙන්නේ සොරි ලව්"
" යේශිකයෝ මගේ කකුල....... ඔම්මාහ්.. ලව් මගේ කකුල කැඩුවා ඔම්මාහ්.."
" කෑගහන්න එපා ලව් "
" ඔම්මාහ්...."
වරා කොච්චර කෑගැහුවත් වැඩක් නැ මොකද මේ අවස්ථාවේ දී ඔම්මා කූ අප්පා එක්ක ප්‍රේමයෙන් වෙලිලා ඉන්නේ දැන් ඉතින් ලෝකේ පෙරලුනත් ඔම්මා දන්නේ නැ තියු කෑගහන වරාවත් එක්කගෙන රූම් එකට ගියා පැනපු ගමන් ෆියෝ හැන්දක් උදුරලා ගත්තේ මෙච්චර වෙලා අයිස්ක්‍රීම් ඇගිල්ලෙන් කෑව නිසා
" මූට මොකද්ද වෙලා තියෙන්නේ මොකද පාත්තයෙක් වගේ ඇවිදින්නේ.."
දිනූ ඇහුවේ වරා දිහාට තියුනු බැල්මක් දාලා
" මුන් දෙන්නා මම නැතුව සෝක් නයිටක් ගහලා හුවෑව් ඔම්මාහ්.."
" වහපන් කට බේසික පැටියෝ උබේ අග්න්‍යාශය පේනවා.."
" ලව් වාඩිවෙන්න "
දිනූව පැත්තකට තල්ලු කරපු තියූ වරාව වාඩිකලා වැඩිදෙයක් වෙලා තිබුණේ නැ වරාගේ කකුලේ සූති ඇගිල්ල වැදිලා ඒක නිසා කෑගැහුවේ
" අර තට්ට සිරා දිනූට අත වනනෝ.."
" ගහප් තොට පයින්..ඒ මොන කෙසෙල් හිපාටුවෙක් ද "
" දැන් පෙන්නුව අක්කාගේ ලිප්ස් ලස්සනයි බන් "
" අවුට් යකෝ අවුට්.. "
" ඕයේ හේ.."
" උගේ පුපට පුලුන් පුරවන්න ඕන බන් දිනූගේ වගේ ලෑලි පස්සක් තියෙන්නේ "
" මගේ ගෑනිම මට අපහාස කරන්නේ "
දිනූ මූන දෙල් කරගෙන කිව්වා මැච් එක බලන අතරේ ඉන්න ලස්සන කෙල්ලෝ දිහා බැලුවා අන්තිමේ දී මැච් දින්නා නිසා කස්ටිය ඇද උඩ උඩ පැනලා වරාගේ ඇදත් කඩලා නැවතුනේ
" ඔම්මාහ්...."
තියූ කෑගහගෙන ගිහින් ඔම්මාගේ කරට පැන්නා ෆියොත් ඔම්මාගේ ඇගට පැන්නාම ඔම්මා කූ අප්පාගේ අතින් අල්ලාගෙන බිම වැටුනා අනිත් පැත්තෙන් දුවගෙන ආපු දිනූ පොලොව බදාගත්තේ නිනූ දාපු කකුල් මාට්ටුවක් හින්දා දිනූ වැටුනේ තනියෙන් නෙවෙයි නම්ජූන් පෙරලගෙන නිනූ දාපු කකුල් මාට්ටුව නිසා දිනූ පාවෙන පීරිසියක් වගේ ගිහින් නම්ජූන්ගේ ඇග උඩට
" Ohh my virgin eyes "
ටෙනූ එහෙම කියලා අත් දෙකෙන්ම ඇස් වහගත්තා නම්ජූන් පෙරලගෙන වැටුනු පාර දිනූගේ තොල් නම්ජූන්ගේ තොල් උඩ නැවතුනේ
" ජෙයියනේ දිනූගේ ෆස්ට් කිස් එක නේද "
" ඒක කිස් එකක් වෙන්නේ කොහොමද "
" ඇයි යකෝ දිනූගේ තොල් නම්ජූන් ඔප්පාගේ තොල් එක්ක ගෑවුනා ඒක කිස් එකක් තමයි "
" දිනූගේ ෆස්ට් කිස් එක හොරකම් කලේ නම්ජූන් හියුන්ග් ද.."
" අපේ හියුන්ග්ටත් අන්තිමේ දී flowerසරා විද්දා එහෙනම්..."
" දවසේ සුන්දරම දර්ශනය "
" මේ දෙන්නා මුලු රෑම මෙහෙම ඉන්න ද හදන්නේ "
" අපි දැන් mk..?"
කස්ටිය එක එක කතා කියද්දී දිනූ නැගිටලා එතැනින් දුවලා ගියේ සමාජෙට මුහුන දෙන්න බැරුව නම්ජූන් නැගිටලා බෙල්ල කසන්න පටන් ගත්තා
" නම්ජූන් හියුන්ග් ඔච්චර බෙල්ල කසන්න එපා තුවාල වෙයි "
ටේහ්‍යුන් හිනා වෙවී කිව්වාම නම්ජූන් ටේහ්‍යුන්ට රැව්වා
" අද ඔයාලා මෙහේ ඉන්න "
ඔම්මා කිව්වා
" තොපි ඔක්කොම බැහැපල්ලා කාමරවලින් එලියට "
" එතකොට අපි කොහෙද නිදාගන්නේ "
" තොපි සාලේ නිදාගනින් "
ඔම්මා කිසි හිතක් පපුවක් නැති ගානට කිව්වා
" අපිට රූම් දෙකක් ඇති ඔයාලා කරදර වෙන්න ඕන නැ "
ජින් අහිංසක හිනාවක් දාගෙන කියනකොට ඔම්මාගේ හිත වුනේ ප්ලාස්ටික් කෑල්ලක් වගේ ලු
" තොපි ඔක්කොම බැහැපිය සාලෙට අර රූම් එකට ගියපු එකීටත් එක්ක කියන්නේ "
" මොන හු#%#ක්ද යකෝ කියන්නේ ඒ මොකටද අපි එහෙම කරන්නේ "
" ඒක තමයි කොහෙවත් ඉන්න පතෝල හාල්මැස්සොන්ට මොකටද අපේ රූම් දෙන්නේ "
" ඔම්මා මේ කරන්නේ ලොකු වැරැද්දක් දන්ඩ නීති සංග්‍රහයේ 157 වැනි වගන්තියේ ආ කොටසට අනුව තමන්ගේ කාමරයෙන් බලහත්කාරයෙන් පලවා හැරීමට වසර දහයක සිර දඩුවමක් විදීමට සිදු වෙනවා.."
" මගේ රූම් එකේ ඉන්න එකාගේ වකුගඩුවක් උස්සනවා මම "
" මගේ රූම් එක නම් කොහොමත් දෙන්න බැ කිව්වොත් බෑම තමයි මුකුත් කියාගෙන එන්න එපා "
කෙල්ලෝ ටික විරෝධය ප්‍රකාශ කරනකොට ඔම්මා සෝස්පන් එක අතට ගත්තේ උබලා සාලේ නිදාගන්නවාද නැත්නම් පස්ස රත් වෙන්න සෝස්පන් පාරක් කනවාද කියලා අහන්න වගේ
" ඕක ඉතින් හැම වෙඩිමකටම අතට ගන්න ඕන ද"
" හරි අපි අපේ රූම්ස් පරිත්‍යාගය කරන්නම් මේවාට ගෙවන්න වෙයි අනාගත මිසිස් ජොන්..."
වරා කිව්වාම අනිත් කෙල්ලෝ ටිකත් වරාට එකග වුනා නිනූ දිනූට කතා කරන්න යද්දී නිපූ දිව්වේ එයාගේ රාජකීය කොට්ට රාජයා අරගෙන එන්න
" මොකද තොපි මෙතන කේක් ගෙඩි වගේ ඉන්නේ ගිහින් රූම් අස් කරපල්ලා "
" මොන වෙඩිමක් ද ඒ ගමන කියන්නේ "
",වේ අත පය නැද්ද "
" මුන් VIP ද් බන් "
",ඕන යකෙක් වුනත් මට අදාළ නැ ඕන නම් අස් කරගෙන නිදාගනින් නැත්නම් පලයන් "
ඔම්මා සෝස්පන් එක පෙන්නුවාම කෙල්ලෝ ටික කේන්තියෙන් හුස්මක් පහත දාලා ගියේ රූම් අස් කරන්න විනාඩි තිහකට විතර පස්සේ රූම් අස් කරලා සාලෙට ආවා එතකොට මධ්‍යම රාත්‍රිය උදා වෙලා තිබුණි කොල්ලෝ ටික හිනා වීගෙන එතැනින් යනකොට ටෙනූ මල් වාස් එක අතට ගත්තේ එකෙක්ගේ හරි ඔලුව කුඩු කරන්න බලාගෙන වුනත් සියල්ල අසාර්ථක වුනේ දිනූ ටෙනූව අල්ලගත්ත නිසා
" මාව අතහැරපන් දිනූ මම අරුන්ගේ එකෙක්ගේ හරි ඔලුවට කුඩු වෙන්න ගහනවා තොපිට නම්බුවක් නැති වුනාට මට තියෙනවා යකෝ අතහැරපන් මට ගහන්න ඕන "
" උන් ගිහින් ඉවරයි ටෙනූ "
සුහා කියනකොට දිනූ ටෙනූව අතහැරියා
" ඇයි බන් මේකි නැති දෙයක් ගැන කියලා අඩන්නේ "
" ඒකි හිතාගෙන ඉන්නේ තාම ඒක තියෙයි කියලා "
" මොකද්ද යකෝ ඒක කිව්වේ "
වරාගෙයි නිපූගෙයි කතාව අහගෙන හිටපු ෆියො හෙනම කුප්ප හිනාවක් දාගෙන එහෙම ඇහුවා
" දැන් නිදාගමු යකුනේ නිදිමතයි "
වරා එහෙම කියලා සෝෆා එකට පැනලා ගෙම්බා පොලේ ගැහුවා වගේ නිදි අනිත් අයත් වැටුනු තැන් වල නිදි උදේට ඇහැරිලා කොල්ලෝ ටික මුන් නිදාගෙන ඉන්න දැක්කොත් අනිවාර්යයෙන් සසර කලකිරෙනවා
.
After one month
මාසයක් ගෙවිලා ගියේ හිතාගන්න බැරී වේගයකින් කොල්ලෝ ටික එදායින් පස්සේ නිතර නිතර ඔම්මාලාගේ ගෙදර එන්න ගත්තා එයා ආවා කියන්නේ ඉතින් තුන්වැනි ලෝක යුද්ධය පටන් ගත්තා වගේ තමයි කොයිවෙලෙත් කෙල්ලෝ ටික එක්ක රන්ඩු වෙන හින්දා ඔම්මාටයි ජිනයියාටයි එපා වෙලා තිබුණේ රන්ඩු බේරලාම ඒක නිසා ඕන මැරුනත් බලන්නේ නැ කියලා හිතාගෙන ඔම්මායි ජිනයියායි පැත්තකට වෙලා හිටියා ඔක්කොම තම තමන්ගේ වැඩ එක්ක බිසි වුනා ගෙවුණු මාසය ඇතුලත දිනූයි නම්ජූන්යි ගොඩක් ලං වුනා දෙන්නා අනිත් අයට කොලේ වහලා නිතර නිතර හම්බුනා
" කෝ ඔය බැලුම් බෝල ටික දීපන් ගෑනියේ ලොලිපොප් එකක් කටේ ගහගෙන එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නේ නැතුව "
" සුහා කෝ මෙතන තිබුණු බටර් එක තමුසේ ඒක කෑවා නේද දැන් මම කේක් එකට දාන්නේ තමුසෙවද "
" පොඩ්ඩක් දකුනට නැ නැ වමට නැ දකුනට.."
" කෝ යකෝ මෙතන තිබුණු ටේප් ටික "
" ඕයි ඔය සෙලෝටේප් එක විසි කරපන් "
" යාහ්හ් යුංගියා නැගිටපන් මිනිහෝ මේ සාමය සතුට පිරි දිනූගේ උපන්දිනේ දවසේ මගෙන් කොරියන් වලින් සුද්ද කුනුහරප ටිකක් අහගන්නේ නැතුව නැගිටපන් යකෝ උබේ කන් ඇහෙන්නේ නැද්ද "
" ටෙනූයි නිනූයි එක්ක දිනූ එන්න කලින් ඔක්කොම ලෑස්ති කරන්න ඕන ඉක්මන් කරපල්ලා.."
දැන් බලනවා ඇති මේ මොකද්ද වෙන්නේ කියලා අද දිනූගේ හෙලකුට්ටන් ඩේ එක ඒ නිසා දිනූට සර්ප්‍රයිස් පාටියක් එකක් ලෑස්ති කරනවා කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටිකයි බරටම වැඩ ඊට වඩා ඉතින් රන්ඩු වෙන එක තමයි කරේ නම්ජූන් බැලුම් බෝල විශාල සංඛ්‍යාවක් පුපුරපු හින්දා ජින් කොල්ලාට බැන්නා ඒක නිසා නම්ජූන් පැත්තකට වෙලා හිටියා
කොහොමහරි හවස් වෙද්දී මුලු ගේම සරසලා ඉවර කරලා කට්ටිය ඔක්කොම තැන තැන වැටුනා එයාගේ සරසලා ගෙදර හැඩ බැලුවේ හරි සතුටින් ඒත් එක්කම ඔම්මාගේ ෆෝන් එකට මැසේජ් ආවා
" දිනූ එන ගමන් ලු කට්ටිය ඔක්කොම ලයිට්ස් ඕෆ් කරලා හැංගෙන්න "
ඔම්මා කියනකොට කස්ටිය ගිහින් හැංගුනා වරා ෆියො ටේහ්‍යුන් සෝෆා එක පිටිපස්සේ හැංගුනා ඔම්මායි කූ අප්පාව පොත් රාක්කේ පිටිපස්සේ හැංගුනා තියූ නිපූ ජිමින් යුංගි පඩිපෙළ අස්සේ හැංගුනා ජින් සුහා කබඩ් එක පිටිපස්සේ හැංගුනා හෝසොක් නම්ජූන් බිත්තියකට මුවා වුනා විනාඩි කිහිපයකින් දිනූ දොර ඇරගෙන ඇතුලට ආවා
" කෝ යකුනේ මේ ගෙදර මිනිස්සු කට්ට කරුවලයි හොල්මන් ඉන්නවා ද මන්දා "
දිනූ එහෙම කියන ගමන් කරුවලේ ගිහින් ලයිට්ස් ඔන් කලා ලයිට්ස් ඔන් කරාම දැක්ක දේ හින්දා දිනූ පුදුම වුනා මුලු ගේම සරසලා බැලුම් බෝල වලින් දිනූගේ ෆොටෝ හැමතැනම එල්ලලා බිත්තියේ ලොකුවට ගහලා තිබුනා
✨️𝖧𝖺𝗉𝗉𝗒 𝖡𝗂𝗋𝗍𝗁𝖽𝖺𝗒 𝖣𝖨𝖭𝖴......🎈🎊️
දිනූගේ ඇස් සතුටින් දිලිසෙද්දී කෙල්ලගේ ඉස්සරහට නම්ජූන් ආවා
" යාහ්හ් නම්ජූන් ඔප්පා මොකද්ද කරන්න හදන්නේ "
වරා හිමින් ඇහුවේ මෙහෙම දෙයක් එයාලගේ පිටපතේ තිබුණු නැති නිසා
" පොඩ්ඩක් කටවහගෙන බලාගෙන ඉන්නවා "
ටේහ්‍යුන් වරාට කිව්වාම වරාට ටේහ්‍යුන්ගේ ඔලුව සමතලා වෙන්න අනින්න හිතුනා දිනූ නම්ජූන් දිහා බලාගෙන ඉදියේ නම්ජූන් අහිංසක හිනාවක් එක්ක දිනූ ඉස්සරහ දන ගහලා සාක්කුවෙන් මුද්දක් අරගෙන දික් කලා ඔක්කොම කම්ෆියුස් වෙලා බලාගෙන හිටියේ නම්ජූන් පිටපතෙන් පිට වැඩ කරනවා කියලා හිතන ගමන්
දිනූ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව නම්ජූන්ගේ මූන දිහාත් මුද්ද දිහාත් බලනවා
" Will you marry me..?"
නම්ජූන් හිනාවක් එක්ක ඇහුවාම දිනූගේ ඇස් එලියට පනින්න තරම් ලොකු වෙලා
" ම්ම් දිනූ ඔයා පාක් එකේදී මාව දකින්න කලින් තමයි මම ඔයාව දැක්කේ ඔයාව බලන්න තමයි මම පාක් එකට ආවේ ඔයා ආපු නැති දවස්වලට මම බලාගෙන ඉදලා ගිහින් තියෙනවා ඔයාත් මගේ දිහා හොරාට බලාගෙන ඉදියා කියලා මම දන්නවා "
නම්ජූන් එහෙම කියනකොට දිනූට පොලොව පලාගෙන යන්න නොහිතුනාම නෙවෙයි දිනූ මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ නම්ජූන් දිහා බලාගෙන හිටියා කියලා කොල්ලා දන්නේ නැ කියලා
" කවදාවත් මම කෙල්ලෙක් ගැන හිතලා නැ හිතන්න මට ඕන වුනේ නැ ඒත් ඔයා ඒ හැමදේම වෙනස් කලා දිනූ ඔයාගේ හිනාව මට කොයිවෙලෙත් මතක් වුනා මට තේරෙන්නේ නැ මම මොනාද කියන්න ඕන කියලා ඒත් මම එක දෙයක් දන්නවා සරන්හේ දිනූ "
දිනූට දැන් හාර්ට් ඇටෑක් වගේ හාර්ට් පේශන් කෙනෙක් නම් දැනටමත් දිනූ ලෙෆ්ට් වෙලා දිනූ මොකද්ද කියන්න ඕන කියලා කල්පනා කරනවා මෙච්චර දවසක් එයා හිතින් ආදරේ කරපු එයාගේ ඩිම්පල් බෝයි එයාට ආදරෙයි කිව්වා
" නාදු සරන්හේ නම්ජූන්...."
දිනූ මූනත් රතු කරගෙන කිව්වා නම්ජූන් එයාගේ ඩිම්පල් හිනාවක් දාගෙන ring එක දිනූගේ ඇගිල්ලට දැම්මා නම්ජූන් දිනූව තදින් වැලදගත්තා
" කෝ යකෝ කිස් එක "
මෙච්චර ඔක්කොම බලාගෙන හිටපු ෆියෝ කෑගැහුවේ ලයිව් කිස් සීන් එකක් බලන්න නැති වුනු වේදනාවෙන්
" පස්සේ කිස් කරගනින් ඉස්සෙල්ලාම මේ කේක් එක කපපන්.. සෙද්ද තියූගෙන් මේ කේක් එක බේරගන්න වෙනම ගේමක් ගහන්න වුනා "
ඔම්මා කිව්වේ කුස්සියේ හංගලා තිබුණු දිනූගේ bd කේක් එක අරගෙන එන ගමන්
" හියුන්ග්ට මල්සරා විද්දා එහෙනම්...."
ජිමින් කුප්ප හිනාවක් දාගෙන කිව්වා
" යකෝ මම තනිකඩව ඉදිද්දී පොඩි එවුන්ට ටික ඔක්කොම හවුල් ව්‍යාපාර පටන් ගනියි.."
ජින් එහෙම කිව්වා
" ඉතින් හියුන්ග් කෙල්ලෙක් හොයාගෙන පවුලක් temple එකක් වෙන්න තිබුනා නේ "
හෝසොක් කිව්වා
" තාම ගැලපෙන කෙල්ලෙක් හම්බුන් නැ "
ජින් කිව්වේ ඇස් කොනින් නිනූ දිහා බලන ගමන්
" යාහ්හ් තියූ ඇගිලි ගහන්න එපා යකෝ "
තියූ දිනූගේ කේක් එකට ඇගිල්ලෙන් ඇනලා කන්න හදනකොට ඔම්මා කෑගැහුවා
" කේක් එක කපපන් යකෝ වෙලිලා ඉන්නේ නැතුව අපි තාම පොඩි ලමයි "
" ඇත්ත සෝලෝ අහිංසක අපේ ඇස් දූසනය වෙනෝ මුන් හින්දා "
" අනේ යකෝ මේක කපපන් සෙද්ද අල්ලාගෙන ඉදලා අත් දෙකත් රිදෙනවා "
ඔම්මා කෑගැහුවා දිනූ ගිහින් ලදරමාගේ හැඩේට හදලා තිබුණු කේක් ගෙඩිය කැපුවා විතරයි තියූ පැනලා කෑවා ඊට පස්සේ එතැන කේක් ගෙඩිය බෙදාගන්න බැරුව නහිනවා ලදරමාගේ කනක් ගලවා අරගෙන ෆියෝ හපනවා
(ලදරමා කිව්වේ දිනූගේ ටෙඩියාගේ නම..)
" යකෝ ඕක රෙජිෆෝම්..."
ටෙනූ කිව්වාම ෆියෝ බෙල්ලත් අල්ලාගෙන කහින්න පටන් ගත්තා
" ඔම්මාහ්.. මම මැරෙන්න යන්නේ..අයියූ හුස්ම ගන්න බැ ඔම්මා මට කෘත්‍රිම ශ්වසනය දෙන්න කියාම්.."
" තෝ මැරෙන්නේ නැ යේශිකයෝ "
" මැරෙන්නේ නැද්ද..."
හැමෝම ගෙනාපු තෑගි දිනූට දුන්නා වරා තඩි කේක් කුට්ටියක් අරගෙන දිනූගේ මූන පුරා ඇතිල්ලුවේ දිනූගේ කෑගැහිල්ල මැද්දේ
" ම්ම් දිනූත් දැන් කේක් එකක් වගේ "
තියූ දිනූගේ තිබුණු අයිසින් ටික ඇගිල්ලෙන් අරගෙන ලෙවකෑවා
" යාහ්හ්හ් යක්ස පැටව් ටික මොකද්ද යකෝ මේ කරපු වැඩේ.."
දිනූ කෑගහනකොට නම්ජූන් දිනූගේ කම්බුල් වල තියෙන අයිසින් දිවෙන් ලෙවකෑවා
" මම යනවා යකෝ වනගත වෙන්න තවත් මේ නිවසේ ජීවත් වෙන්න බැ "
" වනයේ ඉන්න සත්තු පව් මෙහෙට වෙලා හිටු "
" කුකී මගෙත් එහෙම කරන්නකෝ.."
ඔම්මා කම්බුලේ අයිසින් ගාගෙන කිව්වා
" හියුන්ග්ට කියපන් අපිත් මෙතන ඉන්නවා කියලා "
" මේක දුර දිග ගියොත් 21+ ලයිව් බලන්න පුලුවන් ම්ම්ම් "
" රසද දන්නේ නැ එහෙම කනකොට "
කස්ටිය ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා කියලා කිසිම ගානක් නැතුව දිනූගේ කම්බුල් වල තිබුණු ඔක්කොම අයිසින් ලෙවකාලා දිනූගේ තොල් වලට බර වුනේ තනිකඩ හිත් වේදනාවට පත් කරමින්
" මුන් දෙන්නාව මෙහෙම්ම හනිමූන් යවමුත "
" අපිට ඉක්මනට පුංචිලා වෙන්න පුලුවන් වෙයි වgay "
" බලාම් ඒ කිස් එක ආදරනීයයි හැගුම්බරයි "
දිනූ ඇස් පියාගෙන නම්ජූන්ගේ හාදුව විදිමින් හිටියේ වටේ පිටේ වෙන කිසිදෙයක් ගානක් නැතුව ටිකකින් දිනූගේ තොල් වලින් ඈත් වුනා
" මම කාපු රසම කේක් එක "
නම්ජූන් යටි තොල දිවෙන් තෙත් කරන ගමන් දිනූට ඇහැක් ගහලා කිව්වා.
..... 𝖳𝖧𝖤 𝖤𝖭𝖣....
NamDinuJoon
𝖧𝖠𝖯𝖯𝖸 𝖡𝖨𝖱𝖳𝖧𝖣𝖠𝖸 𝖲𝖮𝖪𝖴.....🎊️🎈
ඔයා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයා ගොඩක් හොද ලස්සන හදවතක් තියෙන කෙනෙක් මට BTS හින්දා හම්බුනු වටිනාම කෙනෙක් ඔයා හැමදාම සතුටින් ඉන්න ඔයාට ගොඩාලියක් ආදලෙයි සොකූ 🥺❤️✨️
ඔයාගේ bd එකට මගෙන් පොඩි තෑග්ගක්
කතාව කියවලා හොදයි ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න
හැමෝම පරිස්සමින් ඉන්න
සරන්හේ 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top