දෙවන දිගහැරුම
වෙනදා වගේම ඔෆිස් එකේ වැඩ අවසන් කරපු මම ඔෆිස් එකෙන් එලියට බැස්සේ ගෙදර ගිහින් ඇදට පනින්න බලාපොරොත්තුවෙන් අද නම් පට්ටම මහන්සියි උදේ ඉදලා තිබුණු මීටින් අලුත් project එකේ වැඩ එක්ක මේ දවස් වල හුස්මක්වත් ගන්න නිදහසක් නැ
විනාඩි කිහිපයක් ඇතුලත ගෙදරට ආපු මම කා එකෙන් බැහැලා යනකොට ඇහුනේ කවුදෝ කතා කරනවා ඒ ගමන මොකාද යකෝ ගෙට රිංගපු ආදිවාසි රැල කියලා බලන්න ඇතුලට ගියා
ඇවිත් හිටියේ වෙන කවුරුවත් නෙවෙයි අපේ අම්මාගේ සිරිමත් පුතන්ඩියාගේ මිතුරු කැල මදැයි පෙරේතයා පොලේ ගැහුවා වගේ නිදාගන්න ගෙදර ආවා මුන් මෙතන හැක හැක ගාන්න පටන් ගත්තාම මම කොහොමද ජෙයියනේ නිදහසේ නිදාගන්නේ
" චූටි...! මොනාද ඔතනට වෙලා කරන්නේ..?"
මාව දැකපු අම්මා ඇහුවාම සාලේ වාඩිවෙලා හිටපු නසරානි අයියාගේ මිත්‍ර ප්‍රානීන් ටික ඔක්කොම මගේ දිහාට හැරුනා
" ගෙදර ආක්‍රමණය කරලා තියෙන්නේ කවුද කියලා බැලුවේ "
දත් තිස් දෙකම විරිත්තලා පුලුවන් තරම් අහිංසක විදියට හිනා වෙලා මම කිව්වා
" අඩෝ ජනුලයා...! උබට මෙච්චර ලස්සන නංගි කෙනෙක් ඉන්නවා කියලා කිව්වේ නැ නේ "
හත්තිකේ...! ඕක නේ ඉතින් කරන්න බැරි බැන බැන ඉන්නකොට ඔහොම එකපාරට ලස්සනයි කියන්න එපා හලෝ මගේ වචන අපරාදේ සක්රයාත් ඉදලා ඉදලා පට්ට ආතල් නේ ගන්නේ මම නිසල් අයියා දිහා බලලා අහිංසක විදියට හිනා වෙන ගමන් කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රැදෙව්වා
" උබේ ඇස් පෙනීම දුර්වලයි වගේ කන්නාඩි කූට්ටමක් ගමු බන්.."
මම බැලුවේ ඇයි මුගේ වාචාල මුඛය ඇරුනේ නැත්තේ කියලා ඕකාගේ විනෝදාංශය වූනේ මාව නෝන්ඩි කිරීම තමයි අම්මාටත් ඉතින් එයාගේ සුදු පුතාගේ වැරදි පේන්නේ නැ නේ අහිංසක මම මොනාහරි මේ පුත්තලම් බූරුවාට කිව්වොත් තමයි අම්මට කාලි මෑනියෝ ආරූඪ වෙලා මාව ක්ෂය කරන්න හදන්නේ මේක හෙනම කුරිරු ලෝකයක් කියන්නේ කට කහනවාට නෙවෙයි නේ
" මේ ඕයි තවුසේ වදුරෙක් වගේ ඉපදුනා කියලා මම පලි නැ හලෝ තමන්ගේ නංගිට කවුරුහරි ලස්සනයි කිව්වාම ඔහොම කතා කරන එකම අයියා තමුසේ වෙන්න ඇති "
" මම ඇත්ත තත්ත්වය ඕයි පැහැදිලි කරේ මුන්ගේ ඇස් පේන්නේ නැති වුනාට මගේ ඇස් හොදට පේනවා.."
ඔය හදන්නේ අහිංසකව ඉන්න මාව යකා අවුස්සගන්න තමයි අතේ තිබුණු හෑන්ඩ් බෑග් එකෙන් වදුරු පැටියාගේ ඔලුවට කෙලිය මම දාගෙන හිටපු හීල්ස් ගලවලා කෙලින් හැදුවේ අයියාගේ මිතුරු කැලගේ හිනාව මැද්දේ
" චූටි...! මොකද ඔය කරන්නේ..? විකාර නොකර ඉන්නවා මේ තමුන්ගේ අයියා නේද..? අවුරුදු කීයක් වැඩිමල් ද..? පොඩි ලමයි වගේ හැසිරෙන්නේ මොකද දැන් යමක් කමක් තේරෙන ලමයි ඔහොම හැසිරෙන එක හරි ද ආ.."
හැමදාම ඔහොම තමයි වැරැද්ද කරන්නේ කවුරුවත් බැනුම් අහන්නේ කොහෙවත් ඉන්න අහිංසක මම මේ පට්ටම අසාධාරණයි දෙවියනේ මම තාත්තාට කියලා ඔක්කොටම නඩු දානවා ඇයි යකෝ...!
" මේක හරි අසාධාරණයි..! මේ යකා තමයි පටන් ගත්තේ ඇයි මට විතරක් බනින්නේ..? අම්මට හැමදාම එයාගේ සිරිමත් පුතන්ඩියා හරි මම වැරදියි මට තාත්තා ඕන තාත්තා කෝ...?"
මම අඩන්න වගේ කෑගහලා කිව්වා තාත්තා විතරයි හැමදාම මගේ පැත්තට හිටියේ තාත්තා කොයිවෙලෙත් ගෙදර නැති නිසා මට අසාධාරණකම් සිද්ධ වෙනවා වැඩියි
" චූටි විකාර නොකර යනවා කාමරේට ආපු වෙලාවේ ඉදලා මේ අහිංසක කොල්ලා එක්ක පැටලෙනවා "
අයියාගේ යාලුවෝ ඉන්නවා කියලා කිසි ගානක් නැතුව අම්මා අහිංසක මට බැන්නා ඇයි මෙහෙම ප්‍රසිද්ධියේ අවනම්බු කරන්නේ
" යනවා තමයි පැලවෙන්න ආවේ නැ තමුසේ ගැන පස්සේ බලාගන්නම් පුත්තලම් බූරුවා.."
ජනුල්කාරයාටත් එහෙම කියාගෙන ගස්සගෙන පඩිපෙළ නැගගෙන මගේ කාමරේට ආවා මේක තමයි මගේ රාජධානිය ගෙදර මොන දේ අම්මාට ඕන විදියට තිබුනත් මගේ කාමරේ නම් මට ඕන විදියට හදාගෙන තිබුනේ අතේ තිබුනු බෑග් එකත් ඇද උඩට විසි කරපු මම එහෙම්ම ඇදට වැටුනා වෙහෙසකර දවසක් අවසානයේ ඇවිත් ඇදට වැටුනාම දැනෙන සනීපය නම් කියලා නිම කරන්න බැ
" චූටි ආපු ගමන් ඇද බදාගන්නේ නැතුව වොෂ් එකක් දාගෙන එන්න "
මා දයාබර මව් යානාව ඝාන්ටාර පූජ කරන්න පටන් අරගෙන දැන් මම වොෂ් එකක් දාගෙන පහලට යන්න පරක්කු වුනොත් මෙතන ඇවිත් කොහොඹ කංකාරිය නටලා ගොලුවොයි බීරයොයි අන්ධයොයි මැද්දේ මං විතරයි වැඩ කරන්නේ කියලා ගේ දෙක වෙන්න උච්ච ස්වරයෙන් බැනලා තමයි නවතින්නේ මං කරන හැම වැරැද්දක් කොනකින්ම මා පියානනුත් අහුවීම සෝචනීය කාරනයකි
ඇදෙන් නැගිටපු මම අල්මාරිය ඇර ඇදුමක් ගන්න ගියත් මගේ ඇස් නැවතුනේ අල්මාරියේ කොනක තිබුනු පුංචි ටෙඩි බෙයා ළඟ පරන මතක ගොඩක් මේ පුංචි ටෙඩි බෙයා අවුස්සනවා ටෙඩි බෙයාත් අරගෙන ආපහු ඇදෙන් වාඩිවුනා එයා දැන් හොදින් සමහර විට මට වඩා හොද ලස්සන girlfriend කෙනෙකුත් ඇති එයා වෙන කෙනෙක් ළඟ ඇති කියලා හිතෙද්දී අදටත් මට පුදුම විදියට රිදෙනවා කොහොමද දෙවියනේ මම ඔයාව අමතක කරන්නේ අවුරුදු හතකුත් ගෙවිලා මම තාම ජීවත් වෙන්නේ ඔයාගේ මතක එක්ක ඇයි රාද් හේතුවක්වත් නොකියාම මාව දාලා ගියේ බැදෙන තරමටම රිදෙනවා කියන්නේ බොරුවක් නෙවෙයි මට ගොඩක් රිදෙනවා දෙවියනේ
ටෙඩි බෙයා දිහා බලාගෙන කල්පනා කරපු මගේ කම්බුල් දිගේ නොදැනීම කදුලු බිදු කිහිපයක් ගලා ගියා ගෙවුනු අවුරුදු හතට ඔයාව මතක් කරලා අඩපු නැති දවසක් නැතුව ඇති ටෙඩි බෙයාත් අල්මාරියේ කොනකින් තියලා ඇදුමක් අරගෙන බාත් රූම් එකට ගියේ අතීත මතක හිතේ සැරිසරද්දී...
බිග් මැච් එක තිබිලා සතියක පමන කාලයක් ගෙවිලා අවසන් වී තිබුනා සුපුරුදු පරිදි මෑනියන්ගේ උච්ච ස්වර ගීයට නිදි දෙව්දුවට බායි කියලා ඇහැරුනු මම සට පට ගාලා ලෑස්ති වුනේ ඉස්කෝලේ යන්න බස් එක මිස් වුනොත් ඔක්කොම කරලා හමාරයි අපේ ගෙදර වාහන තිබුනාට පාසල් ගොස් අවසන් වන තුරු පොදු ප්‍රවාහනය භාවිත කරන්න ඕන කියන නීතිය ගෙනාවේ වෛද්‍ය ගයන්තිකා සේනානායක වන මගේ මෑනියන් විසින් උසාවියේ දී කා එක්ක කතා කරලා නඩු දින්නත් මගේ දයාබර පියානන්ට අපේ වෛද්‍යතුමිය එක්ක නම් කතා කරලා දිනන්න බැ ඒ නිසා කරුනු කාරනා නොවිමසාම නිතීඥ ජගත් සේනානායක විසින් ස්ථිර කලා එයා දුක් විදලා ඉගෙනගත්තා නිසා අපිත් පොඩියට හරි දුකක් විදින්න ඕන කියලා නේ මාව බස් එකේ යවන්නේ
අම්මාටත් තාත්තාටත් වැදලා රිබන් පටියත් තොල් වලින් අල්ලාගෙන එක කොන්ඩයක් ගොත ගමන් පාරට දිව්වේ මව් යානාව තවත් මොනවදෝ කියලා කෑගහද්දී බස් හෝල්ට් එකට ආපු මම කොන්ඩේ පුලුවන් ඉක්මනින් ගොතාගන්න ට්‍රයි කරේ සිරි ලංගමයට නැගලා බහිනකොට කොන්ඩ් ගහක්වත් හොයාගන්න නැති වෙන්න පුලුවන් නිසා
කොන්ඩේ ගොතලා ඉවර වෙනකොටම වගේ බස් රාජයා ආවා මේකේ ඉන්න සෙනග තොගයක් කූබියෙක්ටවත් රිංගන්න පුලුවන් ද මන්දා කෙට්ටු ශරීරයේ වටිනාකම තේරෙන්නේ මේන් මේ වගේ වෙලාවට තමයි කොහොම කොහොම හරි බස් එකට නැග ගත්ත මං අස්සකින් රිංගලා සීට් එකක් ළඟ අල්ලගත්තා එතැන සීට් එකේ වාඩි වෙලා හිටපු අක්කාට බෑග් එකත් දීලා බෑග් එකෙන් පර්ස් එක ගත්තේ සීසන් එක ගන්න පර්ස් එක ඇරලා බැලුවාම තමයි මට දෙලොව රත් වුනේ
සීසන් එක පර්ස් එකේ නැ මල මගුලයි ඒක පොත් මේස උඩ කියලා මතක් වුනේ දැන් මටත් හොද වැඩේ උදේට නැගිටලා ඔක්කොම හොයනවාට ඒ අස්සෙන් කොන්දොස්තරත් මුහුද දෙබෑ කරගෙන වගේ සෙනග අස්සෙන් රිංගගෙන එනවා ස්කූල් යන ළමයි තමයි ගොඩක් හිටියේ සීසන් එකත් නැති නිසා කීයක් හරි තියේ ද කියලා බැලුවාම සන්තකේටම තිබුනේ රුපියල් පනහයි මෙතන ඉදලා ස්කූල් එක ලගට යන්න රුපියල් අසූවක් ඕන ඉතුරු තිහට මූට මගේ අත තමා දෙන්න වෙන්නේ ඉදලා ඉදලා මට වෙන්නෙම ඔහොම වැඩ තමයි
අද නම් පැංචාට බඩු බනිස් තමයි හයියූ දැන් මොකද කරන්නේ සීසන් එක අමතක වුනා කිව්වොත් මූ ඔක්කොම මැද්දේ මට බනියි ද..? කොහොමත් මූ කුනු පෙරේතයා හයියූ කඩවලේ මේ වෙලාවට තමයි කොන්දාගේ හත්මුතු පරම්පරාවම මතක් වෙන්නේ නොදැකපු දෙයියෙක්වත් පිහිට වෙන්න අනේ මම සතියක් යනකම් ගෙදර උයනවා සප්තයි දෙවියනේ
" මේ නංගි ටිකට් ගන්න.."
මගේ උරහිසට තට්ටු කරලා කොන්දොස්තරයා කිව්වා.පොඩ්ඩක් හිටාම් නංගි....? කවුද යකෝ නංගි..? මගේ වයසේ ලමයිතුත් ඇති මූට වයස බලලා කතා කරපන් මී වස්සෝ කියන්න හිතාගෙන පිටිපස්ස හැරුනා
" මෙයාට එක්ක ගන්න..."
මම වික්ෂිප්ත වුනා මිතුර කවුද දෙවියනේ මේ දේවදූතයා..? කොන්දොස්තර සීයාගේ පැත්තට සීසන් කාඩ් එකයි රුපියල් සීයකුත් දික් කරන ගමන් කිව්වා ඒ කටහඩ නම් හොදට අහලා පුරුදුයි සේප් එකේ ඔලුව අනිත් පැත්තට හරවලා කවුද ඒ කියලා බැලුවා ඉන්න කෙනා දැක්කාම මගේ මුලු ඇගම සීතල වෙලා සුෂුම්නා ඇබරිලා ගිහින් පුප්පුශීය මහා ධමනිය හිර වුනා වගේ දැනුනා ඒ දේවදූතයා වෙන කවුරුත් නෙවෙයි මගේ හදවතේ කුටීර හතරෙන්ම අවංකව ප්‍රේම කරන කුලුදුල් නිකලැල් ධාර්මිෂ්ඨ ඒකපාර්ශ්වික ප්‍රේම පුරානය නොහොත් ආදිත්‍ය මිහිරාද් වික්‍රමසිංහ...!
ඊලඟට මගේ මොල රාජයාට කුනාටුවක් වගේ ප්‍රශ්නයක් උද්ගත වුනා මම කවදාවත් දැකලා මේකා බස් එකේ යනවා ගෙදර තියෙන වාහන ටික විකුනලා ද..? නැත්නම් මොකද බස් එකේ කරන්නේ...? හදිස්සියේවත් මේකේ යන චිංචිමානවිකාවකට හිත ගිහින් ද..? මේ අහිංසකීට ඒ තරම් නම් දුකක් දෙන්න එපා සුදු මහත්තයෝ
එයා එකපාරට මගේ දිහා බලලා ඇස් වලින් ඇයි කියලා ඇහුවාම තමයි මට සිහි වුනේ මෙච්චර වෙලා මේකා දිහා බලාගෙන නේද කියලා මම මෙහෙම නෝන්ඩි වෙන්නේ මගේ ප්‍රේම පුරානය ඉදිරියේ නේද කියලා සිහිපත් වෙද්දී මට පොලොව පලාගෙන යන්න හිතුණා
" Thank you...!"
ස්තූති පූර්වක බැල්මක් එයාට හෙලමින් කිව්වා නැත්නම් මේකා හිතයි මම උදව් කරාම ස්තූති කරන්නවත් දන්නේ නැති එකෙක් කියලා එයා කට කොනින් නෝන්ඩියට වගේ හිනා වෙලා ඉස්සරහ බලාගත්තා මම යටි තොලත් හපාගෙන බිම බලාගත්තා ඇත්තටම මට ලැජ්ජ හිතුණා පර්ස් එකත් බෑග් එකට දාලා වහලා පාර දිහා බලාගෙන හිටියේ ආපහු එයා දිහා බලන්න කියලා කෑගහන හිතට බනිමින්
ස්කූල් එක ලගට එනකම් මෙච්චර ළඟ ඉදලත් එයා දිහා නොබලා ඉන්න මට විසාල මෙහෙයුමක් දියත් කරන්න සිද්ධ වුනා ස්කූල් එක බස් එක නවත්තද්දී බෑග් එක තියාගෙන හිටපු ගෑනු ලමයාටත් ස්තූති කරලා එයා දිහාත් බලලා බස් එකෙන් බැස්සා පුදුම ආඩම්බරකමක් තියෙන්නේ චාල්ස් කුමාරයා කියල ද දන්නේ හිතාගෙන ඉන්නේ බෝයි ස්කූල් එකේ හෙඩ් ප්‍රිපෙක්ට් යැයි යැයි තමයි දෙන්න හිතයි මූන කට කොත්තුවක් වෙන්න මම ආදිත්‍යට හිතින් බනින ගමන් පන්තියට ගියා මගේ අතිජාත අපාය සහයිකාවෝ ටික තාම වාර්තා කරලා නැ වගේ ඒ නිසා බෑග් එකත් මේසෙන් තියලා ඉන්න උන් ටිකත් එක්ක කයියක් ගහන්න සූදානම් වුනා
මතු සම්බන්ධයි...!
පලවෙනි කොටස එකට ප්‍රතිචාර හොද නිසා දෙවැනි කොටසත් උස්සගෙන ආවා වෝට් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ඔයාලා දෙන පුංචි කමෙන්ට් එකක් වුනත් මට ගොඩක් වටිනවා කතාව ඉදිරියට ලියාගෙන යන්න ඒ නිසා කමෙන්ට් එකක් දාගෙන යන්න
ආදරෙයි ක්ෂුද්‍ර ජීවියෙක් තරම්...😉❤️
Bạn đang đọc truyện trên: AzTruyen.Top