තුන්වන දිගහැරුම

බත් මුල් තුන හතරකට වග කියලා පන්තියේ කොනකට වාඩිවෙලා අපි හතර දෙනා කෝප්ප සේදීම ආරම්භ කලා මම උදේ සිද්ධිය මුන් තුන් දෙනාට කිව්වේ නැ කිව්වා නම් මාස ගානකට මට කනක් ඇහිලා ඉන්න හම්බවෙන්නේ නැ දුටු තැන ඕක කියවන්න පටන් ගනී

" සුදූ....!"

මාව අමතන විලාසයෙන් කියන්න පුලුවන් ඕකි එන්නේ මොනාහරි වැඩකට තමයි කෑගහගෙන අපේ පන්තිය ඇතුලට ආපු මා දයාබර සහෝදරිය දෙස බැලුවේ උබට මොකද්ද වෙන්න ඕන වගේ බැලමකින්

" පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද..?"

මේකි දත් තිස්දෙකම ප්‍රදර්ශනය කරන ගමන් ඇහුවා මේකිගේ ඇස්පිල්ලමේ ඉදලා තනිකර ප්‍රෝඩාව තියෙන්නේ

" පොඩ්ඩක් නෙවෙයි මට ගොඩක් කතා කරන්න පුලුවන් මොකද්ද වෙන්න ඕන කියපන්.."

" මෙහේ වරෙන්..!"

මම හිටපු තැනින් නැගිටලා පන්තියේ කොනකට ගියේ මේකි මට මෙච්චර ආදරෙන් කතා කරන්න හේතුව දැනගන්න ඉතින් මිතුර මේ තමයි මගේ නැන්දිගේ නසරානි දූ පොඩිත්ත වුනු නුයාරා කේෂානි වෙත්තසිංහ අපේ නැන්දිට කියලා ඔච්චර තමා ඉන්නේ පවුලේ එකා යකා සරලවම කිව්වොත් යකින්නියක් හොස්ස ළඟින් මැස්සෙක්ට  නෙවෙයි ක්ෂුද්‍ර ජීවියෙක් ගියත් ඇති නුයාරා අක්කා මේපාර ඒලෙවල් ලියනවා ඒ නිසා ඉතින් වැඩිය ස්කූල් එන්නේ නැ අද නම් ඇවිත් තියෙන්නේ ඇඩ්මිෂන්වල වැඩ වගයකට මං හිතන්නේ

" මොකද්ද සීන් එක.."

" උබේ මස්සිනා මාත් එක්ක තරහ වෙලා.."

හරිම අගෙයි මුන් දෙන්නා යාලු වුනු දවසේ ඉදලා හොදින් හිටපු දවසක් හොයනවා කියන්නේ පිදුරු ගොඩේ ඉදිකටුවක් හොයනවා වගේ වැඩක් දවසක් හොදින් හිටියොත් ඊලඟ සතියෙම මරාගන්නවා මුන් දෙන්නා එක වහලක් යටට වුනු කාලෙක අපි යන්න වෙයි ද දන්නේ රන්ඩු බේරන්න

" තෝ මොනාහරි ඕන් නැති මගුලක් කියන්න ඇති නැත්නම් ලියේන් අයියා තරහ වෙන්නේ නැ.."

අපේ එකීගෙත් කටේ හැටි දන්න නිසා මම එහෙම කිව්වා ලියේන් නුරාධ්‍ය ශාක්‍යසිංහ....! මා ප්‍රිය සහෝදරියගේ ප්‍රේම පුරානය හෙනම මැරයෙක් වගේ ඩයල් එකක් බැන්නොත් මරලා හංගන සීන් එකේ ඉන්නේ ඩයල් එකට තියන බලය එක්ක එහෙම නොකර ඉන්න බැරි කමක් නැ මොකද ලියේන් අයියාගේ තාත්තා තමයි වර්තමාන ආන්ඩුවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු ඇමතිතුමා ඒ නිසාම ලියේන් අයියාට කවුරුත් වචනයක්වත් කියන්නේ නැ අපේ එකීට වඩා ලියේන් අයියා අවුරුදු දෙකක් වැඩිමල්

කාට මොන සද්දේ දැම්මත් මොකාව මරාගෙන කන්න හැදුවත් අපේ එකීට අයියා පන ඇරලා ආදරේ මම ඒක දැකලා තියෙනවා ලියේන් අයියා වගේ කෙනෙක්ට ඇරෙන්න අපේ යක්සනිට වසන්න නම් බැ අදත් ඔය මාව හොයාගෙන එන්න ඇත්තේ මොනාහරි සුනඛ කතාවක් කියලා ලියේන් අයියාව තරහ කරගෙන තමයි මොකද මුන් දෙන්නාගේ ලව් ස්ටෝරිය ඇතුලේ සාම දූතයාගේ කාර්යය ඉටු කරන්නේ මම නිසා

" මම එයාට එච්චර තරහ ගන්න දෙයක් කිව්වේ නැ පොඩි එකෝ බස් එකේදී දැකපු කොල්ලෙක් ලස්සනයි කිව්වා ඒක කිව්වා විතරයි මේකා පුපුරන්න ගත්තා තමුසේ මොකටද එක එකාගේ ලස්සන බලන්නේ කියලා බැනලා බැනලා මට වචනයක්වත් කියන්න නොදී කෝල් එක කට් කලා මම කෝල් කරාට ආන්සර් කරන්නෙත් නැ මැසේජ් දැම්මාට සීන් කරන්නෙත් නැ මම වැරදි ද කියහන් මම දැකපු දේ නේ කිව්වේ..."

ඔය කරලා තියෙන්නේ යස වැඩක් ඌට ජෙල කියලා දැන දැනම අපේ වැස්සී වෙන උන් ගැන මොන වෙඩින් එකකට කියවන්න යනවද මන්දා හොද වෙලාවට කෝල් කරලා කියලා තියෙන්නේ ළඟ ඉදන් කිව්වා නම් අපේ එකීගේ ඇස් දෙක ගලවලා අතට දෙයි ජිල්බෝල ගහපන් කියලා

" වැරදි තමයි යකෝ තෝ මොකටද වෙන උන්ගේ ලස්සන අයියා එක්ක කියවන්න ගියේ තෝ මැරුවේ නැති එකට සතුටු වෙයන්..දැන් ඉතින් කිස් එකක් දීලාවත් යාලු කරගනින්.."

අපේ එකීගේ ඔලුවටත් එකක් ගහලා කිව්වා

" කියන්න හිතුවේ නැ බන් කතා කර කර ඉන්නකොට නිකන්ම කියවුනා අනික කිස් එකක් නෙවෙයි ඕන මගුලක් දෙන්නත් ඌ හම්බ වෙන්න ඕන නේ උබ පොඩ්ඩක් කතා කරලා බලපන්කෝ... උබ එක්ක අයියා ෆිට් නේ.."

" හ්ම් හ්ම් හැබැයි මට මොනාහරි ඕන.."

" මොනා ද ඕන්  කියහන්..?"

" රුපියල් සීයක්..!"

" ඇයි උබේ මහ බැංකුව හිඳිලා ද මගෙන් ඉල්ලන්නේ...?"

හොද හුස්මක් ගත්ත මම උදේ බස් එකේ දී වුනු සිද්ධිය කිව්වා ආදි මටත් එක්ක ටිකට් ගත්ත එකත් එක්කම ඒක කියලා ඉවර වුනා විතරයි මේකි මගේ දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බලන්න ගත්තා

" මොකද ඔහොම බලන්නේ..?"

අපේ එකීගේ බැල්ම ඇල්ලුවේ නැති නිසා මම එහෙම ඇහුවේ

" ආදියා උබට කැමතියි වගේ..."

මම ඇස් දෙකත් දොඹ ගෙඩි සයිස් කරගෙන මේකි දිහා බැලුවේ මොන කෙසෙල් ඇවරියක් ද ඒ කිව්වේ කියලා අහන්න වගේ

" තොට පිස්සු ද..? එහෙම කොහොමද කියන්නේ..?"

" මෙච්චර කාලයක් කිසිම කෙල්ලෙක් පෑගෙන දූවිල්ලක් තරම්වත් ගනන් නොගත්ත එකා එකපාරට උබට බස් එකට සල්ලි දුන්නා කියන්නේ යමක් ඉදිරියට සිදුවෙයි වගේ..."

ඇස් නටවන ගමන් හිනා වෙවී මේකි කියද්දී මමත් පොඩ්ඩක් ඒ ගැන කල්පනා කලා එහෙම වෙන්න පුලුවන් ද සමහරවිට මම පව් කියලා හිතුණා ද දන්නේ නැ නේ ඕනවට වඩා හිතන්න එපා විහා කොහොමහරි අද මේකාගේ ණය බේරන්න ඕන ක්‍රෂ් එකට වුනත් ණය වෙන්න හොද නැ කියලා ඉන්දියාවේ පුරාන පඩිවරයෙක් කියලා තියෙනවා ලු

" මම යන්නම් දැන් උබ අයියා එක්ක පොඩ්ඩක් කතා කරලා බලපන් ස්කූල් ඉවර වුනාම ගේට් එක ලගට වරෙන් මම සල්ලි දෙන්නම්.."

බෙල් එක ගහපු නිසා අක්කා එහෙම කියලා හිනා වෙලා ගියාම අපේ ආපහු හිටපු තැනින් වාඩිවුනා ඒත් එක්ක ප්‍රියංගනී මිස් පන්තියට ආවා අපරාදේ කියන්න බැ බෙල් එක ගහනකොටම සාරිය උස්සගෙන පන්තියට දුවගෙන එනවා ඉන්ටවල් එකේ දී හොදට කාලා මෙයාගේ කියවිල්ල අහගෙන ඉන්නවා නේ නින්දට අඩිතාලම් දානවා වගේ වැඩක් හොද වෙලාවට ටියුෂන් ක්ලාස් යන්නේ නැත්නම් මට සබ්ජෙක්ට් එකත් එපා වෙලා

මේ පීරියඩ් දෙක ඉවර වෙනකම් තත්පරෙන් තප්පරේ ඔරලෝසුව දිහා බලන ගමන් හිටියේ ප්‍රිංගනී මිස්ගේ පිරියඩ් එකේ වෙලාව හිමින් යනවදො කියලත් මට හිතුණා යාන්තම් පීරියඩ් දෙක ඉවර වුනා ඊට පස්සේ තිබුනේ බිස්නස් අද තනුජා මිස් ඇවිත් හිටියේ නැති ඒ පීරියඩ් දෙක ෆ්‍රී

ඒ වෙලාවේ මට හිතුණා අපරාදේ මිස් නාවේ කියලා මොකද මගේ පාපී මිතුරන් තිදෙනා එක්ව උදේ සිද්ධිය මගෙන් අකුරක් නෑර අහගත්තා අපේ එකී ආදි ගැන කියනවා මුන්ට ඇහිලා නේ ඊට පස්සේ ඉදලා මට කනක් ඇහෙන්න නැ උබලාට ඕන තරමක් කියවපන් කියලා මම ඇහෙන්නේ නැ වගේ හිටියා

අවසාන බෙල් එක ගැහුවාම පොත් බෑග් වලට දාගත්තා ගාථා කියලා අවසන් වෙලා ගේට් එක ලගට යනකොට කියපු විදියටම අපේ එකී හිටියා අපි පස් දෙනා පයින් බස් ස්ටෑන්ඩ් එකට ගියේ ඉස්කෝලේ ළඟ ඉදල ස්ටෑන්ඩ් එකට ලොකු දුරක් නොතිබුනු නිසා

" අපිට තමයි ඔහොම වුනොත් සතයක්වත් දෙන්න එකෙක් නැත්තේ.."

ස්ටෑන්ඩ් එකට යනකම් හතර දෙනා එක්ක එකතු වෙලා මාව අල්ලාගෙන කෑවේ නැති ටික විතරයි ස්ටෑන්ඩ් එකට ආපු ගමන් එකපාරට අපේ එකී මගේ අතින් අල්ලපු නිසා මම මොකද කියලා ඇහුවේ

" අර බලපන්..."

ඒකි පෙන්නපු පැත්ත බලද්දී දැක්කේ fz වර්ගයේ බයික් එකට හේත්තු වෙලා අපේ දිහා බලාගෙන ඉන්න ලියේන් අයියා හැබැයි අයියා අපේ එකී දිහා බලලා රැව්වා මේකි අහිංසක සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ බිම බලාගත්තා ඕවාට තමයි ඉතින් ලියේන් අයියාත් අහුවුනේ

" ගිහින් කතා කරපන් යකෝ...!"

මම වැලමිටෙන් ඇනලා කිව්වා

" ගහයි ද..?"

" පිස්සු ද යකෝ දැන් තෝ පැය ගානකට කලින් කිව්වේ හම්බුනොත් කිස් කරලා මොනාද කරනවා කියලා.."

මම කිව්වාම මේකි දමාගෙන රවනවා මේකි අද ලියේන් අයියා ලගට යන්නේ නැ කියලා තේරුන නිසාම මම අතකින් ඇදගෙන අයියා ලගට ගියා

" මෙන්න එක්කගෙන ආවා දෙන්නා කතා  කරලා සාම ගිවිසුමට අත්සන් කරොත් හොදයි.."

මම එහෙම කියලා ලියේන් අයියා එක්ක හිනා වෙලා යන්න හැරුනා මොකද තවත් මට එතැන ඉන්න ඕන කමක් තිබුණේ නැ ඒත් දෙයක් මතක්වුනු නිසාම මම ආපහු එයාලගේ පැත්තට හැරුනා

" මේ අයියේ කිස් එකක් දෙනකම් යාලු වෙන්න එපා"

මම හිනා වෙලා එහෙම කිව්වාම අයියාත් හිනා වුනා ඊට පස්සේ මම ආවේ අපේ බස් නවත්තන තැනට මගේ මිතුරන් තිදෙනා වෙනත් පැති නිසා උන් තුන්දෙනා ගියා මම වටේම රබර් ඇහැ දාලා බැලුවේ මගේ ණයහිමියා ඉන්නවද කියලා එයා හෙඩ් ප්‍රිපෙක්ට් නිසා කොහොමත් එනකොට පරක්කු වෙනවා රුපියල් සීයත් අතේ තියාගෙන වටපිට බල බල ඉන්නකොට එකපාරට ඇස් ගැටුනේ මේ තරම් වෙලා හොයපු රුව එයා තිමේෂ් අයියා එක්ක කතා කරන ගමන් මේ පැත්තට එනවා තිමේෂ් අයියා තමයි එයාගේ හොදම යාලුවා එයා ගොඩක් වෙලාවට ඉන්නේ තිමේෂ් අයියා එක්ක තමයි

" අයියේ...!"

එයා මගේ ළඟින් මාව අදුරන්නේ නැති ගානට යනකොට මම කතා කලා තිමේෂ් අයියා දිහාත් බලපු එයා නැවතුනා තිමේෂ් අයියා ඊට ටිකක් එහාට වෙලා නැවතිලා බලාගෙන හිටියා එයා ඇස් වලින් ඇයි කියලා ඇහුවා එයාට තිබුණේ කතා කරන ඇස් දෙකක් ඒ ඇස් තමයි මාව වශි  කරේ

" උදේ කරපු උදව්වට thank you මම කාටවත් ණයකාරයෙක් වෙන්න කැමති නැ ඒ නිසා මේක ගන්න.."

මම අතේ තිබුනු සල්ලි දික් කරා එයා මුකුත් නොකියා මගේ දිහාත් අතේ තිබුනු සල්ලි දිහාත් බලලා කට කොනින් හිනා වෙලා මුකුත් නොකියා යන්න ගියා

" පුදුම මනුස්සයෙක් තමයි මේකා මොන නැකතක ඉපදිලා ද මන්දා.."

මම මිමිනුවේ තිමේෂ් අයියා එක්ක ඈතට යන එයා දිහා බලාගෙන නොරිස්සුමෙන් මම වරදක් කලා ද..? උදේ උදව් කරපු එකට ස්තූතිත් කලා එයාගෙන් සල්ලි අරගෙන ආපහු නොදී හිටියොත් හොද නැති නිසා නේ සල්ලි දුන්නේ ඒ වුනාට මේකාගේ තියෙන ආඩම්බරකම දෙන්න හිතයි මූන සමතලා වෙන්න

හිතින් එයාගේ මුලු හත්මුතු පරම්පරාවම සිහිපත් කරමින් හිටියා තව විනාඩි කිහිපයකින් ආපු බස් එකට නැග්ගා සීසන් එකත් නැති එකේ ලංගමයේ යන්න ඕන නැ නේ ජනේලය ළඟ සීට් එකේ වාඩි වෙලා මනෝපාරක් ගහන ගමන් හිටියා කොහෙන් ගියත් මතක් වෙන්නේ ඒ ආඩම්බරකාරයාව තමයි මොකද දන්නේ නැ අද උදේ බස් එකේ ආවේ..? උබර්ට මොකියක් හරි  තොරොම්බල් කරත්තයකට හිත ගිහින් නම් මේ අහිංසකීගේ හදවත් හත්කඩට පැලෙයි සුදු මාත්තයෝ...!

තවත් විනාඩි හතලිස් පහක් ගත වෙනකොට මම ගෙදර ආවා කුස්සියේ හිටපු මගේ මව්තුමියත් පොඩ්ඩක් අවුස්සලා කාමරේට ආවා වොෂ් එකක් දාගෙන දහවල් භෝජන සංග්‍රහය සදහා පහලට ගියේ මව්තුමිය උච්ච ස්වරයෙන් මාව අමතන විට ය.

මතු සම්බන්ධයි...!

අද දෙම්න නෙවෙයි හිටියේ ලොකු එකී එක්ක කියව කියව ඉදිද්දී ටයිප් කරලා ඉවරයි කියලා කියවුනා😪 ඊට පස්සේ උනේ මොකද්ද කියලා හිතාගන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top