🐉13🐉

ඈ... මේ ගිණි මකර හිනාවෙන්නත් දන්නවද ... පුදුම ලස්සනක් නේ තියෙන්නෙ මේ මනුස්සය හිනා වෙද්දි...ඔන්න ඔහොම පොඩ්ඩක් හිනා වෙලා ඉම්න පුලුවන් නේ හැමතිස්සෙම බුම්මන් ඉන්නැතුව...

" තමුසෙ මාව ඇස් වලින් රේප් කරල ඉවර නං වාහනේට නගිනවද...මොකද මට ඉක්මනට ගෙදර යන්න ඕන..."

අයියෝ... වස නෝන්ඩිය... මං ගොනා වගේ මේ ගිණිමකර මූණ දිහා බලන් ඉදලනෙ මෙච්චර වෙලා... කොහෙද ඉතිම්...එකපාරටම ගිණි මකරෙක් හිනාවෙන්න ගත්තම confuse වෙනව නේ හූම්...

____________________

" අක්කියෝ... මං ඇතුලට එන්නදෝ..."

" එන්න ටේනුවෝ..."

" මොකක්ද කරන්නේ... දොයියන්නද හදන්නේ.."

" අනේ නෑ පැටියෝ... මං හිතුවෙ ඔයාල නිදි කියල... ඒකයි උඩට ආවෙ..."

" නෑ අනී... මාමුයි මායි දෙන්නම ඔයා එනකන් මග බලාගෙන හිටියේ... මහන්සි නිසා අපි දෙන්නටම නින්ද ගියා..  මට ඇහැරුණ නිසා මං ආවේ..."

" වැස්ස නිසා මම එන්න පරක්කු උනා නේ... ඒක නෙවේ... කොහොමද ගිය ගමන..."

" වරදක් නෑ... හැබැයි මට නං සෝ බෝරින්... කවුරුත් නෑ නේ අදුරන කෙනෙක්වත්... ඒව නෙවේ... අනේ කියන්නකො අලුත් බොස් ගැන විස්තර ටිකක්..."

ඒ ඔරංඔටන් ගැන මං මොනව කියන්නද...අනේ මන්ද මේ ටේනුත් ඉදල ඉදල අහන ප්‍රශ්න...

"  මොනව කියන්නද අනේ එයා ගැන... ඔය ඉම්නේ ගිණි පිඹ පිඹ..."

" සිරාවට... එහෙනං බොසා ගිය දවසෙම පාට් එකක් දාල වගේ..."

" හ්ම්..."

" අයියෝ ඩාලින්... ගනන් ගන්න එපා අනේ... දැන් ඔය පාට් දැම්මට බලන්නකෝ... කවදහරි අඩාගෙන පස්සෙන් එන්නේ..."

" පිස්සුද ටේ ඔයාට... එයා මොකටද අඩාගෙන මගෙ පස්සෙන් එන්නේ..."

" බලමුකො බලමුකෝ... ඒක නෙවේ පොර හැන්ඩියද..."

" අනේ මන්ද... ඔය ඉන්නෙ අපායට ගහපු කැලැන්ඩරේ ඉන්න හැලිවදුරෙක් වගේ..."

ටේනු මහ හයියෙන් හිනාවෙද්දි,

" මොකද අනේ හිනා වෙන්නේ... මං ඇත්තනේ කිව්වේ..."

" මං ඔයාට දෙයක් කියන්න ද...ඔය  බොසා ඇත්තටම මාර හැන්ඩියෙක්...කොරියන් ඇක්ටර් කෙනෙක් වගේ ඇති අනිවාර්යයෙන්ම..."

මෙයා කොහොමද අනේ දැකලවත් නැතුව හරියටම කියන්නේ...

" දැන් ඔයා කල්පනා කරන්නෙ මං ඒක කිව්වෙ කොහොමද කියල නේ..."

" කොහොමද? "

" කෙල්ලෙක් තමන්ගෙ හිත ගත්තු කොල්ලව ලස්සනයි අරකයි මේකයි කියල වර්ණනා කරන්නෙ නෑ... ඒව ඔක්කොම හිත ඇතුලෙ හංගගෙන හීනෙකින්වත් නොහිතන දෙයක් තමා එලියට දාන්නෙ..."

" පිස්සුද ටේ ඔයාට... ඔය ගිණිමකරා කවද්ද මගෙ හිත ගත්තේ... අනික දැන් ඔයා හොදටම පැහිලා... ඉන්නකො මං කියන්න නැන්දට..."

" අනේ මේ... ඇත්ත තිත්තයි තමා... අනික මම නිකමට දැන් CCTV චෙක් කලා... පොර ඔයාව මෙතනින් දාල ගේ ඇතුලට යනකන් බලන් ඉදල තමයි ගියේ...ෂිට් ...  කලුවර නිසා හරියට මූණ බලාගන්න බැරි උනා නේ..."

ටේනු කියන්නෙ ඇත්තක් ද... නෑ නෑ ගිණි මකරස් මාත් එක්ක තරහයි නේ...එහෙම කරන්න ඇත්තෙ මට මොනවහරි උනොත් එයාට වගකියන්න වෙයි කියල හිතල වෙන්න ඇති...

" අක්කී... දෙයක් කියන්න තියෙනව..."

" කියන්න බලන්න..."

" next week මගෙ degree එකේ වැඩවලට කොරියා යන්න වෙනව...ඉතින් මාසයක් ම ඔයා නැතුව දුකින් තමයි ඉන්න වෙන්නේ..."

ඒක ඇහුනම මගේ ඇස්වලත් කදුලු පිරුණේ මේ නන්නාඳුනන නගරයක තනි උන මට මගේ කියල ඉන්නෙ ටේනුත් නැන්දත් විතරක් නිසා...

" අ..අනේ ටේ... මේ දවස් දෙකත් ඔයයි නැන්දයි නැතුව මං හිටියෙ කොච්චර අමාරුවෙන්ද..."

" මම තනියම නිසා මමාත් යනව...එතකොට අක්කි තනියම නේ... අක්කිත් එන්නකෝ... අනේ මාසයයි නේ..."

අරේ භගවාන් ජී... මාසයක් නිවාඩු ගත්තොත් අර ගිණි මකරා මාව උල තියාවි...

" අනේ මැණික... මං කොහොම මාසයක් නිවාඩු ගන්නේ... ජොබ් එකට ගියා විතරනේ..."

" අයියෝ... ඒකත් ඇත්ත නේ..."

" මේ අන්නකො ටේ... අපිට ජීවිතේ සමහර අවස්ථාවල තීරණ ගන්න වෙනව...අපිට ටික කාලෙකට අපේම අයගෙන් වෙන් වෙලා තමන්ගෙ ටාගට් වලට යන්න මහන්සි වෙන්න වෙනව... හරියට මම අම්මගෙන් වෙන් වෙලා ආව වගේ...ඒ වෙලාවල් වලදි අපිට දුක, තනිකම වගේ දේවල් දැනෙන්න පුලුවන්...ඒත් මේ වගේ අභියෝග ආවම නොසැලී ඒවට මුහුණ දෙන්න ඕන... තේරුණාද? "

" ඔව්... තේරුණා..."

" good girl... එහෙම තමා ඉන්න ඕන...."

" thank u අක්කී... උම්මා..."

" ඊව්... මගෙ මූණෙත් කෙල ගෑව...ටේනූ ඔයාගෙ අයියත් කොරියා වල නේ ඉන්නව කිව්වේ... එහෙනං බයක් නෑ නේ..."

" නෑ අක්කී... ඔප්ප ගෙ studies ඉවරයි... එයා මේ Monday ලංකාවට එනව..."

" එතකොට අයිය දිගටම මෙහෙද ඉන්නේ..."

" ඔව් එයා ආයෙ යන එකක් නෑ... ඒක නෙවේ.. මං ඔයාට photos වගයක් WhatsApp කරල ඇති... වෙඩින් එකේ ඒව... බලන්නකෝ... මට දෝ මතයි.. මං යනෝ හොදේ... good night... බායි..."

" හරි ටේනූ... Good night..."

ඇත්තටම ආපු වෙලේ ඉදන් මගේ phone එක දැක්කෙ නෑ නේ...බෑග් එකේද නැත්තන් office එකේ දාල ඇවිත් ද... පොඩි phone එකෙන් call එකක් අරන් බැලුවනම් හරි...

දෙයියනේ... answer කලා නේද... phone එක කා ලගද තියෙන්නේ...

" hello කවුද මේ..."

" ආ..  මැඩම්ට දැන්ද මතක් උනේ phone එක නෑ කියල..."

හම්මටසිරි මකරස්...එතකොට මම ගිණිමකර රතයෙද phone එක දාල ඇවිත් තියෙන්නේ ... අද නං ෂුවර් එකට මගේ කනේ යුෂ්ටකීය නාලේ පුපුරනවා මේ ගිණිමකර කටේ සද්දෙට..

" තමුසෙගෙ මොලේ මැටි ද ඕයි තියෙන්නෙ ගිය ගිය තැන් වල පෝන් එක දාල එන්නේ... තමුසෙගෙ අර හැලිවදුරු photos ටිකට නම් මොනව උනත් මොකද...හැබැයි මේකෙ official details තියෙනවා...තමුසෙගෙ ගොං පාට් නිසා ඒව පිට ගියොත් මං නරක මිනිහ කියන්න එපා...
තමුසෙනං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොනෙක්...මොන මෝඩයද ඕයි මේ වගේ official දේවල් වලට යූස් කරන phone එකකට 1234 කියල පාස්වර්ඩ් එකක් දාන්නේ...මට හිතුනොත් විතරයි තමුසෙට හෙට phone එක දෙන්නේ..."

ඈ... කට් කලා නේත... මං කොහොම ද මෙච්චර කෙයාලස් උනේ...දැන් ඉතින් අර ගිණිමකර මහෝත්තමයා මගෙ phone එකේ තිබ්බ දේවල් ඔක්කොම බලල ඇති... කියපු විදියට නං මං අර බැල්කනි එකට වෙලා ගත්ත කැත photos ටිකත් බලල ඇති...මොනව බැලුවත් කමක් නෑ අර රෙකෝඩින් එක අහන්නෙ නැතුව... ඒකෙ මම ගිණිමකර ගුණවර්ණනාවක් ඉදිරිපත් කරන එක නෙ ඇත්තේ... ඒක ඇහුවොත් නං මාව එකවර පීඹල අලු කරයි ඕකා...

_______________

රිතික් අයියගෙ ඔලුවෙ ගාන්න බාම් එකක් හොයල දීල මං ගියේ ජිමින් සර් ගෙ කැබින් එකට...

" Good morni.."

" තමුසෙ මොකක්ද අරූගෙ අස්සට වෙලා කරේ..."

මට වචනත් අමතක උනේ ගිණි පීටවෙන දෑස් වලින් මං දිහා ඔරවගෙන බලන් ඉන්න මකරස්ව දැක්කම...

" නෑ මේ... රිතික් අයිය ලෙඩ වෙලා... ඔලුව රිදෙනවලු... මං එයාට බාම් එකක් හොයල දුන්න..."

" ඇයි උගෙ කකුල් කැඩිල ද... තමුසෙටත් ඉතින් මොකෙක්හරි එක්ක දඟලන්න තියෙනව නං ඊට වඩා දෙයක් නෑ නේ..."

මට ඒ වචන වලට කේන්ති ගියත් සද්ද නැතුව හිටියෙ මේ මනුස්සයට හොද නරක තේරුම ගන්න තරම්වත් මොලයක් නැති නිසා තේරුම් කරල දීල වැඩක් නෑ කියල හිතල... ඒත් මෙන්න මේකා නැගිටල මගේ පැත්තට එනව..

" තමුසෙ ආයෙ ඌ එක්ක කතා කරල අහුවෙන්න එපා...අද ඉදල තමුසෙ මේ කැබින් එකේ අන්න අර ටේබල් එකේ ඉන්න ඕන..."

" ඒත් සර්..."

" කට වහගන්නවා...මගේ තීරණ වලට පිටින් යන්න හිතන්නවත් එපා... තමුසෙට මේ කැබින් එකෙන් එලියට බහින්න තහනම්...උදේ ආවම හවසට off වෙනකන් කැබින් එක ඇතුලට වෙලා ඉන්න ඕන...ආයෙ එලියට බැහැල මාව යක්ෂයා කරගන්න එපා..."

" කරගන්න දෙයක් නෑ කොහොමත්..."

" what...?"

" න්...නෑ මං කිව්වෙ යක්ෂය කරගන්නෑ කියලා...හේ...හේ..."

හහ්... මේක මාර වැඩක් නේ... මම ගිණිමකර secotry උනා කියල මේ මනුස්සය කියන හැම දේම කරන්න ඕනත... මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්...!

" අනික විශේෂම දේ තමයි තමුසෙට මෙහෙ ඉන්න කා එක්කවත් යාලුකම් පවත්වන්න තහනම්...ආයෙ මොකෙක් එක්ක හරි හුරතල් වෙලා තිබුනොත් තමුසෙ ඉවරයි...අන්න අර රිතික් කියන එකා දිගටම මෙතනට වැඩ කරන්න ඕන නම් තමුසෙ උගෙන් ඈත් වෙලා ඉන්නවා... are u get it...? "

මොනව කියන්නද ඔලුව වනනව මිසක්...

ඒත් එක්කම,

" මොකක්ද මෙතන වෙන්නේ.."

එකපාරටම කැබින් එකට කඩාපාත් උන මීෂා මටත් රවාගෙන ම කෑ ගැහුව...

එයා දිහා රකුස් බැල්මක් හෙලපු මකරස්,

" මෙතන මොකක්ද උනත් තමුසෙට මොකද...තමුන් කවුරු කියලද හිතන් ඉන්නේ... අහන්නෙවත් නැතුව කුලප්පු වෙච්ච එලදෙන වගේ කැබින් එකට කඩාපාත් වෙන්නේ... මැනස් කියල දෙයක් නැද්ද..."

මීෂගෙ මූණ තැලිච්ච කජු ලෙල්ල උනේ බලාගෙන ඉන්නැද්දි...

එකපාරටම මගෙ කර වටේ අත දාල මාව එයා ලගට ඇදල ගත්ත මකරස්...

" තමුසෙට දැනගන්න ඕන උනේ මෙතන මොකක්ද උනේ කියල නේ..."

මං එයාව තල්ලු කරන්න හදනකොටත් කින්ඩියට හිනා උන මකර පුතානෝ...

" උනේ මෙන්න මේකයි... මං මෙයාගෙ මේ නා දලු වන් දෙතොල් සිපගන්න ගමන් හිටියේ... තමුන්ට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ මයෙ හිතේ..."

මීෂා මටත් ගස්සගෙන අඩාගෙන එලියට ගියා..

මං ජිමින්ව තල්ලුකරල දාල මගේ ටේබල් එකට ගියේ මොකක්ද උනේ කියල හිතාගන්න බැරුව...

ගිණිමකර නං එන්නෙ හොදකට නෙවේ... හැමදේටම පැත්තක ඉන්න මාවම ඇදල ගන්නවා... මොනව උනත් මීෂ පව්... එයා මේ උද්ධච්ච නපුරට කැමති නිසා නේ එහෙම හැසිරෙන්න ඇත්තේ....එයාට ඒ වෙලාවෙ මොනව හිතෙන්න ඇද්ද ... මං මෙහෙන් යන්න කලින් වෂී වෙලා ගිණිමකරගෙ පස්සෙන් එන ගෑණුන්ගෙන් ගුටිකාල මැරෙන්නයි වෙන්නේ...

එකපාරටම,

" ඒහ්... මෙහෙ එනවා...."

අයියෝ...අදත් මෝකක්හරි වැරැද්දක්ද දන්නෑ...

_____________

Eyo ladies and gentlemen...📣

කොහොමතේ...

කාලෙකින් නේ... මේ කතාවත් ඇදෙනව වැඩී වගේද... මේ දවස්වල busy අප්පා... ඉස්සරහට තවත් busy වෙයි... මං මාර ආසයි කතා ටික දෙන්න... ඒත් වැඩ වලට හිර උනාම මුකුත් ඔලුවට එන්නෙත් නෑ... ඉතින් මං හිතුව තෝරගත්ත කතා දෙකක් ඉවර කරල අනිත් ඒවට අත තියන්න... ඔයාල කියන්න මං මුලින්ම ඉවර කරන්න ඕන කතා දෙක... JK' S Angel පැත්තකින් තියමු... ඒක කොහොමත් තව එක එපියකින් ඉවර වෙනව...

1. ගිණි පිඹින මකරා...

2. Challo Driver

3. Revenge

මේ තුනෙන් මොකක්ද මුලින් ඉවර කරන්න ඕන කියල comment එකක් දාගෙන යන්න...

මං ලේසි වෙන්න කියන්නං...

මං Revenge ගැන හිතලවත් නෑ... Challo Driver එකේ අවසානයත් plan කරල තියෙන්නෙ... ගිණිමකර කතාවෙත් අවසානයක් ගැන හිතල නෑ... ඒත් මේක ටයිප් කරන එක මට ලේසියි කියල හිතුනා... හිතට එන දේ ඔහේ ලියාගෙන යන එකනේ කියල..  ඔයාල මගෙ පැත්තෙනුත් හිතල කියන්නකෝ...

Comment එකක් දාගෙන යන්න...

වෝට් ගෝල් 23 ⚽️🥅

බාල්දි ඕතරී...😈🪣

Bạn đang đọc truyện trên: AzTruyen.Top