🐉Introduction🐉
රූහි කංගනා ත්‍රිපාටි
චෙන්නායි උසස් පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. අවුරුදු 19 යි. අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම. පපා පුංචි කාලෙම දාල ගිය නිසා අම්මා ගොඩක් දුක් විදිල තමයි රූහිව ලොකු කරගෙන තියෙන්නේ. ඉගෙන ගන්න දක්ෂයි. ඒ වගේම දිග කොන්ඩෙකුත් තියෙනව ඉතින්...😍
පාක් ජිමින්
මේ ඉන්නෙ අපේ ගිණිමකර මහෝත්තම... සොරි සොරි... කෝටිපති ව්‍යාපාරික පාක් බෝගම් මහතාගේ හා ස්වේතා ටාකූර් මහත්මියගේ එකම පුත්‍ර රත්නය... පාක් ජිමින්...වයස අවුරුදු 26යි. කොරියානු සම්භවයක් තියෙන ඉන්දියානු තරුණයෙක්. මොකද මෙයාගෙ අප්පා කොරියන්. අම්ම ඉන්දියන්. මෙයාගෙ අම්ම මෙයා ඉපදුණ දවසෙම සදහටම දෑස් පියාගන්නවා. ඉතින් මෙයා අප්පගෙ සෙවනේ තමා හැදී වැඩෙන්නේ... අවුරුදු හතක්ම කොරියාවෙ අධ්‍යාපනය ලබලා ගිය සතියෙ තමා ඉන්දියාවට ආවෙ.
අනිත් අය ගැන පස්සෙ කියන්නම්...
_________________________________________
: අනේ මහත්තයා අපි මොන වරදක් කලාටද දෙයියනේ මේ ගෙදරින් යන්නේ... මං වෙනුවෙන් බැරි නං මේ දරුව වෙනුවෙන් වත් නවතින්න බැරි ද? ඒ අහිංසකීව දාල යන්න එපා මහත්තයා...
: අනේ...පපා...උයා නන්නෙ කොහෙත...අනී...එන්නතෝ...අම්මා පව් නී...ආයෙ මම් චොකෝ ඉල්ලාලා අඩන්නෑ...පපා...නන්නෙපා...
මීට අවුරුදු දාසයකට පෙර ඒ අදුරු අතීතය සිහි වෙලා මගෙ ඇස් වලට නොදැනීම කදුලු පිරුණේ.
එදා වයස අවුරුදු තුනක් වෙච්ච මාවත් බදාගෙන අම්මා වැලහින්නක් වගේ ඇඩුවෙ අපි දිහා එක පාරක්වත් හැරිල නොබලා ගෙදරින් පිටවෙලා යන පපා දිහා බලාගෙන.
: මගේ රත්තරං නන්ගී... හිත හදාගනින් මගෙ දරුවෝ...ඌට උඹල දෙන්න එපා නිසා නේ ගියේ... උඹල දෙන්නට ඔය කවුරුත් ඕන නෑ... මම ඉන්නවා... මගේ නන්ගිට මම ඉන්නවා... මට උඹයි මේ කෙලි පැටියයි වැඩි නෑ නන්ගියේ... අපි පුලුවන් විදිහට කාල ඇදල ඉමු...
අදටත් මාමගෙ ඒ වචන මගේ කන් වල දෝංකාර දුන්නෙ මගේ ඇස්වල කදුලු අලුත් කරලා.
එදා ඉදන් අද වෙනකන් මට හොදට උගන්නන්න, මාව උස්මහත් කරගන්න මගෙ අම්ම විදපු දුක අප්‍රමාණයි. කෑම පාර්සල් කරල විකුණලා තමා මගෙ අම්ම කාටවත් අත නොපා මාව ජීවත් කලේ.
ඉතින් අද මගෙ අම්ම මං වෙනුවෙන් ඒ විදපු අප්‍රමාණ දුක් කන්දරාව ට ප්‍රතිපල ලැබෙන දවසයි. මගේ අවසන් වසරේ විභාග ප්‍රතිඵල ලැබෙන දවස.
බයක් නැතුවමත් නෙවේ...🥲
___________________
ඔන්න ලමයි මගෙ අලුත් ff එක ගෙනාව. ඔයාල බලනව ඇති මම මගෙ එක ff එකක්වත් complete නොකර අලුත් ඒව පටන් ගන්නෙ මොකද කියල... වැඩිය හිතන්න එපා... හේ හේ...😁
Challo Driver, Revenge දෙක ongoing. භය වෙන්න එපා. ඒ දෙකත් දෙනවා. ඒත් මට zoya ටයිප් කරන්න කම්මැලී වගේ... ඒ වෙනුනවට මේක පටන් ගත්තේ.
මේකෙ ඉන්නව ඉතින් මකරෙක්... ඔයාල දන්න අදුනන මකරෙක්... 🐉
කියවල බලන්නකෝ...
සත්තයි ඔයා මේ කතාවට වසී වෙනවා...
ආ... තව පොඩ්ඩෙන් අමතක වෙනවා...
Cover එක ලස්සනයිතේ?
මේක හදල දුන්නෙ k-i-m-l-i-y-a 😍❤
Thank u so much dear...😍❤😘
Vote කරාම්න... comment කරාම්න...😍❤
සරන්ග් හේ...❤🙂
බාල්දි ඕතර්...😈🪣
Bạn đang đọc truyện trên: AzTruyen.Top