🐉06🐉

" ඔයාට අද ඕනතරම් චාන්ස් එක තිබ්බ අප්ප ට ඇත්ත ම කියන්න... ඒත් ඔයා එහෙම කලේ නෑ... මං ඔයාට මෙච්චර රිද්දලත් ඔයා අප්පට මුකුත්ම කිව්වෙ නෑ... ඇත්තටම මට සමාවෙන්න..."

මේ මනුස්සයට මක් වෙලාද...කීයටවත් මෙහෙම වෙන්න බෑ... මේක හීනයක් ද? මං එහෙම හිතල අත චුට්ටක් කොනිත්ත ගත්ත.

අහ්... ඒකියන්නේ මේක හීනයක් නෙවේ... ශුවර් එකට ම මාව බයිට් කරන්න මේ මනුස්සය ට ඕන වෙලා තියෙන්නෙ...

" ඇත්තටම මට හරි ලැජ්ජයි මං කලින් හැසිරුන විදිහ ගැන. මං ගොඩක් පසුතැවෙනව ඒ ගැන. මං ඔයා වගේ අහිංසක කෙල්ලෙක් ගැන ගොඩක් වැරදි ප්‍රතිබිම්බයක් ගොඩනගාගෙන හිටියෙ..."

මේ ගිණි මකර නම් ලෑස්තිවෙන්නෙ හොදකට නෙවේ... ගිණි පිඹල මාව මෙතනම දවා අලුකරන්න කලින් ෂේප් එකේ මාරු වෙන්න ඕන.

" හරි සර්... සර් කියල ඉවර නං මං යන්න ද? "

" එහෙම කොහොම යන්න ද උත්තමාවියනි...මා මේ ඔබතුමිය ගැන වර්ණනාවක් ඉදිරිපත් කලේ..
ඉදින් මට කමා කර මෙහි රැදී සිටීනු මැනවි... ඔබ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ ගුණ කද පිලිබදව හද පත්ලෙන්ම නැගෙන්නාවූ කීර්ති රාවය දෙසවන් යොමා අසා සිටිනු මැන..."

එහෙම කියල කින්ඩියට හිනා වෙන ගිණි මකරව ගනන් ගන්නෙ නැතුව මං කැබින් එකෙන් එලියට යන්න හදනකොට,

" ඔහොම නැවතියන්.."

ඒ හඩට මං ගැස්සිලා එහෙම ම නැවතුනා.

" උඹ ඔය කාටද ගස්සන්නෙ ආ... මගේ තැන ඉදන් මටම පාට් දාන්න උඹ මං කවුරු කියලද හිතාගෙන ඉන්නේ... පොඩි බුරුලක් දුන්න ම කරේ නගින්න එන්නේ...කොහොමත් සුපුරුදු ටෝන් එක නැතුව තමුසෙට දෙයක් තේරුම් කරන්න අමාරුයි වගේ.. තමුසෙ හිතුවද තමුසෙ අප්පට ඇත්ත කිව්වෙ නෑ කියල මං උඹට අනුකම්පා කරල කරේ එල්ලගනියි කියල..."

මේකනම් මහ විකාරයක්... මූ නං මානසික රෝගියෙක්...මෙයා එක්ක කතා කරල වැඩක් නෑ. මං එහෙම හිතල එලියට යන්න හදනකොට,

" ඇයි අමාරුද සැබෑ තත්වෙ එලියට එද්දි අහගෙන ඉන්න...ඒකද දුවන්නේ..."

මම එහෙම ම අනිප්පැත්ත හැරිල අත් දෙක බැදගෙන හිටගත්තා.

" සර් please මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. ඇත්තටම මං ගොඩක් ආසාවෙන් මේ රස්සාව කරන්න ආවෙ. මං මේ අත් දෙක එකතු කරල වැදල ඉල්ලන්නම් සර්, මට මගෙ පාඩුවෙ වැඩ ටික කරගන්න ඉඩ දෙන්න. මාව අප්පිරියයි නම් එදා කිව්ව විදිහට මං සර් ගෙ ඉස්සරහට එන්නෙ නැතුව ඉන්නම්. අත්‍යවශ්‍ය වැඩකට හරි ආවොත් සර්ගෙන් ඈත් වෙලා ඉන්නම්.  මොකද මං කැමති නෑ හැම වෙලේම නිකරුනේ බැනුම් අහන්න.."

" ඉතින් තමුසෙනෙ මෙතන වැරැද්ද කරල තියෙන්නෙ...මෙතනින් මකබෑවිලා ගියා නං ඔච්චර බැනුම් අහන්න ඕන නෑ නේ..."

" සර් මං අවුරුද්දක agreement එකක් sign කරල තියෙන්නෙ...එනිසා..."

" කට වහගන්නව.... ඇත්තටම තමුසෙට ලැජ්ජ නැද්ද අයිසෙ agreement එකක් අල්ලගෙන නහින්න හදන්නේ...මෙච්චර තමුසෙව රිජෙක්ට් කරද්දී මෙතනම කුඩැල්ල වගේ ඇලෙන්නේ... අප්ප වගේ මාවත් රවට්ටගෙන මගේ කරේ එල්ලෙන්න ද... එහෙනම් හොදට හීන දැකපන්...
මොකද ඒව කවදාවත් හැබෑ වෙන්නෑ..."

" ආ...තමුසෙට දාල යන්න බැරි දේවලුත් ඇතිනෙ මෙතන..උදේ වරුවේ කරේ නැගල මුකුළු කර කර හිටියෙ එකෙක් එක්ක...තමුසෙට ඕන නම් මං ඌවත් එවන්නං තනියට... තව දෙයක් ඔය ලැජ්ජ නැතිකම ජාන වලින් එන එකක් ද... අයි මීන් තමුසෙ ගෙ අම්ම ත් ඔහොම එක එකාගෙ කරේ යනවද? "

ඒ වචන මගෙ හදවත පසාරු කරගෙන යද්දි මගේ අත නැවතුනේ ජිමින් ගෙ කම්මුලේ...

චටාස්...💥👋

" තමුසේ..."

" එක වචනයක් කියන්න එපා Mr. Park Jimin...
හොදටම ඇති... කරුණාකරල ඕක නවත්තන..."

ජිමින් කම්මුලත් අල්ලගෙන ඇස්වලින් ගිණි පිටකරමින් බලන් ඉන්නව.

" මං ආපු වෙලේ ඉදන් කලේ තමුන් කියපු දේවල් අහගෙන හිටපු එකනේ... දැන් මමයි කතා කරන්නේ..."

" ඇත්තටම මං දන්නෑ සර් ඇයි මාත් එක්ක මෙච්චරටම තරහ කියලා... මොන තරහක් මං එක්ක පිරිමහනවද කියල...මොකද මං දැනුවත්ව නං සර්ට කිසි වරදක් කරල නෑ..."

එයා මං අමුවෙන් කන සයිස් එකෙන් බලන් ඉන්නව.

" ඒත් සර් එදා ඔයා මාව දැක්ක දවසෙ ඉදල අද වෙනකල් කලේ රිද්දපු එක. එදා පෝන් කඩේදි මං කවුද කියල වත් දන්නෙ නැතුව මට කෑ ගහද්දි ඒ මිනිස්සු බලපු විදිය ට මං මොන තරම් නං අසරණ උනාද, සර් ඔයාට තේරුම්ගන්නවත් පුලුවන්ද මට ඒ වෙලාවෙ ඇති වුන හැඟීම. ඊට පස්සෙ අද උදේ..  අද උදේ ඉදල මේ වෙනකන් මොන තරම් කැත කතා කියල මට අපහස කලාද. කොහොම ද සර් ඔයා ඔය විදිහට කතා කරන්නේ....ඔයාට කොහෙන්ද අයිතියක්. ඔව් සර් ඔයා කියපු විදිය හරි. මං දුප්පත් ගොඩේ හිගන්නියක් තමයි. එහෙම කියල මං වටේ යන ජරා ගෑණියෙක් කියල කියන්නෙ කොහොමද සර්. දුප්පත් අපට හොද ජොබ් කරන්න බැරිද.  ඔයාගෙ ප්‍රශ්නෙ මගෙ කොලිෆිකේෂන් නම් අර ෆයිල් එකේ ඔක්කොම ඩිටේල්ස් ඇති. ඒක බලන්න මුලින්ම..."

" සර් හිතන් ඉන්නව නං මං ජොබ් එකට එන්නෙ සර් ගෙ ඇඟේ එල්ලෙන්න කියල ප්ලීස් සර් ඒ ගැන පොඩ්ඩක්වත් වැරදි වැටහීමක් තියාගන්න එපා...මොකද ගෑණු කෙනෙකුට කතා කරන්න දන්නැති පිරිමියෙක් ගෙ කරේ එල්ලෙන්න මට පිස්සු නෑ..."

" මේ වෙනකන් මට කියපු හැම කතාවක් ම මං ඉවසුව...ඉවසල ඉවසල බැරිම තැනත් මං ඉවසුව. කැබින් එකෙන් මාව එලියට දාද්දි පවා මං මුකුත් නොකියා සර් ගෙ තීරණය ට ගරු කරල  එලියට ආව. හිතක් පපුවක් නැති කෙනෙක් වගේ අර උණු තේක මගෙ ඇගේ හලද්දි පවා මං වචනයක්වත් කිව්වෙ නෑ.මට ඒ වෙලේ ඉවසන්න බැරි තරන් වේදනාවක් දැනුනා.
ඒත් දැන් ඇති සර්... හොදටම ඇති...මට තවත් නම් හැමදේම ඉවසගෙන කට පියාගෙන ඉන්න බැරි වෙයි. මොකද ඔයා දැන් සීමාවෙන් පිට පැන්නා. ම...මගෙ...ර...ත්...ත..ර..න්... අ...ම්...මා...

කම්මුල් දෙක දිගේ කදුලු කඩා වැටෙද්දි මගේ වචන හිර වෙනව වගේ මට දැනුනේ... ආයෙත් ලොකු හුස්මක් ගත්ත මං,

" මගෙ රත්තරන් අම්ම ගැන අර වගේ කතාවක් කියන්න හිතුවෙවත් කොහොම ද ... ඔයා දන්නවද මගෙ අම්ම මං වෙනුවෙන් උහුලපු ගින්දර, විදපු දුක... තාත්තත් නැතුව මගෙ අහිංසක අම්ම මාව ලොකු මහත් කරගන්න මොන තරම් දුක් වින්දා ද කියල ඔයාට හිතාගන්න වත් බෑ සර්. සර් ල වගේ බංගලා වල හැදුන රාජ කුමාරයන්ට දුප්පත් අසරණ අපි විදින දුක තේරෙන්නෑ..එහෙම උනා නං මටත් මගේ අම්මට ත් ඔහොම කතා කරන්න හිතන්නෙවත් නෑ..."

" අම්ම කෙනෙකුගෙ බඩෙන් ඉපදිලා ඒ අම්ම ගෙ කිරි බීල අම්ම ගෙ තුරුලෙම සැනසීම හොයපු කාටවත් තවත් අම්ම කෙනෙකුට ඒ වගේ දෙයක් කියන්න තියා හිතන්නෙවත් බෑ..."

තවත් කතා කරගන්න බැරුව ඉකි ගැහුන මං එතනින් දුවල ගියේ ජිමින් දිහා නොබලම...

_____________

ඒත් එක්කම ජිමින් අත මිට මොලවල බිත්තියට පාරක් ගැහුවෙ අත පුපුරල ලේ එන්නම.

උඹ ඉදල ඉදල අල්ලගත්තෙ මගෙ වීක් ම පොයින්ට් එක. කවදාවත්ම මේ ඇස් දෙකට දැකල නැති මගෙ අම්මව. ඔව් උඹ කිව්ව හරි. අම්මගෙ ආදරේ විදපු එකෙක්ට  කවදාවත්ම වෙන ගෑනියෙක්ට එහෙම කතා කරන්න බෑ. ඒත් මට පුලුවන්. මොකද මගෙ කරුමෙට මං ඉපදුනේ අම්මවත් මරාගෙන නිසා. කවදාවත් අම්ම ගෙන් කිරි උගුරක් බොන්න මට වාසනාවක් තිබුනෙ නෑ. අම්මගෙ උනුහුමවත් මට ලැබිල නෑ. අප්පගෙ ආදරේ ඕන කාලෙ එයා මගෙ ලග හිටියෙ නෑ. තනි උන මගේ ලෝකෙ මං පණටත් වඩා ආදරේ කලේ එකම එක්කෙනාටයි... ඒත්...





















































































ඒත්... දෛවය කොයිතරම් නපුරුද කියනව නම් මගෙ දුකට සැපට මගෙ ලගින්ම හිටපු මගෙ ඵණ ටික, මගෙ හොදම යාලුවා, මගෙ සහෝදරය, ඌවත් මගෙන් ඈත් කලා. මගෙ තනි උන ලෝකෙ මගෙ ලගින්ම හිටපු මං ගැන හොයල බලපු මට ආදරේ කරපු එකම කෙනා මගෙ ජන්කූක්...









































Seven years ago

" ඒ ජිමින්... තමුසෙගෙ යාලුවට කියනව මං ඉන්නෙ ගෑණු ලමයින්ගෙ පැත්තෙ නෙවේ... ඉස්සරහ කියල..."

ජිමින් එයාට වැලමිටෙන් ඇනලා...

" ඒ කුකා උඹ කොහෙද බං බලන් ඉන්නේ... සර් උඹට කතා කරනවා..."

ජන්කුක් ගැස්සිලා සර් දිහා බලද්දි,

" ජන්කුක් මං දැන් ගොඩක් වෙලා නෝට් කලා... තමුන් ආපු වෙලේ ඉදන් ඒ පැත්ත බලාගෙන ඉන්නෙ පාඩම අහන්නෙ නැද්ද... ඇයි ගෑණු ලමයි ගෙ පැත්තෙ පෙරහැරක්වත් යනවද... එහෙනම් තනියම සිරි නරඹන්නෙ නැතුව අපිවත් හවුල් කරගන්නවා..."

මුලු පන්තියම එයා දිහා බලල හිනා වෙද්දි ජන්කුක් ගෙ මූණ කරත්තයකට අහුවෙච්ච කජු ලෙල්ල වගේ වෙද්දි...

" හරි ලමයි අපි එහෙනම් ලබන සතියෙ ඩොප්ලර් ආචරණයේ ඉතිරි කොටස සාකච්ඡා කරමු. අදට පන්තිය ඉවරයි... පරිස්සමට ගෙවල් වලට යන්න...."

ජිමින්, ජන්කුක් දිහා කේන්තියෙන් බලමින්,.

" කුකා... තොට මොකද මිනිහො වෙලා තියෙන්නේ ... මං ආපු වෙලේ ඉදන් බලාගෙන... තෝ මොකද කවදාවත් නැතුව අර හොටු කෙල්ලන්ට කෙල හලන්නේ..."

" මම මේ වෙන කල්පනාවක හිටියේ..."

" මාත් අහන්නෙ මොකක්ද කල්පනාව කියල තමා..."

" එහෙම විශේෂ දෙයක් නෙවේ මචං..."

" මචං මචං ගාගෙන එන්න එපා... තොට දෙන්න මට නන්ගිලා නෑ... ගොබ්බයා..."

" තෝ මට නේ හංගන්නෙ... තෝ හැරෙනකොට මට කියන්න පුලුවන්...උඹ නලියන විදිහෙන්ම මට කියන්න පුලුවන් මොකක්ද කේස් එක කියල..."

" හරි හරි බං... උඹට හංගනව කියන්නෙ උගුරට හොරා බෙහෙත් කනව වගේ තමයි... හිටපන් මං කියන්නම්..."

" ආන්න හරි බොසා....ඒක දැනගෙන ඉන්න එක හොදයි..."

" අනේ පලයන් තෝ... මේක කියන්නත් මොකක්ද වගේ... අර පලවෙනි පේලියෙ ඉදන් තුන්වෙනියට  ඉන්න..."

" අනේ මේ දැන් උඹ මට කියන්න එපා අර කහ පාට ශල්ව එකක් ඇදල කොණ්ඩෙ ගොතල ඉන්න එක කියලා...."

" ඇයි උඹ එහෙම කියන්නේ...:

" පිස්සුද බං... බලපන් ඒකි මහ ගොඩේ පාටයි...
අනික මහලොකු ලස්සනක් මට නං පේන්නෑ ඒකිගෙන්..."

" නෑ බං ඒ උඹට පේන විදිය. ඒකි ලස්සනයි. වැඩිපුර මට හිත ගියෙ ලස්සනට නෙවේ... බලපන් තියෙන අහිංසක කම. හරිම චාම්. වැඩි කතාවකුත් නෑ..."

" ඊයා බං උඹ පන්තිය ඉවර වෙනකන් ඒකිට පැණි හැලුවද. ඒ කෙල්ල ගෙ ඇගේ මැස්සෙක් වැහුවනම් මැස්ස වහපු වෙලාව ඉදන් හැම එකම තමුසෙ කියයි...ඒත් තොට අද පාඩමේ මොනවහරි ඇහුව නං උඩ බලන් තමා ඉන්න වෙන්නේ..."

" අනේ එහෙම නෙවේ බං.. ඒකි දැක්ක ම හිතට මහ අමුත්තක් දැනුන.  ඒකිගෙන් ඇස් අහකට ගන්න හිතුනෙම නෑ..."

" එහෙනං උඹේ සංසාරගත ප්‍රේමය වෙන්න ඇති ඒ..."

ජිමින් එහෙම කියල කින්ඩියට වගේ හිනා වෙද්දි,

" විහිලු නෙවේ බං..  මටත් එහෙම හිතුනා..."

" අනේ මන්ද බං උඹ දන්නවනේ මං ඔය ගෑණු කේස් වලට නෑ කියල. උඹට ඕනම නං අපි හෙට ඒකිගෙන් අහල බලමු. මගෙ අතිජාත මිත්‍රයගෙ හිතට දැනුන පලවෙනි ලව් එකට උදව් නොකර බෑ නේ..."

" අනේ thanks මචං... කෙල්ලන්ගෙ සිහින කුමාරයා ජිමින් වැඩේට බැස්ස කියන්නෙ ආයි නෑ ඒකිව මට බන්දල දීලම තමා උඹ පස්ස බලන්නේ..."

" හැබැයි ඔන්න මං කලින්ම කිව්ව. මට ගෑණු අස්සෙ නං රිංගන්න බෑ... අහන්න දෙයක් තියෙනව නං ඒකි තනියම ඉන්නැද්දි අහමු..."

" හරි බං ඒක නං හොදයි. මට සතුට වැඩි කමට උඹට කිස් එකක් දෙන්න හිතෙනව බං... උම්මා....උම්මා...."

" ඊයා මූසලයෝ... උඹ මගෙ මුලු මූනෙම කෙල ගෑවා...හිටපන් තොට මං...."

____________

Six months later

" මොකද තෝ දහඅතේ කල්පනා කරන්නේ...කෝ අද ප්‍රියම්බිකාව එන්නෙ නැද්ද..."

ජිමින් ජන්කුක් ගෙ උරහිසට ගහල ඇහුව.

" නෑ බං මේ ප්‍රියා ගෙ බයෝ class එක කලින්ම ඉවර උනා නේ... හරි නං දැන් එන්න ඕන..."

" හරි බං ඉතින් ඕකෙ මොකක්ද ඔය තරම් කල්පනා කරන්න තියෙන්නේ.. වෙන මොකක් හරි අවුලක් ද. හැමදේම හිතේ හිර කරගෙන ඉන්නෙ නැතුව කියපන්. මොකද උඹේ ඔය ප්‍රියා හම්බවෙන්න කලින් නෙ තොට මේ සහෝදරයා හම්බ උනේ..."

" උඹට කියන්න බැරි දෙයක් නෑ බං මට..."

" අන්න ඒකනෙ කොල්ලෝ... දැන් කියපන්..."

" නෑ බං. ඒකි මාව මගාරිනවා වගේ. වෙනද වගේ නෑ. කෝල් මැසේජ් නෑ. දැන් අපි දෙන්න එක බස් එකේ ගිය කාලයක් මතක නෑ මට. ඒත් යාලු උන මුල් කාලෙ අපි මොන තරම් සතුටින් උන්නද කියල උඹ දන්නව නේ... මට දැන් පිස්සු වගේ බං.."

" අයියෝ...ඕකට ද බූරුවෝ ඔය තරන් අහස පොළව ගැට ගැහුවෙ. Exam ලග නිසා ඒකි පාඩම් කරනව ඇති..."

" නෑ බං මං ප්‍රියාව සැක කරනව නෙවේ..."

" හරි හරි බං මං දන්නව උඹ ඒකිට පණ ඇරල කියල. උඹ ඒකිගෙන් ඇහුවෙ නැද්ද ඉතින්..."

" මං එහෙම ඇහුවොත් ඉතින් එයා හිතයි මං එයාව සැක හිතනව කියල..."

" ඒකත් ඇත්ත ඉතින්..  වැඩිය හිතන්න එපා බං... කාල බීල ආතල් එකේ ඉදපන්..."

" අනේ මන්ද බං. මගෙ හිත කියන්නෙම ප්‍රියා දැන් ගොඩක් වෙනස් වෙලා කියල... ඉස්සර ශල්වා එක ඇදගෙන එන කෙල්ල. දැන් ඩෙනිම් කෑලි , කොට සායවල් ඇදගෙන එන්නේ...

" අයියෝ බං කුකා... තෝ නම් මහ අමු ගොඩයෙක්...ඒකි ටිකක් පොෂ් එකට ඉද්දි තොට නෙ බං හොද.  නැත්තන් උඹෙ තත්ත්වෙට මැච් වෙන්නෑ වගේ..."

" එහෙම රෙද්දක් නෙවේ බං. ඉස්සර මගෙ මූණ බලල වචනයක් කතා කරන්න ලැජ්ජ උන එකී දැන් මාව සතපහකටවත් ගනන් නොගෙන කතා කරන්නේ.. ඒකිගෙ හැසීරීමත් වෙනස් වෙලා..."

_____________

" මොකක්ද යකෝ කුකා... තෝ ගෑණි මැරිච්ච මිනිහ වගේ ඉන්නෙ නැතුව පොඩ්ඩක් කැන්ටිම පැත්තෙ යමං කෝ මොනවහරි බඩට දාගන්න..."

" හරි හරි යමංකෝ..."

ජන්කුක් ජිමින් දෙන්න කැන්ටින් එකට ඇවිල්ල කකා ඉන්නකොට එතනට ආවෙ දනුෂ්,

" ඒ කුකා.. මචං මං උඹට දෙයක් කියන්න ආවේ..."

" කියපං මචං..."

" මේ..."

" ඉක්මනට කියපං යකෝ..." ඒ කෑ ගැහුවෙ ජිමින්.

" මචං උඹේ කෙල්ල ප්‍රියා... අර ත්‍රීවිල් පාක් එකේ ශිවා එක්ක රවුම් ගහනව මං කීප දවසක දැක්ක..."

එසැනින් පැනල ධනුශ් ගෙ කොලර් එක අල්ලගත්ත ජන්කුක්,

" මොකක්ද බ##% තෝ කිව්වේ... තෝ හිතුවද කවුරුත් කිව්ව පලියට ඕව පිලිගන්න මං පො##$% කියල "

" කුකා... කූල්ඩවුන් මචං... ඕකව අතෑරපන්..."

" නෑ ජිමිනා... මූ ඇගිල්ල දික් කලේ මං පනටත් වඩා ආදරේ කරන මගෙ කෙල්ල ට..."

" නෑ බං මේ..."

දනුශ් ආයෙමත් කතා කරන්න හදනකොට ජන්කුක්,.

" කට වහපන් බ#$%. හොද හිතින් මෙතනින් පලයන් මගෙන් මැරුම් නොකා..."

" ඔන්න ඖකනේ බං උඹට දෙයක් කියන්න බැරි. ජිමින් මූට කියල දියන්... උඹට ඕන නං ඕකිගෙ කැරැට්ටුව බලන්න ශරද් සර් ගෙ බයෝ ක්ලාස් එක ඉවර වෙන වෙලාවට class එක ගාවට වරෙන්..."

_____________

One week later

ජන්කුක් තදින් ඔලුව බිත්තියට ගහ ගන්න ගමන්,

" කොහොමද බං ඒකි මට එහෙම කලේ... ම...මං...පව්...නේ..."

" හරි බං කොල්ලෝ ඕක නවත්තපන්... කෝ වරෙන් මෙතනින් වාඩි වෙයන්..."

" ඒකි කොහොම ද බං අරූගෙ අතේ එල්ලිලා අරක අස්සට රින්ගුවේ...උඹ දන්නව නේද බං මං ඒකිව පරිස්සන් කරපු තරම... මගෙ හුස්මකින්වත් මං ඒකිව ඉඳුල් කලේ නෑ බං...මාස හයට දෙතුන් වතාවක්වත් මං ඒකිගෙ අතින් අල්ලල නැතුව ඇති. එහෙම එකේ ප්‍රියා මට මෙහෙම කරන්න හිතුවෙ වත් කොහොම ද බං...මං මෙච්චර කල් පරිස්සම් කරපු මගේ රෝස් මල අද මගෙ ඇස් ඉදිරිපිට ම වෙන එකෙක් අරන් ගියා බං තලල පොඩි කරල දාන්න... මං කොහොම ඉවසන්න ද ජිමිනා.. "

" කුකා සන්සුන් වෙයන් කෝ මචං. ඒකිට එපා නිසා නේ ගියේ... අපි හිත හදාගමු බං හෙමීට.  අඩන්නැතුව ඉදපන් බං..."

" එහෙම කරන්නෙ කොහොමද බං. මං ඒකිට මගෙ පනටත් වඩා ආදරෙයි. මගෙ පපුව හොදටම රිදෙනව යකෝ..  මට ඒකි නැතුව ඉන්න බෑ ජිමිනා..  මට ඒකිව ඕනේ..."

___________

" අනේ කුකා කතා කරන්නකෝ බං. උඹේ කරච්චලේ නැතුව හරි පාලුයි බං... දැන් ඒක වෙලා ඉවරයි බං. උඹ ඔහොම බලාගත්ත අත බලාගෙන ඉන්න එපා බං. උඹේ ඔම්මයි අප්පයි හොදටම බය වෙලා නේ..."

ඒත් ජන්කුක් තවම නිහඩයි.  බලාගත්ත අත බලාගෙන ඉන්නවා.

" ජිමින් පුතා..."

" ආන්ටී..."

" අපි කුකීව ඩොක්ට කෙනෙකුට පෙන්නුවා. දැන් එයා විශාදය කියන මානසික රෝගයේ දරුණුම තැන ඉන්නේ...අපි බැලුවෙ ජන්කුක්ව මෙහෙ පරිසරයෙන් ඈත් කරල කොරියා එක්ක යන්න..."

ජිමින් ගෙ ඇස් වලින් කදුලු කඩන් වැටෙද්දි,

" OK ආන්ටී..."

________________

To the present

ඔව් මීට අවුරුදු හතකට කලින් මගෙ අහිංසකයව මට නැති උනේ අර වේ# නිසා.
මං ඒකිට කවදාවත්ම සමාවක් දෙන්නෑ...ඒ වගේම අහිංසක කම පෙන්නල බොරුවට මවා පාන කිසිම එකියක් මට පේන්න බෑ. මං උන්ට වෛර කරනවා....

" රූහී...රූහී... මට මේ කෙල්ල.... ඇයි මගෙ ඉස්සරහට ම ආවේ... ඇයි තමුසෙ ඔච්චර අහිංසක... "









___________________

ඔන්න වචන 2150 ක් ලමයි..  මේකෙ ජන්කුක් ගෙ පාට් එක ටයිප් කරනකොට මට ඇඩුනා..  කියවන ඔයාලට නං කොහොම ද දන්නෑ... 🥲

දැන් දන්නව නේ ජිමින් රූහිට අකමැති ඇයි කියල.  🥲

අද ඩබල් අප්ඩේට්... මං හොදයි නේ...😏❤

Comment ඕන.

මං වෝට් ගෝල් එකක් දානවා...

වෝට් ගෝල් එක 15 හොදේ...

මං යනවා... බායි...

බාල්දි ඕතරී...🪣😈













Bạn đang đọc truyện trên: AzTruyen.Top