🐉09🐉

අපි හොටෙල් එකෙන් එලියට එනකොට ම ජිමින් සර් ගෙ phone එක රින්ග් උනා.

📲.....

" හෙලෝව්... ඔව් අප්පා...ඔව් ඒ වැඩ ඔක්කොම ඉවරයි...දැන් ඉවර වෙලා එලියට එන ගමන්...ඕන කරන හැම ඩීටේල් එකක්ම හොයා ගත්ත... දැන් තියෙන්නෙ වැඩේ කරන්න..."

" ඉන්නවා ඉන්නවා... මම එන ගමන් කෙලින්ම office එකට නෙවේ එන්නේ... යාලුවෙක්ව මීට් වෙන්න යනවා...ඒක නිසා ඔයාට කවුරුවත් එක්කගෙන එන්න විදිහක් නෑ...එයා ට්‍රයිෂෝ එකක ඒවි..."

" අයියෝ...අප්පා...මං එක පාරක් කිව්ව නේ...මට බෑ... ඒකි එන විදිහකට එයිනේ...මට බෑ ඔය එක එක හෝන්තු මගේ වාහනේ දාගෙන එන්න...වද දෙන්න එපා...තියන්නං..."

මෙයා මෙච්චර අකමැති නං මං මොකටද ඒ වාහනේ බලෙන් යන්නේ...කොහොමත් උදේ කිව්ව නේ අපි වගේ හිගන්නු නැග්ගම වාහනේ කුණු ගෑවෙනව කියල. නපුරගෙ ලොකුකම බලන්නෙ මොකටද මං...උදේ ආව විදිහට ම යනවා...

මම එහෙම හිතල ට්‍රයිෂෝ එකක් නවත්තගෙන ඒකට නගින්න අඩිය තියනකොටම...හිතන්නවත් කාලයක් නොතියා මාව පිටිපස්සට ඇදිල ගියා.

ඒ ඩිංගට නපුරා මාව ඇදගෙන එයාගෙ car එක දිහාවට යනවා... එයාගෙ අත ගසල දැම්ම මම,

" මොන විකරයක් ද සර් මේ... මට යන්න දෙන්න...මට පරක්කු වෙනවා..."

" ගිහිල්ල වාහනේට නගිනවා..."

" දුප්පත් අපට වාහන නෑ... මම උදේ ආව විදිහට ම යන්නං... මං ලොකු සර් ට කියන්නං... සර්ට ප්‍රශ්නයක් වෙන්නෑ..."

" මේ මිනිස්සු බලන් ඉන්නැද්දි මාව යක්ෂයා නොකර ගිහිල්ල වාහනේට නගිනවා..."

මම ඇහුනෙ නෑ වගේ හැරිල යන්න හදනකොට මාව ඇදල අරගෙන පැසෙන්ජර් ශීට් එකට විසි කරපු ජිමින් මට රව රව driving ශීට් එකට ඇවිල්ල වාහනේ පණගැන්වුවා...

මම ශටර් එකෙන් එලිය බලාගෙන යනකොට එකපාරටම,

" මේ අහනවා... මම කලින් අර ගෑණි ඉස්සරහ කියපුව ඔලුවට අරගෙන මගේ කරේ නගින්න එහෙම එන්න එපා... මම ඒ වෙලාවෙ එහෙම කිව්වෙ වෙන කරන්න දෙයක් නැති කමට...
නැතුව තමුසෙ වගේ හෝන්තුවකට කැමැත්තක් ඇති වෙලා එහෙම නෙවේ...තමුසෙට ලැජ්ජාවක් නැති උනාට මට ලැජ්ජාවක් තියෙනව නේ...ඒක නිසා වැඩිය උඩ පනින්න ලෑස්තිවෙන්න එපා..."

හුහ්...චාල්ස් කුමාරය කියලද දන්නෑ හිතන් ඉන්නේ...වැඩේමයි මට ඕව ඔලුවට අරගෙන මේ ගිණි මකරගෙ කරේ නගින්න... ඊට වඩා හොදයි හැලි වදුරෙක් බැදගෙන ඌට කියල ඔලුවෙ උකුණො බලාගන්නවා...ඉන්නවකො කියන්න හොද දෙකක්...

" අනේ ඔය ඇත්තමද සර්...අනේ මම බය වෙලා හිටියේ...දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ...මම හිතුවෙ සර් ඒක ඇත්තටම කිව්ව කියල...තව පොඩ්ඩෙන් මම ලොකු සර්ටත් කියල සර්ගෙ ගෙදර එන්න හිටියේ.අපරාදේ...දැන් ඉතින් ඔක්කොම ඉවරයි..."

මම කියල යටි තොලත් හපාගෙන හිනා වෙද්දි මාව අමුවෙන් කනවද බැදල කනවද වගේ ලුක් එකකින් බලන් හිටිය මකර පැටියා...

" මගෙන් මැරුම් නොකා කට වහන් යමං..."

අනේ දෙයියනේ...මේ office එකට යන පාර නෙවේ නේ... මේ කොහෙද යන්නේ...

" සර්...මේ කොහෙද යන්නේ...උදේ ගියපු පාර නෙවේ නේ මේ..."

එයා ඇහෙන්නෑ වගේ ඉස්සරහ බලාගෙන drive කරනවා..

මම ආයෙමත් සද්දෙ වැඩි කරල ඇහුව...කන් දෙකේ දොශයක් ද දන්නෑ නේ...

එකපාරටම කින්ඩියට වගේ හිනා උන මකරස්,

" My car...My petrol... මම යන්නෙ මට ඕන තැනට... මොකෝ තමුසෙ බය වෙලා...මම තමුසෙව රේප් කරන්න අරගෙන යනව කියල හිතුවද...මට ඒ තරන් පිස්සුවක් නෑ...තමුසෙ වගේ දර හැවක් එක්ක මගුල් නටන්න..."

මම ඉක්මනට ශටර් එකෙන් එලිය බලාගත්තෙ ලැජ්ජාවට...

අරේ භගවාන්... සමහරවිට මේක මගේ අවසන් ගමන වෙන්න පුලුවන්...මෙයාට මාත් එක්ක තියෙන තරහෙ හැටියට මාව අල්ලල මුහුදට විසි කරන්නත් ඉඩ තියෙනවා...

එකපාරටම වාහනේ නතර වෙද්දි මං ඇස් ඇරල බැලුවෙ අවසාන මොහොත අපේක්ෂාවෙන්...

ඈ...මෙතන මුහුදක් නෑ නේ....එතකොට මාව මුහුද ට විසි කරන්න නෙවේද ගෙනල්ල තියෙන්නේ... අපරාදේ මං නිකන් බය උනා...

වාහනේ නතර කරල තිබුනේ සුවිසල් මන්දිරයක් ඉදිරියේ...

නපුරා වාහනෙන් බහිනකොට ගෙදර වැඩ කරමින් හිටපු මනුස්සයෙක් ඇවිල්ල,

" සුදු බේබි වේලාසනම ඇවිල්ල අද...ආයෙ යන්නෙ නෑ නේද office එකට..."

" නෑ බාපී ජී...මං ආවෙ පොඩි හදිස්සියකට....ආයෙ යන්න ඕන office එකට..."

ඒ කියන්නෙ මේ ගිණිමකර මාලිගාව ද... අම්මෝ මේකෙ ලොකු...එහෙම නොවුනොත් නෙ පුදුමේ...

මේ ගිණිමකරට ගෙදරට කියන්නෙ සුදු බේබි කියල ද...හොද සුදු... ගිණි මකර බේබි කිව්ව නං හරි...

නපුරා ගේ ඇතුලට යන ගමන්...

" ආ...බාපී ජී... මම හවසට ගෙදර ආව ගමන් වාහනේ හොදට හෝදන්න...ස්පෙෂලී වාහනේ ඇතුල එහෙම හොදට ක්ලීන් කරන්න....අද පැසෙන්ජර් ෂීට් එක උඩ කුණු ගොඩක් තියාගෙන ආව... මුලින්ම ඒක ක්ලීන් කරන්න..."

" ආ...හොදමයි සුදු බේබි..."

ඒ මනුස්සය පුදුමෙන් වගේ මං දිහා බලාගෙන ඉන්නකොට මට දැනුනෙ පුදුම අසරණකමක්...මම දුප්පත් තමයි...ඒත් මම පිරිසිදුව ඉන්නව නේ...මං කොහොමද කුණු ගොඩක් වෙන්නේ....

හිර කරගෙන හිටපු කදුලු කම්මුල් දිගේ පහලට වැටෙද්දි ඉක්මනට කදුලු පිහගත්ත මං car එකෙන් එලියට බැහැල,

" බාපී ජී... මට උදව්වක් කරන්න පුළුවන්ද..."

" කියන්න නෝනා..."

" මට සාමාන්‍යයෙන් ටිකක් දිග ලොකු රෙදි කෑල්ලක් ගෙනත් දෙන්න පුලුවන්ද..."

" ඉන්න නෝනා... මම ගේන්නම්..."

මං එයා ගෙනත් දුන්න රෙදි කෑල්ලෙන් මං ඉදගෙන හිටපු ශීට් එකත් පිහදාල ඒක ශීට් එකේ එලලා ඒ මත වාඩිවෙද්දි අර මාමා මන් දිහා බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් වගේ...

ටික වෙලාවකින් පස්සෙ ගෙදරින් එලියට ආව නපුරා වාහනේ ස්ටාර්ට් කරගෙන යන්න ගත්තෙ මං ඉන්නව ද නැද්ද කියල වත් නොබලා...

මාත් ශටර් එකෙන් එලිය බලාගෙන ආවෙ ගිණිමකර රථයට නැගීම පිලිබදව දහස් වරක් පසුතැවෙමින්...

Office එකට ආපු හැටියෙ වාහනෙන් බැස්ස මං,

" සර් කරපු උදව්වට බොහොම ස්තූති... මම වාඩි උන නිසා සර් ගෙ කාර් එකේ කුණු ගෑවුනා නං මං ඒව ඔක්කොම ක්ලීන් කරල ඇත්තේ...සර් ගෙ ගෙදර ඉදල මෙහාට එනකන් මගෙ සාරි එකවත් මේ ශීට් එකේ ගෑවුනේ නෑ සර්...ඒ නිසා සර් බයවෙන්න එපා...තව දෙයක්... මම ආයෙ කවදාවත් ඔය බ්‍රෑන්ඩ් නිව් කාර් එක ලගින්වත් යන්නෙ නෑ...මොකද කවදමහරි මාත් ඔයිට වඩා හොද වාහනයක් ගන්නවා..."

එයා ඇස් දෙකත් නලලෙ තියාගෙන බලන් ඉන්නකොට මම ශීට් එක උඩ තිබ්බ රෙද්දත් අරගෙන office එකට දුවල ගියා...























______________

හායි ලමයි..😁

ගොඩ කාලෙකට පසුව නේත?🙂

අද ටිකක් බෝරින්ග් නේත....😬

කමල්ලෑ...😏

Vote කරන්න... වෝට් ගෝල් එක 10...⚽️🥅

Comment කරන්න...😊

බාල්දි ඕතරී...🪣😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top