🐉02🐉

" දෝණී....නැගිටින්න පැටියො...අපි ආව.. "

" නැන්දා...ම්...මේ...කොහෙද?"

එහෙම කියල මම අමාරුවෙන් ඇස් දෙක ඇරියෙ මෙච්චර වෙලාම තද නින්දක හිටපු නිසා.

" අනේ...අනේ...හොර කෙල්ල...මග දිගට එනකම්ම නිදාගෙන... දැන් අහනව කොහෙද ඉන්නෙ කියල.."

" අනේ එකනෙ නැන්දේ... මට හොදටම නින්ද ගියා නේ... මෙච්චර දුරක් ආව පලවෙනි වතාව නිසා වෙන්න ඇති..."

" ඔව් දූ...අපි එක දිගට ආවනේ...දැන් බහින්නකෝ...අපි ගෙදර ආව..."

මම වාහනෙන් බැහැල වටපිට බැලුව. අදුර නිසා වැඩිය පැහැදිලිව පේන්නෙ නැති උනාට ගේ වටේට දාල තියෙන ලයිට් නිසා ඒ ගෙදර පෙනුනෙ පරණ රාජ මාලිගාවක් වගේ... හරිම ලස්සනයි.

" දුව මේක තමයි අද ඉදල ඔයාගෙ ගෙදර..
හෙට ඇවිදල බලන්නකො කොහොමද වටපිටාව කියල...දැන් ඇතුලට යමු..."

එහෙම කියල නැන්ද මගෙ අතින් අල්ලගෙන ගේ දොරකඩට ගියා.ඒත් එක්කම ගේ ඇතුලෙ ඉදන් ආවෙ චුටි ෂෝට් එකකුයි, හීනි පටි තියෙන ස්කිනි එකකුයි ඇදගත්ත බෝනික්කියක් වගේ කෙල්ලෙක්...

" මොකද හොර කෙල්ල මගේ...ම්... කෝ මේ බලන්න මැණික.... මං කවුද එක්ක ආවෙ කියලා... ඔයාට අක්කෙක් ව එක්ක ආව... පොඩි කාලෙ දැක්කට පස්සෙ අද නෙ දකින්නේ... බලන්න අදුරනවද කියල..."

නැන්ද එහෙම කිව්ව ම ඒ ගෑණු ලමයා මං දිහා බලල හිනා උනේ ගොඩ කාලෙක ඉදල දන්න අදුනන කෙනෙක් වගේ...

" එහෙම ලොකු මතකයක් නෑ මාම්...ඔයා එනකොට මට අක්කෙක් අරගෙන එනව කිව්ව නේ... එනිවේ... මේ ඉන්න ඒන්ජල් තමා අද ඉදන් මගෙ අක්කී...තැන්කිව් මාම්...තැන්කිව් සෝ මච්..."

එයා එහෙම කියල මගෙ අතින් අල්ලගෙන ගේ ඇතුලට එක්කගෙන ගියා...

" චූටි දූ...ඔය දරුවට ඉන්න අරින්න දරුවො පොඩ්ඩක්...ආපු වෙලේ ඉදන් කියවන්න තියා ගත්තා...දුර ඉදන් ඇවිත් එයාට මහන්සි ඇති..."

නන්ගිට නං ඇහුනෙ නෑ වගේ මාවත් එක්කගෙන ගියෙ උඩුමහලෙ සුවිසල් කාමරයකට.

" අක්කී...අද ඉදල මේක තමා ඔයාගෙ room එක...මාම් කිව්ව ම අද ඔයා මෙහෙ එනව කියල මම තමා මේක ඇරේන්ජ් කලේ...මේහේ එන්න ඉතින්...කෝ ඉතින් ඇවිදල බලන්න කොහොමද කියල..."

එයා එහෙම කිව්වෙ දොරකඩ ඉදගෙන ඇස් නලලෙ තියාගෙන කාමරේ දිහා බලාගෙන ඉන්න මට... ඒ කාමරේ ලොකුම ලොකු සැප පහසු ඇදක්, කණ්නාඩි මේසයක්, අල්මාරියක්, මේසයක්, පුටුවක් වගේ ගොඩක් දේවල් තිබ්බ.

මම පුදුම වෙලා ටික වෙලාවක් බලන් ඉදල කාමරේ ඇතුලට ආව.

" අනේ...ඇයි අක්කි ඔහොම ඉන්නේ... හොද නැද්ද room එක...එහෙනම් අපි චේන්ජ් කරමු..."

" අනේ..එහෙම නෑ පැටියෝ... හරිම ලස්සනයි room එක... මේ වැඩිත් එක්ක..."

" එහෙම නම් කමක් නෑ ඉතින්... මේ එන්ජල් ගෙ නම රූහි කංගනා ත්‍රිපාටි නේද?"

" ම්..හරි ඒත් කොහොමද පැටියො ඔයා මගෙ නම දන්නේ..."

" මාම් තමා කිව්වේ...ඔයා එනව කියල... ඉතින් මම එනකල් ඇගිලි ගැන ගැන හිටියේ... මාර කම්මැලියි අප්පා මේ ගෙදර...කතා කරන්න වත් කවුරුත් නෑ..."

" අනේ මැණික... මට නන්ගි කෙනෙක් නෑ නෙ කොහොමත්... ඔයා තමා අද ඉදන් මගෙ නන්ගි..."

එහෙම කිව්වම එයා දූවගෙන ඇවිත් මාව තදින් බදාගත්තා.

මම එහෙම කිව්වේ හදවතින්මයි. මේ කතා කරපු පොඩි වෙලාවට මට ඒ ලමයා ගැන ඇති උනේ පුදුම ආදරයක්... දිල්ලි වල ඉන්න අය ගැන අහල තිබුන දේවල් වල හැටියට ආව ගමන්ම මේ වගේ යාලුවෙක් හම්බ උන එක කොයි තරම් දෙයක් ද...

" ඒක නෙවේ ඔයාට මං ගැන දැනගන්න ඕන නැද්ද අනේ..."

" හරි ඉතින්...කියන්නකො බලන්න..."

" එන්නකො කියන්න "

එයා එහෙම කියල ඇදෙන් ඉදගෙන මාවත් ඉන්දවගත්තා...

" අහගන්නකෝ... මේ ඔයාගෙ ලග ඉන්න ලස්සන ඩෝල්...ඒ කියන්නෙ මම... කිම් ටේනූ... මට වයස 17 යි... සූටි ලමයෙක් තාම... මෙහෙ ඉන්නෙ මායි මාම් යි, රාණි නැන්දා විතරයි...අපේ බූරුවා ඒ කියන්නෙ මගෙ අයියා ටේ හියුන්, එයා ඉන්නෙ කොරියා වල...එයා එහෙ ඉදන් ස්ටඩී කරනවා... ඔයා දන්නව ඇති නෙ අක්කියෝ අපේ අප්පා ඉතින් අවුරුදු දෙකකට කලින් නැති උනා කියල..."


අප්පා ගැන කියනකොට ටේනු ගෙ හඩ බිඳිල, එයා බිම බලාගත්ත.

" හ්ම්... ඒක නෙවේ බබෝ.. දැන් ඉතින් ඔයා මොකද කරන්නේ..."

මම එහෙම ඇහුවෙ කතාව වෙනස් කරන්න. මෙච්චර වෙලා හිනා වෙවී හිටපු ලමයා එකපාරටම අඩන්න ගත්තොත් කාට කියන්නද...

" මම ෆැෂන් ඩිසයිනින් කෝස් එකක් කරනව princess... මම ඇත්තටම ඔය පොත පතේ වැඩ වලට කැමති නෑ එච්චර.
ඒ නිසා මං බැලුවෙ ඒ සයිඩ් එකෙන් ඉස්සරහට යන්න. මොකද මං පොඩි කාලෙ ඉදලම ඒ වගේ වැඩ වලට කැමතියි..."

" ම්...ඒක හොදයි ටේනු බබෝ..මොකද අපි අකමැති දෙයක් කරනවට වඩා අපි කැමති දෙයක් තොරගන්න එක පහසුයි..."

" ඔව් අක්කියෝ...අපේ අම්මයි අයියයි කිව්වෙත් ඒකයි...ඒක නෙමේ... මං ඔයාට රූහි අක්කි කියල කියන්නද? "

" ඔයාට කැමති නමකින් කතා කරන්න පැටියෝ..."

" හරි එහෙනන් ඔයා වොෂ් දාගෙන කෑම කන්න පහලට එන්න හොදේ... මං යන්නං..
නැත්තන් මාම් මට බනී ඔයාට කරදර කරනව කියල..."

" හරී.."

"අර තියෙන්නෙ ඔයාගෙ වොෂ් රූම් එක.."


____________________

ඒක නවීන පන්නයේ නානකාමරයක්. ගමේ ඇලෙන් දොලෙන් නාපු මට ඒක අලුත් අත්දැකීමක් උනා. මම ගොඩක් වෙලා වතුර මල යටට වෙලා හිටියෙ දැනිච්ච මහන්සිය නිවාගන්න. මොන තරම් සැප සම්පත් තිබුණත් වැඩක් තියෙනවද අම්ම ලග නැතුව...

මම සැහැල්ලු ගවුමකට මාරු වෙලා ගියේ කාමරේ තියෙන විශාල ප්‍රමාණයේ කණ්නාඩිය ලගට. මොහොතකට මං වශී වෙලා වගේ බලන් හිටියෙ කණ්නාඩියෙන් පේන මගේ රූපෙ දිහා. මං මෙච්චර ලොකු කණ්නාඩියකින් මං දිහා බලන්නෙ පලවෙනි වතාවට. මං කොණ්ඩෙ පීරලා තනි කරලකට ගොතා ගත්තෙ ඉක්මනට පහලට යන්න. කණ්නාඩි මේසෙ උඩ පව්ඩර්, විවිධ ක්‍රීම් වර්ග, සුවද විලවුන්, මේකප් බඩු, නේල් පේන්ට්, කොණ්ඩ කටු වගේ ගොඩක් දේවල් තියෙනවා. මං ඒව දිහා ආසාවෙන් බලන් ඉදල ඉක්මනට පහලට ගියේ බඩකින්නක් දැනුන නිසා.

" වාව්..බලන්නකො මාම් අක්කිගෙ ලස්සන...අර ඩිස්නි කාටුන් එකේ ඉන්න රපුන්සල් වගේ..."

" ඔව් දූ...අක්කි එයාගෙ අම්ම වගේමයි...අම්මත් ඔය වගේමයි තරුණ කාලේ..."

" ආ...එන්නකො දූ...හොදටම බඩගිනි ඇති..."

තෝසෙ වලට සාම්බාර්, චිකන් කරියක්, කොච්චි සම්බෝල එක්ක තව ඉඩ්ලිත් හදල තිබ්බ. හරිම සුවදයි කෑම මේසේ.

මම ඉක්මනට පිගානකට තෝසෙ දෙකක්, සාම්බාර්, සම්බෝල බෙදාගෙන කන්න ගත්තෙ අම්ම ට කතා කරන්නත් ඕන නිසා.

" ඇයි අක්කි ඔයා සාම්බාර් විතරක් දාගෙන කන්නෙ... චිකන් කන්නැද්ද? මේ ඉඩ්ලි දානවා..."

ටේනු මගේ කෑම පිගානට ඉඩ්ලි කිහිපයක් බෙදන ගමන් ඇහුව.

" ඔව් ටේනූ... මං වෙජිටේරියන් පොඩි කාලෙ ඉදන්ම..."

ඒක ඇහුවම කෙල්ල ගෙ ඇස් ලොකු උනා.

" ඒ කිව්වෙ අක්කි ඔයා වීගන් ද? "

" අම්මෝ නෑ ටේනුවෝ... මම වෙජිටේරියන් විතරයි...කිරි, යෝගට් කනවා..."

" සව්ත් ඉන්දියන් අය වෙජි කියල කිව්වට මං දැක්කෙ අදමයි සවුත් ඉන්දියන් වෙජිටේරියන් කෙනෙක්... මගෙ යාලුවොත් ඉන්නව..ඒත් උන් ඔක්කොම මෙටේරියන්..."

ටේනු කිව්වෙ හිනා වෙවී...

" අනේ අක්කි ඔයා ෂෝයි... මට ඇත්තටම ඔයා ගැන පුදුමයි අනේ..."

" ඒක නං ඇත්ත තමයි පුතේ...ඒත් ඉතින් අක්කිට කන්න දෙන්නකො නිදහසේ...ඔය චැටර් බොක්ස් එක වහගෙන. ආපු වෙලේ ඉදන් කියවනවා...ඇත්තටම ඔය කට රිදෙන්නැද්ද?"

නැන්ද ඇහුවෙ ටේනු දිහා බලල හිනා වෙවී...

ඒ උනාට ටේනුට නං වගේ වගක් නෑ...ඔහේ කියවනවා...

" රාණි අක්කේ... කෝ මෙහෙ එන්නකෝ.. මං ඔයාට හැමදාම කියල තියෙනව අපිත් එක්ක කන්න එන්න කියලා... කෝ එන්න...ඔයාට අදුන්වලා දෙන්න කෙනෙකුත් ඉන්නවා..."

නැන්ද එහෙම කිව්වම කුස්සියෙ ඉදන් දුවගෙන ආවෙ අවුරුදු පනහක විතර ගෑණු කෙනෙක්...

" ඔන්න රාණි නැන්ද මේ තමයි මගෙ අක්කා රූහි...අක්කී...මේ තමයි රාණි නැන්දා..."

" අනේ චූටි බේබි හරිම සිරියාවන්ත නෝනා කෙනෙක් නේ..."

එයා මන් දිහා බලල හිනා වෙවී කිව්ව.

" මේ නෝනට නං මේ රහට කාල පුරුදු නෑ මයෙ හිතේ... ගමේ රහට කාල වෙන්නැති පුරුදු..."

" අනේ එහෙම නෑ රාණි නැන්දේ...නැන්දගෙ කෑමත් රහයි..."

එහෙම කිව්වට අම්මගෙ අතින් හදන කෑම වලට වඩා රස කෑමක් තියෙනවද මේ ලෝකේ... අර කතාවකුත් තියෙනව නේ... අම්මල කෑමක් හදද්දි ඒකට ආදරෙත් එකතු කරනව කියල... ඒ නිසා වෙන්න ඇති මගෙ අම්මගෙ කෑම ඒ තරමටම රස...

" ආ දුව කෑම කාල ඉවරයි නේ... අම්ම ට කෝල් එකක් ගන්න..."

නැන්ද එහෙම කියල මගෙ අතේ phone එක තිබ්බ.

.
.
.
.

" අනේ මගෙ චූටි දූ... කොහොම ද පුතේ...පරිස්සමට ආව නේද?"

දෙවරක් රින්ස් යනකොටම phone එකෙන් ඇහුනෙ මගෙ හිත නිවන ඒ හඩ.. මගෙ අම්ම...

" ඔව් අම්මෙ අපි පරිස්සමට ආව... මෙහෙට එද්දි හත වගේ වෙලා..."

" ඔව් පුතේ නැන්ද මට ආව ගමන් කෝල් කරල කිව්ව.. මගෙ පුතා කෑවද? "

" ඔව් අම්මෙ මං දැන් කෑවෙ...අම්ම කාලද ඉන්නේ? "

" කෑව පුතේ...දවල්ට උයපුව වගයක් තිබ්බ...ඒ නිසා රෑට ඉව්වෙ නෑ ඉතින්..."

" අනේ අම්මේ...මම නෑ කියල නෑ.. හොදට කාල බීල ඉන්න...අම්ම තනියම ද ඉන්නේ... මාමලා ආවද? අනේ අම්මේ... මට අම්මව මතක් වෙනවා..."

" දැන් මාමලා එනව කිව්ව පුතේ... අනේ මගෙ රත්තරන් නැතුව මුලු ගෙදරම පාලු වෙලා...මං මේ ඉන්නවට ඉන්නෙ ඉතින්..."

අම්මගෙ හඩ බිදිල යන බව දැනුන නිසයි මම දැනගත්තෙ අම්ම අඩනව කියල.

මගේ ඇස් වලින් කදුලු කඩා වැටෙන්න ගත්තා.. දුවගෙන ගිහිල්ල අම්ම ට තුරුලු වෙන්න හිතුණා... මම අම්ම එක්ක ගොඩක් වෙලා කතා කරල පෝන් එක නැන්ද ට දුන්න.

" අයිගෝ.. මැණික අඩන්නැතුව එන්නකෝ...ඔයාට කියන්න දේකුත් තියේ..."

නැන්ද මාව ලගින් වාඩි කරවගෙන හිස අතගෑව.

" දෝණි ඔයාට අනිද්ද ඉදල ජොබ් එකට යන්න පුලුවන්...හැබැයි ඔයාට ෂල්වා අදින්න නම් බැරි වෙයි...අදින්න වෙන්නෙ සාරි..."

" ටේනු හෙට ඔයා අක්කි එක්ක ගිහිල්ල එයාට ඕන කරන හැමදේම අරන් දෙන්න ඕන හරිද..."

" Come on mom...I don't need to invited to shopping...I'm going anyway..."

ටේනු එහෙම කියල නැන්දගෙ කම්මුලට කිස් එකක් දුන්නා...

එයාල එක්ක හිනා වෙවී කියව කියව හිටපු මම ඉක්මනට room එකට ආවෙ නිදිමත නිසා...

_________________________________________













ෂොපින් කරන්න යමුතේ....😃

ටේනු ෂෝක් නේද ලමයි...

සමහර අය ඉන්නවා ඕනවට වඩා පොෂ් දගලන කරන attention එක ගන්න දගලන අය. ඒ අයව අපිට එකපාරටම දැක්කම එපා වෙනව. මොකද අපේ ටයිප් නෙවේ නිසා... බට් අපිට එයාව දිගටම ඇසුරු කරන්න උනොත්...වෙන ඔප්ශන් එකක් නැති උනොත්...ජීවිතේ එපා කරගන්න එපා... එයාව තේරුම් ගන්න. එතකොට එයාල එක්ක ජීවත් වෙන එක ලේසි වෙනව. අර එපා කරපු චරිතේ සමහර විට තමන් එක්ක හිටපු තැන්පත් මාර ඩීසන් යාලුවට වඩා ගොඩක් හොද චරිතයක් වෙන්නත් පුලුවන්...අවංක ඉරිසියා නැති, මාර funny හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්... ඒක නිසා තමන් දිගටම ආශ්‍රේ කරන්න ලැබෙන අයව තේරුම් ගන්න උත්සාහ කරන්න. හැමෝගෙම පිටට පේන දේ ට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමා හිත ඇතුලෙ තියෙන්නෙ...❤🙂

කොහොම ද කතාව... බෝරින් ද...? තාම ගිණි මකර මහෝත්තමයා කතාවට එන්ටර් උනේ නෑ නේ...

මේ කතාව ගැන මොකද හිතෙන්නේ...?

Comment එකක් දාගෙන යන්න...
Vote කරන්න...

සරන්ග්හේ...❤🙂

බාල්දි ඕතරී..🪣😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top