🐉10🐉

" රූහි මොකෝ බං වෙනද නැති හදිස්සියකින් ගෙදර දුවන්නේ... මොකෝ උඹව බලන්න සිහින කුමාරය වත් එනව කිව්ව ද? "

මම ගෙදර යන්න ලෑස්ති වෙනකොට රිතික් අයිය ඇහුව...

" ඔව් අයියේ.. මට යන්න හදිස්සියි... එයා මං එනකන් බලන් ඉන්නවා...අම්මෝ එයාව දැක්කම දැනෙන සැනසීම..."

රිතික් අයියත් ඉනට අත් දෙක තියාගෙන පුදුමෙන් වගේ බලන් ඉන්නවා...

" ඈ.. බං නන්ගි... ඔය ඇත්තමද කියන්නෙ... කවුද බං ඒ රාජ කුමාරය උඹට ඔය තරන් සැනසීම ගේන..."

මං අමාරුවෙන් හිනාව හිර කරගෙන...

" ඔයා එයාව දන්නෑ නෙ අයියේ..."

" හරි ඉතින් කියපන්කෝ දන්නවද නැද්ද කියල බලාගන්න..."

" ඉන්න මං ඔයාට photo එකක් පෙන්නන්න..."

" හා...හා... ඒ අලියා බාත්...මෙහෙ වරෙන්... අපේ රූහි ගෙ හිත ගත්ත පෙම් කුමාරය බලන්න..."

" මං ආලියා අක්ක දිහා බලල ඇහැක් ගහද්දි ආලියා අක්කා..."

" හා හා ... ඔයා බලන්නකෝ රිතික්... මං හෙමීට බලාගන්නං..."

මං රිතික් ට phone එක දීල,

" ආ... මෙන්න රිතික් අයියේ.. ඔය ඉන්නෙ සුදුම සුදු පාටට..."

රිතික් ඇස් හීනි කර කර photo එක zoom කර කර බලන ගමන්...

" ඈ බං උඹේ මිනිහ ක්ෂුද්‍ර ජීවියෙක් ද... පියවි ඇසට නොපෙනෙන...මේකෙ තියෙන්නෙ ඇදක් විතරනෙ බං..."

මාත් ආලියා අක්කත් මහ හයියෙන් හිනා වෙද්දි ...

" ආ... දැන් නෙ වැඩේ තේරුණේ... උඹල මෙච්චර වෙලා මාව ගොනාට ඇන්දුවෙ ඇදක් ගැන කියලා... හිටපන් මම..."

" අයියෞ රිතී... උඹව වෙනම ගොනාට අන්දන්න දෙයක් නෑ නේ... උඹට අං විතරනේ අඩු..."

ආලියා එහෙම කියද්දි,

" ආ මං ගොනා... උඹ නියම නුවනක්කාරි... මගෙන් අහගන්න එපා..."

" ආ... කියනව බලන්න... ඔයාගෙ කටට බය නෑ මම..."

" මමත් නුඹේ කටට බය වීමක් සිද්ධ වන්නේ නෑ..."

" අනේ මේ... එකක් කියහං මං කරපු ගොං වැඩ..."

" අර දෙහි ගනන් කාලේ... දෙහි සීයක බලේ කියල කෑම වලට විම් දාන්න ගියේ...."

" අනේ රිතීක්..."

එකපාරටම මං හිර කරගෙන හිටිය හිනාව බකස් ගාල එලියට පනිද්දි, මං දිහා කුරිරු බැල්මක් හෙලපු ඒ දෙන්න,

" මෙතන රන්ඩුව අවුල ලා පැත්තක ට වෙලා හිනාවෙන ලස්සන... හිටපන් රූ අද උඹට..."

ඒ දෙන්න මගෙ පිටිපස්සෙ එලවද්දි මම දුවන්න අනිප්පැත්ත හැරෙනකොට ම මගේ ඔලුව කලු ගලක වැදිල නතර උනා...

ඈ..  මේ කලු ගලක් නෙවේද...  මට ඇහෙන්නෙ ගිණිමකර මහෝත්තම ගිණි පිඹින සද්දෙ නේ... ඒ මදිවට මෙතන ගිණි රස්නෙයි...අනේ බැරිවෙලාවත්...

බැරිවෙලාවත් මං හැප්පිල තියෙන්නෙ ගිණි මකරගෙ ඇගේ ද...

" අවසාන මොහොත මාගේ...
      පෝරකය පේන මානේ......."

මුමුනල එක ඇහැක් විතරක් ඇරල බලද්දි දැකපු දෙයින් මම කරන්ට් එක වැදිල වගේ අඩි දෙක තුනක් පිටිපස්සට විසි වෙද්දි...

අපි වෙත දවා අලුකරන බැල්මක් හෙලපු ගිණි මකරස්...

" තමුසෙලා ඩිසිප්ලීන් කියල දෙයක් දන්නෙ නැද්ද...හිතන් ඉන්නෙ මෙතන කෝලම් මඩුවක් කියලද ආ...තමුසෙල ට අපි පඩි ගෙවන්නේ මෙතන නාඩගම් නටනවටද...අනිවාර්යයෙන්ම මං මේකට ඇක්ෂන් එකක් ගන්නවා...බලාගෙන ඉන්නවකො වෙන දේ...රෙඩි වෙලා ඉන්නව අකුලගෙන යන්න තුන්කට්ටුව ම..."

විශේෂයෙන්ම මං දිහා බලල එහෙම කිව්ව නපුරා අපට ගස්සල දාල එතනින් යද්දි ,

" දැන් ඔලුව උස්සපල්ලා යකුනේ... ගිණිමකර මහෝත්තමයා විමානෙට වැඩියා..."

" අනේ මේ රිතී...කට වහගනින්... දැන් ඉතින් වෙන ජොබ් එකක් හොයාගන්න වෙන්නේ ..."

ආලියා මූණත් ඇද කරල කියද්දි,

" පිස්සුද... දුම්මල ගැහුවත් ඕකට මාව නං එලවන්න බෑ...අනික මේ office time නෙවේ නේ... අපි ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් නෙ උන්නේ..."

" ඒ උනාට රිතී අයියේ මාව නං කොහොමහරි එලවල දායි... බොරු වරදක් හරි කියලා..."

" අනේ නිකන් බය නොවී ඉදහන් රූහි... ලොකු සර් ඉන්නව නේ..."

_________________

මමත් රිතික් අයිය එක්ක බස් හෝල්ට් එකට ඇවිදගෙන ආව...

" අම්මෝ රිතික් අයියෙ සුවද... අපි කඩල ගොට්ටක් අරගමූකෝ..."

රිතික් දත් තිස් දෙකම දාල හිනා වෙලා...

" මාත් ඒකමයි කියන්න ගියේ..."

_____________

අපි දෙන්නම කඩල කකා පාරේ කියෝ කියෝ යද්දි,

" ඒ බං මාර මැචින් කපල් එක.."

අපිට පිටිපස්සෙන් ආව කට්ටියක් කිව්ව දේ නිසා මම කටත් ඇරගෙන බැලුවෙ රිතික් අයිය දිහා...

එයා කට කොනෙන් හිනා වෙලා ,

" මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද... උන්ට පේන දේනේ කියන්නේ..."

" ඈ..." මං පුදුම වෙලා බලද්දි,

" ඔබ මලක් වී පිපෙන්න... මං පිණි බිංදුවක් වෙන්නම්..."

" ඔබ ගගක් වී ගලන්න... මං එහි දිය දහරක් වෙන්නම්..."

" ඔබ සදක් වී නැගෙන්න...මං පාලු මකන තරුවක් වෙන්නම්..."

" ඔබ එලදෙනක වී උම්බෑ කියම්න... මං ගොං බදින කණුවක් වෙන්නම්..."

එහෙම කියල රිතික් මහ හයියෙන් හිනා වෙද්දි,

" අයියෙ ඔයාට මං අද..."

මම පැනපු ගමන් එයාගෙ කණ මිරිකනලා අල්ලගත්ත...

" ආව් යක්ෂනී... රිදෙනවා... මං විහිලුවක් නෙ කලේ..."

ඒත් එකපාරටම,

මගේ අතින් ඒ කන අතෑරුණේත්... කාපු කඩල ඇටේ හිර උනේත්... රිතික් ගෙ කට ඇරුණේත්...එකපාරටම දැකපු දේ නිසා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" ඒ බං අර අත් දෙක බැදගෙන කාර් එකට හේත්තු වෙලා මේ පැත්ත බලාගෙන ඉන්නෙ අපේ බොසා නේද? "

" ඔ..ඔව්... ගිණි මකරස් තමා..."

" පොර එන පොට නං හොද නෑ වගේ... බලපන්කො බලන් ඉන්න විදිය...තනිකරම ගිණි පිඹිනවනේ..."

" ගිණි මකරා ගිණි පිඹින්නැතුව ජල දහරා විහිදුවන්නද මෝඩයෝ..."

" සිරාවට...ඒකත් ඇත්ත තමා...ඒක නෙවේ බං අපි මොකක්වත් වරදක් කලේ නෑ නේ ඔය හැටි රවන්න..."

" අනේ මේ අයියේ...අපිට මොකද එයා කොහොම රැව්වත්... අනික මේක මකර රාජධානිය නෙවේ නේ...මේ මහ පාර... එයාගෙ බූදලේ නෙවේ නේ..."

මම එහෙම කිව්වෙ අපි දිහා බලාගෙන ගිණි පිඹින මකරස් ට රවලා. අම්මෝ හිතේ හැටියට අද රවාගත්තා. මෙච්චර කල් මට රවපු ගස්සපුවට වාඩුව ගන්නත් එපැයි..

" මේ රිතික් අයියේ දැන්වත් ඔය කට වහගන්න.. නැත්තන් බ්‍රේක් නැති මැස්සෙක් කට ඇතුලට රින්ගයි...එහෙම උනොත් ආමාශයේ දි ඇඹරෙන ඇඹරිල්ලට ඌ දහදුක් විදල මැරෙන්නේ..."

" උඹ මේ ආහාර ජීරණයක් උගන්නනව...අරූ එන විදිහට නං අපිට බහිස්රාවය ප්‍රුක්ටිකල් එකම උගන්වයි වගේ..."

" ඔයාට නපුරගෙ ගෙරවිල්ලට බය වෙන්නෙ මොකටද අනේ...මේ මං වගේ ඉන්නකො පුරුෂ ධෛර්ය ඉස්සරහට දාල..."

" දැන් උඹ පුරුෂ ධෛර්ය ඉස්සරහට දාල වෙන්න ඇති නේ මගේ පිටිපස්සෙ හැංගෙන්නේ..."

" ඒ.. අන්න එනවා.."

මගේ රැවිල්ලේ හොද කමට නපුරා අපි දිහාවට එන්නෙ භූමිතෙල් ගහපු ගැරඩියා වගේ...ඒ ඇස් රතු වෙලා... අපි ලගටම ඇවිත් අත් දෙකත් බැදගත්ත ජිමින්..

අද නං මං ඉවරයි... මටත් පාඩුවෙ ඉන්න බෑ නේ. මෙතන රවන්න ගියා. දැන් ඉතින් හරි නේ...

" තව නටපන්... කඩචෝරු ගිල ගිල තව නාඩගම් නටපන්...හැබැයි ඩියුටිය හරියට කරල ඉන්නවා..."

නපුර එහෙම කියද්දි මමයි රිතිකුයි මූණට මූණ බලාගත්ත.

" සර් මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ...මොන ඩියුටි ගැනද කියන්නේ...අනික මේ සෙනග ඉස්සරහ බොරුවට බෙරිහන් දුන්නම මේ කෙල්ලට ලැජ්ජයි නේ..."

" කවුද තමුසෙ එක්ක කතා කලේ... මේක මගෙයි මගේ private secotry ගෙයි කතාවක්...මැද්දට පනින්නැතුව ඉන්නව පැත්තකට වෙලා... මේකි ඉස්සරහ වීරයා වෙන්න යන්නේ..."

" සර්..."

" ගිහින් නගිනව car එකට..."

" සර් දැන් මං off ..."

" කට පියාගෙන නගිනව car එකට..."

________________





හම්මෝහ්... කොහොම ද ලමයි...

කාලෙකට පස්සෙ නේ...😁

ගිණි මකර සැර වැඩිද...🥲

Comment එකක් දාගෙන යම්න...

Vote ගෝල් එක 20 ⚽️🥅

Bye...❤

බාල්දි ඕතරී.. 😈🪣

Bạn đang đọc truyện trên: AzTruyen.Top