දෙවැනි දිගහැරුම
" පුතා..!"
" ඩැඩී...!"
මෙතෙක් වෙලා කල්පනා සාගරයක අතරමංව සිටි චතුංක තව පියාගේ හඩින් මෙලොවට පැමිනියේ ඇද උඩ වාඩි වී සිටි ඔහු තවමත් කාමරේ දොර ලගට වෙලා තමන් දෙස බලාගෙන සිටින පියා දෙස බැලුවා
" ඩැඩී මොකද ඔතන...? එන්න ඇතුලට "
චතුංක හරි බරි ගැසී ඇදේ වාඩිවෙද්දී ඔහුගේ පියා පැමින ඔහු ලගින් වාඩිවුනා
" පුතා ප්‍රශ්නෙක ද ඉන්නේ..?"
දින ගනනාවක් පුරාවට ඔහුගේ හැසිරීම හොදින් නිරීක්ෂණය කල රවින්ද්‍ර විජේසිංහ ඇසුවා
" ප්‍රශ්නයක් නැ ඩැඩී..!"
සුපුරුදු දගකාර හිනාවත් මවාපාමින් ඔහු පැවසුවා
" උබට මාව මොකෙක් වගේ ද පේන්නේ...? පුංචි කාලේ ඉදන් මගේ ඇස් ඉස්සරහ උස් මහත් වුනු කොල්ලාගේ පුංචි වෙනසක් වුනත් මට හොදට තේරෙනවා දවස් ගානක් තිස්සේ මම බලාගෙන ඉදලා අද කතා කරන්න ආවේ වෙනදාට මොන දේ වුනත් ඇවිත් උබ මට කියනවා නේ "
රවින්ද්‍ර නොරිස්සුම් සහගත බැල්ලමක් චතුංක වෙත හෙලමින් පැවසුවා තම පියාගේ වදන් හමුවේ වේදනාවෙන් සුසුමක් හෙලූ ඔහු තම පියා දෙස බැලුවා
" මට මේක කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැ ඩැඩී..!"
" කොහෙන් හරි පටන් ගෙන කියපන්.."
රවින්ද්‍ර කොල්ලාට සියුම් රැවුමක් පා කරමින් පැවසුවා
" මම කෙල්ලෙක්ට ආදරෙයි ඩැඩී.."
" ඉතින් උබව ඒ කෙල්ල රිචෙක්ට් කරාද..?"
රවින්ද්‍ර ඇහුවාම ඔහු තම පියා දෙස බැලුවේ නොරිස්සුමකින්
" උබට ඔහොම බලන්න දෙයක් ඇහුවේ නැ නේ දැන් කියපන් මොකද වුනේ..?"
සිනාවකින් මුව සරසාගත් රවින්ද්‍ර තම පුතුගෙන් ඇසුවා
" එයාගේ නම විහගි මිහංසා සේනානායක මට වඩා අවුරුදු දෙකක් බාලයි ඩැඩී එයාට අම්මා නැ මහ ලොකුවට සල්ලි දේපල තියෙන කෙල්ලෙක් නෙවෙයි ඩැඩී මට එයාව අහම්බෙන් හම්බුනේ ඊට පස්සේ තව එකපාරක් හරි ඒ මූන දකින්න ඕන කියලා හිතද්දී මගේ කිරිල්ලී අපේ යුනිවසිටි එකටම ඇවිත් නැවතුනේ.."
චතුංක මනමාල හිනාවක් කියද්දී රවින්ද්‍ර තම පුතුගේ කවදාවත් නොදුටු මේ පැතිකඩ දෙස බලාගෙන හිටියේ සිනාවකින් මුව සරසාගෙන අවසානයේ දී තම පුතුගේ සිතට ආදරේ පුරවගෙන කිරිල්ලියක් රිංගා ඇති බව ඔහු වටහා ගත්තා
" කිරිල්ලී...?"
" ම්ම්ම්...! කහ කිරිල්ලියක් නිදහසේ අහස පුරා පියාබන්න කැමති කිරිල්ලියක්..! "
" උබේ කිරිල්ලී මොකද්ද කරේ...?"
මෙතෙක් වෙලා චතුංකගේ මුවේ රැදී තිබුණු සිනාව වියකී ගොස් වේදනාවෙන් ඇස් පියාගත්තා
" පුතා...!"
" එයා මුකුත් කරේ නැ ඩැඩී.. මමී තමයි ඔක්කොම කරේ...!"
කේන්තියෙන් අත් මිට මොලවගත්ත ඔහු පැවසුවා
" දේවිකා මොකද කරේ...?"
" මමී අපි දෙන්නා ගැන දැනගෙන තිබුනා මමී මට තර්ජනය කරා සම්බන්ධව නැවැත්තුවේ නැත්නම් කෙල්ලව මරනවා කිව්වා විහගි අපි වගේ පොහොසත් නොවුනු නිසා තමයි මමී විරුද්ධ වුනේ මමීට ඕන කොයිවෙලෙත් මමීගේ පස්සෙන් ඉන්න හාල්පාරුවා ඉන්නේ උගේ සකරවට්ටම් දෝනි ඇන්දාට බන්දලා දෙන්න මම බන්දලා ඕකිට..."
චතුංක අත මිට මොලවාගෙන දත්මිටි කාගෙන පවසද්දී රවින්ද්‍ර ඔහුගේ අත තට්ටු කරේ සන්සුන් වෙන ලෙස දන්වමින්
" මෙච්චර දෙයක් වෙලත් උබ මට එක වචනයක්වත් කිව්වා ද..? මම අද ඇහුවේ නැත්නම් උබ කවදාවත් මට කියන්නෙත් නැ දැන් ඒවා වැඩක් නැ උබ මමීට බයේ කෙල්ලව අතහැරියා ද..?"
රවින්ද්‍ර ඇහුවාම කොල්ලා මද වෙලාවක් නිහඩව හිටියා කොල්ලාගේ නිහඩභාවයෙන් රවින්ද්‍ර පිලිතුර සිතා ගැනීමට හැකි වුනා
" උබ කෙල්ලව අතහැරියා ද...?"
රවින්ද්‍ර නැවතත් විමසුවේ තම පුතුගේ මුවින් ඒ පිලිබදව හරියාකාරවම දැනගැනීමට ඇවසි වූ නිසාවෙනි චතුංක තම පියාගේ ප්‍රශ්නයට ඔව් කියන්න ඔලුව වැනුවා
" ඩැඩී මමී ගැන දන්නවා නේ එයාට මනුස්සයෙක් මරනවා කියන්නේ ලොකු දෙයක් නෙවෙයි ඒක මමී මට ඔප්පු කරලා පෙන්නුවා ඩැඩී මමී කියපු පලියට මම කෙල්ලව අතහැරියේ නැ කොහොමද ඩැඩී මම එයාව අතහරින්නේ...? ඒ මගේ පන..! දවසක් යුනි එක ඉස්සරහ දී විහගි ඇක්සිඩන්ට් වෙන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ මමී එවලා තියෙන්නේ විහගිව මරන්න කියලා එදාම මමීට මම කතා කරා මමී කිව්වා මේ පාර වැරදුනාට ඊලග පාර වරදින්න ඉඩ තියන්නේ නැ කියලා
මම එයාට ආදරෙයි තමයි හැබැයි ඒ හැමදේටම වඩා මට ඒකිගේ ආරක්ෂාව වැදගත් ඩැඩී..! ඒකි කොයි ලෝකේ හිටියත් පරිස්සමට ඉන්න ඕන ඒ නිසායි මම අමාරුවෙන් හරි ඒ තීරණය ගත්තේ ඒත් ඩැඩී ඒ ඇස් දකිද්දී මාව පිච්චෙනවා වගේ මට ඉවසන්න බැ මට මගේ කිරිල්ලීව ඕන ඩැඩී..!"
ඔහුගේ ආඩම්බරකාර නෙතු කදුලු පටලකින් වැසී රවින්ද්‍ර කොල්ලාගේ හිස පිරිමැද්දා කවදාවත් මෙසේ ඔහු ඉදිරියේ හඩා නොවැටුනු කොල්ලා අද මෙසේ හැසිරීම පිලිබද රවින්ද්‍රගේ සිතේ ඇති වුනේ දුකක් ඒ වගේම අනිත් පැත්තෙන් දේශපාලනයට පිවිසි දින සිට තම පුතුගේ සිත වේදනාවට පත් කරන දේවිකා ගැන ඔහුගේ සිතේ ඇති වුනේ කේන්තියක්
දේවිකා දේශපාලනයට පිවිසි දින සිට ඇයට තම සැමියාත් පුතුවත් මගහැරුනා තමන් අතින් ඔවුන් දෙදෙනා හට ඉටු විය යුතු යුතුකම් බොහෝ සෙයින් මගහැරුනා ඒ නිසාම පිය පුතු දෙදෙනා එක පැත්තකට වෙද්දී දේවිකාත් තම දේශපාලනයට සහය දෙන අයත් එක පැත්තකට විය
" උබට මේ දේවල් ගැන මට මීට කලින් කියන්න තිබුනා දැන් ඒවා කියලා වැඩක් නැ මම මමී ගැන බලාගන්නම් දැන් තමුන්ගේ කිරිල්ලී යාලු කරගන්න මමී ගැන හිතන්න එපා ඊට කලින් මට මගේ ආඩම්බරකාර පුත්තරයාගේ හිතට රිංගපු කිරිල්ලීගේ ෆොටෝ එකක්වත් පෙන්නන්නේ නැද්ද..?"
රවින්ද්‍ර පැවසුවාම කොල්ලා ඇදේ කොනක තිබුණු ෆෝන් එක අරගත්තා චතුංකගේ මුහුනේ තිබූ වේදනාත්මක ස්වරූපය වියැකී ගොස් තිබුනා කොල්ලා මනමාල හිනාවක් එක්ක එයත් එක්ක විහගි ඉන්න ෆොටෝ එකක් තම පියාට පෙන්නුවා
" ලස්සන කෙලි පොඩිත්තක්...! මගේ කොල්ලාගේ choices කවදත් සුපිරියි නේ "
රවින්ද්‍ර පැවසුවාම චතුංකගේ මුහුනේ තිබූ සිනාව තවත් පුලුල් වුනා
" මමී ගැන මම බලාගන්නම් පුතා ඔය දරුවා එක්ක තියෙන ප්රශ්නය විසදගෙන දෙන්නා ආපහු සමගි වුනොත් හොදයි..! උබ මෙහෙම පැත්තකට වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා මට බලාගෙන ඉන්න බැ පුතා.."
චතුංකගේ හිස පිරිමදිමින් රවින්ද්‍ර පැවසුවේ අසීමිත සෙනෙහසකින් රවින්ද්‍ර චතුංක සමග කටයුතු කලේ මිතුරෙකු ලෙසින් ඒ නිසාම චතුංක හැමදෙයක්ම වගේ තම පියාට පවසන්න පුරුදු වී සිටියත් තම පෙම්වතිය ගැන පැවසීමට ඔහු මදක් පැකිලුනා
" හැබැයි කොල්ලෝ උබ මට මේ කෙල්ල ගැන හංගපු එක නම් වැරදියි හරි නම් උබ එක්ක තරහ වෙන්න ඕන "
" සොරි ඩැඩී...!"
පසුතැවීමකින් චතුංක පැවසුවා
" දැන් ඒවා වැඩක් නැ පුතේ කල්පනා කර කර ඉන්නේ නැතුව දැන් නිදාගන්න "
චතුංකව වැලදගත් රවින්ද්‍ර පැවසුවා
" ගුඩ් නයිට් ඩැඩී...!"
" ගුඩ් නයිට් පුතා.."
තමාගේ හිස පිරිමැද රවින්ද්‍ර කාමරයෙන් පිටව යන අයුරු බලාගෙන සිටි චතුංක දුරකථනයේ රැදී ඇගේ ජායාරූපයක් දෙස බලා සිටින්නට වුයේ සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන දැනුනු සීතලක් සමගම ඔහු ජනේලය දෙස බැලුවා සිහින් වැහි බිදු එක දෙක වැටෙමින් පැවතුනා තවත් තත්පර ගානක් ගත විට එය මහා වර්ෂාවක් බවට පරිවර්තනය වුනේ චතුංකගේ දිවියේ සොදුරුම දිනයක් ඔහුගේ මතකයට පැමිනෙද්දී
.........අතීතය.......
හවස් යාමයේ පේරාදෙණිය අහස් කුස කාල වර්න වලාකුළු වලින් වැසී තිබුනේ අනෝරා වැස්සක පෙර සලකුනු කියාපාමිනි සුපුරුදු පරිදි දේශන අවසන් වූ පසු විහගි පාරට පැමිනියේ බෝඩිමට යාම සදහා අද වෙනසකට කියා තිබුනේ ඇගේ මිතුරිය වූ ක්‍රිෂානි නොමැති වීමයි
මද දුරක් යුවතිය පැමිනෙන විට වැහි බිදු කඩා වැටුනේ ඇය ගමන ඉක්මන් කරද්දී යුවතිය ලග කුඩයක් නොමැති වූ හෙයින් හිසට ඉහලින් අතක් තියාගෙන දුවගෙන ගියේ බස් හෝල්ට් එක වෙතට සවස් යාමයේ කඩා හැලෙන අනෝරා වැස්ස පේරාදෙණිය නගරයට අරුමයක් නොවේ
යුවතිය හැද සිටි සුදු පැහැති මල් වලින් අලංකාර වූ කහ මිශ්‍ර දිගු ගවුම වැහි බිදු වලින් තෙමි ඇගට ඇලී තිබුනා සීතල නිසාම අත් දෙක බැදගත්ත යුවතිය බස් හෝල්ට් එකේ කොනකට වී සිටියා ඉනෙන් පහලට දිගු කෙස් කලබින් වතුර බිදු බේරෙමින් පැවතුනා බස් හෝල්ට් එකේ වැස්ස නිසාවෙන් තවත් කිහිප දෙනෙක් රැදී සිටියා
තවත් තත්පර කිහිපයක් ගත වන කල්හි බස් හෝල්ට් එක ඉදිරියේ යතුරු පැදියක් නැවැත්තුවා යතුරු පැදියෙන් බැසගත් ඔහු සීතලෙන් හැකිලී සිටින යුවතිය අසලින් සිටගත්තා බිම බලාගෙන සිටිය යුවතියට දැනුනු හුරුපුරුදු සුවද විලවුන් සුවද හේතුවෙන් හිස ඔසවා ඇය අසල සිටින පුද්ගලයා දෙස බැලුවා
ඊලග තත්පරේ යුවතියගේ දෑස් විසල්ව ගියේ ඇය අසල සිටගෙන සිටින ඇයගේ ආඩම්බරකාර ප්‍රේමවන්තයා දුටු නිසා
" මොකද තමුසේ...?"
යුවතිය තමන් දෙස බලා සිටිනවා ඇස් කොනින් දුටු ආඩම්බරකාරයා ඉදිරිය බලාගෙන පැවසුවා ඔහුගේ ගැඹුරු හඩ හමුවේ යුවතිය ගැස්සිලා ගියා හෙල්මට් එකත් එක අතකින් අල්ලාගෙන සිටින ඔහුගේ ආඩම්බරකාර දුඹුරු දෑස් ඊලග තත්පරේ යුවතිය මද රැදුනා ඒ දෑස් වල සියුම් කේන්තියක් ඇති බව ඇය වටහා ගත්තා
" ලෙක්චර්ස් ඉවර වෙලා මං එනකම් ඉන්න කියද්දී මොකා බලන්න ද තමුසේ ආවේ...? වැස්සේ තෙමිලා කිකිලියෙක් වගේ ඉන්න හැටි තමුසෙගේ කන පැලෙන්න දෙන්න හිතයි.."
කේන්තිය මුසු වූ හඩකින් ඔහු පවසද්දී යුවතිය දෙතොල් පිට පෙරලගෙන බිම බලාගත්තා ඔහු කේන්තියෙන් සිටින විට තවත් කියවන්න ගියොත් කන පැලෙන්න කන්න වෙන වග අත්දැකීමෙන් දන්නා යුවතිය නිහඩව හිටියා අහිංසකව බිම බලාගෙන සිටින යුවතිය දුටුවාම ඔහුගේ දෙතොලතර සිහින් සිනාවක් රැදුනා
" මොකද තමුසෙගේ සද්දේ වහලා "
වෙනසක් නොපෙන්වා ඔහු කේන්තියෙන්ම ඇසුවා යුවතිය ඔහු ඇද සිටි ටී ශර්ටයේ කොනක් අතේ ගුලි කරගත්තා යුවතිය හිස ඔසවා ඔහු දෙස බැලුවා
" තමුසෙට සීතල ද...?"
ඇයගේ වෙව්ලන දෙතොල් දෙස බලා සිටි ඔහු විමසුවා එයට පිලිතුරු වශයෙන් ඇය ඔව් කියන්න ඔලුව වැනුවා ආඩම්බරකාරයාගේ ශක්තිමත් අතක් ඇගේ සිහින් ඉන වටා යවා ඇයව තම පපුවට තුරුල් කරගත්තා ඔහු අසලින් දැනෙන උනුසුම සීතල පරදා යද්දී ඇය තවත් ඔහුට තුරුල් වුනා
" මේ දවස් වල වහිනවා කියලා දන්නේ නැද්ද..? කුඩයක් අරගෙන එන්න ඕන කියලා තමුසෙට තේරෙන්නේ නැද්ද..? තෙමිලා ඉවර වෙලා ලෙඩක් හදාගනින්කෝ "
යුවතිය පපුවට තුරුල් කරගත් ඔහු නැවතත් ඇයට දොස් පවරන්න ගත්තා
" අමතක වුනා ඉතින්.."
සිහින් හඩකින් ඇය පැවසුවා
" තමුසෙගේ සිහිය කොහෙද තියෙන්නේ..? ඔය පොඩි දේත් අමතක වෙන්න තරම්.."
" ඔයා ලග.."
දගකාර හිනාවක් එක්ක ඇය පැවසුවාම ඔහුගේ දෙතොලතර මැවුනු හිනාව ආයාසයකින් මැඩගෙන යුවතියගේ ඉන තදින් ඇල්ලුවා
" වැස්ස ටිකක් අඩු වෙලා දැන් යමු.."
යුවතිය ඔහුගෙන් ඈත් කර යතුරු පැදිය අසලට ගියා විහගිවත් යතුරු පැදියට නග්ගවා ගත් ඔහු යුවතියගේ බෝඩිම වෙතට පැමිනියා බෝඩිම ඉදිරියේ යතුරු පැදිය නවතාලූ ඔහු ඇය දෙස බැලුවා
" ඉක්මනට ගිහින් ඇදුම් මාරු කරගන්න අසනීප වෙයි.."
විහගිගේ තෙත් වූ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් ඔහු පැවසුවා
" ඔයත්...!"
" දැන් යන්න ගුඩ් නයිට්.."
" පරිස්සමින් යන්න ගිහින් මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා රන්..! "
" හරි හරි ඕයි මැසේජ් එකක් දාන්නම්.."
" ම්ම්ම් ගුඩ් නයිට්..!"
යුවතිය එසේ පවසා ඔහුට පිටු පා බෝඩිම දෙසට අඩි කිහිපයක් ගොස් නැවතත් හැරි ඔහු දෙස බැලුවා චතුංක ඇස් වලින් ඇයි දැයි විමසු කල්හි ඔහු අසලට පැමිනි යුවතිය ඔහුගේ දෙතොල් මත සීතල කෙටි හාදුවක් තැවරුවේ ඔහු පුදුමයට පත් වෙද්දී ඔහුගේ දෙතොල් වලින් මිදී යුවතිය යන්න හැදුවත් චතුංකගෙන් එයට ඉඩක් ලැබුනේ නැ විහගිගේ අතකින් ඇදලා තමන් ලගට ගත් ඔහු යුවතියගේ දෙතොල් මත සීතල හාදුවක් තැවරුවා
...........වර්තමානය........
අතීත මතක සමග තනි වී සිටි චතුංක යටි තොල පිරිමදිමින් තනිවම සිනාසුනා ඇය ගැන සිතමින් සිටි ඔහු නොදැනීම නිදි දෙව්දුව වැලදගත්තා
මතු සම්බන්ධයි...!
වෝට් කමෙන්ට් කරන්න ලමයි
හිතුවට වඩා කතාවට ප්‍රතිචාර හොද නිසා මම සතුටින්😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top