පස්වන දිගහැරුම

පසුදින උදෑසන චතුංක ඇහැරුනේ නාද වන ඔහුගේ ජංගම දුරකථනය නිසවෙනි ඒ පිලිබද තැකීමක් නොකල ඔහු අනෙක් පස හැරී නිදන්ට සැරසුරනත් එය කිරීමට නොහැකි වූයේ ඔහුගේ නිරුවත් පපුවට තුරුලු වී සුව නින්දක පසු වන ඇය නිසාවෙනි දෑස් විවර කල ඔහු සා පැටියෙකු සේ ඔහුගේ උනුසුමට ගුලි වී නිදාගෙන සිටින ඇය දෙස බලා ආදරනීය සිනාවක් පෑවා හැමදාම උදේට දෑස් අරින විට ඇයව මෙසේ දකින්නට ඇත්නම් කියා ඔහුට සිතුනි එම සිතුවිල්ලත් සමග ඔහු නිදා සිටින යුවතියගේ සිනිදු හිසකෙස් අතරේ අතැගිලි යැව්වේ ඇයගේ නින්දට බාධාවක් නොවන පරිද්දෙනි

සති කිහිපයකට පසු සියලු ප්‍රශ්න නිමා වී නැවතත් ඇය ඔහුගේ තුරුලට පැමිණ ඇත මව පිලිබද ගැටලු රවීන්ද්‍ර වීජේසිංහයන් විසින් විසදනට බවට පොරොන්දු වූ නිසාවෙන් ඔහු සිටියේ සැහැල්ලුවෙනි තම පියා කෙසේ හෝ මෙම ගැටලුව විසදන බවට ඔහු දනී

යුවතිය දෙස බලාගෙන කල්පනා ලෝකයක අතරමංව සිටි ඔහු පියවි සිහියට පැමිනියේ ඔහුගේ තුරුලේ සිටි යුවතියගේ දැගලිල්ල නිසාවෙනි ඇය අවදි වූ බව තේරුනු යුවතියගේ හිස මතින් හාදුවක් තැවරුවා දෑස් විවර කල ඇය නිදිමත පිරුණු දෑසින් ඔහු දෙස බැලුවා

" ගුඩ් මෝනින් පැටියෝ..!"

ඇයගේ සිනිදු කොපුලක් පිරිමදිමින් ඔහු පැවසුවා

" ගුඩ් මෝනින් රන්..!'

ඔහුට එසේ පිලිතුරු බදිමින් ඇය ඔහුගේ විසල් පපුවේ වත හොවාගත්තා දෑස් පියාගත් ඇය නැවතත් නිදාගැනීමටය සූදානම ඇයගේ ක්‍රියාවට සිනාසුනු ඔහු යුවතියගේ බද වටා අතක් යැව්වා

" ආපහු නිදාගන්න ද හදන්නේ..?"

" ම්ම්ම්..!"

ඔහුගේ පැනයට කෙදිරියක් පමනක් පිට කල ඇය ඔහුට තවත් තුරුල් විය යුවතියට ඔහුගෙන් මිදීමට ලෝභ සිතිණි

" දැන් උදේ දහයත් පහුවෙලා බබා නැගිටින්න දැන් හොද දරුවා වගේ "

ඔහු පවසද්දී නෑසුනු සේ ඇය සිටියා ඔහුගෙන් බේරීමට නොහැකි වූ කල්හි යුවතිය ඇදෙහි එරමිනිය ඔතාගෙන වාඩිවූයේ අමතක නොකර ඔහුට රැව්මක් පා කරමින් යුවතියගේ ක්‍රියාවට සිනාසුනු ඔහු ඇයගේ රෝස කොපුලකට දෙතොල් තද කලා

" රවන්නේ නැතුව ගිහින් වොෂ් එකක් දාගන්නවා.."

" ඇදුම්.."

" මම දෙන්නම්.."

ඔහු එසේ පවසා ඇදෙන් බැස ගොස් අල්මාරිය ඇර රෝස පැහැති ගවුමක් සහ ටවල් එකක් අරගත්තා ඔහු අල්මාරිය වසා දමා යුවතිය දෙසට හැරෙද්දී ඇය දෑස් සිහින් කරගෙන ඔහුගේ අත රැදි ගවුම දෙස බලා සිටිනවා

" මේක තමුසෙට දෙන්න ගත්තේ.."

යුවතියගේ බැල්මෙන් ඇයගේ සිතෙහි ඇති ප්‍රශ්නය වටහා ගත් ඔහු පැවසුවා ඇදෙන් බැස ගත් යුවතිය ඔහු අතරැදි ගවුම සහ ටවල් එක උදුරාගෙන නාන කාමරය තුලට ගියේ සද්දෙන්ම දොර වසාගනිමින්

" ඕවා තමුසෙගේ අප්පච්චිගේ බූදලේ නෙවෙයි "

ඇයට ඇසෙන පරිදි කෑගසා පැවසූ ඔහු සිනාසුනේ ඇයගේ ක්‍රියා වලටය. ඇය මෙසේ රැවීමට ගැස්සීමට හේතුව තවත් ඇයට නිදා ගැනීමට ඉඩ නොදීම බව ඔහු දනි හුස්මක් පහත හෙලූ චතුංක ඔහු විසින් විනාස කරන ලද කාමරය දෙස බැලුවා ඔහුටම දැන් එය අස් කිරීමට සිදු වන බව දන්නා නිසාවෙන් ඔහු කාමරය පිරිසිදු කිරීමට පටන් ගත්තා ඒ අතරතුරේ ඔහුගේ දුරකථනය නාද විය ඇද මත තිබූ දුරකථයන ගත් ඔහු දුටුවේ ඇමතුම ඔහුගේ කල්‍යාණ මිතුරා වන හේෂාන්ගෙන් බවයි

" තෝ මැරිලා ද යකෝ..? කෝල් කීයක්  ගත්තා ද..? තොපිට ෆෝන් තියෙන්නේ ආච්චිට හාල් ගරන්න ද..? තොගේ කිරිල්ලිටත් ගත්තා ඒකිගේ ෆෝන් ඕෆ් මේ ගෑනියි මිනිහායි දෙන්නාම එකයි දැන් කියපන් වැඩේ ගොඩ නේද..? තොපි දෙන්නා සෙට් නේ නැ කියන්න නම් එපා යකෝ "

ඇමතුම ගත් විගස චතුංකට වචනයක් හෝ කතා කිරීමට ඉඩ නොතියා හේෂාන් පවසන්නට විය

" ඒක හරි බන් ඔක්කොම ප්‍රශ්න විසදුනා "

" මං වගේ බුද්ධිමත් මිතුරෙක් ඉන්න එක ගැන උබ් හද පතුලෙන් සතුටු වෙන්න ඕන තොපිට අපේ වටිනාකමක් නැ නේ මම නැත්නම් දෙන්නා දෙපැත්තට් වෙලා රෝමියෝ ජුලියට් සීසන් ටූ රගදක්වමින් ඉන්නවා "

හේෂාන් සිනා වෙමින් පැවසුවා නාන කාමරයේ දොර විවර වන හඩත් සමග චතුංක ඇමතුම විසන්ධි කර දුරකථනය පසකින් තැබුවා ඔහු දුන් රෝස පැහැති ගැට ගැසූ පටි සහිත දනහිස ලගට දිගු ගවුම ඇද තෙත කොන්ඩය පිසදමමින් සිටින යුවතිය දෙස ඔහු බලා සිටියේ ආදරනීය බැල්මක් ඈ වෙත රදවමින් සුර ලොවින් මෙලොවට බැස ගත් දිව්‍යංගනාවක් මෙන් ඔහුට යුවතිය පෙනුනි යුවතියගේ ස්වභාවික සුන්දරත්වය ඔහු සැමදා සිතින් වර්නනා කලා

" ඇයි..?"

යුවතියගේ සුන්දරත්වය විදිමින් සිහින ලොවක අතරමංව සිටි ඔහු ඇයගේ හඩින් සිහියට පැමිනියා යුවතිය තමන් දෙස බලා සිටිනවා දුටු ඔහු ඇය අසලට ගොස් වතුර නිසාවෙන් රත් පැහැයට හැරුනු දෙතොල් මතින් හාදුවක් තැවරුවා යුවතිය දෑස් විසල් කරගෙන බලා සිටියදී ඇයගේ හිස අතගෑ ඔහු ඇයට සිනාවකින් සංග්‍රහ කරමින් නාන කාමරයට ඇතුල් වුනා

ඔහු ගිය දෙස බලාගෙන වේගෙන් ඇසිපිය ගැසූ ඇය ඊලග තත්පරේ සිනාසුනේ ඔහුගේ ක්‍රියා ගැන සිතමින්...

විනාඩි කිහිපයකින් පසු චතුංක නාන කාමරයෙන් පිටතට පැමිනියා ඔහු එන විට යුවතිය කාමරයේ නොසිටියා ඔහු භාගෙට අස් කර තිබූ කාමරය පිරිසිදු කර තිබුනා සුසුමක් හෙලූ ඔහු කලු පැහැති කෙටි කලිසමකින් හා සුදු පැහැති ටී ෂටර්යකින් සැරසී ඇය සොයා කාමරයෙන් පිටතට පැමිනියා

කුස්සිය දෙසින් ඇසුනු හඩක් නිසාවෙන් ඔහු ඒ දෙසට පිය මැන්නා ඔහුට පිටු පා මොනාදෝ කපමින් සිටි ඇයගේ රැව ඔහුගේ නෙත ගැටුනි සද්දයක් හෝ නොනැගෙන ලෙස පා තබමින් ඇය අසලට කිට්ටු වූ ඔහු යුවතියේ බද වටා දෑත් යවමින් තම හැඩිදැඩි  සිරුරට සිර කරගත්තා එකවරම සිදු වූ දෙය නිසාවෙන් යුවතියගේ අත රැදි පිහිය අතහැරුනා ඇය ගෙල හරවා ඔහු දෙස බලද්දී ඔහු යුවතියගේ රෝස කොපුලක් මතින් දෙතොල් තැබුවා

" මොනාද කරන්නේ රන්..? තව පොඩ්ඩෙන් අතත් කැපෙනවා "

යුවතිය නෝක්කාඩුවෙන් පවසද්දී ඒ කිසිවක් නෑසුනු පරිදි ඇයගේ ගෙල පාමුල මුහුන සගවගත්තා ඔහුගේ හිතුවක්කාරකම් පිලිබදව මනාව දන්නා ඇය නැවතත් තම කාර්යය පටන් ගත්තා

" රන් මට මේක කරන්න දෙනවද නැද්ද..?"

පිහිය තැබූ ඇය විමසුයේ තම ගෙල සිපගනිමින් සිටි හිතුවක්කාරයාගෙනි

" මම තමුසෙට උයන්න කිව්වේ නැ නේ "

" අතට බෙහෙත් දැම්මේ නැද්ද..?"

යුවතිය ඔහුව මෙතනින් යවා ගැනීමට සිතා එසේ ඇසුවා ඇයට ඔහුගේ අත තුවාල වී ඇති බව සිහිපත් වූයේ මේ මොහොතේ දීය.

" නැ තනියෙන් බෙහෙත් දාගන්න බැ.."

" ගිහින් first aid box එක අරගෙන එන්න මම බෙහෙත් දාන්න "

ඔහුගේ හිසකෙස් අතරේ අතැගිලි යවමින් යුවතිය පැවසුවා

" ඕන නැ "

" ඕන නැත්තේ මොකද..? හිතුවක්කාර නොවී යන්න රන්.."

" තමුසෙට ඕන මාව මෙතනින් එලවගන්න.."

යුවතියගේ සිත කියවූවා සේ ඔහු පැවසුවා ඇය යටි තොල දත් අතරට මැදි කරගත්තේ ඔහු පැවසූ දෙය සත්‍ය නිසාවෙනි

" බෙහෙත් දාන්න දුන්නොත් මට මොනාද දෙන්නේ..?"

" දැන් මේ මහත්තයා මට ඕන නිසා ද බෙහෙත් දාන්නේ.."

" ඔව් "

චතුංක පැවසුවාම ඇය ඔහුට රැව්මක් පා කලා

" තමුසේ මොනාද දෙන්නේ..?"

ඇය නිහඩව සිටියා ඔහු යුවතියගේ ගෙලේ නාසය අතුල්ලමින් ඇයට කිති කවමින් සිටියා

" කිස් එකක්වත් දුන්නා නම්..."

යුවතියගේ කන අසලට වී සිහින් හඩින් මිමිනුවා ඇයට මුලු සිරුරම හිරිවැටි යන්නාක් මෙන් දැනුනා

" එච්චරයි ද ඕන ඔය මහත්තයාට..?"

වෙනසක් නොපෙන්වා රවාගෙන ඔහුගෙන් ඇසුවා

" තව නම් ගොඩක් දේවල් ඕන ඒත්..."

යුවතියගේ බද වටා එති තිබුනු ඔහුගේ අතක් හිමින් ඉහලට රැගෙන විත් ඇයගේ ලැම මත නතර විය

" ගන්නවා අත .."

ඔහුගේ අතට පහරක් ගැසූ යුවතිය වැලමිටෙන් පහරක් ඔහුගේ කුසට පහර දුන්නා අනපේක්ෂිත පහර නිසාවෙන් යුවතියගෙන් ඈත් විනි

" මගෙන් ගුටි නොකා මෙතනින් යනව ද "

අත රැදි පිහියත් දිගු කරමින් යුවතිය කෑගැසුවා ඇය කෑගැසීම් ගණනකට නොගත් ඔහු යුවතියගේ දෙතොල් මතින් හාදුවක් තවරා පිටව ගියා

" හහ්..!"

යුවතිය නැවතත් තම කාර්යය ආරම්භ කලා විනාඩි කිහිපයකින් උයා අවසන් කල යුවතිය චතුංක සොයා පැමිනියේ සද්දයක්වත් නොමැති නිසාවෙනි සාලය වෙත පිවිසි ඇය දුටුවේ සුවපහසු සෝෆා එක මත හාන්සි වී සිටින ඔහුවයි අසලින් first aid box එකත් තබාගෙන සිටින අයුරු දුටු විට නොදැනීම ඇයගේ දෙතොලතරට සිනාවක් නැඟිණි

දෑස් පියාගෙන සිටින ඔහු අසලට ලංව ඔහුගේ හිසකෙස් අතරේ අතැගිලි යැව්වා යුවතියගේ ස්පර්ශය දැනුනු නිසාවෙන් ඔහු දෑස් විවර කලා යුවතිය සිනාවකින් ඔහුට සංග්‍රහ කරද්දී ඔහු නැගිට නිසි පරිදි පුටුවෙන් වාඩිවුනා යුවතිය ඔහු අසලින් වාඩි වී කිසිදු කතා බහකින් තොරව ඔහුගේ තුවාල වූ අත අරගත්තා තුවාල වූ අත දෙස බැලූ ඇය අමතක නොකර ඔහුට රැව්මක් පා කර හැරියා

ඔහු කට කොනින් ඇදුනු හිනාවක් එක්ක යුවතියගේ මුහුනට වැටුනු කොන්ඩ කැරැල්ලක් කන පිටුපස රැදෙව්වා චතුංක දෙස වරක් බැලූ යුවතිය ඔහුගේ අතට බෙහෙත් දමන්න පටන් ගත්තා හිමින් සීරුවේ ඔහුට රිදේ යැයි බියෙන් මෙන් විදුරු කටු ඇනී තුවාල වුනු අත්ල මතින් බෙහෙත් තැවරුවා යුවතියගේ සම්පූර්ණ අවදානය ඔහුගේ තුවාල වූ අතට බෙහෙත් දැමීමේ කාර්යයට යොමු වී තිබුනි හිතුවක්කාර ඔහුගේ දෑස් නතර වී තිබුණේ තමන් අසල සිටින සුරංගනාවියගේ මුහුන මතය.

දිලිසෙන දුඹුරු පැහැති දෑස් හැමදාමත් ඔහුව ඒ දෑස් අතරේ අතරමං කෙරෙව්වා රෝස පෙති මෙන් සිනිදු ඇයගේ කොපුල් පොපියන දෙතොල් දෙස ඔහු බ්ලා සිටියේ ඉමහත් ඉවසීමකින් මද වේලාවකින් ඔහුගේ අතට බෙහෙත් දමා අවසන් කල යුවතිය එතැනින් නික්ම යන්නට සූදානම් වුවත් එයට ඔහුගෙන් ඉඩක් ලැබුනේ නැ

" තමුසේ කොහෙද යන්නේ...?"

යුවතිය්ගේ සිනිදු අතකින් අල්ලාගත් ඔහු විමසුවා

" කුස්සියට.."

" මගේ කිස් එක දීලා යනවා.."

යුවතියගේ අතින් ඇද ඔහු පැවසුවා

" මට බැ.."

හිතුවක්කාරයා යුවතියගේ අතින් ඇද්දේ ඇයට සිතන්නට හෝ කාලයක් ඉතුරු නොකර සමබරතාව ගිලිහුනු ඇය ඔහුගේ සිරුර මතට වැටුනි

" රන්...!"

" කියන්න බබා.."

යුවතියගේ ඉන වටා අත් යවමින් ඔහු පැවසුවා චතුංකගේ උකුල මතින් වාඩි වූ ඇය ඔහුගේ කොපුලක් මතින් හාදුවක් තැවරුවා

" මාව පොඩි එකෙක් වගේ ද තමුසෙට පේන්නේ..? මෙතනට කිස් එකක් දෙනවා.."

ඔහුගේ දෙතොල් පෙන්නමින් පවසද්දී යුවතියගේ රෝස කොපුල් රත් පැහැයට හැරුනා

" තමුසේ කොච්චර කිස් කරලා තිබුනත් තාමත් රතු වෙනවා.."

ඔහු පවසා නිම වෙනවාත් සමගම පුංචි හාදුවක් ඔහුගේ දෙතොල් මත තවරා ඈත් වෙන්න උත්සාහ කලත් චතුංක යුවතියගේ හිස පිටුපසින් අතක් යවා ඇයගේ දෙතොල් සිය දෙතොලින් ග්‍රහනය කරගත්තා හිතුවක්කාරයාගේ රලු ස්පර්ශය හමුවේ යුවතියගේ දෑස් පියවිනි යුවතියගේ දෑත් ඔහුගේ ගෙල වටා එතුනේ ඇයටත් නොදැනීමයි ඔවුන් දෙදෙනා තමන්ගේ ලෝකයක අතරමව සිටියදී ඇස් හතරක් ඔවුන් දෙසට එල්ල වි ඇති බව ඔවුන් නොදැන සිටියා කවුරුන් හෝ උගුර පාදන හඩක් ඇසෙද්දී අකුනක් ගැසුවාක් මෙන් දෙදෙනා ඈත් විය

මතු සම්බන්ධයි

පරක්කු වුනාට සමාවෙන්න වැඩ ගොඩක හිර වෙලා හිටියේ

අවසාන කොටස පොඩ්ඩක් දිග වැඩි නිසා කොටස් දෙකක කැඩුවා

Bạn đang đọc truyện trên: AzTruyen.Top