🐉18🐉

අනේ දෙවියනේ අර හොල්මනක්ද.. නිකන් කලු කුමාර ෂේප් එකත් තියෙනව... හැබැයි ගිණි මකර කුමාර් කියපු කීර් සුමන් අංකල් ගෙ හොල්මන ද දන්නෑ...

මම තවත් හයියෙන් කිරි වීදුරුව අල්ලගෙන තදින් ඇස් පියාගත්තෙ අවසානය අපේක්ෂාවෙන්..

" හොල්මන් කියල දෙයක් නෑ රූහි... හොල්මන් කියන්නෙ හෙලවෙන මනස..."

මුමුන මුමුන මං එක ඇහැක් විතරක් ඇරල බලද්දි දැකපු දෙයින් වොට් තිස් තුන්දාහක කරන්ට් එකක් වැදුන වගේ මාව ඈතට විසි වෙලා ගියා...

දෙයියනේ... හොල්මන හිටියෙ මට හුස්මක් වදින දුරින්...ඒත්...




හොල්මන ලගින් ආවෙ හුරුපුරුදු පර්ෆියුම් සුවදක්.. ඒත් හොල්මන් ලෝකෙ කොහෙද පර්ෆියුම්... මේ කීර් අංකල් වෙන්නැති... මැරිල වැඩි දවසක් නැති නිසා මේ ලෝකෙදි ගහපු පර්ෆියුම් එකේ සුවද ඇති... අනේ මං දැන් මොකද කරම්නේ... ඉහි.. ඉහි..

" අ..අනේ කීර් අ..අංකල්...ම...මං අද වැඩිය කච..කච ගාන්න ගියෙ නෑ...අ.. අනේ මාව අතාරින්කෝ...ම...මං ආයෙ කාටවත් ලෙක්චස්  දෙන්න යන්නෑ...කීර් අංකල් පල්ලා... මං කට වහගෙන ඉන්නං.. ප්ලීස්..."

ඒ වචන ටික නොදැනුවත්ම මගෙ කටින් පිට උනේ එකපාරටම මගෙ බෙල්ල ඒ හොල්මන් ගාත්රයකට හිර වෙද්දි...

" තමුන් අර ජිමින් පුතාට පාඩුවෙ ඉන්න දෙනවා... කොයි වෙලෙත් ඒ දරුවට දේශනා දීල මට වගේ ජීවිතේ එපා කරවන්නැතුව... රත්තරන් වටින කොල්ලෙක් ඒ... හැම වෙලේම ගරු කරන්න පුරුදු වෙයන්... මං ආයෙ ගෙන්නගන්නැතුව... තේරුණාද උඹට..."

ගැඹුරු ඒ වගේම භයානක හඬකින් කීර් අංකල් කියද්දි..

" අ..අහාරි හරි අංකල් අනේ අපේ අර රටක් වටින උත්තමය ගැන නේ කියන්නේ... අන්න මිනිස්සු... අදහන්න වටිනව..මගෙ දිවි පුදා රකින්නෙ අපේ ජිමින් ස ව... අයි ප්‍රොමිස් යූ..."

" හම්... ගුඩ්... මං අවධානෙන් ඉන්නේ.."

ආ.. පොඩ්ඩක් ඉන්න... මට දැන් නෙ මීටර් උනේ.... මේකගෙ අත රස්නෙයේ... හුස්මත් මගෙ මූනෙ වැදුන.. ඒක නං කමක් නෑ කියමු... ඒ මදිවට අර මකරස් ට රත්තරන් පුතෙක් ලු... ඒ අනුව මට අවසාන නිගමනයකට එන්න පුලුවන්... මේ මකරස් ගෙ රංගනයක් කියල..

( කොහොමත් පරණ ස්ටේජ් ඩ්‍රාමා නලුව නේ )

හම්... මකර පැටියෝ..  කටහඩ වෙනස් කරල කතා කලා කියල මට අඳුරගන්න බැරි වෙයි කියල නේ හිතුවේ... නැත්තන් හොල්මනක් උනත් මේ වගේ එකෙකුට රත්තරන් පුතෙක් කියයි ද... ඌට පිස්සු නෑ නේ.. ම්.. මොකද දැන් කරන්නේ..

ඕ යෙස්.. ඔය ආවෙ ගිණි ගින්දර වගේ එලකිරි සුපිරි කිරි අයිඩියා එකක්... මට මතකනෙ ලොකු සර් කිව්ව දහයකට ගහන්න වගේ හිටියට පොඩි කැරපොත්තටත් බයයි කියලා.. ඒ කිව්වේ මකරස්ට Entomophobia ( කෘමීන් ට දක්වන විශේෂ බිය ) තියේ කියල... මනුස්සයෙක්ගෙ ලෙඩක් විහිලුවට ගන්න හොද නෑ නම් තමයි... ඒත්. සොරි වෙන්න ඕන නපුරු කුමාර්... ඔයත් මගෙ බය විහිලුවට අරන් කීර් අංකල් ගෑන කියල බය කලා නේ.. දැන් මගේ වාරේ... ආ යූ රෙඩී...?

" මේ කීර් අංකල්... මං කියන්නමයි හිටියෙ දැන් ගොඩක් වෙලා ඉදලා..."

" මොකක්ද කියනවා... මාව විහිලුවට ගත්ත ද තමුන්..."

" අපෝ නෑ නෑ... මකර... මං කිව්වෙ කීර් උතුමානනි... මං කියන්න හැදුවෙ පොඩ්ඩක් ටච් එකේ ඉන්න කියල අනේ... මේ කාමරේ කැරපොත්තො පිරිල අනේ... දවසක් මම නිදාගෙන ඇහැරෙද්දි මගෙ මුලු ඇගේ කැරපොත්තන්ගෙන් වැහිල තිබ්බ... මොනව කරන්නද අනේ... එයාලත් මේ සුන්දර පරිසරයෙ කොටසක් නේ... කියල මං හිත හදාගත්ත.. මං කියන්නෙ දැන් උනත් ඇගේ ඉන්න පුලුවන්... හැබැයි අංකල් ඔයාට නං අවුලක් නෑ නේ... ඔයා හැගීම් දැනීම් නැති හොම්මනක් නේ..."

" මොහ්... මො..කුන් කියලද ත..තමුසෙ කිව්වේ..."

හුහ්.. ඔන්න ඉතින් මකරස් ගෙ සුපුරුදු මකර ටෝන් එකට ම ආව... වෙයිට් ඇන්ඩ් වොච් බේබි...

" අයියෝ... අර පුංචි සත්තු ජාතියක් ඉන්නෙ අනේ කැරපොත්තො කියලා... භූත ලෝකෙත් කැරපොත්තො ඉන්නවද කීර් අංකල්..."

" තමුසෙ දැන් ද ඕයි කියන්නෙ මෙහෙ කැරපොත්තො ඉන්නව කියලා... කලින් කිව්ව නං මං එන්නෙත් නෑ මගුල...ඉක්මනට දැන් ඔය ලයිට් මගුල... මාව කාල දාන්න කලින් දානව අයිසේ...,"

" අනේ කීර් අංකල්... ඔයාට කොහොමද එකපාරටම අපේ ජිමින් ස ව වැහුනේ.. ඔයා හොදින් ද.. මොකද ඔය යකා වැහුනම ලේසි නෑ.."

" මේ ඕයි... මට කියල කන පලාගන්නැතුව ඔය ලයිට් එක දානවා... මගුල... එනව මෙතන කීර් ගෙ සැප දුක අහන්න..."

ඇත්තමයි දැන් නම් මට ඇත්තටම කැරපොත්තෙක් ගෙනත් දාන්න හිතෙනව කටටම.. මු කෑ ගහන සද්දෙට ගෙදර මිනිස්සූ ඇහැරුනොත් මට අපායට තමා කෙලින්ම ටිකට් ගන්න වෙන්නේ...

" ඉක්මන් කරනව අයිසේ... මේ දැනුත් මගෙ ඇග දිගේ මොකෙක් හරි යනව වගේ දැනෙනව... හරි අප්.."

මං කළුවරේ බිත්තිය අල්ල අල්ල ගිහිල්ල ස්විච් එක ඕන් කලේ මකරස් පනුවෙක් වගේ එහාට මෙහාට ඇබරෙන විදිහ හද එලියෙන් ලාවට වගේ පෙනෙද්දි...

මම අමාරුවෙන් හිනාව හිර කරගෙන කුතුහලයෙන් පිරුන මූණක් මවාගෙන..

" jimin sir.. ඔයා කොහෙද මෙහෙ.. එතකොට කෝ කීර් අංකල්... එ..එයා දැන් මෙතන හිටිය නේ... "

" ඇයි තමුසෙ කීර් එක්ක පෙම් ජවනිකාවක් රග දැක්කුවද...ඔච්චර ඒකා ගැන හොයන්නේ... මැරිච්ච වයසක හොල්මනකටවත් පාඩුවෙ ඉන්න දෙනවා... ඒකට ලෝකෙ එපා කරවන්නැතුව..."

අනේ ඇත්තට මේ මිනිහට හොල්මනක්හරි කමක් නෑ මට ජෝඩු කරල දෙන්න තියේ නං ඊට වඩා දෙයක් නෑ... ඉන්නවකෝ...

" ආ මේ සර්..  ඔය කැරපොත්තෙක් යනව සර්ගෙ ෂර්ට් එකේ..."

" යෑ....ඕ....ඌවූ... කෝව්... කෝ කියනවා..."

ජිමින් කැරපොත්තව හොය හොය දහඅට වන්නම නටද්දි මට හිනාව පාලනය කරගන්න බැරුව ලග තිබ්බ පූටුවත් පෙරාගෙන වැටෙන්න යද්දි එකපාරටම එයා මාව එයා ලගට ඇදල ගත්තෙ අපි දෙන්නගෙම සමබරතාව ගිලිහිලා දෙන්නම ඇද උඩට වැටෙද්දි...

ඒ දේහදාරී සිරුරට මාව සම්පූර්ණයෙන්ම යට වෙලා... කලු ඩෙනිමට ලා නිල් ටී ෂර්ට් එකක් ඇදන් ඉන්න ජිමින් අද වෙනදාටත් වඩා හැන්ඩ්සම්... ඒ මූනෙ ලාවට ඇදිල තියෙන හිනාව නිසා පුංචි දගකාරකමකුත් ඒ වගේම ආඩම්බර කමකුත් තියෙනව... ඒ නපුරු ඇස් වෙනදාටත් වඩා දීප්තිමත්... එක තප්පරේකටවත් මගෙන් ඈතට නොගිය ඒ ඇස් වල තිබ්බෙ කියවන්න බැරි අමුතු හැගීමක්... ඒ හදවතේ ස්පන්දනය දැනෙන තරමටම එයා මට සමීප වෙලා... මට දැනෙන්නෙ ඒ හදවත ගැහෙන රිද්මයට ම මගේ හදවතත් ගැහෙනව වගේ..

" හරිද... තමුසෙ මාව ඇස් වලින් කාල ඉවර ද..."

ඒ වචනත් එක්ක පියවි සිහියට ආපු මට දැනුනෙ කම්මුල් වලට ලේ පිරෙනව වගේ...

මං ඉක්මනට එයාව තල්ලු කරන්න උත්සහ කලත් මූ හෙල්ලෙන්නෙවත් නෑ කියහංකෝ...

" තමුන් මාව ඇස් වලින් රේප් කරා නේ... දැන්  විදවන්න ලෑස්ති වෙනවා..."

ජිමින් කට කොනකින් හිනා වෙලා කිව්වෙ මං එයාව තල්ලු කරන්න ලොකු උත්සහයක නිරත වෙද්දි...

හෑ... මං කවද්ද එහෙම කලේ... ඊට වඩා හොදයි හැලි වදුරෙක් වශී කරගෙන ඌට කියල ඔලුවෙ උකුණො බලාගන්නවා...

ඈ මේකා කොහෙද මේ බලන් ඉන්නේ... දෙයියනේ දැන් නෙ මතක් උනේ මං ඉන්නෙ නයිට් ඩ්‍රෙස් එක පිටින් කියලා...

මං හෙමීට අතින් වහගන්න හදනකොට...

" මොකෝ තමුසෙ වහගත්තෙ... මෙච්චර වෙලා ෆ්‍රී ෂෝ පෙන්නලා... දැන් ද තමුසෙට මතක් උනේ... පුදුමයි එහෙම හරි සිහියක් තිබුනා..."

හෙමීට මගෙන් ඈත් වුන ජිමින්...

" මොකක්ද ඕයි ඔය ඇදන් ඉන්නෙ... උඩටත් නෑ යටටත් නෑ... මං නිසා හොදයි ඉතින්... වෙන මොකෙක්හරි ආව නං තමුසෙ ඉවරයි ඉතින්... ඕන එකක් ඇදගෙන නිදාගන්නව අර බැල්කනි ඩෝ එක ලොක් කරගෙන... තමුසෙ නිදි ඇති කියල හිතාගෙන ඇහැරවල ඩෝ එක ඇරෙන්න කියල හිතාගෙන ආවෙ... ඒත් ඉතින් ඒක ලොක් කරගන්නවත් සිහියක් නෑ නේ..."

මම කවදාවත් නැතුව මේ ඇදුම ඇඳගත්තෙ වෙන ඇදුම් හිරකරගෙන ඉන්න අද පනක් නැති නිසා... මගෙත් වැරැද්ද... බැල්කනි ඩෝ එක ලොක් කලේ නෑ නේ... අනික මෙයා කෑ ගහන්නෙ මං බාගෙට ඇදගෙන මෙයාගෙ කාමරේට ගියා වගේ... එයාම මෙතන ඇවිත් මගෙ කොන්දත් කරනව තව පොඩ්ඩෙන්...

මම මූනත් හෝදගෙන වෙන ඇදුමක් මාරු වෙලා කාමරේට එනකොට එයා උන්නේ බැල්කනි එකට වෙලා අහස දිහා බලාගෙන...

_____________







හායි ලමයි...

කොහොමද...

මොකටද ජිමින් රූහි ගෙ room එකට හොරෙන් පැන්නේ...

අද මොනවද ඉගෙනගත්තෙ කතාවෙන්... මම හැමදාම එක වැදගත් දෙයක් හරි කියනව ඔයාලට... එක කියාගෙන යන්න බලන්න...

Comment කරන්න..

වෝට් ගෝල් එක 26 ⚽️🥅

බාල්දි ඕතරී..😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top