දෙවන පිස්සුව 🤪

🥲 (හාස්‍ය ම පමණක් බලාපොරොත්තු නොවන්න)

ජිමින් රවාගෙනම ඇගේ අතින් බුලත් හෙප්පුව ගෙන නැවතත්හුන් අසුනින් ම වාඩී විය. ඇයද රැවීමෙන් නම් ජිමින්ට දෙවනි වූයේ නැත.

" දෝණී එන්න පුතේ මෙතනට..

ජිමින්ගෙ මව ඇයට කතා කළ පසු ඇය ගොස් ඒ අසළින් ම වාඩි විය.

'මේ නළල මොනා වෙලා ද පුතේ..."

" අනේ බලන්නකෝ..අපේ දුව අද ගමනක් ගිහින් එද්දි පාරෙ හිටපු කොල්ලෙක් දුවට වතුර බෝතලේකින් ගහලා. මූඩීය පැත්ත වැදිලා තියෙන්නෙ ඒකයි ඔය නළල ඉදිමිලා...."

ජිමින්ගෙ මවට පිළිතුරු දුන්නෙ මනමාලියගෙ මවය.

ඒක හරි වැඩක් නෙ..මේ මදාවියෝ නිසා දැන් ගෑණූ ළමයෙක්ට පාරේ බැහැලා යන්න නෑනෙ.."

ජිමින් ගෙ මව එසේ පවසද්දි මනමාලිය ජිමින් දෙස බැලුවේ

" ඇද්ද තොට "

කියන්නා වැනි බැල්මකිනි...ජිමින් ද ඇය දෙස බලා බිම බලාගත්තේ ලැජ්ජාවට ය.

"ඔයා ඔය මදාවියා මදාවියා කියන්නෙ ඔයාගෙම පුතාට ඔම්මා ..හරි වේදනයි මට.."

ජිමින්  සිතින් සිතුවේ බිම බලා ය.

" ඔහොම එවුන් නම් ලෝකෙට ඕන්නෑ...හොයාගෙන ගිහින් බනින්න ඕන ඔහොම උන්ට ..දෙමාපියන්ගෙ වැරදි..හරියට ළමයෙක් හදන්න බෑ."

ජිමින් ගෙ පියා එලෙස පවසන විටත් මනමාලිය ජිමින්  දෙස හොරැහින් බලා සමච්චලයට සිනාසුණී.

" පව් මගෙ අප්පා..එයාටම බැණ ගන්නවා අහිංසකයා..."

" ඇයි යොංදොසන් එතන එච්චරට මනුස්සයෙක් හිටියෙ නැද්ද..ඔයාගෙ උදව්වට."

එවර ජින් ද විමසුවේ ය..

ජිමින් ජින් දෙස ද බලා නැවතත් බිම
බලාගත්තේ ය.

" එච්චර සෙනගක් හිටියේ නෑ ඔප්පා.."

මනමාලිය පැවසුවෙ අහිංසකව ය.. ජිමින් ඈ දෙස බැලුවේ පුදුමෙනි.

" මේකීගෙ අහිංසක කම රෙද්ද පල්ලෙන් බේරනවා..දෙන්න හිතයි දත් වහල්ල බඩට යන්ඩ.."

ජිමින් පැවසුවේ ජින්ට ය.

"කට වහං ඉදපං ජිමිනා..ඒ කෙල්ල
අහිංසකයි..බැලුවාම කියන්න පුලුවන්.."

ජින් පැවසුවේ ජිමින්ගෙ සවනට ළංවෙමිනි.

" අනෙ තොගෙයි මගෙයි බැලිල්ල..."

ජිමින් නැවතත් මනමාලිය දෙස බලා රැව්වේ ඇයට ගහන්න බැරිකමට ය.

" කොහොමත් මම කෙල්ල එක්ක පොලීසියට යන්න ඉන්නෙ ඕක ගැන පැමිණිල්ලක් දාන්න.."

" හීනියට ද අංකල්...ම්.."

මනමාලියගෙ පියා එසෙ පවසද්දි ජිමින්  මැදින් පැන්නෙ ය.. සියල්ලෝම නැවතත් බැලුවෙ ජිමින් දෙසය...ජිමින්ගෙ පියා ජිමින් දෙස බලා ඉන්නෙ දත්මිටි කමිනි.

" ඇත්තටම උබට පිස්සුද ජිමිනා ටිකක් කටවහං ඉදහංකො..බාප්පගෙන් කෙසෙවෙතත් දැන් තෝ මගෙන් කනවා..."

" ඉතින් බං ඒ මනුස්සයට අමතක වුන කෑල්ලක්නෙ මම මතක් කළෙ හුම්..."

" එහෙනම් අපි දුවටයි පුතාටයි ටිකක් කතා කරන්න ඉඩදෙමු නේද ..."

මනමාලියගෙ මව විමසුවේ කතාව වෙනත් අතකට හරවමිනි.

" ඒකමයි මාත් කියන්න හැදුවෙ..."

ජිමින් ගෙ මවද සිණාසි පිළිතුරු දුන්නෙ ය.

'දුව එහෙනම් ජිමින් පුතාව එළියට එක්කන් යන්න පුතෙ..."

මනමාළියගෙ මව එසේ පැවසු පසු මනමාලිය ජිමින්ට රවාගෙනම සිටගත්තේ ය..

" ජිමිනා..කෙල්ල එක්ක පලයං යකෝ..."

" මට බෑ උබට ඕන්නම් පලයං...මට මේකී එපා..අර තඩිච්චිව ඕනෙ.. "

" උබට පිස්සු ද යකෝ ඒ කෙල්ල එක්ක බලද්දි මේකී දාහකින් සම්පතක්..."

" මං දන්නෑ...මට ඕන තඩිච්චිව එච්චරයි.."

ජින්ට ජිමින්සමග නැවතත් කෝප ගැණුනි..

"  සුදු පුතා ඔය දරුවා එක්ක ගිහින් ටිකක් කතා කරලා එන්න.."

ජිමින්ගෙ පියා එසෙ පවසද්දි ජිමින් ඇය දෙස බැලුවේ ය..ඇය සිටින්නෙ අහිංසකාවියක් ලෙසට ය..ජිමින්ට නැවතත් ඇයට රවා ඇයටත් පෙර එළියට ගියේ ය.

" පුතේ මේකත් අරන් යන්න.."

එසෙ පවසමින් මනමාලියගෙ මව මනමාලිය අත තැබුවේ කේක් කෑලී කිහිපයක් හා තේ එකකි..

ජිමින් සහ මනමාලිය එළියට ගොස් හිදගත්තේ අඹ ගසක් යට ඇති යකඩ බංකුවෙනි.

" මං තමුසෙට ඉදගන්න කිව්වද දැන්...නැගිටිනවා..නැගිටනවා..ආවා මෙතන මම ගාව ඉදගන්න මල යස්සනී..."

" ඔයා කියන්න ඕන නෑ මට ඉදගන්න කියලා...මේක අපේ ගෙදර..මට ඕන තැනක මම ඉදගන්නවා..."

ඇය එසෙ පවසමින් වාඩී වීම සිටියේ ජිමින්ගෙ වදන් කණකට නොගෙනම ය....

"අතන හිටියෙ කොහොමද මෙතන ඉන්නෙ කොහොමද...අපෙ ඔම්මලට ඉතින් මෙව්වා පේනවා ඈ.."

ජිමින් දෙස බලා පැවසුවෙ දත්මිටි කමිනි.

" දැන් තමුසෙ කැමතිද මට...."

"මට පිස්සු නෑ ඔහේට කැමති වෙන්න..හැබැයි මට මේ කසාදෙට කැමති වෙන්න වෙනවා...."

එවර ඇය පැවසුවේ ඈත බලාගෙන ය.. ජිමින් බලා සිටියේ ඇය දෙසම ය.

පසුව තමා අසළම ඇති දීසීයෙන් කේක් කෑල්ලක් ගෙන ජිමින් නැවතත් බැලුවේ ඇය දෙස ය..

' මේ අපි ගෙනාපු කේක් නෙ ඕයී..

"ඔව් ඉතින් කනවා..

" ලැජ්ජ නැද්ද ගෑණීයේ අපි ගෙනාපුවා අපිට දෙන්නෙ..උබලට කේක් එකක්වත් ගන්ඩ සල්ලි නැද්ද..."

ජිමින් කෑගැසුවේ එක කේක් කෑල්ලක් මුවට දාගමිනි..

" කවුරු ගෙනවත් මොකද..කන්නනේ ගේන්නෙ..කටවහගෙන කනවා..."

"කට වහගෙන කන්නෙ කොහොමද යකො..."

" එහෙනං ඉතින් කට ඇරගෙන කනවා.."

එවර ඇය පැවසුවා ය...නැවතත් ජිමින්ට ඇයට රවමින් කේක් කෑලී දෙක තුනක්ම මුවට දාගත්තේ...

" හිමීට කනවා නැත්තම් හිරවෙලා මැරෙයි තමුසේ...අන්තිමට අපිටත් පොලිසී ගාණේ යන්ඩ වෙයි.."

" කවුද හලෝ මේ කේක් කැපුවේ...තමුසෙගෙ අප්ප ද.."

" ඇයි එහෙම අහන්නෙ ??? "

" නෑ මේවා හීනියට කපලා තියෙන්නෙ ඒකයි.."

එවර ඇගෙන් ජිමින්ට ලැබුනේ සීතල රැවිල්ලකි..

"තමුසෙගෙ නළල පට්ට ලස්සනයි හලො... "

ජිමින් මහ හඩින් සිනාසෙද්දි ඇයගෙ කෝපය දෙගුණ තෙගුණ විය.

" මේ කරපු දේට මම තමුසෙවයි අර දඩෝරියවයි ලේසියෙන් අතාරින්නෙ නෑ.."

" ඔන්න මම බය වුනාලු.."

" අනේ ඇත්තද...."

ජිමින්  මෙලෙස ඇයට සමච්චල් කරද්දි ඇයට සිතුනේ අසළ ඇති පොල්ලක් ගෙන ජිමින්ගේ හිස දෙබෑවෙන්නට පහරක් දෙන්නට ය..නමුත් ඈ ඉවසුවේ ය.

" මොකද්ද තමුසෙගෙ නම..."

"මගෙ නම මොකටද තමුසෙට..."

'ඇයි තමුසෙගෙ නම කිව්වම ඇගෙන් කෑලී හැලෙනවද... .කියපිය නම..."

" මට බැහ්.."

ඇගෙ නම ජිමින්ට කියන්නට ඇය බිය වුනි.

" තියාගනිං තොගෙ නම..."

"කෙල්ලෙක්ට කතා කරන විදිහවත් දන්නැති තාරාවෙක්  තමුසෙ..."

" තමුසෙට හරි විදිහට කතා කරන්න ඕන නිසා තමයි නම ඇහුවේ යෝධීයෙ...දැන්වත් කියපිය නම..ඇඩ් නොදා.. "

එවර ඈ අහක බලගත්තා ය.

" කිම් ටේහි..."

" දැන් නම කිව්වනෙ... දැන් මට මගෙ නමින් කතා කරොත් හොදයි..නැත්තම් පස්සට පසු තැවෙන්න වෙයි.."

එවර ජිමින් පැමිණ නැවතත් ඇය අසළින් වාඩීවූවේ ය.

" දැන් මම තමුසෙව බදින්න ඕන ද ඕයී.."

" ඔව්.."

එවර ජිමින් ඇය දෙස බැලුවෙ පුදුමෙනි..

" ඒකනෙ මම කිව්වෙ තමුසෙ මගෙ ලස්සනට වශී වෙලා...යන යන තැන කෙල්ලො මට පිස්සු වැටෙනවා හලෝ..අනේ මන්දා...."

ජිමින්  පැවසුවේ ආඩම්බරයෙනි.

"  ඒක නිසාද අවුරුදු විසිනවයක් යනකනුත් කෙල්ලෙක් හිටියෙ නැත්තෙ..."

එවර නම් ජිමින්ගෙ කට වැසුනි.

" දුවේ...පුතත් එක්ක එන්න..කෑම කන්න."

එනවා යන්න.."

එවර ටේහි පිටුපසින්ම ජිමින් ද නිවස දෙසට ගියේ ය..

"එහෙනම් අපි යන්නම් කිම් මහත්තය ගෙදර ගිහින් පණිවිඩයක් දෙන්නම්කො..."

"අපි සුභ ආරංචියක් බලාපොරොත්තුවෙන් ඉන්නම් එහෙනම්..."

" මෙච්චර ඉක්මනට... අපි කතා කරා විතරයි නෙ ආන්ටි.. හල්මොනි කෙනෙක් වෙන්න ඔච්චර ආසද දෙයියනෙ...."

ජිමින් ගෙ පියාගෙත් මනමාලිගෙ මවගෙත් කතාව අතර මැදට පැන්නෙ ජිමින් ය..එයට සියලුම දෙනා නැවතත් පුදුමෙන් මෙන් බලාසිටියේ ජිමින් දෙසය..

" ජිමින්...නැගපිය කාර් එකට.."

ජින් එසේ පවසමින් ජිමින් ව ඇදගෙන ගොස් කාරය තුළට තල්ලු කළේ ඔහුද කාරයට ගොඩ වෙමිනි..

" අන්..නෙහ් මේ අපේ කො..ල්ලට පි..ස්සු නංගි..වි..හිළුම තමා ඉතින්..දන්..නැද්ද ඔය ව..යස ට.."

ජිමින් ගෙ පියා පැවසුවේ අපහසුවෙනි.

" අයියෝ හරි හරි ඔප්පා ඔව්වා මොනාද.."

" අපේ අප්පගෙ වැඩේ මාව ජෝකර් කෙනෙක් කරන එක බං....තමන්ගෙම දරුවටම ඔහොම කරන එක හරිද මං අහන්නෙ.."

" උබව...අජුස්සී නෙමෙයි යකෝ ජෝකර් කෙනෙක් කරන්නෙ තෝමයි ඒ තත්වෙට වැටෙන්නෙ මොකද්ද යකො අර මනුස්සයට ඒ කිව්වේ..."

ජින් විමසුවෙ කේන්තියෙනි..

" ඉතින් එළියට ගිහින් කතා කරලා එන්ඩ කියලා මුං සුභ ආරංචියක් බලාපොරොත්තු වෙන එක හරිද කියහංකො..
එක්කෝ කාමරේකට හරි යවන්ඩ ඕන අපි දෙන්නව...එහෙනම් මම අමාරුවෙන් හරි වැඩේ ගොඩ දානවනෙ..."

"ඒ මනුස්සයා කිව්වෙ එහෙම මගුළක් නෙමෙ.."

"අනේ පලයං හියුන්ග් යන්ඩ තෝ දන්න සුභ ආරංචි..."

එය පවසනවාත් සමගම ජිමින්ගේ පියාත් මවත් පැමිණ මෝටර් රථයට ගොඩවිය..

" මං තමුන් ගැන ගෙදර ගිහින් බලාගන්නම් සුදුපුතා.."

ජිමින් ගෙ පියා පැවසුවෙ කෝපයෙනි..

" හුම්.."

ජිමින්ටනම් ඒවා ගැන ගාණක්ම නැත..

" බලන්න නෝනා මූ ඉන්නෙ පිරිමියෙක් විදිහට ද...ඒ මිනිස්සු අපි ගැන මොනා හිතන්ඩ ඇද්ද..මේ යකා හැසිරෙන්නෙ තනිකර පිස්සෙක් වගේ..."

ජිමින්ගෙ පියා කෑගසන්නෙ ගේ දෙදරන්නට ය. ජිමින් අසළම ජින් ද හිස බිමට නැඹුරු කරගෙන සිටියි..බෲනෝද ඒ අසළ බිම දිගා වී ජිමින් දෙස ම බලා සිටියි.

ජිමින් ගෙ මවත් පියාත් නම් සිටින්නෙ කෝපයෙනි..

" එක කෙල්ලෙක්ව බැලුවා ඒකීගෙ නහය ලොකු වැඩියිලු..තව කෙල්ලෙක්ව බැලුවා ඒ කෙල්ලගෙ කොණ්ඩෙ දිගයිලු..අනිත් එකීගෙ කොණඩ ගස් දෙකක් ඉදිලා තිබ්බලු..තව එකෙන්ගෙ කටහඩ කැතයිලු..ඔහොම ඔහොම කෙල්ලො කී දෙනෙක් ව මූ එපා කිව්වද..ඇයි මූ හරි ලස්සන එකානෙ..හිතාගෙන ඉන්නෙ රූප රැජිණක් කසාද බදින්න වෙන්න ඇති..ඔක්කොටම වඩා හපං මුගෙ ගොංකම...."

" අප්පා...මූ මූ ගාන්න එපා අනෙ හරි කැතයි ඒක..මට දුක හිතෙනවා..."

ජිමින්  පැවසුවේ හඩන්න ළං වූ පොඩි එකෙකු ලෙසට ය.

" ඔයා දැන් පොඩි නෑ සුදු පුතා...මොකද්ද මේකේ තේරුම.."

ඒ ජිමින්ගෙ මව ය.

" දැන් ඇති අජුම්මා.."

එවර ජින් පැවසුවෙ තම සොහොයුරා බේර ගන්නට ය.

"ලොකු පුතා ඔයත් මේවට වග කියන්න ඕන... මූ කරන කරන දෙයින් මූව බේරගන්නෙ ඔයා තමයි..දැන් පේනවනෙ.."

ජිමින්ගෙ පියාගෙ බැනුම් මැද්දෙ ජින් නැවතත් බිම බලාගත්තේ ය..

" අපේ අප්පා එක පාරක් පිම්බ ගමන් උබ විසික් වෙනවනෙ බං. ඔහොම පුළුවන්ද මාව බේර ගන්ඩ..කතා කරපං මේවට විරුද්ධව උබට ඉන්නෙ එක මල්ලියි..."

ජිමින් පැවසුවෙ ජින්ගේ කණට කරය..

" තව මාසයක් ඇතුළත කසාදෙ සිද්ධවෙනවා...වෙඩින් ගන්න තමුන් කැමති නෑනේ..ඒ නිසා පවුල් දෙක තුන විතරක් ඇති..කසාදෙට ලෑස්ති වෙනවා.."

එවර ජිමින් ගෙ දෑස් ගියේ නළලට ය.

" පිස්සුද හැටිද...අප්පා..මෙච්චර ඉක්මනට බදින්නෙ කොහොමද.."

" මට නෙමෙයි පිස්සු උබට..මේක තමා අවසාන තීරණේ..අපි ඒ මිනිස්සුත් එක්ක අදම කතා කරනවා.."

ජිමින් ගෙ පියා අවසන් නිවේදණය නිකුත් කළේ ය.

" ඒ ගෙදර උන්ට මොංගල් අප්පා..අනික අර මිනිහගෙ වැඩේ කොච්චරවත් හීනියටම.."

" කට වහනවා ජිමින්..."

එසේ පැවසු ජිමින්ගෙ පියා එතනින් පිටවූවේ ය...ඒ පසුපස ම ජිමින්ගෙ මවද ගියේ ජිමින්ට ටොක්කක් ද අනිමිනි.

"මට මේකෙන් බේරෙන්නම බෑනෙ මගුළ..අපරාදේ කලින් එකකට කැමති වෙන්ඩ තිබ්බා බං.."

ජිමින් හැඩුවේ ජින්ව බදාගෙන ය..

" කරන්ඩ දෙයක් නෑ බං..දුක තමා.."

එවර ජින්ද ජිමින්ට කොළොප්පම් කළේ ය..

" පලයං තෝත් පලයං...මම පළිගන්නව ඕකීගෙන් මේ කරපු අපරාදෙට..."

ජිමින් පැවසුවෙ තම සපත්තු දෙක ගලවා පොළවෙ ගසමිනි....

"හා හා උබ පස්සෙ පළිගනිං..මම යනව බං...අජුම්මට කියපං මම ගියා කියලා.."

"පලයං යන්ඩ තෝත්...ගල් මූසළයා.."

ජිමින් පැවසු දෙයට ජින් සිනා සී ගෙනම නිවසින් පිටවිය..

දින දෙකකට පසු:

" මම එනකොට තනියම රෑ වෙලා... වෙලාව දොළහත් පහු වෙලා....
වටපිට කවුරුත් නෑ මගෙ තනියට... විල්පත්තුවෙ මහපාර දිගේඒඒඒ...
ඔහ් යෙ යෙහු හු....
බඩත්ගිනියි..තව ගොඩක් දුරයි..
ඇද  සිහිවෙනකොට මට නිදිත්මතයි....
ටිකක් දුරින් සුදු ලදක් පෙනෙයි..
ඇගෙ රුවත් හැඩයි පොඩි එකෙක් අතෙ..හු හු...."

" ඔහ් යේ කැරකිලා බෲනෝ කොල්ලා කැරකිලා.."

ජිමින් මහා හඩින් ගේ දෙක වෙන්නට කෑගසයි...බෲනෝ රිතික්ගෙ සහයට වල්ගය වනමින් න්ම ඔහු පසුපස කැරකෙයි....

" මේ.. හරියෙ.. පාර දිගට.. රෑට.. හරියට.. හොල්මන්.. ඉන්නවා.. ගාට ගාට ඇවිදින්.. පස්සෙන්.. බෙල්ලෙන්.. මිරිකලා.. ලේ.. බොනවා.. නංගී.. මොකද.. මෙතන.. තනියෙන්.. පාරේ.. අතදරුවෙක්.. එක්ක.. ගෙදර.. හස්බන්ඩ්.."

" සුදුපුතා ඕක නවත්තනවා..මොන කං කරච්චලයක්ද මෙ..අහළ පහළ මිනිස්සු ඉන්නවා කියලා ඔය ගොං මොළේට තේරෙන්නෙ නැද්ද ආ..."

" මොකද්ද ඔම්මා දැන් ඔයත් මට ගොනා ගොනා කියන්න පටන් ගත්ත ද.."

ජිමින් තම මවට රැව්වේ ය..

" දැන් මම ගොනා කිව්වද..ගොං මොළේ කියලා කිව්වෙ.."

"හරි ඉතින් ගොං මොළයක් තියෙන්නෙ ඌ ගොනෙක් නම් නෙ...ඔයා නොකිය කිව්වෙ මම ගොනා කියලා ඔම්මා.."

ජිමින්ට කෙතරම් බැන්නද ඔහුගෙ වැඩ වලට සිනා නොවී බැරිය.

" පිස්සු නැතුව ඔය කෑගහන එක නවත්තන්න සුදුපුතා..."

"ඔම්මට පිස්සුද හැටිද..රැප් කියද්දි කියන්න ඕනෙ සද්දෙට එතකොටනෙ ගැම්මක් එන්නෙ කොල්ලට..."

ජිමින් පැවසුවෙ තම මවව ගණන් නොගෙන ය.

" අප්ප  ආවම රැප් එක පෙන්නයි..අන්න අර දරුවා ඇවිල්ලා..අප්පා කියලා ඔයා එක්ක ගිහින් wedding dress අරගන්න කියලා..."

" ඔම්මට නම් හොදටම පිස්සු...දරුවන්ට මොකටද ඔම්මා wedding dress...ඔන්න ඔහෙ පැම්පස් එකක් ඇද ගන්න කියන්න..."

ජිමින් එය පැවසුවත් ඔහුට එකවර තව දෙයක් මතක් විය.

" හෑ මට කොහෙන් ද ඔම්මා දරුවෝ.."

" සුදුපුතා විකාර කරන්න එපා...කසාද බදින්න ඉන්න කොල්ලෙක් ඔයා දැන්..."

ඒකනේ දෙයියනෙ අහන්නෙ...බදින්න ඉන්න මට කොහෙන්ද දරුවො ඔම්මා.. "

ජිමින් ගෙ මව නළලට අතගහගත්තේ ජිමින්ට නම් දෙයක් පවසා තේරුම් කරන්නට බැරි නිසා ය.

" ළමයා කිව්වෙ තමුන් කසාද බදින්න ඉන්න ගෑණූ ළමය..එන්ගේජ්මන්ට් එකට අදින්න ඒ දරුවා එක්ක ගිහින් ගව්මක් අරන් එන්න "

"පිසසුද ඔමමා ඔයාට...මොන හිතින් ද දෙයියනෙ ඔයා මට එන්ගේජ්මන්ට් එකට ගව්මක් අදින්න කියන්නෙ..."

ජිමින්ගෙ මව නැවතත් සිණාසුනි..

' මේ කොල්ලට නම් හොදටම පිස්සු..විකාර නොකර අර කෙල්ලව එක්කන් ගිහින් ගව්මක් අරන් දෙන්න සුදු පුතා..මම යනවා මාකට්එකට ..අර දරුවා පහළ ඉන්නේ..ඉක්මණට ගමන ගිහින් ඒ දරුවව ගෙදරින් බස්සලම එන්න.."

එසෙ පැවසු ජිමින් ගෙ මව එතනින් පිටව ගියේ ය.

" මම බස්ස බස්ස ඉන්නෙ නෑ..කෙලින් ම පයින් පාරක් දෙන්නෙ ඕකීට මකබෑවිලම යන්ඩ..."

එසෙ තමන්ටම පවසා ගත් ජිමින් ටීශර්ටයකුත් කළු පැහැති කලිසමකුත් හැද පහළට ගියේ ය...ජිමින් පහළට යද්දි බෲනෝ නැවතත් ඇද යටට ගියේ ඔහුගෙ වාසස්ථනය එය බැවිනි....

" එනවා යන්ඩ මළවදෙ.."

ජිමින්  එසෙ පවසා තම යතුරුපැදියෙ යතුර ද අතට ගත්තේ ය.

" උඩුබුරන එක ඔයාගෙ හොබී එකද ජිමින්.. "

ටේහි එසෙ ඇසුවේ සමච්චලයට ය.

" කවුද ඕයී උඩු බිරුවෙ.."

" ඇයි දැන් මහා හයියෙන් ගේ දෙක වෙන්න කෑගැහුවේ..හිතුවෙ ඇහුනෙ නෑ කියලා වෙන්න ඇති.. "

" පලයං යන්ඩ ගොඩේ යස්සනී...තෝ දන්නවද රැප් ගැන.. ආවා මෙතන.."

ටේහි  නැවතත් ජිමින්ට රැව්වේ ය.

" එනව  යන්න..තවත් ඉන්නැතුව "

එසෙ පැවසු ජිමින් ඇයවත් ඇදගෙනම ගියේ තම යතුරුපැදිය වෙතය...

" නගිනවා ඕයී...වඩාගෙන බයික් එකෙන්
තියනකංද බලං ඉන්නෙ තමුසෙ.."

ජිමින් කෑගැසුවෙ ටේහි හෙල්මටය දාන අතරතුරය.

" අනේ ඔහේ මාව වඩා ගන්න ඕන නෑ..දෙයියනෙ කියලා මට නැගතහැකියි..."

" එහෙනම් නැගපම්.."

ජිමින්ට ට රැවූ ටේහි යතුරු පැදියට නැගගත්තේ ය.

" මං දැන් තමුසෙට මාව අල්ලගන්ඩ කිව්වද..හොද හිතින් කියන්නෙ අතෑරපිය මාව..."

"තමුසෙව මාත් අල්ලන්නෙ කැමැත්තෙන් නෙමෙයි.. ඒත් අල්ලන් යන්ඩ වෙනවනෙ නැත්තම් මම වැටිලා මැරෙයි.."

ටේහි  කතා කළා නොව කෑගැසුවේ ය.

" පලයං යකෝ එහාට...තෝ මගෙ කණ පොට්ට කරන්ඩද හදන්නෙ... මරනවා දැන ගනිං.."

ජිමින් පැවසුවේ අතමිටි මොළවා ඇය දෙසට දිගු කරමිනි.

" අනේ මම බයවෙයි තමුසෙගෙ චන්ඩි පාර්ට් වලට.."

ටේහි එසෙ පවසද්දි ජිමින් ඇයට ගස්සමින් යතුරුපැදිය පණ ගැන්වූවේ ය.

මද දුරක් යනවිට  ජිමින් යතුරුපැදියේ වේගය වැඩි කළේ ය.

"හිමින් යනවකෝ..තමුසෙ යන වේගෙට මගෙ බෙල්ල ම ගැලවිලා යයි ජිමින්.."

ටේහි කෑගසුවා ය.

" හිමින් යන්න ඕන්නම් පයින් වරෙන්..තමුසෙ  හින්දා මට ගෙදර ඉන්ඩත් නෑ මගුල.."

එවර ජිමින් ද කෑගසද්දි ටේහි කටපියා ගත්තා ය..

ජිමින් පැමිණ යතුරුපැදිය නතර කළේ  වෙළදසැලක් අසළිනි.

" බහිනවා.."

" බහිනවා තමයි ඕයී ඉන්නවා ටිකක්..."

ටේහිද ජිමින්ට ම දෙවනි නැත..

" මේ...තමුසෙ සල්ලි ගෙනාවා නේ..."

" තමුසෙගෙ අප්පා  කිව්වා තමුසෙ අරං දෙයි කියලා...ඉතින් මොකටද මම සල්ලි ගේන්නෙ.."

ජිමින් දත්මිටි කමින් බලා සිටියෙ ටේහි දෙසය..

" තමුසෙ මාව බදින්න කලින් මගෙ පර්ස් එකට විදින්නද හදන්නෙ.."

" එහෙම හිතාගන්නවා.. "

එසෙ පැවසු ටේහි වෙළදසැල තුලට ගියේ ජිමින්ව නොසළකා හරිමිනි...ජිමින් බලා සිටියේ ටේහි යන දෙසය..

" පැද්දෙන ඒවනම් ගාණට පැද්දෙනවා..අතාරින්න හිතකුත් නෑ මේකීව...අමුතු ලුක් එකකුත් තියෙනවා.. අනේ මන්දා...බලමු ජිමින් කොල්ලෝ.."

එසේ තමන්ටම පවසාගත් ජිමින් කොණ්ඩය ද අතින් හදමින් වෙළදසැල තුලට ගියේ සිහින් මදහසක් මුවග රදවගෙන ය.

...................

හායි ලමාආයි...

ගොඩ කාලෙකින් නේහ්...

අහුවෙන අහුවෙන හැම එකේම අප්ඩේට් දීගෙන යනව...

එකපාරට ඇවිත් විනාස කරල යනව මයෙ පොත් ටික...

දන්නව නේ මේ ඕතරී ගෙ හැටි...

වෙලාවක් තිබ්බ ගමන් අපිඩේට් දෙනෝ මයෙ කෙල්ලනේ...

අමනාප නොවන්න...

මං දැක්ක ගොඩක් අය අප්ඩේට් දෙන්නෑ කියල බැනල තියෙනව...

ඇත්තටම ඔයාලට මානසික ප්‍රතිකාර අවශ්‍යයි... අවශ්‍යයි...

බෙහෙත් බොන්නත් අවශ්‍යයි...😁

මං නෙවේ අපෙ අම්ම කිව්වේ...

හේහේ... 

ඉක්මනට අප්ඩේට් කරනව ලමායි...

බායි...

බාල්දි ඕතරී...😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top