පළමු පරිච්ඡේදය





අදත් වෙනදා වගේමයි . හැමදාම වගේ අදත් පුරුදු විදියටම නිරුත්තර දවස ගෙව්වේ ගේ ඇතුලට වෙලා ඇදේ ඉදන් පොතක් කියවන ගමන්...



"අහ් .. නිරුත්තර මහත්තයා .. කෑම ලෑස්ති ..."

එක පාරම ඒ අපූ කටහඩට නිරුත්තර කියව කියව ඉදපු පොතත් පැත්තකින් තියලා ඉදගත්තා.


"දෙයියනේ වෙනුර ... වරෙන් වරෙන් ... ඇති යන්තම් උබට මාව මතක් වුනා"


ඒ ඇවිත් ඉදියෙ නිරුත්තරට මෙහෙ ඉදපු එකම යාලුවා..


"මොකද බං මේ මහ දවලා ඇදට වෙලා කරන්නෙ . ඉස්සරහ ජනෙල් දොරවලුත් හායි ගාලා ඇරලා දාලා"


"මං මේ පොතක් කියෙව්ව බං... ඒක නෙවෙයි ... අද කොල්ලා නිකන් ගිනි කුකුලා වගේ.. ඇත්ත කියපන් උබ මේ ජැන්ඩියට ඇදන් කොහෙ යන ගමන් ද ... ආආ..."


"අනේ නිකා ඉදපන් නිරුවා මං මේ උබව හම්බෙන්නමයි ආවේ .. ගෙදර ඉන්න කම්මැලී බං.."


එහෙම කියාගෙන වෙනුර ගියෙ නිරුත්තරගේ කාමරේ තිබුන ජනේලේ ගාවට.

"ඔහේ පලයං... ඒයි නිරුත්තර මේ පැත්තට අලුත් හදක් පායලා වගේ නේ ... ශහ්... "

"මොකක්ද ඒ කතාවේ තේරුම? හදක්? මොන හදක් ද? "

"මෙතනින් ඔලුව දැම්මනම් හද අපූරුවට බලාගත්තහැකි"


වෙනුර එහෙම කියවනවත් එක්කම නිරුත්තරත් නැගිටලා ජනේලේ ගාවට ගියේ වෙනුර මේ දවලේ මොන හදක් ගැන කියනව ද බලන්න .

ඒ ගියපු නිරුත්තරට දකින්න හම්බුනා එහා වත්තේ පුටුවක් තියන් වාඩි වෙලා මේ පැත්ත බලන් ඉන්න ටිකක් තරුණ පාට පිරිමි කෙනෙක්ව..

"කවුද බං ඒ ග්‍රහයා"

වෙනුර ඇහුවේ මීට කලින් එහා ගෙදර කවුරුත් මිනිස්සු හිටපු නැති නිසා..

"මට ඕවා හොයන්න උවමනාවක් නෑ බං .. මං මේ උබ කියනකම් දන්නෙත් නෑ.."

"එහෙමද? මට හිතෙන විදියට තට්ට අන්කල් ඒ ගේ රෙන්ට් එකට දීලා වගේ .. හැබැයි නිරුවෝ මොනා වුනත් ඒ මනුස්සයගෙ ඇස් දෙක තියෙන්නෙ නම් මේ කාමරේ දිහාවට කොල්ලෝ. ඒ වුනාට මට මේ මූණ හොදට දැකලා පුරුදුයි වගේ නේ බං බලපංකො බලන හැටි නිකන් වලගම්බා වගේ "

"හ්ම්ම්"

වෙනුර එක දිගටම මොන මොනවදෝ කියාගෙන ගියත් නිරුත්තරට එව්වගෙන් අතරින් පතර ඇහුන ඒවයින් එක්කට දෙක්කට විතරක් එයා උත්තර දුන්නේ එයාට මීට කාලෙකට කලින් ගමේ දී වුන දෙයක් මතක් වුන නිසා..






************************************************************

අතීතයෙන්

"ඒයි නිරුත්තර අයියේ. නැගිටිනවා ඉක්මනට . සුභ ආරංචියක් තියෙනවා .."

ගමේ උළු වහලයක් තිබුන තමන්ගේ පොඩි ගෙදරට වෙලා නිදාගෙන ඉදිය නිරුත්තර ගැස්සිලා ඇහැරුනේ එයාගේ නංගිගේ කෑ ගැහිල්ලට.

"මොකක්ද?"

"අන්න තේනුක හාමු ඇවිත් "

"තේනුක"

ඒ කිව්ව ගමන් නිරුත්තර දුවලා ගියේ තේනුක හාමු කියන කෙනාගේ වලව්ව පේන මානයට.ඒ පස්සෙන්ම නිරුත්තරගේ නංගි කසුන්දිත් දුවන් අවේ තේනුක හාමු බලාගන්න .

"බලන්නකෝ අයියේ.. දැන් තේනුක හාමුගේ උස මහත... අම්මෝ ලස්සන"

************************************************************






"ඕයි නිරුවා.. මොනවද උබ කල්පනා කරන්නෙ"

නිරුත්තර අතීතෙන් වර්තමානෙට ආවේ එයාගේ යාලුවගේ කට හඩ කන ගාවින්ම ඇහුන නිසා.

"ම්..න්...නෑ.. නෑ..ම්...මුකුත් නෑ"

"නැත්තම් කමක් නෑ .. මං උබට එකක් කියන්නම් අද බලා ගන්න තරමක් ජනෙල් එලිය බලාගනිම් .. අදින් පස්සෙ බෑ හැබැයි ඔන්න"

"ඒ මොකද? "

"ඇයි බන් උබට අමතක වුනා ද ? උබ බැදපු එකෙක් කියලා ?"








මතු සම්බන්දයි


-----------------------------------

හේ අදට ඔච්චරයි
පොඩ්ඩයි නේ
ඊලග එකේ ඉදන් තමා වැඩි කරලා දෙන්නෙ
හුහ්
බායි

2023/10/15

Bạn đang đọc truyện trên: AzTruyen.Top