PROLOGUE 🍃
අහ්ම්ම්ම්...,
හායි මන් තමයි නෙතූ ලෝශශ්..නැත්තං කිම් නෙතූ..මගෙ අම්මා ලංකාවේ ඒත් මගෙ අප්පා කොරියාවේ..ඒ දෙන්න ඉතින් ලව් කරල කරලා තමා කසාද බැදල තියෙන්නේ ..මගෙ අම්මා ගිහින් තියෙන්නේ කොරියාවේ යුනි එකට..එතනදි තමා ඉතින් වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා තියෙන්නේ ...
මගෙ ඔප්පාව හම්බෙන්න ඉන්නෙ කියලා දැනගෙන තියෙන්නේ අපෙ අප්පා ලංකාවේ ඇවිත් ආච්චිගෙයි සීයගෙයි කැමැත්ත ගන්න ආපුවම...
ආහ්..ඉතින් උනු දේවල් ඔයාලම හිතාගන්න..මගෙ අසරණ අහිංසක අප්පා 😂
" චූටි කොරියාවෙන් කොල්ලෙක් එහෙම යාලු කරගන්නෙ නෑ කඩනවා අඩු "
මට ඉතින් කියන්න ඕනෙ කවුද දන්නෙ නෑ එහෙම කරේ කියලා ..ඒත් හැමදාම හිතෙන් කෑගහල කිව්වට අම්මගෙ මූන දිහා බලාගෙන ඉතින් කවදාවත් එහෙම දේවල් කියන්න වෙන්නෙ නෑ..අසරණ ජීවිතය ..මගේ
" එහෙමයි උත්තමාවියණී.. "
අම්මට දන ගාලා බඩගාලම වැදල ආශිර්වාදය එහෙම ගත්තා ඉතින්..නොමිලේ හම්බෙන ඕනෙ දෙයක් ඉතින්..🙂💔
ඔන්න ඉතින්
අද.................,
කෙල්ල ඉන්නෙ යුනි එක ඉස්සරහට වෙලා..ඔප්පා කෙල්ලව භාර දීලා එහෙම යන්න ගියේ කෙල්ල පොඩි එකෙක් වගේ නාහෙන් අඩද්දී..කෙල්ලගෙ පපුව දඩ බඩ ගාලා ගැහෙනවා..කෙල්ල ඉතින් බෑග් එකේ පටියත් තදේට අල්ලගෙන ගැම්මෙන් ඇතුලට ගියත් නැවතුනේ නිකන් ඇක්සන් සීන් එකක් දැක්ක නිසා
" ඔමෝ..ගුටි කෙලියක්..ඔලුව දැම්මා කියලා මැරෙන්නෙ නෑ..යමු යමු "
කෙල්ලත් ඉතින් ජන්මෙන්ම ඔපේ 🙂 ගියා ඉතින් ඔලුව පොඩ්ඩක් දාන්න..කෙල්ල ඉතින් ඉන්න විශාල ජන ගග පීරගෙන ඉස්සරහට ගියා..නෙතූගෙ ඇස් උඩ ගියේ කොල්ලෙක් බිම දාගෙන පොඩි කොල්ලෙක්ට නෙලනවා ඒ කොල්ල දාගෙන බිම පෙරලි පෙරලි ගුටි කනවා...
" ඔහ්..අම්න කාක්කෙක් "
නෙතූ කෑගැහුව පාර එතන උන්නු ඔක්කොම ලමයි කාක්කෙක් දැකල නෑ වගේ ඉතින් අහස දිහා බලනවා..කොටින්ම කිව්වොත් අර මැර කොල්ලත්..
කෙල්ල ඉතින් අහක යන බාල්දි ගෙදර ගෙනි යන කෙනානෙ..කෙල්ල බිම පන ඇද ඇද උන්නු කොල්ලගෙ අතින් ඇදගෙන දුවගෙන ගියා ඉතින් අර මොකක්ද එකෙක් වැහිල වගේ...
" ප්..පොඩ්ඩක් ඉන්න.. "
" ව්..වේහ් "
" මගෙ..පොත්..එ..තන.. "
ඒ පොඩි කොල්ල ඇස් දෙකේ කදුලු පුරෝගෙන කියද්දි නෙතූටත් දුක හිතුනා..කොල්ලගෙ තොලුත් පැලිල..නලලිනුත් ලේ එනවා..මූනත් නිල් වෙල ගිහින්..
" ඔතනම ඉන්න..මන් අරන් එන්නන් "
" අ..ආනී..ඔයාටත්..කරදරයක් කරයි..එයා.. "
" ඒක මන් බලාගන්නන් කො..ඔයා ඔතනටම වෙලා ඉන්න..මන් ඉක්මනට එනූ "
නෙතූ ආයෙමත් දිව්වේ හිටපු තැනට..ඒත් එතන වාතාවරණයනන් හොඳ නෑ..කොල්ලෙක් පිස්සෙක් වගේ කෑගහනවා තරහෙන්..කෙල්ල හෙන කෙල ගුලියක් ගිලල..හොර පූසි වගේ ගිහින් බෑග් එකට අත තිබ්බත් එක්කම..,
" ටේහ්යුනා..ආන් අර කොට කෙල්ල.. "
කෙල්ලට ඒකටනන් මල පැන්නා..ඔව් නෙතුත් කොට ජීවිතයක්..🙂💔
" මොකක්ද තමුසෙ කියන්නේ ..තමුන්ගෙ වංසෙ අයටම අපහාස කලන්න එපා තාරාවෝ.. "
" ය්..යාහ්... "
නෙතූ ගැම්මෙන් කෑගැහුවට කෙල්ලගෙ ඇස් යා උනේ තරහින් රතු උනු කලුම කලුපාට ඇස් දෙකක් එක්ක..කෙල්ලට බයටම හෙන කෙල ගුලියක් ගිලුනා..
" නොදැනීම අපගේම නෙත්..යා උනා..🎼
කෙල්ලගෙ ජන්ගම දුරකතනය හැමදාම වගේ ආතල් දෙද්දි කෙල්ල ඉතින්..
" යකො..ආතල් දෙන්න එපා සප්තලම්.. "
කෙල්ල ඉතින් කකුල් දෙකට පින් දීලා පස්ස නොබල දිව්වා..
" යාහ්..ඒ කෙල්ල මට මොකක්ද කිව්වේ.. "
" තාරාවා කියලා නෙ.. "
" දැන් උබට මාව විහිලුවක් ද ටේයියෝ "
" ඒ කෙල්ල කවුද කියලා හොයපන්..ඒකි හෙන ලස්සනයි ඕයි..කියුට්..බලහන්කො බෝලයක් වගේ..ස්ස්ස්..ආසාවෙ බෑ "
" නදකින් වල් කොටියා.. "
" උබ හෙන උපාසයකයනෙ අනේ මේ නිකන් ඉදපන් ජිමිනා "
ටේහ්යුන් ජිමින්ගෙ පිටට එකක් ගහල හිනාවෙද්දි ජිමින්ව හෙල්ලිලම ගියා ඒපාරට..කොල්ල පිටත් අතගාන ගමන් ටේහ්යුන්ගෙ පස්සෙන් ගියේ ඇයි එයා කොට උනේ කියලා හිතෙන් දුක් වෙන ගමන්..🙂
" ක්..කුමාවෝ..නූනා.. "
" අයිගූ..අඩන්න එපා හා පැට්ටො..කෝ කෝ කදුලු පිහදාගන්න.. "
නෙතූ කොල්ලගෙ කදුලු පිහදාලා කෙල්ලගෙ බෑග් එකෙන් ක්රීම් එකකුත් අරගෙන කොල්ලගෙ තුවාල වල ගෑවෙ හරිම පරිස්සමෙන් ..කොල්ලට රිදෙන්නෙ නැති වෙන්න පිබ පිබ ගාන දිහා ඈත ඉදන් ටේහ්යුන් බලන් උන්නෙ තරහින් පිරුණු ඇස්වලින්..
" නූනා..ඔයාගෙ නම මොකක්ද..?? "
" මන් නෙතූ.. "
" න්..නෙ..
" ඒක කියන්න බෑ නේ..ඔප්ප හැමවෙලේම මට විහිලු කරනවා..දණ්ඩා "
කොල්ලට නෙතූගෙ හුරතලේට හිනා..නෙතුත් බලන් උන්නෙ ඒ කොල්ලගෙ හිනාවෙ ලස්සන ..
" ම්ම්..මන් නූනට නික් එකක් දාන්න..ම්ම්..නූනා කියලා "
" යාහ්.. "
නෙතු කෑගහන ගමන් ඇඩිය පොලොවෙ ගහද්දි කොල්ලනන් කරේ හයියෙන් හිනා උනු එක..එයා මෙච්චර සතුටින් හිටියමයි..කාලෙකට පස්සෙ
" එතකොට ඔයාගෙ නම..මොකක්ද හාවෝ "
" ජන්කුක්..කිම් ජන්කුක්.. "
" ඕහ්හ්..කුක්..කුකී..ඉතින් අද ඉදන් ඔයා නූනගෙ කුකී..ඕකේ?? "
" ඕකේ.. "
දෙන්න සතුටින් හිනාවෙවී ඉද්දි ටේහ්යුන් කරේ ඒ දිහා බලන් උන්නු එක ඉස්සෙල්ල තරහින්..උනත් කොල්ලගෙ හදවත මෙලෙක් උනේ ජන්කුක්ගෙයි නෙතූගෙයි හිනාව දැකල..ඒත් ටේහ්යුන්ට ඕනි උනේ නෑ සංවේදී වෙන්න..
" එතකොට මිනිස්සුන්ව දුර්වල වෙනවා..ආදරේ මිනිස්සුන්ව දුර්වල කරනවා...ලෝබ කරනවා මට ඕනි නෑ ඒවගෙ බොලද මනුස්සයෙක් වෙන්න..හරියටම මගෙ අප්පා වගේ "
ඒ ටේහ්යුන්ගෙ සුපුරුදු වචන ටික..
I can't fall in love...
Love only make people weak..
[edited story+Republished]
Bạn đang đọc truyện trên: AzTruyen.Top