🐉20🐉

ඒ පපුවට තුරුල් උනාම මට දැනෙන ආරක්ෂාව මෙතෙකැයි කියල විස්තර කරන්න බැරි තරම්... මට දැනෙන්නෙ පුංචි කාලෙ තාත්ත ගෙ පපුවට තුරුල් වෙලා ඉන්නව වගේ හැගීමක්...අනේ මන්ද මේ නපුර ගාව මොනවහරි මැජික් බලයක්වත් තියෙනව ද කියල...

" කෝ එහාට වෙනව... මගෙ ටී ෂර්ට් එකේ හොටු ගාන්නැතුව... මං මේ මගේ සල්ලි වලින් ගෙනාව ආප්ප පාර්සලේ තමුසෙට විතරක් තනියම කන්න දීල යයි කියල නං හිතන්න එපා... මට එච්චර අමාරුවක් නෑ කොහෙවත් ඉන්න උන්ට කන්න දෙන්න... මට තනියම කන්න කම්මැලි නිසා අරගෙන ආවෙ...අනික මං යන්න හැදුවෙ චිලි පේස්ට් එක ගේන්න කාරෙකට... පස්සෙ මතක් උනේ ඒකත් උඩට ගෙනාව නේ කියල... ඒ හැරෙද්දි තමා තමුසෙ අසාගෙන ඇවිත් ඇගේ එල්ලුනේ... ශිට්... ඒකෙන් උනේ මගේ ඇගෙත් හොටු ගෑවුණ එක..."

එයා හිනාව හිරකරගෙන කියද්දි මං විදුලි වේගෙන් එයාගෙන් ඈත් උනේ ලැජ්ජාවට මුලු මූණම රතු වෙද්දි...

ෂිට්... මොන විලිලැජ්ජාවක් ද ඒ උනේ...  මං ඕවර් සෙන්සිටිව් නෙ ඉතින් පොඩි කාලෙ ඉදන්ම... පොඩි දේටත් දුක හිතෙනව...

මං ආප්ප පාර්සල් එක දිගහැරියෙ ලැජ්ජාවත් එක්ක ඒ සිදුවීම අමතක කරල දානව කියල හිතාගෙන...

" සර්... ඔයා මොනව එක්කද කන්නෙ... ජෑම් එක්ක ද නැත්තන් චිලි පේස්ට් එක්ක ද..."

" මම චිලිපේස්ට් එක්ක කන්නං... තමුසෙ ජෑම් එක්ක කනවා.."

" අනේ ඇයි ඒ සර්... ආප්ප රස සැර එක්ක නේ... මාත් ඒව එක්ක කන්නම්කෝ... ඔයා හොදයි නේ..."

" මං කොහොමටවත් හොද වෙන්න ඕන නෑ... ඒ නිසා තමුන්ට මිරිස් කෑම තහනම්...
දවල්ට කාල නැතුව හිස් බඩ සැර කාලා ගැස්ට්‍රයිටීස් හදාගන්න ඕන වෙලා ද...ඔය ජෑම් එක්ක කනවා..."

එහෙම කියල බැල්කනි එකේ බිම ඉදගත්ත ඔහු චිලිපේස්ට් එක්ක ආප්පයක් කන්න ගත්තෙ මං දුකෙන් බලන් ඉන්නැද්දි...

" ඊයා ඕයි.. කෙල ගිලින්න එපා.. අනික ඒකෙන් මගේ නෙවේ තමුසෙගෙ බඩයි ලෙඩ වෙන්නේ.. කෙල ගිලිද්දි ආමාශයෙන් HCl ශ්‍රාවය වෙනව ආහාර ජීර්ණය කරන්න ඕන නිසා..ඒත් ඉතින් කෑම වැටෙන්නේ නෑ නේ.. ඉතින් HCl වලට ක්‍රියා කරන්න උපස්තරයක් නැති නිසා ආමාශ බිත්ති මත ක්‍රියා කරල ස්වයං ජීරණය කරනවා..."

මෙයා නොදන්න දෙයක් නෑ නේ..

" මේ සර්... ඔයාට හොද විද්‍යාත්මක දැනුමක් තියෙ නේ... ඒ සයිඩ් එකට කැමති ද.."

" මට ඇති විද්‍යාත්මක දැනුමක් නෑ හලෝ...
මං පුංචි කාලෙ ඉදල කැමති මැත්ස් වලට..
සයන්ස් වලට ලොකු කැමැත්තක් නෑ..මගෙ යාලුවගෙ කෙල්ල නං කලේ බයෝ.. ඉතින් ඒකි කියන ඒ දවස් වල කුකා ඇවිල්ල මට කියනවා.. අන්න ඒ කියන වෙලාවක වැදගත් කියල හිතුන දෙයක් මතක තියාගත්තා.."

ඒ වචන අවසානයේදි මේ තරම් වෙලා දිලිසුන ඇස් කදුලු පටලයකින් වැහිල ගියා.. මූණ අදුරු උනා එකපාරටම... හිනාව අතුරුදහන් උනා..

මෙයාට මොකද මේ එකපාරටම උනේ..
දැන් හිටිය නේ හොදට.. මූණෙ හැටි..

" සර්.. ආ යූ ඕකේ? "

" මං අවුරුදු පහක් අතීතෙට ගියා.. දන්නවද මං ඒ මතක එක්ක කොයි තරම් විදවනවද කියලා.. කවුරුත් විශ්වාස කරන එකක් නෑ මේ නපුරු ජිමින් හිත ඇතුලෙ ඒ තරම් ලොකු වේදනාවක් තියාගෙන දවසගානේ මැරි මැරී ජීවත් වෙනව කියල.."

" ඒ නපුරු ඇස් දෙකෙන් කදුලු බේරෙනවා... තරහවක් මිශ්‍ර උනලොකු වේදනාවක් ඒ ඇස් වල ලියවිලා තියෙනවා.. පිටට පේන ඒ පෞරුෂය ඇතුලේ මේ තරම් වේදනාවක් හිර කරගෙන ඉන්නව කියන එක හිතන්නත් අමාරුයි... රතු උන ඒ ඇස් වලින් එයා ඈත අහසේ තනි උන තරුවක් දිහා බලාගෙන හිටියා..

මං හිටපු තැනින් නැගිටුනේ ඇයි කියල මංවත් දන්නේ නෑ.. එයා ලගට ම ගිහිල්ල ඉදගෙන මං ඒ ඔලුවට අත තිබ්බා... ගත උනේ නිමේෂයයි.. මගේ උරහිසේ ඔලුව තියාගත්ත ජිමින් ඉකිගගහ අඩන්න උනා..ටිකකින් මගේ ඔඩොක්කුවේ හිස තියාගත්තත් ඊට විරුද්ධ වෙන්න මගේ උගුරෙන් වචන පිට වෙන්නැත්තේ ඇයි කියල මටවත් හිතාගන්න බෑ..

දෙවියනේ මට දැනුනෙ මුලු ලෝකයම මං ඉස්සරහ කඩන් වැටෙනව වගේ... මොකද මේ මං ඉස්සරහ පොඩි දරුවෙක් වගේ අඩන්නේ වෙන කවුරුවත් නෙවේ ආසියාවෙ නම්බර් වන් බිස්නස්මන් පාක් ජිමින්.. කවුරු ඉස්සරහවත් ඔලුව පාත්කරන්නැති ඒ ආඩම්බර නපුරා මගේ විදියට කියනව නං ඒ ගිණි මකරා..

හෙමිහිට ඔලුව ඉස්සුව ජිමින්,

" මට කියන්න දෙයක් තියෙනවා..කතාවක්.. අහන් ඉන්න පුලුවන්ද..."

" ක්..කියන්න.."

" අකමැත්තක් නැත්තන් මං තමුසෙගේ ලැප් එකෙන් ඔලුව තියාගන්න ද.."

මෙච්චර වෙලා ඔලුව තියන් හිටියෙ ලිබ්බොක්කෙද කියල අහන්න කට නලියනව උනත් ඔක්කොම දමල ගහල ගියොත් කතාව අහගන්න වෙන්නෙත් නැති නිසා..

" කමක්නෑ.. හැබැයි කොන්දේසියක් තියෙනවා.."

ඒ මූණ හැකිලෙන්න ගියෙ තප්පරයයි..

" හැබැයි සර් මේ අඩන අන්තිම වතාව වෙන්න ඕන.. ආයෙ ඔය ඇස් වල කදුලු තියෙන්න බෑ... නපුරු කම බේරෙන ඇස් වලට කදුලු ගැලපෙන්නෑ..."

එයා කදුලු අතරින් හරි ලස්සනට හිනා උනා..

" මං නපුරුයි කියලද කිව්වේ.."

" ඔව්.. ටිකක් නෙවේ.. ගොඩා...රියක්.."

" ම්.. එහෙනං මේ නපුරා ඒන්ජල්ට ප්‍රොමිස් වෙනව කවදාවත් අඩන්නෑ කියලා...මොකද මට දැනෙනව මේ ලෝකෙ මං තනි වෙලා නෑ කියල.. හම්.. දැන්වත් ඔලුව තියාගන්න දෙනවද ඔය උකුලේ.."

දෙවියනේ.. මනුස්සයෙක්ට මේ තරම් වෙනස් වෙන්න පුළුවන්ද...

[ හෙ..හේයි.. රීඩර්ස්... පොඩ්ඩක් ඉන්න..

ඕතරී.. ඒක ඔයාට ඇහුනද..

✒️ : මොකක්ද රූහියෝ..

මට අර ඒන්ජල් කිව්වේ.. ඒක ඔයාට ඇහුනද..

✒️: ආව් ආව්.. මොකක්හරි වෙනසක් වෙලා වගේ..

ඒක නං අදහගන්න බැරි පුදුමයක්.. හැලි වැදිරි ඒන්ජල්ගෙන් ප්‍රතිස්ථාපනය වෙලා...

✒️: ඉස්සරහටත් තව අදහගන්න බැරි ගොඩක් දේ සිද්ධ වෙයි.. බලන් ඉන්නකෝ... ]

මං එයා ලගින්ම බිම ඉදගත්තෙ එයාට ඔලුව තියාගන්න පහසු වෙන්න.  එයා මගෙ උකුලෙන් ඔලුව තියාගෙන අතපය දිග ඇරල බිම වැතිරුනා.. මට දැනුනෙ ඇගේ කරන්ට් එකක් දුවනව වගේ.. මට මේ දේවල් හරිම නුහුරුයි..

වෙලාව යනව කියල දැනුනෙවත් නෑ.. මං සම්පුර්ණයෙන්ම හිටියෙ අවුරුදු පහක් අතීතයේ.. මට දැනුනෙ මං පැත්තකට වෙලා එයා දිහා බලන් ඉන්නව කියලා..

යාලුව ගැන කියද්දි එයා මොනතරම් හැගීම්බර වෙනවද කියල කිව්වොත් මට නං හිතුනෙම ඒ යාලුවො නෙවේ එක කුස උපන් සහෝදරයො කියල..

ඒත් මට මොනම වෙලාවකවත් ඒ දේ කරපු girl ගැන පොඩි වත් තරහක් ඇති උනේ නෑ.. මට හිතුනෙම එයාට එහෙම කරන්න ලොකු හේතුවක් තියෙන්න ඇති කියලා... ජන්කුක් ගෙ හොදටමයි එයා ඒ දේ කලේ කියලා මට හිතුනා.. අනේ මන්ද.. මං වැරදි වෙන්නත් පුලුවන්... මොනව උනත් එයාට මොනවහරි කරන්න තිබුනා.. අහිංසකයෙකුගෙ හිත බිදල දාන්න කලින්..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කොහොම ද ලමයි..

කීපදෙනෙක් මට තර්ජනය කරල තිබ්බ අපේඩේට් දෙන්න කියලා... සොරි ලමයි.. මට වැඩ වැඩි වෙලා තිබුනේ..

කමෙන්ට් එකක් දාගෙන යන්න..

වෝල් කරන්න..

වෝට්ගෝල් 30🥅⚽️

Bạn đang đọc truyện trên: AzTruyen.Top