හයවන දිගහැරුම

උගුර පාදන හඩ නිසාවෙන් තිගැස්සුනු දෙදෙනා කලබලයෙන් ඈත් විනි පැමින සිටින දෙදෙනා දුටු කල බියට පත් වූ යුවතිය චතුංකගේ උකුලෙන් බැස ගවුම සාදාගත්තා යුවතිය බිය වී සිටිය ද චතුංකට නම් පැමිනි සිටින අය ගැන ගානක් නොවිණි දොර අසල සිටගෙන සිටින දෙදෙනා දෙස බලා යුවතිය දෙස බැලූ ඇයගේ සිනිදු අතකින් අල්ලාගත්තේ ඇය බය වී ඇති බව වැටහුනු නිසාවෙනි ඔහුගේ අතෙහි ස්පර්ශය දැනී බය වූ හා පැටියෙක් විලසින් ඔහු දෙස බැලුවා ඇයගේ අත මහපටගිල්ලෙන් පිරිමදින ගමන් සන්සුන්ව ලෙස ඔහු දෑස් වලින් පැවසුවා

" මමී මොකද මෙහේ කරන්නේ..?"

යුවතිය අසලින් සිටගත් හිතුවක්කාර ඇමති පුතු තමන්ගේ මවගෙන් විමසුවා පැමින වෙන කවුරුවත් නොව මේ ආඩම්බරකාර තරුණයාගේ මව සහ පියා ය.

" මමයි ඒක තමුන්ගෙන් අහන්න ඕන මේ කොහෙවත් යන කෙල්ලෙක් ගේ අස්සේ දාගෙන නට නාඩගම මොකද්ද..?"

චතුංකට මුවා වී හා පැටියෙක් මෙන් සිටින යුවතිය දෙසට බැල්මක් පා කරමින් දේවිකා විමසුවා

" මේ කොහෙවත් යන කෙල්ලෙක් නෙවෙයි මමී මේ මම ආදරේ කරන කෙල්ල කවදාහරි දවසක මමීගේ ලේලි.."

දේවිකාට නොදැවිනි හඩකින් ඔහු පැවසුවා විහගි ඔහුගේ ටී ෂර්ටයේ කොනකින් තදින් අල්ලගත්තේ ඔහු නැවතීමේ බලාපොරොත්තුවෙනි

" හහ්..! ඒවා නම් කරන්න වෙන්නේ මේ අම්මාගේ මරනෙන් උඩින් තමයි පුතේ.."

සමච්චල් සහගත හිනාවක් එක්ක ඇමතුමිය පැවසුවා චතුංක එයට යමක් පැවසීමට ගියත් රවීන්ද්‍ර ඊට පෙර කතා කරන්නට විය

" හොදටම ඇති දේවිකා..! තමුන්ට මම කියන්න තියෙන ටික කියලා නේ එක්කගෙන ආවේ මුලින්ම වාඩිවෙලා ඉන්නවා ආපු ගමන්ම කියවන්න පටන් ගත්තේ "

දේවිකා වෙතට නොරිස්සුම් බැල්මක් හෙලූ රවීන්ද්‍ර පැවසුවා රවීන්ද්‍රට රැවූ ඇය අසුනක ඉදගත්තා ඊට එහා පසු අසුනේ රවීන්ද්‍ර ඉදගත්තේ යුවලට ඉදගන්නා මෙන් ඉගි කරමින් යුවතිය තමන් ළඟින් වාඩි කරගත් චතුංක තමන්ගේ ඉදිරියේ සිටින මව සහ පියා දෙස ඍජුව බලා සිටියා යුවතිය ඔවුන්ගේ පැටලුනු අත් දෙස බලාගෙන බියෙන් සිටියේ ඊලග තත්පරේ කුමක් සිදුවේදැයි සිතමින්

" විහඟි මිහංසා සේනානායක..."

විනාඩි කිහිපයක් පුරාවට පැවති නිහඩතාවය බිද දමමින් යුවතියගේ සම්පූර්ණ නම දේවිකා විසින් පැවසුවා

" තමුන්ට කීයක් ඕන ද මගේ පුතාගෙන් ඈත් වෙන්න..?"

" මමී...!"

ඇමතිතුමිය නැගූ ප්‍රශ්නයට තිගැස්සි ගිය යුවතිය ඇය දෙස බැලුවේ දෑස් විසල් කරගෙන

" මැඩම්ට මට කීයක් දෙන්න පුලුවන් ද..?"

ඇමතිතුමිය දෙස ඍජුවම බැලූ යුවතිය විමසුවා

" තමුන් ඉල්ලන ඕන ගානක්.."

" දේවිකා තමුන් මොනාද කියවන්නේ..?"

රවීන්ද්‍ර කෝපයෙන් විමසුවා යුවතිය චතුංකගේ අත තදින් අල්ලගත්තා

" මැඩම් මැඩම්ගේ පුතාගේ ජීවිතේට මිලක් නියම කරන්න පුලුවන් වුනාට මට මගේ ආදරේට මිලක් නියම කරන්න බැ මට මැඩම්ගේ පුතාව ගොඩක් වටිනවා ඒක මෙච්චර ගානක් කියලා මට කියන්න බැ"

යුවතියගේ පිලිතුර සමග ඇමතිතුමිය ගොලු විය චතුංක ඔහුගේ ප්‍රේමිය දෙස ආදරේ පිරුණු දෑසින් බලා සිටියා

" මැඩම්ලාට මිනිස් ජීවිතයක් සල්ලි වලින් මනින්න පුලුවන් වුනාට අපිට එහෙම බැ මැඩම් අපි දුප්පත් තමයි මැඩම් මැඩම්ගේ පුතාගේ ජීවිතේට සල්ලි වලින් වටිනාකමක් නියම කරන්නේ නැතුව මට කිව්වා නම් එයාගෙන් ඈත් වෙන්න කියලා සමහරවිට මම ඒ දෙයි කරයි ඒත් දැන් නම් මට එහෙම කරන්න බැ මැඩම් මම ඔයාගේ පුතාට ගොඩක් ආදරෙයි මැඩම්..!"

අවසාන වදන් පෙල ඔහුගේ දෑස් දෙස බලාගෙන ඇය පැවසුවා ඉතින් ඔහුගේ දෙතොලතර කලාතුරකින් ඇදෙන අහිංසක හිනාවක් ඇදුනා ඇමතිතුමිය තම හිතුවක්කාර පුතුගේ අවිහිංසක සිනාව දෙස පුදුමයෙන් බලාගෙන හිටියා ඔහු මතක ඇති කාලයක තමන්ගේ ඉදිරියේ සිනා වී නැත ඔවුන් දෙදෙනා මුණගැසුණු හැම අවස්ථාවකම වගේ රන්ඩු වූවා පමනි දේවිකාට තමන්ට පවුලක් සිටින බව අමතක කරමින් දේශපාලනයට අවධානය යොමු කිරීම නිසාවෙන් ඇයට බොහෝ සෙයින් තම සැමියාත් එකම පුතුත් මගහැරී ඇත

" මගේ කොල්ලා හරිම කෙනාව තෝරගෙන.."

රවීන්ද්‍ර ආදරනීය යුවල දෙස බ්ලාගෙන සිහින් හඩින් මිමිනුවා ඔහු පියෙක් වශයෙන් හ්දවතින්ම සතුටු වුනා තම පුතු ගෙවූ වග්කීම් විරහිත සෙල්ලක්කාර දිවි පෙවෙත පිලිබද හොදින් දැන සිටී රවීන්ද්‍ර ඔහුගේ අනාගතය පිලිබද බියෙන් පසුවූවා නමුත් දැන් ඒ පිලිබද බිය වීමට හේතුවක් නොමැත කුඩා යුවතිය තම පුතු වෙනස් කර ඇති බව ඔහුට වැටහුණේ දින කිහිපයකට පෙර ඇය ගැන පැවසූ වෙලාවෙහි ය

" මමී මම මේ කරන ඉල්ලීමක් මගෙන් විහගිව ඈත් කරන්න එපා ප්ලීස් මමී මට එයාව ඕන මම විහගිට ආදරෙයි "

ඔහු පැවසුවේ ඇමතිතුමිය නිහඬව සිටියදී ය ඇය ඔවුන්ගේ පැටලුනු දෑත් දෙස බලා සිටියා රවීන්ද්‍ර නැගිට කුඩා යුවතිය අසලට ගියා රවීන්ද්‍ර තමා ලගට එන බව දුටු යුවතිය අසුනින් නැගී සිටියා

" මේ නසරානියා මනුස්සයෙක් කරාට දුවට ගොඩක් පින් මම දුවට අමුතුවෙන් කියන්න ඕන නැ නේ ඉස්සර මූ හිටපු විදිය ගැන දැන් මෙහෙම වෙනස් වෙන්න හේතුව දුව තමයි කියලා මම දන්නවා "

රවීන්ද්‍ර පැවසූ විට යුවතිය සිනා විය රවීන්ද්‍ර ඇයගේ හිස පිරිමැද්දේ සෙනෙහසිනි

" මගේ දෝනිගේ හිනාවේ හැඩ.."

යුවතියගේ සිනාව දුටු රවීන්ද්‍ර කිසිදු පැකිලීමකින් තොරව තම ලේලිය වර්නනා කලා

" ඔය හිනාව පෙන්නලා තමයි අහිංසක මාවත් අල්ලගත්තේ.."

මෙතෙක් නිහඩව සිටි චතුංක පැවසූ විට යුවතිය ඔහු දෙස රවා බැලුවා

" අල්ලගන්නම වටින මිනිහා නේ උබ ඇත්තටම දෝනි ඔයා ඇයි මූට කැමති වුනේ "

රවීන්ද්‍ර ඇසූ විට යුවතිය පෙර පරිදිම සිනා වූවා විනා කිසිවක් පවසන්නට නොගියා

" ඔයා මගේ ඩැඩී ද නැත්නම් මේකිගේද..?"

චතුංක නොරිස්සුම් සහගත හඩකින් විමසුවා නමුත් ඔහු තම ප්‍රේමිය පියා ලේලිය ලෙස නොව දියනියක් ලෙස පිළිගත් නිසාවෙන් සිතින් සතුටු වූවා

" ඒකි මේකි කියන්න එපා මගේ දෝනිට උබේ කට අනිත් පැත්තට යන්න දෙන්නේ.."

" යසයි වැඩේ ලේලි දුව වෙලා පුතා බෑනා වුනා "

යුවතිය සිනාමුසු මුහුනින් පිය පුතු සංවාදය දෙස බලා සිටියා චතුංකගේ පියා මව මෙන් නොව ඊට හාත්පසින්ම වෙනස් තැනැත්තෙකු බව් මේ කතා බහෙන් ඇයට වැටහුනි චතුංකගේ පියා නිසාවෙන් ඇයට තම පියාව සිහිපත් විය ඔහු ඇයව මවක් නොමැතිව රැක බලාගත් අයුරු ඇයට සිහි විය නෑදෑයන්ගෙන් අසල්වාසීන්ගෙන් දහස් දේවල් අසමින් දුක් විදිමින් ඇයව මේතාක් දුර රැගෙන එන්නට දුක් මහන්සි වූ අයුරු ඇයට සිහිපත් විය

" දෝනි මම ඔයාගේ අප්පච්චි එක්ක කතා කලා.."

රවීන්ද්‍ර පැවසූ විය යුවතිය දෑස් විසල් කරගෙන ඔහු දෙස බැලුවා

" මට පුතා කිව්වා දෝනිගේ අප්පච්චි මේ ගැන මුකුත් දන්නේ නැ කියලා අප්පච්චිගේ අකමැත්තක් නැ චතුංක අප්පච්චි එක්ක කතා කලා "

ඊලගට ඇය බැලුවේ ඇය දෙස සිනාසෙමින් බලා සිටින හිතුවක්කාර දෙස කොයිවෙලෙත් අප්පච්චිගෙ ඉක්මනට දෝනිව ඉල්ලගන්න ඕන කිව්වට ඔහු මෙතරම් ඉක්මනට තම පියා හමුවට යයි කියලා ඇය හීනෙකිවත් නොසිතුවා

" දැන් කවුරු අකමැති වුනත් මේ කසාදේ නවත්තන්නේ නැ "

රවීන්ද්‍ර ස්ථිර හඩින් පැවසුවේ දේවිකා දෙස ද ඇස් කොනින් බලමින්

" බබා මට බඩගිනියි..!"

චතුංක කුඩා දරුවෙක් කෑගසා පැවසුවේ රවීන්ද්‍ර එයට සිනා සෙද්දී

" සර්ත් මැඩම් එක්ක කන්න ඉන්න මම උයලා තියෙන්නේ  "

" මම දෝනි කියද්දී මට සර් කිව්වාම හරි ද දරුවෝ ඔයා මගේ දුව මට අප්පච්චි කියන්න "

රවීන්ද්‍ර යුවතියගේ හිස පිරිමදිමින් පැවසුවා

" හරි අප්පච්චි.."

සිනා වී ඇය පැවසුවා යුවතිය එතැනින් පිටව යද්දී චතුංක ඇය පිටුපස  කුස්සිය වෙත පිවිසුනා

" තමුසේ මගේ ඩැඩීවත් තමුසෙගේ පැත්තට නම්ම ගත්තා "

ඇය අසලට ගොස් චතුංක පැවසුවා

" මේක ගෙනිගින් මේසෙන් තියන්න "

ව්‍යංජන පිරුනු දීසියක් ඔහුගේ අත් මතින් තබමින් යුවතිය පැවසුවා යුවතිය දෙසත් දීසිය දෙසත් වරින් වර බැලූ ඔහු එතැනින් පිටව ගියේ ඇය සිනාකින් ඒ දෙස බලා සිටියදී ය.

" ම්ම්ම් හොද සුවදක් එනවා.."

කෑම මේසයේ අසුනක ඉදගත් රවීන්ද්‍ර පැවසුවා

" බබා මට කවන්න.."

ඔහුගේ පිගානට බත් සහ ව්‍යංජන ය්හමින් බෙදා ඔහු ඉදිරියෙන් යුවතිය තැබූ පසු ඔහු පැවසුවා ඇය දෑස් වලින් ඔහුගේ දෙමාපියන් පෙන්වන ලදි

" මොකද්ද බබා තමුසේ හැමදාම යුනි එකේ දී මට කවන්නේ අද බැරි මොකද..?"

" රන්..!"

රවින්ද්‍ර සහ දේවිකා ඔවුන් දෙදෙනා දෙස බලා සිටියා රවීන්ද්‍ර ඒ දෙස සිනාමුසු මුහුනින් බලා සිටියත් දේවිකා සිටියේ වේදනාවෙනි ඒ අතීතයේ සිදුවීමක් සිහිපත් වීමෙනි ඒ කුඩා චතුංක ඔහුට කවන මෙන් ඇයගෙන් ඉල්ලීමක් කල විට ඇය ඔහුට බැන වැදුනු අයුරු සිහිපත් වීමෙනි

" තමුසේ කවන්නේ නැත්නම් මම කන්නෙත් නැ "

ඔහු බත් පිගාන ඉදිරියට තල්ලු කරන ගමන් පැවසුවා ඔහුගේ හිතුවක්කාර ක්‍රියා පිලිබද ඇය දැනුවත් නිසාවෙන් බත් පිගාන ඇය ඔහුට කවන්නට පටන් ගත්තා

" මූ හැමදාම මෙහෙම ද දෝනි..?"

සියල්ල දෙස නිහඩව බලාගෙන සිටි රවීන්ද්‍ර අවසානයේ විමසුවා

" ගොඩක් වෙලාවට අප්පච්චි.."

යුවතිය සිනාමුසු මුහුනින් පිලිතුරු දුනි දේවිකා බලා සිටියේ යුවතියට ඉගිබිගි පාමින් ඇය කවන බත් කටවල් අනුභව කරන තම පුතු දෙස ය ඔහුගේ දෑස් වල යුවතිය වෙනුවෙන් ලියවී ඇති ආදරය හදුනා ගැනීමට දේවිකා හට හැකි විය ඇයගේ දෙනෙත් දෙනෙත් තෙත් වූයේ නිරායාසයෙනි දේශපාලන නිසාවෙන් තමාට බොහෝ සෙයින් තම පුතු මගහැරී ඇති බව දේවිකාට අද තේරුම් ගියා

ඇයට චතුංක හට බත් කටක් කැවූ දිනයක් මතකයේ නැත ඔහු හා වාඩි වී කතා බස් කල දිනයක් ගැන ඇයගේ මතකයේ නැත ඔහු කෑවේ ද බිව්වේ ද යන වගවත් ඇය සොයා නොබැලුවේ ඔහුගේ සියලු කටයුතු නිවසේ සේවිකාවන්ට භාර ඇය දේශපාලන කටයුතු සදහා වෙහෙස විය මවකගෙන් ඉටුවිය යුතු යුතුකම් ඇයගේ අතින් මග හැරී තිබුනි චතුංක මේ තරම් මවගෙන් ඈත් වූයේ ඒ නිසාවෙන් වන්නට ඇති ය.

දේවිකාගේ තෙත් වූ දෑස් දුටු රවීන්ද්‍ර ඇයගේ අතක් අල්ලාගෙන පිරිමැද්දේ දුක් නොවන ලෙස අගවමින් දේවිකා රවීන්ද්‍ර දෙස බැලුවේ මහත් පසුතැවීමෙනි දේශපාලන තුල තමන් කොයිතරම් සාර්ථක වුවද බිරිඳක් ලෙස මවක් ලෙස තමන් අසාර්ථක යැයි දේවිකාට හැගුනි ඇය රවීන්ද්‍ර දෙස බලා සිටියේ සමාව ඉල්ලමින් එයට කිසිවක් නොපවසා රවීන්ද්‍ර සිනහක් පමනක් ඇයට තිළිණ කලා

වසර කිහිපයකට පසු......

සීතල නුවරඑළි නගරයේ හෝටල් කාමරයක සැදැල්ලට වී සිටියේ මීට වසර කිහිපයකට පෙර සිටි විශ්වවිද්‍යාල සිසුවෙකු වූ චතුංක තුශාන් නම් වේ ඔහු දැන් දක්ෂ ව්‍යාපාරිකයෙකි සැදැල්ලේ පුටුවක් මතින් වාඩි වූ ඔහු තම ජංගම දුරකථනය ගෙන මුහුනුපොත විවර කලා මුහුනුපොතේ පිටු පුරා පැවතියේ ඔහුගේත් ඇයගේත් දිවියේ සුවිශේෂීම දිනය පිලිබදවයි

ව්‍යවසායක රවීන්ද්‍ර විජේසිංහයන්ගේ හා හිටපු ඇමතිතුමියක වන දේවිකා විජේසිංහයන්ගේ එකම පුතු වන චතුංක තුශාන්ගේ විවාහය පිලිබද සියලු දෙනා කතා බස් කරන්නට වූවා ඊට හේතුව වූයේ වසරේ පැවැත්වූ උත්කර්ෂවත්ම විවාහ මංගලෝත්සවය නිසාවෙනි

කෝපි උගුරක් පානය කරමින් ඔහු ඔවුන්ගේ විවාහ උත්සවයේ ජායාරූප නරබමින් සිටියා මේ දිනය වෙනුවෙන් ඔවුන් දෙදෙනා කෙතරම් දින ගැන්නා ද..? ඉදින් අද දිනයේ උදෑසන උදා වුයේ ඒ දින ගැනීම් වලට තිත තබමින් ය

" රන්..!'

ජායාරූප දෙසට හැරී තිබුණු දෑස් යොමු වූයේ ඇය දෙසටය රෝස පැහැති පිජාමා ඇදුමකින් සැරසී සිටි අද දිනයේ නීතියෙන් තමන්ගේ නමට ලියාගත් ඔහුගේ කිරිල්ලිය යි.දැන් ඇය ඔහුගේ සුරූපි බිරිදයි වෙනදා වගේම සුන්දර සිනාවකින් මුව සරසා ගත් ඔහු දෙස බලා සිටියා ඔහු ඇයට අතින් ලගට එන මෙන් කතා කලා යුවතිය ඔහු අසලට ගොස් සිටි ගනිද්දී ඔහු ඇයගේ අතකින් ඇද තම උකුලේ වාඩි කරගත්තා

" මේ සීතලේ නෑව ද බබා..?"

යුවතියගේ තෙත හිසකෙස් අතරේ අතැගිලි යවමින් ඔහු ඇසුවා

" හ්ම්ම්.. නෑවාම සනීපයි.."

කුඩා දැරියක මෙන් සිනා සී ඇය පැවසුවා ඔහු භාගයක් බී අවසන් කල කෝපි කෝප්පය ඇයගේ දෑත් මතින් තැබුවේ එය බොන මෙන් ඉගි කරමින්

" මට නම් තාම මේක හීනයක් වගේ රන්.."

කෝපි උගුරක් බී ඇය පැවසුවා

" මොනාද..?"

යුවතියගේ ඉන වටා දෑත් යැවූ ඔහු විමසුවා

" අපි මැරි කරපු එක මම හිතුවේ නැ අම්මා මට කැමති වෙයි කියලා "

" මමීගේ හිත මේ කෙල්ල කතාවෙන්ම දිනාගත්තා නේ "

ඇයගේ රෝස කොපුලක් මත හාදුවක් තවරමින් පැවසුවා

" මමී politics වලින් අයින් වුනු එක ගැන මට සතුටුයි බබා ඔය දේවල් නිසා එයාට එයාවම මගහැරුනා මමී වටා හිටපු මිනිස්සු ඒකට ලොකු හේතුවක් වුනා දැන් වෙනදාට වඩා  ඩැඩීත් සතුටින් ඉන්නවා "

චතුංක හිනාවක් සමග පවසද්දී ඇ‍යත් සිනා විය

" ඒක නෙවෙයි බබා මමී අපි එන්න හදපු වෙලාවේ මොනාද කිව්වේ..? හනිමූන් බබෙක්වත් ඉල්ලුවද..?"

දගකාර හිනාවක් සමග ඔහු ඇසුවා යුවතියගේ කන් පෙති රත් පැහැයට හැරුනේ ඔහුගේ කතාවට

" විකාර ද අනේ..?"

රත් පැහැ ගැන්වුණු කොපුල් ඔහුගෙන් සගවන්නට තැත් කරමින් යුවතිය පැවසුවා ඇයගේ වත තමන්ගේ දෙසට හරවාගත් ඔහු යුවතියගේ කොපුලක් රලු ඇගිල්ලකින් පිරිමැද්දා ඔහුගේ මත් වුනු දෑස් ඇයගෙන් ඉල්ලන දේ යුවතියට නොතේරුනාම නෙවෙයි

" බබා...!"

යුවතියගේ රෝස දෙතොල් දෙස බලමින් ඔහු කතා කලා ඇය ඔහුට පිලිතුරු නොදී ඔහු දෙස බලා සිටියා

" මං ආදරෙයි පැටියෝ...!"

ඔහු ආදරය වදනින් ප්‍රකාශයට පත් කරනුයේ කලාතුරකිනි ඇය ආදරේ පිරුනු දෑසින් තම සැමියා දෙස බලා සිටියා

" මාත් ආදරෙයි රන්..!"

හුගේ ගෙල වටා දෑත් බැඳගත් ඇය ඔහුගේ දෑස් දෙස බලාගෙන පැවසුවා තවත් තත්පරයක් හෝ නාස්ති නොකල ඔහු ඇයගේ දෙතොල් තම දෙතොලින් අල්ලාගත්තේ අනුරාගී හෝරා කිහිපයකට ආරාධනා කරමින්...

සමාප්තයි..!

Bạn đang đọc truyện trên: AzTruyen.Top