තුන්වැනි දිගහැරුම
" ඕයි කොහෙද උබ ඉන්නේ...?"
පොතත් අතේ තියාගෙන අහස පොලොව ගැට ගසන්නට මෙන් කල්පනාවක අතරමංව ඉන්න විහගි දෙස මද වෙලාවක් බලාගෙන සිටි ඇයගේ මිතුරිය වූ ක්‍රිෂානි උස් හඩින් ඇසුවා ක්‍රිෂානිගේ හඩින් තිගැස්සි ගිය යුවතිය දෑස් තෙත් කෙරූ කදුලු බිදු පිසදමමින් ඇය දෙස බැලුවා
" ඇයි ක්‍රිෂ් කෑගහන්නේ...?"
" කෑගන්නේ උබ මේ ලෝකේ නෙවෙයි නේ ඉන්නේ.."
යුවතිය වෙතට රැව්මක් පා කෙරූ ක්‍රිෂ් පැවසුවා
" දැන් මම කොයි ලෝකේද ඉන්නේ..?"
උකුල මත වූ පොත ඇදේ පසකින් තබමින් විහගි ඇසුවා
" අර ඇමති පුත්තරයාගේ ලෝකේ..!"
ක්‍රිෂානි පෙරටත් වඩා උස් හඩින් පැවසුවා ඇයට තම මිතුරිය පිලිබද තිබුණේ විශාල දුකක් ඇය හැමදමා ගිය පුද්ගලයෙක් පිලිබද තැවෙමින් මෙලෙස යුවතිය ජීවිත් වන දෙස ඇයට බලා සිටීමට නොහැකි විය ක්‍රිෂානිගේ සිතේ තිබූ දුක පිට වූයේ කේන්තියක් වශයෙනි
ක්‍රිෂානිගේ වදන් හමුවේ සුසුමක් හෙලූ ඇය ඇද වියනට හේත්තු වූයේ අසල තිබූ කොට්ටයක් ද තුරුල් කරගනිමින් ඉතින් ක්‍රිෂානි පැවසුවා නිවැරදිය මේ ගෙවෙන මොහොතෙත් යුවතියගේ මුලු සිතම අයිති කරගෙන සිටියේ යුවතියගේ ආඩම්බරකාර ය. ඔහු සමග ගෙවූ සුන්දර දින වල මතක සමග ඇය අතරමංව සිටී
" එයාගේ ලෝකෙන් ඈත් වෙන්න නම් ගේ හුස්ම නවතින්න වෙයි "
" ඔය කිව්වේ යස කතාවක්.."
ක්‍රිෂානි එසේ පවසමින් යුවතිය අසලින් වාඩිවුනේ ඇයට මදි නොකියන්න රවමින්
" මට මගේ ලෝකේ කියලා හිටියේ අප්පච්චි විතරයි ක්‍රිෂ් අප්පච්චිගේ තුරුලෙන් මිදිලා මෙච්චර දුරක් ආපු පලවෙනි වතාව අප්පච්චිගේ ලගින් දැනුනු ආරක්ෂාව ආදරය ඒ විදියටම මට එයා ලගින් දැනුනා ඒ නිසාම වෙන්න ඇති මේ පුංචි කාලය ඇතුලත එයාට මම මේ තරම් බැදුනේ තනිවෙලා ආදරේ හොයමින් හිටපු මට නොහිතපු වෙලාවක රන් දුන්නු ආදරේ මට මහ මෙරක් තරම් වටිනවා ක්‍රිෂ්...!
හැබැයි එයා මාව දාලා ගියේ මට ජීවිතේට අමතක නොවන ලස්සන පාඩමක් උගන්නලා කවදාවත් අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හොද නැ අපි ඇබ්බැහි වුනාට පස්සේ එයාලා වෙනස් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි ක්‍රිෂ්..! මට පුදුම අසරණකමක් දැනෙන්නේ.. උබ කොච්චර කිව්වත් මට එයාව අමතක කරන්න කියලා මට ඒක කරන්න අමාරුයි බන්.. මට මාවත් නැති වෙලා තියෙන්නේ ක්‍රිෂ්..! මම එයාට ඒ තරමට මේ දැනුත් ආදරෙයි...!!"
අවසාන වදන් පෙල වෙව්ලන හඩින් පැවසූ යුවතිය ඉකි ගසමින් හඩන්නට වූයේ ක්‍රිෂානි ද වේදනාවට පත් කරමින් යුවතිය චතුංකට කොයිතරම් ආදරේ කරා ද යන්න ක්‍රිෂානි හොදාකාරවම දැන සිටියා ඉතින් ඇය මෙලෙස හඩා වැලපීම අරුමයට කාරනයක් නෙවෙයි
" එ..යා.. එයා.. එ..කම.. එක. ද්.. දව..සක්වත් ම්..මට ආ..දරේ.. ක්..කරලා.. න්.. නැද්..ද.. ක්..ක්‍රි..ෂ්.?"
හඩමින් යුවතිය එසේ විමසද්දී ක්‍රිෂානිගේ දෙනෙත ද කදුලින් තෙත් විය යුවතිය ඉතා සංවේදී ය. ඔහු පිලිබද පවසමින් හඩා වැටෙන යුවතිය වැලදගත් ක්‍රිෂානි ඇය අස්වසාලීමට කටයුතු කලා
" ඌව අමතක කරන්න අමාරුයි කියලා මම දන්නවා බන් ඒත් අමාරුවෙන් හරි ඒක අපිට කරන්න වෙනවා විහගි උබ මෙහෙම විදවනවා මට බලාගෙන ඉන්න බැ බන් ඌ ගැන කිය කියා උබ අඩද්දී මට ඕන දෙයක් වුනු දෙයක් කියලා ඕකාව හොයාගෙන ගිහින් මූන කට සමතලා වෙන්න දෙකක් අනින්න හිතෙනවා බන් "
ක්‍රිෂානිගේ වදන් වලට යුවතියට හැඩුම් අතරින්ම සිහින් සිනාවක් දෙතොලතරට නැගුනා
" ඔහොම හිනා වෙයන් රත්තරනේ..! උබත් එක්ක ඕන වෙඩින් එකකට මම ඉන්නවා නේ අපි හිමින් හිමින් හැමදේම අමතක කරලා අලුතින්ම පටන් ගමු ම්ම්.."
යුවතියගේ කම්බුල් පුරා දග කෙරූ කදුලු බිදු පිසදමමින් පැවසුවා
" දැන් නිදාගනින්..! පාන්දර දෙකත් පහුවෙලා "
ඇද මත තිබූ පොතත් මේස මත තැබූ ක්‍රිෂානි කාමරය තුල මෙතෙක් දැල්වී තිබූ විදුලි පහන් නිවා දැමුවා යුවතිය සුසුමක් පහත හෙලා නිදා ගැනීමට සැරසුනා
සුපුරුදු පරිදි පසු දින උදෑසන අවදි වූ යුවතිය ක්‍රිෂානි සමග යුනිවසිටි යාම සදහා සූදානම් වුනා මිතුරියන් දෙදෙනා කතා බස් කරමින් සිනාසෙමින් යුනිවසිටි එක දක්වා පැමිනියා යුනිවසිටි එකට ඇතුල් වෙනකොටම යුවතියගේ නෙත ගැටුනු රුව හේතුවෙන් මෙතෙක් වෙලා ඇයගේ මුහුනේ රැදුනු සිනාව කෙමෙන් කෙමෙන් වියැකී ගියා
" ඉක්මනට යමු...!"
ක්‍රිෂානිගේ සුරතින් අල්ලා ගත් යුවතිය ඉක්මන් අඩි තබමින් ගියේ තමන් දෙස බලාගෙන සිටින ඔහුව නොදුටු ලෙස ය.ඔහු කෙතරම් ඇයට කතා කලත් ඇය නෑසුනු ලෙස ලෙක්චර් හෝල් එක දක්වා පැමිනියා
" දැන්වත් මගේ අතහැරපන් යකෝ තොට සොනික්ගේ මිත්තනිය වැහුනා ද එකපාරට...? "
බිත්තියට හේත්තු වූ ක්‍රිෂානි හති ලමින් පැවසුවා
" එයා හිටියා ක්‍රිෂ්...!"
යුවතිය බිත්තියට හේත්තු වෙමින් පැවසුවා
" ම්ම් මාත් දැක්කා උබ දිහා බලාගෙන ඉන්නවා "
" මට මේ කිසිදෙයක් තේරෙන්නේ නැ ක්‍රිෂ්..! ඒ ඇස් කියන්නේ වෙනස්ම කතාවක්.."
යුවතිය අසරණ විදියට පැවසුවා
" අපි බලමුකෝ.. වෙන දේකට අපි මූන දෙමු මම උබත් එක්ක ඉන්නවා.. ඌ කතා කරපු වෙලාවේ උබට ඉන්න තිබුණේ මම හිතුවේ උබ ආපු විදියට ඌ අපේ පස්සෙන් ඇවිත් උබේ කනට දෙකක් ගහලා නවත්තගනි කියලා "
ක්‍රිෂානි හිනාවක් සමග පැවසුවා යුවතිය ඇයට සියුම් රැවුමක් පා කර ලෙක්චර් හෝල් එකට ගියා
______________________________
විසල් රුක්ෂයක සෙවනෙහි සකසා තිබූ බංකුවක් මත වාඩි වී යුවතිය පොතක් කියවමින් සිටියා ක්‍රිෂානි cafeteria එකට ගිය නිසාවෙන් යුවතිය සිටියේ තනිවමය මද වෙලාවක් ගත වෙද්දී ඇය අසලින් කෙනෙක් වාඩි වූ බව ඇයට දැනුනා ඔහු අසලින් දැනුනු විලවුන් සුවද හේතුවෙන් ඒ කවුරුවන්ද යන්න වග ඇය දැනගත්තා කියවමින් සිටි පොත වසා දැමූ යුවතිය එතැනින් පිටත්ව යාමට සූදානම් වුනා
" තමුසේ කොහෙද යන්නේ....?"
යුවතියගේ සිනිදු අතකින් අල්ලගත්ත ආඩම්බරකාරයා ඇයගේ අතින් ඇද නැවතත් බංකුවේ තමා අසලින් වාඩි කරගත්තා තත්පර කිහිපයක් ඇතුලත සිදු වූ දෙස සිතා ගත නොහැකිව යුවතිය වික්ෂිප්ත බලා සිටියා ඇයගේ විසල් වූ දෑස් දුටු ආඩම්බරකාරයා කට කොනින් සිනාවක් නගාගෙන ඇගේ වතට නැඹුරු වුනා
" මාව අතහරින්න..."
ඔහුගේ ශක්තිමත් අතකින් බේරෙන්න උත්සාහ කරමින් යුවතිය සිහින් ස්වරයකින් පැවසුවා
" තමුසේ මොකද උදේ ඉදලා මාව මග හරින්නේ...? මම අච්චර තමුසෙට කතා කලා නෑහුනු ගානට ගියේ තමුසේ කනේ වංගු ද..?"
යුවතියගේ අත තවත් තදින් අල්ලමින් ඔහු පැවසුවේ කේන්තියෙන් ඇය නම් ඔහු දෙස නොබලා හිටියා ඇයට අවශ්‍ය වුනේ ඔහුගෙන් දුරකට යාමට
" මට රිදෙනවා.."
වෙව්ලන දෙතොලෙන් පිට වූ වදන් හේතුවෙන් ඔහු යුවතියගේ අත අතහැරියා යුවතියට රිද්දන්න ඔහුට අවශ්‍ය නොවීය නමුත් ඔහුගේ පාලනයක් නොමැති කෝපය හේතුවෙන් නොදැනුවත්ව වුවත් ඔහු ඇයව රිද්දවා ඇත කේන්තිය පාලනය කරගන්නට මෙන් සුසුමක් පහත හෙලූ ඔහු යුවතියගේ සිනිදු කම්බුලක් මතින් ඔහුගේ රලු අතක් තැබුවා සතියකට පමන පසූ ලැබූ ඔහුගේ උනුසුම් ස්පර්ශය නිසාවෙන් ඇයට දැනුනේ සනීපයකි
ඔහුගේ සියුම් ස්පර්ශයක් හමුවේ පවා දෑස් පියාගනිමින් එය විදින ඔහුගේ කිරිල්ලිය දෙස ආඩම්බරකාරයා බලා සිටියේ ආදරේ පිරුනු දෑසකින් ඉතින් ඔහු සමග සුරතල් වෙමින් ඔහුගේ ඇගේ දැවටෙමින් කාලය ගත කල ඇය නොමැති වීම ඔහුව දැඩි සේ වේදනාවට පත් කරන්න වුනා යුවතියගේ ආරක්ෂාව වෙනුවෙන් ඇයව තමන්ගෙන් ඈත් කලත් ඔහුට ඇය නොමැතිව සිටිය නොහැක ආඩම්බරකාර ඇමති පුතුගේ මුලු හදවතම මේ කිරිල්ලී හරි අපූරුවට තමන්ට ලියාගෙන තිබුනා
" මට තමුසෙව ඕන...!"
සිහින් ගැඹුරු හඩකින් යුවතියගේ පියවුනු දෑස් දෙස බලාගෙන මිමිනුවා ඔහුගේ වදන් ඇසුනු සැනින් දෑස් විවර කෙරූ ඇය ඔහු තල්ලු කරමින් නැගී සිටියා
" අපි අතරේ දැන් කිසිම දෙයක් නැ නේ අයියේ.. තිබ්බෙත් නැ නේ ඔයා ඔට්ටුවක් හින්දා නේ හැමදේම කරේ දැන් ඒවා ඔක්කොම ඉවරයි තවත් මට වද දෙන්න එපා අයියේ.."
ඇස් අගින් ගිලිහෙන්න හදන කදුලු බිදු පාලනය කරගනිමින් ඇය පැවසුවා යුවතියගේ වැලමිටෙන් අල්ලගත්ත ඔහු ඇයව තමන් දෙසට හරවගත්තා
" මම කියන දේ ඉස්සෙල්ලාම අහනවා විහගි..!"
ඔහු මදක් තදින් පැවසුවේ යුවතියගේ හිතුවක්කාර ක්‍රියා පිලිබද බොහෝ සෙයින් දන්නා නිසා
" මට කිසිදෙයක් අහන්න ඕන නැ ඔයා එදා කියන්න ඕන ඔක්කොම කියලා මාව හරි ලේසියෙන් අයින් කරලා දැම්මා ඇයි මට එහෙම කරේ අයියේ..? ඔයාලාගේ ඔට්ටුවකට ඇයි මගේ හැගීම් එක්ක සෙල්ලමකට ගත්තේ..? යුනි එකේ සමහර ලමයි මට කියන කතා ඇහුවාම මට මට මැරෙන්න හිතෙනවා මම මොකද්ද දෙවියනේ ඔයාට කරපු වරද..?"
මෙතෙක් වෙලා යුවතියගේ දෑස් වල පිරී තිබුණු කදුලු බිදු ඇයගේ අවසරයකින් තොරවම කම්බුල් දිගේ ගලා ගියා ඉතින් මෙතෙක් ඇගේ සිතේ තිබුනු දුක කේන්තිය ඔහු ඉදිරියේ දිග හරින්නට වුනා
" මොකද්ද තමුසේ කියන්නේ..? මැරෙන්න...? තමුසෙගේ කන පලනවා.."
යුවතියගේ කට දෙපසින් තදින් අල්ලගත්ත ඔහු කේන්තියෙන් පැවසුවා
" මම කියන දෙයක් ඉස්සෙල්ලාම අහපන් මට එහෙම කරන්න හේතුවක් තිබුනා මම උබට ඇත්තටම ආදරෙයි යකෝ ඇයි උබට තේරෙන්නේ නැත්තේ..?"
" රි...දෙ.නවා.."
ඇය සිහින් හඩකින් මුමුනද්දී ඔහු යුවතිය අත් හැර ඔහුගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා යුවතියගේ මුව දෙපස ඔහුගේ ඇගිලි සටහන් රත් පැහැයෙන් සටහන් වී තිබුනා
" මම උබට කවදාවත් බොරුවක් කරේ නැ බන් තමුසේ නැතුව හිටිය සතියේ මට පිස්සු හැදුන් නැති ටික විතරයි කොයිවෙලෙත් මගේ අස්සට වෙලා හුරතල් වෙවී තොරතෝංචියක් නැතුව කියවමින් හිටපු මගේ කිරිල්ලී නැතුව මම හිටියේ පාලුවෙන් ආදරෙන් මාව ඔය පපුවට තුරුල් කරගෙන තමුසේ රන් කියලා මට කතා කරද්දී මගේ මුලු හිතම පිරිලා යනවා බන්
එදා තමුසෙට හැමෝම ඉස්සරහ කෑගහලා බනිද්දී උබට ලැජ්ජා කරද්දී උබට වඩා රිදුනේ මට කිරිල්ලීයේ..! මගේ ලග නැතත් තමුසේ කොහේහරි සතුටින් ඉන්න ඕන නිසා එහෙම කරේ තමුසේ පරිස්සම් කරන්න මට ඕන වුනේ දුරින් ඉදගෙන හරි මට තමුසේ දිහා බලාගෙන ඉන්න පුලුවන් වෙයි කියලා හිතුනා ඒත් මට එහෙම ඉන්න බැ බන් තමුසේ දකිද්දී ඉස්සර වගේ මගේ අත් අතරේ හිර කරගෙන ඔය සුදු මූන රතු වෙනකම් කිස් කරන්න හිතෙනවා මට තවත් තමුසෙගෙන් ඈත් වෙලා ඉන්න බැ මෙතන ගොඩක් රිදෙනවා බන් "
ඔහු වේදනාවෙන් අන්තිම වදන් මිමිනුවේ පපුවේ වම් පැත්තට දබරගිල්ලෙන් අනිමින් ඔහු මේ සතිය ගෙවූ ආකාරයට හරියට දන්නේ ශෙහාන් විතරයි සිහි නැති වෙනකම් මත් පැනින් මත් වූ ඔහුට ඔහු කරන කියන දේවල් කිසිදෙයක් ගැන හරි ආකාරව මතකයක් නොතිබිනි
" මම දැන් ඕවා විශ්වාස කරන්න ඕන ද..? එදා හරි ලස්සනට cafeteria එකේ ලමයි ඉස්සරහ මට අන්තිම පහත් තත්ත්වයට දාලා කතා කරලා දැන් මෙතන ඇවිත් ඔහොම කිව්වාම මම තමුසෙව පිලිගන්න ඕන ද..? "
කිසි දිනක නොමැති අයුරින් ඔහුට උස් හඩින් ඇය අසද්දී ඔහු බලාගෙන හිටියේ යුවතියගේ කෝපයෙන් දිලිසෙන ඇස් දෙස ය. යුවතියගේ කදුලින් තෙත් වූ දෑස් ඇයගේ සිතේ ඇති වේදනාව ඔහුට තේරුනා ඔහුගේ තීරණය නිසාවෙන් ඔවුන් දෙදෙනාම දුක් වින්දා නමුත් ඔහුට අවැසි වූයේ ඔහුගේ අහිංසක කිරිල්ලිය ආරක්ෂා කරගැනීමයි
සුසුමක් පහත හෙලූ ඔහු ඇයට ඕන දෙයක් කීමට නිදහස දී නිහඩව සිටින්නට තීරණය කලා
" ඕන වෙලාවට ලගට ගන්නයි එපා වෙලාවට විසි කරලා දාන්නයි මම සෙල්ලම් බඩුවක් නෙවෙයි චතුංක...! ඔයාලා ඔක්කොම එකතු වෙලා සෙල්ලම් කරේ කෙල්ලගේ හැගීම් එක්ක කියලා එක විනාඩියකට හිතුන් නැද්ද..? මම ඔයාගේ ලග ඉන්නකොට එක විනාඩියකට හිතුන් නැද්ද මේ ඔට්ටුවක් හින්දා සෙල්ලම් කරන්නේ කෙල්ලෙක් හිතක් එක්ක කියලා..! ක්‍රිෂ් තමුසෙව විශ්වාස කරන්න එපා කියද්දී එයාටත් බැනලා මම තමුසෙව මටත් වඩා විශ්වාස කලා ඒකට මට දුන්නු තෑග්ග ද මේ..?
තමුසේ දන්නවා ද චතුංක යුනි එකේ ලමයි මට කියන දේවල්..? දැනගත්තත් තමුසෙට මොකද නේද..? ඕන දේවල් ඔක්කොම කර ගත්තා නේ දැන් මිස්ටර් චතුංක තුශාන් විජේසිංහට සතුටුයි ද..? මට තමුසෙව දකිනකොටත් දැනෙන්නේ පුදුම කේන්තියක්..! මම මෙච්චර දවසක් කවුරුවත් කියන දේ නාහා ආදරේ කරේ මේ වගේ මිනිහෙක්ට නේ ද කියලා හිතෙද්දී මට මං ගැනම දැනෙන්නේ කලකිරීමක්..! මම අත් දෙක එකතු කරලා අන්තිම වතාවට ඉල්ලන්නම් ආපහු මගේ ඇස් ඉස්සරහට එන්න එපා අවසාන වතාවට ඉල්ලන්නේ මම එච්චරයි..!"
යුවතියගේ වදන් හමුවේ ඔහුට දැනුනේ තමන් ගැනම කෝපයක් ඇය දැන් ඔහුව පිලිකුලක් කරනවා ශෙහාන් පැවසූ ආකාරයට ඔහුට මදක් ඉවසන්න තිබුනා කියා ඔහුට සිතුනා නමුත් ඊට පෙර මව ඉස්සර වී ඇයට කරදරයක් කලහොත් යන කාරනය ඔහුට සිහිපත් වුනා දැන් ඇය ඔහු සමග තරහ වුවත් මවගෙන් ඇය ආරක්ෂිත බව ඔහු සිතන්නට වුනා
" උබෙන් ඈත් වෙලා යන්න මට හේතු තිබුනා උබට ආදරේ හින්දාමයි අමාරුවෙන් හරි උබව ඈත් කරේ..! තමුසෙට බනිද්දී තමුසේ කදුලු පුරවගෙන වචනයක්වත් නොකියා මගේ දිහා අසරණ විදියට බලාගෙන ඉදිද්දී හිතින් මම පිච්චුනු තරම දන්නේ මම විතරයි බන් මට ඕන වුනේ මගේ කිරිල්ලී පරිස්සමින් ඉන්නවා දකින්න ඒ නිසායි ඈත් කරේ..! ඒත්...ඒත්... මට මගේ කිරිල්ලී ඕන..! තමුසෙට ඕන විදියටම තවත් මගේ හෙවනැල්ලවත් තමුසෙට දකින්න ලැබෙන්නේ නැ තවත් මේ තිරිසනා උබේ ඇස් ඉස්සරහට එන්නේ නැ "
සිතට පැමිනි සියල්ල එසේ කියා දැමූ ආඩම්බරකාරයා තවත් මොහොතක් හෝ යුවතිය අසල නොරැදී පිටව ගියේ දෑස් වල දැවටි ඇති කදුලු පටලය පිසදමමින් යුවතිය තවත් ඔහු යන දෙස බලා සිටියේ ඔහුගේ අවසන් වදන් පෙල දෝංකාර දෙද්දී
මතු සම්බන්ධයි......!
වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි
Bạn đang đọc truyện trên: AzTruyen.Top