🐉15🐉

මන් දැන් මොකෝ කරන්නේ... චිකන් රයිස් කන්න පුලුවන්ද... හත් අවුරුද්දක් බඩගින්නෙ හිටියත් මට නං බෑ ඕක කන්න...

මේ ගිණිමකරගෙ බඩට මල පෙරේතයෙක් අරක්ගෙන ද මන්දන්නෑ... පුදුම කෑමක් නෙ කන්නේ...

අනේ මගේ චූටි පණු පැටව් ටික... අදට විතරක් ඉවසා වදාරන්න... මේව කන්නෙ කොහොමද ඉතින්... වෙන මොනවහරි ගන්න මං බෑග් එක ගෙනාවෙ නෑ නේ ඉතින්... කමක් නෑ... ආපු එකේ වතුර එකක්වත් බීල යනව...

මම එහෙම හිතල කෑම එක දිහාවත් නොබල වතුර එකක් බීල එලියට ගියේ ජිමින් කන එකත් නවත්තල මං දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නැද්දි...

මේකිගෙ පුදුම ලොකු කමක් තියෙන්නේ... මගේ සල්ලි වලින් අරගත්ත නිසා වෙන්න ඇති කන්නෙ නැත්තේ...මට මොකෝ... දවසම බඩගින්නෙ ඉදීවිනේ...

ජිමින් ඉතුරු ටිකත් බඩට දාගත්තේ එහෙම හිතලා...

___________________

" මේ නපුරු කුමාර් අර කඩේ ම කනවද කොහෙද ... මං ඇවිල්ලත් කොච්චර වෙලාද... පුදුම පෙ යන්නක් තමයි මේකත්..."

ඈ...හ්... අර සඟ දාල එන්නෙ ගිණිමකරා නේත...
හිතන් ඇති කොරියන් ඇක්ටර් කෙනෙක් කියලා...පුදුම රැගිල්ලක් නෙ රඟන්නේ...මේ කෙල්ලන්ටත් පිස්සුද කොහෙද ඇස් කටේ දාන් බලන් ඉන්නෙ...

" මොකෝ... තමුසෙ වශී වෙලා වගේ බලන් ඉන්නේ... ලැජ්ජ නැද්ද හලෝ අපි වගේ හැන්ඩ්සම් කොල්ලන්ට පැණි හලන්නේ..."

මං ඉතින් කින්ඩියට හිනා වෙලා...

" මං නං හලපු පැණියක් නෑ සර්...ඒත් මං හිතුව පරක්කු වෙද්දි පැණි හලන්න කවුරුහරි හම්බවෙන්නැති කියලා..."

" මොකක්ද තමුසෙ කියන්නේ..."

" ඔය සර් ගෙ ෂර්ට් එකේ පපුව හරියේ  ලිප්ස්ටික් පාරක් තියෙන්නේ... පැණි හලපු කෙනාගෙ වෙන්න ඇති..."

ඒ පාර තමන්ගෙ ෂර්ට් එක පුරාම ඇස් ගෙනිච්ච ජිමින්...

" ඕ.. ෂිට්... අර ගෑණි හිතලම මගේ ඇගේ හැප්පෙද්දි මං හිතුව මොකක්හරි මරාලයක් කියලා...මේක ඇදන් යනවට වඩා හොදයි හෙලුවෙන් පාරෙ දුවන එක..."

මං හිරකරගෙන හිටපු හිනාව එලියට පනිද්දි,

" තමුසෙ හොදට හිනා වෙනවා...ඉන්නවකො තමුසෙටත් එක්ක ම හොද පනිෂ්මන්ට් එකක් දෙන්න මං..."

මට පනිෂ් කරන්නේ... මේ අහිංසක මං මොනව කලාටද...

" මේ අහනව...අර පේන ෂොප් එකෙන් මං දැන් online ෂර්ට් එකක් ඕඩර් කලා... තමුසෙ ගිහිල්ල අරගෙන එනවා..."

ඈ... මට බෑ ගිණි මකරට කඩේ යන්න... මොන දේ උනත් මම යි පලි...

" අනේ මට බෑ ඔය කඩ කඩවල්ගානෙ තනියම යන්න... සර්ට ඕන්නං ගිහිල්ල අරගෙන එන්න.."

" මං කොහොමද ඕයි මේ මගුල ඇදන් ආපහු යන්නේ...ආ දැන් තමුසෙට බැරි තනියම යන්න නේ... ඉදපන් මාත් එන්නං...එතකොට දකින දකින අය දැනගනියි මේ ලිප්ස්ටික් පාරෙයි තමුසෙගෙයි අතර තියෙන සම්බන්දේ..."

" හාපෝ... හරි හරි ම් ගිහිල්ල ගේන්නං... ඔයා එන්න ඕන නෑ..."

_________________

පොඩ්ඩක් හිනා උනාම මොකද වෙන්නේ... ඔය ගිණි මකරගෙ ඇගේ කෑල්ලක් යනවද... නෑ නේ...
අනික හිනා උනාම ඩොපමින් කියන හැපී හොමෝන් එක ශ්‍රාවය වෙනවා...අනේ... කාට කියන්නද... මේ නපුර කවද්ද හැපී එකේ හිටියෙ...

මං මකරස්ට හිතින් දෙස්දෙවොල් තිය තිය ෂර්ට් එක අරන් එද්දි,

ඈහ්... අර මකරස් නේත කාර් එකේ පිටිපස්ස ෂීට් එකට වෙලා අඩ නිර්වස්තරෙන් ඉන්නේ... මාගේ දෑස කොයි තරම් පව් කාරත....

මං මීටර් දෙකක් විතර ඈතින් ඉදගෙන ෂර්ට් එක දෙනකොට,

එකපාරටම මාව කාර් එක ඇතුලට ඇදිල ගිහිල්ල වැටුනෙ ඒ නිරුවත්... (කියන්නත් ලැජ්ජයි...) ඒ පපුව උඩට...

මගේ ඉන වටා අත දාල මාව තවත් ඒ පපුවට තද කරගත්ත ජිමින් කකුලකින් කාර් එකේ දොර වහල දැම්මේ මම බයටම ඇස් පියාගනිද්දි..

ඈ... එකපාරටම මේ මොකක්ද උනේ... අනේ දෙයියනේ... මා බේරාගනු මැන...

මගේ මූණට වැටිල තිබ්බ කෙස් රොදක් කණ පිටිපස්සෙ රැදෙව්ව ජිමින්...

" තමුසෙ මොකෝ ඇස් පියාගෙන ඉන්නේ... ඇස් ඇරල බලනව මෙහෙ...කෝ තමුසෙගෙ අර කට... හා පැටියා වගේ ඉන්නේ...අර ගැස්සිලි පැද්දිලි එහෙම කෝ දැන්..."

" අනේ සර්.. ප්ලීස් මට යන්න දෙන්න..."

" එහෙම කොහොම ද ඕයි තමුසෙට යන්න දෙන්නේ...මං කවුරු කියල හිතාගෙන ද අර ශර්ට් එක මීටර් ගානක් එහා ඉදන් දික් කලේ...ම්... කෝ දැන් ඇස් අරිනව... එහෙම නැති උනොත් තත්වෙ මීට වඩා භයානක වෙන්න පුලුවන්..."

ඈ... තත්වෙ මීට වැඩිය භයානකයි කියන්නෙ මොකක්ද...

මං ඉක්මනට ඇස් ඇරල බලද්දි,

ආහ්... මං මේ ඉන්නෙ මෙයාගෙ ඇග උඩ නේද... මට නං තව මොහොතක්වත් මෙහෙම ඉන්න බෑ...

" අනේ ස' ප්ලීස් මාව අතාරින්නකෝ... මට යන්න ඕන..."

" ෂ්... මැඩම්... මොකද මේ භය වෙලා... පොඩ්ඩක් ඉන්න ඉතින්... එහෙම යන්න දෙන්න බෑ ඩාලින්...දැන් බලන්න මේ මගෙ car එක...එතකොට විශේෂම දේ තමයි මේ මැඩම් දැන් ඉන්නෙ මගෙ ඇඟ උඩ...ඉතින් එහෙම බැලුවම මං කැමති වෙලාවට නේද යන්න දෙන්න ඕන.."

මට නං තව මොහොතක්වත් මෙහෙම ඉන්න බෑ... කොහොම හරි මේ මනුස්සය ගෙන් ගැලවෙන්න ඕන...

ඒත් එක්කම...

ශටර් එකට තට්ටු කලේ...

" මේ car එක ඇතුලෙ කවුරුහරි ඉන්නවද..."

" ඕ... ෂිට්..."

පිටතින් ඇහිච්ච සද්දෙත් එක්ක නපුරගෙ අවධානය වෙනස් වෙද්දි ෂේප් එකේ ඒ අත් වලින් මිදිල ඊයක වේගෙන් car එකෙන් එලියට පැනගත්ත මං...

ඒත් එක්කම අලුත් ෂර්ට් එක ඇදගත්ත ජිමින් එලියට බහිද්දි...

එතන හිටපු කෙනා...

" සර් මේ car එක ටිකක් එහයින් පාක් කරන්න පුලුවන්ද... අර car එක ගන්න..."

" යා... ෂුවර්... අපි දැන් යන්න හදන්නේ..."

___________

ඒ සිද්දියෙන් පස්සෙ ජිමින් සර් දිහා එක බැල්මකින්වත් නොබල ඉන්න පරිස්සම් උනත් ඩ්‍රයිව් කරන ගමන් ඒ ඇස් විටින් විට මන් දිහාවට එල්ල උනේ මගේ හද ගැස්ම වැඩි කරවලා...

මේ මනුස්සයට ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන්න බැරි ලෙඩක් ඇති... ඒකනේ හැමතිස්සෙම මේපැත්ත බලාගෙන මට රවන්නේ...අනේ මට මොකෝ... ඕනතරම් බලල ඇති උනාම නවත්තයි නේ...තව මොකක්හරි මරාලයක් සෙට් කරල මට වද දෙන්න බලනව ඇත්තෙ ෂුවර් එකටම..

එකපාරටම මගෙ දිහාට බෑග් එකක් දික් කරපු සර්...

" ආ.. ගන්නව මේක..."

" මේ මොකක්ද මේ..."

" ඇයි තමුසෙගෙ ඇස් පොට්ටද... අරගෙනම බලනවා..."

අනේ මේ බෝම්බයක් ද දන්නෑ...කියන්න බෑ..
මාත් එක්ක සුලුපටු තරහක් නෙවේ නේ තියෙන්නේ..කමක් නෑ අරන් බලමු... බෝම්බයක් උනොත් මකරත් එනවනේ මාත් එක්කම පරලොව යන්න...

මං ඒක ඇරල බලද්දි,

ඈ... මේ මොනාද මේ... රෝල්ස් එක්ක කිරි පැකට් එකක්...

" මොකද ඕයි ගල් ගල්ල වගේ ඉන්නේ... ඕක ගෙනාවෙ තමුසෙට කන්න..."

දෙයියනේ... මට ඇහුන විදිහෙ වැරැද්දක් ද...නැත්තන් මකරස් ට අර රයිස් එකේ තිබිල මොනහරි කැවිලද...සමහර විට මේක හීනයක් වෙන්න ඇති...

මං එහෙම හිතල අත පොඩ්ඩක් කොනිත්තගනිද්දි...

" ඌ...යි..."

මං දිහා ගිණි මකර බැල්මක් හෙලපු ගිණි මකරස්...

" මොකෝ... තමුසෙ හිතුවෙ හීනයක් කියල ද... වැරදි වැටහීම් ඇති කර ගන්න එපා හරී...තමුසෙ
නොකා නොබී ෆේන්ට් උනොත් මට නෙ මල් වදේ... ඒකයි ඕව අරගෙන ආවෙ... නැතුව වෙන මගුලකට නෙවේ..."

" thank u සර්... ඒත් ඇත්තටම මට දැන් බඩගිනි නෑ... සර් මේක තියාගෙන පස්සෙ කන්නකෝ..."

" අනේ මේ ඕයි... බොරුවට දාන්නැතුව කනවා...අනික බය වෙන්න දෙයක් නෑ...මං ඕක අරගෙන ආවෙ වෙජිටේරියන් ෆුඩ්ස් තියෙන තැනකින්..."

ඒක ඇහිල මගෙ ඇස් නලලට යද්දි...

" සර් කොහොමද..."

" තමුසෙට ඒක වැඩක් නෑ නේ... කට වහගෙන කනවා..."

" හරි... thank u සර්..."

" තමුසෙගෙ මහලොකු thank u එක තියාගන්නවා... එනව මෙතන කරේ නගින්න..."

______

අයියෝ... මං වගේ මෝඩයෙක්...තව පොඩ්ඩෙන් ගිණි මකර රථයෙ තියන් කෑව කියල සමාදානෙන් කෙසේ වෙතත් සැතපෙන්න වෙනව අඩි හයක් යට...

මං එහෙම හිතල කෑම බෑග් එක පැත්තකින් තියෙද්දි,

ඔබෙ සුසුම් පවන් සලයි...
මගෙ කොපුල් පුරා වෙලෙයි...
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි...
උණුසුමට මාව තෙමෙයි...

මා ඔබෙයි ඔබම කියයි...
ඔබ මගේම ද මට බයයි...
ඔබ සදක් වගේ හැඩයි...
හෙට අමාවකද සැකයි...

( ඕතරී හින්දි සින්දු වල තේරුම නොදන්න නිසා සිංහල සින්දුවක් දැම්මේ... හිතන්න එපා...)

ටේනුගෙ favourite song එක නේද...ඒ කියන්නෙ කෝල් එක ටේනුගෙන්...මං phone එක අතට ගත්තෙ sweet Hart කියල වැටිල තියෙන screen එක දිහා මකරස් රවාගෙන බලන් ඉන්නැද්දි....

එයාව ගනන් ගන්නැතුව කෝල් එක answer කරපු මං...

" හෙලෝ... ඔව් මැණික..."

" අනේ අක්කි... මං අද එද්දි පොඩ්ඩක් ලේට් වේවි... ඔම්ම ට කියනවත... එයාගෙ phone එක off නේ..."

" හරි පැටියෝ.... ඔක්කොම වැඩ ටික සෙට්ල් කරගත්ත නේද..."

" ඒක නෙවේ සුදු අක්කියෝ... හෙට විතරයි නේ මට ඔයා එක්ක ඉන්න පුලුවන්...හෙට දවසම මා එක්ක ඉමු හොදේ... හෙට office  නිවාඩුයි නේ..."

" හලි පැටියෝ... හෙට දවසම මං ඔයා එක්ක තමයි අනේ ඉන්නේ..."

" හලි අක්කියෝ... ස්පෙෂලී... හෙට ඔයාගෙ අර මකර පැටියගෙ වැඩ නං ගෙදර අරන් එන්න එපා හොදද..."

අනේ දෙයියනේ මේ කෙල්ල නං... හොද වෙලාවට වොලියුම් අඩු කරල answer කලේ... නැත්තන් මකරස්ගෙන් කනත්ත ට promotion ලැබෙයි...

" හරේ... එහෙනං මං තියනව අක්කියෝ... අලාවියෝ..."

" අලාවියෝ තූ මැණික..."

එකපාරටම ජිමින් වාහනේ brake කරපු නිසා මං ගැස්සිලා එයා දිහා බැලුව...

" සර්... ආයූ ඕකේ..."

" ආහ්... දැන්ද තමුසෙට මාව මතක් උනේ... ඉවර ද තමුසෙගෙ අර සදක්  වගේ හැඩයි කියපු sweet Hart ව හුරතල් කරල..."

දෙයියනේ... මේ මනුස්සයට පිස්සුද... නැත්තන් මට පිස්සුද...

" මේ.. ස... ඔයා වැරදියට හිත.."

" අනේ මේ ඕයි කට වහගන්නව... තමුසෙ හෙට නෙවේ මුලු ජීවිතකාලෙම ඔය I love u කියපු එකා එක්ක ලැග්ගත් මට කමක් නෑ... ඒත් තමුසෙට ඔය phone එක office එකෙන් දුන්නෙ එක එකා එක්ක හුරතල් වෙන්න නෙවේ.. අන්න ඒක මතක තියාගන්නවා... මගුල් නටන්න තියාගත්ත... ෂිට්... මල හෝන්තු..."

කියන්න වචන නැති වෙනකොට කදුලු හිර කරගෙන මං ශටර් එකෙන් එලිය බලාගත්ත..

__________

හායි... girls...

වෝට් ගෝල් complete ද...😏

නැතුව ඇති...😁

කමක් නෑ... මට වෙලාවක් හොයාගන්න එක තමා අමාරු...🥲

ඒ අස්සෙ අර හිත ඉල්ලන තරු බැලුවෙත් බොහොම අමාරුවෙන්.. 🥲

අම්ම බනිනව මෙච්චර වැඩ තියෙද්දි ඕක බලන්නෙ පිස්සුද කියල... ඊටපස්සෙ එයත් ඇවිල්ල බලනවා ෂේප් එකේ... ඒ කාලෙ අපිට තිබ්බ පිස්සුව ලු දැන් ඔයාලටත් තියෙන්නෙ... බැනල වැඩක් නෑ කියල ඔය ගියේ... 😅😅😅

ජිමින්ට මොකෝ මේ වෙලා තියෙම්නේ...

කියාගෙන යම්න බලම්න...

වෝට් කරම්න...

Comment කරම්න...

බාල්දි ඕතරී...😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top