පලමු පිස්සුව🙃
අනේහ්..කවුරුහරි එන්නකෝ..මූ මාවහ් කන්න හදනවා..කවුරුත් නැද්ද..බේරගන්නෝ..අනෙහ්න් එන්නකෝහ්.."
ඒ හඩ ඇසෙනවාත් සමග ජිමින් බැලුවේ තමා අසළ සිටි බෲනෝ දෙසය..වැඩේ හරිය බෲනෝ නැත..එසේ නම් ඒ කෑගසන හඩට හේතුව බෲනෝ විය යුතුය..
ජිමින් ඉක්මනින්ම තම අත රැදි දුරකථනය බොටම් කලිසමෙහි සාක්කුවට දමා දිවගියේ ඒ හඩ ඇසෙන පැත්තට ය.
ඔහු යන විට සැහැල්ලු කලිසමක් හා සුදුපාට ටීශර්ටයක් හැදවුන් යුවතියක් පණ බයේ කෑගසමින් ගසක් වටේ දුවයි..බෲනෝද ඈ පස්සෙන් එළවයි.බලා ඉන්නට ලස්සනය.
" බෲනෝ මෙහෙ එනවාහ්."
ජිමින් එසේ කෑගසන විට ඒ හඩට කීකරු වූ බෲනෝ ජිමින් ළගට පැමිණ ඔහුගෙ ඇගෙහි දැවටෙන්නට වූයේ හුරතලයෙනි..ජිමින් දනක දණක් නවා බෲනෝ අසළ වාඩී වූයේ ඔහුව පිරිමදිමිනි..මෙතෙක් වෙලා කෑගසමින් ගසක් වටක් දිවූ යුවතිය බංකුවක් මත හිදගෙන හති අරින්නේ ය.
'සොරි නංගි..මේකා මා එක්කමයි හිටියේ..කෝල් එකක් ආව නිසා පොඩ්ඩක් මට බෲනෝව මිස් වුනා..එවළෙයි මෙතනට ඇවිත් ඔයා පස්සෙ එළවලා තියෙන්නෙ..සොරි අගේන්."
ජිමින් එසේ පැවසුවත් ඇය තවමත් බයටම වෙව්ලයි.
"තියාගන්නවා සොරිය..බල්ලව එක්කන් ආවානම්ඌව බලාගන්ඩ බැරිද..නිකම් හරිමූ මාව කෑවනම් එහෙම ඔය සොරියෙන් මාව හොද කරතැහැකිද තමුසෙට.."
ඇගේ ආවේගයත් සමග ජිමින් බැලුවේ ඈ දෙස පුදුමෙනි..
යකොහ් මේකී..කෙල්ලෙක් ද යකින්නක්ද.. ජිමින් එසෙ සිතුවත් පවසන්න ගියේ නැත.
"බයවෙන්ඩ එපා මගෙ බෲනෝ හරක් මස් කන්නෑ.."
" මොකද්ද ඔහෙ කිව්වෙ..කවුද හරකා මම ද.."
එසෙ කෑගැසු ඇය හිදසිටි බංකුවෙන් නැගිට පැමිණියෙ ජිමින් දෙසට ය. නමුත් නැවතත් බෲනෝ ඇගෙ ඇගට පැන්නේ බුරමිනි.
"අනෙහ්.."
ඇය බෲනොට බයවී නැවතත් පසුපසට වූයේ
පපුව ද අතින් අල්ලගෙනය.
ජිමින් ඈ දෙස බලාසිටියේ කටකොණින් සිනාවීය.
" වැඩිය සද්ද දාං එන්ඩ එපා හරි..මුං මිනී මස් වලට හරිම ආසයි..තමුසෙව මූ බිම පෙරළෙගෙන කන්ඩ ගත්තොත් මටවත් බෲනෝව කන්ට්‍රෝල් කරගන්ඩ බැරිවෙයි."
ජිමින් පැවසුවෙ ඇයව බියවද්දන්නටය.. ඇයද ඉතින් ඒ ලණුව අගක් මුලක් නොසොයාම ගිල්ලේ ය.
" බෲනෙක් නෙමෙයි හූනෙක්මූ.."
"ඒයි මෙහ් මගෙ බෲනෝට මුකුත් කියලා මාව නරක මිනිහා කරගන්ඩ එපා හරිද."
ජිමින් එසෙ පැවසුවෙ ඇගිල්ලද උළුක් කරමිනි.
" වැඩේමයි මට නරක මිනිහා කරගන්ඩ..ජොගින් එන්නෙ ඔහේයි මේ බලුතඩියයි විතරක් නෙමෙයි...තව මිනිස්සු එනවා..බල්ලව ළග තියාගන්ඩ බැරිනම් බල්ලත් එක්කම තමුසෙත් ගෙදර ඉදන් දුවාගන්නවා."
" අපරාදේ ඕයී තමුසෙව බේර ගත්තෙ..පැත්තකට වෙලා මට බලං ඉන්ඩ තිබ්බෙ තමුසෙ ගහ වටෙ දුවනවා...ඇයි යකෝ මොන කං කරච්චලයක්ද මේ..."
" මම ගහ වටෙ දිව්වෙ නිකන් ද මනුස්සයෝ..තමුසෙගෙ මේ ගෝරිල්ලා මගෙ පස්සෙන් එලෙව්ව නිසයි මම ගහ වටෙ දිව්වෙ.. නැතුව මට පිස්සු නෑ.."
සමහරක් අය ජිමින් දෙසත් ඇය දෙසත් බලා යන්නෙ සිනහ වෙවීය..ඔවුන් දෙදෙනාටනම් ගාණක් නැත...දෙදෙනාටම අවශ්‍ය රණ්ඩුවෙන් දිනන්නට ය.
"ඔව් ඔව්...පිස්සු නෑ කියලා පේනවා..මල යස්සනි..යමං බං බෲනෝ යන්ඩ..උබටත් වෙන එකියක් අහුවුනේන්ම නැද්ද බං පස්සෙන් පන්නන්ඩ..මේ වගේ හෝන්තුවක් පස්සෙ පැන්නුවෙ.."
ජිමින් එසේ පවසා බෲනෝ සමග මදක් දර
දිවයද්දි ඔහුගේ පිටේ යම් කිසි දෙයක් වැදුනායින් ඔහු හැරී ආපසු බිම බැලුවේ ය..බිම තිබුනේ ප්ලාස්ටික් කුඩා වතුර බෝතලයකි..මදක් ජලයද එහි තිබුනි..ඔහු ආපසු බැලුවේ ඇය දෙසය. මහා වීරකමක් කළා මෙන් ඇය සිටින්නේ ඉනට අත් දෙකද තබාය..ඇගේ මුහුණේ තිබුනේ සමච්චල් සිනාවකි..ජිමින් ඈ දෙස බලමින් ම බිම වැටී තිබූ බෝතලය අතට ගත්තේය...
කොහොමද හෝන්තුවගේ වැඩ..ටිකක් රිදෙන්ඩ ඇති නේද..සොරි හොදේ.."
එසේ මදක් හඩින් පැවසූ ඇය එතනින් පිටවෙන්න පිටුපස හැරුණත් ජිමින් ඇයව නැවැත්වූවේ විසිල් එකක් ගසමිනි..
"ඔය නංගී දන්නවා ඇති නේහ් හරි පිරිමියෙක් නම් කෙල්ලෙක්ට අතක් උස්සන්නෑ කියලා....හැබැයි කෙල්ලෙ ඒ තියරිය මේ මං ළග නෑ..මට මොකෙක් හරි පාර්ට් එකක් දැම්මොත් ඌ කවුද කියලා මම බල බල ඉන්නෙත් නෑ ම්...."
එසේ කෑගසු ජිමින් වේගයෙන් ප්ලාස්ටික් වතුර බෝතලය ඇය වෙත එල්ල කළේ ය..එය ඇගෙ නළලේ වැදී ඇයව මදක් පිටුපසට විසික්වූවේ ය.
"ආන්යියාහ්...අම්මාහ්.."
ඇය නළල අල්ලාගෙන කෑගැසුවේ ය. වේදනාවටම ඇගේ දෑස් ද තෙත් වුනි.
"කොහොමද මගේ ටැලන්ට් එක බෲනෝ..ඉලක්කෙටම වැදුනා..ගුඩ් ශොට්.."
ජිමින් එසේ පැවසුවේ බෲනෝ දෙස බලා කොළරය ද ඔසවමිනි..බෲනෝද වල්ගය වැනුවේ සතුටු බව හගවන්නට මෙනි.
"එහෙනං නංගි පස්සෙ හම්බෙමු...බායී ඈ.."
එසේ පැවසූ ජීමින් බෲනෝ සමගම එතනින් පිටවූයේ ඇය දෙස එකවරක් හෝ නොබලාමය..
" තමුසෙව ආයෙහ් මට හම්බෙයිනෙහ්..බලාගමුකෝ.. එදාට රෙදි ගලෝලා අරින්නෙ මේ කරපු දේට "
ඇය එසේ සිතුවේ ඇගේ නළල් තලයද පිරිමදිමිනි.
.
.
.
.
.
" ඔම්මාහ්...ඔම්මා මේ මට කියන්න ලැජ්ජයි
තාත්තට..ඔම්මා..ඔම්මා..මේ මට කියන්න ලැජ්ජයි
තාත්තට..ඕහ් යේ....කැරකිලා..ඔම්මා ඔම්මා..මේ
"සුදු පුතා මොකද අනේ කෑගහන්නෙ....අප්පා ආවෝත් දැන් මටත් බැනුම් අහන්න වෙනවා...ඉක්මනට ලෑස්ති වෙන්න..පරක්කු වෙයි නැත්තම්.."
ජිමින් සිටියේ ටවල් එකත් හැද කැඩපත අසළ ගීතයක් ගයමිනි..කෙසේ වෙතත් ඔහුට එය ගීතයක් වූ නමුදු අසා ඉන්නා අයටනම් එය මරලතෝනියකි.
"මට දැන් සින්දුවක් කියන්නත් බැරිද ඔම්මා."
' ඔය සින්දුවක් ද ළමයෝ..පිස්සුද මන්දා මේ කොල්ලට.."
ජිමින්ගේ මව එසේ පවසද්දි ජිමින් ඇයට රවා හිදගත්තේ සයනය මතිනි..
"ඇයි ඔම්මා ඔයාලා මට මෙහෙම කරන්නෙ?..."
"ඇයි දැන් අපි මොනාද ඔයාට කරේ..විකාර නොකියා ලෑස්ති වෙන්න සුදුපුතා."
ජිමින් නැවතත් බැලුවේ මව දෙසය.
" මට ඕනේ කවදහරි ආදරේ කරල මැරි කරන්න ඔම්මා..ඔයාලා ඇයි මාව දැම්ම බන්දන්න හදන්නෙ..මම කෙල්ලෙක්ද අප්පා..."
' මෙච්චර කල් අපිත් බලං හිටියා තමුන් අපිට අද කෙල්ලෙක් ගැන කියයි..හෙට කියයි කියලා..ආදරේ කරන්ඩත් කෙල්ලෙක් ඉන්ඩ එපැයි..දැන් අවුරුදු විසි නවයක්..ආදරේ කර කර ඉදලා බදින්න කාලයක් නෑ..ඕනමනම් කසාදෙට මාසයක් තියලා දින දාගන්නම්..ඒ මාසේ ඇතුළත ඒ ළමයා එක්ක ආදරෙන් ඉන්නවා..නැත්තම් බැන්දට පස්සෙ ම ආදරෙන් ඉන්නවා.."
එතනට පැමිණි ජිමින්ගෙ පියා පැවසුවේ මදක් කෝපයෙනි.
" අයියෝ අප්පා...විසි නවය කියන්නෙ කොල්ලෙක්ට වයසක්ද.."
" මට විසිනවය වෙද්දි මම දරුවෝ දෙන්නෙක්ගේ අප්පා කෙනෙක්."
"අප්පට විසේනෙ..හරබොජිත් ඉස්සර කියනවා.."
ජිමින් සිතුව නමුදු එය පැවසුවෙ නැත.
" ඒ ඉතින් අප්පනේ..මේ මම..මට ඕනේ අවුරුදි තිස් පහේදී වගේ තාත්තා කෙනෙක් වෙන්න..."
ජිමින්ගේ ඒ වදන් හමුවෙ ජිමින්ගේ පියාගේ කෝපය දෙගුණ වන්නට වැඩිවෙලාවක් ගියෙ නැත..
" ජිමින් මම මේ උබට හොදින් කියන්නෙ...ඉක්මනට ලෑස්ති වෙනවා..මාව යකෙක් කරගන්ඩ එපා.."
"කෝසුදුපුතා මේක ඇද ගන්න."
ජිමින්ගෙ මව එසේ පවසා ඔහුගෙ අතට කළු පැහැති කලිසමකුත් තද නිල්පැහැති ශර්ට් එකකුත් අතින් තැබුවේ ය.
" මේ මට බලන දොළොස්වෙනි මනමාලී ඔම්මා...උන් එකෙක්වත් මට හරියන්නෙ නෑ..ඇයි අප්පට තේරෙන්නෙ නැත්තෙ."
ජිමින් හඩන්නට ළංවූ පොඩි එකෙකු මෙන් ඇසුවේ තම මවගෙනි..ඇය ඔහුගේ කෝළම් වලට සිනාසුනා පමණය.
"ඒ ඒවා...මේ කසාදේ හරියනවා..මේ කසාදෙට තමුන් අකමැති වුනොත් බයික් එක සදහටම මං ළග තියෙයි.."
"අප්පා ………මොනාද අනේ කසාදයක් නිසා අච්චර වටින බයික් එක ඔට්ටු අල්ලන්නෙ..ඔයා නම් මහා නපුරුයි අප්පා..."
ජිමින් පැවසුවේ මූණත් ඇදකරය.
"බයික් එක ඕන්නම් මේ කසාදෙට කැමති වෙන්න සුදුපුතා..එතකොට හරි.."
එසේ පවසා ජිමින් ගෙ මව පිටව ගියේ ජිමින් සහ ජිමින් ගේ පියාව කාමරයෙහි තනි කරමිනි..ඒ මොහොතේම ඇද යට නිදාසිටි බෲනෝ එළියට පැමිණියේ ජිමින් සමග ටිකක් හුරතල් වෙන්නට ය.
" අප්පා මට විතරනේ බදින්න බදින්න කියන්නේ..අපි බෲනෝවත් බන්දමු මගෙ මගුළ දවසෙම...නැද්ද බෲනො කොල්ලා ..."
ජිමින් එසේ පවසද්දි බෲනෝ එකවරම කාමරයෙන් එළියට දිව්වේ ජිමින්ගේ දෑස් විසල් වෙද්දිය.. ජිමින්ගේ පියා නම් අහක බලා සිනාසුණි.
" දැක්කනේ අප්පා කසාද ගැන කියද්දි බල්ලොත් දුවන දිවිල්ල...ඔයාලට දවසක තේරේයී ඔයාලා මට කළේ මොන අපරාධයක් ද කියලා..එදාට පරක්කු වැඩිවෙලා තියෙයි අප්පා..මම මේ ලෝකේ ඉන්න එකක් නෑ..ඔය..."
" මොකද උබ මට ෆිල්ම් වල දෙබස් කියනවද..කණට දෙකක් දෙන්න කලින් ලෑස්ති වෙලා පහළට එනවා.."
එසේ පැවසූ ජිමින්ගෙ පියා කාමරයෙන් පිටව ගියේ තම පුතුගෙ වැඩ වලට සිනහ වෙවීය.
" ඒ කියන්නෙ මට මේ මගුළට කැමති වෙන්ඩම වෙනවා..නෙහ්..අයියොහ් මට බෑ අප්පා.."
එසේ තමන්ටම පවසාගත් ජිමින් අකමැත්තෙන් වුවද තම මව දුන් ඇදුම ඇදගන්නට වුනි..
" මොනාද බං කරන්නෙ ඉක්මණට ඇදගනිංකෝ.."
ජිමින් තිගැස්සුණි.
' උබ කොයි වෙලේ ද හියුන්ග් ආවේ..අජුම්මත් ආවාද.."
පැමිණ සිටියේ ජිමින් ගේ මවගේ සහෝදරියගෙ පුතා ජින් ය..
" ඔම්මා ආවේ නෑ බං..අජුම්මයි අජුස්සියි කතා කරේ මට..ලෑස්ති වෙලා ඉවරනම් ඉක්මනට යමං."
" උබටවත් මාව මේකෙන් ගලවගන්ඩ බැරිද හියුන්ග්...හැමෝම මට තමා කසාද හොයන්නෙ..තෝ හොදට ආතල් එකෙ ඉන්නවා."
ජින් සිනාසුනා පමණය..
"වරෙන් බං යන්න...දැන් උබගෙ වයස හරි පවුල් පන්සල් වෙන්ඩ."
"තොට කිව්වට වඩා හොදයි කට බිම උළාගන්නවා"
"දවසක..මා..මේ ලෝකේන් යාවී..එදාට මං නැති අඩුව දැනේවී..එන්නට කිව්වත් පෙර..ලෙස..ලල..ලා..එදාට ඔබ ළග මං නැතිවේවී.."
ජිමින් මෝටර් රථය පිටුපස අසුනේ සිට ජින් ගේ උරහිසට ඔලුව තියාගෙන බොරුවට අඩයි...
ජින් සිණාසුනේ ය..ජිමින්ගේ පියාද ඉදිරියේ ඇති කණ්ණාඩියෙන් බලා සිටියේ ජිමින් දෙසය..ඔහුගෙ මවනම් අතින් මුව වසා සිණාසුනි..
"ඔයාලා මාව අඩවලා හිනාවෙලා ඉන්න කමක් නෑ...."
ජිමින් පැවසුවේ මවාගත් කෝපයෙනි.
ජිමින් රැගත් මෝටර් රථය නතර වූයෙ සාමාන්‍ය නිවසක් ඉදිරිපිටය..වත්ත වටා මල්පැළ වවා තිබූ නිසා ඒ නිවසට ලැබී තිබුනේ ප්‍රසන්න පෙනුමකි.
මෝටර් රථය නිවස අසළින් ම නතර කෙරූ ජිමින්ගේ පියා..මෝටර් රථයෙන් බැසගත්තෙ නිවස ඉදිරිපිට උන් යුවළට සිනහාවීගෙන ය.
" ජිමිනා වරෙන්..තොට මනමාලී බලන්ඩ ආවේ..මට නෙමේ.."
ජින් එසේ පැවසුවේ දත්මිටි කමිනි..සියල්ලෝම මෝටර් රථයෙන් බැස ගත්තත් ජිමින් තවමත් එළියට පැමිණියේ නැත..
තාමත් පරක්කු නෑ හියුන්ග්හ් මාව බේරගනිංකො..
'පිස්සු කෙළින්නැතුව වරං බං."
ජින් එසේ බැනවද්දිද්දි අකමැත්තෙන් වුවද ජිමින් මෝටර් රථයෙන් බැසගත්තේ ය.
එන්න එන්න ගෙට..අපි හිතුවේ උදෙන් ම එයි කියලා හීනීයට.."
නිවස දිරිපිට වන් මනමාලිගේ පියා පැවසවේ සිනහමුසු මුහුණින් ය.
" මොකද බං මේ අංකල් කාරයා අපි උදෙන් ම එයි කියලා හීනීයට හිතලා තියෙන්නෙ..ඒ යකාගේ ඇගෙ තරමටමයි හිතෙන ඒවත් හිතෙන්නෙ..."
"කට වහං ඉදපං ජිමිනා "
ජින් පැවසුවෙ දත්මිටි කමිනි.
" ටිකක් පරක්කු වුනා හියුන්ග්..."
ජිමින්ගෙ පියා එසෙ පවසා ජිමින් සහ ජින් සමග නිවසට ඇතුළු විය.
ජිමින්ගෙ මව මනමාලීගෙ මවත් සමග ම නිවස තුළට පිවිසියේ ය..
" එන්න..වාඩීවෙන්න..“
එසේ පැවසු මනමාලීගෙ මව නිවසෙහි වූ කාමරයක් තුළට වැදුනේ ය..ජිමින් නම් සිටියේ මැළවුනු මුහුණිනි..
" සුදු පුතා චුට්ටක් හිනා වෙලා ඉන්නවා..නැත්තම් මේ මිනිස්සු හිතයි අපි තමුන් ව බලෙන් බන්දන්න යනවා කියලා.."
" ඉතින් අප්පා ඇත්ත ඒකනේ..මම මෙහෙම්මයි ඉන්නේ..ම්..."
'"ඒ කියන්නෙ තමුන්ට බයික් එක ඕන නෑ වගෙහ් නේ.."
ජිමින්ගේ පියාද ජිමින්ට දෙවනි වන්නෙ නැත..
"අප්පා …."
"අප්පා නෙමෙයි..බයික් එක ඕනනම් හරියටඉන්නවා."
ජිමින් තම පියාට රවමින් හරිබරි ගැසී පුටුවෙ වාඩීවිය.
" කෝ අංකල් කෙල්ල නැද්ද..."
ජිමින් එසේ මනමාලිගෙ පියාගෙන් එකවර විමසද්දි ඔහු තුෂ්නිම්භූත වී බලා සිටියේ ජිමින් දෙසය..ජිමින් ගේ මේ නොහොබිනා වැඩ වලට ඔහුගෙ මවට පියාටත් හීන් දාඩිය දමා තිබුනි.
'අනේ ගණන් ගන්..ඩ එපා හියුන්..මේ " අපේ..පුතා ඔහොම්මමයි..හරි විහිළුකාරයා.."
ජිමින් ගෙ පියා එලෙස පැවසුවේ ජිමින් දෙස බලා රවමිනි.
'උබට පිස්සුද ජිමිනෝ..පොඩ්ඩක් පිළිවෙලට ඉදපං...අපෙ නම්බුව කන්නැතුව."
ජින් එසේ පැවසුවෙ ජිමින් ගේ සවන අසළටම ළංවෙමිනි..
" ඉතින් බං ඇත්තනෙ කිව්වේ..කවුද දන්නෙ අපි එන වෙලාවෙ ඒකී වෙන එකෙක් එක්ක පැනලා ගිහින්ද කියලා.මේ මිනිස්සු ඒක කියාගන්න බැරුවද දන්නෑ නෙ ඉන්නෙ."
'තෝ කවදා හැදෙයි ද මන්දා බං.."
ජින් එසෙ පවසා සිණාසුනේ අහක බලා ය.
මද වේලාවක් ගිය පසු ජින්ටත් ජිමින්ටත් මදක් එහාට වන්නට පිහිටා තිබූ කාමරයෙහි දොර රෙද්ද හැර යුවතියක් හොරෙන් එබි එබී බැලුවේ...
පසුව ඇය සම්පූර්ණ දොර රෙද්ද හැර ජිමින් දෙසත් ජින් දෙසත් බලා සිනාසුනේ ය..
" මේ මොන වින්නැහියක් ද බං මට වෙන්ඩ යන්නෙ .."
ජිමින් එසේ පවසද්දි ජින්ද ඇය දෙස බලා සිටියේ දෑස් අයාගෙනය..
සිටිය යුවතිය ඉතා තරබාරු අයෙකි. නමුත් ඇයලස්සනය..සුදු ය..කළු සැහැල්ලු කලිසමක් හා කහ පාට දිගු බ්ලව්සයක් ඇය ඇද වුන්නේ ය..
'මාව එක්කන් පලයං හියුන්ග්..උබ මට ආදරේනම් මාව දැම්ම මෙතනින් එක්කන් පලයං...."
තවමත් ජිමින් සිටින්නෙ ඒ යුවතිය දෙස බලා ය.
"අජුම්මා මේ ඔයාලා මල්ලිට බැලුවෙ අර ගෑණූ ළමයවද.."
"ළමයාහ් ..ඒකීට ළමයා කියලා උබ ළමයින්ට අපහාස කරන්ඩ එපා යකොහ්.. "
ජිමින් සිටියෙ කෝපයෙනි.
"මොකද සුදු පුතා වෙලා තියෙන්නෙ. කෝ දැන් කොයි ගෑණූ ළමයෙක් ගැනද කියන්නෙ.."
ජිමින් ගෙ මව ඇසුවේ ජින් දෙස බලා ය.
" අර රූම් එකේ ඉන්නෙ අජුම්මා "
ජින් එසෙ පැවසුවෙ එම කාමරයට අත දිගු කරය. ජිමින් බලා සිටියේ තම මව දෙස ය..ජින්ද බලා සිටියේ ජිමින්ගෙ මව දෙසය..
ජිමින්ගෙ මව කාමරය දෙස බලනවාත් සමග දොර රෙද්ද අතරින් එබී බැලුවේ තරබාරු තරුණිය වෙනුවට ලස්සන ගවුමකින් හැඩ වී සිටි යුවතියකි..
ජිමින් ගෙ මව තමා දෙස බලා සිටිනවා දුටු යුවතිය ඉක්මණින්ම දොර ගාවින් එහාට වූයේ ලැජ්ජාවට ය..ඇය මනමාලයාව හරියට දුටුවෙ නැත.
ඔව් පුතේ ඒ ගෑණූ දරුවා තමා..බලන්නකො ලස්සන..බෝලයක් වගේ කෙළි පොඩ්ඩක්."
මව සිනාසී එසෙ පවසනවාත් සමග ජිමින්ගේත් ජින්ගේත් දෑස් තිබුනේ නළලේ ය.
" ඔයාලට පිස්සුද ඔම්මා...මං ඔයාලගෙන් බෝලයක් ඉල්ලුවෙ කවද්ද..ඔයාල කිව්වෙ කෙල්ලෙක් බලන්න එනව කියලා.. බෝලයක් ඕන්නම් මම කඩෙන් ගන්නවනෙ..මොකටද මෙච්චර දුර එක්කන් ආවේ.. "
" අජුම්මා ඒ කෙල්ල මල්ලිට හරියන..ව..ද.."
ජින් විමසුවේ තම සොහොයුරාව බේරා ගැනීමේ එකම පරමාර්ථයෙනි..ඇයට යටවුවහොත් ජිමින් මැරෙන එකත් මැරෙනවා මය....
"ලොකුපුතා ඒ ගමන ඔයත් පටන් ගත්තද ආහ්.."
"නෑහ් අජුස්සී... මම...මේ නි..කම් කිව්වේ.."
ජින් කවදත් ජිමින්ගෙ පියාට බයය..ඒ නිසාම ඔහු නිශ්ශබ්ද වී පැත්තකට වූයේ තම සහෝදරයා පිළිබදව සිතින් හඩා වැටෙමිනි.
"මේකට එරෙහි වෙයං හියුන්ග්..උබ ආසද උබෙ මල්ලිව ආප්ප හැන්දකින් ගලවනවා දකින්න.."
" සුදුපුතා.."
එවර ජිමින්ගෙ පියා මදක් සෙමින් කෑගැසුවේ දත්මිටි කමිනි.
" මොකද්ද අප්පා මේකේ තෙරුම බයික් එක අරං ඔයා මට දෙන්ඩ යන්නෙ බුල්ඩෝසරයක් නෙ ඔයාලට එක පුතයි නේද ඉන්නේ..උගෙ අනාගතේ මෙහෙම අදුරු කරන එක හරිද...ඔම්මපා..."
ජිමින් පැවසුවෙ ජින්ට හේත්තු වෙමිනි.
'දැන් තමුන් කට වහං හිටියෙ නැත්තම් ඔය " මගුලෙ බයික් එක මම ගෙදර ගිය ගමන් විකුණලා දානවා..දැන ගන්නවා."
හැම එකටම.. බයික් එක...බයික් එක...බයික් එක.. කනවා ඕක මම ගෙදර ගිහින්
ජිමින් එසේ පවසා බිම බලාගත්තේ ය. සියල්ලන් ම මොහොතකට නිශ්ශබ්ද විය.
"අදම කසාද බදින්නෙ නෑනෙ බං..ටිකක් බලමුකො.."
"'පලයං යන්ඩ තොපි සහෝදරයො නෙමෙයි..උබට වඩා හොදයි මගෙ බෲනො කොල්ලා "
එසෙ පැවසු ජිමින් ජින්ට රවා අහක බලාගත්තේ ය..ජින්ට නම් හිනාය.
"සුදුපුතෙ මනමාලි එනවා."
ජිමින්ගෙ මව එසෙ පවසද්දි ජින් සහ ජිමින් දෙදෙනාම බැලුවේ එදෙසය..
ජින්ට නම් දැනුනේ නිවන් ගියා මෙන් හැගීමකි..නමුතමා දෙසට එන මනමාලී දෙස ජිමින් බලා සිටියේ තක්බීරී වීය.
මේ ඇයයි...උදෑසන තමාත් බෲනෝ කොල්ලාත් සමග රණ්ඩු වූ ඒ යස්සනියයි..ජිමින් සිටියේ උතුර දකුණ මාරු වීය..
මීට පෙර දොර රෙද්ද අසළ සිටි තරබාරු යුවතිය සිටියේ කාමරය අසළමය..එසේ නම් මනමාලිය ඇය නොවෙයි..
ජිමින් දෙසට එමින් සිටි යුවතිය හිස මදක් ඔසවා ඔහු දෙස බැලුවේ ය..එකවරම ජිමින්ව දුටු ඇයට දැනුනේ තිගැස්මක් සමගම කෝපයකි..එසේ නම් මනමාලයා මොහුද..
"මේකී හෙප්පුවෙන්ම මට කෙළලා අරියිද...ඕහ් ගෝඩ් හෙල්ප් මී..."
ඇය ජිමින් දෙසටම පැමිණ බලා සිටින්නේ ජිමින් නැගිටිනා තුරුය. නමුත් ජිමින් සිටින්නේ පියවි සිහියෙන් නම් නොවේ...
" සුදුපුතා නැගිටලා ඕක ගන්න.."
ජිමින්ගෙ මව පැවසුවත් ඔහුට කිසිවක් ඇසෙන්නෙ නැත..ජිමින් බලා සිටියේ ඇගෙ නිල් වී ඇති නළල දෙස ය...එය තමාගෙ හපන්කමකි.
"සුදුපුතා"
එවර නැවතත් ජිමින්ගේ පියා මදක් හඩින් කෑගැසුවේ ය..
"එපාහ් එපාහ් මගෙ ඔළු.ව"
ජිමින් එසෙ පවසමින් දෑතින්ම තම හිස ආවරණය කර හිස පහ කරගත්තේ ය.
සියලු දෙනා ම බලාසිටියේ ජිමින් දෙස පුදුමෙනි..ජිමින්ගෙ මවටත් පියාටත් දැනුනේ ලැජ්ජාවකි.
" ජිමිනා මොකද උබට වුනෙ නැගිටපං යකො.. මේ මිනිස්සු බලං ඉන්නවා."
ජින් එසේ පවසා ජිමින්ව කෙළින් කළේ ය.. ජිමින් කෙළින් වී තම හිස අතගෑවෙ ය..පසුව ඒ අත තම මුහුණ ඉදිරියට ගෙන බැලුවෙ පුදුමෙනි.
"මගෙ ඔළුවෙ ලේ එන්නෑ බං..මට රිදෙන්නෙත් නෑනෙ.. මේ"
ජිමින් ජින් දෙස බැලුවෙ පුදුමෙනි.
"'දැන් උබට ප්‍රණේ ඔළුවෙන් ලේ එන්නැති එකද..තොට පිස්සුද යකොහ්"
එවර ජිමින් බැලුවෙ තම මවත් පියාත් දෙසය..ඔවුන් සිටියේ ජිමින්ට රවාගෙන ය..
" මේකී මේ මගුලෙන් මගෙ ඔළුවට ගැහුවනෙ යකෝහ්..කවුරුත් දැක්කෙ නැද්ද"
" පුතාට මුකුත් ප්‍රශ්ණයක් ද පුතෙ"
මනමාලිගෙ මව විමසුවේ මද සිනාවකිනි..
'න්..න්නෑ ආන්ටි මෙහ්..මෙ ඔළුව කැක්..කුමක් ආවාහ් එක පාරට.. "
ජිමින් බොරුවක් පවසා තම නම්බුව බේරාගත්තේ ය.
" මේකී හෙප්පුවෙන් ඔළුවටම කෙළිනවා පෙනුනා කියන්නයැ'යි....නැත්තම්.."
" ඇයි සුදු පුතේ"
ජිමින්ගෙ මව අසුනින් නැගිට පැමිණියේ ජිමින් අසළට ය.
"මුකුත් නෑ ඔම්මා දැන් හරි
තමාට ඇති ඔළුව කැක්කුමක් නැත..ජිමින් එසෙ පැවසු පසු ජිමින්ගෙ මව නැවතත් හිද සිටි අසුනින් හිදගත්තේ ය. මනමාලි තවමත් රවමින් ජීමින් දෙස බලා සිටියි.
"එහෙනම් පුතේ අපේ දුවගෙන් හෙප්පුව ගමූ... හීනියට..."
මනමාලිගෙ පියා එසෙ පවසද්දි ජිමින් වේගයෙන් වේගයෙන් හුස්ම ගනිමින් බැලුවෙ ජින් දෙසය..
"හියුන්ග්හ්..මූටහ්..කියපං..ඔය..හීනීයට...කතාවහ්. .නවත්තන්ඩහ්..කියලා මගෙහ් කන්නැතුව.."
ජිමින්ට දැන් මේ හීනීයට යන වචනය අසාම එපා වෙලා ය.
"හරි හරි උබ ඕක ගනිංකො."
ජින් එසේ පැවසූ පසු ජිමින් නැගිට ඇය ඉදිරියේ හිට ගත්තේ ය.
" ඕක මට දෙන්න ගෙනාවනම් මගුළටද බලංඉන්නෙ..මෙහෙ දෙනවා ඕයී.."
එසේ ඇයට පමණක් ඇසෙන්න හඩ නැගූ ජිමින් ඇගේ දෑතින් එය උදුරාගත්තේ ය..
ඇය නම් බලාසිටියේ ජිමින්ට රවාගෙනම ය.
______________________________________
හායි ලමයි...
කම්මැලිකමට ලියන්න ගත්ත කතාවක් මේක....
ෂෝට් ff එකක් වෙයි ගොඩක් දුරට... episode දහයකට අඩුවෙන් ඉවර කරන්නයි බලාපොරොත්තුව...
හිනා වෙන්න පුලුවන් ඔයාලට පණ යනකන්...
හිනා යන්නැත්තන් ඒකත් කියන්න මට...
කමේන්ට්ස් & වෝට්ස් අත්‍යවශ්‍යයි...
ඊලග episode එකේ ඉදන් ගෝල් එකක් දාන්නම්...
බාල්දි ඕතරී...😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top