Shine.Dream.Smile
ලියුම කියවලා ඉවර වෙනවත් එක්කම කෙල්ල මහ හයියෙන් ඇඬුවා.ලියුවත් පපුවට තුරුල් කරගෙන ඇඬුවා.කෑගැහුවා..ජිආ එයාව දාලා ගිය එකට ජිආටත් බැන බැනම කෙල්ල ඇඬුවා.
ඒත් කවදා ඒ කඳුලු නතර වෙයිද කියලා කෙල්ල වත් දැනගෙන හිටියෙ නෑ.කොච්චර අමාරුවෙන් අමතක කරන්න හැදුවා උනත් කෙල්ලටත් නොදැනිම කෙල්ලගෙ හිත අතීතෙට ඇදිලා ගියා..
*Flashback*
"මොකද්ද ජිආ ඔයා කියන්නෙ?පිස්සුද තමුසෙට,විකාර කියවන්නෙ..මං මුලදිම තමුසෙට කිව්වා ජිආ ඔය මගුල diet එක නවත්තන්න කියලා.හරිනෙ දැන්.මේකනේ කරගන්න ඕනෙ උනේ.ඇත්තටම hospital එකට එද්දි තමුසෙගෙ ඔලුව වත් කොහෙ හරි වැදුනද ජිආ??ඔයාට brain cancer එකක් කියන්නෙ..වාහ්..මරු විහිලුව ආහ්හ්..ජිආ මට කියනවාහ්හ්හ්...මොකද්ද මේකෙ තේරුම??"
කෙල්ල අඬ අඬ හිනාවෙවි කියවගෙන යද්දි මෙච්චර වෙලා හිරකරගෙන හිටපු කඳුලු වල පාලනෙත් ජිආට නැති උනා..
"නිම්"
"නිම්"
"මගෙ මැනික"
"නිම් මං කියන දේ අහනවා…"
නිම්ගෙ මූන අත්දෙකට අරගෙන ජිආ හයියෙන් කෑගැහුවා.
"නිම්..මගෙ මැනික..මේ අහන්න..මට-තව-වැඩි වෙලාවක්-නෑ..ඔයාගෙ ජිආට ස-සමාව දෙන්න නිම්..මේ ලෝකෙ හැමදේකටම වඩා මං මගෙ නිම්ට ආ-ආදරෙයි.."
ඒත් එක්කම ජිආගෙ අත් දෙක පහලට කඩන් වැටුනා…..
විනාඩියක්
:
:
:
දෙකක්
:
:
:
තුනක්
:
:
:
ඒ විදියටම ගියා.හැමෝම අඬනවා..ඒත් නිම්…
එයාට අඬන්න වත් සිහියක් නෑ..
"යාහ්…...ජිආ….තමුසෙ මගෙන් කර පුරවලා කනවද නැත්තම් හොඳ ළමයා වගේ නැගිටිනවද?
කවදාවත් දාලා යන්නෙ නෑ කියලා පොරොන්දු උනා නේද?
ජීවිතේ එක පාරක් හරි මට ආදරේ කරා නම් නැගිටිනවා ජිආ…."
මුලු hospital එකම දෙදරන්න කෙල්ල කෑගැහුවත් එන්න එන්නම කෙල්ලගෙ කටහඬ බිඳිලා ගියා.ඒත් එක්කම ජිආගෙ අම්මා ඇවිත් නිම් ව එයාගෙ තුරුලට ගත්තා…
"ඇයි..ඇයි මගෙ මැනික මේ දේවල් මට කලින් කිව්වෙ නැත්තේ.ඇයි මාව තනියෙන් දාලා ඔයා විතරක් යන්න ගියෙ.ජිආ...ඔයාට තිබ්බා නේද මැනික මට මේ දේවල් කියන්න.එහෙම උනා නම් මං මීටත් වඩා හොඳට ඔයාව බලාගන්නවා නේද..ඇයි මගෙ ජිආ ඔයා ඔයාගෙ නිම්ගෙන් මේ දේවල් හැංගුවෙ.මට විතරක් තනියම විඳවන්න තිබ්බා නේද මැනික.ඇයි මගෙ රත්තරනේ ඔයා යන තැනට මාවත් එක්ක නොගියේ"
ජිආගෙ අම්මට තුරුල් වෙලා කෙල්ල ඉවරයක් නැතුව ඇඬුවා.වටේ ඉන්න හැමෝම අඬනවා උනත් හැමදාම වගේ අදත් ජිආගෙ මූන ලස්සන හිනාවකින් පිරිලා තිබ්බා..සමහර විට එයාට අන්තිම මොහොතේ හරි එයාගෙ නිම් ව එයාට බලන්න පුලුවන් උන නිසා වෙන්න ඇති..
*Back To Present*
එකපාරට පටන් ගත්තු වැස්සත් එක්ක කෙල්ල හිටපු කල්පනාව බිඳිලා ගියා.Bed cupboard එක උඩ තිබුන එයාගෙයි ජිආගෙයි photo එකත් අරගෙන ජනේලේ ළඟට ගියේ හරියට එයාගෙ දුකත් වැස්සත් එක්ක හේදිලා යයි කියලා හිතලයි…
:
:
:
:
:
:
:
~වසර 7කට පසු~
"නර්ස්..මට අද හවසට තව මුකුත් appointments නෑ නේද?"
"නෑ doctor."
"හරි thank you.ඔයා යන්න දැන්"
එහෙම්ම hospital එකෙන් එලියට ආපු නිම් car එක පාරට දැම්මෙ එයා මේ ලෝකෙ වැඩිපුරම යන්න ආස කරපු තැනට යන්නයි..
Cemetery එකෙ ඇතුලට ඇවිදන් ගිහින් එක grave එකක් ළඟ නැවතුනු නිම් එයා එද්දි ගත්තු ලස්සන white rose bouquet එක ඒ grave එක උඩ පරිස්සමට තියන්න අමතක කරේ නෑ…
මගේ ජිආ,
කොහොමද මගෙ මැනික..මියානේ...මට ඉක්මනින් එන්න බැරි උනාට.ඉතින්...කොහොමද ඔහේ?මෙහෙට වඩා හොඳයි ද ජිආ?
දන්නවද මැනික..ඔයාට පොරොන්දු උනා වගේම මං දැන් psychologist කෙනෙක්.ඔයාට ඕනෙ උනා වගේම මං දැන් මිනිස්සු සිය ගානකගෙ ජීවිත බේරනවා මැනික.මගෙ ජිආත් අද මාත් එක්ක හිටියා නම් කොච්චර සතුටු වෙයි ද?
මැනික..හැබැයි මතක තියාගන්නවා..තමුසෙට ආදරේ තරමටම මං තමුසෙට වෛර කරනවා.ඒ මාව මේ ලෝකෙ තනියම දාලා ගියාට..
ඉන්න තැනක පරිස්සමින් හිනාවෙලා ඉන්න මගෙ මැනික..ආයෙ ඉක්මනින් එන්නම් මං මගෙ මැනිකව බලලා යන්න…
හම්බෙමු ආයෙත් දවසක..කවදාවත් මොනම හේතුවක් නිසාවත් වෙන් නොවෙන්න…
_______________________________________
හිතට දැනුන දේ කැමති නම් මට කියන්න...
ඒක ගොඩක් වටිනවා මට..
පරිස්සමින් ඉන්න...
මං Rishu........
Bạn đang đọc truyện trên: AzTruyen.Top