Chapter 04 🐯💕


" ඇයි මාව මගාරින්නෙ ..මගෙ මොනාද අඩු..මාව මදිද ඔයාට "

" ප්ලීස් අහන්න ටේහ්‍යුන්..ආදරේ බලෙන් ලබාගන්න බෑ.. "

නෙතූ කිව්වේ ටේහ්‍යුන්ගෙන් අත කෝමහරි ගලෝගෙන කෙල්ල වැඩි දුරක් යන්න හම්බුනේ නෑ කෙල්ල නැවතුනා.. ,

" ඒයී බෝලේ..ඔයාට මගෙ වෙනමවමයි..මේ කිම් ටේහ්‍යුන් දෙයක් ඕනි කියලා හිතුවොත් කොහොමහරි ඒ දේ ගන්නවමයි "

" මේ අහන්න..ඔයාට බෑ ටේහ්‍යුන් ආදරේ බලෙන් ගන්න..ඒක ඔයාගෙ සල්ලිවලටවත් බලේටවත් ගන්න බෑ..ආදරේ කියන්නේ හදවතට දැනෙන්න ඕනි දෙයක් ..අනික ඔයාට ලබාගන්න මන් සෙල්ලම් බඩුවක් නෙමේ...ප්ලීස් මට පාඩුවෙ ඉන්න දෙන්න..
මන් ඔයා කලින් සෙල්ලමට ගත්ත කෙල්ලො වගේ නෙමෙයි..ඒ ගානට මාව දාන්න එපා..විශේෂයෙන්ම මට තමුන් වගේ ගෑනුන්ව සෙල්ලමට අරන් වැඩක් නැති උනාම කුනු ගොඩක් වගේ විසික් කරන පිරිමින්ට පොඩ්ඩක්වත් කැමැති නෑ....

ඉස්සෙල්ලම ගෑනු කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න..නැත්තං ඔයා කොහොමද මට ආදරේ කරනවා කියන්නේ ..?? "

" මට ඕවා තේරෙන්නෙ නෑ.තේරුම් ගන්න ඕනිත් නෑ.මට ඔයාව විතරයි ඕනෙ බෝලෙ...මන් ආදරෙයි "

" ඉස්සෙල්ල ඔයාට ආදරේ කරන අයට ආදරේ කරල ඉන්න ටේහ්‍යුන්.. "

නෙතූ ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බලාගෙනම කියලා ආයෙමත් හැරුනෙ එයාගෙ ගමන යන්න...

" ඒත් ඒ අයටත් මාව එපානන් මන් මොකක්ද කරන්නෙ බෝලේ..මන් ආදරේ ඉල්ලන් පස්සෙ යන්නන්..හැබැයි ඒ ඔයාගෙන් විතරයි.. "


I will do anything to get her..
Because ..,
I want just her love..
Just her love...

Bạn đang đọc truyện trên: AzTruyen.Top