🐉08🐉
" ආ... එන්න රූහි දුව...අද ගෙනියන්න ඕන ඔක්කොම documents ටික රෙඩී නේ..."
" ඔව් සර්... ඒව ඔක්කොම හරි..."
" එහෙනං අදල්...ඔයාට මං කිව්ව ඒව මතකයි නේ...එයාලට හොදට ෆේස් කරන්න..."
" හරි අප්පා..."
" මොකක්ද ජිමින් තමන්ට වෙලා තියෙන්නේ...ආපු වෙලේ ඉදන් මූණ එල්ලගෙන. අබ අහුරක් දැම්මත් පුපුරණ සයිස්..."
ලොකු සර් එහෙම කියනකොට මං හිර කරගෙන උන්න හිනාව එලියට පැන්න.
මගෙ දිහා රකුසු බැල්මක් හෙලපු ජිමින්,
" මං පස්සෙ බලාගන්නම් "
කියල මුමුනල ගස්සලා දාල කැබින් එකෙන් එලියට ගියා.
" හරි සර් අපි ගිහිල්ල එන්නම්..."
මම කැබින් එකෙන් එලියට ඇවිල්ල කල්පනා කලා.
" අනේ දෙයියනේ මං කොහොමද යන්නේ... මකර පැටියා නං කීයටවත් මාව එක්ක යන එකක් නෑ..."
මම කල්පනා කර කර office එකෙන් එලියට එනකොට නපුරාගෙ car එක ඇවිල්ල මගෙ ඉස්සරහ නතර කලා.
මේ මනුස්සයට මූලග්ගායද දෙයියනේ...ආපු වෙලේ ඉදන් මට රවන්නේ... එහෙම නොවුනොත් තමා පුදුමේ... තියෙන නපුරු ක්‍කමේ හැටියට.
ශික් මේකි මොකට අදම නිල් පාට සාරියක් ඔතාගෙන ආවද මන්ද.. මාත් අදම නිල් පාට ෂර්ට් එකක් ඇදගෙන ආව නේ ගොනා වගේ.. දැන් ඉතින් මේකි එක්ක ගියොත් දකින උන් හිතයි කපල් එකක් කියලා. මොන කරුමයක් ද මේ... කොහොමහරි මේකිව හලලා යන්න ඕන... කෝ බලන්න කවුරුහරි ඉන්නවද කියලා... නැත්තන් ඕක ගිහිල්ල අප්පගෙ කනේ තියයි... කවුරුත් නෑ හොද වෙලාවට...
මේ නපුරාගෙ පුදුම ලොකු කමක් නෙ තියෙන්නේ...වාහනේ නවත්තගෙන අහක බලාගෙන ඉන්නේ...අඩුම ගානෙ නගින්න කියල වත් කියන්නෙ නෑ... කමක් නෑ ලොකු සර් කිව්ව නේ මාවත් එක්ක යන්න කියල.
මම ගිහිල්ල කාරෙකේ පිටිපස්ස දොර අරිද්දි ,
" ඇයි මං තමුසෙගෙ drive ද... මැඩම් වගේ පිටිපස්සෙන් ආසනාරූඩ වෙන්නේ..."
" සොරි සර්.."
මම එහෙම කියල ඉස්සරහ දොර අරිද්දි,
" පිස්සුද ඕයි තමුසෙට...ඇයි තමුසෙ මගෙ ගෑණි ද ඉස්සරහින් නගින්නේ..."
අනේ දෙයියනේ මොන මගුලක් ද මේ මනුස්සය කියන්නේ...
" ගනින් ඔය අත මගෙ වාහනේ කුණු ගාන්නෙ නැතුව... උඹල වගේ හිගන්නො මේ වගේ බ්‍රෑන්ඩ් නිව් කාර් වල දාන්න යන්න මට පිස්සු කියල හිතුවද..."
මගෙ ඇස් වලට උණපු කදුලු හිර කරගෙන,
" සර් මට දැන් මොකද්ද කරන්න කියන්නේ..."
" කියන්නෙද...කියන්නෙ මෙච්චරයි...මගෙන් ඈත් වෙලා ඉන්නවා...දැන් තමුසෙ අපේ අප්ප ට ගිහිල්ල කියන්න ඕන තමුසෙගෙ ඔලුව රිදෙනව... ඒ නිසා දැන් යන්න අමාරුයි...ජිමින් සර් වැඩ ටික සෙට්ල් කර ගන්නව කිව්ව කියල... දැන් යනවා ඉතින්.."
මගෙ ඇස් වලින් කදුලු කඩන් වැටෙද්ද්දි,
" එ..ඒත්...ස..සර්..."
මට කියල ඉවර කරන්න හම්බ උනේ නෑ...සර් මට රවාගෙන කාර් එක රේස් කරගෙන ගියේ ඊයක වේගෙන්.
" නන්ගි කෝ ජිමින් සර්... මේ file එක සර්ට අමතක වෙලා ඇවිත්... මේක conference එකට important file එකක් ලු..."
" අනේ එහෙම ද රිතික් අයියේ..සර් ගියා නේ...දැන් මොකද කරන්නේ..."
" එහෙනම් ඇයි නන්ගි මෙතන ඉන්නේ...නන්ගිත් අද යන්න නේ හිටියේ..."
" නෑ අයියෙ මේ..."
" එහෙනං මං හිතපු දේම වෙලා..මං හිතුව ඔය ගිණි මකරා නන්ගිව මෙතන දාල යන්න මොනවහරි ම ගේමක් ගහයි කියල...හරි ඒකෙන් වැඩක් නෑ...ඔයත් එතනට යන්න ඕන මේ file එක අරගෙන..."
" ඒත් අයියේ මං.."
" ඒත් මේත් නෙවේ අන්න අතන ට්‍රයිෂෝ එකක් අරගෙන හොටෙල් එකට යන්න... go..go...hurry up... දැන්ම ගියොත් බොසාගෙ වාහනේ ප්සෙන්ම යන්න පුලුවන්..."
_______________
" හරි මිස් මෙතනින් බහින්න. මෙතන තමා අර මහත්තයා නතර කලේ..."
" ආ හරි අයියේ... මෙන්න සල්ලි.."
අර යන්නෙ මකරස්...ඉක්මනට යන්න ඕන එයාගෙ පස්සෙන්. නැත්තන් තැන හොයාගන්න බැරි වෙනවා...
ශිට් මේ සාරිය පටලගෙන ඉක්මනට යන්නත් අමාරුයි. මේ සාරිය කඩන් වැටුණොත් ඔක්කොම ඉවරයි. අන්න මකරා ලිෆ්ට් එක ගාවට යනවා. මාත් කොහොමහරි ඒකට නගින්න ඕන.
" සර් සර්...ජිමින් සර්..."
එකපාරට ගැස්සුන ජිමින් මං දිහා ගිණි පිටවෙන බැල්මක් දැම්ම.
" මං එන්න එපා කියද්දි මගෙ පස්සෙන්ම ආවද..පුදුම වදයක් නෙ ඕයි තමුසෙගෙන් තියෙන්නේ...කූඩැල්ලෙක් වගේ ඇගේ එල්ලෙන්න හදන්නේ.."
ඒ වචන වලට මට කේන්ති ගියත් ලොකු හුස්මක් අරගෙන,
" සොරි සර් ඔයා මිස්අන්ඩස්ටෑන්ඩ්න් කරගෙන ඉන්නේ... මම ආවේ මේ file එක දෙන්න..."
එකපාරටම file එක ඇදල ගත්ත ජිමින්,
" ඕ ෂිට්...මට මේක අමතක උනේ කොහොමද?"
ඕ ගෝඩ් මේකිව ආපහු යැව්වොත් අප්පගෙන් මට හොද බැනුමක් අහගන්න වෙනවා...එහෙම කියල මේ හාල් කෑල්ල එක්ක යන්න පුලුවන්ද...
" හරි හරි එනව මල වදේ.."
______________
මම හිතුවට වඩා ගොඩක් අය මෙතන ඉන්නව වගේ...ගොඩක් ලොකු බිස්නස්මන් ලා.. අර නපුරා නං කට්ටිය වට කරගෙන බර කතාවක්. නිකමට මං උන්නද මාධ්‍මලාද කියල බලන්නෑ. කොහොමත් මාව අදුරන්නැති ගානට නේ ඉන්නේ.
අද ලොකු සර් කියපු කතාව නං ඇත්ත. මේ නපුරා හිනා වෙන්නවත් දන්න එකක් ඈ...අර මිනිස්සු එක්කත් මූනිච්චාවට හිනා වෙන්නෙ කියල හොදට තේරෙනවා.
ඒක මතක් වෙලා මට හිනා යන්නත් ආව.
ඒත් එක්කම මාත් එක්ක හිනා වෙලා එතනට ආවෙ විදේශීය තරුණයෙක්.
" Hi..How are u..I'm Kai..."
ඒ පාර මේ චීනා මොකාටද එන්න හදන්නේ... මට නං බෑ අතට අත දෙන්න... මං ලාවට හිනා වෙලා,
" Sorry I'm Ruhi.."
" It's OK darling...I'm from Eric's UK Industrial Company.. then u?"
මං මොන කම්පනි එකෙන් ආවත් මෙයාට මොකද අනේ... මල් වදේ...
" I'm from Park Industry"
" Oh no...It's a leading company in India... am I right? "
" yeah..of course.."
මං දිහා අමුතු විදිහට බලපු ඒ මනුස්සය,
" however, I think soo, you really have to be film industry..because you're so beautiful...if u want..I can help that..."
මේ මනුස්සය එන්නෙ නං හොදකට නෙවේ..ඉක්මනට මාරු වෙන්න ඕන..
" No thanks...Nice to meet u and I should go now...bye..."
ඒක කිව්වම පොර ගෙ මූන ඇද වෙලා ගියා.
" yeah sure nice to meet u..."
හම්මෝහ් දැන් තමා ලේ ටිකක් ඉනුවෙ. පුදුම මරාල තමා මටත් පාත් වෙන්නේ...
" ආහ්..."
එකපාරටම ගිණිමකර ගාත්‍රයකට මගේ සියුමැලි දෑත් හිරවෙද්දි,
" සර් ප්ලීස් මගෙ අත අතාරින්න...මොකද්ද වෙලා තියෙන්නේ..."
" මොකක්ද වෙලා තියෙන්නේ...වරෙන් වෙලා තියෙන දේ පෙන්නන්න.."
එහෙම කියල එයා මගෙ අතින් ඇදගෙන යනවා.
" සර් හැමෝම බලනවා...ප්ලීස් මාව අතාරින්න. කොහෙද මේ යන්නේ..."
" දැන්ද හැමෝම බලනව කියල මතක් උනේ...කට වහගෙන එනව මගෙන් මැරුම් නොකා..."
අනේ දෙයියනේ මේ ගිණි මකරට මොනව වෙලාද එක පාරටම ලේඩීස් වොශ් රූම් පැත්තට යන්නේ. හදිස්සියෙ ජෙන්ඩර් එකවත් මාරු වෙලාද දන්නෑ...කියන්න බෑ..කලොත් කරන්නෙ චීත්ත වැඩ නේ... මේ යන විදියට ගියොත් මටත් ගෑණුන්ගෙන් ගුටි කාල මැරෙන්න වෙන්නේ...
මාව ඇදගෙන වොෂ් රූම් එකක් ඇතුලට ගිය මකරස් හයියෙන් දොර වහල දැම්ම.
ඒත් එක්කම මාව බිත්තියට හිර කරගෙන මූනට එබුන ජිමින් හයියෙන් හුස්ම ගත්තෙ තමන්ගෙ ආවේගය පාලනය කර ගන්න උත්සහ කරමින්.
ජිමින් ගෙ ලගින් වහනය වෙන්නෙ සැර පර්ෆියුම් සුවදක්. ඒ ඇස් එක එල්ලේ මගේ ඇස් එක්ක පැටලිලා තිබ්බ. ඒ ඇස් වල වෛරයකට වඩා තිබ්බෙ තේරුම් ගන්න බැරි වෙනම දෙයක්... මෙයාට තියෙන්නෙ කෙල්ලො වශී කරන බැල්මක් උනාට මට නම් ඕන මෙතනින් ඉක්මනට පැන ගන්න. මොකද මං වසග වෙන්නෙ බැල්මට නෙවේ ගතිගුණ වලට.
" අනේ සර් අයින් වෙන්නකෝ... ප්ලීස්..."
ඒත් එක්කම අත මිටි මොලවල බිත්තියට ගහපු ජිමින් මට කින්ඩියට වගේ හිනා වෙලා...
" මගුල් නටන එක තමුසෙගෙ ජොබ් එකද...උඹ හිතුවද ඌ උඹත් එක්ක මනුස්සකමට කතා කරන්න ආව කියල...රෙදි කඩාගෙන දගලද්දි තමා ඌ එතනට ආවේ... ඊයා ඕයි...මට තමුසෙව අප්පිරියයි...තව අඩපන්...එනව මෙතන බොරුවට අඩන්න... මෙහෙ එනවා පෙන්න්න..."
එයා මාව එකපාරටම තල්ලු කලේ එතන තිබ්බ ලොකු කණ්නාඩිය ගාවට...
" දැන් බලාගනින් නටපු නාඩගමේ තරම..."
අනේ දෙවියනේ මං මෙච්චර වෙලා මෙහෙම ද ඉදල තියෙන්නේ...
" තව ඔහොම ඉදපන්...එතකොට තව ගොඩක් මිනිස්සු එක්ක නටන්න පුලුවන් තමුසෙට කොහොමත් ලැජ්ජාවක් නෑ නේ... "
එයාගෙ වචන වලට මගෙ ඇස් දෙකෙන් නොනවත්වා කදුලු ගලද්දි
මම කොහොමද දෙවියනේ මෙච්චර කෙයාලස් උනේ. සාරියට ගහපු කටු ගැලවිලා කියල මං කොහොමද දැක්කෙ නැත්තේ...ඔක්කොම එලියෙ නේ...ඒකයි අර මිනිහා අමුතු විදියට බැලුවෙ... මේක කොහොමද උනේ...මේ නුපුරා පස්සෙන් දුවගෙන යන වෙලේ ගැලවෙන්න ඇති...
නපුරා අනිප්පැත්ත හැරුන වෙලේ මං සාරිය හදාගත්තා. ඒ පැත්ත හැරිලත් කියවනවා.
" මොකක්ද ඕයි ඔය මල මගුල් ඇදුම...ඕක ඔච්චර ඔතාගෙනත් ගැලවෙන්නේ... වෙන ඇදුම් නැද්ද මේ ලෝකේ...ඊලග සැරේ එද්දි ශල්වා එකක් ඇදන් එනවා... ඔය මගුල් ආයෙ මට පේන්න ඇදන් ආවොත් අම්මපා..."
ජිමින්ට කියල ඉවර කරන්න උනේ නෑ...
" ප්ලීස් ඔය දොර අරින්න...ඕක ඇතුලෙ පැල වෙලාද...ඔය දොර අරින්න..."
පිටතින් ඇහුනෙ ගෑණු කෙනෙක් ගෙ සද්දේ.
" මූසලකමට අඩන්නැතුව ඔය කදුලු පිහදගන්නවා...නැත්තන් මට හිරේ ලගින්න වෙන්නේ..."
මම ඉක්මනට කදුලු පිහදගත්තා...
මකරස් මාවත් ඇදගෙන දොර ඇරියෙ එතන ඉන්න ගෑණු අපි දිහා පුදුමෙන් බලද්දි,
" ශික්...මුන්ට ලැජ්ජ නෑනෙ වොෂ් රූම් අස්සෙ රිංගගෙන මගුල් නටන්නේ..."
ඒත් එක්කම ඉස්සරහට තිබ්බ කකුල පස්සට ගත්ත මකරස් මාවත් ඇදගෙන ගියේ ඒ කතාව කිව්ව මැදි වයසෙ ගෑනු කෙනා ලගට...
" ඇයි දැන් තමුන්ට තියෙන ප්‍රශ්නෙ මොකද්ද? මං මගෙ ගෑණි එක්ක වොෂ් රූම් අස්සෙ රිංගන්නෙ නැතුව තමුන් එක්ක රින්ගන්නද? "
ඒ ගෑණු කෙනාගෙ මූන ඇද වෙලා ගියේ බලන් ඉන්නැද්දි.
මට ඇහුන විදිහ හරිද...මං කවද්ද මෙයාගෙ ගෑණි උනේ. හම්මෝහ් හිතනකොටත් බය හිතෙනවා...හීනෙකින්වත් මට නං බෑ මේ ගිණි මකරගෙ ගෑණි ගිණි මකරි වෙන්න. එහෙම උනොත් හැමදාම දැලි අගුරු කෑල්ලක් වගේ තමයි ඉන්න වෙන්නේ පිච්චිලාම...
මං කේන්තියෙන් එයාගෙ අත කොනිතීතද්දි එයා මාව ඇදගෙන ආවෙ හීයක වේගයෙන්...
" නවත්තපන් ඕක...මං කවුරු කියල හිතාගෙන ද මගෙ අත පහුරු ගාන්නේ...මාව යකා කරගනානැතුව මෙතනින් යනකන් මට ඕන විදියට ඉදපන්... නැත්තන් අරූ එක්ක පටවනවා කොරියාවට..."
" සර්...මගෙ අත රිදෙනවා..."
ඒත් එක්කම ඒ අත් වලින් මගෙ අත අතෑරුණා.
__________
හායි ලමයි...
ගොඩ කාලෙකින් නේ... 🙂
මේ දවස් වල exam තියෙන නිසා මම ආයෙ අප්ඩේට් දෙන්නෙ කල්පෙකින් විතර හොදේ...
Vote කරන්න ❤
Comment කරන්න 💙
බාල්දි ඕතරී...🪣😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top