හතරවැනි දිගහැරුම
දින කිහිපයක් ගෙවි ගියේ යුවතියගේ සිත තවත් වේදනාවට පත් කරමින් යුවතිය ඔහුට බැන වැදුනු දිනයට පසු ඇයට ඔහුගේ රුව දැක ගන්නට නොලැබුනා ඔහු පැවසූ පරිදි යලි ඔහු යුවතියගේ ඇස් ඉදිරියට නෑවිත් ඉදීදෝයි ඇයගේ සිත වද දුන්නා එදින සිතේ තිබූ දුකට කෝපයට ඔහුට එසේ බැන වැදුනාද පසුව එය සිහි වන විට චතුංකට වඩා රිදුනේ ඇයට ය.
සුපුරුදු පරිදි අද දිනයේ ද යුවතිය විශ්වවිද්‍යාලය කරා පැමිනියේ ඔහුගේ රුව දැක ගැනීමේ ආසාව සිතෙහි තුරුල් කරගෙන ය. දෑස් විශ්වවිද්‍යාල භූමිය පුරා යවමින් ඇය ඔහුගේ රුව සෙව්වා පොත් කිහිපයක් පපුවට තුරුල් කරගත් ඇය දේශන ශාලාව දෙසට ගමන් කලා ඒ ගමන අතර මගදී යුවතියගේ ඇස ගැටුනේ ඔහුගේ හොදම මිතුරා වූ හේෂාන් ය. යුවතිය දුටු සැනින් ඔහු ඇයට රැව්මක් පා කරමින් පිටව යන්නට වූයේ යුවතිය පුදුමයට පත් කරමින් ඇයට ඔහුගෙන් තම නපුරු පෙම්වතා පිලිබද විමසන්නට අවැසි වුවද එයට හේෂාන්ගෙන් ඉඩ නොලැබුනේ ඇයගේ හඩ නෑසුනා සේ පිටව ගිය නිසාවෙනි
දෑස් තෙත් කරමින් කදුලු බිදු මෝදු වෙද්දී පොත් මිටිය තදින් අල්ලාගත් ඇය බිම බලාගෙන දේශන ශාලාව වෙත පියමැන්නා
' ඔයා කොහෙද රන්...? ඇයි මට පේන්නවත් එන්නේ නැත්තේ...? මම ඒ දේවල් කිව්වේ හිතලා නෙවෙයි මට කේන්ති ගියා දෙවියනේ...! අනේ මට සමා වෙලා ආපහු එන්න රන්..මම ඔයා කියන හැමදෙයක්ම අහගෙන ඉන්නම් හේෂාන් අයියාත් අද මට රවාගෙන ගියා ඔයා හොදින් ඉන්නවා නේද රන්..? අනේ මට බයයි..! '
යුවතිය අද දිනයම ගෙවා දැමුවේ හැඩූ කදුලින් ක්‍රිෂානි ද ඇයගේ මව අසනීපයෙන් නිසාවෙන් මව බැලීමට ගියා එබැවින් යුවතිය සිටියේ තනිවම ය උදෑසන විශ්වවිද්‍යාලයට ගිය ඇදුම පිටින් කාමරයේ මුල්ලකට වී සිටියා උදෑසන සිටම හැඩූ නිසාවෙන් යුවතියගේ දෑස් රත් පැහැයට හැරි තිබිනි කොපුල් දිගේ තවමත් කදුලු බිදු ගලා යමින් පැවතුනා
එදින ඇය චතුංකට බැන වැදුනු අයුරුත් ඉන් පසු ඔහු එයට ප්‍රතිචාර දැක්වූ අයුරුත් යුවතියගේ දෑස් මානයේ චිත්‍රපටයක් මෙන් මැවී පෙන්නට විය අවසානයට ඔහු පැවසූ වදන් කිහිපය යුවතියගේ හද පත්ලේ තදින් සටහන් වී තිබිනි කෙහෙරැලි අතරේ අතැගිලි යැවූ යුවතියගේ මුවින් උස් හඩින් ඉකියක් පිට වුනා විදුලි බුබුලක් හෝ නොදැල් වූ කුටියේ අදුර මදක් හෝ මැකී ගියේ අහස් කුස ආලෝකමත් කරමින් පායා තිබූ චන්ද්‍රයා නිසාවෙනි
හඩමින් සිටි යුවතිය තිගැස්සී ගියේ ඇයගේ දුරකථනය නාද වන්නට පටන් ගත් නිසාවෙන් ඇද මත තිබූ දුරකථනය ගත් ඇය ඇමතුමට පිලිතුරු බදින්නට විය
" හෙ..ලෝ.."
බොහෝ වේලාවක් හැඩූ හෙයින් ඇයගේ හඩ වෙව්ලන්නට විය
" මම බෝඩිම ඉස්සරහ ඉන්නේ ඉක්මනට එන්න.."
" හේෂාන් අයියේ...!"
" මට උබව හුරතල් කරන්න වෙලාවක් නැ ඉක්මනට වරෙන්.."
එපමණක් පැවසූ හේෂාන් ඇමතුම විසන්ධි කලා යුවතිය දෑස් විසල් කරගෙන දුරකථනය දෙස බලා සිටියා පාන්දර එකත් පසු වී ඇති විටක හේෂාන් ඇයට එන්න කියන්නේ ඇයි දැයි යුවතිය සිතන්නට විය
" රන්ට කරදරයක්වත් ද..? නැ නැ එයා හොදින් ඇති විකාර නොහිතා හිටපන් විහගි.."
තනියම මුමුනමින් යුවතිය තම දුරකථනය රැගෙන බෝඩිං කාමරයෙන් පිටතට පැමිනියා ඇය එනතුරු හේෂාන් ඔහුගේ යතුරු පැදියට හේත්තු වී බලා සිටියා
" හේෂාන් අයියේ..?"
යුවතියගේ හඩ ඇසුනු සැනින් හේෂාන් ඇය දෙස බැලුවා ඇය සිටින අයුරු දුටු විට ඔහුගේ දෑස් විසල් විය උදෑසන ඇද සිටි ඇදුමින්ම අවුල් වූ හිසකෙස් රත් පැහැයට හැරුනු දෑස් ඇයගෙන් ඉස්මතු කරන ලද්දේ උන්මත්තිකාවගේ පෙනුමකි
" අයියේ..රන් හොදින් ද..?"
වෙව්ලන සිහින් හඩකින් ඇය විමසුවා
" අනේ ඔව් ඌ පට්ට හැපි එකේ ඉන්නවා කොච්චර හැපි එකේ ඉන්නවා ද කියනව නම් තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් උබට යන්න වෙන්නේ නංගි උගේ මලගෙදරට "
හේෂාන් සමච්චල් සහගත හිනාවක් සමග පැවසුවා ඔහුගේ වදන් හමුවේ යුවතියට දැනුනේ ඇයගේ දෙපා අප්‍රාණික වන බවකි දෑස් විසල් කරගෙන හේෂාන් දෙස බලා සිටි යුවතිය අඩියක් පිටුපසට තැබුවා යුවතිය දෙපා අප්‍රාණිකව වැටෙන්නට යද්දී හේෂාන් ඇයගේ අතකින් අල්ලගත්‍තා
" අයියේ..?"
බිම බලාගෙන සුසුමක් පහත හෙලූ ඔහු යුවතිය දෙස බැලුවා
" ඌ හොදින්..! ලොකු ඩැමේජ් එකක් නැ "
" මො..ක..ද.. වු.නේ..?"
වචන අමාරුවෙන් ගැට ගසාගනිමින් යුවතිය විමසුවා
" ඌ කා එක ගහක හප්පගෙන කෙලින් හිටගන්න බැරි වෙන්න ඩ්‍රින්ක්ස් අරගෙන හිටියේ.."
" එයා එහෙම ඩ්‍රින්ක්ස් ගන්නේ නැ අයියේ.."
වෙව්ලන දෙතොලින් ඇහෙන නෑහෙන ගානට ඇය මිමිනුවා
" ඒ උබ හින්දා නංගි...! ඌ ගැන උබ හොයනවා කියලා දන්න නිසා ඌ පරිස්සම් වුනා ආන්ටිවත් චතුකයා ගැන හොයන්නේ නැති කොට නංගි කෝල් කර කර හොයද්දී ඌ මාර විදියට සතුටු වුනා බන් ඌ උබට පට්ට විදියට ආදරෙයි නංගි උබලා දෙන්නා දෙපැත්තට වෙලා දුක් විදිනවා මට බලාගෙන ඉන්න බැ ඌ මගේ සහෝදරයා මම කවදාවත් චතුකයා මෙච්චර කඩාගෙන වැටිලා ඉන්නවා දැකලා නැ අද මම නංගිව මෙච්චර රෑ වෙලා හම්බ වෙන්න ආවේ අද මේකෙන් දෙකක් එකක් විසදගන්න ඕන නිසා "
හේෂාන් එසේ පවසා අවසානයේ යුවතිය දෙස බැලුවේ ලොකු කතාවක් අරබන්නට මෙනි යුවතිය තෙත් වුනු දෑසින් වෙනත් බලාගෙන විසල් කල්පනාවක සිටියේ එක දිගට සිදුවන සිදුවීම් ඇයගේ සිතට එක් කලේ විසල් බරකි
" නංගි..! චතුකයාගේ අම්මා කවුද කියන්න නංගි දන්නවා නේ ඉතින් මේ හැමදේටම මුල එයා තමයි ලංකාවම දන්න දේවිකා විජේසිංහ ඇමතිතුමිය...! උබලා දෙන්නා ගැන ආන්ටි දැනගෙන චතුකයාට තර්ජනය කරලා තිබුනා සම්බන්ධය නැවැත්තුවේ නැත්නම් නංගිව මරනවා කියලා ඒකයි උබෙන් ඌ ඈත් වුනේ නැතුව ඌ මාත් එක්ක දාපු ඔට්ටුවක් නැ බන් "
යුවතිය ඉකි ගසමින් හඩන්නට පටන් ගත්තා ඇයට මේ දේවල් තවත් දරාගැනීමට තරම් ශක්තියක් කායික මෙන්ම මානසිකව ද නොතිබිනි දින ගනනාවක් පුරාවට නිසි නින්දක් නොමැතිව කුසට නිසි අහරක් නොමැතිව යුවතිය කායිකව දුර්වල වී සිටියා
" එ...යාට ම...ට කි..ය..න්..න ති..බුනා...!"
" කිව්වා නම් උබ ඈත් වෙයි ද..? මැරෙන්න හරි චතුකයා එක්ක ඉන්නවා කියලා දන්න නිසා තමයි නොකියා හිටියේ අනික උබව ඈත් කරන්න ලොකු හේතුවක් ඕන වුනා ඒ නිසා තමයි ඔට්ටුවක කතාවක් ඇදලා ගත්තේ
කිව්වා නම් පිලිගන්නවත් එදා ඌ කතා කරන්න ආපු වෙලාවේවත් කතා කරන්න දුන්නා ද..? උබ දුක් වින්දා තමයි මම නැ කියන්නේ නැ උබ විදෙව්වාටත් වඩා ඌ විදෙව්වා නංගි එදා නංගිට බැනලා ගියාට ඌ මුලු රෑම ඒ ගැන කියව කියව හිටියා බලාගත්තු අත බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා නංගිගේ ෆොටෝ දිහා බලාගෙන තනියෙන් කතා කරන්න පටන් ගත්තා මුගේ වෙනස තේරුනු අංකල් මුගෙන් විස්තර අහලා අංකල් ආන්ටි එක්ක ඒ ප්‍රශ්නය කතා කරන්නම් කිව්ව හින්දා තමයි එදා නංගි එක්ක ඇවිත් කතා කරේ ඒත් ඔයාට ඌ එක්ක කතා කරන්න ඕන වුනේ නැ නේ "
අන්තිම වදන් පෙල කට කොනින් නැගුණු සමච්චල් සහගත හිනාවක් එක්ක පැවසුවා යුවතිය ඉකි ගසමින් හැඩුවා කෙදිනකවත් නොමැති අයුරින් එදින ඔහුට බැන වැදුනු අයුරු සිහි වන විට ඇයට දැනුනේ ලය සිරව යන්නාක් මෙනි
" ම..ට.. එ.යාව... බ..ලන්න ඕන..!"
අපහසුවෙන් හැඩුම් නවතාගත් යුවතිය රිදුම් දෙන ලය අතක් තබාගෙන පැවසුවා යුවතිය දෙස මදක් බලාගෙන සිටි හේෂාන් හිස වැනුවේ ඇය හා එකග වෙමින් හේෂාන්ට අවශ්‍ය වූයේ තම සොහොයුරා බදු මිතුරාගේ ප්‍රශ්නය විසදීමටයි මෙය ඔහුට මීට බොහෝ කලකට පෙර සිදු කරන්නට තිබූ කටයුත්තකි නමුත් එයට හිතුවක්කාර ඔහුගෙන් ඉඩ්ක් නොලැබුනු නිසාවෙන් ඔහු පසු බැස්සා
යුවතිය හේෂාන්ගෙන් ලැබුනු අවසරය සමග ඔහුගේ යතුරු පැදියට නැගුණේ සියලු දුක් වේදනා අවසන් කර ඔහු හා පෙර ලෙස සිටීමේ අරමුණ පෙරදැරි කරගෙන ය නමුත් යුවතියගේ සිතේ කොනක බියක් පැවතියේ ඔහු කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්නයි යුවතිය ඇයගේ හිතුවක්කාර පෙම්වතා දුක් වේදනා පිට කරන්නේ කෝපය ලෙසිනි ඉතින් ඇය ඔහු අසල කෙතරම් පන්ඩිත කතා කියමින් සුරතල් වුවත් ඔහු කෝප ගත් විට යුවතිය හා පැටවෙක් මෙනි
විනාඩි කිහිපයක් ගත වූ කල්හි යුවතිය රැගත් යතුරු පැදිය චතුංකගේ විසල් මන්දිරයට ඇතුල් වුනා මන්දිරය පුරා ඇස් යවමින් යුවතිය යතුරු පැදියෙන් බැස ගත්තා හේෂාන් ඉස්සර වෙලා යද්දී යුවතිය ඒ පසුපසින් ඇදුනා මන්දිරයේ දොර විවර කරමින් දෙදෙනා මන්දිරය තුලට පිවිසියා
" මූ කට්ට කරුවලේ මොන මගුලක් කරනව ද මන්දා.."
පැතිරි තිබුනු ඝන අදුර හේතුවෙන් හේෂාන් පැවසුවා ඔහු දුකරථනයේ flashlight දල්වාගෙන ගොස් නිවසේ විදුලි පහන් දැල්වූවා
" එයා තනියෙන් ද ඉන්නේ අයියේ..?"
කවුරුවත් පේන්නට නොසිටි නිසාවෙන් යුවතිය ඇසුවා
" නැ අන්කල් ඉන්නවා තව ගෙදර වැඩට කට්ටිය ඉන්නවා මේ දවස්වල අන්කල් කොළඹ ගිහින් ගෙදර වැඩට හිටපු අය නම් මූ කෑගහලා එලවගෙන "
" රන් කොහෙද...?"
" උඩ කාමරේ ඇති..! නංගි පරිස්සමින් හරි ද..? ඕකාට යකා වැහිලා ඇත්තේ.."
" එයාගේ යකාට මම බය නැ අයියේ කොහෙද එයා.."
යුවතිය සියුම් කේන්තියක් සමග හේෂාන්ගෙන් විමසුවා
" උඩට ගියාම දෙවැනි රූම් එක "
හේෂාන් කියූ සැනින් ඔහුට තවත් වචනයක් හෝ කීමට ඉඩ නොතැබූ යුවතිය ඉක්මන් අඩි තියමින් ඉහල මහල වෙත පියනැගුවා
" මිනිහාටම හරි යන ගෑනි.."
යුවතිය පියගැට පෙල නගිමින් යන දෙස බලාගෙන සිටි හේෂාන් මිමිනුවේ සිහින් සිනාවක් සමගිනි නිවසේ ඉහල මහල වෙත පැමිනි යුවතිය චතුංකගේ කාමරය ඉදිරිපිට සිටගත්තා සුසුමක් හෙලූ ඇය කාමරයේ දොරට තට්ටු කරනවත් සමග දොර ඇරිනි දොර අඩවල් කර පැවති බව තේරුම් ගත් යුවතිය දොර ඇරගෙන කාමරය තුලට පිවිසියා කාමරයට පිවිසි මුල්ම තත්පරයේ ඇයට දැනුනේ සිගරට් ගදකි නලල රැලි කරගත් ඇය අදුරේ ගිලි ඇති කාමරය දෙස මදක් බැලුවා බිත්තිය අල්ලමින් ගොස් කාමරයේ විදුලි පහන් දැල්වූවා විදුලි පහනේ ආලෝකයෙන් දිස් වන කාමරය දුටු විට යුවතියගේ දෑස් විසල් විය
කාමරය සම්පූර්ණයෙන්ම කනපිට හරවා ඇත තැන තැන වැටි තිබුණු විවිධ වර්ගයේ මත්පැන් බෝතල් කැඩී ගිය විදුරු කැබැලි තැන තැන විසිරි තිබුණු පොත් සිගරට් කැබැලි දුටු යුවතියට දැනුනේ අධික කෝපයකි අවසානයේ යුවතියගේ නෙත ගැටුනේ ඇද අසල බිම ඇයට පිටුපා වාඩි වී සිටින ඔහුය.
" ඔය &%# වහපන් හේෂා..."
චතුංක ගැඹුරු කටහඩකින් පවසා දුම් වලාවක් වාතලයට පිට කලා නාසය හකුලුවා ගත් ඇය ඔහු අසලට වේගවත් අඩි තියමින් ගිය යුවතිය ඔහුගේ අත රැදි සිගරට්ටුව උදුරාගෙන විසි කර දැමුවා හේෂාන් කියා සිතා ඔහුට බැනීමට මුව විවර කල ඔහු ලොප් වූයේ කිසි විටෙක මෙවැනි අවස්ථාවක බලාපොරොත්තු නොවුනු ඔහුගේ කිරිල්ලියගේ රුව නෙත ගැටුනු නිසාවෙනි
" තමුසේ මොනාද මෙහේ කරන්නේ..?"
කිසිදු තෙතමනයක් නොමැති හඩකින් ඔහු විමසුවා
" මට ඕන හින්දා..."
යුවතිය ද ඔහුට නොදැවිනි හඩකින් පැවසුවා ඇය දෙස මද වේලාවක් බලාගෙන සිටි ඔහු අසල තිබූ අඩක් අවසන් කල මත්පැන් බෝතලය අතට ගත්තා ඔහුගේ ක්‍රියාවෙන් යුවතියගේ කෝපය තවත් වැඩි වූවා පමනි ඔහු එය පානය කිරීමට පෙර ඉක්මන් වූ යුවතිය ඔහුගේ අතින් මත්පැන් බෝතලය ඇද ගත්තා
" මෙහෙ දීපන්.."
ඔහු කෝපයෙන් ගිගිරුවේ යුවතිය මදක් තිගැස්සී යද්දී ය
" බැ..! "
යුවතිය ස්ථිර හඩින් පැවසුවා
" මාව යකෙක් කරගන්නේ නැතුව ඕක දීලා මෙතනින් පලයන්.."
" ඔයාගේ යකාට මම බය නැ මම මෙතනින් යන්නේ නැ එච්චරයි "
ඔහු රත් පැහැ දෑසින් ඇය දෙස බැලුවා කෝපය නිසා ද එසේ නැත්නම් ඇල්කොහොල් නිසාවෙන් දෑස් රත් පැහැ වී ද යන්න සිතා ගත නොහැකිව යුවතිය සිටියා ඔහුගේ රක්ත වර්න දෑස් වල ඇති රෞද්‍ර බව හේතුවෙන් යුවතිය සසැලී ගියා
" උබට මොනාද ඕන..."
යුවතිය දෙස ඍජුව බලාගෙන ඔහු විමසුවා
" ඔයාව...!"
ඔහු දෙස බලාගෙනම යුවතිය පැකිලීමකින් තොරව පිලිතුරු දුන්නා යුවතියගේ පිලිතුර හමුවේ ඔහු වියරුවෙන් මෙන් සිනාසෙන්නට විය යුවතිය දෑස් තදින් පියාගත්තේ ඔහුගේ වියරු හිනාවේ අර්ථය ඇය හොදින්ම දන්නා නිසාවෙනි
" උබට මොකට ද මාව ඕන...?"
කට කොනින් ඇදුනු සමච්චල් සහගත හිනවක් එක්ක ඔහු විමසුවා යුවතිය නිහඩව ඔහු දෙස බලාගෙන සිටියා
" ම්ම්.. උබට මාව ඕන පලිගන්න ද..? මට රිද්දන්න ද..? "
යුවතිය හිස දෙපසට වැනුවේ එසේ නොමැති බව හගවන්න
" උබ මාව නොමරා මරනවා බන්...! උබට ඕන වුනා වගේම මම විදවනවා "
" අනේ.."
" ඇයි උබ අඩන්නේ..? හිනා වෙයන් උබට මේක නේ වෙන්න ඕන වුනේ..? මං පිස්සෙක් වෙලා යකෝ උබ නැතුව පිස්සෙක් වෙලා.."
ඔහු පවසද්දී අත රැදි මත් පැන් බෝතලය පසෙකින් තැබූ ඇය හඩමින් ඔහු අසලින් වාඩි වී ඔහුගේ අතකින් අල්ලගත්තා
" මට සමාවෙන්න රන්...! අනේ මම දන්නේ නැ ඒ වෙලාවේ මොනද කිව්වේ කියලා හිතේ තිබුණු දුකට මම කෑගහන්න ඇති ඔයාට කතා කරන්න දුන්නෙත් නැ මම මහ මෝඩියක් වගේ හැසිරෙන්න ඇති අනේ මට සමාවෙන්න "
ඉකි ගසමින් හඩමින් සමාව ඉල්ලන යුවතිය දෙස ඔහු බලාගෙන හිටියා ඔහු මේ ලෝකේ දකින්න අකමැතිම දේවල් අතරින් ඉහලින්ම තියෙන්නේ ඇයගේ කදුලු ඉතින් ගෙවුණු දින කිහිපයේ ඇය තමන් නිසාවෙන් කොයිතරම් කදුලු සලන්නට ඇති ද..?
" මාව මරපන් බන්..."
" අනේ එහෙම කියන්න එපා හැමදේටම මුල මං මම එදා මෝඩියෙක් වගේ කෑගහන්නේ නැතුව ඔයා කියන දෙයක් අහන්න තිබුනා එහෙම වුනා නම් මේ මුකුත් වෙන්නේ නැ ඔයා ඇක්සිටන්ට් වුනෙත් මං නිසා මට සමාවෙන්න රන්..! "
යුවතිය ඔහුගේ අත පපුවට තුරුල් කරගමින් පැවසුවා ඔහු පුදුමයෙන් දෑස් විසල් කරගෙන ඇය දෙස බැලුවා
" මම කොහෙද ඇක්සිටන්ට් වුනේ.."
" හේෂාන් අයියා කිව්වේ.."
" උගේ බොරු බන් මම ඇක්සිටන්ට් වුනේ නැ "
" එතකොට මේ අත.."
යුවතිය ඇසුවේ වෙලුම් පටි වලින් ඔතා ඇති ඔහුගේ අත පෙන්වමින්
" වීදුරුවකට කැපුනේ.."
" මට සමාව දෙනව ද..?"
ඔහුගේ අතක් කොනිත්තමින් කුඩා දැරියක මෙන් විමසුවා
" ඒ මොකටද තමුසෙගේ ඇස් ඉස්සරහට එන්න එපා කියලා මාව එලවගත්තේ "
යුවතිය කිසිවක් නොකියා බිම බලාගත්තේ සිතින් තමාටම බැනගනිමින් තත්පර කිහිපයක් ගත වන විට ඔහුට තේරුනා යුවතිය හඩනා බව ඉතින් තවදුරටත් ඇයව ඈත් කර තැබීමට ඔහුගේ සිත ඉඩ නොදුනි ඇය තම නිරුවත් පපුවට තුරුල් කරගත්තා
" දැන් ඇති ඇඩුවා ඒ හැමදේම වෙලා ඉවරයි පැටියෝ..! තමුසෙගේ දුක සාධාරණයි ඒත් එක තත්පරේකට මම කියන දේ අහන්න තිබුනා මම කවදාවත් තමුසෙට වරදක් කරන්නේ නැ තමුසෙගේ හොදට හැමදේම කරෙත් කරන්නෙත්..! මාව විශ්වාස කරපන් මගේ ආදරේ විශ්වාස කරපන් කිරිල්ලියේ..!"
යුවතියගේ හිසකෙස් අතරේ අතැගිලි යවමින් ඔහු පැවසුවා
" සොරි..!"
සිහින් හඩකින් යුවතිය මිමිනුවා
" මටත් සමාවෙන්න "
යුවතියගේ මුහුන තමන්ගේ දෙසට හරවාගත් ඔහු ඇයගේ කදුලින් තෙත් වූ කොපුලක් පිරිමදිමින් පැවසුවා යුවතිය දෙස මද වේලාවක් බලාගෙන සිටි ඔහු ඇයගේ සීතල දෙතොල් පෙති මතින් ඔහුගේ රලු දෙතොල් තැබුවා සති කිහිපයකින් පසු ලැබුනු ඔහුගේ පහස ආදරයෙන් විදගනිමින් යුවතිය දෑස් පියාගත්තා ඉතින් කාලයට පසු ලැබුනු ආදරනීය ස්පර්ශය හමුවේ ඔවුනොවුන් ඔවුන්ගේම ලෝකය තනි වුනා
මතු සම්බන්ධයි...!
අවසාන කොටසින් හමුවෙමු
Bạn đang đọc truyện trên: AzTruyen.Top