ප්‍රේමයට කොයින්ද සීමා

2020.10.23

ආදරණීය දින පොත,
මම අද දින වෙනදා අසනා සේ ඔබට කෙසේ දැයි අසන්නට යුහුසුලු නොවෙමි,කිමද යත් නුබ කිසි දිනක එම පැනය සදහා උත්තර නොබැන්ද නිසාය,ඉතින් මමද ඒ පැනය අසාම හොදටම වෙහෙස වී ඇත,එම නිසා මම ඔබෙන් එම පැනය නැවත නො අසා සිටින්නට ඊටා ගතිමි.ඔබ මෙතරම් කල් මම කියූ බොහෝ කතා කිසිත් පැනයක් නොනගා සවදානයෙන් අසා සිටි නිසා ඔබ අදත් එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි:).අද දිනට මා හට ඔහු පලමු වරට මුන ගැසී වසර 15ක් ගෙවී ගොස් ඇත.ඔහු එවිට අවුරුදු 13ක දගකාර කොලු ගැටයෙකි,මම අවුරුදු 20ක තරුණයෙකු වුයෙමි.ඔහු මා හමු වූ මුල් දිනයේ මා ඇමතුවේ 'සර්' ලෙසය,ඔහු මා හැදුන ගෙන මාස කිහිපයක් යනවිට එය 'පංකජ සර්' ලෙස වෙනස් වුනි,එයින් තවත් වසර 2ක් පමන යනවිට එය 'පංකජ අයියා' ලෙස වෙනස් වී තිබුනේ මටත් නොදැනීමය.මම වෘත්තියෙන් ගුරුවරෙයක් බව ඔබ හොදින් දනී,ඉතින් මගේ සිසුවෙක් මාහට 'අයියා' යැයි අමතන විට අනිත් සිසුන් ඔහු දෙස බැලුවේ අමුතු ලෙසය.මා එම නිසා ඔහුට මා 'අයියා' ලෙස නිවසේදි පමනක් අමතන්නටැයි පැවසුවේ ඔහු සමග තරහකට නොව මා හට හෝ ඔහුට සිසුන්ගෙන් අනවශ්‍ය අවදානයක් අවශ්‍ය නොවන නිසාය.ඔබට දැනමටත් ඔහු මා ඉගැන්වූ පාසලේ සිසුවෙක් බව වැටහී ඇතැයි මම සිතමි.මා නේවාසික නැවතී සිටියේ ඔහුගේ නිවසේය.එයට හේතුව වූයේ මගේ නිවස තිබුනේ නුවර වීමත් මා ඉගැන්වූ පාසල අනුරාධපුරයේ පිහිටා තිබීමත්ය.මම ඔහු හදුනාගෙන වසර 4ක් වූ තැන ඔහු මා ඇමුතුවේ 'සිතු අයියා' ලෙසය.ඒ වනවිට ඔහුට අවුරුදු 17කුත් මට අවුරුදු 24කුත් වී තිබුනි.ඔහු 'සිතු අයියා' ලෙස මා ඇමතීමට හේතු වී තිබුනේ ඔහුගේ නිවසට එහායින් තිබූ නිවසේ විසූ ගැසලින් ආච්චියගේ මිනිබිරිය වූ සංසලාද මාහට 'පංකජ අයියා' යැයි ඇමතු නිසා ඔහුට දැනුනු කුඩා ඉරිසියාවක් සහිත හැගීම නිසාය.මා එය දැනුගනු ලැබුවේ මෙසේය,දිනක් ඔහු මා සමග පාසල් ඇරී නිවසට පැමිණෙන විට ඔහුගේ නිවසට මීටර් 10ක් පමණ ඈතින් තිබූ විසාල අඹ ගස අසල නවතා ගතිමි ඉන් පසුව ඔහු මා ඇමතුවේය,ඔබට එදින කවදා දැයි නිශ්චිත වශයෙන් කිවහොත් එදින් 2009.10.23 ය.මාහට ඔහු සමග ගෙවූ හැම තත්පරයක්ම මතකය එම නිසා මා හට මෙය මතක තිබීම ගැන පුදුම නොවන්න.

"පංකජ අයියා මම අද ඉදලා ඔයාට 'පංකජ අයියා'කියන්නේ නැතුව වෙන මොකක් හරි නමකින් කතා කරන්නද"ඔහු මා අඹ ගස අසල නවතා ගෙන ඇසු ඔහුට තිබූ විසාල පරස්නය මෙය විය.එය ඇසු පමනින් මම පුදුම වූයෙමි එම නිසා මා

"ඒ මොකටද මල්ලි ඒ"යැයි ඇසුවෙමි.

"නෑ අයියේ අර එහා පැත්තේ ගෙදර ඉන්න සංසලා අක්කත් අයියාට කතා කරන්නේ 'පංකජ අයියා'කියලා ,දැන් ඉතින් ඒ නැට්ටිච්චිත් එනවා ඔයාට අයියේ අයියේ ගාගෙන...

"මල්ලි වැඩිහිටි අයට නැට්ටිච්චි කියන්න එපා,එක හොද නෑ"

"හරි හරි මම කිව්වේ ඒ අක්කාත් එනවා පංකජ අයියාට අයියේ අයියේ ගාගෙන මම එකට කැමති නෑ ඒ නිසා මම අයියාට වෙන නමකින් කතා කරන්නම්"ඔහු එසේ පවසන විට ඔහුගේ බෙල්ල හුරතල් ලෙස් ඇදවූ අයුරු ඔහුගේ නිල් බෝල ඇස් ලොකු කර තොල් නොපිටට පෙරලා මා දෙස බැලු අයුරු මාගේ හදවත් රේස් දුවන්නට සමත් වුනි.

"හ්ම්ම්ම් මල්ලිගේ කැමැත්තක්"

"ඇත්තටම" ඔහු හයියෙන් සිනා සී අත්පුඩි තැලුවේ කුඩා බිලින්දෙකු පරිදිනි.

"ම්ම්ම්ම් බලමු අයියාගේ නම ම්ම්ම් සිතුම් පංකජ ම්ම්ම් සි-තු-ම් ......

ඔහු ඔලුව කස කසා මාහට කියන්නට නමක් සිතුවේය .ඉන්පසු එක සැනින්

"ආආආආආ සිතු අයියා,එක ලස්සනයි"ඔහු එසේ කෑගසා ඉතාමත් සතුටින් හිනාවී අත්පුඩි තැලුවේ මා හට නැවතත් කුඩා බිලින්දෙකු සිහි කරමිනි.මා සාමන්‍යයෙන් මා හට කෙටි නම් වලින් අමතනවාට අකමැති පුද්ගලයෙකි,නමුත් ඔහු මාහට එසේ අමතන විට මාහට කිසියම් විශේෂ බවක් දැනුනි එමෙන්ම මම ඒ නාමය ඔහුගේ මුවෙන් පිටවනවා ඇසීමට ඉතා ප්‍රිය කලෙමි.ඔහු සමග ගෙවු හැම තත්පරයක්ම පෙරදින වූ සිදුවීමක් ලෙස මතක තිබුනද,මා ඔහු හට පෙම් කරන්නට ආරම්භ කලේ කවදාදැයි යන්න මාහට ඇති විසාල එසේම කෙදිනකවත් නොවිසඳුණු පැනයකි.ඔහු මට 'සිතු අයියා' යැයි අමතන්නට පටන්ගෙන වසරක් වන තැන එනම් 2010.10.23 වන දින මට නැවත නුවර බලා එමට සිදු වූයේ හේතු දෙකක් මතය,පළවෙන්න නම් මාහට හමු වූ දිස්ත්‍රික්ක බද ගුරු මාරු වීමයි.දෙවැන්න නම් මගේ දෙමාපියන්ගේ අතිශය උවමනාවට මා හට පෙලෙවහක් කර ගැනීමට මනාලියක් බැලීමට යාමයි.මා ඔහුගේ නිවසින් පිට වීමට යනු දැක ඔහුගේ නිල් පාට බොල ඇස් වලින් ඇදහැලුනු කදුලු ගැට මා දුටුවේ මා ඔහුට හා ඔහුගේ පවුලේ අයවලුන්ට සමුදෙන අවස්ථාවේදීය.මම නුවර බලා ගමන් කරන අතරතුර ඔහුගේ හුරතල් මුහුණ මතක් වී හැඩුවේ නැතැයි කියා ඔබට මුසා නොකියමි.මට ගුරු මාරු වීම ලැබී තිබුනේ නුවර පිහිටි ප්‍රසිද්ධ පිරිමි පාසලකටය.මම නුවරට ගොස් දෙවන දිනයේ සිට එහි ඉගැන්වීම ඇරඹුවෙමි

(a/n මගෙන් අහන්න එපා ඉස්කොලේ කොහෙද කියලා ඔයලා කැමති එකක් හිතා ගන්න මම අදහස් කරන එකම වෙන්න ඕනි නෑ ☺️)

එයින් සතියක් වූ තැන මම මානලියක් බැලීමට ගියෙමි නමුත් මම ඇයට කැමති නොවුයේ ඇයගේ කිසියම් වැරැද්දකට නොව මා හට ඔහුව අමතක කිරීමට මට බැරි නිසාය.මා නුවරට පැමිනි පසු ඔහු බොහෝ සෙයින් මතකයට නැගුනි.ඔහුගේ ගෙල අසලට ඇති කැරලි ගැසුනු කොණ්ඩය,සමුද්‍රයේ පැහැය වන් නේත්‍ර යුගලය,මස් කලදක් නැති හිනී සිරුර මා මතක් නොකල දවසක් නැති තරම්ය.එමෙන්ම ඔහුගේ කවට වදන් ඇසීමට නොමැති නිසා දැනුනු දුක නම් කියා නිම කල නොහැකිය.ඉතින් මා මනාලිය බැලීමට ගොස් පැමිනි විගස ඔහුගේ නිවසේ තිබූ දුරකතනයට (☎) ඇමතුමක් ගත්තේය.රිසිවරය තත්පර 10ක් පමන නාද වූ පසු  අනිත් දෙසින් ප්‍රතිචාරයක් ලැබුනි,ඒ ඔහුගේ මැණියන්ය.

"හෙලෝ කව්ද මේ"

"ආ සුජාතා නැන්දේ මේ මම පංකජ"

"අනේ කොල්ලෝ,දැන්ද අප්පේ අපිව මතක් උනේ"

"අනේ එහෙම නෑ නැන්දේ මට ගොඩක් වැඩ තිබ්බා එකයි කොල් එකක්වත් ගන්න බැරි උනේ"

"අනේ එහෙමැයි,ආ ඔව් ඔව් පුතාගේ අම්මා කිව්වා නොවෑ පුතාට කසාදයකුත් බලන්න යනවැයි කියලා,කොහොමද පුතේ මනාලි හොදය"

"මනාලි හොදයි නැන්දේ ඒත් මට ගැලපෙන්නේ නෑ"

"ආ එහෙමැයි,පුතාට ඔයිට වැඩිය හොද කෙනෙක් හම්බ වෙයි"

"හ්ම්ම්ම්,එක නෙවෙයි නැන්දේ කෝ මල්ලි"

"අනේ මට ඒ ගැන පුතාට කියන්න අමතක උනා නොවැ,අපේ කොල්ලාවත් පුතාට කිව්වේ නැද්ද"

"මොනවද නැන්දේ"

"අපේ පුතා ඉතාලි ගියා නොවැ ,අපේ එකෙන්නාගේ නංගි එහෙ නොවැ ඉන්නේ ඉතින් කොල්ලා එහෙට ගියා ,කොල්ලාට එහේ ගිහින් ඉගෙන ගන්න ඕනිය කිව්වා ,ඉතින් කොල්ලාගේ ආසාව නිසා අපිත් යැව්වා"

"ඈ නැන්දේ කොහොමද මල්ලි සතියක් ඇතුලත පාස්පොර්ට් ටිකට් ඔක්කොම හදන් ගියේ"

" කොල්ලාට පාස්පොර්ට් එකක් කලින් අපි හදාලා තිබ්බේ ,අනික නංගි ඉන්න නිසා කොල්ලාට ඉක්මන්ට ටිකට් එක හදා ගත්තා"

"අහා ම-මම එහෙනම් තියන්නම් නැන්දේ ආයේ වෙලාවක කොල් එකක් ගන්නම්කෝ"

මගේ මනසේ එම දුරකතන සංවාදය ඇදි තිබුනේ එසේය.එම දුරකතන සංවාදය අවසන් වූ සැනින් මම මගේ කමාරයට වැද දොර වසා ගතිමි .ඉන් ටික වෙලාවකට පසු මගේ ඇස් වලින් කදුලු ගැලීමට හේතුව මල්ලීව මාහට නැවත දැක ගැනීමට නොහැකි වන නිසාද නැතිනම් ඔහු ලංකාවෙන් පිටවන විට මට නොකියා යෑමදැයි තවමත් නොවිසඳුණු තවත් ප්‍රෙහෙලිකාවකි.මම හැඩුවෙමි,මගේ ඇස් වල කදුලු නැති වන තෙක් හැඩුවෙමි,මගේ ඇස් රතු වෙන තෙක් හැඩුවෙමි.මා එයින් පසු කෙදිනකවත් මානලියක් බැලීමට නොගියෙමි,මේ සිදුවීමෙන් වසර 05කට පසු මගේ දෙමාපියන් හදිසි රිය අනතුරකට මුහුණ දී මෙලොව හැර ගියේයෙ.මට සිටි එකම සොහොයුරා ඔහුගේ බිරිද සහ කුඩා බිලිදාද සමග ප්‍රංශය බලා ගමන් කලේ මෙම අනතුරට මාස 06කට පෙරය,එම නිසා කිසිම නැදෑ හිතවතෙකු හෝ සහොදර සහොදරියක් නැති මා ශ්‍රී ලංකාවේ තනි වුනි. අදට මා ඔහු අවසාන වරට අනුරාධපුරයේදී දැක වසර 09යි මාස 11 දින 25කි.ඔබ දැන් පුදුම වී ඇතැයි මම සිතමි කිමද යත් එය වසර 09යි මාස 11 දින 25ක් නොව වසර 10ක් විය යුතු නිසා විණි.දෛවය මා සමග සෙල්ලම කර අවසන් නැත,මම දෛවයේ සෙල්ලමින් හොදටම හෙම්බත් වී ඇති නමුත් දෛවය හෙම්බත් වී නොමැති බව පසක් කරමින් දින 05කට පෙර මම ඔහුව නැවත දුටුවෙමි ඒ මත්තල ගුවන් තොටුපොලේදීය.මගේ සොහොයුරු තිවන්ක,ඔහුගේ බිරිද කලනි සහ ඔහුගේ පස් හැවිරිදි පුත් සිතුමන් නැවත තම මව්බිමට පැමිනීමට සිතා සිටි නිසා මම ඔවුන්ව පිලි ගැනීමට ගිය අවස්තාවේදී මගේ නෙත ගැටුනේ දැනට වසර 05කට පෙර මගේ දෙමාපියන්ගේ අවමගල්‍ය දිනයේ දුටු කාන්තාවක් වෙතය,ඇය වෙන කවුරුත් නොව සුජාතා නැන්දනිය විය.එම නිසා මම ගොස් ඇයට කතා කලෙමි.

"නැන්දේ"

"ආ පංකජ පුතා කොහෙද මෙහෙ"

"මගේ අයියා අද ලංකාවට එනවා නැන්දේ එකයි මම එයාපොර්ට් ආවේ"

"අනේ එහෙමද "

" එතකොට නැන්දලා මොකෝ මෙහේ,කෝ අනික විමල් මාමා"

"ආ අපි ආවේ අපේ පුතාව එක්කන් යන්න"

"මොකක් ඒ කියන්නේ අද මල්ලි එනවද"

"ඔව් පුතේ මේ ඔය ආපු ෆලයිට් එකේ තමා එනවා කිව්වේ ඉතින් අපේ එක්කෙනා ගියා බලන්න පුතා ආවද කියලා"

"ආ"මට කියා ගත හැකි වූයේ එය පමණි මගේ පෙනීම බොද වෙන අයුරු මට දැනුනි.

"අනේ පුතේ මොකො මේ කදුලු පුරවන් මොකෑ උනේ"

"නෑ නෑ නැන්දේ මගේ මේ ඇහැට රොඩ්ඩ්ක්.....

මට කියා ගත හැකි වුයේ එය පමණි කිමදයත් මගේ පිටිපසින් ඇසුනු කටහඩක් මා නිහඩ කලේය.

"අම්මා"

"අනේ මගේ කොල්ලා"

සුජාතා නැන්දා හඩාගෙන ගොස් මගේ පිටි පසින් සිටි තැනැත්තා වැලද ගන්නා අතරතුර මම හා මගේ මනස සිටියේ ද්වන්ද සටනකය ඒ මා පිටි පස හැරී බැලිය යුතු නැද්ද යැයි තිරනය කිරීමේ මහා සටනයයි.අවසන් වරට මා දිනුම ලබාගනු ලැබුවේය.එම නිසා මම පිටි පස හැරි බැලුවෙමි.

මම අවසන් වරට දුටු අවුරුදු 18ක කොලු ගැටයා බොහෝ සෙයින් වෙනස් වී ඇත.ඔහුගේ ගෙල අසලට තිබු කපුටු කූඩුවක් වන් කැරලි කොන්ඩය දැන් පිලිවෙලකට පිරා මනරම් ආකාරයට සකසා තිබුනි,ඔහුගේ මස් කලදක් නොමැති හීනී සිරුර හොද දේහදාරී සිරුරක් ලෙස වෙනස් වී තිබුනි,නමුත් ඔහුගේ සමුද්‍රයේ පැහැය වන් නේත්‍රා යුගලය තවමත් එසේම දිලිසිමින් තිබුනේ තේජවත් ලෙසය.ඔහුට අනිත් පසින් සිටියේ ඔහුගේම වයසේ සේ පෙනෙන තරුණියකි.'කව්රුන්ද ඇය' මට දුටු විට මට නැගුනු පලමු පැනය එය විය.

"කොහොමද තේජා දුවේ" සුජාතා නැන්දනිය එම යුවතියවද වැලද ගත්තේ ඉතා සතුටිනි.

"අම්මේ මම එනකොට අම්මා කතාකර කර හිටිය මේ අයියා කව්ද "ඔහු ඇසුවේ මා දෙස බලමිනි,ඔහුට මා හදුනා ගත නොහැකි වීම ගැන මම පුදුම නොවුයෙමි නමුත් හිත තුල දුකක් නැතැයි මා පවසන්නේ නැත.

"අනේ අම්මේ කොල්ලෝ ඉතාලි ගිහින් ආවට පස්සේ පංකජ අයියාවත් අමතක වුනාය"

"පංකජ පංකජ ආ..... අර අපේ ගෙදර නැවතිලා හිටපු අයියා නේ,කොහොමද අයියේ ඉතින්"ඔහු මා දෙසට හැරි මාහට අතට අත දුන්නේය.

"මම හොදින් මල්ලි" මා ඔහුට එසේ පැවැසුවේ මා බලෙන් නගා ගත් සිනහවකුත් සමගමය,අර යුවතිය ඔහුගේ අතේ එල්ලී සිටින අයුරු මගේ හදවත පාසරු කරගෙන යාමට සමත් විය.ඒත් සමගම මගේ පෙනීම යාන්තම් බොදවෙනවා යැයි දැනුන නිසා මම මගේ කදුලු තද කරගෙන බොරු හදිස්සියක් මවා ගතිමි

"නැන්දේ,මාමේ මම එහෙනම් යන්නම් අයියාලා එන ෆ්ලයිට් එක දැන් ගොඩ බෑවා"මම එසේ මුසාවක් ඔවුනට කියා ඉක්මනින්ම එතනින් පැමිනියේ මගේ කදුලු මට තවත් අවනත නොවනු දැනුන නිසා වෙනි.මා ඔවුන්ගෙන් ඈතට යනවිට මා හට ඇසුනු යම්දෙයක් මගේ හදවත කෑලි කෑලි වලට කඩා දැමීමට සමත් වුනි.

"එහෙනම් මගේ ලේලි පොඩ්ඩ අපි යමු නේද අපේ ගෙදර"මේ වදන් සුජාතා නැන්දනියගේ මුඛයෙන් පිට වුයේ මගේ සැකය සත්‍ය බව පසක් කරමිනි ,එසේ නම් තේජා නම් යුවතිය ඔහුගේ අනාගත බිරිදයි.ආදරණීය දින පොත මා හට තවත් මේ ගැන ඔබට කීමට ශක්තියක් නැත,එම නිසා අද දින මම මාගේ කතාව මෙසේ අවසන් කරමි.වෘත්තියෙන් ගුරුවරයෙකු වූ මා අසම්මත ලෙස මා ඉගැන්වූ සිසුවෙකුට පෙම් බැන්දෙමි.නැත තවමත් පෙම් බදියි ඉදිරියටත් පෙම් බදීවී. එසේ නම් අවසරයි මට මගේ කතාව කියා අවසන් කිරීමට 'ආදරය සුන්දර වරදකි ,කිසිදා සමාවක් නම් නැති'.

මීට ,
අවුරුදු 15ක් ඔහුට රහසින් ආදරය කල එමෙන්ම මතු අනාගතෙත් රහසින් පෙම් කරන තිස් පස් හැවිරිදි ගුරුවරයා සිතුම් පංකජ

ප.ලි.
මා හට මේ මුලු කතාව තුලම ඔහුගේ නාමය ඔබට කීමට මතක නැති වුනි,ඔහු කෙදිනකවත් මගේ නොවෙන මගේ'විහග අභිමන්'
...........................................................................................
Present day(2022.08.12)

"එයි ගොනෝ ඔයා ඔය අඩනවද"

"මේ වගේ එකක් කියවන්න දීලා ඒ මදිවට අඩනවද අහන ලස්සන"

"ඉතින් දෙයියනේ මම බලෙන් කියවන්න දුන්නා වගේනේ මගේ පොත් මට කියන්නේ නැතුව අස් කරලා මගේ පරණ ඩයරියක් හොයන් කියවලා මෙතන අඩනවා"

"අනේ මේ සිතු අයියේ ඔයා හිතලම මේ හම්පඩ ඩයරිය මට හම්බ වෙන්න පොත් ගොඩ අස්සට ඔබනවා මම දැක්කා"

"අම්මෝ කොල්ලා ඒකත් දැක්කද ඒ කියන්නේ ඇස් හොදට පේනවා නේ"

"ඔව් පේනවා තමයි ,මම ඔයා වගේ නාකි නෑනේ"

"ඒයි තවුසේ මම නාකි කියලද දැන් කිවවේ එයි අභි කොහෙද දුවන්නේ ඉන්නවා මම අල්ලගන්න"

Theja's POV

අනේ මේ පිස්සෝ දෙන්නා මෙච්චර වෙලා මෙතන හිටපු මාවත් අමතක කරලා දිව්වානේ,ඇත්තටම සිතුම් අයියා හිතන් ඉදලා තියෙන්නේ මම අභිව බදින්න ඉන්න එක්කෙනා කියලාද අම්මෝ ඒ පිස්සාව මම බැන්දොත් මටත් පිස්සු හැදිලා තමයි නවතින්නේ ඒ පිස්සාව හරියන්නේ සිතුම් අයියාටම තමා

ආ ඔයාලා දැන් මේ වෙලා තියෙන්නේ මොකද කියලා බලනවා ඇති නේද මම තේජා,තේජා කිව්වට මුලු නම තේජානි ,වයස 30යි ,තාම බැදලා නම් නෑ හැබැයි එන්ගෙජ් වෙලා ඉන්නේ,එතකොට විහගයි සිතුම් අයියායි දැන් බැදලා මාස 3ක් වෙනවා,එයලා දෙන්නා බැන්දේ ඉතාලි වලට ඇවිත් ඒ වගේම මගේ  boyfriend ඉන්නේ මෙහේ මායි අභි අපේ ලංකාවේ තිබ්බා කැෆේ එක විකුනලා මෙහේ ඇවිත් දැන් ඉතාලි වල ලංන්කන් ෆිඩ් තියෙනෙ කැෆේ එකක් කරනවා,හරි හරි දැන් ඒ ඇති මම කියන්නම්කෝ ඒ ඩයරියේ ලියලා තිබුන කතාව ඔයලා නොදත් කොටස ඇත්තටම මම විහග බදින්න හිටපු කෙනා නෙවෙයි මම එයාගේ හොදම යාලුවා,අනික ඒ පිස්සා මාව හම්බ වුනු දවසේ ඉදලා වචන 10ක් කතා කරොත් 9ක්ම කතා කරන්නේ සිතුම් අයියා ගැන'මගේ සිතු අයියා මෙහෙමයි මගේ සිතු අයියා අරමයි'මම හිතන්නෙ විහග නිසා මම සිතුම් අයියාව දන්නවා සිතුම් අයියාටත් වැඩිය ,එතකොට සුජාතා ආන්ටි මට ලේලි කියලා කතා කරපු එක ආ එක එයා කියන්නේ අභිව අවුසන්න එයලා මුලින්ම අහි සමරිසියෙක් කියලා දැන ගද්දී එක පිලිගන්න කැමති උනේ නෑ කොටින්ම මාසයක් විතර අභිත් එක්ක කතා කරෙත් නෑ ඒ උනාට ඉතින් සුජාතා ආන්ටි විමල් අන්කල්ට හිටපු එකම ලමයා අභි නේ ඒ නිසා ටික කාලයක් යනකොට අභිගේ සතුට ගැන හිතලා අභි සමරිසියෙක් කියන එක සතුටින් පිලිගත්තා.ඊට පස්සේ එයාලා අහපු පලවෙනි දේ තමා අභි කැමති කව්රු හරි ඉන්නවද කියන එක අභි ඒ වෙනකොට දැනන් හිටියා එයා එයාට වඩා අවුරුදු 07ක් වැඩිමල් එයාගේ සිතු අයියාට ආදරේ කරපු බව අභිගේ අම්මයි තාත්තායි මේක ගැන මොනවත් කියන්නේ නැතුව පිලිගත්තා වුනත් එයාලා බය උනා සිතුම් අයියා මේක දැනගත්තහම කොහොම හැසිරෙයිද කියලා එකයි එයලා අභි ඉතාලි ඉද්දි සිතුම් අයියාව කොහෙන්වත් සම්බන්ධ කරගන්න නොදුන්නේ,මායි අභි ලංකාවට ආවේ හේතු දෙකක් මත පලවෙනි එක තමා අපි දෙන්නටම කියලා කැෆේ එකක් ඔපන් කර ගන්න එක ඉතාලි ඉන්න කාලේ අපි දෙන්නාම ඉගනගත්තේ කුකරි ෆීල්ඩ් එක,දෙවනි එක තමා ඕන මගුලක් වෙන්න කියලා අභිගේ ආදරේ සිතුම් අයියාට කියන එක,මට අද වාගේ මතකයි විහඟ එයාපෝර්ට් එකෙදී සිතුම් අයියාට මේක ගැන කියන්නේ නැතුව ඉන්න ගිය හැටි 

*Flashback*(2020.10.18)Theja's
POV

"එහෙනම් මගේ ලේලි පොඩ්ඩ අපි යමු නේද අපේ ගෙදර"

"අනේ මොනවද අම්මේ ඔය කියන්නේ"විහග කිව්වේ මවා ගත්ත බොරු තරහකින්

"හි හි ඕවා ගනන් එපා ආන්ටි ,ආන්ටිට ඕනිම නම් මට එහෙම කතා කරන්න"

"අනේ තේජා ඉන්නවා කට වහගෙන ,මෙච්චර කල් මාත් එක්ක ඉදලා දැන් අපේ අම්මාගේ පැත්ත ගන්නවා නේ"

"ඔව් හුම්ම්ම් ඔහෙත් එක්ක ඉදලා මට එපා වෙලා ඉන්නේ "

"එහෙනම් ඉන්නවා ඔහෙගේ මහලොකු ආන්ටිත් එක්ක"

"අනේ අනේ ඔය දෙන්නාට පොඩි එවුන් වගේ රන්ඩු කරන්නේ නැතුව ඉන්නම බැරිද "සුජාතා ආන්ටි  එහෙම කිව්වේ හිනා වෙන ගමන්

"හරි හරි අපි යමු"විමල් අංකල්  එහෙම කියන ගමන් මගේ බෑග් එකයි,විහගගේ බැග් එකයි තිබ්බ ට්‍රොලියයි ඇදගෙන ඉස්සරහට ගියා

"එයි පිස්සෝ මොකද ඔයා සිතුම් අයියා දන්නේ නෑ වගේ හැසිරුනේ" මම විහගගෙන්  එහෙම ඇහුවේ ආන්ටියි අන්කලුයි අපෙන්  ටිකක් ඈතට ගියාට පස්සේ

"මේකනේ පිස්සියේ මට ඕන උනේ සිතු අයියා මට එයාව මතක නෑ කියලා දැන ගද්දී හැසිරීම බලන්න,ඒ උනාට මම එයාගේ කිසි වෙනසක් දැක්කේ නෑ අනික ශුවර් එකට එයා බැදලා නැතත් එයා ආදරය කරන කෙනෙක් ඇති ඒ නිසා මම එයාට අරක කියන්නේ නැතුව ඉන්න හිතා ගත්තා"

"අපිට එක හරියටම කියන්න බෑනේ අභි අනික ඔයා මට ප්‍රොමිස් උනා නේ ඕන දෙයක් වෙන්න කියලා ඔයා එක සිතුම් අයියාට කියනවා කියලා එක නිසා ඔයා එක කියන්නම ඕනි"

"හ්ම්ම්ම් බලමුකෝ"

"බලමුකෝ නෙවේ බන් ,මම කිව්වා හරියටම අපි දන්නේ නෑනේ සිතුම් අයියා ඔයා ගැන හිතන් ඉන්න විදිහ,අනික ඔයා මේක කියන්නේ නැතුව හිතේ හිර කරන් හිටියොත් වෙන්නේ ඔයාව ඔයාම රිද්ද ගන්න එක විතරයි ඒ නිසා ඕක සිතුම් අයියාට කියන්න මම කියන්නෙ නෑ එක ලේසි වැඩක් කියලා ඒ උනාට ඒක කරලා බලන එක හැමදේටම හොදයිනේ"

"හ්ම්ම්ම් ,එහෙනම් මම කලින් පොරොන්දු උන විදිහට ගිහින් සිතු අයියාට මේක ගැන තව දවස් 5කින් කියනවා"

"අන්න මගේ එකා,එහෙම තමා ඉන්න ඕනි"

*FLASHBACK ENDS*

එකෙන් දවස් පහකට පස්සේ විහග සිතුම් අයියාලගේ  ගෙදර ගිහින් එයාගේ හිතේ තිබ්බ ඔක්කොම දේවල් කිව්වා ,මම  නම් දන්නේ නෑ එයාලා කතා කාරේ මොනවද  කියලා මම දන්නේ සිතුම් අයියා අභිට ගොඩක් කල් ඉදලා ආදරේ කරලා තියෙනවා කියලා විතරයි ,ඒ වගේම සිතුම් අයියාගේ අයියා තිවන්ක අයියා කියපු විදිහට එයාගේ පුතාට සිතුම් අයියාලු නම දැම්මේ සිතුමන් කියලා මම සිතුම් අයියාගෙන් එක දන්න හේතුව ඇහුවම එයා කිව්වේ එයා අභිව මතක් වෙන්න එයගේ නමයි නමයි එකතු කරලලු ඒ බබාට සිතුමන් කියලා දැම්මේ ,ඔන්න ඕක තමා අර ඩයරයියේ නොතිබුන සිතුම් අයියාගෙයි අභියිගේ කතාව

................................................................................................................................................

සිසුවෙකුට පෙම් බැදී සිතුම්ද ,තම ගුරුවරයාට පෙම් බැදී අභිද අපහට කියා දුන්නේ අන් කිසිවක් නොව ප්‍රේමය නම් සාගරයට කිසි සීමාවක් නැති බවයි

....................................................................................................................................................

කොහොමද ළමයි කතාව හොදයිද නැත්තම් නිකන් පිස්සුවක්වගේද හි හි🤭🤭 ,තේරෙන්නේ නැති දෙයක් තියනවා නම් ඒ තැන කමෙන්ට් එකක් දාන් යන්න මමපුළුවන් විදිහට පහැදිලි කරන්න බලන්නම් ☺❤❤❤❤වොට් එකකුත් ධන යන්න කතාව ලස්සන නම් 🤭❤ඒ වගේම වැරදි තිබුනා නම් සොරි හොදේ 😥❤


මම මෙම කෙටි කතාව @_sunflower_Magazine_ විසින් සංවිධානය කරනු ලබන 'සුරිය කුසුම ' කෙටි කතා තරගයට වෙත ඉදිරි කරන බව මෙයින් දන්වා සිටිමි .

මීට ,

Bạn đang đọc truyện trên: AzTruyen.Top