පලමුවන දිගහැරුම

අද අපේ සෙට් එකේ එකෙක්ගෙවත් මූනු අහක බලාගෙන ගහපු බිත්තර ආප්පයක් වගේ මගෙත් ඇතුලුව ඒකට හේතුව කෙටියෙන්ම පැවසුවොත් අපේ යහපත් ගුනවත් එලිසෙබත් රැජින වගේ ඉන්න ප්‍රින්සිපල් මැඩම් උත්තමාවිය අපේ සහෝදර පාසලේ ක්‍රිකට් මැච් එක බලන්න යන්න අවසර දුන්නේ නැ බලන්න මිතුර කොයිතරම් කුරිරු අසාධාරණ සදාචාර විරෝධී ක්‍රියාවක් ද කියලා

" ඕයි විහා...!"

ඩෙස්ක් එකක් බදාගෙන දුකින් හූල්ලමින් ඉන්නකොට මගේ සවනට වැටුනේ මාගේ සුන්දර නිකලැල් පිවිතුරු නාමය කෙටි කර එක්තරා චපල ස්ත්‍රි පරානයක් කෑගහනවා මම ඔලුව උස්සලා ඒ පැත්ත බැලුවා

" කියහන්.."

මම නිකටත් අත තියාගෙන ඇහුවා

" අන්න අරුන් අපේ සහෝදර පාසලට කෙලිනවා ලු යකොව්...අපි නැති පාඩුව තමයි ඉතින් ඔය.."

අපේ සෙට් එකේ රොයිටර් පුවත්පත් සේවය නොහොත් මගේ අතිජාත පාප මිතුරිය සෙනාලි කිව්වා අපේ පාසල් සීමාවේ ගහක කොලයක් වැටුනාත් ඕකි දන්නවා

" උන් කීයක් ගහලා ද බන්.."

උලුදු වඩේ එකකට වග කියන ගමන් අපේ සෙට් එකේ කෑමදාස නොහොත් තිසුමි ඇහුවා ලෝක විනාසේ වුනත් කාලා මැරෙන්න ඕන කියන එක ආදර්ශ පාඨය කරගත් ජීවියෙක් තමයි තිසුමි කියන්නේ

" 157/8"

සෙනාලි කිව්වේ කටත් ඇද කරගෙන 

" හරි හරි බන් බය වෙන්න දෙයක් නැ ආදි වැඩේ දෙයි වගකීමෙන් කියන්නේ "

අපේ සෙට් එකේ මීටරේ වුනු සිතුමිනි ඒකිගේ කන්නාඩි කූට්ටම උස්සන ගමන් කිව්වා සිතුමිනි ගැන කිව්වොත් ඕකිට ගානක් දුන්නොත් ලූකා පැසියොලිගේ ආච්චි වැහිලා වගේ හදන්නේ

" අපිටත් මැච් එක බලන්න යන්න තිබුනා නම්.."

මම තොල් පිට පෙරලගෙන හුස්මක් පහත හෙලන ගමන් කිව්වා

" ඒක තමයි බන් කොහෙද මේ එලිසෙබත් රැජින එක්ක බැ නේ කරන්න.."

සෙනාලි එහෙම කියන ගමන් මගේ එහා පැත්ත පුටුවෙන් වාඩිවුනා

" අවුලක් නැ සුදෝ.. ඉස්කෝලේ ඇරිලා ගිහින් ඒ පැත්තට පොඩ්ඩක් ඇහැක් දාලා එමු "

සිතුමිනි ගැම්මෙන් කිව්වා

" සංස්කෘතියයි එකගයි.."

තිසුමි කිව්වා

" ප්‍රිංගනී මිස් එනවා.."

එලියේ හිටපු කෙල්ලෙක් කෑගහගෙන පන්තියට එනකොට අපි ඔක්කොම ගමන් සුවච කීකරු මල් වගේ සට සට ගාලා අපේ තැන් වලින් වාඩිවුනා ප්‍රිංගනී මිස් එක අතකින් වේවැලත් අරගෙන අනිත් අතින් පොත් ටිකත් අරගෙන පන්තියට ඇතුල් වුනා ප්‍රිංගනී මිස් තමයි අපිට accounting උගන්නන්න ඉන්නවා කියලා දෙන මෙලෝ හත්තිලව්වක් නොතේරුනත් තේරුනා ද කියලා ඇහුවාම ඔලුව වනන එක තමයි අපේ විදිය නැත්නම් ලගටම ඇවිත් කියලා දෙන්න ගියාම දන්න ටිකත් වාෂ්පීකරණය වෙනවා ඒ වගේම අපේ පන්තියේ එක්කෙනෙක්ට ඇරෙන්න අනිත් ඔක්කොටම ඇලජික් මිස් කෙනෙක් තමයි මිසිස් ප්‍රිංගනී පලිහවඩන කියන්නේ

හැමෝම ගැන කිව්වාට මම මං කවුද කියන්න කිව්වේ නැ නේ මගේ නම කිනුරි විහංගා සේනානායක කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක 12 ශ්‍රේණියේ ඉගැනුම ලබන අහිංසක ඇවිදින බෝ පැලයක් වන් දියනියක් මගේ ආදරනීය පියානන් වෘත්තියෙන් නීතිඥවරයෙක් එතකොට මගේ මෑනියෝ කලින් වෛද්‍යවරියක් විදියට සේවය කලත් පසුව වෘත්තියෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්නවා තව මට නසරානි සහෝදර ප්‍රානියෙකුත් ඉන්නවා ඒකාගෙන් තමයි මට ක්‍රිකට් පිස්සුව බෝ වුනේ දැන් ක්‍රිකට් ක්ලබ් එකක ප්ලේ කරනවා නමින් ජනුල් සත්සර සේනානායක

" මොනාද බන් අර දොඩවන්නේ උබට තේරෙනවා ද..?"

සෙනාලි සුපුරුදු පරිදි ප්‍රිංගනී මිස් බෝඩ් එකේ තඩි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ගහලා මොනාදෝ කියවනවා කියන මෙලෝ දෙයක් නොතේරුනත් තේරුනා වගේ අහගෙන ඉන්නවා

" නැ බන්.."

මම එහෙම කියලා කෙලින්ම බැලුවේ සිතුමිනි දිහා ඒකිටත් සසර කලකිරිලා වගේ සීන් එකේ ඉන්නේ සිතුමිනි එහෙම ඉන්නවා නම් අපිට නොතේරෙන එක අහන්නත් දෙයක් නෙවෙයි සැරින් සැරේ බිත්තියේ තියෙන ඔරලෝසු රාජයා දෙස බලමින් අපි හිටියේ කීයටද ජෙයියනේ මේ පීරියඩ් දෙක ඉවර වෙන්නේ කියලා හිතමිනි.accounting පීරියඩ් දෙක කියන්නේ අපිට කල්පයක් වගේ

මගේ ඇග මෙතන තිබුනාට හිත නම් තිබුණේ ground එකේ මැච් එකේ මොනවා වෙනවදෝ කියලා හිතමින් බෝඩ් එකේ තියෙන ගාන ඔහේ පොතට කොපි කරගත්තා ඔහොම කාලය ගත වෙලා යද්දී බෙල් එක ගැහුවා විතරයි ප්‍රිංගනී මිස් යන්න ගියා ඒත් එක්කම ඉස්කෝලේ ඉවරයි කට්ටිය ගාථා කියලා අවසන් වෙලා ඉස්කෝලෙන් එලියට බැස්සා

අපි හතර දෙනා බස් එකේ නැගලා ground එක ලගින් බැස්සා group එක ඇතුලට යනකොට අපේ ආදරනීය සහෝදර පාසලේ සික්කෝ ටිකකගේ සද්දේ නම් හොදටම ඇහුනා හොද වෙලාවට අනිත් ස්කූල් එක මික්ස් ස්කූල් එකක් වුනේ නැත්නම් අපි හෙනට අසරණ වෙනවා මේ වෙනකොට ලකුණු පුවරුවේ 56/3 ලෙස සටහන් වෙලා තිබුනා

" ආදි තාම ඇවිත් නැ වගේ නේ බන් "

" දැන් එකා විකට් ගියාම ඌ එන්නේ.."

සිතූගේ ප්‍රශ්නයට තියූ එහෙම පිලිතුරු දුන්නා ආදිත්‍ය මිහිරාද් වික්‍රමසිංහ අපේ ස්කූල් එකේ හයක් හතරක් තේරෙන පුංචි එකාගේ ඉදලා ක්‍රශ් එක කිව්වොත් නිවැරදියි අහිංසක මගෙත් ක්‍රශ් එක කියලා දන්නේ මගේ ලගම ඉන්න මිතුරු පරාන තුන විතරයි ආදි ගැන කිව්වොත් ඒ යකාගේ තියෙන්නේ පුදුම ආඩම්බරකමක් මනුස්සයෙක් එක්ක නිකමට හිනා වෙන්නේ නැ ආදිගේ තාත්තා ප්‍රසිද්ධ ව්‍යාපාරියකයෙක් පවුලේ එකම දරුවා ඒක නිසාම ද මන්දා මෙච්චර ලොකුකම වෙලාවකට ක්‍රශ් එක කියලා නොබලා මූන කට සම්බෝල වෙන්න දෙන්න හිතයි

" අඩෝ විකට්..."

සෙනාලි ඔලුවේ අත් දෙක ගහගෙන කෑගහනකොට තමයි ආදිගේ ලෝකේ සැරිසරමින් හිටපු මම මේ ලෝකෙට ආවේ ඒ වෙනකොට ලකුනු පුවරු 109/4 ලෙස සටහන් වෙලා තිබුනා දිනන්න නම් ලකුනු 56 ක් ඕන ඕවර්ස් 6 ක් ඇතුලත

" ආදි කමෝන්...!"

" ආදියා... උබට පුලුවන්.."

එයාගේ ස්කූල් එකේ කට්ටිය එයාගේ නම කියලා කෑගහද්දී ආදි හෙන ගැම්මෙන් ground එකට බැස්සා

" අන්න උබේ කුමාරයා ground එකට බැස්සා.."

තිසුමි කුප්ප හිනාවක් එක්ක කිව්වාම මම ඒකිට රැව්වා මට ඔය හිනාව තමයි පෙන්නන්නම බැරි එයා තමයි දැන් අපේ එකම බලාපොරොත්තුව වුනේ තරගය උනුසුම් වීගෙන එද්දී ආදි එක පිට හයේ ඒවා දෙකක් ගැහුවා අන්‍තිම ඕවර් එකට එද්දී අපිට දිනන්න නම් තව ලකුණු 12 ක් ඕන වුනා අවසානේ ඕවරේ පලවෙනි බෝලෙට ආදි හයක් වාර්තා කරද්දී අපි හැමෝම උද්යෝගයෙන් කෑගැහුවා මගේ මූනේ තිබුණු හිනාව එක තත්පරේකටවත් නැති වුනේ නැ මගේ පාපී මිතුරියන්ගේ විහිලු මැද මගේ ඇස් නැවතිලා තිබුණේ ground එකේ සෙල්ලම් කරන ආදි ලග

ඊලග බෝලෙටත් හයක් ගහලා මැච් එක අවසන් කරයි කියන බලාපොරොත්තුව හිතේ ගුලි කරගෙන අත් දෙකත් එකතු කරගෙන මම බලාගෙන හිටියා ඊලග බෝලෙට ආදි ලකුණු හතරක් වාර්තා කරේ මගේ බලාපොරොත්තු සුන් කරමින් කමක් නැ තව ලකුනු දෙකයි බෝල හතරක් තියෙනවා අපේ සහෝදර පාසලේ සෙට් එක නම් දැනටමත් සතුට සමරනවා ඊලග බෝලෙත් ආදිගේ බැට් එකේ වැදිලා පිටිය දිගේ ඇදී ගොස් හතරේ සීමාව පසු කරද්දී මම සතුටින් උඩ පැනලා අත්පුඩි ගැහුවා

ආදිගේ ඉස්කෝලේ අය ground එකට දුවගෙන යද්දී අපි හිනා වෙවී ඒ දිහා බලාගෙන හිටියා

" ඔන්න එහෙනම් උබේ කුමාරයා හින්දා ඒකත් දින්නා "

සෙනාලි කියද්දී අනිත් උන් දෙන්නා හිනා වුනා මම උන් කියන දේවල් ඇහෙන්නේ නැ වගේ හිටියා ආදි එයාගේ යාලුවෝ එක්ක සතුට සමරන දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු මා ඇතුලු මිතුරු කැල ground එකෙන් එලියට බැස්සේ නිවෙස් කරා පිටත් වෙන්න මොකද තව පරක්කු වුනොත් ගෙයින් එලියේ තමයි ඉන්න වෙන්නේ අද මාව බේරගන්න මගේ පිය රජතුමා නිවසේ නොමැති නිසා අම්මාලා පුතාලා එකතු වෙලා මාව ගෙයින් එලියේ තියයිද කියන එකත් ෂුවර් නැති නිසා

" මෑම්...!"

අතීත මතක ඇතුලේ හිර වෙලා හිටපු මම මේ ලෝකෙට ආවේ ආශාගේ හඩින්

" කියන්න ආශා.."

" මේකට මෑම්ගේ සයින් එක ඕන "

" හරි ආශා ෆයිල් එක තියලා යන්න මම චෙක් කරලා සයින් කරන්නම්.."

" හරි මෑම්.."

ආශා එහෙම කියලා මගේ කැබින් එකෙන් පිට වෙලා යද්දී මම හුස්මක් පහත හෙලුවා ආදිත්‍ය...! එදා වගේම අදත් මගේ හදවතේ තදින්ම මුල් බැස ගත්තු කෙනෙක් කොච්චර කාලයක් ගියත් ඒ රුව අමතක කරන්න පුලුවන් වුනේ නැ එයාට නම් මාව දැන් මතක නැතුව ඇති ඒ ගැන තවත් හිතලා වැඩක් නැති නිසා ෆයිල් එක චෙක් කරන්න පටන් ගත්තා

_____________________________

නවල් කියවලා කියවලා ආසාවට මෙහෙම කතාවක් ලියන්න පටන් ගත්තේ

ගොඩ කාලෙකට කලින් ලිව්වාට දුන්නේ නැ ඉතිම්

කතාව ගැන කට්ටිය මොකද හිතන්නේ..?

හොදයි ද...?

හොදයි නම් දිගටම කතාව දෙන්නම්...

Bạn đang đọc truyện trên: AzTruyen.Top