🐉19🐉
"මේ අහනවා... මං වැඩිය හිතන්නවත් තමුසෙගෙ කාමරේට ආපු එක වැරදි ඇති. ඒත් මං ඒ ගැන පසු තැවෙන්නෑ... මොකද ඒ නිසාවත් අනිත් දවසෙ මතක් කරල දොර වහයි නේ...එහෙම කලා කියල මං එන එක නං නවත්තන්න බැරි වෙයි තමුසෙට... මොකද මං තමුසෙව බලන්නැතුව වෙන කවුරු බලන්න ද.."
එයා හෙමින් කිව්ව අන්තිම වචන ටිකත් එක්ක මගෙ ඇස් ලොකු වුනේ කටත් බාගෙට ඇරෙද්දි...
" හා හා ඇස් ගෙඩි එලියට පනී... ආ මේක ගන්නවා..."
" මේ මොනවද සර්..."
" ඇයි ඇස් පොට්ටද... අරගෙන බලනවා..."
ගලේ ගැහුවත් මේ නපුර ගෙ තියෙන දුෂ්ටකම නං අඩුවෙන්නෑ... දැන් ඔය මට බනින්න කට ඇරපු වෙලාවෙ මේකෙ තියෙන්නෙ මොනවද කියල කිව්ව නං ඉවරයි නේ...
" මොකෝ තමුසෙ භාවනා කරනව ද... ආ මේක ගන්නවා..."
මං ලගට ගිහිල්ල දෝතින්ම පාර්සල් එක ගත්තා ඉතින්... නැත්තන් ඒකටත් බනීවි මැනර්ස් නෑ කියල...
" හම්මෝ... හොද සුවදක් නං එනව... මේ ආප්ප නේ ද සර්? "
" හරිනේ... කොහොමද හරියටම කිව්වෙ බෑග් එක ඇරලවත් බලන්නැතුව..."
( ඕතරීටත් පුලුවන් ඔය වැඩේ... ආප්ප කියන්නෙ කෑමක් නෙවේ... ආගමක්... හූම්...😋)
" ඒක මහලොකු දෙයක් නෙවේ සර්... මේ සුවද මගෙ ජීවිතේට ගොඩක් සම්බන්ධයි... හරියටම ආත්මීය බැදීමක් වගේ..."
" මොකක්ද ඕයි ඒ හරුපේ... ආප්ප එක්ක තමුසෙට තියෙන ආත්මීය බැදීම මොකක්ද..."
" මට අවුරුදු පහේ ඉදල මේ වෙනකන් අම්ම මාව ජීවත් කලේ ආප්ප හදල කඩවලට දාල ඒ ලැබෙන ආදායමෙන්..."
මගේ දිහා අනුකම්පාවෙන් වගේ බලන් හිටපු ජිමින්...
" ඕහ්... සොරි..අ.. මං අඩවන්න හිතාගෙන නෙවේ ඇහුවෙ... ඇත්තටම සොරි..."
" ඉට්ස් ඕකේ.."
" ඊය හලෝ ඔය නහයෙ හොටු... මේ ආප්ප වලත් හැලේවි.. කමක් නෑ බටර් සමග ආප්ප කියල හිතල කන්න පුලුවන් නේ..."
එයා මන් කවදාවත් දැකල නැති ලස්සන හිනාවක් දාගෙන කියනකොට මට එයා කරපු විහිලුවට හිනා වෙන්නත් අමතක වෙලා කට ඇරන් ඒ මූන දිහා බලාගෙන හිටිය...
" මොකෝ තමුසෙ කන්න වගේ බලන් ඉන්නේ...මං හැන්ඩිය තමා... ඒත් ඔහොම පැණි හලන්න ලැජ්ජ නැද්ද ඕයි..."
ඒ වචනත් එක්ක පියවි සිහියට ආපු මම එකපාරටම බිම බලාගත්තෙ ලැජ්ජාවට..
" මේ බබෙක් වගේ හුරතල් වෙන්න ලෑස්ති වෙන්නැතුව ලයිට් නිවල මෙහාට එනවා..."
" අ..අනේ... ඒ..ඒ මොනාටද..."
අනේ දෙයියනේ... ඒ පාර මේ මකරා ලෑස්ති වෙන්නෙ මොනා කරන්නද...
" තමුසෙ හිතන මගුලකට නෙවේ ඕයි...ඒවට තව කල් තියෙනව... මං කතා කලේ වෙන වැඩකට..."
මෙයා මේ මොනවද කියන්නේ... එන පොට නං හොද නෑ රූහියෝ...අද දවසට අමුතු අමුතු වචන කිහිපයක් මේ මකර කටින් පිට උනා...ඇත්තටම මේ මනුස්සයට මොකක්ද වෙලා තියෙන්නෙ අද.... මට හිතෙන විදියට අර නාකි ඇන්ටි ඇගේ හැප්පුන වෙලේ ඉදල තමයි මේ වින්නැහිය වෙලා තියෙන්නේ... සමහර විට අර ලිප්ස්ටික් මාක් එක ජාන තුවක්කුවක් ලෙස ක්‍රියාත්මක වෙලා මකරස් ගෙ ඇගට ඒ ඇන්ටිගෙ ජාන ටිකක් සම්ප්‍රේෂණය කලාද දන්නෑ...
" කියපු දේ කරනවකො... බලන්න මේ බැල්කනි එකට හද එලිය වැටිල පුදුම ලස්සනක් තියෙන්නේ... ලයිට් ඕෆ් කරල මෙතනින් ඇවිත් ඉදගන්නවකො... තමුසෙ කරුවලට බයයි කියල දන්නව... මං ඉන්නව නේ... බය වෙන්නැතුව එනවා..."
මකරස් උතුමාණනි ඔබතුමා ලග ඉන්න නිසා තමයි බය වැඩි... කියල කියන්න කට නලියනව... ඒත් ඒක කිව්වොත් ඒ මං කතා කරපු අවසන් වචන ටික වෙයි... මොකද එතකොට මෙයා මගෙ ලස්සන චූටි කට පොඩි කරල දානව නේ...
" ස... මේ ලයිට් ඕෆ් කරන්න ඕන නෑ නේද... ආයෙත් කීර් අංකල් ආවොත්..."
" ඔම්මා.... තමුසෙ වගේ ගොං ගහක් මං මගෙ ජීවිතේට දැකල නෑ... අඥේ කීල් අඥ්ඥල් මච මුකුල් කලල්ල එපා... අඥේ... මං ආය කච කච ගාන්ඥැ..."
ජිමින් මට ඇද කර කර මහ හයියෙන් හිනා උනේ මං ඔරවගෙන බලන් ඉන්නකොට..
" අනේ බං ඇත්තමයි මට සම්මානයක් දෙන්න වටිනව ඒ වෙලේ හිනාව කාගෙන හිටපු එකට... තව ටිකක් වෙලා තමුසෙ කියෙව්ව නං ඇත්තමයි පිපිරිලා මැරෙනව මාව... මෝඩයි කියල දැනගත්තට මේ තරම් මෝඩයි කියල දැනගත්තෙ අද..."
මේ නපුරගෙ තියෙන දුෂ්ටකම... මාව භය කරල... ඒ මදිවට හිනා වෙන්නත් එනව...
" අනේ මේ සර්... පොඩ්ඩක් හෙමින් කට අරිනවද...මේ ගෙදර අය නිදි... ඇහැරුනොත් මට නං ප්‍රශ්නයක් වෙන්නෑ...සර්ගෙ ගෙදර නවතින්න එන්න විතරයි තියෙන්නෙ මට..."
" ඕ රියලි... හරි ආස ඇති නේ තමුසෙට... අපේ ගෙදරට ගොං ගස් බාරගනු නොලැබේ..."
අනේ හරි නුවනැති පුද්ගලයා නේ... ෂිට් මගෙ කටට බ්‍රේක් නෑ...දැන් මේ ගිණි මකරා හැමතිස්සෙම මාව බයිට් කරයි...
පත්තු උනා... ඔය ආවෙ කෝකටත් තෛලේ වගේ ගිණි ගින්දර අයිඩියා එකක්..
" මේ සර්... මං කියන්නමයි හිටියෙ... අර කැරපොතු ඩාන්ස් එක හරි ලස්සනයි හොදේ... අන්න ඒකට නං සම්මානයක් දෙන්න වටිනව... සර්ට ලස්සනට නටන්න පුලුවන් නේ... මං ඒක වීඩියෝ කරගත්ත..."
" මොකක්ද කියන්නෙ? "
" ඇයි අනේ අර ශර්ට් එකේ ගිය කැරපොත්තව හොයන්න වටේ කැරකුනේ... අම්මෝ ඒක පට්ට ඈ..."
" ආ මට ඒක අමතක වෙලා හිටියෙ...තමුසෙ මට බොරු කියල මාව බය කලා නේ... විදවන්න ලෑස්ති වෙලා ඉන්නව ඒකට... තාම දන්නෙ නෑ මේ පාක් ජිමින් කියන්නෙ කව්ද කියල... වීඩියෝ කලා කිව්ව නේ... එහෙනං ඒ විඩියෝ එකත් එක්ක තමුසෙගෙ අර හැලි වදුරු photo ටිකත් එලියට එයි.."
" මොන පොටෝ ද..."
" ඇයි අර තමුසෙ චොක්ලට් කොලෙත් එක්ක ම කන පොටෝ තිබ්බෙ... ඊයා මූන පුරා චොක්ලට්... තමුසෙට වඩා හොදට අපේ ගෙදර බල්ල කනව පිලිවෙලකට... මං ඒ ඔක්කොම පොටෝස් මගේ පෝන් එකට දාගත්ත. එක ටච් එකකින් ඔෆිස් එක පුරා බෙදාහරින්න පුලුවන්..."
මාලුව නහින්නෙ කට නිසා කියල කියන්නෙ බොරුවට ද...
" දැන්වත් මෙහෙ වරෙන් බං... එලිවෙනකන් ඔහොම ඉන්න ද කල්පනාව..."
" අනේ සර්... මගෙ නම රූහි කංගනා... නම කියල කතා කරන්නකෝ හැමතිස්සෙම අයිසෙ, ඕයි, බං කියන්නෙ නැතුව..."
" මේ අහනව... මං කතා කරන්නෙ මට ඕන විදියට...
විශේෂ ම දේ මං එහෙම කතා කරන්නෙ තමුසෙට විතරයි... ඒකට හේතුවක් තියෙනව... හේතුව වෙලාව ආවම කියන්නම්..."
මං ඉක්මනට ගිහිල්ල ලයිට් එක නිවල ඇවිත් බිමින් වාඩි උනා...
" ඕක දිහා බලන් භාවනා කරන්න නෙවේ මහ රෑ අරන් ආවේ... කනවා..."
" මෙතන ආප්ප ගොඩක් තියෙනව නේ... මේ වැඩියි... සර්ත් එන්න කන්න..."
" කොහොමත් මටත් එක්ක තමයි ගෙනාවේ... පෙරේතකමට තනියම කන්න නේ හැදුවෙ තමුන්..."
කන් ඇහෙන්නැද්ද මන්ද මේ මනුස්සයට... ඒකනෙ දැන් එන්න කිව්වෙ කන්න..
" අනේ ඉතින් ඒකනෙ සර් කතා කලේ... ඒක නෙවේ.. ඇයි සර් හදිසියේම මේවත් අරගෙන මහ රෑ ආවෙ..."
" දැන් මං ආව එකද වැරැද්ද... මටත් නිකන් ඉන්න බෑ නේ... කන්න පිරියක් නෑ කියල කිව්ව නිසා මුකුත් නොකා නිදා ගනියි කියල හිතල මේව අරගෙන ආවෙ... එකටත් කතා අහන්න උනා නේ... තමුසෙට ඕනනම් කනවා... නැත්තන් විසිකරල දානව... මං යනව යන්න..."
සත්තමයි හදවත නතර වෙනව වගේ දැනුන... මං වෙනුවෙන් මේ තරම් දෙයක්... මට එයාව නතර කරගන්න ඕන උනා... ඒත් මගෙ කට ලොක් වෙලා... උගුරෙ වචන හිර වෙලා...ඇත්තමයි මට විශ්වාස කරන්නත් බෑ... මේ ඉන්නෙ මාව කැබින් එකෙන් එලියට දාපු තේ කෝප්පෙ ඇගේ හලපු ජිමින් සර්මද කියලා... මගේ පුංචි දෙයක් පවා හොයල බලන තරමටම එයා මට සමීප වෙලා...🥺
තවත් මොහොතක්වත් ප්‍රමාද නොවුන මං බැල්කනි වැටෙන්න පහලට බහින්න සූදානම් වෙන ජිමින් සර්ගෙ පපුවට තුරුලු වුනේ කම්මුල් දිගේ කදුලු වැල් පහලට ගලාගෙන යද්දි...
" අනේ සර්...ආම් සොරි...මං එහෙම අදහසකින් නෙවේ කිව්වෙ... මං දන්නව සර් මං වගේම රෑට කාල නෑ කියලා...ප්ලීස්..."
මේ මොන මගුලක් ද යකෝ මේ...ඇගේ එල්ලෙන්නමයි බලන්නේ ෂිට්..නැහැදිච්ච ගෑණු...
( කියල කියයි කියල නේද හිතුවෙ... 🤣
හැමදාම එහෙම නෑ හොදේ... )
ඒ වචනත් එක්ක එයාගෙ ඇගිලි මගෙ හිසකෙස් අතර සනීපෙට ගමන් කරද්දි මං බලන් හිටියෙ ඈතින් පේන හද දිහා... පුදුම ලස්සනක් තිබුනෙ රෑ අහසේ... වෙනදාටත් වඩා අද පුදුමාකාර ලස්සනයි...
තරු පිරිලා... ඒ හැමෝම අපි දිහා හිනා වෙවී බලන් ඉන්නව කියල මට හිතුනෙ...
****************************************
හෙමින් හෙමින් හදේ වෙලී...
ලැගුම් සෙවූ දගකාරී...
රකින්නෙමී ලයේ හොවා...
දෑස් වගේ සදසාවී..
එන්න සොදුරී...
ඉන්න නොතැවී..
මේ ස්නේහ අරණ හිමි නුඹටයි...❤
( රුවැති සිතැත්ති )
*****************************************
අපි හැමෝමත් හිනා වෙවී බලන් ඉමු...
ඔයාලටත් ආප්ප සමග ඉගුරු දාපු ප්ලේන්ටි ඕනද? ☕️☕️☕️☕️
Comment එකක් දාගෙන යන්න..
Vote කරන්න...
වෝට් ගෝල් එක 30... කවුරුහරි වෝට් ගෝල් complete උනාම මට WhatsApp massage එකක් දාල කියනවද...හොද ලමයි නේ...
බායි... සතුටින්... සනීපෙන් ඉන්න..
බාල්දි ඕතරී...😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top